මේ මාසේ හත්වෙනිදා අපිට පොඩි රැස්වීමක් තිබුනා පදනම් ආයතයේ, නොවැලැක්විය හැකි හේතුවක් නිසා මං මේ රැස්වීමට නොයන්න තමයි හිතං හිටියේ. හැබැයි හයවෙනිදා හැන්දෑවේ මට "ඉතා කෙටි කලබල" දුරකථන ඇමතුමක් ලැබුනා.
අර දුරකථන සංවාදය උනේ මෙන්න මේ විදියට..
"හෙලෝ..,"
"මචං හෙට මීටින් එකෙන් පස්සේ අපේ අර ෆන්ෂන් එක දාගන්නවා ලෑස්තිවෙලා වරෙන්.."
මල මගුලයි මූ මේ ෆන්ෂන් එකක් කියලා කිව්වේ ඔය විශ්වවිද්‍යා ලේ එකටම හිටිය බොක්කෝ ටික අවුරුද්දකට දවසක් කොතැනකට හරි එකතුවෙලා ආගිය තොරතුරු ගැන කතාබස් කරලා, තමතමන්ගේ දැන් තත්වේ, ඉදිරි සැලසුම්, ගැන කතාබස් කරලා, කාටහරි උදව්වක් පදව්වක් ඕනනං ඒ ගැනත් වැඩක් හදලා, හීනියට අඩියක් ගහලා, අඩිය ලොකුවෙලා, මහත්වෙලා, බිමවැටිලා, කබරයාපාරක් දාන එකට. එත් ඉතිං හත්වෙනිදා වැඩේට හයවෙනිදා කථා කරලා හරියයියැ?..
"මට එන්න වෙන් නෑ මචං.."
"ඈ கனெ, லங்யக்னய க்னய க.ழசப கத,ன றநப டமததழ அடகானய' டநசள கத அடகானய லங்யக்ய க்ய றனகதய மநக்க்ய றஅள றதள,ய,ன க்ப தந,ள ழன,ன அஙகடய றசளமதன ழநம.ஒ அடகானய''' றத,ரன யெ,ன ''''
"හරි හරි එහෙනං මචං මං මීටින් එකට එන්නැතුව ෆන්ෂන් එකට විතරක් එන්නං."
ඕං කොහෙමින් කෙහොම හරි හත්වෙනිදා දාගත්ත වැඩ ටික උදේ වරුවේ ඉවරයක් කරගෙන දවල් දොලහ විතර වෙද්දි අඩුම කුඩුම ටිකත් ලෑස්ති කරගෙන ගෙදරින් එන්න පිටත් උනා...
හරි දැං මං ඉන්නේ පැල්මඩුල්ලේ ගංකන්ද සිනමා ශාලාව ලඟ මෙතැන තියනවා වීඩියෝ හලක් ඒ කියන්නේ සීඩී, වීසීඩී, ඩීවීඩී, ගෙම්ස් ඇන්ඩ් ඔන් ද බෙඩ් ගේම්ස්, එහෙම විකුනණ තැනක්. මෙතැන ජෝතිපාලගේ සිංදු වගයක් මහ හයියෙන් දාල තිබුණා. මෙන් මෙතැන පාර අයිනේ උඩු රැවුල අමුතුවට කරකවාගත්ත මනුස්සයෙක් හිටු කියලා නටනවා, දෙනෝ දාහක් දෙනා මේ මනුස්සයා දිහා නිකං නක්කලේට වගේ බල බලා ගියත් මෙයා මෙයාගේ පාඩුවේ විවිධ අඩව් අල්ලමින් නටනවා. මටත් ඉතිං නිකං ඉන්න බැරි හින්දා මේ මනුස්සයා ගාවට ටිකක් කිට්ටු කරලා බැලුවා. හොල් එකේ බාර් එක ඒ ලගම හින්දා මට හිතුනේ මේ මනුස්සයා කරටි කැඩෙන්න ගහල කියලා හැබැයි ටක්කෙටම කියන්න පුළුවං ඒ වෙලාවේ එයා බීලා හිටියේ නෑ. ලඟ හිටපු මනුස්සයෙක් කිව්වේ මෙයාගේ බිරිඳයි ලමයිනුයි ෂොපින් ගිය අතරේ මෙයා මේ විදියට අාතල් එකක් ගන්වා කියලා..
ඒ එක්කම වාදනය උනු සිංදුව නතර උනා මෑන්ගේ ඩාන්ස් එකත් නතර උනා
"කොයි යන්නේ බඳ නලවාලා....,"
ජොතිපාල හයියෙන් කෑ ගහලා සිංදුව කියන තාලෙට සන්ෆලවර්ලා දඩ බඩ ගාලා තඩිබාන්න පටන් ගත්තා, අර මනුස්සයා ආයෙත් අඩව්වක් අල්ලලා නැටුම පටන් ගත්තා. මාත් එතැනින් හිමිහිට ආව, ඒ එන ගමන් මට මෙහෙම කල්පනා උනා.
