Wednesday, July 16, 2014

සුනේත්‍රාගේ කථාව....

"හෙලෝ.."
"හෙලෝ.. මේ.... සරත් ඉන්නවද?"
"සරත්? .. මේ වැරදි නම්බරයක්.. ඔහේ කවුද? කාටෙයි ඔහෙට කථාකරන්න ඕනේ?.."
"මිස්, මම පියල් කියල කෙනෙක් කථාකරන්නේ, මට කථාකරන්න ඕන පොලේ සෙල්ලං බඩු විකුණන සරත් අයියට"
"මේ .. ඔහේට වැරදිලා  මේහේ ඇති සරතෙක් නෑ.. හැබෑට කවුද ඔහේට මගේ නම්බරේ දුන්නේ?"
"සරත් අයිය තමයි මේ නම්බර් එක දුන්නේ, ගිය මාසේ මගෙන් රුපියල් පන්දාහක් ණයට ගත්තා සතියකින් දෙනවා කියලා මාසයක් ගියා සල්ලි හම්බුන්නැති හින්ද තමයි දුන්න නම්බරේට කථා කළේ. අනේ මිස් තරහ නැතුව සරත් අයියට ෆෝන් එක දෙනවද?"
"මේ ඔහේ කොහේ හරිය යන හොරෙකුට අහුවෙලා. මේක වැරදි නම්බරයක්. මෙහේ ඇති සරතෙක් නෑ.. අපහු මේකට කොල්කරන්න එපා හරිය"
මේ මොන කරදයක්දැයි සිතමින් සුනේත්‍රා දුරකථනය විසන්ධි කළාය.
සුනේත්‍රා තිස් තුන් හැවිරිදි වැන්දඔුවකි. සර්පයකු දෂ්ඨ කිරීම නිසා ඇගේ සැමියා ඇයවත් ඇගේ දරු තිදෙනාත් අතැර මෙලොව හැර ගියේ මීට තුන් වසකට පමණ පෙරය. සුනේත්‍රාට දොලොස් වියැති දස වියැති සහ හත් වියැති පුතුන්ම තිදෙනෙකි වැඩිමහල් දරුවා මීට වසර පහකට පමණ පෙර පැවිදිවිය. ඒ අල්ලපු ගමේ පංසලේය. අනෙක් පුතුන් දෙදෙනා ගමේ පාසලේම අකුරු කරයි.
සුනේත්‍රාගේ ආදායම් මාර්ගය වූයේ තේ දළුය. තම සැමියාට අයත්ව තිබූ අක්කර දෙකක පමණ වපසැරිය ඇති තේ වත්තෙහි ආදායම වැඩි වියහියදම් නැති සුනේත්‍රාට සහ දරුවන්ට ජීවත් වීමට හොඳටම ප්‍රමාණවත් විය. තම සැමියාගේ මහගෙදර අසලින් ඉදිකර තිබූ ඔවුන්ගේ නිවහනහි මේවනවිට හතරෙන් තුනක පමණ වැඩ කොටසක් නිමකර තිබිණි.
සුනේත්‍රා කුඩාකල පටන්ම ආගම දහමට බොහෝ ලැදිය. සැන්දෑව් බුදුන් වඳින විට ඇය තුන් සූත්‍රයම ශබ්ධ නගා කියන්නීය. ඇයට කුමක් හෝ සිත් තැවුලක් ආවිට පංසලට ගොස් නිවී සැනහිල්ලේ ආගමික වතාවත් සිදුකර සිත සංසිඳුවා ගැනීම ඇගේ සිරිත විය.
තම දෙමව්පියනුත්, සැමියාගේ දෙමව්පියනුත් සොයුර සොයුරියනුත් හැර තම දුරකථන අංකය වෙනත් අයකුට දුන්නාදැයි සුනේත්‍රා කල්පනා කළාය. මීට සති තුනකට පමණ කලියෙන් සුමානෙට රුපියල් සීය ගානේ ගෙවන්න සී.එෆ්.එල්. බල්බ් විකුණන්නට ආ මිනිසා සිහිවිය. තමන් ඔහුගෙන් බල්බ් තුනක් ලබාගත් බවත් එවිට තම දුරකථන අංකය පොතෙහි ලියා ගත් බවත් ඇයට සිහිවිය. මේ කථා කළේ ඔහු වන්නට ඇතැයි ඇය අනුමාන කළාය. නමුත් දුරකථනයෙන් කථාකල පුද්ගලයායේ තිබූ සංවරශීලී කථාබහ මේ බලුප්කාරයාගේ කථා බහතුල නොමැතිබව ද ඇයට සිහිවිය. මොනව උනත් ආයේ කථාකලොත් හරියටම මේ කථාකරන්නේ කවුදැයි විමසා දැනගන්ට ඇය ඉටා ගත්තාය.
දින දෙකක් පමන ගෙවින. ආගන්තුග අංකයෙන් නැවත ඇමතුමක් නොආවේය. එදින දහවල් බලුප් කාරයා පැමිණ වාරික මුදල් එකතු කරන් ගිය අතර ඔහුගේද වෙනදාට වඩා වෙනසක් දක්නට නොවීය. මේ කරණා හේතු කරගෙන මුලින් ලැබුණු අමතුම ඇත්තටම වැරදීමක් වෙන්න ඇතැයි ඇය සිතුවාය. මෙසේ නිසොල්මනේ තවත් දවසක් පමණ ගතවුනි.
පසුදින සවස නැවතත් ආගන්තුගයාගේ ඇමතුම ලැබිණි.
"හෙලෝ"
"මම මේ පියල් කථාකරන්නේ, සමාවෙන්න මිස් කරදරයක් උනානම්, මම මේ දවස් ටිකේම හෙව්වා සරත් ගේ නම්බර් එක මේකම තමයි මිස්, මට වැරදීමක් වෙලා නෑ තරහ නැතුව සරත්ට ෆොන් එක දෙනවද?"

"මේ මං ඔහේට කිව්වා නේද මේක වැරදි නොම්බරයක් කියලා, ඔහේ ආයේ ඇයි මට කථා කරන්නේ. "

"මිස් මට කථා කරන්න ඕන සරත්ට"

"මේ.. ඇත්තටම ඔහේ කොහේද යන හොරෙකුට අහුවෙලා, ඒ මිනිහා ඔහේගෙන් සල්ලිත් අරගෙන බොරු නොම්බරේකුත් දීලා. මේක මගේ නම්බර් එක. මෙහේ සරත් කියල කෙනෙක් නෑ.. ...................."

ඇය කරුණු පැහැදිලි කරන්නට විය. ඇය කථාකර අවසන් වනතෙක් සාවධානව අසා සිටී පියල්
"එහෙනං මිස් මං ආයෙත් හොයල බලන්ම්" යයි කියා දුරකථනය විසන්ධී කලේය.

තමාගේ පැහැදිලි කිරීමෙන් සාර්ථක ප්‍රථිපල ලැබුණු බව ඇයට දැනිනි. ආයෙත් මේ මිනිසා තමාට කථා නොකරනු ඇතැයි ඇය සිතුවාය. එහෙත් ඒ එදින රාත්‍රිය වනතෙක් පමණී. රාත්‍රි අටට පමණ නැවතත් ඔහුගෙන් ඇමතුමකි.

"මෙච්චර කියලත් මේ මිනිහා අහන්නැතිහැටි. බනින්න ඕන ආයේ කථා නොකරන්නම" යැයි සිතාගත් ඇය දුරකථනය එසවුවාය.

"හෙලෝ.."

"ආ මිස්, මම පියල් කථාකරන්නේ.. මට අද හවස සරත්ව හම්බඋනා, මිනිහගේ නම්බර් එක මගේ ෆෝන් එකට දානකොට අංකයක් මාරු වෙලා ඒකයි වැරදිලා මිස්ට කෝල් කළේ.. අනේ සමාවෙන්න ඕන මිස්ට කරදර කළාට"


" දැං එතකොට අර සල්ලි හම්බුනැයි?"

