Friday, September 12, 2014

පොඩි එකාගේ කථා 03 - රුපියල් දහය..




(අසූ හයේ විතර කථාවක්)

ලාභයි.. ලාභායි, ලා..බායි...

ආ එන්න එන්න කිලෝඑක හතරයි, කිලෝඑක හතරයි’’

වම්බොටු... බණ්ඩක්කා.. වැටකොළු... කිලෝ එකම හතරයි.. කිලෝ එකම හතරයි

පොඩි එකා තම පියාගේ අතෙහි එල්ලී බොහෝ අමාරුවෙන්, සතිපොලේ බඩුගන්නට පැමිණි මිනිසුන් අතරින් ගමන් කරමින් ඉදිරියටම ඇදුණි.  පොලෙහි බඩු විකුණන වෙළෙන්දන්ගේ කෑ ගෑම පොඩි එකාට මහත් ආශ්වාදයක් විය. ඔහු එම වෙළෙන්දන් කෑ ගසන අයුරින් සිතින් මහ හයියෙන් කෑ ගසන්නට වූයේ මුවට අමුතුම සිනහවක් නගමින්ය. පොලෙහි එක් එක් කොටස්වල එලවලු, ලූණු, ගොඩගසා තිබූ ආකාරය නිරීක්ෂණය කරමින් ඒවා තරාදියේ දමා කිරන අයුරු දෙස බලමින් තම පියාගේ අත, අත නොහැරමින් පොඩි එකා පියා පසුපසම යන්නට විය.

සති පොලෙහි මැද හරියට වන්නට පැමිණි පොඩි එකාගේ පියා එලවළු එක් කූඩාරමක් අසල නතරවිය. මැදින් යකඩ පොල්ලක් සිටුවා ඝණ ඉටිකොලයක හරි මැද මෙම යකඩ බටයෙහි මුදුනට වන්නට සකසා, ඉටි කොලයෙහි හතර කොන ලනු පටවල් වලින් සිව් දෙසට ඇද මෙම කූඩාරම සාදා තිබිණි. ගෝවා, වැටකොළු, බෝන්චි, මෑකරල්, ලීක්ස්, වට්ටක්කා.. යනාදී එලවලු වටකර ගනිමින්, පොඩි එකාගේ සීයා එනම් පියාගේ පියා එම කූඩාරමෙහි විය.. තම සීයා එලවළු කිරමින්, ඒවා සිලි සිලි බෑග් වලට දමමින්, මුදල් රැගෙන ගණන්කර ඉතිරි මුදල් දෙමින් වෙලදාමේ යෙදෙන අයුරු පොඩි එකා ආසාවෙන් බලා සිටියේය..

වෙලදාම් කරන අතර තුර කූඩාරම අසලට පැමිණ ඇති තම පුතාත්, මනුපුරාත් දෙස බැලූ සීයා කිසිදු වෙනසක් නොපෙන්වා තම සුපුරුදු රාජකාරියෙහිම නිරත විය. මිනිත්තු කිහිපයක් එසේ ගෙවුනු පසු සීයා, එලවළු වලින් සිලි සිලි බෑගයක් පුරවා පියා අතට දුන්නේය.. කිසිඳු වදනක් නොදොඩා පොඩි එකාගේ පියා, පොඩි එකාද රැගෙන ආපසු එන්නට පිටත් විය. තම පියාත්, සීයාත් එකිනෙකා හා දොඩමළු වූ දවසක් ඇද්දැයි පොඩි එකාට මතකයක් නැත.. එපමණක් නොව තම පියා, තමා හා අන්තිමට කථාබස්කල දිනයද පොඩි එකාට මතක නැත.. අනිවාර්යයෙන්ම ඒ අවස්ථාව තමන්ට හොඳින් ගුටි පූජාවක් ලැබුණු අවස්ථාවක් විය යුතු යැයි පොඩි එකා සිතා ගත්තේය..

පොඩි එකා...!!!!

සීයාගේ කූඩාරම පසුකර බඹ ගණනක් පැමිණියද, පොලෙහි වූ අන් වෙළදුන්ගේ හඬ යටපත් කරමින් තම සීයාගේ හඬ ඇසුනු පොඩි එකා එක් වරම නැවතිණ. කවදාවත් සීයාගේ දෑස් දෙස කෙළින් බලා නැති පොඩි එකා සීයා දෙස බැලූවේ වෙව්ලන සිතිනි. පොඩි එකා හිමින් හෙමින් නැවතත් සීයාගේ කූඩාරම දෙසට ඇදුණි. සල්ලි දමන්නට සාදා තිබූ ලී පෙට්ටිය ඇරි සීයා, ඉන් රුපියල් දහයේ කොලයක් ගෙන පොඩි එකා අත තැබීය. ඇස්, සිත් අදහාගත නොහැකි වූ පොඩිඑකා එම රුපියල් දහය තම අතට ගුලිකර ගෙන ඉමහත් සතුටින් යලිත් පියා හා එක්විය. 

කලින් යන විට ඇසුනු වෙළෙන්දන්ගේ හඬ දැන් පොඩි එකාට ඇසෙන්නේ නැත. ඇසුනද එය කලින් වතාවේ මෙන් ආශ්වාදයක් නොව මහත් කංකරච්චලයක් විය. දැං පොඩි එකාගේ සිත පිරී ඇත්තේ සීයා දුන් රුපියල් දහයෙන්ය. මෙතරම් විශාල මුදලක් පොඩි  එකා අතට එකවර පත්වූ පලමු අවස්ථාව මෙය විය. පසුගිය අළුත් අවුරුදේ වැඩිහිටියන්ගෙන් ලැබුණු තෑගි මුදල් සියල්ල එකතු කලවිට මීට වඩා වැඩි මුදලක් තිබුණා යන්තං මතකය. ඒත් එකපාරම මෙච්චර ගානක්...! ! 

පා පැදියේ පසුසු එලවළු බෑගය ගෙට ගැසූ පොඩි එකාගේ පියා පා පැදියට ගොඩ විය. දැං තාත්තා දකුණු කකුලෙන් පැටල් එක ආපස්සට කරකවලා ඒ කකුලෙන්ම තද කරගන්නවා, මට තියෙන්නේ හැඬල් එක අල්ලං වම් පැත්තේ පැටල් එකට කකුල තියලා පොඩි ගැම්මක් අරං පොල්ල උඩින් වාඩිවෙන්න විතරයි.” පොඩි එකා මීලඟ පියවර ගැන සිතමින්ම රුපියල් දහය කලිසං සාක්කුව තුලට ඔබා ගත්තේ මහත් භක්තියෙනි. ඊලඟ මොහොතේ පොඩි එකා සිතූ සියල්ල එලෙසින්ම ක්‍රියාත්මක විය. තාර ගැලවුනු පාර දිගේ වලවල් මග හරිමින් තම පියා පා පැදිය පදිද්දී, පොඩි එකා රුපියල් දහය ගැන කල්පනා ලොවක තනි විය.

මං මේ රුපියල් දහයෙන් කඩයක් දාන්න ඕන. මේකෙන් ටොපි ටිකකුයි රටකජු පැකට් වැලකුයි ගන්න පුළුවන් තව කඩි බිත්තර පැකට් දහයක් විතරත් ගන්න පුළුවන්.. ඒවා විකුණල හම්බෙන සල්ලි වලින් ආයෙත් බඩු ගන්න පුළුවන්.... බම්බුව ඒක හරියන වැඩක් නෙවෙයි අපේ කන්ද මුදුන්ට කවුද රටකජු ගන්න එන්නේ.. ගියපාර කඩේ දාපු වෙලාවෙත් අක්ක තමයි බාගෙට බාගයක් බඩු ගත්තේ සල්ලි දෙන්නං කියල.. කෝ ඒ සල්ලි හම්බුනෙත් නෑ.  මේ පාර ඒ මෝඩකම කරන්නෑ.. බලන්න ඕන වෙන දෙයක්.. මොකද කරන්නේ....... නෑෑ.... මේකෙන් මොනවහරි කනවා, ඔව් අර චොකලට් එකක් අරන් කනවා කාටවත් දෙන්නෑ...... හෙට ඉස්කෝලෙ ගිහිල්ලා කැන්ටිමෙන් බඩ පිරෙන්න කනවා...  නෑ නෑ... අම්මට කියල සෙල්ලං කාර් එකක් ගෙන්න ගන්නවා... ෂිහ් අවුරුදු කාලෙක මේක හම්බුනානං කැට ගහන්න හරි තිබුණා... ආ හංදියේ කඩේ තෑගි ටොපි වගයක් තිබුණා ගන්න ඕන ටිකක් ඒතේ තෑගිවලට තිබ්බ ප්ලාස්ට්ක් බොලේ හරි ඇදෙයිනේ......................

