Tuesday, January 5, 2016

.(උන) විකාර කවි....!!!

සිහින් තීරූ සුදු ඉටි කොල                                   එල්ලනවා..
ගොක්කොල මල් හදා හැමතැන                          සරසනවා..
ගෙමිදුල මඩු ගසා පුටු හෙම                             ගෙන එනවා..
"මාෂල්" උගේ අවමගුලට                                සැරසෙනවා..

"මල් මිටි" වැඩේ එක "ගැන්" එකකට                     දෙනවා..
"ගල් දිය" කේස් එක අංකල්ලට                              දෙනවා..
"කිරි තේ" වැඩේ කෙල්ලන් හට                           පවරනවා..
"තෝං බෝතලේ" ‍ලොකු මලයට                           දෙනවා..

මේ මේ ඉසව් වල කොඩි වැල් ඇදි                           යුතු වේ...
හැම මංසලම තොරණින් සැර සිය                            යුතු වේ..
රට හැම තැනින් "සෝ වැකි" ගෙන ආ                     යුතු වේ..
"මාෂල්" ගමේ කොල්ලන් හට දැන්                         සැර වේ..

කාලය පියාඹයි හිමිහිට මද                                       පවනේ..
සඳ තරු නිදි වරයි රෑ තුන් යම                                  ගුවනේ..
වැව් තාවුල්ල අසබඩ නා ගස්                                 සෙවනේ..
"මාෂල්" යයිද අදවත් අවසන්                                   ගමනේ..

අවසන් පැතුම..

ලමුන් ඇති අය ගේ ලමුන් හට ඉගැනුමෙන් නිසි පල                 ලැබෙන්නයි..
අපි කෙසේ මුත් තියෙන ඇත්තෝ ළමුන් හට හොද හැටි               උගන්නයි..
සවිය බල සිය ගතට දේවා ! හිතේ හැටියට වැඩ                      කෙරෙන්නයි..
යාන්තං කළුවර වැටෙන විට බිරින්දෑවරු ඇඳට                               එන්නයි..

අවසන් ඔවදන..

රටේ ජාතියේ තිබෙන අයිතිය බිඳක් නෑරම ඉල්ල                             පල්ලා..
අපේ කම හදවතේ රඳවා මිනිස් පහනක් අල්ල                                  පල්ලා..
නිදන්නට රෑ ඇදට ගියවිට නොයිඳ බොරුවට හොල්ල                   හොල්ලා..
ලැබූ වසරේ බයක් නොමැතිව මාර සෙල්ලම                             අරඹපල්ලා..


ප/ලි
කට තිත්තයි.. මේලෝ රහක් නෑ..
99F ට වැඩිපුර උණ තිබ්බ වෙලාවේ ලියැවෙච්ච විකාර කවි..

47 comments:

  1. මෙට පසේ මට උන ගැනුනොත් මේ කවිටික තුන් වරුවක් හඬනගා කියවලා බලන්න හිතාගත්තා. හැබැයි පුතෝ එහෙම කලාට පස්සේ උන නොබැස්සොත්...................................................................

    ඉස්පිරිතාලේ ගිහින් බේත් ගන්නවා.

    ReplyDelete
    Replies
    1. තුන් වරුවක් කියවන්න ඕන නෑ තුං පාරක් කියවනකොට වයිෆ් ඇවිත් සීතල වතුර බාල්දියක් පෙරලයි උණ බහින්නම..
      අත්දැකීමෙන් කියන්නේ ඕං..

      Delete
  2. "යාන්තං කළුවර වැටෙන විට බිරින්දෑවරු ඇඳට එන්නයි.." ලෙඩ හොඳ වේය ඉතිං ...

    ReplyDelete
    Replies
    1. //බිරින්දෑවරු//

      හත්තිලව්වයි අම්බලං විදානෙගේ පවුල කඩන්නයි යන්නේ......

      Delete
    2. අනේද කියන්නේ අම්බලං උන කියන්නේ ඒකටනේ..

      @ කුරුටු ඌට උගේ පාඩුවේ ඉන්න දියං බං

      Delete
  3. උණ විකාරෙන් ලියාපු එකක් උනත් බිරින්දෑවරු අමතක වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. අපි එහෙම තමයි
      පූජාච පූජ නීයං..

