Wednesday, March 9, 2016

පෙරලෙන රිය සක...

අවුරුදු පහක් තිස්සෙම පාළුවට ගිය. ඉඳහිටවත් කිසිවෙකුත් පය නොතැබූ ලොකු හාමුදුරුවන්ගේ කුටිය අස්පස්කර දැමිය යුතු යැයි නාරද හාමුදුරුවන්ට සිතුනේය. ලොකු හාමුදුරුවෝ අපවත් වූවායින් පසු වසා දැමුනු මේ කුටිය කාලයත් සමගම පාළුවට ගියේ කිසිවෙකුටත් නොදැනීමය. පංසල් මිදුලේ අලුතින් මනරම් ගොඩනැගිලි ඉදිකලත් ලොකු හාමුදුරුවෝ අපවත් වන තුරුම වැඩ වාසයකලේ පංසල් ඉඩමෙහි කෙලවරට වන්නට තිබූ මේ කුඩා කුටියේය. මලකඩ කා තිබූ පැරණි ඉබ්බා අයාසයෙන් ගලවා දැමූ නාරද හාමුදුරුවෝ කුටිය තුල වූ මකුළුදැල් වල පැටලෙමින් ගොස් ජනේල් පියන් කිහිපයක් ඇර දැමීය.

නාරද හාමුදුරුවෝ මහනදම් පුරන්නට එනවිට යන්තාම් පාසල් යන වයසට ආවා පමණය. වැඩි මහලු සොහොයුරන් දෙදෙනෙකුත්, බාල සොහොයුරිකත් නාරද හාමුදුරුවන්ගේ පවුලේ විය. අවුරුද්ද තිස්සේම දවස් කුලියට පතල් කැනීමට යාම නාරද හාමුදුරුවන්ගේ පියාගේ රැකියාව විය. දවසේ වෙහෙස නිවාගැනුමට හවසට මධුවිතින් සප්පායම් වන ඹහුට දරු පවුල රැක ගැනීම උදෙසා ඉතිරිවන මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවුනි. අමාරුවෙන් හෝ මේ දරු පවුලේ කුසගින්න නිවුනේ නාරද හාමුදුරුවන්ගේ මව ඉඳහිට කාගේ හෝ තේ වත්තක දලුනෙලීමෙන් ලබාගන්නා මුදලිනි. 

දිනක් ඔහුව පංසලේ ලොකු හාමුදුරුවන් වෙතට බාරදුන් ඹහුගේ දෙමව්පියෝ කඳුළු සඟවන්නට උත්සාහ කරමින් පංසලෙන් නික්මෙනවා නාරද හාමුදුරුවන්ට යාන්තම් මතකය. ඔහු වසරක් පමණ පංසලේ කුඩා කුඩා ආවතේවකම් කරමින් සිටියේය. එක්තරා පුන්පොහෝ දිනක ඔහුගේ හිස මුඩුකොට සිවුරු අන්දවා "මදටියතැන්නේ නාරද" නමින් පැවිදි බිමට ඇතුලත් කලහ. 

ලොකු හාමුරුවන්ගේ අවවාද අනුසාසනා සහ ඉඳහිට ලැබුනු වේවැල් පහරවල් කාගෙන නාරද හාමුදුරුවෝ හොදින් ඉගැනුම් කටයුතු වල නිරත විය. පංසලේ පැවැත්වෙන සෑම පිංකමකම වාගේ ප්‍රධානත්වය ගෙන කටයුතු කරන්නට තරම් කුඩා නාරද හාමුරුවෝ දක්ෂ විය. ඉදිරියේදී මේ පංසලත්, ගමත් බබලවන්නේ මේ කුඩා නාරද හාමුදුරුවන් බව ගමේ සැමදෙනාගේම විස්වාසය විය. නිසි වයස් එලැඹුණු කල්හි උපසම්පදා බිමට ඇතුලත් වූ මදටියතැන්නේ නාරද හාමුදුරුවෝ පිළිගැනීමට පංසලේ නායක හාමුදුරුවන්ගේ මෙහෙයවීමෙන් දායක සභාව විසින් විශාල උත්සවයක් සංවිධානය කර තිබුණි. එදින රාතියේ හතරපේරුවේ දායක දායිකාවන් වෙත නාරද හාමුදුරුවන් විසින් මනරම් ධර්ම දේශනාවකින් සංග්‍රහ කරන ලදී.