මේ නොයෙක් නොයෙක් සිතුවිලි සමග සටන් කරමින් පැමිණියද නිවස පිහිටි කන්ද පාමුලට පැමිණෙන තෙක්ම පොඩි එකාට හරි හමන් තීරණයකට එලැබීමට නොහැකි විය. නමුත් මම දැන් රුපියල් දහයක අයිතිකාරයෙක් යන ධනවත් සිතුවිල්ල පොඩි එකාගේ සිත පීත්‍රියෙන් පුරවා තිබිණි. පා පැදියෙන් බැස නිවසට ගොඩවන පොඩි එකාට ගමේ කොල්ලන් කීප දෙනක් මගදී හමුඋවත් ඔවුන් හා වැඩි කථාවට නොගියේය. පුහ්.. මුං කවුද මං දැං සල්ලිකාරයෙක්, ඒ හින්දා මුං එක්ක වැඩි බජනෙට යන්න ඕන්නෑ ආඩම්බරයෙන් උතුරා ගිය පොඩි එකාට සිතුණි. 

පඩි පෙළ දිගේ ඉහලට නගින පොඩි එකාට අළුතින් ඉදිකරන පහල ගෙදර පෙනුණි පාර පැත්තට වන්නට බැඳ ඇති මුදුන් බිත්තිය නිසා ඔවුන්ගේ පරණ ගෙදර දැං පාරට පෙන්නේ නැත. අලුතින් ඉදිකරන පහල ගෙදර ගැන සියුම් ඉරිසියාවක් පොඩි එකාගේ සිතෙහි මෝදු විය. වෙනදා නං ගෙදර යන පොඩි එකා පහල ගෙදරට නොවැරදීම ගොඩ වදියි. නෑ.. මං එහේ යන්න ඕන නෑ. දැං මටත් සල්ලි තියනවා රුපියල් දහයක්මයයි සිතමින් පොඩි එකා පහල ගෙදර මගහැර කන්ද ගොඩවන්නට විය.

අවුරුද්දක් පමන වයසැති බවුන්ඩේසම හරහා, කටු මැටි ගැසූ, ටකරං සෙවිලි කල තම නිවසට පැමිණි පොඩිඑකා මහත් ආඩම්බරයෙන් අම්මා හෝ අක්කා ඇද්දයි සොයන්නට විය. අම්මා කුස්සියේ මොකක්දෝ වැඩකය.

අම්මේ..

ආ.. පොලේ ගිහිං ආවද ?

අම්මේ.....

මොකද ඒ පාර තත්තා බැන්නද ?

නෑ....

එහෙනං..

සාක්කුවට අත දමා රුපියල් දහය එලියට ගත් පොඩිඑකා එය අම්මා අත තැබීය.

අම්මේ... මේ සල්ලි අරං අපේ ගේ හදන්න..” 

නිහඬව මොහොතක් බලා සිටී අම්මා හෙමිහිට පොඩි එකා තුරුල් කරගත්තාය. තවත් මොහොතකින් පොඩි එකාට ඇසුනේ අම්මාගේ ඉකි බිඳුම් හඬ පමණී......




179 comments:

  1. \\දැං තාත්තා දකුණු කකුලෙන් පැටල් එක ආපස්සට කරකවලා ඒ කකුලෙන්ම තද කරගන්නවා, මට තියෙන්නේ හැඬල් එක අල්ලං වම් පැත්තේ පැටල් එකට කකුල තියලා පොඩි ගැම්මක් අරං පොල්ල උඩින් වාඩිවෙන්න විතරයි.//

    මේ වචන ටික මාව ආයෙමත් මගේ අතීතෙට අරන් ගියා විදානේ. තාත්තා ඔය විදියටම මාව බයිසිකලේට නංගගෙන සොරබොට පාර දිගේ වලවල් බේර බේර ගියහැටි මතක් වෙනවා.

    දුප්පත් කම ආබරණයක් කරගෙන උපන්න හීං එවුන්ට පවා ඒ අමාරුකම් අපූරුවට පපුවට දැනෙනවා. කතාව ඉස්තරම්.

    ReplyDelete
    Replies
    1. මටත් අතීතය මැවිලා පෙනුනා

      Delete
    2. මනොෂ්, බයිසිකලේ කිව්වම ඉස්සර මම යන්න ආසම හැඬල්එක උඩ, ඒක උඩ වාඩිවෙලා ගිහිං ඉස්සරහ රෝදේ අස්සට කකුල දාගෙන බෙල්ල කඩාගන්න හැදුවට පස්සෙ හැඬල් එක තහනං උනා....
      ලඟදී දවසක අපේ අම්මා ඔය කථාව මට මතක් කළා... ඒකයි ලියන්න හිතුවේ...

      Delete
    3. @ මකසි, අපි කාගෙත් වගේ අතීතය එහෙමයි

      Delete
    4. හප්පා, රෝදෙ අස්සෙ කකුලනම් අනන්තවාරයක් ගිහින් ඇති. පුදුම සනීපයක් තියෙන්නෙ එතකොට.

      Delete
    5. සුදු හම මතුවෙනකං ලෙලි ගිහිං.. බුදු අම්මෝ!!!!

      Delete
    6. //බයිසිකලේ කිව්වම ඉස්සර මම යන්න ආසම හැඬල්එක උඩ// මගෙත් ප්‍රියතම ගමන බයිසිකල් හැඬල් එකේ බන්. තාත්තා හයියෙන් බයිසිකලේ පදිද්දි හුළං පාර වැදිලා ඇස් දෙක පියවෙන හැටි හීනයක් වගේ තාම මතකයි. එතකොට අවුරුදු දෙකහමාරක් විතර ඇති. වෙන කිසිම ප්‍රවාහන ක්‍රමයක නෑ ඒ සැහැල්ලුවයි සුන්දරත්වයයි.

      Delete
  2. හරිම සංවේදී කතාවක් විදානේ.පොඩි එකත් එක්ක මමත් පොළේ ගිහිං ආව වගේ මට දැනුනා.කුඩා දරුවෙකුගේ හැඟුම් මනාව චිත්‍රණය වෙලා තියෙනව කියල කියන්න පුළුවනි.ලස්සනට කතාව ගොඩනැගිල තියෙනවා.
    වෙනදට විදානේ කියන කතාවක් අද මම කියන්නං.ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කථාව හිතට දැනුනනම් ඒ ඇති... ස්තුතියි හැලප අයියා....

      ජ ය වේ වා !!!

      Delete
  3. මේකට මලදානේ කියන නම හරියන්නේත් නෑ ඔය දාලා තියෙන තරු දානේ හරියන්නෙත් නෑ .......
    කතාව පට්ටයි කොල්ලෝ......... තාත්තලා සීයලා පුතාලා කතා නොකරන කතාව කියවන කොට මටත් ගොඩක් දේවල් හිතට ආවා ...........හිටපන් සින්දු ඇනෝ එන්න කලින් සින්දුවක් දාන්න

    ReplyDelete
    Replies
    1. කැරකෙන රෝදේ පුංචි කරත්තේ
      ඉඳගෙන මම ඉන්නේ..
      පදික වේදිකා පසුකර යන්නට
      තල්ලු කරන් පුතුනේ...//

      කැඩුනු පාවහන් කුඩ නිමවාලා
      දවසේ වියදම සරි කරවාලා
      අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට
      තල්ලු කරන් පුතුනේ...//

      කිරිකැටි දෙ‍අතේ සවිබල දියැවේ
      පමා වුනොත් අප මහමඟ තනිවේ
      අම්මා මඟ ඇති නෙත් හරවාගෙන
      තල්ලු කරන් පුතුනේ...//

      ගායනය: එඩ්වඩ් ජයකොඩි
      පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
      සංගීතය: කලනි පෙරේරා

      Delete
    2. නියමයි මැලේ ...මටත් බලපු ගමන් ඔලුවට ආවේ ඔය සින්දුව .

      සඳුන් ගසක ඇති සුවඳ දැනුණ දෝ
      කොසඹ ගසක් යට ඔබට ලොවේ
      කොසඹ ගසක ඇති තිත්ත දැනුණ දෝ
      සඳුන් ගසක් යට ඔබට ලොවේ...

      වැලපෙන දවසක ඇහැට කඳුළු එයි
      ඒ කඳුළත් පිස දැමුව පසූ 
      හිනැහෙන දවසක ඇහැට නැඟෙන රස
      කඳුළු මකන්නට නොමැත ඔසූ
      කඳුළු මකන්නට නොමැත ඔසූ...

