Wednesday, July 23, 2014

මෙන්න කදිම අවස්ථාවක්.....

මිනිහෙක් මෙලොවට ජනිත වෙනකොටම දෙමව්පියෝ, නෑදෑයෝ, අහල පහල උදවිය, එකතුවෙලා මෑන්ට හොඳ නමක් දානවා.. නිකං කාලේ හැටියට නැගලයන නමක්.. හැබැයි මේ නම දාන එකත් ලේසි පාසු කාරියක් නෙවෙයි.. මුලින්ම උපන් වෙලාවට අනුව හිරු, සඳු, තරු පවතින තුරු.. බලලා.. දොලොස් මහා රාශියන් ගෙන් මොකාද ගිලගෙන ඉන්නෙ කියල බලල. ඕං අකුරු අටක් දහයක් පටලෝල. ඝණ එහෙම පිහිටෝල.. අර්ථාන්විත නමක් තියනවා.. අපි නිකං උදාහරණෙකට ගනිමු චාමර කියල.. ආයේ ඉතිං දෙකක් නෑ, මද පවන වගේ පාවෙලා යන සුපිරිම නම... දැං නං ඉතිං අහුබුදු, බුදු වන්න කියලා ඒ කරදරේත් නෑ...

තව දෙයක් ඔය ගෙදර දොරේ ඇති කරන සුරතල් සතුන්ට එක එක ආකරයේ නං විතරක් නෙවෙයි වාසගම් එහෙමත් තියනවා.. මෙව්වට ඔය ඝණ පිහිටවිලි එහෙම බලන් නෑ.. මූණ බැලුවා ලස්සනයි කියල හිතෙන නමක් දැම්මා.. ඔය ගෑන් ළමයි බොහෝම ආදරෙන් හදා ගන්න පූස් දන්ඩන්ට කිටී, මිකී, රයිනී, බ්ලැකී,... යනදී වශයෙන් නං දානකොට බල්ලන්ට එහෙම ලැසී, රොබින්, ටොමී, වයිටා, ස්නොවි, පැටී, පත්තරයා .. වගේ නං ගං බාවිතා කරනවා.. හැබැයි විදානේගේ නං ගෙදරට බැහැවැටිලා හිටපු බල්ලටයි, බැල්ලිටයි දාපු නං තමයි "විල්බට්" සහ "කල්පනී" කියන්නේ..

පොඩි පොඩි සංයෝග මූලද්‍රව්‍ය හෙම හොයාගත්තම එක එක විද්‍යාත්මක ගොයියලා ඒව්වට පිළිගත්ත නමක් හදල දෙනවා.. ඒකට කියන්නේ IUPAC (International Union of Pure and Applied Chemistry) නාමකරණය කියලා. මේ නාමකරණය ගැන උ/පෙ කරන කාලේ දත කට පූට්ටු කොරන් පාඩං කරත් අද වෙනකොට මතක තියෙන්නේ C2H5-OH වලට Ethanol කියනව විතරයි. (මේ නාමකරනය ගැන දන්න කට්ටිය නොදන්න කට්ටියට පැහැදිලි කොරොත් වටී)..

ගමක තියෙන විශේෂත්වයක් ගැන හිතලා ඒ ගමට නමක් දානවා.. ඔය කොළ පිරිනු අඹ ගහක් තිබුණු ප්‍රෙද්ශයකට "කොළඹ" කියල නම හැදුනා.. ගම් පහක් එකතු වෙලා ප්‍රෙද්ශකට "ගම්පහ" කියල හැදුනා.. ඒ විතරැක්යැ පස් දුන් කෝරලේට නම දුන්න හැටි  අපේ විපක්ෂ නායක තුමා අපූරුවට විග්‍රහ කොරල තිබුනේ..



හරි දැං ඔය කියන විදියට ගොඩක් දේවල් වලට නමක් තියනකොට මොනවහරි පොඩි පොඩි තියරි ටිකක් දාල බලනවා..

හැබැයි... බ්ලොග් එකකට නමක් තියන කොටත් එහෙමද?
 
මට එහෙම හිතුනේ පහුගිය සති දෙක තුනේ අපේ ගෙදර ඇතිවෙච්ච කසු කුසු කීපයක් හින්දා..

මොනවද අර පුතා අර නමක් දාලා තියෙන්නේ මළදානේ කියලා, ඒක මොන මුස්පේන්තු නමක් ද දවස තිස්සෙම ඕක දාගත්ත ගමන්මයි, ගෙදරටත් හොඳනෑ... ඔය ලියන එකක් බලන්න පුළුවන් නමක් දාගෙන ලියන්න කියන්න..

ඔය මගේ නැන්දම්මා මගේ බිරින්දැත් එක්ක කියපු කථාවක්..