"නාරද..."

"හාමුදුරුවනේ.."

"තමුන්ට දැං සිවුරේ ඉඳියා ඇති කියලා හිතෙනවං උපාධිය ගන්න කලින් ඕක බිමින් තිබ්බට කමක් නෑ.."

"අනේ එහෙම නෑ හාමුදුරුවනේ.. ඒත් ඇයි එහෙම කිව්වේ.."

"නාරද.. ගිහියෙකුට කරන්න පුළුවන් දේවල් අපිට මේ සිවුරේ ඉඳන් කරන්න බෑ.. මං කිව්වේ රස්සාවක් උනත්.. අනික ගස් ගල් පෙරලන වයසේ ඉන්න තමුන්ට පරස්සාවක් එහෙම උනත් කරගන්න බැරිකමක් නෑනේ..."

"අනේ ඕන නෑ හාමුදුරුවනේ මං බලන්නේ කොහොම හරි හොඳට ඉගනගන්න.."

"හොඳයි හොඳයි... හැබැයි තමුන් සිවුර තියල ගියා කියල මගේ අමනාපයක් හෙම නෑ ඕං.."

"නෑ හාමුදුරුවනේ මට මෙහෙම හොඳයි..,"

මකුළු දැල් කඩමින් දූවිලි පිසදමමින් සිටින නාරද හාමුදුරුවන්ට තමන් විශ්වවිද්‍යාල පලමු උපාධිය ලබාගැනීමට පෙර නායක හාමුදුරුවන් තමන් හා දොඩමලු වූ අයුරු සිහිපත් වන්නට විය. 

විශ්වවිද්‍යාල අධ්‍යාපනය හොඳින් හමාර කල නාරද හාමුදුරුවෝ ඉන්පසුව ශාස්ත්‍රපති උපාධියත්, පණ්ඩිත විභාගයත් ඉහලින්ම සමත් විය. ටිකින් ටික කල්යත්ම මදටියතැන්නේ නාරද හිමි යන නම මුලට "ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත අති ගෞරවණීය" යන නාමය එකතු විය. කුඩා කල ගම්මුන් නාරද හිමියන් ගැන දැක්වූ අදහස් සපල කරමින් නාරද හාමුදුරුවෝ පංසලේත්, ගමේත්, ප්‍රදේශයේත් කීර්තිමත් සංඝයාවහන්සේ නමක් විය.

ටික කලක් රෝගාතුරව සිටී නායක හාමුදුරුවෝ, ගිහි පැවිදි සියළු දෙනාගේම දුක් සෝ සුසුම් මැද අපවත් වී වදාලේය. උන් වහන්සේගේ ඉල්ලීම මත බොහෝ චාම්ව ආදාහන කටයුතු සිදුකිරීමට නාරද හාමුදුවන් සහ දායක සභාව කටයුතු කලේය. ලොකු හාමුදුරුවන්ගේ අපවත්වීමෙන් පසු නිතරගයෙන්ම විහාරාධිපති තනතුරු නාරද හාමුදුරුවන්ට හිමිවිය. ලොකු හාමුදුරුවන්ගේ තුන්මාසේ දානය බොහෝ ඉහලින් පැවැත් වීමට නාරද හාමුදුරුවෝත්, දායක සභාවත් කටයුතු කලේය. 

තුන් මාසේ දානය වෙනුවෙන් නිතර මහන්සීවී වැඩ කටයුතු කල අහල කමලිනී නාරද හාමුදුරුවන්ගේ සාධු සිත අවුල් කරන්නට විය. එක් දරු මවක වන ඇගේ හැසිරීම බොලඳ තරුණියකගේ මෙන් විය. නාරද හාමුදුරුවන්ගේ දැහැන කෙමෙන් කෙමෙන් බිඳීයන්නට විය. කිසිවකුත් නොසිටි වැසිබර හෝරාවක නාරද හිමිත් ඇයත් ආවාස ගෙය තුල තනිවිය. ඇගේ පිරිපුන් සිරුර නාරද හිමිට රසදුනක් විය. තරුණ විය ඉක්මවන්න වයසේ සිටින නාරද හිමියන් ඇය ඉදිරියේ කොලු ගැටයකු සේ ශිල්ප දක්වක්නට විය. අහස ගුගුරමින් මහ වැසි වැටෙන මොහොතේ, අකුණු පහරක් මෙන් සියල්ල අවසන් කල නාරද හිමි කමලිනීගේ නිරුවත් සිරුර මත ගිමන් හරින්නට විය.