" ඇත්තටම මිස්ට කියන්න මාර වැඩේනේ උනේ .. ......................... ............................... ................. .................................. ඉතිං මිස් ඌ මට අන්තිමට සල්ලිටික ඔක්කොම දුන්නා"

සිදුවීම පිළිබද විනාඩි දහයක පමණ විස්තර කිරීම අවශ්‍ය තැන්වලදී තබනු ලැබූ හූ මිටි තැබීම් හැර වෙනත් බාධාකිරීමකින් තොරව සුනේත්‍රා සවන් දුන්නාය. කෙසේ වෙතත් දුරකථන ඇමතුම අවසානයේ සුනේත්‍රාගේ සිතෙහි පියල් පිළිබද යම් මිත්‍රශ්‍රීලී හැගීමක් ඇතිව තිබිණ.

පසුදින රාත්‍රියෙහිද පියල්ගේ මිත්‍රශ්‍රීලි ඇමතුම ලැබිණ. පෙර දිනට වඩා දීර්ඝ වේලාවක් ඔවුන් දොඩමළු වූ අතර සුනේත්‍රාගේ ජීවිතයේ බොහෝ තැන් ඔහු හා පවසන්ට තරම් ඔවුන්ගේ මිතුදම දියුණු වී තිබිණ.

පියල් දැන් සෑම දිනකම පාහේ ඇයට ඇමතුම් ලබාදෙයි. ඇයද ඔහුගේ ඇමතුම එනතෙක් මග බලා හිදින්නීය. නමුත් මේ වන විට මුලින් දින වල තිබූ හිතවත් කමට එහා ගිය ආදරණීය හැගීමක් ඇයටද හොරෙන් ඇගේ හිතේ දළුලා තිබිණි. ඇගේ මුළු ජීවිත කථාවම දැන් කිසිදිනක නොදුටු ඔහු ඉදිරියේ දිගහැර තිබිණ.

"සුනේත්‍රා "

"මොකෝ "

"මං එන්නද?"

"කොහේද?"

"ඔයාගේ තුරුල්ලට"

"පිස්සුද"

"ඔව් හොදටම පිස්සු වැටිලා"

"ඉක්මනට ඕක හොදකර ගන්න වෙයි"

"හොඳකර ගන්න තමයි හදන්නේ"

ඉනික්බිති දෙදෙනාගේම ඇසුනේ සිහින් කෙඳිරිලි හඬවල් පමණී. කෙසේ නමුත් විනාඩි කිහිපයක දුරකථන ඇමතුම අවසානයේ වසර ගනණාවකින් පිරිමි පහසක් නොලැබූ ඇගේ සිරුර ඔහුගේ වදන් වලින් මුසපත් වී තිබිණ. දෙපා වෙව්ලා පනනැති වී යන්නාක් මෙන් ඇයට දැනුණි. ඔහුගෙන් ලැබුණු දීර්ඝ හාදුවකින් පසු දුරකථනය විසන්ධි කල ඇය තෘප්තිමත් සිතුවෙල්ලෙන් නිදන්නට විය..

නමුත් පසු දින ඇයට දැඩි කලකිරීමක් දැනණි. තමා තමාට පණමෙන් ආදරය කල මියගිය සැමියාට ද්‍රෝහි වූවා නොවේ දැයි  සිතුණි. අනේ දෙයියනේ කවදාවත් දැකපු නැති මිනිහෙක් එක්ක කියපු දෙවල් ඇයට ඇය ගැනම ලැජ්ජා සිතුණි. ඇය තම මියගිය සැමියාගේ ඡායා රූපය දෙස මදක් බලා සිටියාය. අනේ මං කවදාවත් ඔයාට ද්‍රෝහිවෙන් නෑ ඇත්තමයි ඇය අදිටන් කර ගත්තාය.

හැන්දෑවට කොල් කරාම කියනව ආයෙත් මං එක්ක කථා කරන්න එපැයි කියලා. එච්චරයි අනික මං ඒ මනුස්සයව දැකලත් නෑ අඳුනන්නෙත් නෑ කෝල්කරන්න එපැයි කිව්වම හරිනේ. ඇත්තටම මේ අර බලුප් කාරයද දන්නෑ අයියෝ ඒ මිනිහනං ලැජ්ජාවේ බෑ, මෙකී නොකී දහසකුත් සිතුවිලි අතර ඇය හිත හදාගන්නට උත්සාහ කළාය.

එදින රාත්‍රියේද සුපුරුදු ඇමතුම ලැබිණි මුල් දෙවතාවේම ඇමතුම නොගෙන සිටියත් තුන්වන වතාවේ ඇය ඇමතුම ලබාගත්තාය.

"මේ හලෝ ඔහේ ආයේ මට කථාකරන්න එපා හරිය"

"ඇයි රත්තරං මේ ?"

"ඇයි කියන්නේ, මං දන්නෑ ඔහේ කවුද කියලවත්. අනික පව් වැඩ කරන්න මම කැමති නෑ, ඔහේ දන්නෝනේ මම ලමයි තුන් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් කියලා, මට ඇත්ත කියනව ඔහේ අර බලුප් කාරයා නේද?"

"අනේ නෑ රත්තරං මම ඔය කියන බලුප්කාරයා දන්නෙවත් නෑ. හරි අපි දවසක හම්බෙමුකෝ එතකොට ඔයාට බලාගන්න පුළුවන් මං කවුද කියලා. ඔයා හිතන විදියට පවු කියන්නේ .... ........... ......... ... .. ... .. ...................................."

ඔහුගේ දීර්ඝ කරුණු පැහැදිලි කිරීම අවසානයේ ඇගේ සිත නැවතත් අශාවේ හස්තයන් විසින් ඩැහැගෙන තිබිණ.  නොබෝ වේලාවකින් ඇයගේ සිහින් කෙඳිරිලි හඬ ඇසෙන්නට විය. කෙසේ නමුත් ඇමතුම අවසානයේ  හැද සිටි ඇදුම් සොයන්නටද ඇයට වෙහෙසෙන්නට සිදුවූවාය.

ඔහු කථාකල පරිදි ඔවන් මුණගැහෙන්නට යාමට ඇය අදිමදි කළාය නමුත් ඔහුගේ වදන් හමුවේ ඇයගේ අදිමදි කිරීම සැනින් අවලංගු විය. දින තුනකට පමන පසු ඔවුන් දෙදෙනා මුණ ගැසෙන්නට තීරණය කලේය. නමුත් ඇයට මොකක්දෝ ලොකු චකිතයක් දැනුණි. නෑ මට දැනගන්න ඕන මේ මනුස්සය කව්ද කියලා, නොගියොත් කොහොමද මේ කථාකරන්නේ කවුද කියල දැනගන්නේ. අනික මං ගිහිං කථාකරල එනව විතරයිනේ. ඇය යාමට ගත් තීරණය සාධාරණය කරන්නට හේතු සොයන්නට වූවාය. නමුත් ඇය එදින තම මියගිය සැමියාගේ ඡායාරූපය මගැර ගියාය.

උදෙන්ම දරුවන් දෙදෙනා මහගෙදරට යැවූ සුනේත්‍රා නගරය බලා ඇදෙන බසයකට ගොඩවිය බසයේ ගමන් කල පැය එක හමාරක කාලය තුල ඇගේ සිතුවිලි විසින් ඇයට වද දෙන්නටවිය. අපරාදේ මං මේ ගමන ආවේ, නෑවිත් හිටියනං හරි මේ මිනිහා මොකාද කියලවත් දන්නෑ. අනික දරුවො තුන් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් ? අයියෝ මං මේ මොනවද කරන්නේ බස්එකෙන් බැහැලා අපහු ගෙදර යනවා, නෑ නෑ ආපු එකේ මං මිනිහව හම්බුවෙලාම යනවා.