පුතා මොනවද මේ කරන වැඩ, ඔයා දැං පොඩි එකෙක් නෙවෙයිනේ.. මොකක්ද අර මළදානයක් ද මොකක්ද කියලා ඉන්ටනෙට් එකේ මගුලක් කරන්නේ.. ඕක වෙනස් කරගන්න, ඔය වචනේ කියවන කියවන වාරයක් ගානේ කියවන අයටත් හොඳනෑ. ඔයාටත් හොදනෑ..

ඒ අපේ අම්මා, නැන්දම්මයි බිරින්දැයි කියපු දේවල් අහල මේක කියවලා දීපු සැටිපිකට් එක..

ඔයාට පිස්සුද අනේ.. මොකක්ද මේ දාල තියන නම.. දාන්න වෙන නමක් තිබුනෙම නැද්ද?.. අඩුම ගානේ තැනකට ගිහිං කියන්න පුළුවන් නමක්ද? අපේ ඔෆිස් එකේ අය දැගත්තොත් මොනව නොහිතයිද ඔයාගැන.. ඕකේ නම වෙනස් කරගන්වකෝ.. ඕක මහ මූසල නමක්...

ඔය තමයි බිරින්දෑගෙන් නිතර නිතර ලැබෙන වෝර්නිං..

දැං ඉතිං මේ උන්දෑ දවස ගානේ ගිහිං එහෙ මෙහ පෙරලල බලනවා මේක වෙනස් කරන්න තැනක් තියෙයි ද කියලා.. පුහ් මං කියාදෙයි ඒවා...

මේ මගේ ඉවසීමනං දැං රතු කට්ටත් පැනලයි තියෙන්නේ.. මේ මළදානේවෙනස් කරගන්නවද.. නැත්නං මේ මගුල උස්සල පොලොවේ ගහන්නද?

ඒ තමයි කියල කියල බැරිම තැන බිරින්දෑ අවිත් බොහෝම ආදරෙන් මං අමතපු විදිය..

දැං මට තියන පස්නේ මළදානේකියන්නේ එච්චරම නරක භයානක, මූසල නමක්ද කියන එකයි.... මේ නම වෙනස් කරන්න මගේ හිතේ වාටියකවත් අදහසක් නම් නෑ ඕං.... ඒත් මාත් ඉතිං බිරිඳට ගෞරව කරනවනේ (අර පත්තරයා වගේ).  ඇත්තටම මේ නම වෙනස් කලොත්.. දාන්න වෙන නමක් තියෙද? මං මේ කෘතහස්ථ බ්ලොග් රචක/රචිකා, පාඨක/පාඨිකා සැමගෙන් මේ අහන්නේ... 

කොටින්ම කිව්වොත් නැද්ද වෙන හොඳ නමක්..... 



131 comments:

  1. ඒක හරි වැඩක් නෙ බොලව්..
    මං නං කියන්නෙ මේ නම හොඳා කියල..

    ReplyDelete
    Replies
    1. බලමු මේක තව කොච්චර කලක් පවතීද කියලා..

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. විදානේ නෝනා සැරයි නේ..එහෙනම් චූට්ටක් දුරට ගිහින් කියන්නම්..
      මළදානේ නම් ටිකක් මුස්පේන්තු නමක් තමයි හරිය..ඒත් ඉතින් අර කට්ටිය කියනවනේ නම් දාන්න ඕන අයිතිකාරයගේ නමත් එක්ක ගණ ගලපලය කියලා..මේක ජනප්‍රිය වුණේ විදානෙගේ නමත් එක්ක ගණ ගැලපෙනවද දන්නෙ නෑ නේ (කරුමෙකටවත්..) මං ඉවරෝ!!

      Delete
    2. ෂැහ් නොදැනුවත්වම ගණ ගැලපුනත් දන්නෑ .....(කරුමෙටවත්) ඒකත් හොයල බලන්නංකෝ......

      Delete
  3. සීවලී දානේ කියල දාන්න, නැන්දම්මා සතුටු වෙයි!

    ReplyDelete
    Replies
    1. කන්ඩ බොන්ඩ පිරෙන්න හම්බෙයි එතකොට.... කියල බලන්න ඕන..

      Delete
  4. විදානේගේ දලමානේ...
    =D

    ReplyDelete
    Replies
    1. බුහ් හඃ හඃ හා... හොදයි ඇනෝ සලකල බලමු...

      Delete
  5. ලඟදී ඉපලා ඇහෙන තවත් වචනයක් තමයි- වරදානය

    ReplyDelete
    Replies
    1. "විදානේගේ වරදානය" නරකම නෑ බලමු බලමු.. මේක දැම්මොත් වරදාන වරප්‍රසාද ලැබෙයි නේ...

      Delete
  6. මේක කොහෙමද, විදානේ ගේ කොරොස් කටේ අත දානය!