ඉනික්බිති ඉඩ ලද සැම විටම ඉතාමත් හොර රහසේ නැවත නැවතත් මේ රංගනය සිදුවන්නට විය. 

නමුත් කමලිනීගේ කුසට තවත් දරුවෙකු පැමිණිමෙන් මේ රාග රංගනය හමාර විය. මේ දරුවා නාරද හිමියන්ගේ බව ඔවුන් දෙදෙනා හැර වෙන කිසිවකුත් නොදැන සිටීම බොහෝ ගැටළු මගහරවන්නට සමත් විය. නමුත් තමුන්ගේ ලෙයින් උපන් දරුවා දකින විට නාරද හිමියට තමන් කිසිදු යුතුකමක් ඉටු නොකරන පාදඩ තාත්තා කෙනෙකුය යන සිතුවිල්ල නිතර නිතර පහල විය.

"එදා ලොකු හාමුදුරුවෝ කියපු විදියට මාත් සිවුර දාලා ගියානං රස්සාවකුත් කරගෙන දරු පවුලක් බලාකියාගෙන ඉන්නවනේ. "

පැරණි කබඩ් එකේ පොත් පත් අස්පස් කරමින් සිටින නාරද හාමුදුරුවන්ට සිතුනේය. කබඩ් එකේ යටටම වන්නට ලොකු හාමුදුරුවන් ගේ උපසම්පදා උත්සවය දවසේ ලබාගත් ඡායාරූපයක් විය. 

"මේක සුද්ද පවිත්‍ර කරලා අරන් ධර්ම ශාලාවේ උඩින්ම එල්ලන්න ඕන.."

රෙදි කැබැල්ලකින් ඡායාරූපයෙහි දුහුවිලි පිසදැමූ නාරද හාමුදුරුවෝ මොහොතක් ඒ දෙස බලාසිටින්නට විය. කුමක්දෝ අමුත්තක් දැනුනු උන්වහන්සේ ඡායාරූපයද රැගෙන තමාගේ අවාසගෙය වෙත දුවගොස් එහි ඇති තමාගේ උපසම්පදා ඡායාරූපය අසලින් එය තබා ඡායාරූප දෙක එකිනෙක සසඳන්නට විය එහිදී උන් වහන්සේට අළුත් සහ පැරණි යන යන වෙනස පමණක් පැහැදිලිව හඳුනාගත හැකි විය.

-----------------------------------------------------

පලි/ 01. විදානේගේ මලදානෙට නොහොත් විදානේගේ ** දානේට ඊයෙට හරියටම අවුරුදු දෙකයි.. (හිප් හිප් හුරේ...................)

මේ දක්වා දමා ඇති පොස්ට් සියල්ල කියවූ, අදහස් ඉදිරිපත් කල, සියලු දෙනාට මාගේ හද පිරි ස්තුතිය ප්‍රකාශ කර සිටිමි.

තවද මට මේ බ්ලොග් ලෝකේ තුල දිගු කාලයක් රැදී සිට රසවත් හරවත් වර්ණවත් පොස්ටු ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.

මට

ජ ය වේ වා !!!



60 comments:

  1. Replies
    1. අපොයි ඕව මොනවද බං. සිවුරෙ ඉඳගෙන ප්‍රසිද්ධියෙම ඔය වගේ වැඩ කරන තැං තියෙන එකේ.

      එහෙනං බොලාගෙ දෙකේ ඇනිවර්සරියට මගේ හද පිරි මෙවුව එක පුදකර සිටිනව. බොට ජයවේවා !

      අර සමපෝෂ කතාවත් තුන්වෙනි අවුරෙද්දෙ වත් දාහං. හැකක්ක...

      Delete
    2. හික් හික් හික්..

      සුභ පැතුමට තුති..

      අනිවා ඒ කතන්දරේ ලබන සුමානේ දානවා....