      Delete
  4. උණ විකාරෙන් උනත් ලියලා තියෙන්නෙ ලස්සන කවි

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ Trans මේ පැත්තට ආපු පලවෙනි වතාව..
      සාදරයෙන් පිළිගන්නවා මේ උන දානේට..

      අනේ ඉතිං මං ලියන කයි

      Delete
  5. මටත් සතියක් තිස්සේ අසනීපයි. ඒත් හොඳ වෙලාවට කවි නම් ලියවුනේ නෑ!
    ;-)

    ReplyDelete
    Replies
    1. ඒ කට සුදු කොඩි පේන ගානටම එන්න ඕන..

      Delete
  6. ඒ විදානේ උඹට අසනීප වෙලා කිව්වට මට නං හිතෙන්නේ දැන් තමා පියවි සිහියට අැවිත් තියෙන්නේ....... බලහං කයි ටිකේ අපූරුව.... අැත්තම ලියලානේ.....

    මේවාට දාන්න මං දෙන නම නං

    විකාර (උන) කවි................

    ReplyDelete
    Replies
    1. අනේ මචෝ මමයි පුසන්න අයියයි දන්න කවි....

      නම නං හිතට වැදුනා

      Delete
  7. උන විකාර කිව.. පල පල යන්න.. මුගෙ කෙප්පද කොහෙද යස අලේට මේ ලිය ල තියෙන්නෙ
    ටිකක් විතර පිස්සු පිකුදු නං තමයි..
    මේ මාෂල් කියන සීන් එක තේරුන්නෑනෙ බං සිරාවටම. මැරුණ එකාය මාෂල්..

    ReplyDelete
    Replies
    1. අනේ බාං මාං ලියන කයි..

      මාෂල් කියන එකේ තේරුම හරියටම රටට හඳුන්වල දුන්නේ, අධිකරණ සහ බුද්ධ සාසන ගරු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමා..
      එතුම තමයි කිව්වේ "ෆීල්ඩ් මාර්ෂල්" කියන්නේ "වෙල් විදානේට" කියලා

      Delete
  8. පට්ට කවි ටික..
    ඔන්න මාත් මේ පැත්තට ආවා)

    ReplyDelete
    Replies
    1. පරිස්සමෙන් උන බෝ වෙයි....

      Delete
    2. ඔය රූපේ දැක්කම මතක් වෙන්නේ අර ඉංදිකයමනේ බොල.. කමක් නෑ සාදරයෙන් පිලිගන්නවා මහේස් මේ උන දානේට..
      පට්ට පදිරි ලෙස නිවැරදි විය යුතුයි..

      @ කුරුටු - බොට දෙන්නේ කාසේ..

      Delete
    3. හැක්.. දැන් බෝවෙන එකක් නෑ නෙව.
      ආයේ ආවේ උන හොද වෙලා මාසෙකටත් පස්සේ..

      Delete
  9. අඩේ උඹේ ෆොටෝ එකක් එවහං. මා ගානෙ දැන්වීම් ටික නොමිලේ. දැම්මම දිනේට හිස්තැනක් තියල ආට්වර්ක් කළාම ඉක්මනට දෙන්න පුලුවං.

    හැක්... මොනව උනත් විකාර කවි ටික.

    ReplyDelete
    Replies
    1. ඒල අජිත් අයියා අපිනං කට්ටියම ඒකපාර පෝස්ටු ටිකක් දාලා සින්ඩි වලත් අැඩ් කරලා... නෙලුම් යායෙත් පෝස්ටුවක් දාලා... ජීවිතේට ඒක පාරක් විතරක් දෙන සම්මානයක් සම්මාන උලෙළේදීත් දෙන්නම්..... අාය දන්නවානේ අපේ මිනිහානේ...... කොහොම නිකං අතඅරින්නද???

      Delete
    2. මට ඉවානයගෙ එකක් හදල දියකො :D

      Delete
    3. https://web.facebook.com./photo.php?fbid=10153408609974402&set=pb.727609401.-2207520000.1452098745.&type=3&theater

      රයිට් ප්‍රසන්න අයියා ඔන්න පොටෝව සීන් එක ලස්සනට තියෙන්න ඕන ඈ...