"අමාරුවෙන් ජීවිතේ විඳවන මිනිස්සු අතරේ සැහැල්ලුවෙන් ජීවිතේ විඳින මිනිස්සුත් ඉන්නව නේද කියලා"
හිමිහිට එතැනින් දිරාමාර් වෙලා බදුල්ල - කොළඹ බස් එකකට නැග්ගේ අර කියපු ෆන්ෂන් එකට යන්න. ෂැහ් මාර අප්සට් එක කියන්න විලිලැජ්ජාවයි, බස් එකෙන් බහින්න ඕන තැන දන් නෑ. ගත්තා කොළඹටම ටිකට් එකක් (අනිවා ගත්තා හොඳේ..)
"man aluth pare enne, kohatada enan One?"
ෆන්ෂන් එක සංවිදානය කරන එකාට හිමිහිට මැසේජ් එකක් දැම්මා.
"tummullen bahapan"
හැරෙන තැපෑලෙන් පිලිතුරත් ආවා.
හරි දැං ඔන්න හෝමාගම හරියට එනකොට හවස තුනට විතර ඇති හිමින් හිමින් කලුකරගෙන තිබිච්ච අහස මහ හයියෙන් කඳුළු සලන්න පටන්ගත්තා. ඒ කඳුළු වලට පාර පෙන්නේ නැතිවෙන කොට මහ හයියෙන් අකුණක් ගහලා බස්එකට ඉස්සරහට යන්න පාර පෙන්නනවා..
"නුගේගොඩ", "කිරුලපන" මහ වැස්සේ උනත් පාර අයිනේ බෝඩ් බල බල යනවා. රයිට් කාගෙන්වත් අහන්න ඕන නෑ තුම්මුල්ල බෝඩ් එකක් දැක්ක ගමන් බහිනවා. ඔන්න ඔහොම හැව්ලොක් ටවුමත් පහු උනා ඊලගට "Clombo - 6" දැං දිගටම යනවා........
"කෝ යකෝ තුම්මුල්ල??????"
දැන්නං වඩේ ජොන් බාස්ට ගියා කියලා මගේ මේ මොලේට අවබෝධ උනා ඉතිං කරන්න තිබ්බ හොදම දේ කොරන්න තීරනේ කොරා.
"අයියේ මාව තුම්මුල්ලෙන් බස්සන්න.."
මුකුත් නොදන්නව වගේ මං ඩැයිවර් අයියාට කිව්වා..
"අයියෝ පහුවෙච්ච හෝල්ට් එකනේ, ඉස්සහ කැම්පස් එක ගාවින් දාල යන්නං"
ඔන්න මහ වැස්සේ කොළඹ කැම්පස් එක ගාව බස් හෝල්ට් එක ලඟටම බස්එක අල්ලපු ගමන් මං එක පිම්මට බස් හෝල්ට් එකට පැනගත්තා.
ආයෙත් අරුංට මැසෙජ් එකක් දාල බැලුවම රැස්වීම තවම ඉවර නෑලු. මං බස් හෝල්ට් එකේ වාඩි වෙලා මහ වැස්ස දිහා බලාගෙන ඉන්න තීරනේ කරා.
චුට්ටක් වෙලා යද්දි බස් එකක් මෙතැන නතර කරා අවුරුදු දාහතරක පාලොක විතර කොලු පැටව් පස් දෙනෙක් බස් එකෙන් බැහැලා බස් හෝල්ට් එකට ආවා. එතැන හිටපු එක කොලුවෙකුට හිටගෙන ඉන්නත් ටිකක් අමාරු වගේ, තව ටිකක් විමසිල්ලෙන් මුං දිහා බලං හිටියම මට දැනුනේ මුං මත්වෙන්න මොනවහරි අරං තියනවා කියලා. එකෙක්ට ටිකක් පදම වැඩිවෙලා වගේ. අනිං උං මූට බැන බැන කෙලිං හිටපං කියලා කියනවා, මූ දෙකට තුනට නැමිලා කියනවා මං කෙලින් තමයි ඉන්නේ යකෝ කියලා. විනාඩි දහයක් විතර මෙතැන හිටපු මුංටික ත්‍රීවිල් එකක් නවත්තලා අරූවත් වත්තං කගෙන මහ හයියෙන් හිනාවෙවී ඒකට ගොඩවෙලා යන්න ගියා.
හරි වැරැද්ද මොකක් උනත් මට හිතුනේ..
"අමාරුවෙන් ජීවිතේ විඳවන මිනිස්සු අතරේ සැහැල්ලුවෙන් ජීවිතේ විඳින මිනිස්සුත් ඉන්නව නේද කියලා"
මහ වැස්සට පාර දෙපැත්තෙම වතුර පිරිලා වේගෙන් යන වාහන වලින් විසිවෙන වතුරෙන් බස් හෝල්ට් එකේ ඉන්න අය නෑවිලා යනවා. පාරේ යන එන අය නෑවිලා යනවා. සමහරු වාහන කාරයන්ට කුරුහරුපෙනුත් බනිනනවා. හැබැයි උංට ඒවා ඇහෙන්නේ නෑ උං උංගේ ගමන යනවා.