      විඳ නව නින්දා ගරහන මිනිසුන් 
      අතරෙහි පහනක් විලස සැදී
      සඳ පරදන්නට එළියක් දෙනු හැක
      සිටියොත් ලොව මිනිසෙකු පරිදී
      සිටියොත් ලොව මිනිසෙකු පරිදී...

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : ජයන්ත රත්නායක
      යුග ගායනය : උපුල් පෙරේරා සහ දමයන්ති ගමගේ


      Delete
    3. අවසන් හුස්ම පොද නොබියව හෙළන්නට
      සිවු රියනේ හිත සතුටින් නිදන්නට
      මිනිසකු විලස ඉපදුණු පල දකින්නට
      පුළුවනි මරණ මංචකයේ වුවද මට

      දහදිය දිය උනේ නෑ මාලිගාවල
      කඳුළැලි වැටුනෙ නෑ නිවටුන් දෙපාමුල
      ගත හැඩි දැඩි උනේ ළඳුවල කැලෑ වල
      කරගැට මතු උණේ නගුලට උදැල්ලට

      මහ කෙත් රණ බිමට වැද ගෙන උදලු කෙටී
      මේ රළු පොළොව ජය ලැබුවෙමි වැතිර වැටී
      ඒ ජය මට නොවෙයි නුඹටයි ඉපිද නැතී
      අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී

      පද රචනය : සුනිල් ආරියරත්න
      තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
      ගායනය : අබේවර්ධන බාලසූරිය

      Delete
    4. කටේ කිරි සුවඳ නොගිය ද 
      හිතේ මහ බරක් නැතුව ද 
      පාවී එන මහ සුළඟක පුතු තනිවෙනවා 
      ඒ සුළඟේ රහස් කතා පුතු රවටනවා.....

      අරුණට පෙර සුරලොව බිඳ 
      සිත හැඟුමන් තුළ තනිකර 
      පිනි වෑහෙන අඳුර මැදින් පිය මැන යනවා 
      සුරංගනා රජ දහනක් පුතුට මැවෙනවා .....

      ඇලක දොළක නෙත නොරැඳුණ 
      වෙල් යායක පය නොගැටුණ 
      පුතුට උරුම ලොව දැකුමෙන් මසිත හඬනවා 
      මහ සුළඟේ අඳුරු වලා පාවී එනවා...... 

      ගී පද - දුමින්ද හඳපාන්ගොඩ 
      ගී තනු - නවරත්න ගමගේ 
      ගායනය - සුනිල් එදිරිසිංහ

      Delete
    5. පිනිබර යාමේ සැවුලන් අඬලනවා
      අම්මා වටකර ලිප ගිනි නැළවෙනවා
      කොළඹ රේල්ලුව රජ ගමනට එනවා
      නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා

      පුතුනේ අකුරට යන්න පමාවී
      ගුරු සිත රිදිලා වේවැල අඬවාවී
      ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා මුරණ්ඩු වූ දා......
      දුක්වේවී අම්මා....

      වේල දෙවේලේ කුසගිනි නොබලා
      කඩමලු ඇන්දත් පින්කඳ බැබළෙනවා
      කලට රුවන් වැසි වස්සන තාලේ සිල්ප උගත් දා.....
      නුඹ සක්විති වෙනවා.....

      ගී පද - ලූෂන් බුලත්සිංහල
      ගී තනුව - වික්ටර් රත්නායක
      ගායනය - සුනිල් එදිරිසිංහ

      Delete
    6. පියසටහන් මැකී නොමැත තව
      මා ආ දිගු ගමනේ
      මගේම පියවර මත පියනගමින්
      ඔබ එනු දුටුවෙමි මා ලුහුබදිමින්
      පියසටහන් මැකී නොමැත

      ගිරි ශිඛර මුදුන්වල, වන ලැහැබේ අතු අග
      දෝංකාර දුන් එදා ගැයූ ගී
      මා ඔබට ගැයූ ගී
      ඇසේද තවමත් ඇලේ දොළ් ගලනා ගීයේ

      රලු බොරලු ගමන් මග
      වැලිතලා වැනිය අද
      හැරීබලමි මම
      ඔබේ ඇසින්
      ඔබ නොදුටු ඇසින්
      නොවේද මතුවට ඔබත් මමත් හමුවන දවසක්

      පද රචනය : සුනිල් ගමගේ
      සංගීතය : ගුණදාස කපුගේ
      ගායනය : ගුණදාස කපුගේ

      Delete
    7. @ මැලේ...
      තාත්තල සීයල කථා නොකර ඉන්න එකෙත් පොඩි මෙව්වා එකක් තියනවා.. ඔවුන්ගේ අභිනයයෙන් හැසිරීමෙන් ගොඩක් දේවල් ඔවුනොවුන් අවබෝධකර ගන්නවා

      මටත් මතක් උනේ ඔය සිංදුව තමයි ...

      Delete
    8. සිංදු ඇනො,
      /සඳුන් ගසක ඇති සුවඳ දැනුණ දෝ
      කොසඹ ගසක් යට ඔබට ලොවේ/

      //කටේ කිරි සුවඳ නොගිය ද
      හිතේ මහ බරක් නැතුව ද // මේ සිංදු දෙක ගැන අදමයි අහැව්වේ අහනන්න පුළුවන් ලින්ක් එකක් දාන්න පුළුවන්ද..

      Delete
    9. @ මනොෂ්,
      අමාරුවෙන් හරි සිංදවක් හොයාගෙන ඉදිරිපත් කලාට ස්තුතියි ඈ.............

      Delete
    10. @ ප්‍රියා,
      -- සිංදු දන් නෑ වගේ නේද? --

      Delete
    11. ඒ අපේ පත්තරේ නැ බං..බලහල්ලකෝ කොලු පැටියට කරදරයක්වත්ද

      Delete
    12. විදානේ මෙන්න --
      සදුන් ගසක (http://www.frequency.com/video/x/190001582)
      කටේ කිරි සුවඳ (https://www.youtube.com/watch?v=Y3bvpadvhX0)

      Delete
    13. මෙන්ඩා …… හුරේ. ජය වේවා .…
      කොලු පැංච මේං ආවා

      Delete
  4. අපූරුයි විදානෙ... පොඩි එකා පෙළට යන තැන ඉදල එළියට එන තැන වෙනකනුත් ඊට පස්සෙ පයිසිකලේ නැගල ගෙදෙට්ට එන අවස්ථාව වනකනුත් ඊට පස්සෙ අම්ම ගාවට ගිහින් සල්ලි දික්කරල
    “අම්මේ... මේ සල්ලි අරං අපේ ගේ හදන්න..” //
    කියන අවස්ථාව වෙනකතුත් ගත්තහම කතාව කොටස් තුනකට කඩන්න පුලුවන්. ඒ කොටස් තුන ඇතුලෙම කතාවෙ උච්චතම අවස්තාව පෙන්නන සීය කතා කරන තැනත් ඊට පස්සෙ අම්මට සල්ලි දික් කරල කියන වචන ත් එක්ක බැලුවාම අවස්තා සිද්ධි චිත්තරූප මැවෙන විදියට කතාව ලියල තියෙන විදිය අති විශිෂ්ටයි කියන්න පුලුවනි.
    ඉදල හිටල ඔහෙ මොනා හරි කුරුට්ටක් ගැවට කතාවක් විචාරය කරගන්න නොදන්න කමට මේ විදයට කෙටුව මිසක් කතාව පොඩ්ඩක් වත් අවප්‍රමාණය කරන්න හිතුවෙවත් නෑ හොදේ...
    කතාව ඇත්තටම පට්ට... ඒකයි මම කියන්න ඕන වුනේ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මහේෂ්,
      /ඉදල හිටල ඔහෙ මොනා හරි කුරුට්ටක් ගැවට කතාවක් විචාරය කරගන්න නොදන්න කමට මේ විදයට කෙටුව මිසක් කතාව පොඩ්ඩක් වත් අවප්‍රමාණය කරන්න හිතුවෙවත් නෑ හොදේ.../
      විකාරද බං ඔඹලගේ දිරිගැන්වීම් නිසාතමයි මේ දානේ අල්ලගෙන යන්නේ.. ස්තුතියි අගය කිරීමටත් විචාරයටත..

      Delete
  5. මේක කියවත්දී පොඩිකාලේ ලොකුඅම්මා එක්ක පොලේ ගිය හැටි මතක් උනා..මේකෙ පොඩි එකා මම
    වන තරමට කතාව සංවෙදීව රසවින්දා විදානේ...නියමයි

    ReplyDelete
    Replies
    1. දිලිනිව සාදරයෙන් පිළිගන්නවා මේ ** දානේට
      කථාව රසවිදිය හැකිවූවානම් බෙහෙවින්ම සතුටුයි..
      ස්තුතියි දිලිනි අගැයුමට...