      Delete
    3. අනේ විදානේ ඒක ලියන්න එපා බං.............. මට නිකං අවුල් වගේ..... උඹ මේ තරම් මහන්සි වෙලා කාලයක් හිතලා ලියලා තියෙනවා දැක්කා ම ආය අර ටිකිරා අයියා මතක් කරන එක හරි නෑ වගේ කියලත් හිතෙනවා.....

      Delete
    4. පිස්සුනං කෙලින්න එපා එ් ක ලබන සතියෙන් නං දාන්න ඕන..

      Delete
    5. නෑ......... ඕන නෑ බං...... අනේ ලියන්න එපා බං....... මං හෙට කොහොමත් සබරේ යනවා... ඒක ටිකිරා අයියාගෙන් ම අහගන්නං.

      Delete
  2. ඇත්ත කතාවක් ද නැත්නම් උඹේ නිර්මාණයක් ද ?

    උඹේ දෙකට අපෙන් සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක්.. ඇත්ත කතාවක්. හැක්...

      Delete
    2. මං නොකියා ඉන්න හිටියේ මනෝ.. කොහේද හොරාට කලින් කෙහෙල්කැන වැට පයිනවලු..
      මෑන් සිවුර බිමින් තියලා ඇවිත් දැං ගොඩකවෙල පැත්තේ කොමියුනිකේෂන් එකක් කොරනවා කියලා ආරන්චියි..

      ස්තුතියි සුභ පැතුමට

      @ ප්‍රසා අයියා- ඔන්න කියලා දැම්මා

      Delete
    3. ඒක මිසක්. හැක්..

      Delete
  3. පටිටයි විදානෙ... මාත් මේ මොඩල් එකේම කතාවක් මීට කාලෙකට කලිං ලියල තිබ්බ. කෝම හරි ඒක ආගිය අතක් නැති වුණා කීප විඩක්ම ආපහු ලියන්න හැදුවත් හරි ගියෙ නෑ.. හිහි

    නාරද හාමුදුරුවො උනත් මොකෝ ගත විනා සිත පැවිදි කල උතුමෙක්යැ. හෙහ්...
    මාටිං වික්‍රමසිංහගෙ වගේ මතකයි මේ වගේ කතාවක් තියෙයි.. නම මතක නෑ

    බෝම බණ කියන්න දස්ස සිල්වත් හාංදුරු කෙනෙක් කාන්තාවක් හිංද හීරළුවෙක් වෙලා ගමට එනව. ඇවිත් හීරළුව කියල ගරු නම්බු අහගෙන කෙල්ලගෙ ගෙදරිං මකබෑ වෙන කතාවක්
    මතකද එහෙම එකක්...

    බොලාගෙ මූණත් තහඩුඩ දැක්කහම මට එදා හිතුණෙම මේකට තිබ්බ නමම හොදා කියල
    හැක් හැක්

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අපේ අර වල් දේශගේ එකේ කතන්දරයක් කියෙව්වට පස්සේ තමයි අයිඩියාව ආවේ නැතිඋන කතානං කොච්චරද??

      රෑ දොලහට මලදානයක්ද හොල්මනක්ද දැක්කේ හැක් හැක්..

      ජ ය වේ වා !!!

      Delete
    2. කරුමෙ කියන්නෙ ඔය දෙකටම අතර මැද එකක්
      හැක්

      Delete
    3. අන්න හරි හරියටම මැද.. හික්

      Delete
  4. අපේ විදානේට! ජයවේවා!!
    වෙල් විදානේට! ජයවේවා!!!!
    හාව හඳ දැක්කා වගේ බං..හොඳ වෙලාවට මේ පැත්තේ ආවේ..ඔහොම තමයි මචෝ පොඩි දෙයක් සෑහෙන්න දුර දිග යන්න පුළුවන්..පළවෙනි පෝස්ටුවටත් තව සෑහෙන්න දුර යන්න පුළුවන් උඹේ කුසීත අලස ගතිය නැත්නම්..! එහෙනම්..බොට ජයවේවා! තවතවත් ලියවේවා!! බ්ලොග නැතුව බැරිවේවා!!!

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ පොඩි දේවල් සෑහෙන දුර යනවා.. ඒකටන් අර හාවත් අහස කඩාවැටෙනෝ කියං දිව්වේ..
      ඒ වගේම තමයි කම්මැලි කමත් බොහෝම පොඩියට පටන් ගත්තේ ඒකට දැං.. හුහ්..