(අන්තර් ජාලයෙන් )
පාරේ එහා පැත්තේ පේමන්ට් එක දිගේ එක කුඩයක් යටින් පෙම් යුවලක් එනවා. කොල්ලා අල්ලගෙන ආපු කුඩේ එක සැරේටම අයින් කරනවා, එතකොට කෙල්ල තෙමෙනව, කෙල්ලත් උඩ පැනලා කුඩේ අලලල පැත්තකට අදිනවා එතකොට කොල්ලා තෙමෙනවා, පාරේ යන එන මිනිස්සු ගැන වගේ වගක් නෑ. එක සැරේට වේගෙන් ආපු වාහනයක් මෙතැනින් ගියේ මුං දෙන්නවයි එතන හිටපු අනික් උන්වයි නාවගෙන. අනිත් මිනිස්සු ඔරවගෙන වාහනේ දිහා බලං හිටියත් මුං දෙන්නා දෙකට නැමිලා බඩ අල්ලං හිනාවෙවී වාහනේ දිහා බලාගෙන හිටියා. අන්තිමේදී කුඩේ අකුල ගත්ත මුං දෙන්නා පොඩි එවුන් වගේ වැස්සේ තෙමි තෙමි, වතුර තල තල ඉස්සරහට යන්න ගියා.
එතැන්දිත් මට හිතුනේ..
"අමාරුවෙන් ජීවිතේ විඳවන මිනිස්සු අතරේ සැහැල්ලුවෙන් ජීවිතේ විඳින මිනිස්සුත් ඉන්නව නේද කියලා"
මේ එක්කම මට මතක් උනේ මෙන්න මේක. මට හිතුනේ ජීවිතේ විඳවන අයට නෙවෙයි ජීවිතේ විඳින අයට ගොඩක් අගේ වෙයි කියලා...

පලි/
ඩොංගලය කාර්යාලයේ අතපසු වී පැමිණීම නිසා පසු ගිය දින කිහිපයේ ඔබගේ බ්ලොග් අඩවි වලට පිවිසීමට අපහසු විය. ඒ ගැන මාගේ දුක මෙයින් ප්‍රකාශ කර සිටිමි..
...//"අමාරුවෙන් ජීවිතේ විඳවන මිනිස්සු අතරේ සැහැල්ලුවෙන් ජීවිතේ විඳින මිනිස්සුත් ඉන්නව නේද කියලා"//...
ReplyDeleteඑකෙන්ම.සමහරුන්ට කේන්ති යන තැන්වලදි අපිට සමහර වෙලාවට පට්ටෙට හිනා යන්නේ බං.දවසක් ඉස්කෝලේදි අම්බානකට කෑවා ප්‍රින්සිපල්ගෙන්.කොල්ලෝ තම තමන්ට ගහපු විදිය කියලා බඩ අල්ලගෙන හිනාවෙනවා.ඒ අස්සේ එකම එකෙක් අපි හින්දා බුවාටත් නොකර වැරැද්දකට ගුටිකන්න උනා කියලා සෑහෙන දුකින් ඉන්නවා.අරූට ගුටිය ලොකු ප්‍රශ්නයක් උනාට අපේ අනිත් උන්ට එදා ජොලිම වැඩේ ගුටි කන්න උන එක.
ගුටි කන එක පුශ්නයක් කරගත්තනං අනික්වාට මොනවද කියන්නේ..
Delete/දවසක් ඉස්කෝලේදි අම්බානකට කෑවා ප්‍රින්සිපල්ගෙන්/
කියන එක
"හැමදාම වගේ ඉස්කෝලේදි අම්බානකට කනවා ප්‍රින්සිපල්ගෙන්..
කියලා නිවරදි විය යුතුයි නේද??
උඹට කිව්වට මොකද සතියකට එකදවසක්වත් ගුටියක් නොකෑවොත් ඒ සතියම මස්තබාල්දුයි වගේ බං.
Deleteඅනිවා මනෝ
Deleteමට ඔය තුම්මුල්ල කියන කොට මතක් වෙන්නෙම වෙනින් මල දානයක්
ReplyDeleteඋඹ මැෂින් බිජ්ජා කියලා අපි දන්නවා ඩෝ
Deleteහැක් හැක්..
Deleteමොනවද බං අර දෙමළෙන් දාල තියෙන අණ්ඩර දෙමළෙ.
ReplyDelete//දවල් දොලහ විතර වෙද්දි අඩුම කුඩුම ටිකත් ලෑස්ති කරගෙන// ඔෆිස් එකේ හිටියත් වෙන්නෙ ඔය ටිකනෙ.