බසයෙන් බැසගත් ඇය ඔහුට දුරකථන ඇමතුමක් ගත්තාය. කියූ මග විස්තර වලට අනුව විනාඩි කිහිපයක් යන්නට පෙර ඔහුව සොයාගත හැකිවිය. එතැන සිටියේ ඇය සිතූ බලුප් කාරයා නොවේ. ප්‍රසන්න පෙනුුමක් ඇති වයස තිහක් පමණ වන බොහෝ පිළිවලට හැද පැළඳගත් තරුණයෙක් එහි විය.

"ඉතිං...?"

අසන්නට බොහෝ දේ තිබුණත් අය ප්‍රශ්ණාර්ථ හැඟීමකින් කිසිත් නොකියා ඔහු දෙස බලා සිටියාය. නිහඬ බව බිඳිමින් ඔහු නැවතත් කථාකරන්වට විය.

"මොකද බයවෙලා වගේ මම තමයි පියල්?  මේ මෙතැන කථාකරන්න බෑ අපි කොහාට හරි යං"

"කොහෙද යන්න‍ෙ"

"එන්නකෝ..."

ත්‍රී රෝද රථයකට කථාකල ඔහු ඇයගේ අතින් ඇදගෙනම එයට ගොඩවිය. කුමක්දෝ තැනකට යමු යැයි ඔහු රියදුරුට කීවද ඇයට ඒ කොතැනදැයි නොවැහැටුනි. අනේ මේ කවුද මං මේ කොහේද එක්කං යන්නේ ඇගේ පපුව වේගෙන් ගැහෙන්නට විය.

"ඔයා බය වෙලාද? බය වෙන්න එපා මං ලඟ ඉන්නවනේ "

විනාඩි තුනක පම ගමනකින් පසු නගරයෙන් මදක් එපිටින් වූ නවාතැන් පොලක ත්‍රී රොද රිය නතර විය. ඉන් බැසගත් ඔහු ඇයවත් අතින් අල්ලාගෙනම කාමරයකට වැදුණි.

ඇයට ඔහු හා දොඩමළුවන්නට අවැසි උවත් ඔහුට එයිට එහා ගිය රාජකාරියක් විය. මස් කුට්ටියක් හමුවූ සුනඛයෙකු සේ ඔහු ඇයව රසවිඳින්නට විය. ඇයට භීතිය ද ඔහුට ප්‍රීත්‍රිය ද රැඳුනු වෙහෙසකර පැය බාගයකින් පසු ජයග්‍රාහී ලීලාවෙන් ඔහු හතිඅරින්නට විය. නිරුවතින්ම නාන කාමරය වෙත දිව ගිය ඈ මුව තුල රැදි සියල්ලෙන් කොටසක් හෝ කුසතුලට යා නොදී සෝදා හරින්ට උත්සාහ කළාය..

තවත් මිනිත්තු විස්සක් පමණ වනවිට ඔවුන් නැවතත් නගරයෙහි විය.

"අර තියෙන්නේ ඔයාලගේ ගමට යන බස් එක, කීයට යයිද දන්නෑ."

"දන්නෑ.. මං යනවා"

බසයට ගොඩවූ ඈ කවුළුවෙන් ඔහු දෙස බැළුවාය. මද සිනහවක් පෑ ඔහු ආපසු හැරී යන්නට ගියේය. ඇයට මහත් වේදනාවක් දැණින. තමන් ආවේ කොතෙක් දේ ඔහු හා කථා කරන්නද, නමුත් අන්තිමට සිදුවූදේ මතක් කරන්නටවත් ඇයට අප්‍රිය විය. මේ කොහේද යන මිනිහෙක් හින්ද මං මගේ ජීවිතේ විනාශ කරගත්තා. අනේ දෙයියනේ මං මගේ රත්තරං මනුස්සයට, දරු තුන්දෙනාට අම්මල තාත්තලට ද්‍රෝහි උනා. මේ මොන අපරාධයක්ද මං කරගත්තේ.. ඇයට නොදැනුවත්වම දෑසින් කඳුලින් තෙත් විය. බස් රථයේ ඉදිරිපස අසුනට හිස තියාගත් ඇය. කිසිවෙකුටත් නෑසෙන්නට හඬන්නට විය.

බසයෙන් බැසගත් ඇය නිවසට ආවේ කෙසේදැයි ඇයට නිනව්වක් නැත. වෙනදා පසුකර එන සපුරුදු දසුන් අද තිබුණාදැයි මතක නැත. නිවසට පැමිණි ඇය මුලින්ම තම ජංගම දුරකථනයේ වූ සිම්පත ලිපට දමා පුළුස්සා දැමීය ඉනික්බිති දොර වසා දැමූ ඇය තම මියගිය සැමියාගේ ඡායාරූපය පපුවට තුරුළුකරගෙන මහ හයියෙන් ඉකිගසා වැලපෙන්නට විය.

පසුදා උදයෙම ඇය පංසලට ගියාය. තමාට දුකක් කරදරයක් වූ හැම වේලාවකම සිතට සහනය ගෙනදුනේ මේ පංසලේ බෝ මළුවයි. තමන් උගෙන ඇති සියළු ගාථාවන් කියමින් වන්දනා මාන කර තමාගේ හිතට සහනයක් දෙන්නැයි ඇය ඉල්ලා සිටියාය. පැය කිහිපයක් පංසලේ ගතකල ඇය තම සිතෙහි වූ වේදනාව බොහෝදුරට සමනය කරගෙන නැවතත් නිවසට පැමිණියාය. සැන්දෑ ජාමයෙහි නිවසෙහි බුදුන් වැඳි ඇයට මහත් සැනසිල්ලක් දැනින. ඔය වගේ මෝඩකං නං ආයේ කවදාවත් කරන්නෑ, ඇය දැඩිව සිතාගත්තාය,

තම සිතුවිලිත් සමග මහත් සටනක් කල ඇය ජයග්‍රාහී ලීලාවෙන් තම පුතුන් දෙදෙනාද තුරුලට ගෙන නිදන්නට විය.

පසු දිනට පහන් විය දරු දෙදෙනා පාසල් යැවූ ඇය තේ දළු නෙලීමට පිටත් වන්නට සූදානම් විය. සැනෙකින් මෝටර් බයිසිකලයක් මිදුලෙහි නතර කරනවා ඇසුණි. නිවසෙහි ඉදරිපසට දිවගිය ඇයට දැකගන්නට හැකිවූයේ වාරික මුදල් එකතු කිරීමට බලුප් කාරයා පැමිණ ඇති බවයි.

"තව වාරික කීයෙයි මම ගෙවන්න ඕන"

මුදල් දෙන ගමන්ම ඇය ඇසීය.

"අද ගෙව්වට පස්සේ තව වාරික දෙකයි"

මුදල් ගෙවූ රිසිට් පත ඇය අත තබන ගමන්ම ඔහු පවසුවේය. රිසිට් පතද රැගෙන ඇය ආපසු හැරුණා පමණී..

"මේ... ඒක නෙවෙයි, ඔයා පෙරේදා ටවුන් එකේ හිටියා නේද....? "

108 comments:

  1. කතාව නම් සුපිරියට ම ලියල........
    >>"මේ... ඒක නෙවෙයි, ඔයා පෙරේදා ටවුන් එකේ හිටියා නේද....? "<< මෙන්න මේ ටික තමයි.....
    මට හෙනේ ....බං .................

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය බලන් ඉන්නේ ඔය වචන සෙට් එක කියන්න තමයි..
      //මෙන්න මේ ටික තමයි.....
      මට හෙනේ ....බං .................// ඔබට හෙනේ උනේ කොහොමද කියලා තේරුන් නෑ...

      Delete
  2. එතකොට කව්ද කෙලියේ....?

    ReplyDelete
    Replies
    1. කලුතැපැල්.

      Delete
    2. මුගේ යාලුවෙක් වෙන්නැති... නැතිනම් ඇත්තටම මූ දකින්න ඇති . කෙටි කතාවක සාර්ථක අවසානයක් කියවන්නා ට බොහො දේ හිතන්නට දේ ඉතිරි කොට ඇති කදිම අවස්ථාවක්. මේ වගේම අවසානයක් අටං ද අරන් තිබුණත් අටන්ට වඩා මේ අවසානය බොහෝ සාර්ථකයි. අටම් සාර්ථකත්වයේ ආසන්නයට පමණයි පැමිණ තිබුණේ.

