Sunday, December 13, 2015

ඔබගේ අළුත් හැඳුනුම්පත් අංකය???

ශ්‍රී ලංකාවේ පුරවැසිබව තියෙන වයස අවුරුදු දහසයට වැඩිනම් අනිවාර්යයෙන්ම ජාතික හැදුනුම් පතක් තියෙන්න ඕන. අපි යන එන හැමතැනකම මේ ජාතික හැඳුනුම් පත රැගෙන යාම අනිවාර්යයි. පහුගිය කාලේ නං ජාතික හැදුනුම් පත නැතිව පාරට බහින්නත බැරි තත්වයක් තමයි උද්ගත වෙලා තිබුනේ.

හරි මං කතාකරන්න යන්නේ ජාතික හැදුනුම් පතේ තිබෙන අංකය පිළිබඳවයි. ජාතික හැඳුනුම් පතක් මුලින්ම නිකුත් කරන්නට පටන් ගත්තේ 1972 වර්ශයේ සිටයි. දැනට නිකුත් කරන ජාතික හැදුනුම් පත‍ෙහි  අංක නවයකින් සහ "v" හෝ "x" අකුර සඳහන් අංකයක් දැක ගන්න පුළුවන්. මේ අංක නවය සෑදෙන ආකාරය පිළිබදව බොහෝ දෙනා දැනුවත් මේ පිළිබඳ නොදැනුවත් අයත් ඉන්න පුළුවන්.

උදාහරණයක් ලෙස 310423579 v කියන හැඳුනුම් පත් අංකය සලකා බලමු. (මෙම අංකයෙහි  හිමිකරු මාහට කමා කරත්වා)

310423579 v

මෙම අංකය පැහැදිලි කරදීමේ පහසුව තකා මවිසින් කොටස් පහකට වෙන්කර පාට පහකින් දක්වා තිබෙනවා.

මුල්ම අංක දෙක (31)


මවිසින් රතු පැහැයෙන් දක්වා තිබෙන මුල්ම අංක දෙකෙන් දැක්වෙන්නේ එම පුද්ගලයා උපන් වර්ශයේ අග ඉලක්කම් දෙකයි. එනම් මෙම අංකය හිමි පුද්ගලයා ඉපදී තිබෙන්නේ 1931වර්ශයේයි.

දෙවැනි අංක තුන (042)


මෙම අංක තුනෙන් දැක්වෙන්නේ මෙම පුද්ගලයා ඉපැදුනේ වර්ශයේ කීවැනි දිනයද යන්නයි. එනම් ජනවාරි පලවැනිදා සිට දින ගනන සඳහන් වෙනවා. ඉතහ උදාහරණයෙහි සඳහන් වන්නේ 042 යි එනම් එම අවුරුද්දේ හතලිස් දෙවන දිනයේයි. එනම් පෙබරවාරි 11 වැනිදායි

* පිරිමි පුද්ගලයකුගේ නම් මෙම අංක තුන 1 සිට 365 හෝ අධික අවුරුද්දකනම් 366 දක්වා වනවා.

* ගැහැණු අයුකුගේ මෙම අංකය ට 500 ක අගයක් එකතු කරනවා. එනම් 501 සිට 865 හෝ 866 දක්වා වනවා.

එමගින් අපිට නිගමනය කල හැකි වන්නේ ඉහත හැඳුනුම් පත හිමි අය පිරිමි පුද්ගලයකු බවත් ඔහු 1931-02-11 වැනි දින උපත ලබා ඇති බවත්ය. මෙදිනම උපන් කාන්තාවකගේ දෙවැනි අංක තුන වන්නේ 542යි.

තුන්වැනි අංක තුන. (357)


මෙම අංක තුනෙන් දැක්වෙන්නේ පුද්ගලියන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට මෙම දිනයේ උපත ලද අයගෙන් ලැබුනු කීවෙනි අයදුම්පත ද යන්නයි. ඉහත උදාහරණයට අනුව 1931-02-11 වැනි දින උපත ලද අගෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට 357 වැනි අයදුම් පත්‍රය මොහු විසින් යොමුකර තිබෙනවා. මෙම අංකය 1-999 දක්වා වූ අගයක් ගන්නවා.

හතරවැනි අංකය. (9)

මෙම අංකය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් ලැබෙන ගොනු අංකයක්. මෙය 0 සිට 9 දක්වා වෙනවා.