    ReplyDelete
    Replies
    1. නරකම නෑ...
      "හුබස් කටේ අත දානය!" ඩී:

      Delete
  7. විශානේ ගේ සංධානේ වගේ නමක්..

    නොනා කෙසේ වෙතත්. අම්මයි නැන්දම්මයි නම් අනිවාර්යයෙන් කැමති වෙනවා. මොකෝ ඔය බවලත් උදවිය. මහින්ද මහත්තයට මාර මනාපයි. මේක දැකලා ඒ දෙන්නගෙන් උඹට කන්න වෙයි කියලා හිතෙනවා නම් මකලා දාහන්.

    ReplyDelete
    Replies
    1. අන්න අර උදිතයට මේ කමෙන්ට් එක කවුරු හරි පෙන්නහල්ල.

      Delete
    2. @ මාතලන්,
      රතු පාට සාටක කෑල්ලකුත් පැත්තකින් එල්ලන්න වෙයි....

      @ ඉන්දික
      ලින්ක් එකක් වත් තිබ්බනං අගක් මුලක් හොයාගනන තිබ්බා...

      Delete
    3. විදානේගේ දානේ කරමු !!

      ටික දොහකිං විදානේගෙ ල දානේ කරමු !!

      ආයෙ ටික දවසක් යන්න ඇරල විදානේගේ මල දානේ කරමු … !!

      අතෙන් සතේ - රුපියලෙං රුපියල :D

      Delete
    4. සතෙන් සතේ කොහෙද පුතේ....

      Delete
  8. විදානේගෙ දානේ කියල දාහන්. වැඩේ අහවරයි. මලත් නෑ, මල පැනිලිත් නෑ.

    ReplyDelete
    Replies
    1. "විදානේගේ දානේ" සරලයි, සුමටයි.. බලමු...

      Delete
    2. ඇයි මෙහෙම හොද නැත්ද???

      මල විදානේගේ දානේ..................

      Delete
    3. චැහ්. මෙතන වැටෙන්න ඕනැ එක උඩ එකේ වැටිලනෙ බං.

      Delete
    4. හරි තැනට දාගන්න බැරි තරන් පත්තරේ දුර්වල වෙලාද?

      Delete
    5. චැහ්.… මෝඩයා තමා. ඒව තිතට කරල ඇති :D

      Delete
    6. @ කුරුටු, යකෝ එතකොට මං මැරිලද

      @ පත්තරේ, මොනාද බං සැන්ඩි මදි උනාද?

      Delete
  9. අයියො නම මොකක්ද බන් උබ ලියන එවත් කියවන අපිට.ඔන්නම් දාමු පත්තරලුෂා කියල .නැගල යයි.(එත් මම කල්පනා කලා මට මෙ වගතුවක් නැත්තෙ මොකද කියල )

    ReplyDelete
    Replies
    1. /(එත් මම කල්පනා කලා මට මෙ වගතුවක් නැත්තෙ මොකද කියල )/
      ගණ ගැලපෙනවද බැළුවද?...නැත්තනං බලවගන්න.. (වගතුවක් වෙන්න නං මාසෙට දෙකක් වත් ලියන්න ඕන ගොයියෝ)

      Delete
    2. ආං හරි… පත්‍තර කෑල්ලක් දැම්මනං බ්ලොගට කිරි උතුරනවා . ඔය ලූෂා කෑලි ඕන් නෑ. චැහ් උනුත් මිනිස්සුද බං !!!

      Delete
    3. @ පත්තරේ, ඒකනේ මං උඹේ ලින්ක් එකක් පින්තූරෙත් එක්ක මේකේ එල්ලගෙන ඉන්නේ...

      Delete
  10. නැන්දම්මටයි වයිපරෙටයි බොගියක් පටන් ගන්න මාතලන් ගෙ පාඩම් ටික සැට් කරලා වැඩේ පටන් ගන්න කියහන්..නැත්නම් අර ත්‍රිවිල් වල වගේ අතහිත නැන්දම්මා+වයිපරේ කියලා ලොකුවට ගහපන් බලන වෙලාවට පේන්න මලදානේ වැහෙන්න

    විදාන ගේ බර බාගේ කියලා දාහන් ඉවරනේ ,

    ReplyDelete
    Replies
    1. "විදානේගේ බරබාගේ" උඹ මාව කන්නද හදන්නේ.. බර බාගේ.. දුප්

      Delete
  11. මලදානේ කිව්වම නිකං තමන් එක්කම තරහෙන් ලියන එකක් වගේ නේද.මට මුලින්ම හිතුනෙ එහෙමයි.විදානේගේ බ්ලොග්දානේ කිව්වොත් මොකද?