      Delete
    3. මම මෑතක කියවපු රසම කතන්දර දෙක. අටමගෙ එකයි. මේකයි. උන් දෙන්නම මුළු කතාවම කියන්නේ නෑ. අපිට හිතාගන්න දෙනවා. අටමගේ එක නම් ආතල්. විදානේගෙ එක තියෙනවා අපේ කල්චර් එක. මේ වෙන්නේ පෝලිමට සෙට් වෙන එක. නමුත් විදානේ ඒක අපිට කියන්නේ නෑ. තේරෙන එකාට තේරෙනවා. අනික් උන් හොල්මන්. ඒකයි කතා දෙකම රහ.

      Delete
    4. @ මාතලන්
      //මේ වෙන්නේ පෝලිමට සෙට් වෙන එක.// මේක තමයි සිද්ද වෙන්නේ එක පාරක් වරද්දගත්තට පස්සේ හදාගන්න ගොඩක් අමාරුයි.. හරියට වැව් බැම්මක කුඩා කාන්දුවකින් මුළු වැව් බැම්මම විනාශ වෙලා යන්න පුළුවන් වගේ..

      Delete
    5. @ මල් D:

      @ නලීන්, මටත් ඕන උනේ හිතන්න යමක් දීලා ඉවර කරන්න තමයි. ඒක දැනුනනම් මම සාර්ථකයි කියල හිතනවා. ස්තුතියි ඇගයීමට. හැබැයි අටම් තරම් හොඳට ලියන්නනම් මම තවත් ගොඩක් ඉගනගන්න වෙනවා..

      Delete
    6. කතාව කියන විදියෙන් අටම් ඔබට ඉදිරියෙන්. ඒත් අවසන් කරන තැන අටම්ට වඩා ඔබ ඉදිරියෙන්. මට හැගෙන්නේ එහෙමයි. ජයවේවා..

      Delete
  3. කතාව නං මරු.. ඒ වගේම උඹ දාපු සමහර ලස්සන යෙදුම් නිසා වචනේට එහා ගිය අර්ථයන් ගෙන එනවා.

    //ඉනික්බිති දෙදෙනාගේම ඇසුනේ සිහින් කෙඳිරිලි හඬවල් පමණී//

    ඔන්න ඔය කියන සිද්ධියක් මම ඇස් දෙකෙන් දැක්කා බං.. මොකද දන්නවද අපේ එකෙක් ඒ දවස් වල සෙට් කරගෙන හිටිය කෙල්ලත් එක්ක පෝන් ලව් එකක් කරල සුරතාන්නතය ලබා ගන්න හැටි මම දැක්කා.. එළ විදානේ..

    ReplyDelete
    Replies
    1. // ඇස් දෙකෙන් දැක්කා බං//

      දැක්කා??? හූ හූ peeping deshaa.... :P

      Delete
    2. මිනිහා ෆෝන් එක හැන්ඩ් ප්‍රී දැම්මා අපිට අහන්න.. කව්රුත් නෙමෙයි බං අර මගේ අවුරුදු තාලේ බේබදු තාලේ කතාවේ ඉන්න පැට්‍රොල් කාරයා.. හැක්..

      Delete
    3. සංසාරෙ ටීක් බෝලේ :D

      තව සිම් එකක් ගන්ඩෝනැ .. !!!

      Delete

    4. @ දේශා, යමෙකු රාත්‍රියේදී දුරකථනයෙන් මල් නෙලනා විට ඔහුගේ/ඇයගේ හඬ අඩුවී හ්ම්.. සහ කෙඳිරිලි හඩක් නැගේනම් සුළු වේලාවකින් ඇඳෙහි කිරි කිරි හඬට සවන්දිය හැක.. ඔය වගේ සීන් වලට නම් දරාපු ගේම් කාරයෝ ඉන්නවා.. දේශාගේ කථාවේ ලින්ක් එක දැම්මනම් වටියි වගේ...

      Delete
    5. @ මාතලන්, ඒක තමයි...

      @ බස්සී, "යතුරු සිදුරින් එබී බලන්නා" කියලා පොතකුත් තියනවා..

      @ පත්තරේ, සිම් දෙකක් හෝ තියන අයට කියන්නේ "සිම්පති" සිම් දෙකකට වඩා තියන අයට කියන්නේ "ඩීප් සිම්පති" කියලා..

      Delete
  4. කෙසේ නමුත් ඇමතුම අවසානයේ හැද සිටි ඇදුම් සොයන්නටද ඇයට වෙහෙසෙන්නට සිදුවූවාය.///

    මේ ලියල තියෙන්නෙ මොකද්ද හබෑටම ඈ...
    මට නං තේරෙන්නෙම නෑනෙ...
    මොන තරං ටයි කොලාද මේ මොන උලව්වක්ද ලියල තියෙන්නෙ කියල බලන්න...

    කතාව නං පට්ටය...
    ඒකෙ හෝදන්නට දෙයක් නැත...
    හික්ස්

    ReplyDelete
    Replies
    1. //මොකද දන්නවද අපේ එකෙක් ඒ දවස් වල සෙට් කරගෙන හිටිය කෙල්ලත් එක්ක පෝන් ලව් එකක් කරල සුරතාන්නතය ලබා ගන්න හැටි මම දැක්කා.// (උපුටා ගැනීම දේශාගේ කොමෙන්ටුවෙනි.) හුකෑස්.… :) ;)

      Delete
    2. //ඇමතුම අවසානයේ හැද සිටි ඇදුම් සොයන්නටද ඇයට වෙහෙසෙන්නට සිදුවූවාය//
      //ඔහුගෙන් ලැබුණු දීර්ඝ හාදුවකින් පසු දුරකථනය විසන්ධි කල....//

      ඈ බොලේ මේ කියන කාලෙ හොලෝග්‍රෑම් තාක්ෂණයත් හොයාගෙනද? :P

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඇඳුං නං ගන්ඩ බැරියෑ සල්ලි වලට.

      ඇඳ කැඩෙද්දෙං - පොලු හැලෙද්දෙං කීවලු !!!

      Delete
    5. ඒවා එහෙම කැඩෙන්නෑ බං පත්තරේ. දම්රෝ ඇඳන්නෙ. ;)

      Delete
    6. @ මහේෂ්, එතකොට ඔබ ළදරුවා? තේරිලා නොතේරුණා වගේ ඉන්නවා නේද? ඔය පහලින් විස්තර කරලා තියේනේ අපූරුවට...ස්තුතියි ඇගයීමට....

      Delete
    7. @ ප්‍රියා, එතකොට උඹ දැකලම නැද්ද?

      @ බස්සී, ඔය කියනේ මේ කාලෙම තමයි..

      @ පත්තරේ, "අඳ කඩිච්චදෙන්, කංකානම ආගදෙන්, කොටන්න අයියා කොල බොක්කටම" කියල තමයි කථාව කියන්නේ..වැඩේ ඉවර වෙලා සල්ලි දුන්නම කිව්වලු "මට මොකටෑ අයියා සල්ලි අයියනේ දාඩිය පොල්ල දාගෙන මහන්සි උනේ" කියලා

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. කතාව පට්ටයි. වැඩක් නෑ ඕවට අහුවෙන මෝඩ ගෑනුන්ට කොච්චර කිවුවත්, කොච්චර ලිවුවත් පලක් නෑ. ගේම පත්තු කරල තියෙන්නෙ අර බල්බ් කාරය වෙන්නැති නේද?

    අර වනිතා හඬ මේ පැත්තට ආවනම් උඹට හොඳ දෙකක් අහගන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. මේ කාලේ කොච්චර දියුණු උනත් තාමත් මොඩකම් අතින් නම් අඩුවක් නෑ.. ගේම පත්තු කරලා තියෙන්නේ බලුප් කාරයාම තමයි..