පස්වැන්න අක්ෂරය "v"
මා දැනුවත් වූ ආකාරයට උපතින්ම ශ්‍රී ලංකියන් වූවන් හට "v" අක්ෂරයද, පුරවැසිබව ලබාගත් අයහට "x" අක්ෂරයද හිමිවනවා. (මේ තොරතුර නිවැරදිමදයි කීමට නොදනිමි - වැරදිනම් දන්නා අයකු විසින් නිවැරදි කරන්නේනම් මැනවි)

මේ අනුව බලනකල ඉහත හැදුනම් පත් අංකය හිමි පුද්ගලයා උපතින්ම ශ්‍රී ලාංකිකයකු බව පැහැදිලි වනවා.

වර්ථමාන හැදුනුම් පත් අංකයෙහි පවතින දුර්වලතා

01. වසරෙහි අග ඉලක්කම් දෙක පමණක් සඳහන් වීම.

හැදුනුම්පතහි වසරෙහි අග ඉලක්කම් දෙක පමණක් සඳහන් වීම නිසාවෙන් ගැටළු කිහිපයක් උද්ගත වෙන්න පුළුවන් ඉන් එකක් නම් සමහර හැදුනුම් පතහි මුලින් බිංදු කිහිපයක් එකතු වීමට ඇති හැකියාව.

උදාහරණයක් ලෙස 2000-01-01 වැනිදා උපන් පිරිමි අයකුගේ හැඳුනුම්පත් අංකය පටන් ගන්නේ..
"2000" අග ඉලක්කම් දෙක වන "00" ත් ජනවාරි පලමු වැනිදා වන එනම් වර්ශයේ පලමු දිනය ඉලක්කම් තුනකින් ලියූ විට ලැබෙන "001" (උඩ උදාහරණයෙහි රතු හා නිල් ඉලක්කම්) 
එවිට මෙම පුද්ගලයාගේ පලමු ඉලක්කම් පහ ලෙස "00001" සඳහන් වෙයි මෙය භාවිතයේදී යම්කිසි නොගැලපෙන බවකින් යුක්ත වනවා.

02. හැඳුනුම් පත් අංක දෙකක් සමාන වීමේ ඇති හැකියාව.

අප පලමු උදාහරණයේදී ගත් හැඳුනුම් පත් අංකය ගැන 
310423579 v මෙමගින් දැක්වෙන්නේ 1931-02-11 වැනි දින උපන්, පු.ලි.දෙ. වෙත 357 වැනියාට අයදුම් පත්‍රය යොමු කල උපතින් ම ශ්‍රී ලාංකික, පිරිමි අයෙකුයි. 

නමුත් 2031-02-11 වැනි දින උපත ලබන, පු.ලි.දෙ. වෙත 357 වැනියාට අයදුම් පත්‍රය යොමු කරන උපතින්ම ශ්‍රී ලාංකික පිරිමි අයකුගේ හැඳුනුම් පත් අංකය ද 310423579 v වීමේ හැකියාවක් පවතිනවා. 

එය ඉහත උදාහණයෙහි සඳහන් අංකයමයි. පුද්ගලයන් දෙදෙනෙකුගේ හැදුනුම් පත් අංක කිසිලෙසකින්වත් සමාන විය යුතු නැහැ. එසේ උවහොත් ඇතිවන ගැටළු ඉතා විශාලයි. (පු.ලි.දේ. හි නොසැලකිල්ල නිසා දැනටත් එකම අංකය සහිත හැදුනුම් පත් නිකුත්වී ඇති අවස්ථා අසන්නට ලැබෙනවා)

03. එක දිනකදි ඉපදෙන ලමුන් ගණන 1000 කට වැඩි උනොත් ???

ඉහත උදාහරණයෙහි කලු පැහැයෙන් දැක්වෙන අංකය (357) න් දැක්වෙන්නේ එම දිනයෙහි උපන් අයගෙන් පු.ලි.දෙ. වෙත ලැබුනු 357වැනි අයදුම් පත යන්නයි, එක් දිනකදී උපන් අයගෙන් අයදුම් පත් 999 කට වඩා ලැබුණු විට දැඩි අපහසු තාවයකට පත්වන්නට සිදුවනවා. 

අපි සිතමු 1931-02-11 වැනි දින උපන් අයගෙන් 1001 වැනියාට පු.ලි.දෙ. වෙත අයදුම් පත් එවන අයකුට ?? හැදුනුම්පතහෙි හය,හත,අට වැනි අංක සඳහා යෙදිය යුතු අංකය පිළිබඳ අදහසක් මෙම ක්‍රමය තුල නොමති වීම දැඩි දුර්වල තාවයක්.

ඉදිරියට කුමක් සිදුවේද?????

දැනට හැදුනම් පත් අංක ලබාදෙන ක්‍රමයෙහි පවතින ඉහත ගැටළුකාරී තත්වයන් නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගිනි නව හැඳුනුම්පත් අංක කිරීමේ ක්‍රමයක් යෝජනා කර තිබෙනවා.