      ස්තුතියි සුභ පැතමට..

      Delete
  5. මදෑ කාලෙකට පස්සේ විදානේ ගේ මළදානේ ආයෙත් දෙන්ඩ පටන්ගත්ත එක.

    හ්ම්..........පන්සල් ජීවිතේ ඉතින් ඔහොම තමා.

    ReplyDelete
    Replies
    1. හ්ම්.. කායේන සංවරෝ සාධූ...

      Delete
  6. සමහර ක්‍රිස්තියානි සභා වල පූජකතුමන්ලාට විවාහ වීමට අවසර දෙන එකේ හොඳක් තියෙනවා කියා මම හිතනවා. පන්සලේ දායකයන්ට දේශණා කරමින් ඔවුන් ධර්ම මාර්ගයේ අරින්න මහණ නොවූ අයෙකුට වුණත් පුළුවන් කම තියෙනවා. එනමුත් බුද්ධාගමේ නීති රීති වලට අනුව භික්ශූන්ට පමණක් එය කිරීමට ඉඩ සලසා ඇති නිසා මෙවන් දේවල් සිදුවීමටත් ධර්මය උගත් පුද්ගලයෙකුගේ සේවය දහමට අහිමි වීමත් සිදුවෙලා. පෞද්ගලිකව තමාගේ විමුක්තිය සඳහා භික්ශුවක් වීමට කැමති අයට ඉඩහැර දහම පැතිරීමට ගිහි පරිනත උගත් අය යොදාගන්නවනම් හොඳයි කියා මම සිතමි. ඒවුණාට මේ කල්පයේ එය සිදු නොවන බවත් දනිමි.

    ReplyDelete
    Replies
    1. //බුද්ධාගමේ නීති රීති වලට අනුව භික්ශූන්ට පමණක් එය කිරීමට ඉඩ සලසා ඇති නිසා// එහෙම නොවුනා නම් ඉයන්ගෙන් සැහෙන්න වැඩ ගන්න තිබ්බා..

      Delete
    2. ඉයන් ඔබ කියනවා හරි.. ඒ වගේම නිදහසේ උපැවිදි වීමටද අවසර ලැබිය යුතුයි.. දැනුත් යනවා නමුත් අහන කුණු කතන්දර ටික..

      @ කමි
      හැබැයි හැබැයි..

      Delete
  7. පියපුතු ආරාමයද ඔය පංසලේ නම විදානේ...?
    ජයවේවා !!!!

    ReplyDelete
    Replies
    1. කතන්දරය වටහා ගෙන ඇති ආකාරයක් හැගේ..

      Delete
  8. මදැයි ඉඳල ඉඳල පොස්ට් එකක් දැම්මා.අවුරුදු දෙකට මගෙන් සුබ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපයියා..
      තව අවුරුදු පන්සීයක් විතර ලියන්න තමයි මං හිතං ඉන්නේ..

      Delete
  9. Replies
    1. ස්තුතියි ට්‍රාන්ස්

      Delete
  10. සුභ පැතුම්. දුක හිතෙන කතාවක් . තරුණියන් හා සබඳකම් ඇති කරගත් අප දන්නා පැවැදි සිසුන් කීප දෙනෙකුටම සසුනේ නොයිද හැර යන්නට උදව් කලෙමි. එසේ කලේ සසුනේ සිට ඒ ගැන පසු තැවිලි වෙනවාට වඩා ගිහි ගෙයි දුක් විඳ අවබෝධය ලබා ගැනීම වඩා හොඳ වින්දබව මම සිතන බැවිනි .

    ReplyDelete
    Replies
    1. අනිවා අජිත්.. ඔය කියන විදියට අපිත් හාමුදුරුවන් කිහිප දෙනකෙුට උදව් කර ඇත්තෙම්. දායක සභාවේ මහ එවුන් ගහන්න පන්නං එද්දී උංව දින කිහිපයක්ම සගවාගෙන හොර රහසේම පිටමං කරද ඇත්තේම්

      ස්තුතියි සුභ පැතුමට..

      Delete
  11. Replies
    1. ස්තුතියි අජිත්.. මගේ අන්තිම පොස්ට් පහක්ම නෙලුම් යායේ පලඋනා ඒ ගැන මගේ හිතේ සතුට දොරේ ගලායන මේ මොහෙතේ තට්ට් තනියම බාගයක මිහිර විඳ ගැනීමට සැරසෙමි...