      වනිතලා මහන්සි වෙන්න ඕන කාන්තාවන් උගුල්වලින් බේරගන්න තමයි.. නමුත් ඔවුන්ගේ දැක්ම වන්නේ හැම පිරිමියාම උගුලක් කියන එකයි ඒකයි ගැටළුව

      Delete
  7. පට්ට බොල.

    ඒ කියන්නෙ බලුප් කාරයා මහ මොළ කාරයා. ඌගේ එකෙක් තමා පියල්.

    පියල් හාල් සේරුව හෝදලා ලිපේ තිබ්බා, දැන් බලුප් මෑන් දිගටම බත් කයි.

    කතාව ලස්සනයි සුනෙත්‍රා ගැන දුකයි.

    ReplyDelete
    Replies
    1. //පියල් හාල් සේරුව හෝදලා ලිපේ තිබ්බා, දැන් බලුප් මෑන් දිගටම බත් කයි.//

      සිරා කතාව බං . :D

      Delete
    2. ආයෙම මචෝ. මට පේන්නෙ බලුප් මෑන් තමා සිරාම ගේම් කාරයා. ඌ ගානට ඇම දැම්මා. සුනෙත්‍රා ඒක ලස්සනට ගිල්ලා.

      Delete
    3. @ ප්‍රියා, බලුප් කාරයා තමයි මොලකාරයා.. මිනිහට ඕන ගේම මිනිහා නියම විදියට ගැහුවා තනියම භුක්ති විඳින්න නෙවෙයි බෙදාගෙනම කන්න...

      Delete
    4. @ පත්තරේ, බෙදාගෙනම කයි

      Delete
  8. පට්ට! උඹේ දැක්ක හොඳම කතාව විදානෙ. අර මනුස්සයගෙ වරදකාරී හැඟීම විස්තර කරපු හැටි තමයි අල්ලල ගියේ

    ReplyDelete
  9. මගේ ඇත්ත නමින් ,පෙට් නේම් එකෙන් දෙකෙන්ම ෆෙස්බුක් හදන් ඉන්නේ පොඩි අයියා.
    ඌ මගේ ජන්මාන්තර වෛරක්කාරයා.විදානෙගේ බලුප්කාරයාගේ තාත්තා වගේ තමා.
    කන පරිප්පු ,පෙරලගන්න බාල්දි ගැන විස්තර කියන්න ඕන නැහැනේ.


    ReplyDelete
    Replies
    1. //ඌ මගේ ජන්මාන්තර වෛරක්කාරයා.විදානෙගේ බලුප්කාරයාගේ තාත්තා වගේ තමා.//

      මෙටිකෙන් ගොඩක් දේවල් හිතාගන්න පුළුවන්..

      Delete
  10. ඔන්න මාකටිං ... දැන් කවුද වැරදි . ? කොහොම වුනත් මේ missed call ප්‍රේම කතාවල අවසානය මේ වගේ තමයි . තම තම නැණ පමණින්

    ReplyDelete
    Replies
    1. //දැන් කවුද වැරදි . ?// ආයෙ දෙකක් නෑ මචෝ එක්කො විදානෙ, එක්කො පත්තරේ, මම නම් නෙමේ ඕන්. :D

      Delete
    2. ඔය පත්තරයයි , විදනේයැයි දෙන්නා හවුලේ කරපු වැඩක්නේ, මම අද තමයි දන්නේ පත්ත්රයාගේ නම පියල් කියලා

      Delete
    3. චැහ්.. මට බස් ලයිෂන් නෑ බොලව්. තිබ්බට එලවන්ඩත් බෑ කකුල් දෙක වෙව්ලනවා :D

      Delete
    4. @ ඉවාන් හරිනෙ බං 'ප'යන්නත් ගැලපෙනවා දෙන්නගෙ. ;)

      @ පත්තරේ මගෙ හීනයක් තියෙනවා බං කවදා හරි කෝච්චියක් එලවන්ඩ. :D

      Delete
    5. @ප්‍රියා
      හිටහන් මන් ගෙනත් දෙන්නම් සෙල්ලං කෝච්චියක්.... හැක්..!

      Delete
    6. @ ඉවාන්, මම හිතන් හිටියේ කථාවේ නමට One missed call කියලා දාන්න තමයි, හැබැයි ඒ නමින් ෆිල්ම් එකකුත් තියන හින්දා නම වෙනස් කරා. ඔය වගේ ප්‍රේම වෘතාන්ත වල අවසානය හරිම ඛේදනීයයි.. කෙළවර වෙන්නේ විනාශෙකින්

      Delete
    7. @ ප්‍රියා,
      //එක්කො විදානෙ, එක්කො පත්තරේ, මම නම් නෙමේ ඕන්. :D// හොරාට කලින් කෙහෙල්කැන වැට පැන ඇති සෙයියාවක් පෙනේ....
      අනේබං විල්බැරෝවක් තල්ලුකරන්න අමාරු බොට මොන කෝච්චිද?

      @ පත්තරේ, ලයිසන් නැති උනාට කකුල දිගනම් එලවන අයත් ඉන්නවා, පන නැත්නම් හැලපෙගේ වැල් පෙනෙල සාත්තුවක් කරගත්ත හැකි..

      @ නිමෝ.. රබර්වලින් හදපු එකක් ගෙනත් දියන් දෙවනි ලෝක යුද්දකාලෙත් පාව්ච්චි කරල තිබ්බේ..

      Delete
  11. මචෝ .. හෝදන්න දෙයක් නෑ.. අර මෙව්ව රූප මැවුනා.. විස්තර කිරිල්ල නං හරිම අපූරුයි.. උඹේ සාර්ථකම නිර්මාණයක්..

    උඹ අරයව ටවුමෙ කොහෙදිද දැක්කෙ ??

    ReplyDelete
    Replies
    1. //උඹ අරයව ටවුමෙ කොහෙදිද දැක්කෙ ??// විදානෙ, උඹ සයිඩ් එකෙන් පොඩි CFL බිස්නස් එකකුත් කරනවද? හික්.… ;D

      Delete
    2. විදානෙයො. කොස්ට් එකට බලුප් 5 ක් දියං.. ටවුමෙදි සල්ලි දෙන්නං !!!

      Delete
    3. මටත් දියන්. කරන්ට් බිල වැඩියි මේ ටිකේ. !!

      Delete
    4. බලුප් නම් එපා... නැද්ද පෝං නොම්බරයක් හෙම....!

      Delete
    5. @ පත්තරේ, රූප මැවුනනං මට සතුටුයි..

      /උඹ අරයව ටවුමෙ කොහෙදිද දැක්කෙ ?? / උඔත් එක්ක ත්‍රීවිල් එකේ යද්දී..

      Delete
    6. @ ප්‍රියා, මම කරන් නෑ බං, ඕනනං සෙට් කරල දෙන්නං,
      වැඩේ වෙන්නේ මෙහෙමයි, බල්බ් එකක මිල රු. 600යි බල්බ් එක ගන්න කොට රුපියල් 100ක් ගෙවන්න ඕන, ඉතිරිවා සතියට රුපියල් 100 ගානේ ගෙවන්න මාස එකහමාරකින් ගෙවල ඉවරයි, ඒ බල්බ් එක විකුණන එකාට කොමිස් එක රුපියල් 200ක් හම්බනවා ඒ කියන්නේ මාසෙකට ඌ හොයල දෙන මුදලින් 33%ක්, මාසෙකට ලක්ෂ එක හමාරක බ්ස්නස් කරොත් ඌ ගොඩ. (සාමාන්‍යෙයන් මහන්සිඋනොත් දවසකට බල්බ් 30ක් විතර විකුණගන්න පුළුවන් ලු)

      @ පත්තරේ, ටවුන් එකට වරෙන් කඩෙන් අරන් දෙන්නං..

