Tuesday, July 1, 2014

සීලන්.....

උදේ පාන්දර ඇගට දැනුනුු කෙඩෙත්තු ගතිය නිසා මා උදෑසන දේශන වලට සහභාගී නොවී නේවාසිකාගාරයෙහිම නතර වීමි. පැනඩෝල් පෙති දෙකක් ගිල දැමූ මා "ටිකක් නිදාගත්තම මේක ඇරිල යයි" යයි මටම කියාගනිමින් ඇඳට වැටී නිදන්නට වීමි.

නමුත් දහවල් වන විට මාගේ ඇගපත වේදනාව උග්‍ර වී වෙව්ලන්නට විය. කට තිත්ත ගතියකින් යුක්ත විය. උණ ගතිය එන්න එන්නම වැඩිවිය.

"අඩෝ ඉස්සා මොක්කද මේ"

"මට ටිකක් උණ වගේ බං"

"ඕ... ඔන්දටම ෆීවර්, ඔන්දටම ෆීවර්. ඔහොම හිටියොත් උඹ මැරෙයි බන්. යං යං බේත් ටිකක් ගේන්න යං"

"නෑ බං පැනඩෝල් දෙකක් බිව්වම අඩු වෙලා යයි"

"පැනඩෝල්... පුන්ඩෙ පැනඩෝල්... යමං උත්තෝ බේත් ටිකක් ගන්න"

"බෑ බං.."

"යමං යමං.. ආ.. ආ.. ලෑස්ති වෙයං.. ආ.. මේක ඇඳගනින්.."

මාගේ ලොකර් එක ඇර කලිසමක් එලියට ගත් සීලන් බලෙන්ම වාගේ එය ඇන්දවිය. අපත් සමග එකම දිනයක විශ්වවිද්‍යාලයට පැමිනි මොහු බැජ් එකේ කා අතරත් හොද හිත දිනාගෙන සිටී අයෙකි. ඔහුගේ ගම කිලිනොච්චිය වූ අතර ඔහු ප්‍රකාෂ කර තිබු අයුරින් ඔහුට බාල සොහොයුරියන් දෙදෙනෙකු විය.

විශ්වවිද්‍යාලය අසල පුද්ගලික බෙහෙත් ශාලාවකට මා රැගෙන ආ ඔහු සතියකට සරිලන බෙහෙත් ද මාව‍ෙත රැගෙන දුනි. පෙරලා නේවාසිකාගාරය වෙත පැමිනි පසු "මච්චං පොඩ්ඩක් හිටපාං.." කියා පිටත්ව ගියේය..

විශ්වවිද්‍යාලට පැමිණෙන විට එකඳු සිංහල වචනයක් වත් නොදැන සිටී මොහු දැං වචනයයෙන් වචනය අමුණමින් ලෙස සිංහල බස හසුරුවයි.. ඔහුගේ සිංහල හැසිරවීම සැමටම ප්‍රිය සිනහ උපදවන්නක්ම විය. නිතර පිරිසිදුව පිලිවෙලට සිටින ඔහු අනෙකුත් දමිල මිතුරන් හා සසඳන විට සැබැවින්ම ලෙංගතු සහෘදයකු විය.

හංදියේ කඩයට ගොස් චයිනීස් පාර්සලයක් ගෙන ආ ඔහු මරණ තර්ජන කරමින් එම බත් (රයිස්) පාර්සලයම මා හට ගිල්ලවිය. අනතුරුව බෙහෙත් ටික තෝරා දුන් ඔහු මවිසින් බෙහතේ පෙති සියල්ල බොන තෙක් බලා සිටී ඔහු පිටට තට්ටුවක් දමා "දැං සනීප වෙයි මච්චාං" කියා පිටත් විය.

එකල පැවති යුදමය වාතාවරණය නිසා මොහු නිවස බලා ගියේ බොහෝ කලාතුරකිනි. එසේ නිවසට ගොස් පැමිණෙන ඔහුසතුව මුළු නේවාසිකාගාරයටම බෙදා දීමට තරම් රස කැවිලි විය. ඔහු මත්පැන් පානය කරන දිනයන් වල අපද අනිවාර්යයෙන්ම පානය කල යුතුය. නැත්නම් අල්ලා බලෙන්ම කටට වත් කරයි. නොබොන අයට නොපොවයි ඒ ඔහුගේ හැටිය. කිසිවෙකුත් ඔහු හා උරණ වූයේ නැත. සැවොම ඔහුට ලෙන්ගතු විය.

මෙසේ වසර දෙකක් පමණ ගත විය. 

ක්‍රම ක්‍රමයෙන් සීලන් තුල තිබූ සැහැල්ලු බව අතුරුදන් විය. නිතර නිතර දේශන මගරින ඔහු නේවාසිකාගාරයට වී කල්පනා කරමින්ම කල් ගෙවන්නට විය. අප කොතෙක් ඔහුගෙන් ඒ ගැන විමසීම් කලද නිසි පිළිතුරක් ඔහුගෙන් නොලැබිණ.

"මච්චං මං ලබන මාසේ කැනඩා යනවා අපේ අංකල් කෙනෙක් එහේ ඉන්නවා, එයා මට ජොබ් එකකුත් සෙට් කරා, ටික දවසකින් නංගිල දෙන්නත් එහෙට ගන්නවා"

දිනක් හදිසියේම ඔහු අප හා පැවසිය. අප කොතෙක් ඇවටිලි කලද ඔහුව නතර කර ගැනීමට නොහැකි විය. ඔහු නික්මයාමට පෙර දින රාතියේ නේවාසිකාගාරයේ සැමට මතින් සහ බතින් සංග්‍රහ කල ඔහු "යන්නං මචං..." කියා සියළු දෙනා වැළදගත්තේ කඳුළු පිරි දෙනෙතෙනි. 

සොඳුරු සහෘදයකුගේ සංවේදී නික්මන එය විය. එහෙත් කාලය කෙමෙන් ගතවෙත්ම ඔහු කෙරේ වූ මතකය අප අතරින් ද ගිලිහෙන්නට විය..

---------------------------------------------------------------------------------

මේ දෙදහස් නවය වසරයි හරියටම කියූවොත් මැයි මස අවසන් සතියයි, මේ වකවානුව වනවිට මුළු රටම යුද ජයග්‍රණයේ ප්‍රීත්‍රිය භුක්ති විඳින සමයයි. මේ වනවිට මා රාජ්‍ය නොවන සංවිධානයක මිනින්දෝරුවරයකු ලෙස සේවය කරන ලදී.