    ReplyDelete
    Replies
    1. ඊට හොඳ නැද්ද හැලපයියේ මේ මගුල වහල දැම්මනං … ඈ

      Delete
    2. @ හැලප අයියා, ඇත්ත තමයි දන්න කියන කීපදෙනෙක් ඔය කථාව කිව්වා, බ්ලොග්දානේ කිය එකත් සලකල බලන්නං...

      @ පත්තරේ, ඇත්ත තමයි බං මේක වහල දැම්මනං හරි.. දැං යතුර හොයාගන්න බැරුවයි ඉන්නේ...

      Delete
  12. පොඩී වෙනසක් කොරලා "දාන මාළේ "කියලා දාපං බං

    ReplyDelete
    Replies
    1. විදානේගේ දාන මාලේ... ඒකත් හොඳයි.. බලමු බලමු

      Delete
  13. මේකට හොදයි උර චක්කරේ වගේ නමක්.... නේද ...?

    ReplyDelete
    Replies
    1. ඒ නමත් හොඳයි, ඔයාගේ හස්බන් ඔයාට කථා කරන්නේ එහෙම නේද

      Delete
  14. මලධානේ ඝේ විධානේ

    ReplyDelete
    Replies
    1. ඒකත් සලකල බලන්න වටින නමක් තමයි.. බලමු විචාරක තුමා..

      Delete
  15. "විදානෙගේ බලු කපුටු දානය" වගේ? නෑහ්... ඒක හරියන්නෙත් නෑ. "විදාන වින්දන", "විදානෙගේ මිනුම් පාටිය", ඔන්න නම් දෙකක්. එක්කො ඔන්න ඔහේ තිබුන එකම තිබුනාවෙ.

    ReplyDelete
    Replies
    1. තියන එක තියන්න තමයි, ට්‍රයි කරන්නේ කොහේද ඉතින්.. අනිත් නං ටික ගැනත් සලකල බලන්නං එතකොට..

      Delete
  16. අඩේ පත්තරයෝ, මෙහෙ වර. මේක පුරා බොට නෙලලා. කොටින්ම විදානය බල්ලොන්ටත් නම දාලා.

    ReplyDelete
    Replies
    1. අඩෝව්!!!! කවුද ඩෝ අපේ පත්තරයට පාට් දාන්නෙ?. (සද්දෙ ඇතිනෙ මචෝ!) :D

      Delete
    2. මේක විදානයට නම වෙනස් කරන්න උවමනාවට ලියපු එකක් නෙමෙයි පත්තරේ ගැනිට බයයි කියන්න කරපු වැඞක්.

      Delete
    3. කවුද ඩෝ ගෑණිට බය ඈ ?? ඒක ඇවිල්ල අන්‍යෝන්‍ය අවබෝධය .. සංහිඳියාව… සමානාත්මතාව… බලය විමද්‍යගත කිරීම … ප්‍රජාතන්ත්‍රවාදය… මෑණියන්ගෙ වස්තරේ .… :D

      Delete
    4. ඇයි බවුමික අකන්ඩතාවය??

      Delete
    5. හප්පා..ප්‍රියාගෙ ඇඟේ සයිස් එකත් එක්ක බලපුවනම් ඒ සද්දෙ ඇති. අලියෙක් කුංචනාද කලා වගේ!!

      Delete
    6. ඇවිලෙන ගින්නට පිදුරුදාන්න එපා මනොෂ්..

      @ ප්‍රියා. මටත් හොයාගන්න ඕන මොකාද කියල

      @ මෙන්ඩියා, පිස්සු කෙලින්න එපා ගොයියෝ...

      @ පත්තරේ, උඔ කියන එක ඇත්ත බං (බොහෝම දුකෙන්)

      Delete
  17. විදානේගෙ මිනුම් දණ්ඩ........
    විදානෙගෙ මැනිල්ල ...........
    විදානෙගෙ පුෂ්පය...............
    විදානෙගෙ සමීක්ෂණය.........
    විදානෙගෙ වෙඩිම ..............
    විදානෙගෙ මගුල................

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ නං ... ඕන මගුලක්.. මේ ටිකත් සලකල බලන්න ඕන....

      Delete
  18. නැන්දම්මා හින්දනේ උබට නම වෙනස් කොරන්න වෙන්නේ. ඒ නිසා "නැන්දම්මා හින්දානේ" කියල දාපිය.

    -මාෂ්

    ReplyDelete
    Replies
    1. එතකොට එයා උඩඟු වෙයිද දන්නෑ...
      හැබැයි ලස්සන නම.. බලමු මොකක්ද කරන්න පුළුවන් කියලා

      Delete
  19. උඹ මේ වැඩේට අපිට ගෙවන්නෙ රුපියල් වලින්ද ඩොලර් වලින්ද කියපන් ඉස්සෙල්ලම… :)

    හරි මොක උනත් දාමුද අපි "විදානෙගේ ශ්‍රමදානය" කියලා, ඒක පැටලෙනවා වගේනම් දාමු "විදානෙගේ සෙම දානය" කියලා. අහවරයි නොවැ.