      @ නිමෝ, තියනවා, දෙන්නද? කාටවත් නොකියා සේව් කරගනින් 119

      Delete
  12. කායන තැනකට පෙරිලි පෙරිලි වදින්නම් තව කොටසක් ලියපිය.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ මෙන්ඩිස් මේ පැත්තට අාපු පලවෙනි වතාව වෙන්න ඕන.. සාදරයෙන් පිළිගන්නවා එහෙනං..

      මචං මට "කායන තැනක්" නැහැනේ, උඹට තියනවද?
      මේ කථාව මෙතැනින් අවසානයි.. තවත් කථා ඉදිරියේදී බලාපොරෝත්තු වන්න.....

      Delete
    2. සොරි වෙන්ඞ ඔිනේ වචන ටැපලුනා කියන තැනකට කියන්න ගියේ
      ලියවිල්ල උපරිමයි මචං

      Delete
    3. තේරුණා තේරුණා, පොඩි මෙව්වා එකක් කළේ...

      Delete
  13. ඉතා කාලකන්නි අවාසනාවන්ත තත්වය වන්නේ මේ 21 වැනි සියවසේදීත් මේ ආකාරයට පහසුවෙන් නොමගට හරවාගතහැකි ගැහැණු/පිරිමි තවමත් මේ ලෝකේ සිටීමයි. මේ අය සෑහෙන දුරකට අධ්‍යාපනයක්ද ලබාසිටීමයි. සමාජය තුළ තමන් අහන දකින (කටකතා සහ සියලු ජනමාධ්‍ය වලින්) දේවලින් පාඩමක් ඉගෙනගන්නේ නැතිව තම ඉඳුරන් පාලනය කරගත නොහැකි තත්වයට පත්වීමයි.

    ReplyDelete
    Replies
    1. //අවාසනාවන්ත තත්වය වන්නේ මේ 21 වැනි සියවසේදීත් මේ ආකාරයට පහසුවෙන් නොමගට හරවාගතහැකි ගැහැණු/පිරිමි තවමත් මේ ලෝකේ සිටීමයි.//
      ඇත්ත තමයි විචාරක තුමා දියුනු වෙලා තියෙන්නේ තාක්ෂනේ විතරයි, සිතුවිලි වලින් තාම ගල් යුගයේ..
      ජනමාධ්‍ය සහ කටකථාවලින් පාඩමක් ඉගෙන නොගෙන්නේ නෑ ඉගන ගන්නවා තවත් හොඳින් සූක්ෂමව මේ දෙවල් කරන්න..

      Delete
  14. උඹත් වැඩකාරයෙක් එහෙනං ඈ.ආයෙ හෝදන්න දෙයක් නෑ කතාව සුපිරියි බං.පෝන් සෙක්ස් ගැන අපි දන්න එකක්යැ.ඒක නෙවෙයි සුනේත්‍රට අයිස්ක්‍රීම් කැව්වේ ඇයි.

    ReplyDelete
    Replies
    1. අයිස් කිරිමෙ ප්‍රශ්ණෙ මටත් ආවා. විදෝ, ඒ 'මුව' කියලා හැදින්නුවෙ කතා කරන 'මුව'ද? නැත්නම් වෙන 'මුව'ක්ද? මම හිතන විදිහට කතා කරන මුව නෙමේ අනික.…

      //ඈ මුව තුල රැදි සියල්ලෙන් කොටසක් හෝ කුසතුලට යා නොදී සෝදා හරින්ට උත්සාහ කළාය..//

      Delete
    2. මං හිතුවේ මුවා කියලා :P

      Delete
    3. තැන්ක්ව් හැලප අයියා,
      අයිස් ක්‍රීම් කැව්වේ.. අනේ මන්දා මෙව්වට කොහොම උත්තර දෙන්නද කියලා.. හැබැයි 1100 පොන් එකක් නම් හැලපයියට අරන් දෙන්න හිතෙනව සම්මාදම් කරල හරි..

      Delete
  15. සුනේත්‍රාගෙ ගෙදරට පත්තරේ එහෙම ගන්නවද දන් නෑ.. !!!

    ReplyDelete
    Replies
    1. උඹ කළබල නොවී හිටින්.. විදානෙ බලුප් දෙන්න යන ගමන් පත්තරත් දෙනවලු.!! :)

      Delete
    2. ගන්නවා ගන්නවා, හැබැයි උබ වගේ වල් පත්තර නෙමෙයි....! :P

      Delete
    3. @ පත්තරේ, ගන්නවා හැබැයි අර ඔයාගේ නම තියන අනික් කෙනාගෙන්,

      @ ප්‍රියා, ඒකියන්නේ සයඩ් බිස්නස් එක අතරේ සයිඩ් බිස්සනස් එකක්??

      @ නිමෝ, වල් පත්තර කියන්නේ මොනවද? අපිනං අහල තියෙන්නේ වල් පැලෑටි ගැන..

      Delete
  16. මෙය සාමාන්‍ය ජන සමාජයේ සිදුවන සිදුවීමක්, මේකට කවුරු වැරදියි, කීමට නොපුළුවන් වන්නේ, මිනිස් ආශාවන් ක්ෂණිකව ඉස්මතුවෙද්දී හරි වැරැද්ද නොපෙනී යාමය.

    පියල් ලා, සමාජයේ කොතෙකුත් සිටින බව කාන්තාවෝ දැනගත යුතුය.

    විදානේ මේ කතාව ලස්සනට ගලපලා ලියල තියනවා,

    ReplyDelete
    Replies
    1. >>මෙය සාමාන්‍ය ජන සමාජයේ සිදුවන සිදුවීමක්, මේකට කවුරු වැරදියි, කීමට නොපුළුවන් වන්නේ, මිනිස් ආශාවන් ක්ෂණිකව ඉස්මතුවෙද්දී හරි වැරැද්ද නොපෙනී යාමය. <<
      ++++++++++++++++++++++++++++++++++++++=

      Delete
    2. @ නිහිංසා
      /මේකට කවුරු වැරදියි, කීමට නොපුළුවන් වන්නේ, මිනිස් ආශාවන් ක්ෂණිකව ඉස්මතුවෙද්දී හරි වැරැද්ද නොපෙනී යාමය./ සහතික ඇත්ත

      පියල්ලා කොතෙකුත් සිටින බව කාන්තාවන් දැනගත්තද ඔවන්ට හසුවන එකෙහි සීමාවක් ද නැත.. ස්තුතියි ඇගයුමට


      Delete
    3. @ කෙන්ජි,
      =+++++++++++++++++++++++++++++++

      Delete
  17. කොටන්න ආ කමෙන්ටුව මාතලන්ට උත්තර හැටියට දැම්මො විදානේ..

    ReplyDelete
  18. නියමයි විදානෙ..

    //මේ... ඒක නෙවෙයි, ඔයා පෙරේදා ටවුන් එකේ හිටියා නේද//
    කතාව කියවල ඉවර වුණාම මේ ටික මටත් තේරුන්නෑ.. ප්‍රියාගෙ කමන්ට් එකෙං තමා වැඩේ තේරුණේ..
    හැබැයි ඒක කතාවෙ අඩු පාඩුවක්නං නෙවේ... හිතන්න දෙයක් ඉතුරු කරන කෙටි කතා ඔය වගේ තමා..
    මේ දවස් ටිකේ කියවපු හොඳම කතාවක් මේක.. එල..

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ මේ පැත්තේ කොමෙන්ට් කරපු පලවෙනි වතාව වෙන්න ඕන සාදරයෙන් පිළිගන්නවා මේ මළදානෙට......

      කථාව කොහොම හරි තේරුං ගත්තනං සතුටක්.. ස්තුතියි අගයකිරීම් වලට..

      Delete
  19. සුපිරියටම දීලා තියෙනවා.... ආයේ වංගු මොකටෙයි..
    කතාව ගැන වර්නන නම් ආයේ දෙන්න දෙයක් නෑ.