හදිසියේම අප ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත මාහට කැදවීමක් ලැබුණි. පසුදින ප්‍රධාන කාර්යාලයට වාර්ථාකල මාහට දැන්වූයේ එදින පටන් මා වව්නියාව "මැණික්ෆාම්" කඳවුරු වල හදිසි මැනුම් කටයුතු සදහා අනුයුක්ත කර ඇති බවයි. එදිනම වව්නියාව ශාඛා කාර්යාලට වාර්තාකල මා හට පසුදින සිට "මැණික්ෆාම්" කඳවුරු වල සේවයට යන්නට සිදුවිය.

දැඩි ආරක්ෂක මුරකාවල් හෙබි කඳවුරු භූමිය තුලට කිසිඳු ජංගම දුරකථනයක් කැමරාවක් වැනි උපකරණයක් ගෙනයාම සපුරා තහනම් විය. උදේ පාන්දරම අප සතු මැනුම් උපකරන හැර අන් සියලු විද්‍යුත් උපකරණ, සන්නිවේදන උපකරණ සියල්ල ප්‍රධාන ආරක්ෂක කාර්යාලයට භාර දිය යුතු විය. කඳවුර තුලට යාහැකි වූයේ අප ආයතන මගින් ආරක්ෂක අංශවෙත තොරතුරු සහතිකකර ලබාදී තිබූ  අප කිහිප දෙනෙකුට පමණී. තවද කඳවුර තුල සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් හැර අන් කිසිවකු සමග කථාබස් කිරීමද තහනම් කර තිබුණි.

කඳවුරු තුල වූ අධික රස්නයත් අධික දුහුවිල්ලත් උහුලාගැනීමට නොහැකි තරම් විය එකවරම හමායන සුළග මගින් අවුස්සන දුහුවිල්ලෙන් බේරීමට කිසිම ජගතෙකුට නොහැකි විය. මෙ කඳවුරු තුල මීටර් සියයක් දිගින් හා මීටර් හැටක් පමන පලින් යුතුව සකස් කරන ලද බිම් කට්ටි විය මේවා වටේටම වාහන දෙකකට පහසුවෙන් මාරුවියහැකි මාර්ගයන් විය මෙසේ බිම්කට්ටි රාෂියක් එක් කඳවුරු භූමියක විය.

එක් කඳවුරුබිම් කට්ටියක් තුල පේලි කිහිපයකට සෑදූ කූඩාරම් රාශියක් විය එක් පසක වැසිකිලි පේළියකි, තවත් පසක ජල කරාම පේළියකි තවත් තැනක ආහාර පිසින ස්ථායයි. දවසෙහි කිසිම වේලාවක ඉහත ස්ථාන වලට පවතින මිනිස් පොලිමෙහි අඩුවක් නොවීය. බිම් කට්ටි කිහිපයකට එකක් වන්නට වෛද්‍ය මධ්‍යස්ථායක් විය.

කඳවුරතුල ආහාර පිසීමද ඉතා සරල ආකාරයට සිදුවිය. සහල් සෝදා එයට කපා ගත් එලවලු වර්ග කීපයක් එක් කර අවශ්‍ය පමණට ලුණු ද එක්කර විශාල භාජයනයකට දමා තම්බා ගනී. ඉන්පසු පොලිමේ එන පිලිවලට පිගන්වලට මේ ආහාරය බෙදා දෙයි. තුන් වේලම මෙසේය.

ගස් ගල් පෙරලා සමතලාකර ඇති මේ බිමතුල මැනුම් කටයුතු සිදුකිරීම අපහසු නොවීය. අපහසු වූයේ අප විසින් මැනුම් කටයුතු සඳහා කුඩා සිමින්ති කූඤ්ඤ වලලනු ලැබූ ස්ථානයන් වල පසුදින එන විට කිසිවකු විසින් හෝ මලපහ කර තිබීමයි.  

සුපුරුදු ලෙස දින කිහිපයක් රාජකාරියෙහි නිරතවිය. හදිසියේම කිසිවෙකුත් අප දෙස විමසිල්ලෙන් බලා සිටිනවා දුටිමි. මිනිසුන් නිතර නිතර මැනුම් උපකරණ දෙස බලා සිටීම අරුමයක් නොවූ බැවින් මා ඔහු පිළිබඳ තැකීමක් නොකරම රාජකාරියෙහිම නිරතවිය. 

පසු දිනද ඔහුගේ තියුණු බැල්ම අප වෙතම එල්ලවී තිබෙනු දක්නට ලැබණි. අවුරුදු හැටක පමන පෙනුමැති මොහුගේ මුහුණෙහි සියල්ල විනාශවීගිය හැගීමක් විය. එදිනද ඔහු පිළිබඳ අවධානය ඉවතට විසිකල මා මාගේ කාර්යයහි නිරතවිය. ඉන් පසු ඔහු සැමදිනකම අප යන යන තැන අපහට කරදරයක් අපහසුවක් නොවන ලෙස අප දෙසම බලා සිටින්නට විය.

දින කිහිපයක් ගිය තැන ඔහු යන්තමින් අප හා සිනාසුනි, සතියක පමණ කාලයක් අප පසු පස එමින් සිටී මේ මිනිසාගේ සිනහව මගහරයාමට මා හට සිත් නොදුනි. ඉන් ඔහු වඩාත් ධෛර්යමත් වන්නට ඇත. සවස් වනවිට අප අසලටමවිත් බලා සිටින්නට විය. ඒ වනවිට වෙනදා නැති දිනපොතක් වැනි යමක් ඔහු අත විය.

"සර්... සර්වියර් එකේද?"

පැහැදිලි නිරවුල් සිංහලෙන් ඔහු විමසුවේය.

"ඔව්"

"සර්ල කොහේද?"

"අපි කොළඹ"

"ඒ කාලේ අපිත් කොළඹ තමයි හිටියේ, අසූ තුනේ අපේ කඩේ ගිනිගත්තට පස්සේ අපි කිලිනොච්චියට ආවා, සර් මට ලමයි තුන්දනෙකේ හිටියා තුන් දෙනාටම හොදට ඉගනගන්න පුළුවන්, දූලා දෙන්නා කසාද බන්දලා කැනඩාවට යැව්වා,  ලොකු පුතා සර්වියර් වලට ඉගන ගත්තා......"

