මේ රත්නුපර පැත්තේ ඉන්න බ්ලොග් ලියන උදවිය නෙළුම් යායේ උදව් ඇතිව ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ බලංගොඩ ශාරිපුත්‍ර විද්‍යාලයේ දුවා දරුවන් වෙත පොත් පත් ප්‍රදානයක් සිදුකළා. ඒ ගැන විස්තර තියන මෙතැන තියනවා.
ඒ වගේම තමයි ඉන් පස්සේ නෙළුම් යායෙන් අපිට තවත් යෝජනාවක් ඉදිරිපත් කළා පුළුවන්නම් ආයෙත් මේ වගේ වැඩක් කරන්න කියලා.
මෙතැනදි අපිට පාසල් කීපයකම අවශතා ගැන යෝජනා කිහිපයක්ම ආවා. ඉන් එකක් තමයි ර/උඩ රංවල විද්‍යාලයට ඡායාපිටපත් යන්ත්‍රයක් ලබාදීම. ඒ වෙනකොට පාසල විසින් රුපියල් පහක් වටිනාකම සහිත කොටු කපන කාඩ් පතක් විදුහලේ සියළු සිසුන් වෙත ලබා දී තිබුනත් එය සාර්ථව තිබුනේ නැහැ.
මේ යෝජනව දැනගත් සබරේ ඇනෝ තමන් වැඩකරන ආයතනයේ ඇති අලුත් වැඩියාකර භාවිතා කරන්න පුළුවන් ඡායා පිටපත් යන්ත්‍රයක් ලබා දුන්නා. ඒවගේ ඒ සඳහා අවශ්‍ය කරන ටෝනර් තුනකුත් එම ආයතනයෙනන්ම නොමිලේම ලබාගන්න සබරේට පුළුවන් උනා.
මෙම ඡායාපිටපත් යන්ත්‍රය අලුත් වැඩියා කරන්න යන වියදම දරනන්න නෙලුම් යායෙන්, සබරේ ඇනෝගෙන්, මධුමාධවී ගෙන්, කූගෑගී පවුරෙන්, ප්‍රසන්න පරණවිතාරණ මහතාගෙන් නොමසුරු ආධාරය ලැබුණා. ඒ වගේම නෙලුම් යාය බ්ලොග් සම්මාන උලෙලේ හොඳම කෙටි කථාවට මට ලැබුනු මුදල් ත්‍යාගයත් මම මෙතැනට යොමුකලා.
ඡායා පිටපත් යන්ත්‍රය අළුත් වැඩියාවෙන් අනතුරුව අපට ඉතුරු උනු මුදලින් පාසලේ ඉගනුම ලබන ලමුන් 252 දෙනාටම බෙදාදෙන්න අභ්‍යාස පොත් පන්සිය අසූවක් මිලදී ගන්නටත් A4 බන්ඩල් එකක් මිලදී ගන්නටත් හැකියාව ලැබුණා.
මේ සියලු උපකරණ සහ පොත් පත් රැගෙන. අද දින එනම් 2015-05-03 වැනි දින මාත්, මාගේ බිරිඳ සහ දරුවාත්, කූගෑගීප තුෂාරත්, සබරේගේ මිතුරියක් වන රූපිකා මිසුත්, ප්‍රසන්න අයියාත් අති දුෂ්කර ගමනා ගමනයකින් පසු මෙම පාසල වෙත ලඟා උනා.
ලැබුනු තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව ඉතා කුඩා, චාම් උත්සව සභාවකදී අපි මේ ද්‍රව්‍ය සියල්ල පාසල වෙත ප්‍රධානය කරනු ලැබුවා.
ඔවුන්ට ඡායා පිටපතක් ලබාගැනීමට අවශ්‍ය උවගොත් පයින්වත් යාමට නොහැකි තරම් අපහසු මාර්ගයක කිලෝමීටර් පහක් හයක් ගෙවා යාමට සිදුවූ දුෂ්කර තාව නිමකිරීම පිළිබඳ ඔවුන් අපවෙත ඉතාමත් ස්තූතිවන්ත වූවා.
