Tuesday, November 15, 2016

මා ගී සොළොස.. සහ අතුරු කතන්දරයක්.

පිදුම -  අමරදේව ශූරීන්ට..

පහු ගිය සතියේ අපේ ඉයන් ඩෑං උන්නගේ කියල තිවුනා ඇහැකිනං තමුන් කැමතිම ගීත දාසය තෝරල පොස්ට් එකක් දාන්නෙයි කියලා. මේක නිකං වසංගතයක් වගේ බ්ලොග් අවකාසේ පුරාම පැතිරිලා පැතිරිලා ගිහිල්ලා හැමෝම වගේ තමුන් කැමති කැමති විදියහට සිංදු දාසයක් හරි එයිට අඩුවෙන් හරි වැඩියෙන් හරි තෝරලා එක එක ආකාරයේ පෝස්ටු මහා ප්‍රමාණයක් බ්ලොග් ලෝකෙට මුදා හැරල තිබ්බා.. මේං මෙතැන ඒ ලිස්ට් එකෙන් ටිකක් තීනවා... මේක හරියට රැල්ලක් වගේ එක එක කාලෙට එක එක තාලෙට රැලි එනවා හරියට ඉස්සර නලල මැදින් මුදුනින් තියන කෙස් ගස් තිහ හතලිහ කපන්නේ නැතිව ඉතුරු කරල පෙම් රැල්ල හදාගන්නව වගේ.. හැක්..

හැබැයි එකක් කියන්න ඕන මේ විදානයනං ඔය කියන එක එක ජාතියේ රැලි පෙරලි වලට අහුවෙන ජාතියේ එකෙක් නෙවෙයි (බක බක) ඒ බව මේ පොස්ට් එක අවසානයේදී ඔහේලට බලා කියා ගන්න පුලුහං වෙයි. සති දෙක තුනකින්ම මේ **දානේ මකුලු දැල් කඩන්නත් බැරි උන එකේ ඔන්න ඔහේ මං එක එක කාලවල කැමති(?) උන එහෙම නැත්නම් වැඩිපුර අහපු සිංදු ටිකක් මේ පොස්ට් එකෙන් එලි දක්වනන්න හිතුවා..

01.. තත් තත් තත් තාර පැටියා..
පුංචි කාලේ පොඩි එවුන් නලවන්න දෙමව්පියෝ ඇට්ටි හැලෙන්න සිංදු කියනවා (හැබැයි මං සිංදු කියන කොටනං පොඩි එකී තව හයියෙන් අඩනවා) ආං එහෙම අපේ තාත්තා මං කරේ තියාගෙන කියපු සිංදුවක් තමයි තාර පැටියා කියන්නේ ඔය කියන්නේ එක්දාස් නවසිය අසූ ගන්න් වල මුල මැද හරියේ. මට මතක විදියට මුලින්ම මට ලයින් උන සිංදුව මේක වෙන්න ඕන (තාම මතක තියන) පස්සේ කාලෙක සන්ෆලවර් එක්ක මේ සිංදුව කියුවට පස්සේ හෙන්රි කල්දේරා මහත්මයා ගොඩාක් ජනප්‍රිය උනා (මට හිතෙන විදියට සන්ෆලවර් එක්ක ගී ගයපු අයගෙන් ගොඩක්ම සාර්ථක උනේ මෙතුමා) , කලමණාකරනයේ තියන දුරුවල තාවයක් නිසා වෙන්න ඇති හරූන් ලන්ත්‍රාට එහෙම ගොඩ එන්න බැරි උනා..

01.. අකුරු මැකී නෑ කොල ගැලවී නෑ....
 මේකත් ඒ කාලෙට චුට්ටක් පස්සේ කාලෙක අහිච්ච සිංදුවක්  මේ සිංදුවට මං කැමති උනේ ඇයි කියලා ගොඩාක් දුර කල්පනා කරාට පස්සේ තමයි තේරුනේ , ඇත් පොරයට අපි ඇහැ යවමූ....කියන ටික මට ඇහුනේත්, මම කිව්වෙත් ඇස් පොරයට අපි ඇහැ යවමූ.. කියන විදියටයි, ඉතිං කවදාවත් ඇකල නැති ඇස් පොරය හින්දා මේ ගීතයට ඒ කාලේ ගොඩක් කැමති උනා. හැබැයි කවදාක හෝ අස් පොරයක් දැක්කොක් ඒ කට ඇහැ නොයව ඉන්න හිත තද කරන් තමයි ඒ කාලේ උන්නේ..