මගේ හූ මිටි තැබීමක් වත් බලාපොරොත්තු නොවූ ඔහු නොනවත්වාම කියවාගෙන යයි. ඒ අතර තම අතෙහි වූ දිනපොත දිගැර යමක් සොයයි..

"මේ ඉන්නේ සර් මගේ ලොකු පුතා." 

ඔහු ඡායාරූපයක් ගෙන මා හට පෙන්වයි, නොසැලකිල්ලෙන් ඒ දෙස බැලූ මා නෙත් පිහිදා නැවතත් එය පරීක්ෂාකරන්නට වීමි. මාහට වරදින්නට විදියක් නැත මින් වසර හතකට පමන පෙර අප සමග ඉගැනුම ලැබූ ඔහුමය.

"මේ ඉන්නේ සීලන් නේද?...." මා ඔහුගෙන් එසේ විමසූවේ මෙය සත්‍යදැයි තවත් තහවුරු කරගන්නා අටියෙනි.

"සර් මගේ පුතාව දන්නවද?"

"ඔව් අපිත් එක්ක කැම්පස් එකේ හිටියේ උපාධිය ගත්තේ නැතුව කැනඩා ගියේ..."

"සීලන් කැනඩා ගියේ නෑ සර්. එයාගේ නංගිලා දෙන්නා බලෙන් සංවිධානෙට බඳෝගන්න ගියා. එතකොට සීලනන් නංගිලා දෙන්නව රට යවල කැමැත්තෙන්ම සංවිධානෙට බැඳුනා,  කැම්පස් එකේ අයට බොරු කියල තිබුනේ රට යනවා කියල,.. සර්... ගිය මාසේ වෙනකං සීලන්.. මාස දෙකකට සැරයක් විතර එයාගේ අම්මයි මායි  බලන්න ආවා. කොච්චර යුද්දේ දරණු උනත් එක මග ඇරියේ නෑ. හැබැයි අන්තිමට ආපු වතාවේ එයා කිව්වා ආයෙත් යන්නෙ නෑ කියල.. ඔව් සර් එයා අපි එක්කමයි හිටියේ.. වෙඩි වැදිලා නැගිටගන්නවත් බැරුව. හරියට බේතක්වත් නැතුව. වතුර ඩිංගක්වත් බොන්නෙ නැතුව. පන ඇද ඇද,  සතියක් විතර....

ඔහු තව මොනවාදෝ කීවත් ඒ කිසිවක් මට ඇසුනේ නැත දුටුවේ තම පුතුගේ වියෝව දරාගත නොහැකිව ඉකිගසන පියකුගේ රුව පමණී.....

----------------------------------------------------------------------------
ප/ලි..

නම් ගම් මනඃකල්පිතය..

ප/ප/ලි.
වැඩ කටයුතු බොහෝමයක් වූ බැවින් පසුගිය මස තුල ඔබ සැමගේ වටිනා පෝස්ටු රාශියක් කියැවීමට නොහැකි විය. ඒ පිළිබඳව මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. දැන් තත්වය බොහෝදුරට සමනය වී ඇත. එබැවින් සුපුරුදු ලෙස නැවතත් කල් ගෙවිය හැක.. (ජය වේවා!!!)

70 comments:

  1. //ප්‍රකාෂ// " ප්‍රකාශ " මෙහෙම ලියපිය.....

    මෙයා මලදානයක් හදාගෙන කියලා අදයි දැක්කේ....

    පවු සීලන් ..... :(

    ReplyDelete
    Replies
    1. ඔන්න සාරයෙන් පිළිගන්නවා රෙහානි ව මේ මළදානෙට...
      ස්තුතියි වැරැද්ද පෙන්නුවට...ඔන්න හැදුවා...
      සීලන් පවු.....

      Delete
  2. ඔහොම අකමැත්තෙන් කී දාහක් ඉන්න ඇත්ද බං.
    ආයෙත් යුද්ධයක් නම් එපා. :(

    ReplyDelete
    Replies
    1. අනිවා ප්‍රියා ආයේ යුද්දයක් නම් එපාම තමයි...

      Delete
  3. ඒක හරි… ඉතිං ඉස්සො, ප/ප/ලි යෙ හැටියට උඹේ අමාරු දවස් ටික දැන් අහවරද? හැක් ;D ;)

    ReplyDelete
    Replies
    1. අහවරයි, අහවරයි... හැක් හැක්..

      Delete
  4. මොනවා කරන්නද විදානේ.. යුද්ධය කියන්නේ සාපයක්. පාලකයන්ට ඉල්ලමක්. ඒකනේ ආයෙත් දත කන්නේ...

    ReplyDelete
    Replies
    1. අපේ උදවිය ආයෙත් යුද්දයක් ඉල්ලපු/ඉල්ලන වෙලාවක තමයි මටත් මේ ගැන මතක් උනේ..
      වවාගෙන කන පාලකයන්ට ඉල්ලමක්...
      ආයේ කිසි දවසක යුද්දයක් නම් නොඒවා..

      Delete
    2. @ කුරුටු..
      කට වටකර වැට බැඳි අයුරක් පෙනේ...