කුමක්ද මේ ක්‍රමය?? 
අපි පලමු උදාහණයම නැවත සලකා බලමු. 1931-02-11 වැනි දින උපන්, උපතින්ම ශ්‍රී ලංකික පිරිමි පුද්ගලයා ..
මොහුගේ පැරණි ක්‍රමයට අනුව හැඳුනුම්පත් අංකය
310423579 v
1. උපන් වර්ශයෙහි අග ඉලක්කම් දෙක වෙනුවට නව ක්‍රමය යටතේ සම්පූර්ණ වර්ශයම දක්වන්නට කටයුතු යෙදා තිබෙනවා. ඒ අනුව මෙහි පලමු රතු පැහැ 31 වෙනුවට 1931 ආදේශ වනවා.

2. දෙවැනියට නිල් පැහැයෙන් දක්වා තිබෙන ඉලක්කම් තුන (වර්ශයේ කුමන දිනයද යන්න) නව ක්‍රමය යටතේදීද එලෙසම පවත්වාගැනීමට කටයුතු කරනවා. ඒ අනුම මෙම උදාහරණයෙහි නිල් පැහැ දෙවන අංක තුන 042 නොවෙනස්ව පවතිනවා.

3. තුන්වැනියට කලු පැහැයෙන් දැක්වෙන පුද්ගයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලැබෙන අයදුම් පත්‍ අංකය ඉලක්කම් තුනක් වෙනුවට නව ක්‍රමය යටතේ ඉලක්කම් හතරකින් යොදන්නට කටයුතු කරනවා එනම් මෙම උදාහරණයෙහි 357 වෙනුවට 0357 යොදාගන්නවා මෙමගින් එක් දිනකදී උපත ලබන 9999 දෙනෙකු සඳහා අංක යෙදීමේ හැකියාව ඇතිවනවා.

4.නව ක්‍රමය යටතේදී ද අවසානයට ඇති ගොනු අංකය එලෙසම පවත්වාගන්නවා. එනම් උදාහරණයෙහි කොල පැහැ නවය. එලෙසම පවතිනවා.

5. පැරණි ක්‍රමය යටතේ යොදා තිබෙන ඉංශ්‍රීසි අක්ෂරය නව ක්‍රමය යටතේදී ඉවත් කරනු ලබනවා. ඒ අනුව නව ක්‍රමය යටත් හැදුනුම් පත් අංකයක් අංක 12කින් පමණක් යුක්ත වනවා. 

නව ක්‍රමය යටත් ඉහත උදාහරණයෙහි සඳහන් පුද්ගලයාගේ හැඳුනුම් පත් අංකය පහත දැක්වෙනවා..

193104203579
මෙම නව ක්‍රමවේදය 2016 ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කරනවා!!!
දැං මොකද කරන්නේ ???

බය වෙන්න දෙයක් නෑ දැනට ඔබ භාවිතා කරන හැඳුනුම්පත සහ හැඳුනුම්පත් අංකය ද අවලංගු වන්නේ නහැ. එය තවදුරටත් වලංගුව පවතිනවා. අළුතින් හැදුනුම්පත් ලබාගන්නා සහ හැඳුනුම්පත් අළුත් කරගන්නා විට නව ක්‍රමය යටතේ අංක ලබාදීම සිදුකරනවා. 

අළුත් ක්‍රමය යටතේ ඇතිවන බලපෑම්..

බොහොමයක් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මිනිසුන් සමග ගනුදෙනු කරන්නේ හැඳුනුම්පත් අංකය පාදක කරගෙනයි. උදාහරණයක් ලෙස බැංකු ගණුදෙනු වලදී අන්‍යතාව ඔප්පු කිරීම සඳහා හැඳුනුම් පත් අංකය ඉතා වැදගත් වනවා. (අයි ඩී අංකෙ ගැහුවම සේරම ටික පට පට ගාලා එනවා)
නව ක්‍රමය යටතේ හැදුනුං අංක ලබාදුන් විට ආයතනවල දැනට පවතින සිස්ටම් එක නව සහ පැරණි අංක දෙක සඳහාම වලංගු වල පරිදි සකස්කල යුතුවනවා..

මොනව උනත් ටික දවසක් යද්දි මේ ක්‍රමයට හැඩගැගෙන්න පුළුවන් වෙයි...