03. හාවා හරි හාවා..
උක්ත කාල සීමාවල වල දී ම අහපු (බලෙන් අස්සපු) සිංදුවක් තමයි මේක හැබැයි ඒ කාලේ එච්චරම කැමති උනේ නැතත් කොතනටකට ගිහිං හරි සිංදුවක් කියන්න කිව්වොත් අතඇරල දැම්මේ මේ සිංදුවෙන් කෑල්ලක් තමයි. බොහොම මෑත කාලෙකදි ආයෙමත් මේ සිංදුව අහන කොට තමයි ඒ වචන කොච්චර හැඩැයිද කියලා තේරුනේ..

04. දෑස රිදෙනවා පාර බලා ඉඳලා.. සනත් නන්දසිරි..
අසූ ගනන් වල අග හරියේ අපේ අපේ සීයලාගේ ගෙදර තිබ්බ කැසට් එකකින් තමයි මේ සිංදුව මුලින්ම අහැවේ.. අර ඇස් පොරය වගේ සීන් එකක් තමයි මේකෙදිත් මට ලයින් උනේ මේ ගීතයේ තැනක තියෙනවා අපි ආ පාරේ  ආගිය මානේ මල් ලොව මල් පිපුනා.. නැන්දාලාගේ ගෙදර ඉදන් අපේ ගෙදරට හැතැක්ම තුනක් විතර ඇති අකුරැස්ස - බංගම පාරේ ඔය ටික ආවේ පයින් පයින් එන්න උනේ, ඒ කාලේ වැඩ පෙන්නපු දැං දිගට හරහට සැමරුං ලබන ඉල් මහ විරුවන් පාරේ තිබ්බ පාලම් දෙක තුනක්ම බෝම්බ දාලා පුපුරවල දාල තිබ්බ හින්දා. අන්තිමට ගෙදරට එද්දි මේ සිංදුව මට හිතෙන හැටියට ආයෙත් ගෙට ගහ ගත්තා එතකොට අර පේලිය තිබුනේඅපි ආ පාරේ බෝම්බ පිපිරී මල් ලොව මල් හැලුනා.. වගේ එකක්
05. සමුගන්නේ නෑ... නාමල් උඩුගම..

අනූ ගනන් වල මුල් හරියේ හෙන ගහන්න ජනප්‍රිය උන ගායකයෙක් තමයි නාමල් උඩුගම කියන්නේ මෑන් ජනප්‍රියත්වය නිකං රැල්ලක් නෙවෙයි උන්මාදයක් වගේ ගං නියංගම් සිසාරා රිංගල ගිහිං හිටං තිබ්බා, ඉතිං රැලි පෙරලි වලට අහුවෙන් නැති විදානයත් මෑන්ගේ සිංදු අහන්න මාර විදියට ලයින් උනා. හැබැයි ඉතිං කැසට් පටි අරගෙන සිංදු අන්න කැසට් එකක් නොතිබ්බ නිසා මේ කාලේ සිංදු ඇහුවේ රේඩියෝ එකෙන් ඒ කියන්නේ සිරස රේඩියෝව පටන් ගත්ත කාලේ වගේ, මේ කාලේ කැලුම් ශ්‍රීමාලුයි, රොෂාන් වටවලයි ඉරිදා දවල් දොලහට කරපු රස රිසි ගී විස්සෙන් තමයි වැඩිපුරම මේ සිංදු ඇහුවේ.. හැබැයි කියන්න කනගාටුයි අන්තිමට කැසට් පට් විකුනගන්න බැරිවෙයි කියලා රේඩියෝ එකෙන් නාමල් උඩුගමගේ සිංදු ප්‍රචාරය කරන්න එපා කියල , ගී විස්සේ උඩින්ම තිබ්බ මෑන් ගෙ සිංදු තුනක් විතර ප්‍රචාරය කලේ නෑ.. එදා ඉදන් නාමල් උඩුගම කියන ගායකයා මේ විදානයට නං අරහං.. හැබැයි පහුගිය දවස් වල අසනීපෙන් කියල දැන ගත්තමනං ටිකක් හිත සැලුනා..

06. ලැබුනත් නෙත් යුග දහසක උරුමේ  - අසංක ප්‍රියමන්ත පීරිස්
ඔය කලින් කියපු කාල වලදිම වගේ අසංක ප්‍රියමන්ත කියන මනුස්සයත් ගීත ලොකේ අමුතුම ආකාරයට රැල්ලක් ඇති කලා.. සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම.. වගේ අගේ ඇති සිංදු කියල තිබ්බත් විදානයගේ හිතට ලයින් කරල ගියේ ලැබුනත් නෙත් යුග දහසක උරුමේ . කියන මව් ගුණ ගීතයයි.. මේ සිංදුවත් ඉතිං ඇහුවේ රස රිසි ගී වලට පිං සිද්ද වෙන්න තමයි.