      Delete
  5. මේ කතාව විදානේගේ අත්දැකීමක් විය යුතුයි.යුක්ති සහගතව මම එහෙම හිතනවා.අත්දැකීමක් වුනත් බලන එකාගෙ පපුවට ගිනි බෝලයක් බස්සන්න හැකි විදියට ලියන්න පුළුවන් කතාවක්.විදානෙ කතාව ලස්සනට පටන්ගත්තා ලස්සනට ගොඩනැගුවා ලස්සනට අවසාන කලේ නෑ.මෙහෙම කතා ලියද්දි උද්වේගකර අවසානයක් අවශ්‍යයි.බලන එකා ගැස්සිල යන විදියෙ එහෙම නැත්නං ඉහලට ගත්ත හුස්ම ටික පහලට දාන්න අමතක වෙන විදියෙ.
    අර ගඟ අද්දර ච්ත්‍රපටයේ අන්තිමට වසන්ති ගඟට පැන්නම ගඟේ රැළි බුබුළු මතුවෙන හැටි පෙන්නනකොට අපි හුස්ම අල්ලන්නෙ නැතුව බලාගෙන ඉන්නෙ.
    විවේචනයක් නොවෙයි විදානෙ.අදහස් දැක්වීමක් මග පෙන්වීමක් පමණයි.හිත නරක් කරගන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි හැලප අයියා. වෙනද මම කථාවක් ගොඩනගන්නේ අවසානේ කොහොම වෙන්න ඕනද කියල හිතල ඒ වගේ කථා ගොඩක් වෙලාවට සාර්ථක වෙනවා.. මේ කථාව ලියන්න මම ගොඩාක් මහන්සි උනා. එහෙම මහන්සි වෙන්න උනේ ඔබ කියපු වගේ අවසානය හිතේ නොතිබුනු හින්ද වෙන්න ඇති. අන්තිමට පබ්ලිෂ් කරම්දෝ නොකරම්දෝ කියන දෙගිඩියාවෙන් ඉදල පබ්ලිෂ් කළේ. අනික ඔබ යුක්ති සහගතව හිතපු දේ 90%ක් ම හරි.
      දැං මට හිතෙනවා හොඳ වස්තු බීජයක් මං නිස්කාරනේ නාස්ති කරල දැම්මදෝ කියල...
      හිත නරක් කරන් නෑ හැලප අයියා කවදාවත්.. ස්තුතියි මගපෙන්වීමට....

      Delete
  6. යුද්ධය නොතිබුණා නම් මේ සීලන්ලා වගේ අය ගෙන රටට කොච්චර නම් වැඩක් වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඔව් තම තමන් ගේ බලය රැක ගැනීමට සඳහා මිනිස් ජීවිත බිලිදීම තමයි යුද්දය කියන්නේ.. ආයේ නම් එහෙම ඒවා ඕනෙම නෑ..

      Delete
  7. අනේ ආයෙත් දුක හිතෙන කතාවක්. විදානෙ පැරණි මතකයක් ගැන ලිවුවොත් දුක හිතෙන එකක්නෙ. ඉතාම සංවේදී ලියැවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. සැහ් මගේ අතීතේ තියෙන්නේ ඒවමද මන්දා.. බලන්නං කෝ සතුටු හිතෙන එකක් දාන්න...

      Delete
  8. විදානේ පට්ට සිද්ධියක්. කතාව කියෙව්වා ම ඔක්කොම අවුල් ගියා.. අන්තිම සංවේදියි විදානේ.... යුද්දෙ කියන්නේ මනුෂ්‍ය සංහතියට ම විනයක්. මේ දවස් ටිකේම මං ත්‍රස්තවාදය ගැන කරුණු ගොඩක් කියෙව්වා. අධ්‍යාපන කටයුත්තකට. අද කියෙව්වා ළමා සොල්දාදුවන් ගැන ලෝක මට්ටමේ පළ වූ වාර්ථා කිහිපයක්ම. යුනිසෙෆ්, සේව් ද චිල්ඩ්රන්, හියුමන් රයිට්ස් වොච්, ඇම්නස්ටි වාර්ෂික වාර්තා බැලුවා... ළමා සොල්දාදුවන්ගේ කතා ගොඩක් කියෙව්වා. ඒවා පරිවර්ථනය කරන්න ඕන නිසා.. ඇත්තට ම ලෝකේ මේ තරම් දරුණුද, නපුරුද කියලා හිතෙනවා මචං...

    යුද්දෙත් එක්ක මිනිස්සුන්ගෙන් උදුරගන්න දේවල් එමටයි. දෙමාපියන්ගෙන් දරුවන් උදුරගන්නවා. දරුවන්ගෙන් දෙමාපියන් උදුරගන්නවා. බිරිදගෙන් සැමියා උදුරගන්නවා. ඒ විතරක් නෙමෙයි දරුවන්ගෙන් ළමා කාලය උදුරගන්නවා. හැම දෙයක් ම උදුරගන්නවා විදානේ....................

    ලිපියක් නැතුව ටික කාලයක් යද්දි අපි හිතුවා කාර්යබහුල වෙලා ඇති කියලා... දැන් හරිනම් ඕකේ...........

    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. යුද්දේ අවසන් උන ගමන් මට ඒ කටුක ප්‍රදේශ වල සැරිසරන්න අවස්ථාව ලැබුනා.. වෙච්ච දේපල විනාශය දැක්කම දැනුනා අපි කොච්චර ආපස්සට ගිහිල්ලද කියලා.. ලමා සොල්දාදු කතන්දරේ කියන්නේ ලෝකෙන් තුරන් කරන්න අමාරු පිළිලයක්.. ලමයින් යම් දේකට නම්මගන්න හරිම ලේසියි පහසුයි.. පුන්ච් එවුන්ගේ මොල හෝදලා ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් යොදවනවා..
      වාර්ගික හෝ ආගමික හෝ සමාජීය හෝ මොනයම්ම හෝ දේකට යුද්දකරනවා කියන්නේ ලෝකය ඉදිරියට යද්දී අප ආපස්සට යන එකයි...

      Delete
  9. අහස බලා ගිනි අව් කූටකේ දරාපන් 
    පොළොව පලා වැගිරූ ලේ සයුර බලාපන්
    ජීවිතයෙන් වන්දි ගෙවූ සොයුර තිලීපන්
    "උඹයි මමයි එක අම්මගෙ දරුවො තිලීපන්..." !!!

    අපි සිහලය අපි දෙමළය අපේ මෝඩකම් නොතකන
    මතු පරපුර රට එක් කර මිනිස්කමට ප්‍රේම කරන
    මොහොතක උඹ ගුණ සිහිකර ඒ කෝවිල ළඟ ඉඳගෙන
    මම ඇවිදින් දණ නමනව උඹගේඋ පිළිරුව ඉඹගෙන …

    ගායනය - ජයතිලක බණ්ඩාර
    පද - ආනන්ද හිමි
    තනුව - ප්‍රේම් රංජිත් විජයවික්‍රම

    ReplyDelete
    Replies
    1. අඩේ උඹ ලඟ මාර සිංදුනේ බං තියෙන්නෙ. නියමයි මචං. මං මීට කලිං අහල නෑ. ඉඳහං ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්ද බලන්න.

      Delete
    2. මෙන්න මගෙනුත්..