අමාරුවෙන් ජීවිතේ විඳවල කාගෙහරි තාප්පෙකට රිවස් කළාම හරි සැහැල්ලුවක් දැනෙනව ඇති.
අර වීඩියෝ ෂොප් එක නිර්මලයගෙ ද?
/ඔෆිස් එකේ හිටියත් වෙන්නෙ ඔය ටිකනෙ./ කාටවත් කියන්න එපා පුසන්න අයියා..
Delete/අමාරුවෙන් ජීවිතේ විඳවල කාගෙහරි තාප්පෙකට රිවස් කළාම හරි සැහැල්ලුවක් දැනෙනව ඇති./ මොනවද ඉතිං ඉන්ෂුවරන්ස් එකෙන් අලුත් බෆර් එකක් ගන්න සල්ලි දෙනවා..
වීඩියෝ එකේ නමනං දන්නෑ එතැන තියනවා..
Kane , lanyaknaya knaya kalacapa door , Na ranapa tamatatala atakanaya ' kya ranakataya manakkya raala ratala lanyakya atakanaya tanacala door , supplement , N kpa tana , Jayden lana , Na anakataya racalamatana lanamao atakanaya ' rata , rana , Yi , Na
Deleteඕං අණ්ඩර දෙමලෙ.
උඹටත් දෙමල පුළුවන් නේද.. අඩෝ මන් මේ දැන් පොඩ්ඩකට කලින් දෙමල එක්සැම් එකක් ලියලා ආවේ.. හැක හැක.. අන්තිම ටික මං කියෙව්වේ මෙහෙම.. "'රුත,රන යෙ, න"' :)
Deleteමදාවියා, ඔය විදියට මෙලෝ තේරුමක් නැති බව දැකල තමයි ඒකට අණ්ඩර දෙමළ කියල කිවුවෙ.
Delete@ මදාවි - අනේ ඔහෙගෙ දෙමල
Delete@ කලන - දෙමල එක්සෑම් මතක් වෙනකොට ඇග හිරිවැටෙනවා. මේපාර ඕඑල් දාලා තියෙන්නේ
@ පුසා අයියා - හරියට හරි ඔහෙගේ බ්ලොග් එක වගේ
දෙමලෙන් කිව්ව ඒවායේ තේරුම මේකයි
Delete*&^ $$@ $@$%^ @$!$%^ &^% $%$% &*^$ *&^ $$@ $@$%^ @$!$%^ &^% $%$% &*^$*&^ $$@ $@$%^ @$!$%^ &^% $%$% &*^$ *&^ $$@ $@$%^ @$!$%^ &^% $%$% &*^$ *&^ $$@ $@$%^ @$!$%^ &^% $%$% &*^$ *&^ $$@ $@$%^ @$!$%^ &^% $%$% &*^$
තේරුණා නේද????
උම හරි බං
Deleteඇයි බං විදානයො එනකොට කෝල් එකක් දෙන්නෙපැයි. අපේ ගෙදරටම ඇවිත් ගිහින්නෙ මූ. කතා කරානම් තුන්මුල්ල ට එන්න අටම වගේ ඩිරෙක්ශන් දෙන්න තිබ්බ.
ReplyDeleteඔහේ ජපුරෙයි?
Deleteඒ වගේ පේන්නේ ...?
Deleteමල මගුලයි. දන්නවනං එනවනේ කසුනෝ.. මං අර බස් හොල්ට් එකේ පැය දෙක හමාරක්ම...
Deleteමං ජපුරේ නෙවෙයි සබරේ..
@ නිහිංසා..
හික් හික්
කසුන් තුම්මුල්ලෙද? මල මගුලයි වරක් 2
Deleteමොන ජපුරෙද කසුනෝ..... නිහිංසෝ....
Deleteමේකා කොළඹ ගියෙත් පළවෙනි පාරට.. කොළඹ බස් වල බදුල්ල පැත්තට විතරයි ඔ්කා ගිහින් තියෙන්නේ...
දැනං හිටියේ නෑනේ ඩැකී..
Deleteඋඔ දන්න දේවල් කුරු
//හිමින් හිමින් කලුකරගෙන තිබිච්ච අහස මහ හයියෙන් කඳුළු සලන්න පටන්ගත්තා. ඒ කඳුළු වලට පාර පෙන්නේ නැතිවෙන කොට මහ හයියෙන් අකුණක් ගහලා බස්එකට ඉස්සරහට යන්න පාර පෙන්නනවා///
ReplyDeleteකතාවෙ මං ආසම මෙන්න මේ උපහැරනෙට.
ජීවිතේ විඳිනවනම් අපි නොදකින ඒත් ඇහේ ඇනෙන අනන්තවත් ජාති අපි ලඟම තියෙනවා.
/අනන්තවත් ජාති අපි ලඟම තියෙනවා./
Deleteඅනේද කියන්නේ..
මං හිතුවේ ඔහේ සමාදානේ සැතපිලා කියලා.. බැලිංනං යහතින් ඉන්නවනේ... හැක්
මාගේ හද පිරි සතුට...
Deleteමාසෙකට ඔ්කාට නිවාඩු..... දැන් පොර වගේ ඉදලා මාසෙකින් අතුරුදහන් වෙයි...
Deleteඅනේ අසරණ මං...
Deleteමනොස් පෝසට් එකක් දාන්නේ මාසේ මාරු වෙන දවසට විතරයි මං හිතේ..
Deleteඋෟ නං මාසේ මාරුවෙද්දිනේ .... උඹ .... අවුරුද්ද මාරුවෙද්දිනේ නේද????? (දැන් ටිකිරා අයියත් වයසයි බොල.... ඒකා මැරෙන්න කලියෙන් වත් දාහං අර කතාව)
Deleteහරි මචං ලබන සතියේ දාන්නං..
Deleteමුට බාලගිරි. හැමදාම ලබන සතියේ.
Deleteඩොංගලය කාර්යාලයේ දාලා එනවා වගේ තෝ බිපු දවසට ෆෝන් එක බොන තැනක දාලා වරෙන්කෝ සුදෝ..
ReplyDeleteඋගේ පෝන් එක එච්චරම ඇණයක්ද බං.
Deleteතව එකක්නම් තියෙනවා අහන්න... එක්කො නාහම ඉන්නම්..
Deleteඑදා ඔහෙටත් මැසේජ් එකක් දැම්මා මෙන්ඩො..
Deleteරාත්‍රිෙය් අමතන්නනං බැරි උනා
@ පුසා - මුරිච්චියක්
@ මනෝ - අහකෝ ඉතිං
ඇට ජාති කාපු තැන්වල මැනර්ස් ලෙස දෙකක් ඉතිරිකිරීම සහ ...............
Deleteආ මූත් ඇවිත් දඩාවතේ ගිහින්.
Deleteදෙකක්වත් ඉතුරුකරපු එක මදැයි.
Deleteමු බිපු දවසට ..ආතල් බේරේනවා
Deleteඑබ්රමෙ, දැං මෙතන කවුද 'මූ'
Delete@ මධාවි - ඒ දෙක ඉතුරු කරපු එකට ස්තුතිවන්ත වෙයන්
Delete@ මනොස් - ඕකා ඉන්නෙම දඩාවතේ
@ මෙන්ඩා - පනිට්ටුවකට එකතුකරගන් පහුවදාට බොන්න පුළුවන්
@ පුසා අයියා - මූ යනු අරූ ගේ අඩවිය ලියපු අරූ නොහොත් නිරංජං අයියාය
ප්‍රසා අයියා නිකං දන්නෑ වගේනේ අහන්නේ.......
Deleteතාම විදානයා බීපු දවසට ප්‍රසා අයියා බයිට් ඒක වෙනුවට භාවිතා වෙලා නැද්ද????? ඒහෙනං විදානයා අද සිට බොන පළවෙනි දවසේ (දැනටමත් බීලාද දන්නෑ) ප්‍රසා අයියාට ඒ අත්දැකීම දීහංකෝ........ අම්මපා අැයි බං අපිව ම තෝරා ගන්නේ..... අපිත් "අමාරුවෙන් ජීවිතේ විඳවන මිනිස්සු අතරේ සැහැල්ලුවෙන් ජීවිතේ විඳින්න කැමති මිනිස්සු බොල....."
රයිට් මෙව්වා මගේ මීටරේ තියනවා ඈ..
Deleteබිව්වා ම අමතක වෙන ඒකක් නෑනේ............. අමතක වෙනවා වගේ නං කොළ කෑල්ලක ලියලා සාක්කුවේ දාගං...... හැබැයි මතක අැතුව ඒ කමිසයම අැදන් යමං බොන දවසටත්.... නැත්තං අමතක වුණා කියයි....
Deleteබීලා වැඩි උනාම කබරයා පාර කෙලින්ම වැටෙන්නේ කමීස සාාක්කුවට.. එතකොට ඒකෙනුත් වැඩක් නෑ...
Delete"අමාරුවෙන් ජීවිතේ විඳවන මිනිස්සු අතරේ සැහැල්ලුවෙන් ජීවිතේ විඳින මිනිස්සුත් ඉන්නව නේද කියලා"
ReplyDeleteමාරු කතාව ... විදානේ .....මොකද ...?
අපි පිස්සු කියල හිතන් ඉන්න චරිත ඉන්නවනේ .... බාගෙට පිස්සු වගේ .... උන් තමයි නියමෙට ජිවිතේ විදින්නේ ,....
අර ... ප්රබුද්ධ කියල කොටසක් ඉන්නවනේ .... ඒගොල්ලන් තමයි දහ අතේ කල්පනා කර කර ජිවිතේ විදවන්නේ .... නැද්ද මං අහන්නේ ...?
/බාගෙට පිස්සු වගේ .... උන් තමයි නියමෙට ජිවිතේ විදින්නේ ,..../
Deleteඇත්තම තමයි මටත් වෙලාවකට හිතෙනවා පිස්සු වගේ පාරේ ඇවිදගෙන නට නට යන්න..