      Delete
  6. කතාවනම් ඉස්තරම්. මොකද තාත්තලා පුතාලා අතර කතාබහ අඩු යාලුවෙක් මටත් හිටියා. උන්ගේ මහ ගෙවල් තිබුනේ සාරුවා සුනිල්ලගේ ගමේ.

    ReplyDelete
    Replies
    1. තාත්තලාගෙ ආදරේ හරිම නිහඬයි..ගැඹුරුයි...

      Delete
    2. මකසි,
      මටත් ඒ ගමේ යාළුවෙක් හිටියා, මිනිහා දැං ගෙවල් විකුණලා අවිල්ලා බියගම පැත්තේ පදිංචි වෙලා ඉන්නවලු - (අහුවෙද්දෙන්කෝ ඕකා)

      Delete
    3. @ මනොෂ්..
      මරියානා අගාදේ වගේ..

      ප්‍රියා..
      +++++ *2

      Delete
    4. කෝ කෝ ඔය බියගම ඉන්න එකා මොකාද????

      Delete
    5. බියගම ඉන්නේ බියගුල්ලෝ

      Delete
  7. නියමයි විදානේ. චිත්ත රූප මැවෙන විදියට ලියල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න අයියා..

      Delete
  8. මේ කතාවනං මාර සාර්ථක නිර්මාණයක් බං. තාත්තා ළඟ ඉඳං ඔළව අතගානවා වගේ ලස්සනට ගළාගෙන යන ගතියක් තියෙනවා. කොතනකවත් රිද්මය කැඩිලා නෑ. දාහං පත්තරේකට...

    ReplyDelete
    Replies
    1. අනේ පත්තරයගේ බ්ලොග් එකේ ඇඩ්මින් නැහැනේ නැත්තං දානවා ඒකේ.....ඩී:
      ස්තුතියි ඩ්‍රැකී අගය කිරීමට..

      Delete
    2. ආ මගේ එකේ පාස්වඩ් එක මෙතන දාන්ඩද මේල් කොරන්ඩද බොලේ ????

      Delete
    3. මෙතැන දාහං.. එතකොට මොකෙක් හරි පාේස්ට් එකක් දායිනේ..

      Delete
  9. කතාවේ ආය හෝදන්න දෙයක් නං නෑ..... සුපිරියටම තියෙනවා චිත්ත රූප මවෙන්න.

    එත් බං සතිපොළ ගැන නං මගේ අදහස වෙනස්, එදාට මගේ පර්ස් එකට තට්ටු වෙන එක තමා වෙන්නේ..... මං සහෝදරගේ පොස්ටුවකත් කිව්වා.....!!

    ජය...!!!

    ReplyDelete
    Replies
    1. සහෝදර පේන්න නෑ නේද මේ ටිකේ?? සහොත් නිට්ටඹුවෙ ගිහින්ද දන්නෑ.! :D :D

      Delete
    2. උඹට තාම හිතේ තියෙනව නේද බං ඒ කේස් එක?

      Delete
    3. හෙහ්! හෙහ්!! මට හෙටත් පොලේ යන්න වෙනවා.

      Delete
    4. පොලේ ගිහින් අපිටත් ටොපි ගෙනෙන්! :)

      Delete
    5. නිමෝ... පර්ස් එකට තට්ටු නොවෙන්නේ කොතැනදිද බොල, මං දැං පර්ස් අරන් යන් නෑ... ස්තුතියි මචෝ අගයකිරීමට..

      Delete
    6. @ ප්‍රියා. සහෝදර මේ දවස් වල ඡන්ද වැඩ, ජීවමානව වැඩසිටින කරතරගම දෙවියන් මූලාසනාරූඩ කිරීමේ මෙහෙයුමක

      Delete
    7. @ මනොෂ්, කාලෙකින් පොලේ ගියේ නෑ..

      Delete
    8. මනෝ මේ උබ මේ අනික් උන්ට ටොපි ගෙන්න යන්න එපා. උන් පොඩි උන් ඈ.... උසින්ම අඩි කීයක්ද බන්.

      ඇත්තට සහෝට මොකෝ බන් වෙලා තින්නේ........!

      Delete
    9. එකත් එකටම කසාද බන්දලා දීල වෙන්ඩෝනැ .… ඕ යේස් !!

      Delete
  10. වයිෆා මට ගෙනියන්න බත් උයපු නැති දවසක පොඩි මෙන්ඩා දවසක් මට රැපියල් 2ක් දිලා කියනවා තාත්තා මේකෙන් බත් එකකුයි චොකෝ එකකුයි කන්න බඩගින්නේ එපා කියලා.
    කථාව එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. පොඩි එවුන්ගෙ සෙනෙහස හරි අවංකයි, අපරිමිතයි.

      Delete
    2. මෙන්ඩියා.. ඇත්ත තමයි පොඩිඑවුන් ඔහොම තමයි..

      Delete
    3. @ මනොෂ්, හරියට හරි..

      @ ප්‍රියා, ඩී:

      Delete
    4. තමංගෙ පැලේ කිරි හොද්ද තං මන්දිර වල රාජ බෝජන රහ නෑ බොසා …… ඕ යේස් මෙන්ඩා.

      Delete
  11. මේක සිරා....මැවිලාම පේනවා. මේ වගේම දැක්කද බුකියේ ගියා පොඩි එකෙක් ප්‍රශ්න අහලා අහලා මස් කන එක නවත්තමු කියනවා. ....
    සුපිරි !

    ReplyDelete
    Replies
    1. බුකියේ තිබුණු එකනම් දැක්කෙ නෑ සිංදුවා.. ස්තුතියි අගැයුමට

      Delete
  12. විදානේ අයියා යේ ආපු එකටනම් ගොඩක්ම සතුටුයි.

    දෙමාපිය බලපෑමට විරුද්දව විවාහයක් කරගත්ත තරුණයෙකුට දාව උපන් පොඩි එකෙකු වටේ විදානේ අයියා ගොතපු කතාව මනරම්, පොඩි එකාගේ සිතුවිලි වලින් ඔහු දකින ලෝකය ඔහු විදින ආකාරය ඒවගේම එක අරමුණකින් තව අරමුණකට ඔහු මනෝ ලෝක ගොඩ නගන විදිය ලියලා තියෙන විදිය පට්ටේටම රහයි අයියේ.

    වැඩි දෙබසකට වැඩිය පසුබිම් කතනයක් ඔස්සේ ෆිල්ම් එකක් බලන විදියටම අයියා කතාව ලියලා, කතාවේ උච්චතම තැන උදා කරන්න ඔබ පොඩි එකා සන්තක වෙන රුපියල් 10 ඉඳන් පියවර ගොඩ නගලා, මුළු කතාවේම ටර්නින් පොයින්ට් එක වගේ මේ ටික

    //පඩි පෙළ දිගේ ඉහලට නගින පොඩි එකාට අළුතින් ඉදිකරන පහල ගෙදර පෙනුණි පාර පැත්තට වන්නට බැඳ ඇති මුදුන් බිත්තිය නිසා ඔවුන්ගේ පරණ ගෙදර දැං පාරට පෙන්නේ නැත. අලුතින් ඉදිකරන පහල ගෙදර ගැන සියුම් ඉරිසියාවක් පොඩි එකාගේ සිතෙහි මෝදු විය. වෙනදා නං ගෙදර යන පොඩි එකා පහල ගෙදරට නොවැරදීම ගොඩ වදියි. “නෑ.. මං එහේ යන්න ඕන නෑ. දැං මටත් සල්ලි තියනවා රුපියල් දහයක්ම” යයි සිතමින් පොඩි එකා පහල ගෙදර මගහැර කන්ද ගොඩවන්නට විය.//

    කලින් මුදල් ලැබුණු විට ඔහු පොඩි එකා කල ක්‍රියාකාරකම් වලන ඔහු ලබා ගත් අත්දැකීම් නිසාම පොඩි එකා රුපියල් 10ත් එක්ක නිගමන වලට ආවත් ක්‍රියාත්මක කරන්නේ නෑ, නිවස බලා යන විට එකට පෙනෙන අලුතෙන් හදන ගෙදර අලුත් අරමුණක් ලබා දෙනවා, රුපියල් 10 පෝසත් කම පොඩි එකාට ආත්ම අභිමානයක් ලබා දීල,