      @ කුරුටු ඕන මගුලක් කරගං මගේ චරිතේ ගාතනේ නොකර

      @ ඉවානයගේ නරි මූන මරණ දැන්වීමකටවත් හරියන් නෑ බොල

      Delete
  10. උඹට සතියකට සැරයක්වත් උණ හැදෙනවානම් :p සුපර්!!!

    ReplyDelete
    Replies
    1. දවස ගානේ හැදෙනව නං.. අනේ උඹල වගේ මිතුරො..

      Delete
  11. නිට්ටඹුවේ අවසන් කටයුතු සිදු කරනු ලැබේ..

    ReplyDelete
    Replies
    1. සිග්නල් නැති පලාත් වල වැලලෙන්නවත් කැමති නෑ ඕං

      Delete
  12. මූට සැදි උණ බෙහෙත් බිව්වත් කිසිඳු දිනයක සුව නොවෙන්නයි

    ReplyDelete
  13. "ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි
    මරුවා ළඟා වෙනවා
    සිතු දේ නොමවෙයි - නොසිතු දෙයක් වෙයි
    ලෝදම් කැර කෙනවා..."

    ReplyDelete
    Replies
    1. සින්දුටත් උන වගේ හැක් හැක්

      Delete
  14. අමුවට ඇඟිලි පුරුක් දෙහෙක සොට් එකක් ඇනගත්තං ඔය මංඥං ගතිය නැතිවෙලා අවුට්පුට් එකට ටිනර් ගහපු බල්ලා වගේ ප්‍රබෝධමත් වෙනවා …… ඕ යේස් :D

    ReplyDelete
  15. පැනඩෝල් දෙකක් කුඩු කරලා දෙහි ඇඹුලෙං උරච්චි කරලා දෙමල නයන්නාට කියලා සපොසිටරි එකක් දා ගනිං. නිට්ටඹුවටම සුව වෙයි.
    (අර මාර සෙල්ලමනං මතක් කොරංට එපා. මට පැසර් වැඩිවුණෙත් ඕක කොරලා)

    ReplyDelete
    Replies
    1. ඉස්සරහ බේත් සාප්පුවෙ ඕවට හරියන බේත් තියෙනව.

      Delete
  16. ...//99F ට වැඩිපුර උණ තිබ්බ වෙලාවේ ලියැවෙච්ච විකාර කවි//...

    චැක් මාරියක් කන්න තිබ්බ චාන්ස් එක නැති වුනානොවැ..

    ReplyDelete
    Replies
    1. මාරි හම්බවෙයි බලාගෙන හිටහං. මූ අර පණ ඇදපු මදාවියගෙ ඇට දෙකත් කාපු එකා. හැක්...

      Delete
    2. මදාවියා ටිකක් කොර ගහන්නේ ඒකද ?

      Delete
  17. මෙහෙම ලස්සනට කවි ලියනවනම් උඹට හැමදාම උණ ගැනුනත් අවුලක් නෑ.

    ReplyDelete
  18. උණ විකාරෙට "ගල්" තමයි බෙහෙත.

    ReplyDelete
  19. උණ හොඳ වේවා
    බිරින්දෑවරු ලඟට ඒවා

    ReplyDelete
  20. මටත් සති දෙකක් තිස්සෙ උණ බං. බොට නම් කවියක්වත් ලියවෙනව, මට එහෙමවත් නෑ

    ReplyDelete
  21. උණ විකාර කවි ටික ලස්සනයි. කොහොමත් මැරෙණ එකේ ඒ ගැන හිතුවට ලෑස්තිවෙලා හිටියට කමක් නැහැ

    ReplyDelete
  22. අඩේ... සුපිරි යකෝව්... තොට හැමදාම උන ගැනුන නං සුපිරි නිර්මාන ටිකක් බිහිවෙයි... අර බිරින්දෑවරු ගෙන්නන කයිය මාත් කියල බලන්න ඕන..හැක්..

    ReplyDelete
  23. විදානෙට උන හැදුනෙ තල් උන වත් දැකලද මන්ද හැක්.. මරු කයි ටික
    ජයවේ!

    ReplyDelete
  24. අඩෝ ඇත්තටම උබ මැර්යිද?

    ReplyDelete