    ReplyDelete
  20. ආශාවන්, හැඟීම් යනාදිය තවම නොහැකි වී නැති කාටත් තිබේ.
    මේ කාරණා ගැන විරෝධය පාන්නේ කුහක සුචරිතවාදීන් පමණි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්....

      Delete
    2. /විරෝධය පාන්නේ කුහක සුචරිතවාදීන් පමණි./ - මේකනම් ඇත්ත --
      නමුත් තමාට තමාව පාලනය කරගැනීමේ හැකියාවකුත් පැවතිය යුතුයි නේද?

      Delete
    3. @ කෙන්ජි,
      හ්ම්ම්ම්ම්ම්....

      Delete
  21. මෙතන වැරැද්ද තියෙන්නෙ මෙ සිදුවිම බැලැක්මෙල් කරන්න පුලුවන් සමාජ ක්‍රමෙ.නැත්නම් මෙ කාන්තාවගෙ කිසිම වරදක් නැ.ඔව් මම හිටිය ඉතින් තමුසෙට මොකද කියල අහන්න පුලුවන් නම් නියමයි

    ReplyDelete
    Replies
    1. /ඔව් මම හිටිය ඉතින් තමුසෙට මොකද කියල අහන්න පුලුවන් නම් නියමයි/ ඔය වගේ අයත් අපේ සමාජේ කලාතුරකින් ඉන්නවා දමිත්

      මෙන්න ඒ ගැන ලියපු එකක්
      http://cvpsur.blogspot.com/2014_04_01_archive.html - ඇය පොඩ්ඩී නම් විය

      Delete
  22. අපි ජීවත් වෙන සමාජයේ කථා දහස් ගනනකින් එක් කථාවක් ලෙස විදානෙ මේ කථාව ඉතාම හොදින් ගොඩනගා ඇති බව නොකියාම බෑ...අවසානයේ ඇසෙන දෙබසින් ඇය යන්නට අධිෂ්ඨාන කරන මාර්ගයේ යන්නට ඇයට තවත් කල්ගත වනු ඇති බවක් සිතේ... ජය !

    ReplyDelete
    Replies
    1. ඇත්ත අවසානයේ ඇයට ඉන් ගැලවීමක් නොමැති වෙනවා. ඒක ඇගේ මොඩකම නිසාම සිදුවූ දෙයක්..

      Delete
  23. ඕක තමයි විදානේ අද කාලේ බොහොමයක් ප්‍රේම කතා වල තත්වය. දුරකථනයකින් කතා කරලා මුහුණ දකින්නෙවත් නැතුව ගොඩක් දුර යනවා. හමුබවෙන්නේ ඔය දේ වෙනුවෙන් ම තමයි. සමහර විට ඕක පළවෙනිම දවසේ නොවුණත් දෙවැනි දවස බොහෝ විට ඕක තමයි. එදා කවි ලියුව ගීත ගායනා වුණ ප්‍රේමය දැන් අතුරුදහන් වෙලා. ආදරය කියන්නේ රාගය විතරක් වෙලා. ඉතින් අද රසවින්දනයක් නැති සමාජයකින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ තමයි නේද,,???

    කතාව නම් නියමෙට ලියලා තියෙනවා. අනවශ්‍ය තැන් ඔබ හරි අගේට මගහැරලා ව්‍යංගයෙන් විස්තර කරලා තියෙනවා. කතාව ඕනෙම කෙනෙකුට කියවන්න පුළුවන් විදිහට තියෙනවා. ඒ ඔබේ හැකියාව විදානේ............

    ටිකක් සීරියස් වුණා වැඩිද මන්දා???

    ReplyDelete
    Replies
    1. /එදා කවි ලියුව ගීත ගායනා වුණ ප්‍රේමය දැන් අතුරුදහන් වෙලා. ආදරය කියන්නේ රාගය විතරක් වෙලා. / ඉස්සර පෝයට කොල්ලො කෙල්ලෝ ගියේ පංසල්, අද මල් හඳුන්කූරු අරගෙන කොල්ලො කෙල්ලෝ යන්නේ රූම් එකකට.. මට හිතෙනවිදියට සීරියස් වැඩිනම් නෑ.. ස්තුතියි අගයකිරීමට..

      Delete
    2. කතාව ඇත්ත විදානේ. මේ දේවල් ගැන විවෘතව කතා කරන සමාජයක් ඇතිවෙනකල් මේවා හැංගිලා ඔහේ සිද්ද වේගන යනවා. ඒත් ගැටළුව තියෙන්නේ තාරුණ්‍යය වටා ගොඩනැගෙන හැම ව්‍යාපාරික දෙයක් ම ඔවුන්ගේ රාගය අවුස්සමින් සල්ලි හම්බකරන්න යන එක නිසා වත්මන් තාරුණ්‍යය අනාථ වී සිටීමයි. අන්නත්තාර දේශපාලනය සහ ආර්ථික මේවට වගකියන්න ඕන නැත්ද???

      Delete
  24. විදානේ මේක එක කතාවක් විතරයි. ඔය වෙළද මඟඩි වලදි නම්බර් එකක් දෙද්දි හරි පරෙස්සම් වෙන්න ඕනේ. මේ වගේ දියුණු රටවලත් ඕවා වෙනවා. පෞද්ගලිකව කෝල් කරන එක නෙමෙයි සෙට් එක පිටින් තවත් කොම්පැනියකට විකුණන එක. ලංකාවේ නම් දන්නේ අපි ඒවගේ අපේ ඩිටේල්ස් දෙද්දි ප්‍රිවසි කොන්ට්‍රෝල් වලට ක්‍රොස් කරන්නත් එනවා මෙහේ නම්. ඒ මොනවා කලත් අපේ පෞද්ගලිකත්වය අනාරක්ශිතයි. මම ගෙදර හිටියොත් දවසකට කෝල්ස් පහක් ආවොත් ගෙදර ෆෝන් එකට හතරක් කොමර්සල් කෝල්ස්. ගෙදර නම්බර් එක මම දීලා නෑ මගේ කිට්ටුම හිතවතෙකුටවත්.
    මොබයිල් ගැන නම් මොන කතාද? මගේ ෆෝන් නම්බර්ස් නම් කොල්ලයි බල්ලයි හැම එකා ගාවම තියෙනවා රාජකාරි හේතුන් මත. හිටි ගමන් කවුරු හරි කෝල් කරලා ඔයා කවුද කියලා අහන කෝල්ස් ත් තියෙනවා. ඒ වෙලාවට පොඩ්ඩක් රතු ලයිට් දැම්මම ආයේ ඒ කෝල්ස් එන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. සමා වෙන්න කලින් ලියන්න අමතක වුනා.
      ඔබේ මේ ලිවීමේ රටාව බොහොම ඉහලයි.

      Delete
    2. ඔව් රංගි අපි සිම් එකක් අරං කාටවත් නම්බර් එක නොදී හිටියත් මාසයක් යනකොට දවසට SMS 10ක් වත් එන්න පටන් ගන්නවා ඒකියන්නේ කොම්පැනියෙන්ම අපි විකුණලා.. මේ ගැන වැදගත් ලිපියක් සුදීක ලියලා තිබුණා

      මෙන්න ලින්ක් එක..
      http://awidda-paya.blogspot.com/2014/07/be-careful-when-providing-your-mobile.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+blogspot%2FDxLND+%28%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%BA+......%29

      විශේෂයෙන්ම අපේ කාන්තාවන් තවමත් මගහැරුණු ඇමතුම් පසුපස යන්නටත්, නොදන්නා අයගේ ඇමතුම් විශ්වාස කරන්නටත් යනවා, මෙතැන තමයි ලොකුම ගැටළුව.. ස්තුතියි අගයකිරීමට

      Delete
  25. කතාව එල ,ගලගෙන යන්වා නියමෙටම් මෙක දාමයකට සැට් වෙන්න නේ යන්නෙ ,ඊලඟට බලුප් පෙනෙයි ....හක් හක් ....... පට්ටයි ...