    //“නෑ.. මං එහේ යන්න ඕන නෑ. දැං මටත් සල්ලි තියනවා රුපියල් දහයක්ම”//

    පොඩි එකා රුපියල් 10 ත් එක්ක එළඹෙන අවසාන නිගමනය කතාව අවසානයේ මව සමග ඉතාමත් සංවෙදී දෙබසකින් අවසන් වෙනවා, ලොවෙත් සුපිරිම නිර්න්මානයක් එහෙම හිතෙන්නේ මගේ තාත්තත් මාව ඔය විදියටම බයිසිකලේ නග්ගගෙන කඳු පාගාගෙන ඉස්කෝලේ ගෙනියපු විදියට, මටපාසල් වාන් වලින් එන ළමයින්ට වඩා අපේ තාත්තගේ බයිසිකලේ මාර විදියට වටිනවා, මම යාලුවොත් එක්ක ගහගෙනත් තියෙනවා බයිසිකලේ නිසා

    ඊළඟ පොයින්ට් එක තෑගී ටොපි, අතට කීයක් හරි තුට්ටුවක් හම්බ උනාම හොටු පෙරාගෙන කන්දේ කඩේට ගිහිලා ප්ලාස්ටික් තොරෝම්බෝලයක් උස්සන් එන හැටි තාමත් මතකයි, ඒ අතීතය කොඉතරම් සුන්දරද මෙහෙම කම්පුටරෙකට බුකවගෙන අකුරු කොටනවට වැඩිය.

    ReplyDelete
    Replies
    1. //විදානේ අයියා යේ ආපු එකටනම් ගොඩක්ම සතුටුයි.//

      වැඩි දුරක නෙමේ සොමියො මූ සිග්නල් නැති නිට්ටඹුවෙනෙ හිටියෙ!! :ඪ්

      Delete
    2. අර මදුරංග අයියා කිව්වා වගේ නිට්ටෑ අඹුවක් හොයාගෙන ගියාද දැන් නෑ :D

      Delete
    3. සොමියා.. ස්තුතියි මචෝ විචාරයට.. කියන්න වදන් නෑ මං ලියපු දේ ගැන ආයෙත් හිතන්න පොලඹවන විවිරණයක්....
      //ඒ අතීතය කොඉතරම් සුන්දරද මෙහෙම කම්පුටරෙකට බුකවගෙන අකුරු කොටනවට වැඩිය.// ඇත්තම තමයි ඒකාලේ කොච්චර සුන්දරද?

      //නිට්ටෑ අඹුවක් හොයාගෙන ගියාද දැන් නෑ// බුදු අම්මෝ මේ ගෙදර ඉන්න එක්කෙනා හොදටෝම ඇති..

      Delete
    4. ඇත්ත තමයි ප්‍රියා - නිට්ටඹුවට සිග්නල් නෑ.. ඕනනං ගිහිං බලං ඩී:

      Delete
    5. බොරු කියන්න එපා බන් විදානයෝ.....!!

      Delete
    6. මොබිටෙල්ද, අපෝ ලොවෙත් නා තමයි, 10 15 වතාවක් නිකන්ම dc වෙනවා, සමහරක් වෙලාවට මෙලෝ ස්පීඩ් එකක් නා, එත් කනේක්ටඩ්, හරිම ලොල් සහගතයි බිල එන කොට නම්.

      Delete
  13. යකෝ මුල ඉදන් ලස්සනට ආසාවෙන් කියවන් ඇවිත් අන්තිමේදි පපුව හිරවෙන තරම් බරක් එකතු වෙන්නෙ ඇයි බං හිතට???????

    අපිත් උඹත් එක්ක ඔය රවුම ගැහුවා වගේ තේරුණා බං!!

    නියමයි බොල!!

    ReplyDelete
    Replies
    1. අන්න හරි ප්‍රියා.. උඹේ කමෙන්ට් එක මට දාගන්න තිබුනනම් කියල හිතුනා.

      Delete
    2. හිතට කථාව දැනුනනං ඒක මට සතුටක්.. ඇත්තම කිව්වොත්, ඇත්තටම උනු කතන්දරයක්.. ස්තුතියි මචෝ ඇගැයුමට

      Delete
    3. මනොෂ්, අපායට ගියත් කලින් යන්න ඕන කියනවනේ..

      Delete
    4. මේ මේ අපායේ රෙසවේෂන් නැද්ද???

      Delete
    5. මං කැමති අර සිගරැට් බොන දඬුවමට :D

      Delete
  14. මේ ඔය තරු ටික විසික් කරලා දාලා නමක් හොයා ගනින් බං! :)

    ReplyDelete
    Replies
    1. විදානෙගේ තරු දානේ,
      විදානෙගේ සංධානේ,
      විදාන වින්දන,
      නැත්නම් මෙහෙ වගේ විදාන පදනම,

      Delete
    2. ඔච්චර ලස්සන නම් තියෙත්දි මූ දාන් තියෙන නම බලහන්කො බං!! :D

      Delete
    3. විදානේගේ චින්තනේ කියල දාගමු.

      Delete
    4. විදාන චින්තන...

      Delete
    5. මෙතරම් තරු පෙනෙද්දී වෙනත් නම් කුමටද ප්‍රියා...

      Delete
    6. @ මනොෂ්, ස්තුතියි නං ලිස්ට් එකට.. බලමු ඉස්සරහට තරු ගැලවෙයිද කියලා

      Delete
    7. @ ප්‍රසන්න අයියා,
      මහින්ද මහත්තයා තරහ වෙයිදද දන්නෑ...

      Delete
    8. නෑ බොලව් මේකට දාපන් විදානේගේ නිධානෙ කියලා

      Delete
    9. මටත් ඕක හිතුනා ඉස්සරහට බලමු...

      Delete
    10. අනේ එපා බං.. මලදානේ පොඩි ගතියක් තියනවා

      Delete
  15. ඇවිල්ලා ඇවිල්ලා
    නිට්ටඹුවට සිග්නල් ඇවිල්ලා !!!

    ReplyDelete
    Replies
    1. විදානේ... කතාව කියවාගෙන යද්දි මම හිතුවෙ එකත් එකටම පොඩි එකාගෙ සාක්කුවෙන් සල්ලි වැටෙන්න ඇති කියල බයිසිකලේට පනිනකොට. ඒත් අවසානය උඹ ඊට වඩා ගොඩාක් සංවේදී කලා. අතිවිශිෂ්ඨයි!!

      Delete
    2. //ඇවිල්ලා ඇවිල්ලා
      නිට්ටඹුවට සිග්නල් ඇවිල්ලා !!!//

      හැක්… හැක්… :D :D

      Delete
    3. බස්සී, මටත් හිතුනා මගදී සල්ලි නැතිවෙයිද දන් නෑ කියලා.. හැබැයි සැරින් සැරේ සාක්කුව අතගාලා සල්ලි කොලේ තියද කියල හොදට බල බල තමයි මෑන් ආවේ..
      ස්තුතියි අගයකිරීමට..

      //ඇවිල්ලා ඇවිල්ලා
      නිට්ටඹුවට සිග්නල් ඇවිල්ලා !!! -

      මම මේ අවස්ථාවෙදී නැවතත් ප්‍රකාෂ කරනවා නිට්ටඹුවට සිග්නල් නෑ කියලා.. දැං නං ඉන්නේ ගෙදර.. හැබැයි හෙට ආයෙත් නිට්ටඹු යනවා. (සතියකට).. (ඇඬෙනවා!!!!)

      Delete
    4. ඔය සිග්නල් නැති නිට්ටඹුව තියෙන්නෙ කොහෙද බන්? සයිබීරියාවෙද?

      Delete
    5. නිට්ටබුවේ යනකොට කඩවත පහුකරන් යනවනම් එක්කෝ ඕනේ නෑ..............

      Delete
    6. අනේ පලයන් යන්න අපි නොදන්න නිට්ටඔුව..අර ෂෙඩ් එක ලග හෝටලේ බාත්රැම් අඡුතයි.. සරසවි හෝටලේ දොරවල් ලොක් වෙන්නේ නෑ.. අර වෙලට එහා පැත්තේ ඒකේ මෙට්ට හරි නෑ...
      හුටා...ඒ මෙනවද ඒ කියන්නේ..
      සමාවෙන්න..සිදුවු කාර්මික දෝෂය ගැන අපගේ බලවත් කනගාටුව
      මම නිට්ටඔුව කියලා නගරයක් දන්නේ නෑනේ.
      විදානේ කෙහෙද ඔය නිට්ටඔුව තියෙන්නේ?