මේ කාර්යය සඳහා උදව් උපකාර කල, දිරිමත් කල, පහසුකම් සැපයූ සියලු දෙනාට සියළු ආයතනයන් වලට ස්තූතිය පුදකරන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා.
(සමාවෙන්න මෙම ස්ථානයේ පවතින දුර්වල සංඥා පද්දතිය නිසා ඡායාරූප එක් කිරීමේ දැඩි ගැටලුවක් පවතිනවා) ඡායාරූපයන් කූගෑගීප හෝ ප්‍රසන්න අයියාගේ ලටපටහෙි පලවනවා ඇත.
ඔවුන් අපවෙත ලබාදුන් තුති මල් කවියක් මෙන්න මේ විදියට තිබුනා..
මා පිය තුටු කඳුලින් පුරවා,
ශිල්ප ලැබ සතොසින්
දැය පහන - උතුම් මිනිසකුව
දිරියෙන් ඉදිරියට පියනැග,
නුඹේ පසුපසින් පියනගන
දැයේ දරුවන්ට
කුළුණු නෙත් යොමන
නෙළුම්යාය බ්ලොග් මිතුරෝ ,,
දයාබරයාණෙනි,
ඹබ දිගුකල දෑත්
ශක්තියක් කොට ගන්නෙමි
හොඳ මිනිසෙකු වන්නට
ලොව සුවඳවත් කරන්නට
ඔබ තරම්....
මොකක්ද මේ තවත් වැඩක්..
අපිට ලැබුනු තවත් යෝජනාවක් තමයි ර/පින්නගලකන්ද ප්‍රාථමික විද්‍යාලයේ දුවා දරුවන් වෙත අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කරන අමතර වැඩපොත් සහ පාසල් පුස්ථකාලයට අවශ්‍ය කරන පොත්පත් ලබාදීම. මේ පාසලේ 1වසර සිට 5වසර දක්වා පංති පැවැත්වෙනවා. පාසලටම ඉන්නේ ලමුන් 16යි විදුහල්පතිත් සමග තවත් ගුරුවරියකුයි විතරයි. පුස්තකාලේ පොත් හයසීයක් විතර තියනවලු හැබැයි පොඩි ලමයිට බලන්න පුළුවන් පොත් දහයක්වත් නෑලු.. කවුද මහත්තයෙක් "පෙරළූ නැවුම් පස" පොතත් පුස්ථකාලෙට දීලලු.
පුළුවන්නම් මෙන්න මේ පුංච් එවුන්ට කිවන්න පුළුවන් විදියේ පොත් පත් ටිකකුයි. ඒ වගේම පාසල් පෙලපොතට අමතරව 1 - 5 වසර දක්වා සිසුන්ට යෝග්‍ය වැඩපොතුයි ලබාදෙන්න පුළුවන්නම් ලොකු දෙයක්'
කවිය සෑහෙන්න හිතට වැදුනා මල්ලි. ඔබට හුඟක් ස්තුතියි මේ වගේ දෙයක් දුවල පැනලා කලාට.
ReplyDeletehttp://nelumyaya.com/?p=5731
ReplyDeleteහොඳ වැඩක්. ජයවේවා!
ReplyDeleteහොඳ වැඩ....
ReplyDeleteවැඩේ සර්ථකව අවසන් උනා. නියමයි.
ReplyDeleteකොහෙද යකෝ ඔච්චර දුර්වල සංඥා පද්ධතියක් තියෙන්නෙ. ඉඳහං ඊගාව ප්‍රොජෙක්ට් එක විදියට නෙළුං යායෙන් උඹ ඉන්න තැනට ටවර් එකක් ඉෂු කරන්න. හැක්..
කෝ ප්‍රසන්න අයියාගේ පෝස්ටුව..........
Deleteදැම්මෝ....
Deletehttp://chaprasanna.blogspot.com/2016/05/blog-post.html
අගෙයි මිත්‍රයා. සුපිරියි. මගෙන් සිදුවූ අතපසුවිම නිසා වූ අපහසුතාවය ගැන බලවත් කණගාටුව.
ReplyDeleteගණං ගන්න එපා කමියා. උඹේ වචනෙකින් හරි දිරිගැන්වීම වටිනවා.
