Tuesday, August 14, 2018

නාය.... (කෙටිකථාව)

පිදුම - ආදරණීය විචාරකට


*******************************************************************************
නාය....

ඇය අතැති තේ කොප්පය දැං  සීතල වී බොහෝ වේලාය. එහෙත් ඇය එය හෙමින් හෙමින් තොල ගාමින් එපිටින් පෙනෙන ගොඩනැගිල්ලෙන් පහතට බසින තරප්පු පෙළ දිහා නෙත් යොමාගෙනය. ඇසි පිය ගසන්නට හැර ඇය එයින් නෙත් වෙනතක නොගත්තාය. ඇය කිසිවෙකුගේ පැමිණීමක් බලාපොරොත්තුවෙන් සිටිනා බව දකින ඕනෑම අයකුට වටහාගත හැක. ඇය සිටින්නේ ඇගේම කාර්යාලයේ ආපන ශාලාවේ කාර්යාල ගොඩනැගිල්ලේ තරප්පු පේලිය හොඳින් පෙනෙන මේසයකය. එම මේසය මත ඇය මිතුරෙකුගෙන් ඉල්ලා ගත් හෙල්මටයක් ද විය. කාලය විනාඩි තිහ හතලිහක් පමණ ගෙවෙද්දී ඇය සෙවූ රුව කාර්යාලීය උඩු මහලින් මහත් කලබලයෙන් පහලට බහින්නට විය.

ඔබ සිතුවා නිවැරදිය ඒ කලබලයෙන් පහලට බැස්සේ ඇයගේ පෙම්වතාය. ඇත්තම කිව්වොත් මීට සතියක් හමාරක් වෙනකං ඇයගේ පෙම්වතාය. හේතු කාරණා කිසිත් නොදන්වා ඇගෙන් වෙන්ව යන්නට සැරසෙන පෙම්වතාය. පසුගිය සතියක පමන කාලයේදී ඇයගෙන් කට්ටිපැන්න  පෙම්වතාට අද නම් ගැලවීමක් නොවුනි. ඔහු යතුරු පැදිය හරවා පනගන්වන්නට හදන විට හෙල්මටයකුත් හිස පැළඳි ඇය එහි පසුපසින් වාඩිවීය.  

"විකාර නැතිව බහින්න."

"බෑ.."

"මට වැඩ වගයක් තියනවා.."

"ඉවර වෙනකං මාත් ඉන්නං.."

"හරි හරි කොහෙටද යන්න ඕන.."

"ඕන තැනකට.."

ඇයත් සමග වාදයකට යාමේ  තේරුමක් නොමැති බව දැනගත් ඔහු යතුරු පැදිය පනගන්වා සෙමින් ඉදිරියට පදවන්නට විය. 

මෙම ආයතනට ඇය රැකියාවට පැමිණියේ මෙයට වසරකට පමණ පෙරදීය. ඉන් මාස දෙක තුනකට පමන පසු ආයතනයේම ඉහල නිළධාරියකු වූ දිනෙෂ් ඇගේ සිත් සොරකම් කරන්නට සමත් විය. ඔහුගේ ගම නාරම්මල කිට්ටුව ගමකි ඉඩකඩම් දේපල එතරම් නොමැති උවත් උන්න්දුවෙන් සහ උත්සාහයෙන් ඔහු මෙම තත්වයට පැමිණ ඇත. 

"සල්ලියබාගේ නැතිඋනත් ඔයාට ගැලපෙනව කියල හිතෙනව නම් අපි ටිකක් ඒ ළමයා ගැන හොයල බලමු..." ඇගේ පියාගේ මේ වඳන් ඇසුනු දින ඇය සතුටින් ඉපිල ගියාය.

දිනක්  කාර්යාලයේ මිතුරකුගේ පියකුගේ අවමගුලකට ඔවුනට හදිසියේම මාවනැල්ලට යන්නට සිදුවිය. ගමනට යොදාගත් වාහනය ප්‍රමාද වී පැමිනෙන බැවින් ඔවුනට හුරු යතුරු පැදියෙන්ම මාවනැල්ලට යන්නට පිටත්වුවා ඇයට අද වාගේ මතකය. ටික වේලාවක් මලගෙදර ගතකල ඔවුන් ඉක්මනින්ම නැවත පැමිණීයේ රාත්‍රී අට නවය වනවිටවත් නිවසට පැමිනෙන්නට සිතාගෙනය. එහෙත් එදින ස්වභාව ධර්මයා ඔවුනට හරස් විය ටික දුරක් පැමිණි පසු ඇද හැලුණු ධාරානීපාත වර්ෂාව විසින් ඔවුන්ව අතරමග නවාතැන්පලක නතරකරවුනු ලැබීය. රාත්‍රියෙහි බියර් කෑන් දෙකක් හිස් කල ඔවුන් දෙදෙනා වැස්ස වලාහක දෙවියන්ට පිං දෙමින් බොහෝ සතුටින් වෙහෙස මහන්සියෙන් රැය පහන් කලහ. පසුදින උදයෙහි ලේ පැහැ ගැන්වුනු ඇඳ ඇතිරිල්ල බෑගයට ඔබා ගනිමින් ඔවුන් මහත් සන්තාපයෙන් යුතුව නවාතැන් පොලෙන් නික්මිණ.