      Delete
    7. දැං 6.37 යි, අද වැඩකරලා හරි මහන්සියි, දැං යන්න ඕන රං පොකුණගම හංදියේ පොට් එකට.. කූල් බියර් හතරක් විතර ගහලා හාන්සි වෙන්න.. එහෙනං හෙට ආයෙත් අළුතින් ගත්ත ඩයලොග් සිම් එකට රුපියල් පනහක් දාලා, කොමෙන්ට් වලට රිප්ලයි කරන්නං. එතකං බොලාට ජය වේවා... මට වෙරිවේවා...

      Delete
    8. හා හා මෙන්ඩෝ, කට කට,

      විදානේ, මටත් එක්කම ගනින් හොදේ...!!

      Delete
    9. ආං හරි මෙන්ඩා.. අර හන්දියෙ වීදුරු ගහපු කඩේ නේ.. බාතෲම් එකට යන්න ඕනැ හෙන වටෙයක්. මං හිතුවා අසෙං අස්සෙං මීගමු දිහාටම එන්නැති කියලා ..චැහ්

      Delete
    10. යකොව් මං තාමත් නිට්ටඹුවේ ඉන්නේ.. ගතත්තා ඩයලොග් සිම් එකක්.. හැබැයි ලොග් වෙන්න වෙලාවක් නෑ පත්තරයා ඔය කියන, මෙන්ඩා හොඳට දන්න, නිමෝගේ කොටස් තියන, කඩේට චුට්ටක් ගොඩවුනා ඕං හැබැයි මොබිටෙල් සිග්නල් නෑෑෑෑෑෑෑෑෑ..

      Delete
  16. අර මහේෂ්ගේ ස්මරණය කතා සෙට් එකට පස්සේ හිතට දැනුනේ උඹේ කතා සෙට් එක විදානේ ...පුංචිකාලේ අපිටත් රු.10 ලැබුනම පට්ට හීන තොගයක් මවනවා මට මතක් උනා..හිතට දැනුනා මාරම විදිහට

    ReplyDelete
    Replies
    1. අැත්ත තමහි ශානු, ඉස්සර පොඩි ගානක් ලැබුනම කොච්චර හීන මවනවද.. හැබැයි වැඩ වලින් කීයෙන් කීයද ඉටුකරගන්නේ..
      ස්තුතියි ශානු අගය කිරීමට...

      Delete
  17. මේ කතන්දරේ කියවලා
    මුලින්ම හිතුණු එක නොවෙයි මේ,
    දෙවෙනියට හිතුන එකත් නොවෙයි,

    ඇයි මේ පොඩි එකා ගේ තාත්තාට ඹැරි එළවළු කොටුවක් දා ගන්න.

    අපේ පැත්තේ ඔය වගේ "බවුන්ඩේසමක්" තිබුණා. අවුරුදු ගාණක් යනකං ඒකේ එලවළු පාත්ති විතරයි තිබුණේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි, කකා හිටියෙ නෑනෙ ඒකාලෙ ඒ පැත්තෙ.

      Delete
    2. @ කතන්දර,
      //ඇයි මේ පොඩි එකා ගේ තාත්තාට ඹැරි එළවළු කොටුවක් දා ගන්න.// ඔබගේ ගැටළුවට පිලිතුර පැහැදිලියි. මොකද පොඩි එකාගේ සීයා එළවළු නිකං දෙන නිසා...

      බවුන්ඩේසමක් නිකං තියන එකේ එහෙමවත් වැඩක් කරගන්න එක කොච්චර හොඳද??

      Delete
    3. @ මනොෂ්, ඒකනේ කියන්නේ..

      Delete
  18. ඉස්තරම් කතා පොජ්ජ..හිත පතුලටම දැනුණ ඕං..

    ReplyDelete
    Replies
    1. හඳුන් පොත පතුලටම කියාපිය!

      Delete
    2. ඔය ඇත්තන්ටත් ස්තුති පොජ්ජ මන්දු කරනවා ඕං.....

      Delete
    3. මනොෂ්. තේරු පොජ්ජ මන්දු කොරගන්න බැරිඋනා..

      Delete
    4. හඳුන්පොත් කීං ගෑවා කියන්න සංචාරකයෝ...

      Delete
    5. ඒත් තේරුං නෑ බොලව්

      Delete
  19. Replies
    1. දැං ජංගම රථ වලිනුත් බෙදනවනේ.. ඔන්න ඔහේ අයින් කරාා

      Delete
  20. බ්ලොග් ලොව සක්‍රීය කමෙන්ට් කරුවෙකු සහ පෝස්ට් නොමැති බ්ලොග් එකක අයිතිකරුවෙකු වූ "පත්තර මල්ලී" නම් අයෙකු පසු ගිය දින කිහිපයේ සිට අතුරුදන්ව ඇත. අවසන් වරට බදාගෙන සිට ඇත්තේ ගල් බෝතලයක්ය. මේ අතුරුදන්වීම සම්බන්ධව ජාත්‍යන්තර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට ඇමෙරිකානු ඩොලර් දහසක ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කොට ඇත.

    ReplyDelete
    Replies
    1. "එහෙනං පත්තර මල්ලී සෙවීමේ මෙහෙයුම අරඹමු......!!!!!

      //ඇමෙරිකානු ඩොලර් දහසක ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කොට ඇත.// හංදියේ කඩෙන් මාරු කරගන්න පුළුවන් වෙයි නේ මචෝ...

      Delete
    2. අවසන් වරට මට පැවසුවේ පාන් ලෙල්ලක් හෝ කා ජිවත් වන බවක්ය.........!!!
      කෝ ඇත්තට මේ යකා....

      Delete
    3. මූ මචං මට ඊයෙත් මේලක් එවලා තිබුනා ..
      බ්‍රෑන්ඩ් එක හොයා ගන්න බැරුව ගලක් කපලාවත් කන්න ගිහින් මාට්ටු වෙලාද දන්නේ නැ ..

      Delete
    4. දැන් ටිකකට කලින් කතා කලා , ලංකාවෙන් එවාපු ගල් බෝතල් වාගයක් අරගන එන්ඩ යන්ඩ තියනවා කියල ගියා

      Delete
    5. මචං ලා, එක සිතින්ම පත්තරේට "නිවන් සුව" පතමු..

      Delete
    6. බ්‍රෑන්ඩ් එක ගල්.
      _ස්තුතියි_

      Delete
    7. අඩෝව කොලු පැංචා රත්‍තරං පහට ඉන්නවා බොලව්.. හීරිල්ලක්කත් නෑ. ඕ යේස් !!!

      මට නිධානයක් පහල උනා බොලව් ලංකාවෙං.. ෂා ………………

      Delete
    8. සාදරයෙන් පිළිගන්නවා පත්තරේව..
      නිධානයක් ලංකාවෙන් වෙන්න බෑ, ඒ වා අයිති රජ පරම්පරවට...

      නිමෝ, සැන්ඩි වලට ඇල්වතුර...

      Delete
  21. Mula tika baladdi papuwa hirauna podieka salli nethi kara gaththada kiyala. Anthima tika balana kota kandulu awa. Mage podikaleth mathak una. Thaththage aten allagena polata giya heti mathak una. Kisima deyak illuwe neththe wediya salli nethi nisa unata inda hitala saruwath ekak aran dunna mathakai. Mata awurudu 9 wenakota thaththa nethi una. Amma godak amaruwen apiwa god gathta. Den 4 denekma USA wala. Ammatai thaththatai pin siddawenna api okkoma igenagaththa. E dawas wala bothal, paththara saha komba eta wikunala ayyalai mai bus ekata salli hoyagaththa iskole yanna. Podi eka mage atheethe kotasak wage denuna.
    Auntie K from USA

    ReplyDelete
    Replies
    1. //mage atheethe kotasak wage denuna.// අපි ගොඩක් දෙනෙකුගේම අතීතේ ඔය වගේ දුෂ්කර කාල වකවානු තියනවා.. ඒ අතීතේ මතක් වෙද්දි එච්චරම දුෂ්කර කාලයක් ගෙව්වද කියලවත් හිතාගන්න බෑ.. ඔබ ගෙවපු ජීවිතයත් ඒ වගේ.. සතුටු වෙන්න පුළුවන් කාරණය තමයි දැං අපි ඒ වලෙන් ටිකක් හෝ ගොඩ වෙලා ඉන්න එක..
      අතීතේ තව ගොඩාක් දෙවල් ලියන්න තියනවා.. ඉස්සරහට හිමින් හිමින් ලියනවා..
      ස්තුතියි මේ පැත්තට ගොඩවැදුනටත්, අදහස් බෙදා ගැනීමටත්.....

      Delete
  22. නියමං බං.. අපිත් ඔහොම කාලයක් පහු කරලා ආවා.. මට මතක් වුනේ ඒක.. බලන් යද්දී අපි ඔක්කොම එකම බෝට්ටුවේ එවුන්ද කොහේද..