07. සුදුමල් පොකුරක් අතින් දරා මා..
අනූ ගනන් වල මැද හරියට වගේ එන්න ආපු තවත් ජනප්‍රිය ගීයක් තමයි මේක අර කියපු රස රිසි ගී වල බොහෝ කාලයක් රැඳිච්ච ගීයක්.. අනේ ඉතිං විදානයක් දෝතින්ම මේ ගීයත් වැළද ගත්තා.

08.  නාඹර ගොයමට - ගුණදාස කපුගේ..
මෙන්න මේ අනූ ගනන්වල මැද හරිය වෙනකොට ආවා සන්ෆලවර් සමග අරු... සන්ෆලවර් සමග මූ... වගේ ගීත රැල්ලක් ඒ කාලේ හිටපු ගොඩක් ගායක ගායිකාවෝ මේ සන්ෆලවර් රැල්ලට ගී ගයන්න පටන් ගත්තා.. තවත් සමහර ඈයෝ පලු යන්න මේකට බනින්න පටන් ගත්තා. ඉතිං මෙයින් වැඩිපුරම බැනුං අහපු ගායකයා තමයි කපුගේ, දවසක් පැල නැති හේනේ.. වගේ ගීත දඩිං බිඩිං සංගීතෙට ගායනා කොරනවා කියලා අම්ම මෝ නැතිව පත්තර පිටු පුරෝලා බැනුම් පොදි බැඳල තිබ්බා.. හැබැයි ඉතිං විදානයත් කපුගේගේ සිංදු අහන්න පටන්ගත්තේ මේ සන්ෆලවර් රැල්ලත් එක්ක තමයි


09.බඹරෙකු ආවයි නිරිත දිගේයා...
ඔය කියන සන්ෆලවර් රැල්ල යාන්තං මැකීගෙන යද්දි මතුවෙච්ච තවත් රැල්ලක් තමයි නොනවතින ගීත රැල්ල නොහොත් නනස්ටොප් රැල්ල. මං හිතන විදියට මිල්ටන්ගේ ගීත පනස් හතරක් එකතු කරලා තමයි මුලින්ම මේ වගේ කැසට් එකක් කරලා තියෙන්නේ (හරියටම දන්නෑ). ඒ දවස්වල මේ නන්ස්ටොප් රැල්ලෙන් ගැලවෙන්න සක්කරයාගේ පුතා වයිමටවත් වයිමගේ තාත්තා වන සක්කරයටවත් බැරිඋනු එකේ අපි කෙරේ කවර කථාද?...
ඉතිං මැදිං පටන් අරන් සිංදු කියන අලුත් සංස්කෘතියට අපේ සමහර ඈයෝ කොච්චර ඇලුම් කලාද කියනවනං පිටවෙන හෑම නන්ස්ටොප් කැසට් එකකම ගීත පටන්ගන්න තැන් අනුපිලිවලින් කොපි පොත්වල අන්තිම පිටුවල ලියාගෙන ඉන්න තරම් උනා.. ඉතිං මෑන්ට අපි සුට්ටි නමකුත් දැම්මා නනස්ටොප්කියලා.. මේ ගීත අහනකොට විදානයගේ හිතේ රැදිච්ච ගීතයක් තමයි බඹරෙකු ආවයි නිරිත දිගේයා කියන්නේ..

10. රන් කෙන්දෙන් බැඳ - අමිල් තරංග
මම කලින් කියපු නන්ස්ටොප් ගීත වලම තවත් දිගුවක් ලෙස මතුඋන සීන් එකක් තමයි මේකත් විශේෂයෙන්ම නන්දා මාලනියගේ ගීත ඇගේ හඪ අනුකරණය කරමින් පිරිමියකු විසින් ගායනා කිරීම. මෙහි මූලිකයා මං හිතන විදියට අමිල් තරංග හැබැයි මේකට විරුද්දවත්  නන් දෙසින් දැඩි විවේචන එල්ල උනා . එහෙමයි කියලා මේක නැතුනෙත් නෑ තවමත් ඉඳහිට මේ විදියට ගීත ඇහෙනවා.. ඒ ඒ වෙලාවල් හැටියට නන්දගේ හරි අමිල්ගේ හරි ගීත රස විඳින්න පුලුවං උනානනං ඔ ය ගැටළු නෑ...

11. සුසුම වී මගේ මුළු හඳින් සෑමදා... බස් අජිත් නොහොත් අජිත් මුතුකුමාරණ.
අජිත් මුතුකුමාරණ තරම් පුද්ගලික බස්සේවයේ ගුණාතාමක වෙනසකටත් ඒ වගේම පුද්ගලික බස් සේවයේ දියුනුවටත් කැපවුනු ගායයෙක් නොමැති තරම් අජිත්ගේ සිංදු දාන්න තමුන්ගේ බස් එකේ තිබ්බ ටකරං ස්පීකර ගලෝලා අලුතින් බෆල් සවිකරන්න තරම් බස් හිමියන් ඇප කැප වෙද්දි අජිත් ගේ සිංදු වැඩිපුරම දාන බස් රථ වල තෙරපි තෙරපී හරි ගමන් කරන්නත් මගීන් පුරුදු උනා ඒ අතින් අජිත් මුතුකුමාරණ කියන්නේ ඒ කාලයේ සංකේතයක්. විදානයත් මේ රැල්ලෙන් ගොඩ එන්න නං උත්සාහ කලේ නෑ ඕං...