එම සිදුවීම සිදුවූයේ මෙයිට මාස හතරකට පමණ පෙරදීය. එදා බොහෝ කෙලිදෙලෙන් යුතුව යතුරු පැදිය පදින දිනේෂ් වෙනුවට අද සිටින්නේ වෙනමම මිනිසෙකි. ඒ වෙනස ඇති වූයේ මෙයට සතියකට හමාරකට පෙර සිටය. සති අන්ත නිවාඩුවකට ගෙදර ගොසින් පැමිණි දිනේෂ් හැසිරුනේ සිහි මඳ වූවෙකු ලෙසිනි, කිසිවෙකුටත් වැඩිපුර මුහුණ නොදුන් ඔහු, සෑම විටකම පාහේ ඇයව මගගැරියේය. දුරකථනයද කිසිවිටකත් වැඩකරන්නේ නැත. ඔහු දින කිහිපයක්ම රැකියාවටද නොපැමිණියේය. අන්තිමට ඇයට ආරන්චිවුයේ ඔහු වෙනත් රැකියාවක් සොයාගැනීමට උත්සාහ කරන බවයි. හදීසියෙන් ඇයව මුණ ගැසුණු විටදී ඔහු "මාව අමතක කරන්න - ප්ලීස්" යනුවෙන් පවසා ඉක්මනින්ම එතැනින් මාරුවිය.

මොහුගේ මේ වෙනස්වීමට හේතුව ඇයට නම් මහත් ප්‍රහේලිකාවකි. ඔවුන්ගේ නිවසින් ඇයට අකමැති වන්නට කිසිඳු හේතුවක් නැත. තවද ඇගේ නිවසින්ද ලොකු බලපෑමක් නැත. මොහු තමන්ව අනාතකර දමා යන්නට සදන සළෙලෙකුදැයි විටක ඇයට සිතුණි. එහෙත් පෙර සිදුවීමෙන් මාස හතරක් ගතවුනු තැන අදද ඔහුගෙන් ඇයට බලපෑමක් නැත. ඇයට මෙය මහා ප්‍රහේලිකාවකි එයට උත්තර ඇත්තේ ඔහු ලඟම පමණී. 
"මොඩයා මොකක් හරි සිම්පල් කේස් එකකට පිස්සු නටනවා ඇති. " ඇය ඇයටම කියා ගත්තාය.


"බහින්න.."

වෙනදා පැමිනෙන අවන්හලමය. කිසිවත් නොකියාම ඔවුන් දෙදෙනා ඔවුන්නට හුරුපුරුදු මේසය වෙත ගමන් කලේය. ඇය එක එලේලේම ඔහුගේ දෑස් දෙස බැලීය. ඔහුගේ දෑස් ඇගෙන් වහන් වන්නට අසීරු උත්සාහකය. 

"මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ..?"

"මට පිස්සු හැදිලා .. අනේ ප්ලීස් ප්ලීස් මාව අමතක කරන්න.."

"අමතක කරන්නං මෙච්චර දුර එන්න ඕනද? විකාර නැතුව මොකක්ද වෙලා තියෙන්නේ කියන්න..?"

ඇගේ පෙරැත්ත කිරීම්, තර්ජනය කිරීම්, හඬාවැලපීම්, හමුවේ අවසානයේ ඔහුට පරාජය වන්නට සිදුවිය. 

"මට සමාවෙන්න.."

"ඔය ආයෙත් මුලට එන්න හදනවා, දැං හොද ළමයා වගේ මොකක්ද උනේ කියන්න ?"

ඉද සිටි අසුනින් නැගිට ගත් දිනේෂ් අවන්හලෙහි ශීතකරණයවෙත ගොස් එහි ඇති සිසිල් වතුර බෝතලයක් ගෙන එක හුස්මට එය බීගෙන බීගෙන ගියේය. හිස් බෝතලය මේසය මතින් තැබූ ඔහු දෙඅත් මේසය මත තබා මදක් ඇගේ මුහුණ දෙසට එබීණ.