      මේ කතාවටත් හරිම ලස්සන නිධාන කතාවක් තියෙනවා.

      පැහැසර අරුණක ඉරමල පිපුනාවේ...
      යුගදුරු යුගදුම සැනකින් නිවුනාවේ...
      හිමිදිරියේ...සීතල හීනෙක දැවටීවත්
      පරවි පියාපත් ඇසුනාවේ...

      සිත සිරකොට බැදි දඬු වැට බිදුනාවේ...
      සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ...
      සිත සිරකොට බැදි දඬු වැට බිදුනාවේ...
      සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ...

      ලියවැල් ඇහැරී යලි මල් පිපුනාවේ...
      දෑලම යා කල ඉදු සැව් ඇදුනාවේ...
      ලියවැල් ඇහැරී යලි මල් පිපුනාවේ...
      දෑලම යා කල ඉදු සැව් ඇදුනාවේ...

      ගායනය : අසංග ප්‍රියමන්ත පීරිස්
      පද රචනය : නිලාර් එන්. කාසිම්

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මචෝ.. ඕක කියන්නේ ජයතිලක බණ්ඩාර කියන සංවේදී මනුස්සයා..ඒ කියන්නේ කපුගේගේ "කම්පන " ප්‍රසංගයේ සිතාර් වාදකයා.. ඉන්නේ අනුරාධපුරේ.දයානන්ද අයියා වෙනම ලිපි පෙලක් ලිව්ව ඔය මනුස්සය ගැන..

      මට ඔය සිංදුව හිට් උනේ මෙහෙමයි..අපි කපුගේ උපහාර උලෙලක් තිබ්බා මචං මෙහෙ.මෙයාව ගෙන්නුවා.ෂෝ එක ඉවර වෙලා පාටියෙදි මෙතුමා කිව්වා මචං සිංදු ටිකක් අපි හොල්මං !!! අපේ තාත්තගෙ හිතවතා.ඒ උනාට මේ නිහතමානී මනුස්සයා වීදුරුවකට දාල මගේ අතට එකක් දුන්නා..තාත්‍ත මගෙ යාලුව උනාට කමක් නෑ කියලා :D

      .මං ඒක ඇනගෙන ගැහුවා බොල බොංගො පාරක් රාග තාල ඥාව් වෙන්ඩ.. කපුගේගෙ ප්ලේයර් කෙනෙක්ට කවදා සංගීතෙ දෙන්ඩද බං අපි .?????.අහු උන චෑන්ස් එකේ දුන්නා ලෙලදෙන්ඩ !!! :D

      Delete
    5. උඹ බොහොම සංවේදී හදවතක් ඇති කොල්ලෙක් බව අපි දන්නව පත්තර මල්ලි.

      Delete
    6. බොහොම සංවේදී රටක් වටින මිනිස්සු රෑනක් මැද්දෙ උඹේ ළමා කාලෙ, තරුණ කාලෙ ගෙවන්න තරම් පිං කරපු එකෙක් මචං උඹ. මේ අත්දැකීම ජීවිතේට කොච්චර වටිනවද කියල ආයෙ අමුතුවෙන් කියන්නෝනි නෑනෙ.

      මේ සිංදුව නෙට් එකෙන් නම් තාම හොයාගන්න බැරිවුනා. තාම හොයනව මං.

      Delete
    7. සැහ්, මං එනකොට හොදටම පරක්කු වෙලා..
      @ පත්තර.. නියමයි මචං.. උඹ කොතනැක කොමෙන්ට් එකක් දැම්මත් ඒකේ ලොකු හරයක් තියනවා.. අපි කවදාවත් නොහිතපු මානයන්වලින් උඹ හැම දෙයක්ම දකිනවා.. මේ සිංදුව මං අදම තමයි දැක්කේ.. ස්තුතියි සුන්දර මතකයක් එක් කලාට..

      @ මනොෂ්, සිංදුව හොයාගත්තොත් ලින්ක් එක දෙනවද?

      @ හැලපයියා.. ඇත්තම තමයි..

      Delete
    8. මනෝෂ් ..මං හිතන්නෙ ඕක නෙට් එකේ නැතුව ඇති.මටත් හොයාගන්න බැරිඋනා මචං.අපේ අස්වැන්න ලියන දයා අයිය ලඟ ඇති සමහර විට.අහල බලන්නං.නැත්තං මං ජයතිලක අංකල්ගෙන් අහල බලන්නං mp3 එක ගෙන්නගන්න..හරි ලස්සන සිංදුව බං .

      හැලප අයියා.. උඹ දුන්න සැටිපිකට් එක බර වැඩිද මංදා බං මට.මං ඉතිං විහිලුවක් තහලුවක් කොරං ඉන්න අහිංසක මනුස්සයා නෙවැ :D

      විදානෙයො.. ඕව මංක්කද බං .මං කාණු පල්ලෙ ලගින එකා වෙච්චි :D

      Delete
    9. \\මං කාණු පල්ලෙ ලගින එකා වෙච්චි//

      *%&#$^^$%&^$%^%$^#$^$%^#$^$%&%^$^$%^$^%^$%^$%^%%$#$$#@!@#@$@%$%$%$%#$^%&$%@#$#^#$%^#$%^@$##!%

      ඔන්න ඔය ටික කිව්ව කියල හිතාගං පත්තරයෝ. හෙට අනිද්දම උඹේ අර බ්ලොග් එකේ මොනාහරි නොලිව්වොත් අම්මප උඹට වෙඩි තියනවා.

      මත් එකඟ එකඟ උන් අත් උස්සපල්ලා.

      Delete
    10. ජයතිලක බන්ඩාර කවදාවත් ප්‍රතිපත්ති පාවා නොදුන් උත්තම මිනිහෙක්.

      Delete
    11. @ පත්තරේ..
      මං මේ උඹට උපදෙසක් දෙන්නේ වැරදිලාවත් අරකෙ පෝස්ට් එකක් නම් දාන්න එපා...

      @ මනෝෂ්
      ඕං මං අත් දෙකම පහල දැම්මා

      @ අරු..
      සහතිකවම..

      Delete
    12. මනෝෂ්..
      මං ඔය ගන්න ආතල් එකට තොපි ඉරිසියාවයි. ඕං ඕකයි ඔය. හැක් . අර මව් බාසාවෙන් කියපු ටික නං ටොපට තේරුණා

      අරූ අයියෙ.. මං මෙදා පාර ගියාමත් ගිහිං ඩිංගක් බලල ආවෙ.රත්තරං මනුස්සය බං.