එතකොට දැන් ඉවානයා පැල්මඩුල්ලේ ගංකන්ද සිනමා ශාලාව ලඟට ගෙවල් අරන් ගිහින්ද
ReplyDeleteහෝල් එකේ බාර් එකේලු දැං පදිංචිය.
Deleteකොහේ ගිහින්ද ඔය ඉවානය? හොයාගන්න නෑනෙ.
Deleteමැලේ.. මං හිතන්නේ මෑන් තමයි ඩාන්ස් කර කර හිටියේ උඹ හරියටම ගෙස් කලේ කොහොමද???
Delete@ පුසා - වෙන්ඩත් ඇති හැබැයි මූ කලින්නං බිව්වේ නෑ..
@ කසුන් - ඉවාන්ට බබෙක් හම්බෙන්න ඉන්නෝලු..
ඒක තමයි කසුන් .... ඉවාන් වැඩිය පේන්න නැත්තේ ..? අමාරු ඇති මේ දවස් වල
Deleteදැං මාස අටක්ලු නිහිංසා කොයි වෙලේද දන්නෑලු - පත්තරයා කිව්වේ..
Deleteතුම්මුල්ලෙ ඉඳල පදනම් එකට (මේ දවස්වල වැස්සෙ ) ගියානම් වෙනම පෝස්ට් එකක් ලියන්න වෙනවා.
ReplyDeleteකෝ ඔබතුමාගේ තාප්ප යාලුවො නැද්ද තාම?
පදනම් එකට යන්න උන් නෑ.. උං හොයාගෙන ආවා..
Deleteතාප්ප යාලුවෝ ගැනනං කියලා වැඩක් නෑ...සැහ් කෝ අප්පා මුං...
ප්‍රා
Deleteවිදානේට තාප්ප යාලුවො දෙන්නයි..එකෙක් ගෙදරට එන්න කියලා තාප්පෙ හප්පන ගානට බොන්න දිපු එකා..
අනික..ගෙදර ගිහින් බත් ටිකක් කාලා බ්‍රා ටිකකුත් අරගෙන යමු කියලා අච්චර දුර ඇවිත් ගෙදර ලගදි රිවස්කරලා තාප්පෙ හපන්න අවස්ථාව දුන්න යාලුවා
හප්පපු එකා බිව්වනං මට දුක නෑ මචෝ..
Deleteකමක් නෑ මෑන් අලුත් බපර් එකක් හොයලා දුන්නනේ..
චැහ් බ්‍රා ගන්න ගිහිං වින්ද නිංගිරාව
අර මදාවියගේ සපත්තුව දීපං හොද හිතින්.. හරිය..
ReplyDeleteසෙනසුරාදට මෑන් හම්බෙනවා.. එතන්දිත් වැඩක් අරගෙන, දීල දාන්න එක ගැන සලකල බලනවා..
Deleteහූ...හූ...කොරයි දැං මට!
Deleteමදාවියා බයවෙච්ච බයවිල්ල වැඩේ කැන්සල් කලා නේද??
Deleteහැබැයි පුතෝ මංනං ගේම අතඅරින් නෑ හරිය...
හැක් හැක්
මාත් හැම මොහොතකම විදින්න තමා බලන්නෙ, අනික් උන් විදින්න කලිං... (පළමු විදින්න යන්නනෙහි දියන්න සඤ්ඤක විය යුතුය)
ReplyDeleteවිදින එකනං කොරයි තමයි මොනව නැති උනත්. හැක්...
Deleteමධාවි
Deleteඔච්චර අමාරුවෙන් සඤ්ඤික ලියන් නැතුව හරිඑක කෙටුවනං හරිනේ...
පුසා අයයා..
මුගේ විදිල්ල සම්බන්ධව කතන්දරයක් තියනවා පෝස්ට් එකක්ම දාන්න වෙයි..හැක්
මදැයි තුම්මුල්ල හොයාගෙන ගිහින් හම්බ වෙච්චි දේවල්.. 12 වෙනිදට එහෙම තුම්මුල්ලෙන් බහින්න එපා.. ඉතුරු ටික තුන්රෝද රථයක එන්න වෙයි.. :)
ReplyDeleteගොං වැඩ කරන්නැතුව ඩයිවර් අයියට අවිස්සාවේල්ලෙදිම කියනවා..
Delete"අමාරුවෙන් ජීවිතේ විඳවන මිනිස්සු අතරේ සැහැල්ලුවෙන් ජීවිතේ විඳින මිනිස්සුත් ඉන්නව ////////////////////ඇත්ත
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා Trans මේ දානේට..
Deleteඅනිවා සහතික ඇත්ත
ඇයි සැහැල්ලු ජිවිතේ අමාරුවෙන් විදවන මිනිස්සුත් ඉන්නේ?
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා රූපේ මේ පැත්තට..