12. පිටි කොටපන් නෝනේ.. ජිප්සීස් සුනිල් පෙරේරා..
පාවෙන පිරිසියක් උඩ නැගලා, ලුණුදෙහි, වගේ ගීත සමාජයට මුදාහැරපු ජිප්සීස් සුනිල් පෙරේරගේ තවත් පෙරලිකාර ගීයක් තමයි මේක. විශේෂයෙන්ම විදානයගේ හිතගියේ මේ ගීය සමග වේදිකාව මත රැගුනු නර්ථනයටයි. ඒ නැටුමත් ටිකක් විතර විවේචන වලට බඳුන් උනත් සුනිල් පෙරේරා නම් තඹ සතේකට ඒවා මායිමි කොලේ නෑ මයි හිතේ. එයිට ගොඩක් කාලෙකට පස්සේ නිකුත් කරපු කොත්තමල්ලි ගීයේ නර්ථනය මෙයිට ගොඩාක් ඉඳිරියෙන් තිබුනත්, එයිට වඩා හොඳ නර්ස්ලා සර්ච් කර ඇති නිසා පිටි කොටපන් නොනේ තරම් කොත්තමල්ලී වලට විදානයාගේ හිතනම් ගන්නට බැරි උනා..

13.  තොටුපොල අයිනේ කවුද අත වනන්නේ... වික්ටර් රත්නායක
මට මතක හැටියට අනූ හතේ වගේ අවුරෙද්දෙදි මොරටුව විශ්වවිද්‍යාලයේ වික්ටර රත්නායකයන්ගේ ප්‍රසංගයක් පවත්වන්නට සැලසුම් කොට තබුනා. එයට විරුද්දව මත දැරූ සිසුන් පිරිසක් එකතු වී වික්ටර් රත්නායකගේ ගීත ඇතුලත් කර මනරම් කැසට් පටයක් නිර්මාණය කර තිබුනා. දෙමාපියන් සහ කුඩා ලමුන් ඉදිරියේදී අසිය නොහැකි මේම කැසට් පටය එකල අප අතර බොහෝ ජනප්‍රිය වූවා. එහි එක් දෙබසක වූයේ  “තොටුපොල අයිනේ කවුද අත වනන්නේ...යැයි එකෙකු ඇසූ විට,කවුරුහරි පට්ට වෙසියෙක් වෙන්නැති යයි පිලිතුරු දීමයි එයින් පසු වික්ටරයන්ගේ තොටුපොල අයිනේ ගීතය විදානේගේ ගිත තදින් ඇඳ බැඳ තබන්නට සමත් වූවා.

14. මා ආදරෙයි මුඵ ලොවටත් වඩා...
මෙම ගීතයේ වචන වලට වඩා එහි සංගීතය විදානයාගේ සිත් ගැට ගහන්නට සමත් වූවා විශේෂයෙන්ම එහි ඇති ඩම්ස් වාදනය නැවත නැවතත් රස විඳීම සහ කිසිදා කල නොහැකි එය අනුකරණය කිරීමට තැත් කිරීම මාගේ විනෝදාංශයක් වූවා. සෙබලානෙනි නුඹ මැරුණානොවේගීයත් මෙවැනිම ආරක ගීයක් ලෙස රස විඳීමට හැකියාය තිබෙනවා..

15. වසන්තයේ - බාතිය සහ සංතුස්,
බාතිය සහ සංතුස්ගේ ආගමනය ද අනූව දශකයේ අග බාගයේදී වූ විශේෂ සිදුවීමක් ලෙස හදුන්වන්නට පුළුවන්. ඔවුන්ගේ අලුත් ආරේ ගීත වලට දැඩි විවේචන සහ දෝශාරෝපන එල්ලවන්නට උවත් තවමත් ඔවුන් අළුත් නිර්මාණ බිහිකිරීම සතුටට කරුණක්. එකල බාතිය සංතුස් රැල්ලක් එද්දී විදානයාද ඒ මතුපිට සර්ෆින් පදින්නට වීම රැල්ලට ගසාගෙන යාමක් නොවේ..