      Delete
    13. පැහැදිලි ඉරිසියාව බං පත්තරේ.. මාත් මේ කල්පනා කොරේ පොරෝගත්ත කටු රෙද්ද කියලා

      Delete
    14. අඩෝ පත්තරය මොළයක් කියල ඩිංගක් හරි තියෙනවා නම් බොට තේරෙන්න ඕනි කවුද ඉරිසියාකාරයා කියලා.

      (විදානයා මේ කමෙන්ට් එක නොදකීවා!! හැක්..හැක්..හැක්..)

      Delete
    15. පත්තරයට මොලේ ඩිංගක් හරි තියන නිසා තමයි උඹල අපි වගේ නැතුව කොමෙන්එකක් දාගෙන කාලක් ගහල ආතල් එකේ ඉන්නේ.. නැත්තතං රෑ එලි වෙනකං දතකට පුට්ටු කරන් ඊලගට දාන්න ඕන පොස්ට් එක හදන්න ඕන..

      ආ ... මං මේක දැක්කෙ නෑ ඕං...

      Delete
    16. \\නැත්තතං රෑ එලි වෙනකං දතකට පුට්ටු කරන් ඊලගට දාන්න ඕන පොස්ට් එක හදන්න ඕන..//

      අම්මපල්ල ඒකනම් සහතිකෙන්ම ඇත්ත. මට තාම ඇහෙනවා. දැන් ඊළඟ එක ලියන්නෙපැයි කියල හිතෙනකොට... ඒත් කොහොමද ලියල පබ්ලිශ් කරපුවම දැනෙන සතුට??

      Delete
  10. අතීතය දුකක්.. ඒත් වර්ථමානය ඒ වගේ අතීතයක් ආයෙම අනගතේට උරුම කරන්න මාන බලන එකනේ තියෙන ප්‍රශ්ණේ..

    ReplyDelete
    Replies
    1. යුද්දෙන් රට ගිනිගන්න එක නෙවෙයි උන්ට තියෙන්නේ බලය රැක ගන්නේ කොහොමද කියන එකයි.. බලය වෙනුවෙන් ඕනම දෙයක් කරයි..

      Delete
  11. පපුව කීරි ගස්සපු කතාවක් බං. සීලන් උඹලව දාල කැම්පස් එකෙන් උඅනකොටම මං තේරුම් ගත්තා එයා සංවිධානෙට බැඳෙන විත්තිය. මේ වගේ කතා තව කොච්චරක්නම් මේ හිස් අහස යට සැඟවිලා ඇත්ද. සීලන්ට, අපිට, උඹලට ඇත්තටම ඕනි උනේ එකිනෙකා මරාගන්න නෙවෙයි කියනෙකට කොච්චර හොඳ උදාහරණයක්ද මේක. මේ කාලකණ්නි අවශ්‍යතාව තියෙන්නෙ ඉතාම සුලු කාලකණ්නියන් පිරිසකට. උන් තමයි හැමදාමත් මේ රට ගිනි බත් කලේ.

    දෙමළ මිනිස්සුන්ගෙ තියෙනවා මහා පුදුම අව්‍යාජ සහෝදර බැඳීමක්. ඔවුන් නුහුරුවට සිංහල කතාකරන විදියට මං හරිම මනාපයි. කතාවෙ නම මතක නෑ. ඒත් කාලෙකට ඉස්සර ජාතික රූපවාහිනියෙ අවුරුදු කතාවක් ගියා සිංහල දෙමල පවුල් දෙකක් ගැන. ඒ කතාවෙ දෙමල මනුස්සයා සිංහල ගමක හිටපු ලියුම් බෙදන්නෙක්. සමහරවිට ඔයාලටත් මතක ඇති. ඒ කතාව පුංචි කාලෙදිම මං හිතන විදිය වෙනස් කරන්න මට කියල දීපු හරිම සුන්දර කතාවක්.

    ReplyDelete
    Replies
    1. සීලන් කියන්නේ එක් අයෙක් විතරයි.. තව කී දෙනෙක් මේ වගේ ජීවිත වලින් වන්දි ගෙවන්න ඇද්ද.. හමුදාව, පොලීසිය, කොටි., මේ හැමදෙනාගෙම ජීවිත වටිනවා.. කරන්න තිබුනේ ඒ ජීවිත රැකගෙන රටේ දියුනුවට යොදවන විදියක් හදන්න.. හැබැයි නොවුනෙත් ඒකමයි..
      දෙමල අය සිංහල කතාකරන විලශය අහන් ඉන්න ආසයි විශේෂයෙන්ම සීලන්. ඔහුගේ කථාව අප සියඵු දෙනාගේම සිත්ගත්තා.. ඒකයි ඔහු තවමත් අප අතර රැඳෙන්නේ..

      Delete
  12. අප්සට් කතාවක් බං..
    ඔය වගේ කතා කීයක් අපි අහන්න ඇද්ද..
    ඒත් මේ වගේ සඹිප විදියට කෙනෙක්ට බද්ධ වෙච්ච කතාවක් නං අහල නෑ...
    අපරාදෙ වටින ජීවිත

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි මහේෂ් විනාශ වුනේ වටිනා ජීවිත.. දෙපැත්තෙන්ම..

      Delete
  13. සිත කළඹන කතාවක් ස්තුතියි. මෙවැනි කතන්දර තවත් කෙතරම් ඇතිද?

    ඒ කෙසේ වෙතත් මෙන්න වෙනත් ප්‍රශ්ණ දෙකක්.

    බැජ් එකේ = මෙය බැච් එකේ විය යුතුයි නේද? බැජ් එකේ ඉන්නේ බැජා ලා සහ බැජී ද?

    /* විශ්වවිද්‍යාලය අසල පුද්ගලික බෙහෙත් ශාලාවකට මා රැගෙන ආ ඔහු */

    ඒ කියන්නේ බේත් ගන්නේ ෆාමසියකින් කියලාද? වෛද්‍ය උපදෙස් (විශ්ව විද්‍යාලයේ හෙල්ත් සෙන්ටර් එකෙන්) ගන්නේ නැතිද?