      Delete
    2. ඒ කියන්නේ පහුගිය අවුරුදු දෙකේම පළවුණ ඒවා වෙන්ටෑ..

      Delete
  12. //හිදී උන් වහන්සේට අළුත් සහ පැරණි යන යන වෙනස පමණක් පැහැදිලිව හඳුනාගත හැකි විය//

    meken thawa kathawak kiyawenawa kiyala mata hithenne

    ReplyDelete
    Replies
    1. තව කතාවක් කියන්නේ ප්‍රධාන කතන්දරේ ඒක තමයි.. එතැනින් නාරද හාමුදුරුවන්ට අවබෝධ වෙනවා සිවුරේ ඉඳගෙනම පියකුගෙ යුතුකම් ඉටුකරන්නේ කොහොමද කියලත් දරුවව තමන් ලගින් තියාගෙන බලාකියාගන්නේ කොහොමද කියලත්..

      Delete
  13. දෙකට සුබ පැතුම් , දෙක තාප්පෙ හප්පා ගත්තේ නැති එකේ වාසනාව තමා ,

    බොහොමයක් පන්සල් වල නායක හාමුදුවරුන්ගේ පිංතුර වල තියෙන්නේ අලුත් පරණ වෙනස තමා . උඹ හරි

    ReplyDelete
    Replies
    1. දෙක තාප්පේ හැප්පෙන්නේ නෑ මොචද දිග වැඩිනේ..

      හික් හික්.. ඇබිත්තං කම කොරල තියනව වගේ

      Delete
    2. ස්තුතියි මචෝ සුභු පැතුමට

      Delete
  14. දෙවැනි උපන්දිනයට ඔන්න මලදානේ වළඳන්න මමත් ආවෝ...
    සිවුරේ ඉඳන් ඔය කරපු වැඩේ අපාගතවෙන්න තරම් බරපතල පාපයක්... සිවුර අතෑරලා ගිහින් කරානම් ඉතින් පවක් නැහැ නෙව... ධර්මය දැන දැනම ඒ වලේ වැටුන එක ගැන හරිම කනගාටුයි... නිර්වාණය අරමුණු කරගෙන බුද්ධ ශාසනයේ මහන වෙලා උපාධි අරගන්න ඉගෙනගත්තට වැඩක් වෙලා නැහැ ශාස්තෘ වරයාගේ ධර්මය හරිහැටි ඉගෙනගන්නේ නැතුව. ඔය හින්ද තමා ආරණ්‍යවල ත්‍රිපිටකය සහ පාලි පමණක් උගන්වන්නේ.. ආරණ්‍යවාසී ස්වාමින්වහසේලා ගැහැණු කෙනෙකුගේ අතක පිරිත් නූලක්වත් බඳින්නේ නැත්තෙ ඔය නිසාම තමයි...

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩ..
      මේ වගේ ගැ්ටළු ගොඩක් එන්නේ පුංචි කාලෙදිම මහනකලාම තමයි.. හයක් හතරක් නොතේරෙන වයසෙදි සිවුරක් පෙරෙව්වම කරදඩු උස් මහත් වෙද්දි ලෛෟකික ජීවිතේට ආස හිතෙනවා ඒව්වා වලක්වන්න ධර්මයට අමාරුයි..
      ජීවිතේ ගැන හොද අවබෝධයක් ලබාගත්තට පස්සේ මහන කරන ක්‍රමයක් හැදුනොත් ගොඩක් හොදයි..
      ස්තුතියි අදහසටත් සුභ පැතුමටත්..

      Delete
  15. දෙකට ලියපු තුන හා සම්බන්ධ කතාවට මගේ හද පිරි උනුසුම් හා සිසිල් කරන ලද සුපැතුම් පිලිගන්නවා නම් පිලිගන්න.. නැහ්නන් පිලිකන්නට දාන්න...

    ReplyDelete
    Replies
    1. පිලිකන්නට නොදා පිල උඩ සිටම පිලිගනිමි..
      බ්ලොග් හදන්නට උදව් දුන්නාට ගොඩාක් ස්තුතියි...