    හරි හරි… උඹට ගැලපෙන නම හොයලා දුන්නට මට ඔච්චර ස්තූති කරන්න ඕන්නෑ බං. අපි අපිනෙ. ඔන්න ඔහේ බුලත් කොලේක තියලා හිත සතුටෙන් කීයක් හරි දියන්,,,, :D :D

    ReplyDelete
    Replies
    1. කීය හරි මට දියං … උඹ බුලත් කොලේ ගං :D

      Delete
    2. ඔය කියන විදියට "විදානේගේ බොගදානේ" කියන එකත් හොඳයි වගේ...
      නෑ මං ගෙවන්නේ පවුම් වලින්.. උඹලට දෙන්න සල්ලි නං තියනවා, හැබැයි බුලත් කොලයක් තමයි හොයාගන්න අමාරු...

      @ පත්තරේ.. බුලත් කොල ලඟ තියාගන්න එක එච්චර හොඳ නෑ මේ දවස් වල

      Delete
  20. උබට කට්ටිය ගෙන්න ගන්න ඕනනම් බ්ලොගට නම දාපන් "එකෙක් එන්න එපා" කියලා .... එතකොට අපේ කට්ටිය හෝගාලා ඒවි

    ReplyDelete
    Replies
    1. විදානේ ගේ බලුප් කඩේ හොඳා නේ ??

      බිස්නස් එකට අල්ලල යනවනේ බං . ඈ !!!

      Delete
    2. මෙතැන කුණු දාන්න එපා කිව්ව වගේ.. නෙහ්..

      @ පත්තරේ, විදානේගේ බලුප් කඩේ.. මොනව උනත් බිස්නස් එකයි මේකයි පටලවගන්න මං කැමති නෑ..

      @ ප්‍රියා, දුප් දුප්

      Delete
  21. විදානේගේ හතරමායිම කියලා දාපං.... එකේ විදානේගේ කියන කෑල්ල පොඩියට දාපං....

    ReplyDelete
    Replies
    1. උඔ වෙඞිමක් කථා කරනවා අන්න අරහේ යාලුවට මඞ ගහනවා.

      Delete
    2. ඌරොන්ට මඩ ගහන්නේ කවුද බං

      Delete
    3. පල ඇති රුකටනෙ ගල් ගන්නෙ බොලව්.. චැහ්.

      මගේ ආත්ම විශ්වාසය එන්න එන්න උග්‍ර වෙනවා .… හිටපියව්කො මාත් බ්ලොගක් ලියලා කෙලින්ඩ තොපිට … මාත් පටංගන්නවා ඇනෝනිමස් වගේ බ්ලොග් එකක් . ඕ යේස් !!!!

      Delete
    4. ඌරන්ට මොන සෞක්කියද කියලා කිව්වලු........... නැද්ද ඉවා..................

      Delete
    5. තොපි දෙන්නා තාම මරාගත්තෙ නැද්ද යකෝ....

      Delete
    6. @ ඉවාන්, ඒකනං අර්ථ පූර්ණ නමක්.. බට් මචං ඒ නමට හරියන්න පෝස්ට් ලියන්නත් ඕන නේද?

      @ මෙන්ඩි, කවුද අපපප් පා කාටද මඩ ගහන්නේ..

      @ පත්තරේ, සත්තරනේ ලියන්නනං හිතන්නවත් එපා

      @ මැලේ, එතකොට කවුද ඌරා??? පත්තරේද?

      @ සිරා, කටින් බතලකොල කියන්නේ මෙව්වට තමයි..

      Delete
  22. රොබින්, ටොමී, වයිටා, ස්නොවි, පැටී, පත්තරයා .. /////
    ඇයි යකෝ මේ අහක බන්න පත්තරයව බල්ලො ගොඩට දාල...
    හුකැස්....

    ReplyDelete
    Replies
    1. මගෙ ගෑණි ඇරුනම මට බල්ල කියපු එකම එකා මූ … මං මේව ලේසියෙං අරින් නෑ මචෝ. ඕ යේස් .

      Delete
    2. @ මහෙෂ්, මට දැවන්ත වැරදීමක් වෙලා.... ඒ නිසා මං සමස්ථ බලු සමාජයෙන්ම සමාව ගන්නවා උන්ගේ නං එක්ක පත්තරයා කියල වැටුනු එකට....

      @ ඒ කියන්නේ උඹේ වයිෆ් ඩිංගක් හරි උඔට ගරු කරණවා..

      Delete
  23. මේ ඒ කියන්නෙ උඹත් වයිෆරේට බයයි නේ. ශැක් ලැජ්ජයි බොල චික්… චික්.… උඹ මචෝ මෙහෙම කරපන්. වයිෆ් ඔය කෑ ගහන වෙලාවට "මොන මළදානයක් උනත් මට මගෙ මළදානෙ වටිනවා ඕඕඕයි!!!" කියලා බැනපන්.