    මොකද්ද බං මේ බ්ලොගේ නමට කරලා තියෙන්නේ? තිබ්බ විදිහ හොදයි වගේ..

    ReplyDelete
    Replies
    1. අනිවා, දිනේෂ් ..
      ගොඩාක් දෙනනෙක් මේ වගේ අද්දැකීම් විඳල තියනවා.. දැකල තියනවා..
      එකම බෝට්ටුවේ...

      මෙහෙම තියනකොට බ්ලොග මාර ලස්සනයි කියලා මට හිතුනා..

      Delete
  23. මචෝ.. මට කියන්න තියෙන්නේ එක්සලන්ට් කියලා විතරයි.. මනෝෂ්ගේ ළිපි වා වලටත් වඩා මේක දැණුනා. මම මේ දේවල් විඳලා නැති උනාට. මම මේ ජීවිත් ගැන හොඳටම දන්නවා. ඒ සිතුම් පැතුම් හොඳට දන්නවා. ඒ නිසා හදවත කීරී ගැහිලා යනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන් ඇගයුමට..
      ඒ සිතුම් පැතුම් අඳුනන නිසා නෙවෙන්නං බ්ලොග් ලෝකයේදීත් හැමොටම උදව් කරන්නේ...

      Delete
  24. ශ්‍රේෂ්ඨ ඉන්දියානු ලේඛක මුල්ක් රාජ් ආනන්ද් ගේ ශෛලිය මේ කතාවේ ගැබ්ව තිබෙනවා. තවදුරටත් විකාශය කරන්නට තිබුණා, තවත් සංවේදී වන ආකාරයට.

    හොඳ නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ එකොලහ වසරෙදි රචනා ලිව්වට පස්සෙ.. බ්ලොග් ලියන කොට තමයි මොනව හරි ලියන්න ගත්තේ.. තවත් උත්සාහ කරනවා හොද නිර්මාන කරන්න..
      ස්තූතියි අගය කිරීමට..

      Delete
  25. ම්ම්....ඌවෙ විතරක් නෙමේ.... පොඩි එවුන්ගෙ සිහිනය......රටේම.....
    ලියවිල්ල එල....

    ReplyDelete
    Replies
    1. හුකා මොකැ බං නමට උනේ

      Delete
    2. ඇත්ත තමයි කෙන්ජි, රටේ හැම පොඩි එකෙක්ගෙම පැතුම...

      Delete
    3. ජපන් කෙන්ජි මැලේ ගිහිං..

      Delete
  26. කෙටි කතාවක තියෙන්න ඕනෙ සේරම අඩු නැතුව තීනව. "මාරයි" කියනවට වඩා මොනා කියන්නද!

    ඔය දුප්පත් පොඩි එකෙක්ට සල්ලි කීයක් හරි ලැබුනම දැනෙන සතුටෙහැඟීම ඒක විඳෞ එකෙක්ට හැර තේරෙන්නෙ නෑ. ඒක ලොකු වෙලා කොයිතරං හම්බුනත් නොලැබෙන ජාතියෙ මාර හැඟීමක්.

    ReplyDelete
    Replies
    1. තීනවා වගේම කීනවා කේනවා කියලා ඔහේ නොලියන්නේ ඇයි

      Delete
    2. කේනව විතරක් නෙමේ හුකනව කියලත් ලියනව. ඇයි අවුල්ද?

      Delete
    3. ස්තුතියි ඉන්දික. හැමදාම ඇවිත් වටිනා උපදෙස් දෙනවට..

      ඇත්ත තමයි, පොඩි එකෙක්ට පොඩි ගානක් කියන්නේ මහ මෙරක් වගේ.......

      Delete
    4. @ ඉන්දික උපශාන්තSeptember 13, 2014 at 4:59 PM

      ඔහේගේ තියන ලොකුම දුර්වලකම තමයි ඔය ගිනිපුක් ගාය. ලංකාවේ ඌව සහ නැගෙනහිර පලාත්වය ජනතාව අතර භාවිතා වෙන යෙදුම් තමයි තීනවා = තියනවා, කීනවා = කියනවා, කේනවා = කරනවා, කියවලා බලනවා මහානාම දිසානායක හෙවත් මායා රන්ජන්ගේ පොත්. ඒ පොත්වල තියනවා ඔය තීනවා කියන යෙදුම. මම ඔහෙට කිව්වේ ඊට අමතරව ඒ පලාත්වල තියන කීනවා, කේනවා කියන යෙදුම් පාවිච්චි නොකරන්නේ කියන එක. ඔහේ උපන් බයියෙක් නිසා මම කියපු දේ තේරුනේ නැහැ. එකයි ඔහේගේ බයි ගතිය පෙන්නමින් කුණුහරප ලියන්නේ. පහත් ජන්ම ලක්ෂණ හැම තැනම පෙන්නන එපා. ඔය තීනවා කියන එක වැදි ජනතාව තමයි වැඩිපුර යොදන්නේ. ඉතිං ඔහේ වැද්දෙක් බව අර කුණුහරප වලින් ලෝකෙටම පෙන්නලා තියනවා. වැද්දා වැද්දා හැටියට ඉන්නේ නැතුව සුද්දා වෙන්න හදන එක ගැන දුකයි වැද්දෝ.

      Delete
  27. Replies
    1. මටත් උඔ ගැන ඉරිසියයි...

      Delete
  28. ඒ විදියෙ පොලක් බයිසිකලයක්,තාත්තෙක්, හදපු නැති ගෙයක්..අස්සෙ මටත් දිග ලමා කාලෙයක් තිබුනා. ඒනිසා සමීප කතාවක් විදියට දැනුනා.

    ReplyDelete
    Replies
    1. //ඒ විදියෙ පොලක් බයිසිකලයක්,තාත්තෙක්, හදපු නැති ගෙයක්..අස්සෙ මටත් දිග ලමා කාලෙයක් තිබුනා//

      අපි ගොඩක් දෙනෙකුට මේ වගේ ලමා කාලයක් තිබුණා.. ඔබට සමීපව දැනුනානම් මට සතුටුයි.. ස්තුතියි මේ පැත්තට ගොඩඋනාට..

      Delete
  29. කතාවේ අන්ත්හිම ටික කියවනකොට අපෙත් පපුව හිරවෙනවා වගේ දැනෙනවා.

    ඒ කියන්නේ බොක්කටම වදින විදියට කතාව ලියල කියන එක යි.

    සුපිරියි විදානේ ...සුපිරියි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විභීෂන අගයකිරීමට.....

      Delete
  30. නියමයි විදානේ , කතාව ටික ටික අමුනලා අන්තිමේ අනගි මුතුපටක් අතට ලැබුනා වගෙයි කියවලා ඉවරවෙනකොට ආපු සංවේදනාව . මේ ගැන අපේ ඇස් යොමු කළ මාතේටත් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා "තිලක සිත" මේ **දානේට,
      මාතලන් දෙන සපොර්ට් එකනං බොහෙම අගෙයි.. අපි හැමෝටම..

      Delete
  31. පුංචි උන්ට මහා දේවල් තේරෙනවා බං

    ReplyDelete
    Replies
    1. නොතේරුං කමට කොහොහ හරි තේරුං ගන්නවා...

      Delete
  32. // “දැං තාත්තා දකුණු කකුලෙන් පැටල් එක ආපස්සට කරකවලා ඒ කකුලෙන්ම තද කරගන්නවා, මට තියෙන්නේ හැඬල් එක අල්ලං වම් පැත්තේ පැටල් එකට කකුල තියලා පොඩි ගැම්මක් අරං පොල්ල උඩින් වාඩිවෙන්න විතරයි.” // කතාවේ සියුම් තැන් ගැන වුනත් හරි අපුරුවට විස්තර කරලා තියෙනවා. සංවේදීව දැනුනු කතාවක්.

    ReplyDelete
  33. මට මේ කථාව අස්සෙ මගේ ජීවිතයට සම්බන්ධ පරණ කථා දෙකක් මතක් උනා.

    1 ඉස්සර අපි අලුත් අවුරුද්දට ඥාති නිවෙස් වලට ගියාම ඒ අයගෙන් සමුගෙන ආපසු නිවෙස බලා එද්දි වැද නමස්කාර කරන්න හරිම මනාපයි. ඒ නැන්දලා මාමලා මුදල් නෝට්ටුවක් දෙකක් අතේ තියෙන නිසා. ඒ කාලෙ මම ඉතින් ගොඩාක් සැලසුම් හදනවා ඒවා වියදම් කරන විදිය. නමුත් අම්මා මගෙත් මලයාගෙත් නෝට්ටු එකතු කරලා කැටේට දාපු එක තමයි කොලේ.