-----
ප/ලි - අපගේ කාර්යාලට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් විසින් නිකුත් කල චක්‍ර ලෙඛයක පිටපත් ලැබී තිබුණා. එහි තිබූ කරුණු අනුම මෙම ලිපිය සකස් කරන ලදී..
(ඇහැක් හැටියට මිනිස්සුන්ට කියන්න කියලා ඒකේ ලියලා තිබ්බා)

ප/ප/ලි 
අද දින කුරුටු ගෑ ගී පවුරේ උදවියගේ ප්‍රධානත්වයෙන් නෙළුම් යාය, කොළඹ ගමයා, මධුමාදවී නොහොත් විසිරටරයා, සබරේ ඇනෝ (මිත්‍ර වර්ණ), ලටපට ලියන ප්‍රසන්න අයියා,  සහ මාගේ දායක්වයෙන් ර/ඉඹුල්පේ සාරිපුත්‍ර විද්‍යාලයේ දරු දැරියන් 42දෙනකු හට  පාසල් උපකරණ කට්ටල ප්‍රදානය කිරීමක් සිදුවූවා. ඒ පිලිබඳ වැඩි විස්තර කුගෑගී පවුරේ සටහන් වනවා ඇත.
  

76 comments:

  1. ඇහැක් හැටියට කණක් අඳින්න කිව්වා වගේ වැඩක් නේ මේක.

    බොහොම හොඳ විස්තරයක්. ඔය නව විද්‍යුත් හැඳුනුම්පතේ, මයික්‍රෝ චිප් එකක් තියනවද? එය ATM කාඩ් එකක් සහ/හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් හැටියට පාවිච්චි කරන්න පුලුවන්ද?

    ඌවත් කියන වචනය වූවත් කරමුද?

    ReplyDelete
    Replies
    1. ඕන්න මාත් ඇහැක් හැටියට මිනිස්සුන්ට දෙඩුවා...

      /ඔය නව විද්‍යුත් හැඳුනුම්පතේ, මයික්‍රෝ චිප් එකක් තියනවද? එය ATM කාඩ් එකක් සහ/හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් හැටියට පාවිච්චි කරන්න පුලුවන්ද?/
      මං හිතන්නේ පුළුවන් වෙයි අර චක්‍ර ලේඛනේ තිබ්බේ අංකෙ ගැන විතරයි..
      මට හිතෙන්නේ ATM එකට ගහල සල්ලි ගන්නත් පුලුවන් වෙයි :D

      වූවත් කළා ඇත්තටම හරියට නිවැරදි වචනේ දැනගෙන හිටියෙ නෑ ස්තුතියි නිවැරදි කිරීමට සහ ඇගැයීමට..

      Delete
  2. ඔය හැඳුනුම්පත් අංකෙ කතන්දරේ මාත් අහල තියෙනවා.ඒත් මට ඕක මක්කරලවත් මතක හිටින්නෙ නෑ. දැං මේක බුක් මාර්ක් කරල තියාගත්තැකි. එල්๬ එල.

    උඹල සෙට් එක කරල තියෙන යහපත් කටයුත්ත ගැනත් බොහෝම සංතෝසයි.

    ReplyDelete
    Replies
    1. මතකය ඔබට හිරිහැරයක් නොවේනම්....
      රයිට් මේක බලු සලකුණු කරලා තියාගන්න.. පස්සේ ඕනවෙයි හැක්හැක්..

      -ඔව් ඉතිං අපි පිනට දහමට ලැදි මිනිස්සුනේ.. එන්නද ඒ පැත්තේ පිනක් දහමක් කරගන්න.

      Delete
    2. ඇයි ගියපාර ඇවිත් පිංකලේ නැතෙයි?? ඕං මේ දවස්වලනම් මං ගෙදර.

      Delete
    3. පිං කරන්න ඔහේ හිටියේ නෑනේ...

      Delete
  3. අළුත් අයිඩින්ටිය ඩිජිටල් කියනවා නේද? ඒ කියන්නේ ක්‍රෙඩිට්/ඒටීඑම් කාඩ් එකක් වගේ වේවි. උඹේ විස්තරේ හෙන වටිනවා නොදන්නා කියන අයට. මං හිතන්නෙ ගොඩක් අය ඔය අංකෙ ඇතුලෙ තියෙන කතාව දන්නෙ නෑ.
    ඔන්න මාත් සත්කාරෙට ප්‍රචාරය දුන්නා. (අර මුඩු රැවුල කැපුවද ඒ පාර?)

    ReplyDelete
    Replies
    1. කොහොමද සල්ලි නැතුව ඔබලා හරි, දෙතුන් පාරක් වැරදි අංකයක් ගහලා හරි, කාඩ් එක මැෂින් එක ඇතුලට ගියාම තියන සනීපෙ? සල්ලිත් නෑ අයිඩෙන්ටියත් නෑ. හා........ම්....මෝට?.........

      මුඩු රැවුලද මුගේ අර යන්තම් කෙඳි වගේ තියන උඩු රැවුලද?