16. ඡත්ත මානවනක ගාථා-
 දැං මං කියන්නට යන්නේ මවිසින් මේ වන විට වැඩිපුරම වාරයක් කියා ඇති ගීතය ගැනයි (ඔබත්?). එදා සංගීතයෙන් කෙල පැමිණි ඡත්ත නම් වූ මානවක තෙමේට බුදුන් වහන්සේ විසින් ලබාදුන් පද පෙළයි. බුදුන්, දහම්, සඝ ගුණයන් ඇතුලත්කර  රචිත එම පැදි පෙළ ඡත්ත මානවක තෙමේ තම මනරම් හඪින් ගයමින් වනමැදින් ගමන් ගනිද්දී විෂ පෙවූ ඊ තලයක් ඔහුගේ හදවත දෙපළු කරමින් ගමන් කිරීම කෙතරම් ඛේදාන්තයක්ද?

විදානයානං මේ ගීයට ඇළුම් කළේ ඉහත කිසිවක් නිසා නොවේ.. මේ සිංදුව කියා අවසන් වූ විට එදා දවසට පාසල අහවර වන නිසාය.. මේ ඉයං ඩෑං උන්නෙහේ මෙතැන 16ක් කියා නොතිබ්බානං මේ දවස්වල වැඩිපුරම කියැවෙන මල හිරු බසිනා .., ජගන් මොහිනී , සසර වසන තුරු.. වැනි ගීත ගැනද යං තං දොඩමලු වන්නට තිබුනා 
..
මෙම ගීත සියල්ල සඳහා දායක වූ පද රචකයින් ගායකයින් සහ සංගීතඥයින්ගේ නම් නොලියවීම පිලිබද සමාව අයැද සිටිමි.. සොයන්නට ගියේ නම් මෙම පෝස‍්ටුව ලබන සතියට කල් දැමීමට සිදුවනු ඇත
දිග වැඩි වෙයි නම් සමා අවසර , දැං අර අතුරු කථාව..

ඉයං ඩෑං ගේ මේ සිංදු තෝරන මල විකාර වැඩේට මාට්ටු උන කුරුටු ගෑ ගී පවුරේ පතාක යෝදයකු වූ (පෙරෙහැරේ පතාක රැගෙන යන ඇඟපත ලොකු වාහෙලාට පතාක යෝදයන් යැයි කියනු ලැබේ) තුෂාර විතාරණ මහතාත්, එම මැතිණිය වන එම ගී පවුරේම සාමාජිකාවක් වූ කාංචනා චන්ද්‍රසේකර මහත්මියත් එක්ව, මේ ගී සොලොස තොරන්නට දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී තිබේ. නමුත් දෙදෙනාගේ යම් යම් මත ගැටුම්, හැල හැප්පීමී, රැවුම් ගෙරවුම් වැනි දෑ නිසා නිසි ලෙස මෙ සොලොස තොරාගැනීමට නොහැකි වී තිබේ. නමුත් බෙහෙවින් කලාකාමී සිත් ඇති මෙ දෙපල, නිරන්තරයෙන්ම රස වෑගෙන ගීතයන් ගයන්නටත්, රාගයන් වයන්නටත් පටන් අරඹා ඇත. එය කෙතෙක් ත්‍රීව වූවාද යත් ඔවුනට ගාන සමය පවා මගහැරී දිගින් දිගටම ගයන්නටත්, වයන්නටත් වීම නිසා, දැන් තුෂාරයාට කෑම උයන්නටත්, රෙදි සෝදන්නටත්, ඇඹුල් ජාති ගෙනඑන්නටත්, දොලදුක් සංසිදුවන්නටත්, සිදුවී තිබේ..

උන් දෙන්නාටද සුභ පතමින් සහ ලබන සතියේ තුෂානිට මවිසින් ලියන ලද ගීය ගෙන එන බලාපොරොත්තුව පෙර දැරිව මම නිහඩ වෙමි..

ජ ය වේ වා !!!


80 comments:

  1. ගනිංකො කොලුවො හපන්න විටක් එහෙම.ඒ කාලෙ අපි නං කීවෙ ටීටර් සිංදු.රුක්මනි දේවි හිටියෙම මගෙ අල්ලෙ.

    මං මේ කිරිඅප්පු මුත්ත

    ReplyDelete
    Replies
    1. දැං අල්ලේ ඉන්නේ කවුද මුත්තේ...

      Delete
  2. යකෝ දෑස රිදෙනවා කිව්වෙ සනත් නන්දසිරිද? අප්පට සිරි මං මෙච්චර කල් හිතාගෙන හිටියෙ ඒ සිංදුව කියන්නෙ මිල්ටන් මල්ලවාරච්චි කියලනෙ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඇයි මම?
      මෙච්චරකල්ම සුසුම වී මගේ කියන්නෙත් අතුල ශ්‍රී ගමගේ කියලයි මං හිතුවෙ.