Deleteඒකත් ඇත්ත සැහැල්ලු ජිවිතේ අමාරුවෙන් විදවන මිනිස්සුත් කොච්චර ඉන්නවද?
බස්සි නෙළුම් යාය බොග් සම්මාන උළෙලට ආපු ක මීටත් වඩා රසවත්....
ReplyDeleteආපු එක ලෙස නිවැරදි විය යුතුය.
Deleteආ පුක ලෙස නිවරැදි විය යුතුයි නෙද වෙල් විදානේ. .හැක්..
Deleteනොදන්නා කමෙහි දැඩි රසවත් බවක් තිබේ..
Delete@ දේස් - ඕන පුකක් වල් දේ ශෝ...
තුම්මුල්ලේ පද්මෙව අඳුනන්නේ නැද්ද?
ReplyDeleteඇයි යකෝ යන්න කලින් ඔය කොම්පීතර කටුවෙන් ගහලා බලන්න තිබ්බා නේද තුම්මුල්ල, හතරමුල්ල, කොහෙද තියෙන්නේ කියලා?
ඔව් අර හිල තියන තාප්පේ මුල්ල හරි හොයා ගන්න බැරියෑ නේද?????
Deleteහිහ්, හී...................කුරුටුවෝ, විදානයා ඊට පස්සේ කොළඹ යනකොට තාප්පයක් දිහා බලන්නේවත් නැතිලු. රීඩ් මාවතේ මාර ගහක කොඩියක් එල්ලලා යනවලු පාර මතක හිටින්න.
Deleteඒක හරි විචාමාමේ..............
Deleteවිදානයා කොළඹට කියන්නේ කොළඹ රට කියලා..... මේකා හිතාගෙන ඉන්නේ ඒක වෙනම රටක් කියලා..... පව් පොඩි ඒකා.....
ඇට් විචා - කොම්පීතරෙන් බලලා ගියේ පත්තර ගෙදර විතරයි එදැයින් පස්සේ ඒකත් එපා උනා.. ඊලගට පාරක් අහගන්න ඕන උනොත් ඔබතුමාට දොඩන්නංකෝ
Deleteඅට් කුරුටු ගැ ගී ප..
මෙන්න උඩරට එකෙක් ඇවිල්ලලලා හැ්ක හැ්ක
ඒක ඉතින් කොහොමත් උඩරටනේ...... යකෝ ඒක උඩරට ගැට්ට.........
Deleteමල කෙලියයි..
Deleteමට EB exam ඇවිල්ලා ලබන සතියේ ඒක තියෙන්නේ..
Clifton Balika Vidyalaya,
Colombo -9
හරි දන්න එකා මට පාර කියපංකෝ..
(දැං ** විකාගෙන ගූගල් ගහයි)
පිටකොටුවෙන් 176 ගිහින් මරදානෙන් බහින්න. තුන් සක රියක් ගන්න එතැන් සිට.
Deleteඋඹ ඔය හිටපු බස් හෝල්ට් එකේම අවුරුදු එකහමාරක් 155 බස් එකක් එනකම් අමාරුවෙන් ජීවිතේ විඳවන මිනිස්සු අතරේ සැහැල්ලුවෙන් ජීවිතේ විඳවපු එකෙක් මම. තවත් අවුරුදු හතරක් සැහැල්ලුවෙන් වින්දෙව්වා උඹට පිට්ටනියෙන් එහායින් පෙනුන පාරේ 120 බස් එකක් එනකම්. දැන් ඔක්කොම බස් යන්නේ ඔය උඹ හිටපු හෝල්ට් එක ලඟින්ද කොහේ.
ReplyDeleteඋඹ තුම්මුල්ලෙන් බැස්සනම් ඔයතරම් දේවල් නරඹන්න වෙන්නේ නෑ බන්. ඒ හෝල්ට් එක පාලුයි.
අද්දැකීම් කියන්නේ ජීවිතේ රසවත්ම සංදිස්ථාන.. අම්බලන්ගෙඩත් කොලම්බු සික්ස් ඈ.. එදානං කොතන බැස්සත් ගං වතුර
Delete"අමාරුවෙන් ජීවිතේ විඳවන මිනිස්සු අතරේ සැහැල්ලුවෙන් ජීවිතේ විඳින මිනිස්සුත් ඉන්නව නේද කියලා"
ReplyDeleteසහතික ඇත්ත. හැබැයි ඔය විඳවන අය විඳවන්නේ හුඟක් දේවල් ලග තියාගෙන.
අනිවා දිනෙෂ් විඳින්න පුඵුවන් ගොඩක් දේවල් මගඅරවගෙන
Deleteඒහ්... රියර් ඇඩ්මිරල්, එදා පාටියට ගියෙත් සපත්තු දෙක මාරු කරල දාගෙනද?