Deleteඑහෙං මෙහෙං වෙන දේවල් අහල දැකලා ඔද්දල් වෙලා තියෙන හිතට සහනයක් ලැබෙන්නෙ මේ වගේ දෙයක් දැක්කම.සහභාගී වන ඔබට එය කෙතරම් දැනෙනවා ඇද්ද..
ReplyDeleteපින්සිදුවේවා..!
ජයවේවා..!!
පින් අතේ වැඩකියන්නෙ මේවාට බං...
ReplyDeleteබ්ලොග්කරුවන් මෙවන් වැඩවලට එක්වීම යහපත්...
ReplyDeleteඒ වගේම ඔවුන්ගේ මූලික වැඩේ වෙන්න ඕන සමාජය බුද්ධිමය වෙනසකට ලක් කරලා විෂමතාවය නැති සමාජයක් වෙනුවෙන් උපරිම කැපවෙන එක...
ඒ තමයි නියම සමාජ සේවය
සැක් අෆ්ෆා මට පංති තිබුණ නේ...
ReplyDeleteවැඩේ නම්... සුපිරියි!!!!!
හොඳ වෙලාවට ඔහේ පොළේ ගියෙ නැත්තෙ මල්ලි. හැක්...
Deleteහැක්...! ක්ලාස් කට් කරල අම්මට මාට්ටු උනා නම් පොළේ තමයි යන්නඩ වෙන්නෙ ප්‍රසන්න අයියා..!
Deleteමචං මං තාම පෝස්ටුව කොටනවා.......... අද නං දානවා ෂුවර්......... ප්‍රසන්නගේ අත්දැකීම අහගන්න ආසයි...... බලමු පෝස්ටුව දැම්මාම නේද?????
ReplyDeleteඅනික් වැඩේ ගැනත් අපි කතා කරමු......
පින් අතේ වැඩක් විදානේ. ජය වේවා සහ තව තව මේ වගේ වැඩ කරන්ට කිරි ඉතිරේවා.
ReplyDeleteඅපි වගේ විප්රවාසීන්ට පොත් අරගෙන දෙන්න අමාරුයි. පොත් මිලදී ගන්න මුදලින් උපකාරයක් කරන්න විදිහක් තිබේද?
ReplyDeleteමට එවන්න. හැක්
Delete++++++++
ReplyDeleteවිදානයා මල දානයක් දුන්න කියල ප්‍රසා කිව්ව ආරංචිටයි ආවේ.. ජය වේවා..
ReplyDeleteමෙව්වා උඹලගේ පව් බැලන්ස් කරගන්න ලැබෙන නියම චෑන්ස්.. හැක්.. උදව් කරන්න නං ඇහැකි. ඉතිං මොකෙක්වත් අහන්නේ නැති නිසා නිකා හිටියා..
තාප්පෙ හදන්නත් උදව්කලාද?
Deleteතාප්පෙ හදන්නත් උදව්කලාද
Deleteඒක මට එවන්න
ගොඩක් හොඳ වැඩක්. ඉදිරියටත් මෙවැනි වැඩ කරන්න ශක්තිය ලැබේවා!
ReplyDeleteකොහොමද කොහාටද පොත් අරන් එවන්න ඕන...
ReplyDeleteඉස්සරහටත් මෙවන් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන, ඒ කවිය කවියකට පමණක් සීමා නොවේවි අනිවාර්යයෙන්ම. ජය විදානේ අයියා.
ReplyDeleteඉස්සරනම් උබ බිලා හරි කෝල් එකක් දීලා මේ වගේ වැඩක් මට මතක් කරනවා
ReplyDeleteඋබට තව වැඩි වැඩියෙන් මේ වගේ හොද වැඩ කරන්න ලැබේවා
උබ නාය ගිහින්ද
ReplyDeleteවැඩේට එකතුවෙන විදිහ දැනගන්නේ කොහොමද...?
ReplyDeleteදැන්වත් අර සමපෝෂ ගැන ලියමුද???
ReplyDeleteකෝ උබ
ReplyDeleteඋබගේ මේ මල දානේ ලියන්නේ නැද්ද
ReplyDelete