      Delete
    3. ගණං ගන්න එපා බං. සුපර් මූන් දැක්කට පස්සෙ මුගේ අරක වැඩිවෙලා.

      Delete
    4. ස්තුතියි හැලපේ.. ඒත් හැදුවේ නෑ

      යට පිරිසට.. බොරු කියන්න එපාල බොල.. හැලපේ කිව්වම නේද මතක් උනේ..

      Delete
  3. අද බෑ. හෙට එන්නං කියවන්න.

    ReplyDelete
    Replies
    1. ඇයි බං මු වෙසක් එකට පස්සේ අදනේ මේ මලදානේ ලිව්වේ ඉතින් කියවමු

      Delete
    2. මේ බිසි ටයිම් එකනෙ බං. මේ වෙලාවෙ මේව කියවන්න බෑ. අනික මූ ලියන්නෙ හොඳ සිහියෙන් නෙමෙයිනෙ. ඒ හින්ද කියවන එකා සිහියෙන් කියෙවුවෙ නැත්තං බඩුම තමයි.

      Delete
    3. ප්‍රසන්න අයියා විදානේ කාලයක් නොලියා ඉදලා අයෙම දන්නෑ වගේ ලියන්න එන්නේ අපිට අර කේස් එක අමතක වෙලා ඇති කියලා හිතලා වෙන්ටෑ...... අපිට ඒවා අමතක වෙන්නෑ නේද බොලව්..... කෝ විදානේ ටිකිරා අයියාගේ සමපෝෂ ගුලිය ගැන ලියන්නේ නැතැයි..... අඩෝ විදානේ කෝ සමපෝෂ ගුලිකේස් එක....... කෝ ටිකිරා අයියාගේ ගුලිය ඈ...........

      Delete
    4. හැක්.. හැක්.. ඒව අමතක වෙන්න අපි මැරිල උපන්නැයි.
      මූ ඒක ගැන ලියන්නැත්තෙ එතන මොකක් හරි හොරයක් ඇති නිසා වෙන්න ඇති. ඒ මොනව තිබ්බත් කොමෙන්ට් කාරයො හැටියට අපිට ඒ කතාව දැනගන්න ඕන. ඒකෙ ඉතුරු ටික වහාම ලියනව හොඳයි.

      Delete
    5. ඔව් විදානේ.......... අපිට කොලේ නොවහනු.....

      අපිට ටිකිරා අයියාගේ ගුලිය ගැන කියනු.....

      අපිට ඕනේ ටිකිරා අයියාගේ ගුලිය ගැන කතාව........

      අපි ටිකිරාට ටිකිරා අපිට........

      Delete
    6. ප්‍රසා අයියා අදවත් කියෙව්වයි..

      ඉල් එකට ඔය කියන ඹක්කොම ලියනවා.. දෙයියම්පා...

      අද තුසාරයාලගේ දිනයලු

      Delete
  4. නන්දා මාලනීගෙ සිංදු නම් සතුට සුරංග,ශලින්ද,ඔගිව් වගේ කට්ටිය තාම ස්ටේජ් වල පට්ට ගහනවා.
    යෝවද තං පවරෝ මනු ජේසූ.. කියන්නෙ බෑග් එක කරේ එල්ලගෙන දුවන්න බලාගෙන.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ආ... අමතක උනා.. අභිනව මව් පිය යුවලට නිදුක් නිරෝගී වාසනාව වේවා..!
      ජයවේවා..!!

      Delete
    2. නැහැ ...අඩියක් ගහන්න කාරණයක්

      Delete
    3. තැන්කූ මචං.............

      Delete
    4. කියල ඉවර වෙනකොට පාරෙලු..

      අඩි පොලේ ගහන්න තමයි වේන්නේ.. හැක්

      Delete
  5. Sunflowers ආවේ nonstop වලින්.salade ගහල

    ReplyDelete
    Replies
    1. ඒක තමයි උංට කෙල උනේ. පිපිඤ්ඤ වලින් සලාදෙ ගැහුවනං ඔහොම වෙන්නෙ නෑනෙ.

      Delete
    2. ///// පිපිඤ්ඤ වලින් සලාදෙ ගැහුවනං ඔහොම වෙන්නෙ නෑනෙ.///////

      පිස්සු හැදෙනවා දොරේ.

      Delete
    3. යා යා
      නන්ස්ටොප් වලින් සලාද හදන්න ඉගන ගන්න ඕ..

      යට දෙන්නට..
      පිපිඤ්ඤ වලින් සද්දේ එනවැයි

      Delete
  6. යකෝ අනුන්ගේ පවුල් වල කයි කතන්දර ඇදලන එකේ උඹේ කතාව කිව්වා නං මක් වෙනවාද???? හරි ඒක අපි ම කියන්නංකෝ........ විදානෙයා මේ පහුගිය සතියේ විතර ගෙට වුණා..... ආ නැහැ නැහැ...... අලුත් ගෙදරට ගියා........ යකෝ මේවානේ නිවුස්.......