      Delete
    2. මදු..
      අංකෙ ඇතුලෙ තියන කතාව ගොඩක් අය දන්නවා මං හිතේ..ඔය අයි ඩී එක හරියට ඩිවලොප් කලොත් ගොඩක් ප්‍රෙයා්ජං ගන්න පුඵුවන්.

      හරි විචා මාමා රහස් අංකෙයි අයි ඩී එකයි මට දීලා තියන්න. මං සල්ලි ගන්නං

      Delete
    3. //ඒ කියන්නේ ක්‍රෙඩිට්/ඒටීඑම් කාඩ් එකක් වගේ වේවි.//

      ඒ මධුවෝ, මං මේ නිකමට අහන්නෙ. එතකොට ඔය කාඩ් එක අර ඒ ටී එම් මැසිමට ඔබල සල්ලි ගන්නත් පුලුවන්දෑ..!!??

      Delete
    4. නිකමට අහන්නෙ? ඔබල ගන්න පුළුවන් $*%^#$%^#!

      Delete
    5. ඔබන්න නම් පුළුවන් ගන්න තමයි අමාරු කියලා බැංකු කාරයෙක් කිව්වා මට රහසින්.

      Delete
    6. අනේ විචා මේ බැංකු කාරයෝ ගැන නං අපි කතා නොකර ඉමු... මට බැංකු කාරයෝ ඒපා වෙලා තියෙන්නේ මේ මධාවියා හින්දා (විදානේගේ අවසරය මත විදානේ වෙනුවෙන් සටහන් කළ බව සලකන්න)

      Delete
  4. Excellent. A blog post worth reading, learning from, and sharing with others. Thanks

    ReplyDelete
  5. මං තාම දැම්මෙත් නැහැ.... උඹ අර කම්මැලි සිස්ටම් ඒකට ඒකට ලින්ක් දීලා.... අහුවෙයංකෝ.......

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකවත් දානෙකක් නෑ මයෙ හිතේ..හැක් හැක්

      Delete
    2. මං උදේ 7 ඉදලා පෝස්ට් ඒක දානවා... තාම පොඩි පොඩි තාක්ෂණික දෝෂ ටිකක් තියෙනවා බං... අන්තිමට හරියට දාපු ඒක අප්ඩේට් වුණේ නැහැ.. දැන් අප්ඩේට් වෙලා තියෙන්නේ පරණ ඒකක්... අනේ මන්දා බං... තව ටිකකින් හරියයි.....

      Delete
    3. හරි හරි දැන් හරි ගිහින්............. වැඩේ අැදලා ම යනවා....

      Delete
    4. හරි මචෝ මං බැලුවා..

      Delete
  6. දැන් මෙහෙ ඉන්න අපි කොමද ඔය අලුත් එක හදා ගන්නේ කියලා හොයලා බලලා කියපන්කො අයිය්යේ

    ReplyDelete
    Replies
    1. හා.......... කටඅැරගෙන හිටිංකෝ ඒකත් හොයලා දෙනකල්.......

      (සැ.යූ - විදානේගේ අවසරය මත විදානේ වෙනුවෙන් සටහන් කළ බව සලකන්න)

      Delete
    2. ඇට් මැලේ..
      දැනට පරණ එක තියනවනං අවුලක් නෑ.. ඒක දිගටම වලංගුයි. බය වෙන්න දෙයක් නෑ..

      @ කුරුටු.. - උඹ හොයල දෙයි මේං කියලා..

      Delete
  7. විස්තරේ නියමයි ඈ.
    හැබැයි ඔය වැඩෙන් අපේ මදාවියගෙ එහෙම සිස්ටම් අවුල් යන්න පුලුවන්.

    අර වැඩේට මං දොලහට විතර එන්න හිටියෙ. කොහෙද ඒ වෙලාවට මුං කරටි කැඩෙන්න දාලනෙ. හැක්...

    ReplyDelete
    Replies
    1. ප්‍රසා අයියා මං බොන ඒක නැවැත්තුවා - විදානේ

      (සැ.යු - විදානේගේ අවසරය මත විදානේ වෙනුවෙන් සටහන් කළ බව සලකන්න)

      Delete
    2. මධාවියගේ සිස්ටම් කොහොමත් අවුල්නේ.. ඒ හිංදා වැඩිය හිතන්න හොද නෑ..
      අපරාදේ දන්නවනං 12 වෙනකං අදිනවා..

      @ කුරුටු.. කෙප්ප කෙලින්න එපා බං

      Delete
  8. යකෝ දැන් ඊයේ පොරොන්දු වෙලා අාවා වැඩේ ගැන පෝස්ටුවක් දාන්නම් කියලා.... ඒත් දාලා තියෙන්නේ හැදුනුම්පත ගැන පෝස්ටුවක් නේ බොල...... අහුවෙයකෝ............. විදානිට කොන්ත්‍රාත්තුව දීලා දවස් දෙක තුනක් බඩගින්නේ තියනවා බලාගං.....