    මචන් අළවියෙන් පසු සේවා සපයන්නැති නිසා මම උපදෙස් විතරයි දෙන්නෙ, පස්සෙ වෙන අතුරු අන්ත‍රා වලට වග කියන්නෑ. උඹ හොස්පිටල් ඇඩ්මිට් උනාම කෝල් එකක් දියන් ඇපල් ගෙඩි දෙකක් අරන් එන්නම් බලන්න.

    (උඹේ වයිෆ් සිරාවටම් බ්ලොග බලනවා නම්, දෙයියනේ කියන මළදානෙක වඳින්නම්, මේක මකපන් හොදේ.)

    ප. ලි. ~ වෙලාවට මයෙ ගෑණි බ්ලොග් කියවන්නැත්තෙ. නැත්නම් මම කාලත් ඉවරයි. :D :D

    ReplyDelete
    Replies
    1. බය නෑ බං, ඒ උනාට පත්තරයා කියනවා වගේ ගරු කරනවා...
      ගේනවානං බේත් නොහගපු ඇපල් ගෙනෙන්, මිදි පාර්සලේකුයි, දොඩං ගෙඩි දහයකුයි එක්ක.. පුළුවන්නං ප්ලාස්ටික් බෝතලේකට දාල ගල් බාගෙකුත් ගෙනෙන්....

      වයිෆ් ට පෙන්නුවා...

      Delete
  24. එපා එපා එපා එපා උබට ඔය නමත් එක්ක ලොකු ගැමමක් තියනවා.
    පත්තර මල්ලි මම ගැනිට බය නේමේ තියෙන්නේ භිතිකාවක් මඞ ගහන්න එපා.

    ReplyDelete
    Replies
    1. හා උඹ බය නෑ නේ… මාත් බය නෑ … අරක්කු ඩිංගක් බොන්නෙ කෑම දිරවන්න :D නැතුව පුරුස සත්තිය ගන්න එහෙම නෙමෙයි.. මගෙ නෑනෙ ඔය බොරු කිවිලි :D

      Delete
    2. @ මෙන්ඩියා, ගැම්මනං නැතිවේගෙන යන්නේ.. බලමු.. පත්තරයා එහෙම නෑ...

      @ පත්තර, ඇත්ත නේන්නං අරක්කු කොච්චර බ්ව්වත් නේ...

      Delete
  25. //""නං දානකොට බල්ලන්ට එහෙම ලැසී, රොබින්, ටොමී, වයිටා, ස්නොවි, පැටී, පත්තරයා .. වගේ නං ගං බාවිතා කරනවා..""// ඔන්න ඕවට තමා කියන්නේ මසුරං කියුම් කියලා .. විදානේට තව නැන්දම්මා කෙනෙකුයි භාර්යාවකුයි ලැබෙන්න ඕන මේ කල පිනෙන්

    ReplyDelete
    Replies
    1. ඕකට බාරියාවො හතක් ලැබියං හතක්.… නැන්දම්මල ත් හතක් ලැබියං ..
      බලමුකො කොරන් හැටි ඊට පස්සෙ .. බ්ලොග් ලියන්න නෙමෙයි කොමන්ට් එකක් හරි ඊට පස්සෙ දාල තිබුනොත් කණ කපනවා මගේ කණ. ඕ යේස් !!!

      Delete
    2. දහයක් දාමුද මචෝ රවුං ගානක් වෙන්ඩ !!!!

      Delete
    3. @ ඉවාන්, මං බල්ලන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත්තා ඔය නමත් එතෙන්ට වැටුනු එකට.. තව භාර්යාවක් නං එපා ගොයියෝ...

      @ හතක්, හිතුවේ මං අරාබියේ කියලද?

      @ පත්තර, එකෙනුත් බැරිකොට දහයක් හිටියොත් හුස්මගන්නවත් බැරිවෙයි..

      Delete
  26. අපේ යෝජනාව

    විදානේ සහෘදයාගේ ‘‘පුෂ්ප‘‘දානය

    හා හොද නැත්ද????? පුෂ්පාදානේ කියන්නේ හොද නමක්නේ. ඉතින් නැන්දම්මත් ෂේප්.. නෝනත් ෂේප්.... විදානෙත් ෂේප්.... අපිත් ෂේ්ප්......................

    ReplyDelete
    Replies
    1. මූ මල් දානයක් දෙනවද? හෑ. තණමල්විල ඒවා වෙන්ටැ. :D

      ('ණ' යන්න හ‍රි ඇතිනේද බොලවු. ;D)

      Delete
    2. කොයි තනත් මල් වගේ තමා බොලවු.. ඕනැ නයන්නක් කාරි නෑ . හැබැයි මෝරපුව ඔට්ටු නෑ,.