    ආ.... ඒ විතරක් නෙමෙයි විදානෙයා අද වැඩටත් ගියා.... ඒකනේ මූ මේ පැය ගාණක් දාලා පෝස්ටුවක් දාලා තියෙන්නේ..... උඹලා ඉතින් කොච්චර මේකට කමෙන්ටු කෙටුවත් වැඩක් නැහැ... මේවාට උත්තර ලැබෙන්නේ ආයෙම ඕකා වැඩට ගියාම තමා... ඒකට ඉතින් තව ගොඩක් කල් යයි මගේ හිතේ......

    ReplyDelete
    Replies
    1. ආ කියන්න බැරි වුණානේ...

      මීට තුෂාර සහ කාංචනා

      Delete
    2. ඕක ගෙට පදිංචි උනාට පස්සෙ වැඩට ගියේ එක දවසයි. අනේ අපරාදෙ කියන්න බෑ එදත් 11 විතර වෙනකොට මිනිහ ගොඩකවෙල.

      Delete
    3. දැන් ඉතින් මේ කමෙන්ට් වලට උත්තර හම්බෙන්න තව මාසයක් හමාරක් යයි මගේ හිතේ.... ආයේ ඉතින් ඕකා වැඩට යන්න එපැයි උත්තර දෙන්න.......

      කොහොමත් දෙසැම්බර් පළවෙනිදා වෙනකොටත් උත්තර නුදුන්නොත් විදානේ ගැන තියෙන අදහස අපි අත්හැර ගමු.... මොකද ඒ කියන්නේ ලොක්කා ඌව මරලා.........

      Delete
    4. ඔන්න උත්තර දුන්නා.. හැක්

      Delete
    5. තුශාර හා කාංචනා යුවලට උණුසුම් සුභ පැතුම්!! සීතල බණ්ඩාරවෙල තමයි මේවට වග කියන්න ඕනේ.. හැක් :)

      Delete
  7. විදානෙනම් මරු ඩයල් එකක්...හැම රැල්ලකටම වැල්ලෙ ඉදන් බයිනවට වඩා සර්ෆින් ගහන එක පැසසිය යුත්තක්....ගීත සොලොස අමුතුම විදියකට.මරු ඈ....

    ReplyDelete
    Replies
    1. තැන්කිය් රොරා..

      Delete
  8. ඕං (නම‍ඃ ශිවාය) දැන් තමයි කියෝල ඉවර උනේ.
    ඔය රස රිසි ගී එන්න බොහොම කලින් තමයි නාමල්ගෙ, ප්‍රින්ස්ගෙ, අසංග ගෙ සින්දු ජනප්‍රිය උනේ කැසට් වලින්. ඒව ජනප්‍රිය කරන්නත් වැඩි දායකත්වයක් දැක්කුවෙ ප්‍රයිවෙට් බස් කාරයො තමයි.

    ReplyDelete
  9. යෝවද තංපව එකේ අන්තිම පද දෙක කියනකොට අපි පංතියෙ දොරෙනුත් එළියට ගිහිල්ල ඉවරයි.
    මට තාම තේරුං ගන්න බැරි පාලි ගාථාවකට රේමානු ජේසු කෙනෙක් ගෑවුනේ කොහොමද කියල. හැක්..

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද ප්‍රසා අයියා ඔය පාලි ගාථා වල ම තමා සල්ල *ක *ත්තී කියලා කියලා තිබුණෙත්.......

      Delete
    2. මොකද යකෝ මගට උත්තර දීල නැවැත්තුවෙ. ඔෆිස් එක වැහුව ද?

      Delete
  10. හරි දැං උඹ අර ටිකිරයි, සමපෝෂයි ගැන කියපු සින්දුවෙ ඉතුරු ටික කවද්ද දාන්නෙ.
    ඊගාව දවසෙ වැඩට යනකොටවත් මතක ඇතුව ඒ කතාව ලියපු කොල කෑල්ල අරං පලයං.

    ReplyDelete
    Replies
    1. ටිකිරා අපිට අපි ටිකිරාට...........

      ටිකිරා අයියගේ සමපෝෂ ගුලිය ගැන කියනු....

      අපිව තව දුරටත් නොරවටනු.......

      Delete
  11. මදෑ මේකා මකුළු දැල් කැඩුවා. ඒ මදිවට තාර පැටියෙක් දාගෙන තමයි ආපහු වැඩ පටන් අරන් තියෙන්නේ. හොඳා හොඳා. සින්දු ටිකත් හොඳා. ඔහොම යන් ඔහොම යන්.