    ReplyDelete
    Replies
    1. ඔව් කාකා බැච් එක වියයුතුයි..

      විශ්වවිද්‍යාලයේ හෙල්ත් සෙන්ටර් එකක් තිබුණා. ඒකට අපි යන්නේ මොකකට හරි මෙඩිකල් එකක් හදාගන්න ඕන උනාම තමයි...
      අනික ඕකේ බේත් දෙන්නේ හැම බේතක්ම එකට සුදු කොලේකට දාලා ඔතලා..
      ඒ කොලේ මෙහෙම ලියල තියනවා..

      ලොකු සුදු පෙති 2*3
      පොඩි සුදු පෙති 1*3
      කහ පෙති රෑට එකයි..
      කරල් 1*2

      හැමෝටම හැමලෙඩකටම එච්චරයි

      Delete
  14. හද සසල කරවන කතාවක්. සරණාගතයන් ලෙස රටින් පිටවෙනා ඉන්නා පිරිසගෙන් බහුතරයගේ කතාවන් මෙයිට බොහොම සමානයි. පාපකාරි යූද්ධයක් ඇති නොම වේවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි නලීන් ඔබ මීට වඩා මේ පිළිබඳ බොහෝ දැනුවත් ඇති.. හැමෝගෙම පැතුම පාපකාරී යුද්දයක් යලිත් ඇති නොවේවා කියල තමයි.. ඒත් එහෙම නැති කොටසකුත් ඉන්නවා..

      Delete
  15. ත්‍රස්තවාදයට බැඳුනු බොහෝ දෙනේ පිටුපස මෙවැනිම කතා රැසක් ඇති... සංවේදීව දැනුන කතාවක්...

    ReplyDelete
    Replies
    1. හැමෝම කැමැත්තෙන් එකතුඋනු අය නොවෙන්න පුළුවන්..

      Delete
  16. ඉගෙන ගන්න දක්ෂ අයට නම් කොටි සංවිධානෙන් ඉගෙනගන්න වියදමුත් කරනවා.කැනඩාවේ නෑයෝ එවන සල්ලි කියලා තමයි කියන්නේ. සල්ලි කියලා තමයි කියන්නේ.කොටි බුද්ධි අංශ සාමාජිකයින් විදියට පුරුදු කරන්නේ මේ අයව.ගොඩක් වෙලාවට කැම්පස් ඒන්න කලින්ම පිටරටවල ත්‍රස්ත පුහුණුව ලබලා.
    සීලන්ට වෙන්න ඇත්තේ නංගිලාගේ ප්‍රස්නේ.
    මේ වගේ දේවල්වලට ජාති,ආගම් බේදයක් නෑ නේද?
    නංගිලාට උගන්නන්න ,කැම්පස් දමාගහලා හමුදාවට ගිය අයියලාත් හිටියනේ.සිරිසේනලා,මොහිදීන්ලාත්.අතපය නැතිව ආව.මිනී පෙට්ටිවලින් ආව.
    මැණික් ෆාම් වල ඔය කියන දවස්වල මම ස්කුල් කට් කරන් ගිහින් හිටියේ.මට මතක නෑනේ.කූඩලු අයියලා සිටි බවක්.

    ඔය කැද බත් හැදිල්ල ගොඩ දවසක් තිබුනෙ නැ.අනිත් සරණාගත කදවුරුවල තරම්ම පහසුකම් නොලැබුනත්.

    අනිත් ගොඩක් සරණාගත කදවුරුවල තත්වය නම් අපිට පිටින් බැලුවම පේන්නේ කුකුල් කොටු වගේ.නමුත්,මිනිස්සු බහුතරයක් ඒ ජිවිතේට පුරුදු වෙලා.කෑම බිම ලැබෙනවා.ඇදුම් ලැබෙනවා.සතියට දවස් දෙකක් කදවුරට දොස්තරලා ඒනවා.මුලික පහසුකම් සියල්ල නොමිලේ.තව අමතරව NGO වලින් තෑගි ලැබෙනවා.පිරිමි අය කුලියක් මලියක් හරි කරලා හම්බ කරන සියලුම මුදල් ඉතිරියි.

    උපන්ගම ඇර වෙන ගමක පදිංචි වෙන්න ඉඩම් ගෙවල් හදාගන්න පහසුකම් දුන්නට යන්න කැමති නෑ.මුදාගෙන බිම්බෝම්බ අයින් කරලා උපන් ගමම දෙනකම්ම අවුරුදු ගානක් සිටියා.කොච්චර ගෙවල්, ඉඩම්,ගොවිතැන්,ව්‍යාපාර කරන්න අවැසිදේ නොමිලේම රජයෙන් දුන්නත් යන්නැ.

    ‘අපි සාම්පුර්.අපේ ගෙවල් අමුදාවෙන් සමතලා කරලා,අපිට වෙන යෙක යෙක තැන්වලින් ,ගෙවල් දෙන්න අදනවා යේවයේ ගීන් ඉන්න පුලුවන්ද,කවදා අලි ..සාම්පුල් ම තමයි යන්නේ“
    මේවා ස්වාධින වචන නෙමෙයි ,කාගේ හරි ප්‍රබල ඉගැන්වීමකට කට පාඩමින් කියන බව ඕන කණෙකුට තේරෙනවා.

    දකුණේ අයියලා අක්කිලා,ලෝන් දාලා බාගෙට ගෙවල් අටවන්.පෙන්ෂන් යනකම්ම (ඉන්පස්සෙත්)පඩිය ලෝන්වලට කැපෙද්දි ලෝකෙට පේන්න ලස්සනට ඇදලා කරලා ලෙවකකා ජීවත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අපි එක්ක හිටිය කිහිපදෙනෙක්ටම ඔය විදියට කැනඩාවේ නෑයන්ගෙන් කියලා මුදල් ලැබුනා.. සමහරවිට ඔවුන් තස්ත්‍ර පුහුණුව කැම්පස් එන්න කලින්ම ලබන්න ඇති ජාති ආගම් කුල මල ලිංග බේදයකින් තොරව මිනිස්සු මේ තමන්ගේ ප්‍රශ්ණ එක්ක ගැටෙනවා.. ඒවායේ සමහර විසඳුම් මාරාන්තිකයි, ඛේදනීයයි..