      ඒ වගේම සුභ පැතුමටත්

      Delete
  16. විදානේ...............

    මාරයි බං.... ඇත්තට ම කියනවානං උඹ මාර කතා කාරයෙක්නේ කියලා හිතුනා.... ඇත්තට ම සුපිරියි.. මේ කියන්නේ විහිලුවට නෙමෙයි සිරාවට ම සුපිරියි....

    මෙහෙම දේකුත් තියෙනවානේ බං.... ෆිල්ම් එකක් වුණත් හදන මිනිහා කාලයක් කල්පනා කරලා කරලා මහා නිර්මාණයක් කරනවානේ...... උඹ කරලා තියෙන්නෙත් ඒ වගේ තමා.... මේක නං මහා නිර්මාණයක් තමා.... ඒත් උඹ කල්පනා කරපු කාලය හොදට ම වැඩියි.........

    උඹේ දෙකට අපෙනුත් උණුසුම් සුභපැතුම්.....

    ReplyDelete
    Replies
    1. /උඹ මාර කතා කාරයෙක්නේ කියලා හිතුනා/ රයිට් හෙට අනිද්දා දිහා රාත්‍රියක දුර ඇමතුමක් ගන්නං හික් හිකි්

      කල්පනා කරන්නද බං දේවල් නැත්තේ..

      සුභ පැතුමට තුති එකෙන්ම.. ඒ වගේම හැමදාම මොනවහරි ලියපං කියලා දිරිමත් කරනවටත්..

      Delete
  17. සිරාවට අර ගොඩකවෙල කඩේ දාලා තියෙන්නේ නාරද හාමුදුරුවොද බං....

    අපේ ගමට අල්ලපු ගමේ ලොකු නමත් ඕවගේ වැඩක් කලා ටිකක් ඉස්සර.(ටයිටැනික් පොපියුලර් වුන කාලේ ).කරුමෙට අදාල ස්ත්‍රියගේ සැමියා විදුලි කාර්මිකයෙක්.බුවා ඇබිත්තියව සෙට්කරගන වැඩේ වීඩියෝ කරලා.අහල පහල ගෙවල් වලට "ටයිටැනික්" පෙන්නනවා කියලා ප්‍රචාරය කරලා මෑන්ස් අර වීඩියෝව දාලා.අවුරුදු 30 ගානක් මහනදම් පුරපු ලොකු නමට විච්චදෙයක් නෑ පහුවදා ඉඳලා.ඒත් අර දෙන්නනම් තාමත් පවුල්කනවා....

    උඹේ දෙකට මගෙනුත් සුභපැතුම්....

    ReplyDelete
    Replies
    1. නෑවෙන කෙනෙක්.

      Delete
    2. කටුසු..
      මාත් මුලින්ම හිතං හිටියේ මෑන් නෙවෙයි කියලා.. දැං නං බඩු ශුවර් මෑන්ම තමයි මිනියා.. අර ලස්සනට ඉන්නේ කඩේට වෙලා දෑවැද්දට හම්බවෙච්ච වයිෆුත් කැෂීයර් එකේ තියං..

      මටත් ඒ ටයිටැනික් බලන්න දොලක් උපන්නා..

      ස්තුතියි සුභ පැතුමට...


      @ පුසා අයියා..
      ඔව් ඔව් වෙන එකෙක්...

      Delete
  18. මාෂල්...
    උඹෙ දෙකට ‍හදවතිම්ම සුභපතනවා.

    (උඹෙ හැම පොස්ට් එකක්ම මං කියවල නෑ කියල මට ෂුවර්. ඒ නිසා උඹට වෙල්කම් කියන්ඩ බෑ.)

    දිගටම ලියමු බං. පරණ උං නැතුව ගියාම පාලුවේ බෑ....

    ReplyDelete
    Replies
    1. දිගටම ලියන්න තමයි මචෝ කල්පනනාව ඒත් මොන මොනා හරි පුස්න නැත්තං වස කම්මැලියි.. බලමු මේක වැහෙන් නැතුව දිගටම තියාගන්න..

      ස්තුතියි ගොඩවැදිලා අදහසක් දාල සුභ පැතුමක් එක් කලාට..

      Delete
  19. දැවුරුද්දට සුභ පැතුම්.. ගොඩක් තැන්වල වෙන දෙයක්.. උඹ හරිම සංයමයෙන් අකුරු කරලා තියෙනවා.. උඹ නොලියන එක අපරාදයක් බං..