    2 මගේ පියාගේ මව ජීවතුන් අතර සිටිය අන්තිම කාලෙ 1996 සිදු වූ සිදුවීමක්. අපේ තාත්තා ඒ කාලෙ හැම සතියකටම එක ගානෙ මහජන සම්පත ටිකට් ගත්තා. දවසක් රූපවාහිනියෙ සජීවීව මේක නරඹබු වෙලාවෙ අග අංකයට ඉස්සරහින් තියෙන අංක දෙකම ගැලපිලා තිබුනා. අවසන් අංකය ගැලපුනාම රු 500 ක දිනුමක්. අපි දැන් ටිකට් එකේ අග අංකය දැන් දැන් එයි කියන බලාපොරොත්තුවෙන් තිරය දිහා බලාගෙන ඉන්නවා. මෙන්න බොලේ ඒ අංකයම ආවා. අපේ කෑහැල්ලි අස්සෙ තාත්තා අම්මට කිව්වා ටිකට් එකට තෑග්ගක් තියෙනවා කියලා. මේ කථාව ආච්චිට ඇහුනා.... // අනේ හොදා පුතේ මේ ගේ දොර තව වැඩි දියුණු කරගෙන ළමයි එක්ක සතුටින් ඉදින් කියලා උන්දැ කිව්වා //

    කථාව ඉස්තරම් විදානෙ...

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ගල් බෝතලෙයක් 375 යි.…

      බ්‍රෑන්ඩ් එක ගල්
      -ස්තුතියි -

      Delete
    2. ඇත්ත තමයි සිරා.. අපි හමෝගෙම පුංචි කාලේ ඔහොම තමයි..
      ඒ වගේම තමයි වයසට ගියාම ඒ මිනිස්සුත් පුංචිි ලමයි වගේ..
      ස්තුතියි සිරා අගය කිරීමට

      Delete
    3. එච්චර ගානක් වෙන් නෑ පත්තරේ...

      Delete
    4. පත්තරයා ගල් ගහපු මුල්ම කාලෙ ගාන ඔය කියලා තියෙන්නෙ...මූ මොන්ටිසෝරි ගිය කාලෙ ඉදන්ම ගල්මයි ගහලා තියෙන්නෙ.....

      Delete
  34. සංවේදී කතාවක්. ඔබේ හැකියාවට සුබ පතමි!

    ReplyDelete
  35. අඩො පට්ට ලිවිල්ල. උබේ පොස්ට් ඔක්කොම කියෙව්ව මචො.. තව ලියපන්. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ටික්කා මුලින්ම සාදරයෙන් පිළිගන්නවා මේ **දානේට....
      ස්තුතිවන්ත වෙනවා වටිනා කාලය ම්ඬගු කරන් මේ පෝස්ට් ටික කියෙව්වට.. සහ අගය කිරීමට

      Delete
  36. මේ අන්තිම වාක්‍යයෙන් කැරකිලා වැටෙන්න ඔලුවට පොල්ලෙන් ගහන කතා කියවන්න තමයි මමනම් ආසම... මේක කියවද්දී මට මතක් වුනේ අවුරුදු ගානකට කලින් මොනවා හරි ඔතාගෙන ආව පත්තර පිටුවක තිබිලා කියෙව්ව මේවගේ අන්තිම වාක්‍යයෙන් ෂොක් එකක් දෙන කතාවක්...

    එක තාත්තා කෙනෙක් බීලා මස් කෑල්ලක් අරන් ගෙදර ඇවිල්ලා අම්මට දෙනවා උයන්න කියලා... අම්මා පොඩි දරුවට මස්කෑල්ල තියෙන ඇතිළිය බලාගන්න කියලා කරපිංචාද කොහෙදෝ කඩන්න යනවා...දරුවට පොඩ්ඩක් අතපසුවෙන ටිකට ගෙදර බල්ලා මස් කෑල්ල අරන් දුවනවා... අම්මා ආපහු ඇවිල්ලා හොඳටම විස්සෝප වෙනවා දැන් තාත්තා හොඳටම බීලා ඉන්නේ, ගහන්න තියාගනී කියලා... අම්මට ගුටිකන්න වෙන එක ගැන සෑහෙන්න වෙලා කල්පනා කල දරුවා කියන අන්තිම වාක්‍යෙන් තමයි කතාව ඉවරවෙන්නේ... කොටකලිසම උස්සල දරුවා කියනවා "අම්මේ මගේ කකුලෙන් කෑල්ලක් කපලා උයන්න..." කියලා..

    දැන් විදානෙගේ මේ කතාවත් මට කවදාවත් අමතක වෙන එකක් නෑ...

    ReplyDelete
    Replies
    1. //"අම්මේ මගේ කකුලෙන් කෑල්ලක් කපලා උයන්න..." //
      මේ කොටස කියෙව්වම හිතට ලොකු බරක් දැනෙනවා.. ලොකේ කෙහේ හිටියත් පොඩි එවුන් හැමෝම එක වගෙයි..
      ස්තුතියි කථාව මතක තබාගන්නවාට...

      Delete
  37. 86 විතර කථාවක් කියලා පොඩි ඉඟියක් දීලා තියෙන්නේ මේක විදානේටම වෙච්ච දෙයක්වත්ද මන්දා, නැත්නම් මේවගේ දේවල් අදත් වෙන්න පුලුවන්නේ..
    කෙසේ වෙතත්, මාර රහයි විදානේ ලියලා තියෙන විදියනම්...
    ජයම වේවා...

    ReplyDelete
    Replies
    1. //86 විතර කථාවක් කියලා පොඩි ඉඟියක් දීලා තියෙන්නේ මේක විදානේටම වෙච්ච දෙයක්වත්ද මන්දා,//
      පොඩි එකාගේ කථා සීරීස් එක ලියන්නේ.. මගෙත් අද්දැකීම් එකතු කරල තමයි..
      ස්තුතියි chef-architect, අගයකිරීමට

      Delete
  38. පොඩ්ඩක් පරක්කුයි මචෝ. මම හිතාගෙන හිටියෙ කොල්ල කරන මොකක් හරි මිලදීගැනීමක් කියල. නමුත් අර බීට්ල් කිව්ව වගේ අන්තිම පේලිය පපුවට ගහන්නෙ.

    ReplyDelete
  39. නියමයි මචො.පොඩිවුන්ගෙ ලොකෙ කොච්චර ලොකුද?.

    ReplyDelete
    Replies
    1. ඇත්ත පොඩිඑවුන්ගේ ලෝකය කොච්චර ලොකුද???

      Delete
  40. බයිසිකල් ගමන නම් ඔය විදියටම අපිත් ගියා බන්... පොඩි උන් ගේ ලෝකේ මාර සුන්දරයි.. උඹේ කතාවත් ඒ වගේමයි... ගති

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා පැතුම්ව මේ ** දානේට...
      ඉස්සර අපේ ලොකුම හීනේ බයිසිකලක්....
      ස්තුතියි අගයකිරීමට...

      Delete
  41. විදානේ , ඇත්තමයි කතාව කියවලා අන්තිම ටික කියෙවේ අපරාදේ කියලා හිතුනා බං, අඬන්න බැරි නිසා ඔන්න් කමෙන්ට් එකක් දැම්මා . සුපිරියි බං , එච්චරයි .

    ReplyDelete
    Replies
    1. හිත රිදුනානං සමාවෙන්න ඕන.. ස්තුතියි අගය කිරීමට ඉවාන්.....

      Delete
  42. කතාව නම් සුපිරියි.. අවසානය ඔහොම වෙයි කියලනම් හිතුනෙම නෑ... හැම තැනම වෙනවා වගේ පොඩි එකා සල්ලි නැති කරගෙන කියල මටනම් හිතුනේ.. නැත්නම් තාත්ත අරගනී කියල...

    බයිසිකලේ ගැන නම් මටත් මතක් වුනේ අප්පච්චි එක්ක බඩු ගන්න පොලේ ගිය හැටි. මට හොඳට මතකයි මම පොල්ලේ ඉඳගෙන බඩු මල්ලත් ඇඟට හේත්තු කරන එන හැටි...

    ReplyDelete
  43. නියම කතාව ..... ටික දවසයි එන්න බැරි උනේ... මල දානේ තරු දානේ වෙලා ... ඒකත් මරු හැබැයි ...

    ReplyDelete
  44. හරිම සංවේදී ලස්සන කථාවක් .

    ReplyDelete
  45. නියම කතාව...අතීතෙට ගියා වගේ

    ReplyDelete
  46. නියම කතාව.මමත් පොලට ගියා.........

    ReplyDelete