    ReplyDelete
  12. ඔයාගී ප්ලී ලිස්ට් එක නම් නියමයි අයියා.. ඔබෙටි ජෙයින් ජෙයම වීවා..! (අසංක ප්‍රියමන්ත පීරිස්) ;) හැක්...!

    ReplyDelete
    Replies
    1. ආ මල්ලි..... අර හාඩ් එක තාම හදනව ඇති නේද?
      - විදානේ -

      Delete
    2. ඒකෙ හදන්න දෙයක් නෑ බොල... රිකවරි කරන්ඩ දුන්නෙ..
      මං නිකමට වගේ අහන්නෙ.. අපේ අර පුසංන කොලුවට තියෙන්නෙ පබ්ලික් ප්‍රෝෆයිල් එකක්ද? නැත්තං ගූගලයට වැරදිලාද? හැක්!!!

      Delete
    3. ආ මල්ලි........ අර හාඩ් එක තාම හදනවා ඇති නේද?
      -විදානේ-

      Delete
    4. හැහ්!! දැන් නං මට මංඤං වගේ...

      Delete
    5. ඔය ප්‍රෝපයිල් එක අයාලෙ යනව. ගණං ගන්න එපා. හැක්..

      Delete
  13. ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා හිතවතකු මගේ ඔබේ සුරත දරා සිටියා
    සුබ ප්රතනා කියමන් මා වට කර සතර දෙසින් ගිලිහෙන මුත් මුවට මුවින්
    කැලේ මැද ගමක් තියනවා එහි පපප්ලා රෑනක් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. කැලේ මැද ගමක් තියෙනවා
      එහි බ්‍රා පැක්ටරියක් තියෙනවා
      ගමට මෙන්ඩ ගම කියනවා
      ඒ මෙන්ඩල හරි වැඩ කරනවා

      Delete
  14. බොහොම ස්තූතියි විදානෙ

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද ඉයන් අයියා.... ඕක සුළු දෙයක්නේ.

      -විදානේ-

      Delete
  15. මේ අයියෙ, වැඩට යන ගමංවත් මේ කොමෙන්ට් වලට රිප්ලයි කරනවද?

    ReplyDelete
    Replies
    1. හා මල්ලී......... කොම්පියුටර් මේසේ යටින් ගල්කාලක් තියං හිටහං.... මං ඇවිත් ම රිප්ලයි කරන්නං........

      -විදානේ-

      Delete
    2. හා අයියෙ.... බයිට් එකට සීනි පොල් කොහු ටිකක් හොඳෙයි..
      වෙලේ සුදා කළු කුප්පියකුත් තියන්නං සැන්ඩි කරන්න.

      Delete
  16. අඩෝ මේවට උත්තර දීපන් ...
    උබට වැඩ වැඩි කියලා අපිට පාන්ද

    ReplyDelete
  17. අර මල්ලිගේ මොටසයිකලේ නග්ගලා වටයක් යවන්නද? උත්තර දෙනවද

    ReplyDelete
    Replies
    1. තාම වැඩට යන්න බැරි උනාලු හිටං

      Delete
  18. පෝස්ට් එක දැම්මා කියලා තුසාරය විදානෙයාව මරල හංගලද කොහෙද .. විදානෙයා මිසිං.. තුසාරයා තමයි උත්තර ලියන්නේ.. හැක්

    ReplyDelete
    Replies
    1. තුසාර යා මිසිං

      Delete
  19. මල් විදානෙයට එන්න කියාපිය
    මේවට උත්තර දෙන්න කියාපිය

    ReplyDelete
  20. ^ඉඕ)*&^%ඒටුඉඖඋය්බ්ක.,.ච.ෂ්ක්ෂ/ච /ෂ්ව/.
    ක්ෂ .,ච/ළ්ක්ව,ව.ෂ්.වව්.ක්ෂ්ව,

    ReplyDelete
  21. අලුත් එකක් ලියමු..
    මට බන්නින්න එපා මුට මොකද අපිනේ ලියන්න ඕනේ කියලා. අපි දැන් ගල් වල කොටලා තියන ශිලා ලිපි හොයාගෙන ඒවා කියවලා අපේ ඉතිහාසය හොයන්න ට්‍රයි කරනවා වගේ දවසක ඔයාලගේ මේ බ්ලොග් පොස්ට් අනාගත පරපුර ප්රෝයෝජන්යට ගනී..එයලා දෙයක් මේවගෙන් ඉගන ගනී හිතන පතන විදිහ වෙනසක් වෙයි ..අපි නැතත් ලෝකෙට දෙයක් ඉතුරු කරලා ගියා කියලා ඔයාලට සතුටු වෙන්න පුලුවන්. ඒ නිසා ලියමු

    ReplyDelete
  22. ලියයි.................

    ReplyDelete