    ReplyDelete
    Replies
    1. මචං.......... ඉක්මනට ම වැඩේ ගැන පෝස්ටුවක් දාන්නම් - විදානේ

      (සැ.යු - විදානේගේ අවසරය මත විදානේ වෙනුවෙන් සටහන් කළ බව සලකන්න)

      Delete
    2. මං පොස්ටුවක් දාන්නං කියලනේ කිව්වේ ඕං දැම්මා ඉතිං. මේක සතියකට විතර කලින් බාගෙට කොටපු එකක්. වැඩ නිම කරලා එල්ලුවා..

      Delete
  9. පරණ සිස්ටම් එක දැනන් උන්නා.. අලුත් විදිය අප්ඩේට් කිරීම ගැන ඉස්කොතුයි.. මන් හිතාගෙන ඉන්නේ ඔය අලුත් 'සිස්ටන්' එක ආපු ගමන් අයිඩෙන්ටිය නැති උනා කියල පොලිසියේ ඇන්ට්‍රියක් දාල අලුත් එකක් හදා ගන්න.. එතකොට පරණ එකත් හෑව්.. අලුත් එකත් හෑව්.. කේස් නෝ හෑව්.. :)

    අර වැඩේ (පොත් වැඩේ) එළකිරි. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඉස්කෝතු කන්නෑ............ මීට විදානේ

      (සැ.යු - විදානේගේ අවසරය මත විදානේ වෙනුවෙන් සටහන් කළ බව සලකන්න)

      Delete
    2. එව්වා නීති විරෝධි වැඩ.. අලුත් අයිඩින්ටියේ වැදගත් කම කම ලියලා තවත් පෝස්ටුවක් දාන්න ඕන..
      (ලබන සතියේ..) තැන්කිව් ...

      @කුරුටු. හා..

      Delete
  10. මම හිතන්නේ 2000 උපන් අයගේ සිට 2009 දක්වා උපන් අයගේ මුලට 0 ඒම වෙන්න ඇති ගැටලුව
    එක් දිනකට උපදින පිරිමි ළමුන් හෝ ගැහැණු ළමුන් 9990ක් දක්වා දැනට පවතින ක්‍රමය භාවිතාකල හැකියි ඒ අනුව ඔබගේ කරුණු අංක 3 වෙනස්විය යුතුයැයි සිතමි. ( එක් ගොනුවකින් එක් දිනයකට පුද්ගලයින් 999ක් දක්වා අංක ලබා දිය හැක. එවැනි ගොනු 10ක් ඇති බැවින් අංක 9990ක් ලබාදිය හැකිය)

    එකම අංකය සහිත පුද්ගලයන් දෙදනෙකු ජිවත්ව සිටිම ඉතාමත් කලාතුරකින් සිදුවේ (වයස 116ක පුද්ගලයකු හා වයස 16ක පුද්ගලයකුට එකම අංකය ලැබේ) උපන්දිනය වෙනම යොදන බැවින් මෙය ගැටලුවක් විය නොහැකිය.

    ReplyDelete
    Replies
    1. අැනෝ හරි අැනෝ - විදානේ

      (සැ.යු - විදානේගේ අවසරය මත විදානේ වෙනුවෙන් සටහන් කළ බව සලකන්න)

      Delete
    2. ඇනෝ..
      ඔබේ තර්කය හා මමත් එකගයි.. මමත් කල්පනා කලා ඇයි අන්තිම අංක හතර භාවිතයට නොගන්නේ කියලා.. නමුත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාාර්කමේන්තුවේ ක්‍රමය අවසන් අංකයට පෙර අංක තුන පමනක් භාවිතා කිරිමයි..අන්තිම අංකය පුද්ගයාට අන්‍යවූ ගොනු අංකයක් ලෙස සටහන් කර තිබෙන්නේ-

      උපන් දිනය වෙනම යෙදුවද බොහෝ තැන් වල භාවිතා කරන්නේ හැදුනුම් පත් අංකය පමණයි. එවිට එය එකම අගයක් වූ විට ගැටලු ඇති විය හැකියි

      විද්්‍යුත් ලිපිනය දිය හැකිනම් චක්‍ර ලේඛයේ මේලක් දැමිය හැකියි

      කුරටු දුප්

      Delete
  11. මේක හෙන ප්‍රයෝඡනවත් පොස්ටුවක්
    එතකොට පැරනි හැදුනුම්පත් තියන අය අලුත් එත ගන්න ඔනේද?
    උඔලාගේ වැඩේ එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් පරණ ඒවා හැමෝම මාරු කරනවානේ.... උඹට ඒවා අලුතෙන් කියන්න ඔ්නේ නැහැනේ - විදානේ....

      (සැ.යු - විදානේගේ අවසරය මත විදානේ වෙනුවෙන් සටහන් කළ බව සලකන්න)

      Delete
    2. පරන හැම එකම අලුක් කරන්න ඕන නෑ.. ඒවා දිගටම වලංගුයි.. නැතිවීමකදී හෝ අපහැදිලිවීමකදී අලුත් කරයි නම් ලැබෙන්නේ අලුත් හැදුනුං එක.. ඩයිවින් ලංසම වගේ

      තැන්කිව් බ්‍රා..

      කුරුටු - උඹ දන්න දේවල්

      Delete
  12. හදුනුම්පතේ තියන අංක වලින් සම්පූර්ණ උපන් දිනය පටස් ගාල කියන අපේ රියදුරු මහතෙක් හිටිය. මමත් දවසක් අහගත්ත කොහෙද ඕව මතක තියෙන්නෙ අපේ ඔලුවෙ.

    ReplyDelete
    Replies
    1. උඹට නං උපන්දින දෙකක් තියෙන්න ඒපැයි - විදානේ

      (සැ.යු - විදානේගේ අවසරය මත විදානේ වෙනුවෙන් සටහන් කළ බව සලකන්න)

      Delete
    2. මොලේ තියන හැමදේම ඩබල් ඩබල් තියන කොට ඔහොම තමයි කම්මල.. හැක් හැක්..

      අනේද කියන්නේ කුරුටු..

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අා........ මේ තියෙන්නේ උඹේ හරි කමෙන්ට් ඒක - විදානේ

      (සැ.යු - විදානේගේ අවසරය මත විදානේ වෙනුවෙන් සටහන් කළ බව සලකන්න)

      Delete
  14. රියර් ඇඩ්මිරල්ගෙ පෝස්ටුව ගොඩක් වැදගත්. ඔය චක්‍රෙල්ඛෙ මට එවනවද පොඩ්ඩක්? drackey@gmail.com

    ReplyDelete
    Replies
    1. අාය ඉතින් ලබන සතියේ තමා....... ඔෆිස් යන්න ඒපැයි.........

      Delete
    2. මං රස්සාවෙන් අස්වෙන්න ඉන්නේ බං - විදානේ

      (සැ.යු - විදානේගේ අවසරය මත විදානේ වෙනුවෙන් සටහන් කළ බව සලකන්න)

      Delete
    3. එදැයිං පස්සේ ඔපිස් එක පැත්තට යන්න ඉන්නේ අද.. ගිහි ං අරං දාන්නං ඩැකියෝ..

      @ කුරුටු නෑ නෑ අද යනවා..

      Delete
  15. වැදගත් විස්තරයක්.. ඔය උපන්දින සීන් එක මමත් දැනගෙන හිටිය... ඉතුරුව දැනගත්තෙ මේකෙන්...

    ReplyDelete
    Replies
    1. මමත් මේ ගැන හරියට ම දන්නෑ බං..... වෙන ඒකෙක් කියනවා අහං ඉදලා තමා ලියුවේ - විදානේ

      (සැ.යු - විදානේගේ අවසරය මත විදානේ වෙනුවෙන් සටහන් කළ බව සලකන්න)

      Delete
    2. මාත් දැනගත්තේ චක්‍ර ලේකේ කියෙව්වට පස්සේ..

      කුරුටු .. පල ඩෝ යන්න

      Delete
  16. ඇත්තටම වැදගත් විස්තරයක්. නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. හා ඒහෙනං දැන් ඉන්ටවල් හරිද??? අාය මාසෙකින් හමුවෙමු - විදානේ

      (සැ.යු - විදානේගේ අවසරය මත විදානේ වෙනුවෙන් සටහන් කළ බව සලකන්න)

      Delete
    2. මං හිතන්නේ මම ගේ කාර්යාලයත් මෙම චකු ලේකය එන්න ඇති.. පුලිදෛ් කොම සාරිස් ගේ DRP/IT/04/21 සහ 2015-09-28 දිනැති..

      කුරුටු ජනවැරියේ ඈ..

      Delete
  17. සොයා සොයා ආවා සෙව්ව මැනික හමිබවුනා වගේ මමත් මේ විස්තරය හොය හොය හිටියේ.මේ තියෙන්නේ විස්තරේම...

    ReplyDelete
    Replies
    1. අනේ මචං මැණික් නං නැහැනේ - විදානේ

      (සැ.යු - විදානේගේ අවසරය මත විදානේ වෙනුවෙන් සටහන් කළ බව සලකන්න)

      Delete
    2. ඇයි විදානයා ආයේත් තාප්පයකවත් ඇනගෙනද ?

      Delete
    3. නෑ බං අද අායෙම කොළඹ පැත්තට ගියා... ගිය පාර කොළඹ ගියාට කොළඹරට හරියට බලන්න බැරිවුණා කියලා අදත් යනවා කිව්වා...... (ඒ ගමන් සත්තුවත්තක් කියලා ඒකක් තියෙනවා කියලා ඒකත් බලන්න යනවාය කිව්වා.... දැනට නං සද්දයක් නැහැ...... ගෝරිල්ලා පැනලා කියලා අල්ලලා කූඩුවට දැම්මාද දන්නෑ....)

      Delete
    4. මැණික හම්බුනානං එච්චරයි මනෝ..

      මට ඕන තාප්ප නැති සමාජයක්....


      කුරුටු - සූ එකේ නරියා නෑ කියලා හොයනවා.. හැංගිලා හිටපං

      Delete
    5. එතකොට අර ගොරිල්ලෝ කූඩුවේ දාලා හිටියේ විදානයද බං.ඒකේ හිටපු ගොරිල්ලිට ඉන්නම දුන්නේ නෑනේ මූ.

      Delete
  18. සෑහෙන්න වටින විස්තරයක්. ඒ කියන්නේ අපිට ඕක අදාල වෙන්නේ ආයි අළුත් කරන්න යනවනම් විතරනේ. තකහනියක් ඕක කරන්න ඕන නෑනේ.

    ReplyDelete
    Replies
    1. දිනේෂ්.............. ඔය රටේ මේ විදිහට නෙමෙයි තියෙන්නේ හරිය - විදානේ

      (සැ.යු - විදානේගේ අවසරය මත විදානේ වෙනුවෙන් සටහන් කළ බව සලකන්න)

      Delete
    2. දිනේස්.. ඔව් ආයේ අලුත් කරනවනං තමයි හදිසි වෙන්න දෙයක් නෑ


      මේ කුටුරු ට පිස්සු හැදිලා ගන්ං ගන්න එපා

      Delete
  19. චක්‍රෙල්ඛ ප්‍රකාරව වැඩ කරන මං දැක්ක එකම විදානේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. අපි එහෙම තමයි අනුමත උනත් චක්‍රලේක ප්‍රකාරව.. හැක්

      Delete
  20. Replies
    1. කිය වීමෙන් සැනසීම ලැබේ..

      Delete
  21. මේක හරියට දැනගෙන හිටියේ නැහැ. ලිව්වට ස්තුතියි.

    ReplyDelete
  22. V කියන්නෙ voting rights කියන එක...

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම වෙන්න පුළුවන්.. ඒ පිළිබඳව මම ගත්ත තොරතුරු ගැන මටත් එච්චර විශ්වාසයක් තිබ්බේ නෑ.. තැත්කිව් ඇනෝ දැනුවත් කළාට

      Delete
  23. මම අහල තියෙන විදිහට නම් මේ V අකුර තියෙන්නෙ ඡන්ද හිමි නාමලේඛනයේ නම තියෙන අයට. ඡන්ද හිමි නැත්නම් X.මේ V කියන එක හරි ලකුණ වෙනුවටත් X අකුර වැරදි (කතිර) ලකුණ වෙනුවටත් තමයි දාන්නෙ.

    ReplyDelete
  24. සාදරයෙන් පිලිගන්නවා සිතියම් පොත මේ පැත්තට..
    බොහොම ස්තුතියි නිවැරදි කළාට...
    හැමදාම ආදරේ කරන කරන පොෆයිල් පික්චර් එකකක්..

    ReplyDelete
  25. මම අහලා තියෙන්නේ X තියෙන්නේ වතුකරේ උපන් අයට කියලා...
    අලුත් එක මතක තියාගන්ඩ මාර ගේමක් දෙන්ඩ වෙනවා!

    ReplyDelete
  26. ස්තූතියි දැනුවත් කලාට.මට නං කොහොමත් කමක් නෑ..කිසිම අංකයක් මතක නෑ.ඒ හින්දා 4න් එකේ සේව් කරගෙන ඉන්නේ සබ්බ සකලමනාවම.අළුත් අංකයටත් ඒකම කරන්ඩ බැරියැයි

    ReplyDelete
  27. T1® welding titanium plate in stainless steel - iTaniumArts
    T1® welding titanium plate in stainless nipple piercing jewelry titanium steel. This T1® welding plate measures more titanium mens rings than 80 mm and black titanium wedding bands can easily seat an 라이브 바카라 entire deck of 100 $49.99 · ‎In stock ford titanium ecosport

    ReplyDelete