      Delete
    3. @ කරුටු, පුස්ප දානේ මාත් හිතුව බලමු බලමු...

      @ ප්‍රියා, තනමල්විල ඒවට බොහෝත් කැමතියි, ලපටි ඇපල් උඹට අඩු ඔච්චරද?

      @ පත්තර හරි බං

      Delete
  27. විදානේගේ තැබෑරුම කියල දාන්න.එතකොට නැන්දම්මයි නෝනයි තියෙන නමම දාගන්න කියාවි:).විදානේ ගේ විමානේ හොදයිද

    ReplyDelete
    Replies
    1. ආං ඒ නම නං සෝක් .… සිරියාවයි ඇහෙනකොටත්. !!

      Delete
    2. තැබෑරූම වෙන්ටෑ පත්තරෙ ;))

      Delete
    3. ආයෙ මක්කද සහෝදර.. ඊට හොඳ තැනක් ලොවෙත් නෑ :D

      Delete
    4. අම්මෝ "විදානේගේ තැබෑරුම" කොච්චර සුන්දර නමක්ද වැහිලිහිණි, හැබැයි ඒ නමට අගෞරව කරන්න මම කැමති නෑ..

      @ පත්තර & සහෝ . තැබෑරුමනං ඉතිං දේවාලයක් වගේ පූජනීයයි

      Delete
    5. 1න්ම එකගයි තැබෑරැමට.

      Delete
  28. උඹ මං කියනවට දාපං විදානේගේ ඉස්පෙයා වීල් එක කියලා…
    එක්කො දෙයියන්ට වාගෙ සලකයි .. නැත්‍තං නැන්දම්මයි ගෑණියි ගෙදරිං යයි.. ඕ යේස්.

    ReplyDelete
    Replies
    1. දාලා අපිටත් කියපන් ප්‍රථිපලේ :D

      Delete
    2. පත්තර, හා දාල බලමුකෝ.. යයිද කියල

      @ ප්‍රියා, හා කෝ

      Delete
  29. විදානේගේ මල් දානේ කියල දාගන්න එකයි.
    හැබැයි ඉතිං මළ දානේ තරං වෙන එකක්වත් ගැලපෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ප්‍රසන්න අයියා මට දුක ඒක තරං මුකුත් ගැලපෙන්නේ නෑ...

      Delete
  30. විදානේ(නෝනේ) ගේ ලැමදානෙ..

    ReplyDelete
  31. හෙහ්..හෙහ්.. මාත් අපේ බල්ලගෙ නම වෙනස් කොරනව "පත්තරයා" කියල පූසට දානව "පවු - ලූශා) කියල.... මුන්දෙන්නත් දැක්ක තැන මරාගන්නවනෙ...

    ReplyDelete
    Replies
    1. ඕං පූසට පවුලූෂා කියල දැම්මොත් ඌ මීයො අල්ලන එකක් නෑ … උඹට කියයි මචෝ මට මීයෙක් අල්ලල දියං කන්ඩ කියලා :D

      Delete
    2. @ එක්ස් පොටර් = අන්න හරි පූසට කෙසේ වෙතත් බල්ලට දැම්මනං හරි..

      @ පත්තර, මීයන්ට කරදරයක් නොකර අජන්තට බාරදෙයි...

      Delete
  32. මේක ඉතින් වෙන කවුරු හරි කිවුවනම් ඔන්න ඔහේ නම වෙනස් නොකර ඉදහන් වත් කියන්න තිබුනා.. ගෙදරින්ම බර බරේ නම් ඉතින් ඕන මළදානයක් කර ගනින් කියලා තමයි කියන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මටත් හිතිල තියෙන්නේ ඕන මළදානයක් කියල අතහැරල දාන්න..

      Delete
  33. විදානෙ කියන කෑල්ලත් අහක් කොරලා අපි මේකට දාමු විදානෙගෙ පවුල් සංස්ථාව කියලා...නැගලා යයි.

    ReplyDelete
    Replies
    1. ඒත් මං විතරයිනේ මේක රන් කරන්නේ

      Delete
    2. එහෙනං මොන මගුලටද බං එක එකා කිව්වා කියලා නම් වෙනස් කරන්නෙ.

      Delete
  34. හප්පේ නමක් හොයා ගන්න ප්‍රශ්නේ මටත් තිබුනා...

    ම්... මළදානේ කියන නම වෙනස් කරන්න හිතපු එක නම් හොඳයි...

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ ඔයාල වගේ උදවිය මෙව්වට කැමති නෑනේ...