"අර මහව තියෙන සුපර් සිටි එක කාගෙද?..,"

"අයියෝ මං දවසක් කිව්වේ ඒ බිල්ඩිම අපේ තාත්තගේ දැං සුපර් සිටි එකට කුලියට දීල තියනවා. දැං ඒකේ මාසේ කුලිය වැටෙන්නේ මගේ එකවුන්ට් එකටනේ "

"කුලියක් මං ඇහුවෙ නෑනේ ඔය මගුල දාන්න කලින් ඔතන මොකක්ද තිබුනේ?"

"අනේ ඇයි මේ විකාර කථා කියන්නේ .. හරි හරි.. මං මුල ඉඳන්ම කියන්නං කෝ අහගන්න, අපේ තාත්තලාගේ මහ ගෙවල් මහව ඒකාලේ තාත්තා ඔතැන  පොඩි බුක්ෂොප් එකක් දාගෙන ඉඳල තියනවා. අම්මව මැරිකලාට පස්සෙ මෙහෙට ඇවිත් පදිංචිවෙලා, පස්සේ ඔතන අලුතින් බිල්ඩින් එකක් හදලා සුපර් සිටි එකට දීලා තියෙනවා.. එච්චරයි"

යලිත් ටික වේලාවක දැඩි නිහඬතාවකි. ඇය බලාපොරොත්තු සහිතව ඔහුදෙස නෙත් යොමාගෙනය. ඔහු මුහණ පහතට හරවා දෑසින් වැටෙන කඳුලු පිහිදමිනි. 

"දන්නවද ? " නිහඩියාව බිඳිමින් ඔහුගේ බිඳුනු හඬය..

"මොකක්ද?"

"අපේ අම්මා කලින් වැඩකරලා තියෙන්නේ ඔය බුක්ෂොප් එකේ තමයි"

-------------------------------------------------------


(නම් ගම් මනඃකල්පිතයි)
නිමි -


23 comments:

  1. That is sad, this kind of things can happen though

    ReplyDelete
  2. Nicely written and well developed story. I remember reading couple of similar stories Long time ago in a book called, Ekama Le' . Can't remember the author.

    ReplyDelete
  3. විදානේ නැවතත් , සුපිරි

    ReplyDelete
  4. නැවතත් කරලියට.

    එල.....................

    ReplyDelete
  5. උඹලටත් බ්ලෛාග් තියෙනවා නේ. මම ලියපු අර ටියුෂන් සර්ගෙයි අම්මගෙයි දූගෙයි කතාව මතක් උනා

    ReplyDelete
  6. //අවන්හලෙහි ශීතකරණයවෙත ගොස් එහි ඇති සිසිල් වතුර බෝතලයක් ගෙන එක හුස්මට එය බීගෙන බීගෙන ගියේය// මේ ටික මට නිකං දැකල පුරුදුයි වගේ. හැක්..

    ReplyDelete
    Replies
    1. සිසිල් වතුර කියන එක වෙනස් වෙන්න ඕනි නෙහ්..

      Delete
  7. දැන් මේ කතාවෙයි විචාරක ගෙයි තියෙන සම්බන්ධෙ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. අපි මෙහෙමයි මිනි මැරුවේ කියා පන්පොරි ගහපු එවුන්ට මිනිමරුවනට පොත් ලියා පුදන සත්වයෝ සිටින්නේ ලංකාවේ පමණි

      Delete
  8. දානේ නැවතත්...!
    ජය වේවා!

    ReplyDelete
  9. පිදුමට ස්තූතියි මටත් අහන්න තියෙන්නේ අර හැලප මහත්තයා අහලා තියන ප්‍රහ්කයමයි?
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. අපි මෙහෙමයි මිනි මැරුවේ කියා පන්පොරි ගහපු එවුන්ට මිනිමරුවනට පොත් ලියා පුදන සත්වයෝ සිටින්නේ ලංකාවේ පමණි

      Delete
  10. අපි මෙහෙමයි මිනි මැරුවේ කියා පන්පොරි ගහපු එවුන්ට මිනිමරුවනට පොත් ලියා පුදන සත්වයෝ සිටින්නේ ලංකාවේ පමණි

    ReplyDelete
  11. හමුදාවේ මිනි මරපු එවුන්ට ලෝකෙට පෙන්න පර්පෙච්වෙල් සොරාකපු සල්ලිවලින් නෙලුම්යයෙන් සම්මාන දෙන්න පුලුවන්නම් පොතක් පිදුවම අවුලකුත් නැ

    ReplyDelete
  12. අංජලිකා ෆිල්ම් එකේ ටිකක් ඔය වගේ සිදුවීමක් තිබුණේ. හැබැයි ඒකෙ අවසානය සතුටුදායකයි.

    ReplyDelete

  13. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete