Thursday, October 23, 2014

චන්දන....



ලකුණු 39 යි, තව 13 යි ඕන

ඒයි හොර ලකුණු දාන්න එපා,  ලකුණු 37 යි..”

හිච්චගේ ඕවරේ ඉවරවෙනකොට 28 යි මේ ඕවරේට 11 යි

නෑ යකෝ මේ ඕවරේට 9 යි, පලවෙනි බොලේට පල්ලෙහා කැලේට ගැහුවේ දෙකයි, දෙවනි බෝලේ කීපර්ගේ අතට ගියා, තුන්වෙනි බෝලෙට සමීර කැච්එක අතඇරියා  ලකුණු තුනක් දිව්වා, හතරවෙනි එකට නුවන්ගේ පොලු ගියා, පස්වෙනි එකට හතරක් ගැහුවා බෝලේ ඇළට වැටුනා, අන්තිම බොලේ උඹ අල්ලගත්තා ලකුණක් නෑ. එතකොට  ලකුණු නමයයි, මුළු ලකුණු තිස්  හතයි

චන්දන මෙතරම් කෑ ගසන්නේ අනික් කන්ඩායම ලකුණු දෙකක් හොරට දා ගැනීමේ කේන්තියෙනි. ඕවර පහ හයක තරගයක පලවෙනි පන්දුවේ සිට අන්තිම පන්දුව දක්වා සියළු විස්තර මතකයේ තබාගැනීමට චන්දනට හැකියාව ඇත. මේ හැකියාව නිසාම චන්දනට කොල්ලෝ කියන්නේ කොම්පියුරේකියාය, සෑම මසකට සැරයක් වගේම අල්ලපු ගමේ ටීම් එකත් එක්ක ගහන මැච්එකේ චන්දන නිත්‍ය සාමාජිකයෙකි, මන්ද ලකුණු සටහන් කරුවන් සිටියද කණ්ඩායමේ අයට ඔවුන්, ඔහු තරම් විශ්වාස නොවීමයි.

අවාසනාව ‍දොතින්ම තුරුළු කරන් උපන් චන්දන පවුලේ වැඩිමහල් ලමයා විය. උපතින්ම උරුම කරගත් විරූපී මුහුණ, ටිකින් ටික මෝරා වැඩෙන විට දුටුවන් බයගැන්වීමට තරම් සමත් විය. ඔහගේ කේන්දරය, ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් කිසිසේත්ම සුභ නොවන බව කේන්දරය සෑදූ දෛවඥයා පවසා ඇත. ඔහුගේ අනාවැකි සපල කරමින් චන්දනට වයස අවුරුදු දෙකක් වන විට, මී උන රෝගයට ගොදුරු වූ චන්දනගේ මව මිය ගියාය.
චන්දන පාසල් යන්නට තරම් වයසට එනවිට ඔහුගේ පියා තවත් කසාදයක් කරගෙන තිබුණි. මව තරමටම නැතත් යම් තරමකට සුළුමවගේ සැලකුම් චන්දනට ඉහටත් උඩින් විය. 

ගමේ පාසැලේ අකුරු කරන්නට ගිය චන්දනට අවුරුදු තුනක් යනවිට අවාසනාවන්ත ලෙස පාසල් ගමනට තිත තියන්නට වූයේ, ඔහුට බිය වි පාසල් එන්නට අදිමදි කරන ළමයින්ගේ දෙමව්පියන්, විදුහල්පතිහට කරන පැමිණිලි වල නිමක් නැති වූ විටය.. 

පොල් ගසකින් වැටී චන්දනගේ පියා එකතැන් වූයේද මේ කාලයේදීමය. චන්දනත්, තවත් දරුවන් දෙදෙනෙකුත් රැක බලා ගැනීමට තනි සටනක් කරීමට මේ සමය වනවිට ඔහුගේ සුළුමවට සිදුවී තිබිණ. 

තව අවුරුදු අටක් යන්කං මේ දරුවට ගොඩක් අපල තියනවා.. මේ ළමයා නිසා ගෙදර අයටත් අපලයි, පුළුවන්නං මේ ළමයව ගෙදරින් ඈත් කරල තියන්න..” 

චන්දනගේ සුළු මවටද දෛවඥයකු පවසා ඇත්තේ එසේය, චන්දනව ගෙදරින් පිටමං කිරීම කෙසේ වෙතත් මුලින්ම අපලය පලදුන්නේ අනාවැකි කියූ දෛවඥයාටය. එනම් මේ සිද්දිය අසා කුපිත වූ නොසන්ඩාල චන්දගේ ගල් පහරකින් ගුරා ගේ හිස සිදුරුවීමයි.

අපිලිවෙල සහ අපිරිසිදු කම චන්දනගේ ජීවිතයේ ප්‍රදාන අංගයක් වී තිබිණ, ගමේ කොල්ලන් එකතු වී මොහුව ඇදගෙන ගොස් ගඟට දැමූවොත් මිස වැරදීමකින්වත් නා පිරිසිදු වීමට ඔහුට සිත් දී නොතිබුණී. නමුත් දිය නෑමට පැමිනි අයකුගේ, ගඟට වැටී වැලි අතර සැඟවුනු රන් මාලයක් සොයා දීමට දින තුනක් තිස්සේ ගඟ හා ඔට්ටු විය. එවැනි අවස්ථාවලදී ඔහුගේ අපිරිසිදු ප්‍රතිපත්ති මදක් ලිහිල්වෙයි.

මේ අතර වසර ගනනාවක් ඔත්පලව සිටී චන්දනගේ පියාද නිසි වේලාවට නිසි ප්‍රතිකාර නොලැබීම නිසා මිය ගියේය. ඔහුගේ මලගමට පැමිණි බොහෝ දෙනනාගේ අදහස වූයේ චන්දනගේ අපලය මේනිසා මේ පවුල නැත්තටම නැතිවී යන දිනය වැඩි ඈතක නොවන බවයි. 

පියාගේ අභාවයෙන් වසර දෙකක් පමන ගතවනවිට හදිසියේම චන්දනද රෝගාතුර විය. සති කිහිපයක් රෝහල් ගතව සිටියද ඔහුට වැළදී ඇති රෝගය කුමක්දැයි හඳුනාගැනීමට වෛද්‍යවරුන්ට අපහසුවිය. අවසානයේ මරුවා සමග කළ සටනින් චන්දන පරාජය විය. අන්තිමට වෛද්‍යවරුන් පවසා ඇත්තේ චන්දනගේ සිරුරෙහි පිලිකාවක් තිබූ බවත් එය සොයාගන්නා විට බොහෝ ප්‍රමාද වී තිබූ බවත් ය. ඉන්පසු කිසි දිනක බෝල ගැසූ පුරන් කුඹුරේ ඒ කොම්පුටරය දක්නට නොලැබුනි..

චන්දන අප අතරින් සමුගත්තේ එක්දස් නවසිය අනූ හතරේ ඔක්තෝඹර් මාසයේ දීය එනම් හරියටම මීට වසර විස්සකට පමන පෙරය. එදා චන්දන හා බෝල පිට්ටනියේ සිටී මිතුරන් කිහිප දෙනෙක් එක්ව, ඔහු වෙනුවෙන් විසි අවුරුද්දේ දානය මහ ඉහලින් සංවිධානය කර තිබුණි.. ඒ වෙනුවෙන් සුළුවෙන් හෝ සම්මාදම් වන්නට ලැබීම මහාත් භ්‍යාගයක් කොට සලකමි..

87 comments:

  1. මේක ඇත්තම ඇත්ත කතාවක් නේ සිජේ...... චන්දන වගේ අය මාත් දැකල තියනවා, නාන්න කම්මැලි කොල්ලෝ, අපිළිවෙල, ඔහේ ඉන්නම් වාලේ ඉදීම..... හැබැයි..... මොනවා උනත්..... ඕන තරම් අනිත් ඇයට උදව් පදව් කරනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි නිහිංසා, ඔවුන් ඔවුන් ගැන නොසිතා අනුන් ගැන සිතනවා.. චන්දන ගැන කියන්න තව ගොඩක් දේවල් තිබුනා..
      ස්තුතියි අදහසක් එක් කලාට

      Delete
  2. විදානේ..................

    දුකක් දැනුණ කතාවක්.. මොනවා වුණත් චන්දනට පිං දෙන්නට අපිත් එකතු වෙන්නම්.............

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුරුටු..

      Delete
  3. චන්දනට ඔහු පිළිකෙව් නොකරන ලෝකයකදී සියලු සුඛ විහරනයන්ගෙන් අනූනව කලක් ජීවත් වීමටද, මින් මතු උපදින කිසිම භවයකදී පිළිකාව වනි දරුණු ලෙඩ රෝග වලට මුහුණ දී අකල් මරණයක් වැළඳ ගනීමට සිදු නොවීමටද, සසර කෙළවර අමා මහ නිවනින් සැනසීම ලබා ගැනීමටද හේතු වාසනා වේවා! මිනිසුන්ගේ භාහිර ස්වරූපය වෙනුවට ඔවුන්ගේ අභ්‍යන්තරය හඳුනා ගැනීමටද යන්තර මන්තර කේන්දර වල එල්බගෙන සිටිනවා වෙනුවට යමෙකුගේ අපහසුතාවයක් කරදරයක් හරි හැටි අවබෝද කරගෙන ඔවුනට ඉන් මිදීමට උපකාරයක් කිරීමේද මානුශික ගුණය සියලු ලෝක වාසින්ට ලබේවා!

    විදානේ..චන්දන වෙනුවෙන් මම ඇත්තටම කණගාටු වෙමි.

    ReplyDelete
    Replies
    1. කලන මිතුර, පිලිකාව කියන්නේ කුරිරු රෝගයක්... චන්දන වැනි අනෙක් අය වෙනුවෙන් කුමක් හෝ කල හැකිනම් එයයි ලොකුම දේ.... ස්තුතිය් කලන මිතුර

      Delete
  4. විදානේ,
    අවුරුදු විස්සකට පස්සෙ කුඩා කාලෙ තමන් එක්ක හිටිය යාලුවෙක් මතක් කරලා පිං පමුණුවනවා කියන එක හිතාගන්නවත් බැරි තරම් දුර්ලභ ක්‍රියාවක් වගේම මහත් පිංකමක්.
    විදානෙත් ඒ පිංකමට හවුල් වීම ඊටත් වඩා සතුටක්.

    ReplyDelete
    Replies
    1. හැලප අයියා,
      ඇත්තම කියනවනං මට මතක් උනේ නෑ.. හැබැයි ඒ කාලේ අපි එක්ක හිටී කීප දෙනෙක් එකතු වෙලා තමයි සංවිධානය කරල තියෙන්නේ. ලබාදුන්න දුරකථන අැමතුමකට අනුව මුදලින් සුළු ආධාරයක් කරා විතරයි.. හැබැයි දානය දීල එදා හවස "චන්දන අනුස්මරන" ක්‍රිකට් තරගයකුත් පවත්වලා.. ස්තුතිය් හැලප අයියා අදහස් දැක්වීමට

      Delete
  5. හරිම පව්.. ඇහැට කඳුලක් එක් කල කතාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුෂානි මේ පැත්තට ඇවිත් අදහසක් එක් කලාට

      Delete
  6. විදානේ..මොනව කියන්නද කියලා හිතාගන්න අමාරුයි..අපි ගණන් නොගන්න දේ තුළ හුඟක් හැඟීම්බර සංවේදී කතාවක් සැඟව තිබිය හැකියි..කාහටත් පොදු සත්‍යය එයයි..චන්දනගේ විරූපීත්වය යට රිදවුණු හැඟීම් කොච්චර තියෙන්න ඇතිද?ගුරාට එල්ලවුණ ගල් පහර ඊටවඩා සෑහෙන්න සැහැල්ලු ඇති...පෙනුමෙන් වැසුණු කවදාවත් එළි නොවුණු ඔහුගේ සැබෑ සිතුවිලි වෙනුවෙන්..චන්දන, නැවත කිසිදු උපතක මෙවන් දුකක විඳින්නට නොලැබේවා..! නිවනින්ම සැනසේවා!

    ReplyDelete
    Replies
    1. //චන්දනගේ විරූපීත්වය යට රිදවුණු හැඟීම් කොච්චර තියෙන්න ඇතිද?ගුරාට එල්ලවුණ ගල් පහර ඊටවඩා සෑහෙන්න සැහැල්ලු ඇති...පෙනුමෙන් වැසුණු කවදාවත් එළි නොවුණු// +++++++++++++++++++++++

      Delete
    2. තරු,
      /.චන්දනගේ විරූපීත්වය යට රිදවුණු හැඟීම් කොච්චර තියෙන්න ඇතිද/ එකටම හිටියත් අපිට තේරුං නොගිය කරුනක් තමයි ඒ..
      ඔබගේ කොමෙන්ටුව නිසා ආයෙත් හිතනවා.. ස්තුතියි අදහස් දැක් විමට..

      Delete
    3. ඇත්තම තමයි ප්‍රියා..

      Delete
  7. අවුරුදු විස්සක් ගිහිල්ලත් අපේ මිනිස්සු එහෙමමයි.. චන්දනලට කිසිම අනුකම්පාවක් අපේ සමාජයේ නෑ.. හැබයි චන්දනලා ගබ්සා කරන කොටත් රෙදි සිවුරු සරම් ඉස්සෙනවා..

    ReplyDelete
    Replies
    1. අපේ රටට හෙනමතේ වැදිල තියෙන්නෙ ඔය වගේ සම්ප්‍රදායික කාරණා විස්වාස නිසාමයි. කරුම, අපල තියෙන්නෙ තමන්ගෙම දූෂිත හිත්වල මිසක්. තමන්ගෙ පඩත්තල කම් වලට අහිංසක මිනිස්සු ගාවගන්න එක නපුංසක කමක්.

      Delete
    2. අපේ එවුන් කොහෙවත් තියෙන කොලයක ඉන්න අකුරු නාමයකුයි කොටු දොළහකුයි කොටු පන පන අරවා මේවා කරනවය කියලා කොහෙවත් ඉන්න අපතයෙක් කිව්වා හැටියේ හරි ඉතින් බඩුම තමා, නෙදකින් කාලකන්නි, කොහෙවත් ඉන්න එකෙක් කියන එකක් මත්තේ නැහිලා බයටම කෙලෝ ගෙන කෙල උනාම අරක හින්දනේ කෙල උනේ කියලා විරිත්තලා කියන හැටි දැක්කම පට්ටම ආතල් මටනම්.

      ඒ නිසා ඔය අපලයි ජෝතියෝයි ග්‍රහයෝන්ටයි කරන්න ඇහැකි ලබ්බක් නෑ, හොඳම නැකත තමන්ට හොඳ යයි කියලා හිතෙන වෙලාව, ඕන නම් මේ දැන් උනත්, ඒ නිසා මිත්‍යා මත වපුරලා අහිංසක මිනිස්සුන්ගේ දෙක පහ කොල්ල කන එවුන්ට නම් අර කිව්වත් වගේ ගල් ගහලම තමා මරන්න ඕනා.

      ඌට අනිත් එවුන්ගේ අනාගතේ කියන්නේ උගේ එක පෙන් නැතිව ඇති නේද තව පොඩ්ඩ වෙලාවකින් ගල් පාරක් කාලා ඔළුවට කෙල වෙනවා කියලා.

      හෙක් අම්මපා හරිම ලොල් සහගතයි විධානේ අයියා.

      Delete
    3. මිනිහෙක් ඉපදිලා දුක් වින්දට කමක් නෑ. ගබ්සා කරන්න නරකයි, උඋට දුක් වින්දින්න් අරින්න් ඕන ..ඕක තමයි අපේ උන්ගේ මතේ

      Delete
    4. ඉවාන්. +++++++++++++++++++

      ඕකට කියන්න වචනයක් නෑ බං.

      Delete
    5. නිකමට හිතපන්කො දූෂණය වුන අහිංසකාවියකට ඉපදෙන කාලකණ්නියෙකුගේ දරුවෙක් ගැන. සාධාරණයිද ඒ අම්මට ඒ දරුවව හදාගන්න කියල බල කරන එක.

      Delete
    6. මොකද්ද බන් ඔය මාතේ කියලා තියෙන්නේ ගබ්සා කරනකොට රෙදි සිවුරු සරම් උස්සනවා කියලා .... මම හිතුවේ ගැබ් ගන්න කලින් කියලා ඒවා උස්සන්නේ

      Delete
    7. මාතලන්,
      /අවුරුදු විස්සක් ගිහිල්ලත් අපේ මිනිස්සු එහෙමමයි.. චන්දනලට කිසිම අනුකම්පාවක් අපේ සමාජයේ නෑ../
      ඇත්ත තමයි එදත්, අදත්. හෙටත් එහෙමයි.. අපේ වනගත අදහස් තියනකං චන්දනලාට ඒ විදියටම සලකයි. ස්තූතියි මාතලන්..

      Delete
    8. මනොෂ්,
      /අපේ රටට හෙනමතේ වැදිල තියෙන්නෙ ඔය වගේ සම්ප්‍රදායික කාරණා විස්වාස නිසාමයි. කරුම, අපල තියෙන්නෙ තමන්ගෙම දූෂිත හිත්වල මිසක්. තමන්ගෙ පඩත්තල කම් වලට අහිංසක මිනිස්සු ගාවගන්න එක නපුංසක කමක්./ අනිවා..

      Delete
    9. සොමියෝ උඹට උත්තරේ තව පෝසට් එකකින්ම දාන්නං.. ලගදිම දානවා හොදේ.. තව අවුරුද්දක් ඇතුල.

      Delete
    10. ඉවාන් උඹට උත්තරේ තව පෝසට් එකකින්ම දාන්නං.. ලගදිම දානවා හොදේ.. තව අවුරුද්දක් ඇතුල.

      Delete
    11. ප්‍රියා, කායික අඩුපාඩු තියනවා කියල දැනගත්තහමවත් එහෙම කරන්න දෙනවනං....

      Delete
    12. @ මැලේ.
      /බන් ඔය මාතේ කියලා තියෙන්නේ ගබ්සා කරනකොට රෙදි සිවුරු සරම් උස්සනවා කියලා/
      ඔය කියන්නේ ධර්ම රාජ්ජෙකට යන්න පාරමිතා පුරනවා කියලා තමයි

      Delete
    13. //ලගදිම දානවා හොදේ.. තව අවුරුද්දක් ඇතුල.// නිවාඩු පාඩුවෙ දාපන් මචන්. කිසිම හදීසියක් නෑ.

      Delete
    14. විදානේ කායික අඩුපාඩු තියෙනවා කියලා උපතට පෙර හොයා ගණන් පුළුවන් හැම අවස්ථාවකම ගබ්සාකරන්න නීතියෙන් ඉඩ තියෙනවා . එක නීත්යානුකූලයි

      Delete
    15. ඉවාන්, ලංකාවෙ ඔය නීතිය ක්‍රියාත්මකද?

      Delete
    16. ඔව් ලංකාවේ තමයි මචං

      1. බිහිවන දරුවා සුවකළ නොහැකි ශාරීරික ආබාධයකින් පෙලෙන බව විශේෂඥ වෙයිද්‍යවරයෙකු සහතික කල විට .
      2. බිහිවන දරුවා සුවකළ නොහැකි මානසික ආබාධයකින් පෙලෙන බව විශේෂඥ වෙයිද්‍යවරයෙකු සහතික කල විට .
      3. අවුරුදු 18ට අඩු කාන්තාවක් දූෂණයකට ලක්වී දරුවකු පිළිසිඳගත් විට
      4. ව්‍යාභිචාරය (ලේ නෑයන් අතර ලිංගික ඇසුර නිසා ) නිසා බිහිවන දරුවෙකු වූ විට .
      5. දරුවාගේ බිහි වීම නිසා මවට (හෝ දරුවාට ) ජීවිතය අහිමි වීමේ අවදානමක් ඇති බව තහවුරු කල විට .

      කියන අවස්තාවලදී ගබ්සාව ලංකාවේ නීතියට අනුව කල හැකියි

      Delete
    17. ඔය නීතිමය තවත්වය ගැන මම හරියටම දැනන් හිටියෙ නෑ! ස්තූතියි මචෝ.

      Delete
    18. ස්තුතියි ඉවාන් ඔය නීතිරීති ගැන මම දැනුවත් වෙලා හිටියේ නෑ

      Delete
    19. අපි ගොඩක් දේවල් දන් නෑ නේ ප්‍රියා

      Delete
  8. හරිම සංවේදී සටහනක් මචෝ.. උදෙන්ම කියවන්න ලැබුන එක හොඳයි. මෙහෙම දෙයක් මෙහෙම දකින්නත් ඒ ගැන දකින්නත් හොඳ සංවේදී හදවතක් තියෙන්නෙ ඕනි. උඹට ඒක තියෙනවා. ඒ විතරක් නෙවෙයි උඹ ඒ හැඟීම අපේ හදවත්වලටත් සම්ප්‍රේෂණය කරනවා.

    ඒ අහිංසක මනුස්සයා අද කොහේ හරි ඉපදිලත් ඇති. සමහර විට කොහේ හරි ඉන්න්ශන් මෙඣ සටහන කියවනව වෙන්නත් පුලුවන්. සංසාරයේ කිසිම ආත්මෙක ආයෙමත් ඔහුට මෙවන් අකල් මරණයකට මුහුණ නොදීමට අපි ඔහුවෙනුවෙන් ප්‍රාර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. //මෙහෙම දෙයක් මෙහෙම දකින්නත් ඒ ගැන දකින්නත් හොඳ සංවේදී හදවතක් තියෙන්නෙ ඕනි. උඹට ඒක තියෙනවා. ඒ විතරක් නෙවෙයි උඹ ඒ හැඟීම අපේ හදවත්වලටත් සම්ප්‍රේෂණය කරනවා.// ඒක හරි මචෝ. මුගෙ සටහනෙන් මට නම් චන්දනව මැවිලා පෙනුනා. චන්දනත් එක්ක එකට හිටපු එකෙක්ට දැනෙන සංවේදී කම දැනුනා.!!

      Delete
    2. /සංසාරයේ කිසිම ආත්මෙක ආයෙමත් ඔහුට මෙවන් අකල් මරණයකට මුහුණ නොදීමට අපි ඔහුවෙනුවෙන් ප්‍රාර්ථනා කරමු./
      අකල් මරණයකට වඩා මේ වගේ අසරණ ජීවිතයක් නොලැබේවා කියල තමයි කියන්න වෙන්නේ.. ස්තුතියි මනොෂ් ඇවිත් දිරිගන්නවට

      Delete
    3. ස්තුතියි ප්‍රියා

      Delete
  9. /* ගමේ පාසැලේ අකුරු කරන්නට ගිය චන්දනට අවුරුදු තුනක් යනවිට අවාසනාවන්ත ලෙස පාසල් ගමනට තිත තියන්නට වූයේ, ඔහුට බිය වි පාසල් එන්නට අදිමදි කරන ළමයින්ගේ දෙමව්පියන්, විදුහල්පතිහට කරන පැමිණිලි වල නිමක් නැති වූ විටය.. */

    මේක තමයි සීරියස් කෑල්ල.
    මේක වෙලා තියෙන්නේ අසූවේ දශකයේ වගේ නේද?

    ReplyDelete
    Replies
    1. අසූව දශකයේ අග හරියේ තමයි මේ මිනිහට ඉස්කෝලේ තහනම් උනේ...

      Delete
  10. චන්දලන අදත් ඇතිි
    අපි දන්නවත් ඇති
    සමහර විට අපි හිනාවෙනවත් ඇති
    ඒත් කවදාවත් හිනාවෙලා නැතිව ඇති..

    හිත රි්ද්දන කතාවක් විදානෙ.... ඇත්තටම චන්දනට වඩා අපලයක් තියෙන්න තැතිව ඇති අර එයාගෙ විරුපි කම හන්ද කියපු ගොබ්බ කතාවක් වෙන්න ඇති... අනේ මංද අපේ මිනිස්සු බුද්ධ දර්ශනය අනුගමනය කරනවද කියල ඇත්තටම මට සැකයි.. මේ වගේ සිද්දධි අහන දකින කොට...

    අවුරුදු විස්සකට පස්සෙ වුනත් වේ වගේ දෙයක් කරන්න හිත් දුන්න එකෙන්ම පේනව යාළුවට තියෙන සැලකිල්ල...
    ජයෙන් ජය විදානෙ

    ReplyDelete
    Replies
    1. තව මචං අපේ හොටං පාලුවෝ ටිකක් ඉන්නවා කොහේ හරි ගමනක් යන්න එළියට බැස්සම ඉස්සරහට අරූ හම්බුනොත් හොඳයි, අරූ හම්බුනොත් නරකයි කියල කියන. උන්ටත් අබ සරණයි කියල තමයි කියන්න වෙන්නෙ. තමන්ගෙ නොහැකියාව අනුන් පිටින් යවන කාලකණ්නි මිනිස්සු.

      Delete
    2. තමන්ට හරියට් වැඩ කරලා. උනන්දු වෙලා තමන්ගෙ දවස හෝ තමන්ගෙ ගමන සාර්ථක කර ගන්න බැරි එකා කරන්නෙ ඒ වැරද්ද තමන්ගෙ මූණට මුලිච්චි වෙච්චි එකා පිටින් දාන එක තමා!!

      Delete
    3. අපලයක් තියෙන්න නැතුව ඇති.. හැබැයි සිදුවෙච්ච අවාසනාවන්ත සිදුවීම් පෙලත් එක්ක චන්දනගේ කරමත අපලය හංවඩු ගැහුණනා..

      ස්තුතියි මහේශ්

      Delete
    4. වතුර කලයක් අතින් ගත්ත සීදේවි ස්ත්‍රියක් දැක්කොත් හොඳයි කියන්නේ..

      Delete
  11. හරිම සංවේදී කතාවක් විදානේ.
    ළමයින්ගෙන් අපලයි කියල ගෙවල්වලින් ඈත් කරන එක තරම් මෝඩකමක් තවත් නෑ.

    ReplyDelete
    Replies
    1. තමන්ට අපලෙ තමන්ගෙන්මයි. ඕක තේරුම් ගන්න ගොඩක් එවුන් කැමති නෑ.

      Delete
    2. /ළමයින්ගෙන් අපලයි කියල ගෙවල්වලින් ඈත් කරන එක තරම් මෝඩකමක් තවත් නෑ./ නමුත් එහෙම කරන තැනුත් තියනවා.. බැරිම උනොත් පංසලකට හරි ගාල් කරනවා.. ස්තුතියි බස්සි ..

      Delete
    3. තේරුං ගන්න කවුරුවත් ඉඩ දෙන්නෙත් නෑ..

      Delete
  12. චන්දනට නිවන් සුව පතමු, යාලුවෙක් වෙනුවෙන් තවත් යාලුවෝ රැලක් එකතු වෙලා කරපු දේ අගය කරනවා විදානේ අයියා, අපි හැමෝම අනිතිමට ගෙනාපු දේකුත් නැහැ අරන් යන දේකුත් නැහැ, හැබැයි හොඳ හෝ නරක වේවා මතක සටහන් ටිකක් තවත් හිත් වල වපුරලා යාවී.

    ReplyDelete
    Replies
    1. //හැබැයි හොඳ හෝ නරක වේවා මතක සටහන් ටිකක් තවත් හිත් වල වපුරලා යාවී.//

      රූපය දිරයි! - නාමය නොදිරයි!!

      Delete
    2. //හැබැයි හොඳ හෝ නරක වේවා මතක සටහන් ටිකක් තවත් හිත් වල වපුරලා යාවී.// සොදුරු මතකයන් හැමදාම රැදේවි..
      ස්තුතියි සොමි යා

      Delete
    3. "රූපං ජීරති මජ්ජානං, නාමගොත්තං නජීරතී"
      සිංහලෙන්ම කිව්වොත් එහෙමයි..පුියා

      Delete
  13. උබලගෙ පින් අනුමොදනාවෙන් චන්දන මතු ආත්මයක මෙවන් කරදරයක් නොමැතිව උපදිවා.

    ReplyDelete
    Replies
    1. අපිත් ප්‍රාර්ථනා කෙරුවෙ එහෙම තමයි දමිත්.. ස්තුතියි අදහස් දැක්වීමට..

      Delete
  14. දුක හිතෙනවා.. චන්දනට මතු ආත්මෙකදිවත් ඒ වගේ දුකක් අත් නොවේවා..!!

    අපල කියල ගෙවල් වලින් ඈත් කරන්න... ඇත්තටම සල්ලි වලට පෙරේත කමේ බොරු මනස්ගාත කියවන උන්ට තාමත් අපේ එවුන් අහු වෙනවනේ...

    ReplyDelete
    Replies
    1. /ඇත්තටම සල්ලි වලට පෙරේත කමේ බොරු මනස්ගාත කියවන උන්ට තාමත් අපේ එවුන් අහු වෙනවනේ.../ අදත් හෙටත් අහුවෙනවා කෙලවරක් නැතිව..
      හැමෝම පැතුවේ චන්දන යහපත් තැනක උපදින්න කියලා

      Delete
  15. අවුරුදු විස්සකට පස්සේ මේවගේ දෙයක් කරන්න මනුස්සකම තිබ්බ උඹල ගැන ආඩම්බරයි . ඇත්තටම

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න දෙයක් නෑ.. ඇත්තටම මටනං මතක තිබුනේ නෑ.. හැබැයි මතක තිබුනු කීපදෙනෙක් තමයි සංවිධානය කරල තිබුනේ..
      ස්තුතියි ඉවාන්..

      Delete
  16. චන්දනලව නිර්මාණය කරන්නෙ වෙන කවුරුත්ම නෙමේ බං අපිමයි.! අපිමයි, මේ සමාජයමයි. තාමත් අපේ ගොන් වාහෙලා මේ බොරු මිත්‍යවාන් පස්සෙ දුවන හැටි බලපන්. අශික්ඛිතයි බන්.

    චන්දනට නිවන් සුව පතන ගමන් තව දෙයක් පතමු බං, නිවන් දකින කම් ඉපදෙන භවයක වත් මේ වගේ කාළකණ්නි මිත්‍යා විශ්වාස කරපින්නගෙන ඉන්න තැනක ඉපදෙන්න එපා කියලා.

    ඇස් පනාපිට චන්දනව මැවී නොපෙනී ගියා වගේ මචෝ. උඹේ සටහන ඒ තරම් සංවේදියි.

    ReplyDelete
    Replies
    1. උඹේ හැම වචනයක් එක්කම එකඟයි.

      Delete
    2. අනිවර්යෙන් ප්‍රියා..
      තාමත් අපේ අය නොපෙනෙන බලවේග පස්සේ යනවා.. හෙටත් යනවා ඒක වලක්වන්න බෑ..
      චන්දන වනෙුවෙන් එකතු වූ ඔබට ස්තුතියි..

      Delete
    3. සැබැවින් ම මනෝෂෟ

      Delete
  17. හැලපෙ කිවුව වගේ අවුරුදු විස්සකට පස්සෙත් තමං එක්ක එකට හිටපු යාලුවෙක්ව මතක් කරල ඔය වගේ පිංකමක් කරනව කියන්නෙ ඇත්තටම චන්දන අවාසනාවන්තයෙක් නෙමෙයි.
    වෙන මොනදේ කරත් මිනිස්සුංගෙ ජීවිත එක්ක සෙල්ලං කරන ජෝතියො නං මටත් පෙන්නන්න බෑ.

    ReplyDelete
    Replies
    1. චන්දන අවාසනා වන්තයෙක් නෙවෙයි.. හැබැයි චන්දනව අවාසනාවන්තයෙක් විදියට හංවඩු ගහපු උන් ගැන දුකයි..
      ස්තුතියි ප්‍රසන්න අයියා

      Delete
  18. ඒ පිනට උබත් එකතු උනා කිව්වේ මේ බ්ලොග් පොස්ට් එක දාපු එකද

    ReplyDelete
    Replies
    1. ඒකත් පිනක් නං, පිං තව ටිකක් වැඩි වෙනවා..

      Delete
  19. කෝ බං උඹ?

    මේක දාලා ආයෙ නිට්ටඹු ගියද?

    ReplyDelete
    Replies
    1. මැදවච්චි ගිහින් ආයෙත්.

      Delete
    2. ලේසි වෙන්නෑ! හැමදාම කියනවා යන දීපන්කරේක සිග්නල් අරන් පල කියලා. කොහෙද අහනවැයි!!

      Delete
    3. නෑ .. සම්මාදම් වුනා කිව්වට මූට සල්ලි දෙන්න අමතක වෙලා , ආපහු ගිහින් සල්ලි දීලා එන්න

      Delete
    4. මං කොහේවත් ගියේ නෑ බොලව් මේ ඉන්නේ කිරි සප්පයා වගේ... හැක් හැක්..

      අනේ ද කියන්නේ ඉවානයා...

      Delete
  20. එකපාරම කියන්න දෙයක් නැතුව හිත නැවැතුනා වගේ ,අවුරුදු විස්සකට පස්සෙ චන්දනව මතක තිබුණ යාළුවෝ ලබන්න පිනක් කරලා තියෙන්න ඇති ...

    සහෝදර...£

    ReplyDelete
    Replies
    1. උඹත් මේ ටිකේ අතුරුදහන් වෙලා ඉන්නෙ නිට්ටඹු ගියාද?

      Delete
    2. ස්තුතියි සහො..
      මොකද මේ වහං වෙලා..

      Delete
    3. මචෝ මූ දැං කැබිලිත්තේ දේවාලේ ලු වැඩ

      Delete
  21. චන්දනට හොද යාලුවෝ ටිකක් ඉදලා..
    උඔලා කරපු වැඩේ අගය කල යුතුයි..

    ReplyDelete
  22. අපිත් ක්‍රිකට් ගහපු කාලෙ ඔය වගේම චරිත අපේ කණ්ඩායම් වලත් හිටියා..ලකුණු ප්‍රශ්නයක් ආවම ඕවරයේ ඒ ඒ පන්දුවට වෙච්ච දේ උන් මතකයෙන් ඉකමනින් කියනවා. අපේ මලයාගෙ හොදම මිතුරෙකුගෙ පියතුමාටත් ඊයෙ පෙරේදා දවසක මුත්‍රාශයේ පිළිකාවක් ඇවිල්ලා කියලා ආරංචියක් ආවා...ඉතාම හොද මනුස්සයෙක් එතුමා...හොද මිනිස්සුන්ට ආයුෂ අඩුයි කියන කථාව සත්‍යයක් කියලයි මට නම් හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හොද මිනිස්සුන්ට ආයුශ අඩුයි කියන එකටනං උදාහරණ ඕන තරං තියනවා..
      මලයගේ මිතුරාගේ පියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..
      ස්තුතියි සිරා

      Delete
  23. මුල් සද්ද බද්ද අපිට ත් හුරු පුරුදු වැඩ.. එක පාරක් ලකුණූ දෙකක් හොර කරල මට බැට් එකෙන් ගහල කම්මල පැලුනා..

    උඹල කරපු වැඩේ හොදයි. අපෙත් යාළුවෙක් මෙඩිකල් පැකල්ටි ඉද්දි සුයිසයිඩ් කරගත්තා. ඒ වෙනුවෙන් අපි තැනක නා පැළයක් හිටෙව්වා. තාමත් ඉද හිට හෝ කව්රුන් හෝ එතැනට යනවා.. ඒ මතකයන් එක්ක ජීවත් වෙන්න..

    ReplyDelete
    Replies
    1. ""මට බැට් එකෙන් ගහල කම්මල පැලුනා"" කම්මල පැලුනට පස්සේ උඹ ආයුධ හැදුවේ වෙන තැනකද ?

      Delete
    2. ඒකත් වටිනා සිහිවටනයක් තමයි දේශා.. කම්මල සනීපකරගන්න ගොඩක් කල් යන්න ඇති නේද? ස්තුතියි දේශා

      Delete
    3. ඉවාන්
      ඉංපෝට් කරන්න ඇති

      Delete
  24. අදමයි ආවේ...දිගටම එන්න බලා පොරොත්තු වෙනවා...නියමයි දිගටම ලියන්න විදානේ අයියේ...

    ReplyDelete