    ReplyDelete
    Replies
    1. ඊලගට බලුප්කාරයා, බලුප්කාරයාගේ යාළුවෝ, ගමේ අඳුනගත්ත අය යනාදී වශයෙන්, දාමයකට සෙට්වෙන්න පුළුවන්.. ගැලවීමක් නෑ.. ගොඩක් තැන්වල ඔහොම තමයි..

      Delete
    2. අන්තිම අන්තිම වෙද්දි අපිත් ඉඳීද දන් නෑ . ඕ යේස්

      Delete
    3. ඔව් සහෝදර, සඳුමල්, මකසි.. ඉවාන්.. මාතලන්.. කතන්දර යනාදී වශයෙන්..

      Delete
  26. රවටන්න තරම් දෙයක් නෑ අවශ්‍යතාව තියන ගැහැණු පිරිමි ඕන තරම් සමාජයේ ඉන්නවා. නෝමල් බස් එකේ පහල සහ මැද පන්තියේ අයත් , ඒසී බස් එකේ මැද පන්තියේ අයත්, එම් සී එකේ ඉහල මැද පන්තියේ අයත් සිනමන් ලොබි එකේ ඉහල පන්තියේ අයත් මට මුණ ගැහිලා තියනවා
    කිසිම රැවටිල්ලක් නෑ දෙන්න කැමැත්තෙන් තමයි. 60 දෙනෙක් එක්ක විතර බුදියාගන අත්දැකීමෙන් තමයි මම ලියන්නේ. ඔය කිසිම සහෝදරියක් පසුව පසුතැවිලි වෙනවා මම දැකල නැහැ. හැබැයි සමහරු පසුව කරදර වෙයි කියල බයට එක පාරින්ම සම්බන්දය නවත්වනවා. බහුතරය කිහිප වතාවක් නැවත හමුවෙනවා. මමත් ගොඩක් දුර සම්බන්දය ගෙනියන්නේ නැහැ.

    ReplyDelete
  27. ඔන්න මේ පැත්තටත් ගාටගෙන ආව.:) ලස්සනයි කතා ටික. බල්බ් වියාපාරෙ සරු වේවා !!!!!! ^_^

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා එහෙනං මේ මළදානෙට...
      ස්තුතියි ප්‍රාර්ථනාවට.. හැක්

      Delete
  28. විදානේ මාමේ බලුප් කාරයගෙ වැඩ ගැන කියන දෙවනි කතාවකුත් තියනවයැ?

    ReplyDelete
    Replies
    1. මේ කථාවේ දෙවනි කොටසක් ගැන බොහෝ දෙනක් අහනවා.. හැබැයි දෙවනි කොටසක් නම් නෑ මල් මල්...

      සාදරයෙන් පිළිගන්නවා මේ මළදානෙට....

      Delete
  29. නිතර දකින මාර්තෘකාවක් වුනාට ලියලා තියෙන විදිය හරිම අපූරුයි විදානේ. කියවන කෙනාගේ කුතුහලය දිගටම තියාගෙන ලියලා තියෙනවා. ඒ වගේම අර අන්තිම ටිකෙන් තව ගොඩක් චිත්ත රූපත් මවා ගත්තු හැකි.

    අලුත් දේවල හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙන බව ඔප්පු කරන තවත් සිද්ධියක්...

    කොහොම වුනත් ඒ ගැහැනිය ගැන නම් හිතට ආවේ ලොකු දුකක්.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා පොඩි කුමාරිහාමිව මේ මළදානේට...
      අළුත් දේවවල් හොද දේට වඩා නරක දේට යොදාගන්න තමයි වැඩිපුර දෙනාගේ උත්සාහය.. ඒ වගේ අනන්තවත් ගැහැණු අපි අතරම ජීවත්වෙනවා..

      ස්තුතියි අගයකිරීමට

      Delete
  30. මේ දේ තමයි බොහෝ දුරට වෙන්නේ. සෙක්ස් කියන්නේ මානුශික අවශ්‍යතාවයක්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ මට හිතෙන හැටියට නම් අතින් අත යන්නේ නැතුව.

    මේක නම් සුපිරිම ලියවිල්ලක්. කාලෙකින් කියවපු හොඳ ලියවීල්ලක්!!

    ReplyDelete
    Replies
    1. ඔව් අරූ අයියා.. ආගමික සහ ගැමි වටපිටාවක හැදුනු කෙනෙකුට ඒ වගේ දෙයක් ගොඩක් හිතට වදිනවා.. අතින් අත යවන්නෙත් ඉතිං පාවිච්චි කරන උදවියමනේ..
      ස්තුතියි අරූ අයියා ඇගැයුමට..

      Delete
  31. විදානෙ, උඹ රසට ලියන "පොරක්" වෙනව කියල මම ඒ දවස්වලමනෙ කිව්වෙ. ඉතින් අයෙ මේකට අමුත්වෙන් එළ, පට්ට කියන්න දෙයක් නෑ.

    ඕනම සුලභ මාතෘකාව, නිතර ඇහෙන කතාවක් ලස්සනට ඉදිරිපත් කරන්න පුලුවන් හැබෑ දස්සයෑකුට. ඒක ආයි පරක් උඹ ඔප්පු කරල පෙන්නල තියෙනව. ඒත් මේ නිර්මාන තව එලිය වැටේවි සුලභ කතාවල වෙනස් පැත්තක් පෙන්නන්න පුලුවනි නං. නොහිතන අවසානයක් වෙත ගෙනියන්න පුලුවන්නං. එකම එක පාරක් මම ඉවානයගෙ එහම කතාවක් දැක්ක. උඹත් අර බල්බ් වැල ගැන ලිව්ව එක තරමක් ඒ වගේ.

    ඔය ඔක්කොම අතරින් මම තාම කැමති උඹ ලියාපු පොඩි එකාගෙ පැන්සල කතාවට. අන්න ඒ වගේ වෙනස් ආරක කතාවකට සුභ ගමන්!!

    ReplyDelete
  32. සුපිරි කතාවක්...

    මේ බලුප්කාරයා සුනේත්‍රාව ටවුන් එකේදී අහම්බෙන් දැක්කා කියලා උපකල්පනය කළොත්;

    පියල් වැරැද්දක් කලාය කියන්න මමනම් ඉක්මන් වෙන්නේ නෑ... දුරකථනයෙන් පුරුද්දක් විදියට සිදුවුන දේ ඊලඟ ලෙවල් එකට ගෙනාව එකයි ඌ කලේ...දොඩමළුවෙන්න නම් ෆෝන් එකෙනුත් බැරියෑ....

    සිම් එක පුච්චන්න කලින් සුනේත්‍රාට ඌට මැසේජ් එකක්වත් ගහන්න තිබුනා මට මැරුණ මනුස්සයාට ද්‍රෝහි වෙන්න බෑ මම මේක නවත්තනවා කියලා...දැන් උගේ බොක්කටම මේ සම්බන්දය වැදිලා තිබුනානම් එකපාරම සිම් එක වැඩකරන්නෙ නැතුව ගියාම ඌ හොල්මන් වෙන්න ඇති...

    කතාවේ අඩුපාඩුවක් නෙමේ මම කියන්නෙ මම ඒ චරිත වල ජීවත් වෙද්දී දැනුන සුනේත්‍රාගේ අඩුපාඩුවක්...

    මොනාවුනත් කතාව උපරිමයෙන් රසවින්දා... ජයවේවා..!

    ReplyDelete
  33. පහුගිය ටිකේ බ්ලොග් වලට එන්ම්න බැරිවෙච්ච නිසාම මං සෑහෙන පස්සට ගිහිල්ලා. කොහොමහරි ඔක්කොගෙම පෝස්ට් ටික දැන් තමයි කියවල ඉවරකලේ. කතාව බොහොම ලස්සනයි විදානෙ.

    ReplyDelete
  34. Sahodarayage kathawilashaya hari lassanai. kathawath supiri. Comment kiyewwama "atama" ge saha "Ivan"ge blog kyawanna asa hithuna. Kawuru hari link 1k dunnoth hari watinawa.

    ReplyDelete