    ReplyDelete
    Replies
    1. සංයමයෙන් අකුරු කොරන හින්දා නේන්නං අවුරුද්දට එකක් විතර යංතං දාගන්නේ.. හික් හකික්..

      ස්තුතියි සුභ පැතුමට..

      Delete
  20. උඹේ බ්ලොග් එකේ නමත් එක්ක මම හිතුවේ මෙන්න මේක ගැන ලියවුනු පොස්ටුවක් කියල.
    https://www.facebook.com/118282528507832/videos/243703689299048/

    ReplyDelete
  21. දෙකට සුභ පැතුම් විදානේ මචෝ .....

    සාර ඵල අඹ රඹ ද
    මීරි දිය නැති කතර
    පාරමී පුරණවා 
    අපේ හාමුදුරුවෝ

    පෝය හඳ ගිණි වැදුන
    මායිමේ සිත් නිවන
    සීතල ම පිරිත් පැන
    අපේ හාමුදුරුවෝ

    පේරු දන් කඳ වැළඳ
    සාය වැළපෙන ගමට
    සාර වූ පින් කෙතය
    අපේ හාමුදුරුවෝ

    සිප් යදින දරු කැළට
    පිං කැටය දන් දුන්න
    පරපුරක නුග සෙවණ
    අපේ හාමුදුරුවෝ

    ගායනය – අමරසිරි පීරිස් සහ ප්‍රදීපා ධර්මදාස
    පද රචනය - මහින්ද චන්ද්‍රසේකර
    තනුව හා සංගීතය - ප්‍රේමසිරි කේමදාස

    ReplyDelete
  22. නිතර ලියවෙනවා නම් බොහෝ වටිනවා.

    ඒ වුනාට අපි නම් දන්නේ නෑ ඔන්න බල සේනාවෙන් ඇවිත් නඩු දැම්මොත්.

    ReplyDelete
  23. කුසීත විදානේ අවදි වී ඇති හැඩයි.. උඹගේ ඔය කම්මැලි කම නැත්නං ලියල ලියල මලවලාම හොද කෙටිකතා රචකයෙක් වෙන්න පුලුවන්..

    තාප්ප නැති ඇඹිලිපිටියේ හෝටල් නැති සුභ තුනක් (ඉදිරිය ඉදරිය) ම වේවා.. හැක්.. ආ කමක් නෑ ඉතිං දෙකටත් සුභ පැතුවයි කියල හිතාගන්කෝ.. ජය වේවා මාෂල්

    ReplyDelete
  24. මම දකින විදිහට නාරද හාමුදුරුවො සිවුරෙ ඉන්න ගිහියෙක්......ලෞකික ක්‍රියාකාරකම් හැරුනු විට ලෝකෝත්තර පැත්තක් ඔහුගේ ජීවිතයේ නැහැ....ආර්ථික අපහසුතා හේතුවෙන් පැවදිවන ඔහු නියම පැවිද්දෙකු වීමට උත්සාහ දරන්නෑ....ඒ දේ ලොකු හාමුදුරුවො දැක්ක හින්ඩ වෙන්ඩ ඇති සිවුරු අරින්ඩ යෝජනාවක් ගෙනාවෙ....සිදුවීම්...ගෙතීම්..පරිකල්පන විෂිශ්ටයි.....මේ වගේම ලස්සන කතා ටිකක් ඉදිරියටත් බලාපොරොත්තු වෙනව...ජය

    ReplyDelete
  25. දැන් එතකොට වැරැද්ද අර එක්දරු මවගෙයි නෙහ්..හැක්

    ReplyDelete
  26. widanege maladaneth mulaidan agtam akiyewwa. mare maru

    Madda

    ReplyDelete
  27. නැති කොට ලබා ගන්න ඔනෙ වෙනවා .. ලැබ ගත්තම නැති කර ගන්න ඔන වෙනවා ... ඔය ඔක්කොම කරල බලලා අවබොධෙන් මහන උනා නම් හරි මං හිතන්නෙ. මහනකම විතරක් නෙමෙ හැමදේම..   අවුරුදු 2 ට සුබ පැතුම්.. :) :)

    ReplyDelete