ReplyDeleteඒ සපත්තු දාගෙන යන්නේ මධාවියාගේ ඔපිසියට විතරයි හැක් හැක්
Deleteඋඹ බස්සිට සප් එක දුන්න එක හොඳ දෙයක්. හැට්ස් ඕෆ් ඈ...
ReplyDeleteමචෝ පොස්ට් එකේ අරමුණ උනේ ඒක බට් ඒක හරියට සන්නිවේදනය වෙලා නෑ වගේ... තැන්කිව් ඈ..
Deleteදවසක් බසයක් වැස්සේ කොළඹට දුවන්නේ
ReplyDeleteමිනිහෙක් කුඩයක් අරගෙන බසයට නගින්නේ
තෙරපි හිරවිලා කකුලක් පෑගිලා
මිනිහ කෝප වීලා බැණුම පටන් ගත්තා
හිතලා පෑගුවා නොවෙයිනේ - කීවත් දිගටම බනින්නේ
මොනවද තමුසේ කියන්නේ - දෙන්නා පොරට වැටුනේ
මිනිසුන් කෑකෝ ගසන්නේ -දෙන්නා දැන් පොරබදන්නේ
කවුදෝ බෙල් එක ගහන්නේ - බස් එක නැවැත්තුවේ
බැස්සුවා දෙන්නා බැලෙන්නේ - බස් එක වේගෙන් ඇදෙන්නේ
වැස්සේම දෙන්නා බොලන්නේ - තෙමි තෙමි ගහ ගන්නේ
එළිපිට හැම දෙන හිනැස්සු ඉවසුම් නැති මේ මිනිස්සු
යන ගමනක් මග නවත්වා තවමත් ගහ ගන්නේ .....
ගායනය - ෆ්‍රෙඩි සිල්වා
ගී පද - සිරිල් ඒ සීලවිමල
සංගීතය - සරත් වික්‍රම
උඹ නං සිංදු ගබඩාවක් .. මේක කවදාවත් අහලා නෑ
Deleteරොම්බ තැන්ක්ස් ඈ...
කොහොම හරි උඹ ඒක්ස්ප්‍රස් ඒකේ දානයක් දීලා පැනලා ගියා කියලා අන්න කට්ටියම උඹව හොයනවාලු.........
ReplyDeleteමචං දැන් ඔය කපල් වලට ඉරිසියා කරන ඒක නවත්තපං..... උඹලත් ඒ කාලේ කොරපුවා බල බල අපි ඉරිසියා කරාද?? නෑනේ.....
හැක් හැක් දානේ සීන් එක දන්නේ උඹ විතරයි..
Deleteයකෝ මෙන්න.. අපි ඔව්වා කොරන කොට උඹ
"අමර එන්න
මේ සල් ගහ යටට"
කියලා කියනවා....
විදානයා තමන්නේ මව් බාසාවෙන් එක වාක්කියක් හෝ ලිවීම ගැන අපේ බලවත් (විදානයාගේ පැත්තෙන් බවලත්) මෙව්වා එක පොරකාස කොරනු ලැබේ.
ReplyDeleteහරි හරි බාසාව තේරිලා වගේ...
Deleteඔන්න බලවත් මෙව්වා එක සතුටින් බාරගත්ත හොදේ..
උඹ 12 වෙනිදාට තුම්මුල්ලෙන් බැහැල කොහෙ යාවිද කියලයි මම කල්පනා කළේ.ඒක නෙවෙයි අර දෙමළ ඡේදය මක්කොරලවත් කියවන්න බෑනෙ බං හල් කයන්නෙන් පටන් ගන්න වචනත් තියෙනවනෙ.
ReplyDeleteපොන් නම්බර් එක එව්වනං කෝල් කරල කියන්න තිබ්බා..
Deleteමෙන්ඩටයි.. තුෂාරයටයි නං හිටපු ගමන් කියනවා..
විදානේ... සමාවෙයන්... මේක මිස් වෙලා තිබ්බෙ... හිටිං රෝලෙ එල්ලලම එන්නං
ReplyDeleteමිස් වෙන්න මේකේ පෝස්ට් තියෙන්න එපායැ..
Deleteසාදරයෙන් පිලිගන්නවා එකෙන්ම..
ඔ්ක මොකක් ද සාජ්ජා..... විදානයාටත් මේ බ්ලොගය මිස් වෙලා තිබුණේ..... මේකෙන් පස්සේ අායෙම මිස් වෙයි මගේ හිතේ.... අා.... නෑ... තව ඒකක් තියෙනවා....... ඊට පස්සේ තමා...
Deleteමට හිතෙන්නේ ඒක දාන්න වෙන්නෙත් උඹටම තමා.. හැක් හැක්..
Deleteඔන්න දැන් තමයි උඹලගෙ බ්ලොග් කියවගෙන යන්න විවේකයක් ලැබුනෙ. බොහොම තැන්කුයි විදානෙ.
ReplyDeleteගණන් ගන්ටෙපා බං. මට නම් ඔහොම පාරවල් වරදින එක බොහොම සාමාන්‍ය දෙයක්!