      Delete
  35. මචං විදානේ, නමෙන් පුලුවන්ද බං මිනිහෙක් මනින්න. අහල ඇතිනේ.... පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා සිංදුව. කවුරු මොනව කීවත් විදානේගේ මළදානේ කියන්නෙ උඹ හදාගත්තු අනන්‍යතාවය, නම.
    හැකිනම් නැන්දම්මලටයි ප්‍රිය බිරිඳටයි නාම සිද්ධි ජාතකය කියවල දීල බලන්න. මෙන්න ලිංකුව.

    නාම සිධි ජාතකය

    බැරිවෙලාවත් අර ඔයාගේ හිතේ වාටිය පැන්නොත් "විදානේගේ නිධානේ" කියන නමත් සලකල බලන්නකෝ.

    ReplyDelete
    Replies
    1. තව එකක් " රූපං ජීරති මජ්ජානං නාම ගොත්තං නජීරතී" එතකොට හොදට දිරන්නැති නමක් තියෙන්න ඕන කියල තමයි ඒ උදවිය කියන්නේ, නිධානෙත් හොඳයි බලමු

      Delete
  36. විදානෙ පොඩි හෙලුප් එකක් ඕනෙ.උඹල ඔය පාවිච්චි කරන ටෙලස්කෝප් එකෙන් කොච්චර දුර බලන්න පුළුවන්ද? තරු බලන්න ඕකක් හරියන්නෙ නැද්ද ? ^_^

    ReplyDelete
    Replies
    1. දුර බලන්න පුළුවන්, තරු බලන්න පුළුවන් හැබැයි ගොඩක් විස්තර හොයන්න නම් බෑ... Sun Observation, Star Observation කියල පරීක්ෂණ දෙකක් පවා තියනවා,
      හැබැයි ඒවා නිරීක්ෂණයට නම් දුරේකෂයක් තිබ්බනං හොඳයි

      Delete
    2. hmm. එලz ,, එහෙනං හරියන්නෙ නෑ, :/ එකක් උස්සන්න බැළුවෙ, ^_^

      Delete
  37. මචං ඔතන ඇත්තට ම මූසල ඇත්තේ මළදානේ කියන එක නෙමෙයි අනික් කෑල්ල ද දන්නෑ... නැන්දම්මාගෙන් ටිකක් අහලා බලන්න වෙයි... කෙලින් ම ඒක කියන්න බැරුවට ඔහොම කියන්න ඇති...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එහෙම වෙන්න පුළුවන් , අනේ මගෙ කට

      Delete
  38. විදානගේ මළදානේ නොවේ....කියලා දාපන්.

    ReplyDelete
    Replies
    1. අන්න හරි ඒකනෙවෙයි වෙන එකක්.......

      Delete
  39. දැන් බොලන් නමක් හොයාගත්තද???

    ReplyDelete
  40. ඕකට දාමු..... 'වි..මා..නේ'..... කියල.... මතකනෙ මල්දෙනියෙ සිමියොන්..

    හර්ෂ

    ReplyDelete
    Replies
    1. ඒකත් හොදයි බලමු.. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා....

      Delete
  41. අදේ මං දන් නෑ බං ....

    :D

    ReplyDelete
    Replies
    1. මාත් දන්නෑ බං..ඩී...

      Delete
  42. මේකේ අවුලක් නම් පෙන්නේ නෑ, ඔය තියෙන්නේ සෝක් එකට :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ මාත් කියන්නේ සෝක් එකට තියන එකටනේ මේ කෙලවන්න් හදන්නේ

      Delete
  43. සැක්. ඇත්තටම මොකක්ද බං උඹ ඔය දාගෙන තියෙන අසුබ නම? ඒ මිනිස්සු කියන කතාව ඇත්තනේ. මම කියන්නම් වැඩක්.
    උඹ දාපං ඕකට "විදානෙගේ තුම්මාසේ දානේ" කියලා. එතකොට අගුණ අඩුයි අනිවා.
    ඊටත් වඩා අගුණේ බස්සගන්න නම් දාපං "විදානෙගේ අවුරුද්දේ දානේ" කියලා.
    :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ දෙකම දාන්න හිතයි බලමු හෙන්රි.. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා එකෙන්ම..

      Delete
  44. 70 dasakaye ape game hitiya honada yaluwo dennek,denna paksha deke (slfp-unp)bonnethekatamai,dennage Ballanta nam dalathibune Bandaranayaka-senanayaka.hebei medenna kawadawath tharahawela namne,Ballodenna hemadama kaagannawa.(Asoka)

    ReplyDelete
    Replies
    1. ඔය සීන් එක අපේ පැත්තෙත් තිබ්බා.. හැබැයි ඡන්ද කාලේ මිනිස්සු වලි දාගත්තා..

      Delete
  45. විදානේගේ මල්දානේ කියලා දාන්න.

    ReplyDelete
    Replies
    1. ඒකත් හොදයි මකසි.. බලමු

      Delete