      මම කඳවුරු තුලදී දැක්ක සුළු ප්‍රමාණයක් විතරයි ඔතන විස්තර කළේ, කැඳ බත් හැදිල්ල ඒ කාලේනම් තිබුණා. (මට ඒවා කන්න පෙරේතකමකුත් ආවා- හැබැයි බැරි උනා)
      තවත් දෙයක් NGO කිව්වම ගොඩක් අයට ඇලජික්. හැබැයි මේ කඳවුරු ඇතුලේ බහුතර වැඩකොටසක් කෙරුනේ මේ සංවිධාන මගින් තමයි.. සමහර නොගැලපීම් ඇති ඒත් සිදුවීම් සිදුඋනේ එහෙමයි ඔබ කියූ කරුණු වලට අමතරව ළමයින් සඳහා අධ්‍යාපනය ලබාදීමටත් මේ කඳවුරු තුල පහසුකම් සකස්කර තිබුණා..

      //උපන්ගම ඇර වෙන ගමක පදිංචි වෙන්න ඉඩම් ගෙවල් හදාගන්න පහසුකම් දුන්නට යන්න කැමති නෑ.මුදාගෙන බිම්බෝම්බ අයින් කරලා උපන් ගමම දෙනකම්ම අවුරුදු ගානක් සිටියා.කොච්චර ගෙවල්, ඉඩම්,ගොවිතැන්,ව්‍යාපාර කරන්න අවැසිදේ නොමිලේම රජයෙන් දුන්නත් යන්නැ.

      ‘අපි සාම්පුර්.අපේ ගෙවල් අමුදාවෙන් සමතලා කරලා,අපිට වෙන යෙක යෙක තැන්වලින් ,ගෙවල් දෙන්න අදනවා යේවයේ ගීන් ඉන්න පුලුවන්ද,කවදා අලි ..සාම්පුල් ම තමයි යන්නේ“
      මේවා ස්වාධින වචන නෙමෙයි ,කාගේ හරි ප්‍රබල ඉගැන්වීමකට කට පාඩමින් කියන බව ඕන කණෙකුට තේරෙනවා// මේ ටිකනම් සහතික ඇත්ත

      අන්තිමට...
      //දකුණේ අයියලා අක්කිලා,ලෝන් දාලා බාගෙට ගෙවල් අටවන්.පෙන්ෂන් යනකම්ම (ඉන්පස්සෙත්)පඩිය ලෝන්වලට කැපෙද්දි ලෝකෙට පේන්න ලස්සනට ඇදලා කරලා ලෙවකකා ජීවත් වෙනවා.// අපිත් එහෙමයි...

      Delete
    2. මාත් මැණික් ෆාම් ගියා. මට නම් ඒ වගේ දෙයක් දරාගන්න පුළුවන් කමක් තිබුනේ නෑ. ඒ මිනිස්සු බොරු කරනවා කියලා මට හිතුනෙත් නෑ. ඒත් ඒක අස්සේ ඒ ඒ මිනිස්සු අස්සේ වෙච්ච දේවල් ඇහුවම දැක්කම එහෙම දේශපාලන රටාවක් එක්කත් තරහයි. කොටි හා රජය.

      Delete
    3. එතැන හිටිය ගොඩක් මිනිස්සුන්ගේ නෑදෑයෝ, දූ පුතුන්, කොටි සංවිධානය සමග වැඩ කරපු ඒ නිසා ජීවිත අහිමි කරගත්ත අය.. එතකොට කොතැනින් හරි ඒ මිනිස්සු පලිගන්න බලන්නේ.. හැබැයි ඔවුන් දන්නේ නෑ ඔවුන් දෙපාර්ශවයේම ඉත්තන් වීඇති බව

      Delete
  17. මේක සත්‍ය කතාවක්ද....? ප්‍රබන්ධයක්ද...? මෙවැනි අත්දැකීමක් මාත් ලබා තියනවා...... කියා ගන්න බැරි.....

    ReplyDelete
    Replies
    1. 90%ක් සත්‍ය 10% ක් ප්‍රබන්ධ.. අප බොහෝ අය තුල මෙවැනි අද්දැකීම් තියනවා කියන්න බැරි..

      Delete
  18. ඇත්ත කතාවක් නිසා හිත සසලවීම වැඩියි. හැලපේ කිව්වා වගේ අවසානය කලබලෙන් නොලියා, තව ටච්වෙන්න ලියන්න තිබුනා විදානේ. සීලන්ලා තව කොච්චර ඉන්න ඇද්ද...නංගිලා වෙනුවෙන් අයියලාට කර බැරි දෙයක් නැහැ නේද...

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි අරූ අයියා තව හොදට ලියන්න තිබ්බා... ඒක මහේ අඩුපාඩුවක්.. සිංහල, දෙමල, මුස්ලිම්.. මේ හැමෝගෙම සීලන්ලා හිටියා..

      Delete
  19. සීලන් ...සුබ ගමන් ... ප්‍රභාකරන්ලා මැරෙනකොට මරුනේ සීලන්ලාව මරාගෙන වීම තමයි හිතේ තියෙන දුක . කදිරගාමර්ලා ,මුතාලිෆ්ලා ,ලලිත් ජයසිංහ ලා එකතුවෙලා රට ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත්තා .

    අද මනෝ ගනේෂන්ලා , අසාද් සාලිලා , ඥාණසාරලා ආපහු තිබ්බ තත්වෙටම රට ඇදගෙන යන්න හදනවා උන්ගෙ පැවැත්ම වෙනුවෙන්

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින්, අපට ඉක්මනින්ම. සෑම තැනම සුදු කොඩි දැකගත හැකිවනු ඇති.. මව්වරුන්ට පුතනුවන්, බිරියන්ට සැමියන්, සොයුරියන්ට සොයුරන්, පෙම්වතියන්ට පෙම්වතුන් අහිමිවනු ඇත..
      නමුත් රැකියා ප්‍රශ්ණයට විසඳුමක් ලැබෙනු ඇත..
      හබන් කුකුලන් රජ මගුල් කනු ඇත

      Delete
  20. විදානේ මම ඔය ත්‍රස්තවාදය මවාගත්ත මිනිස්සු එක්ක අදටත් වැඩ කරනවා. පිට රටක පී ආර් එකක් ගන්න බලෙන් ත්‍රස්තයෝ වෙන, දේශපාලන පලීගැනීම් ලක්වුනා කියන සිංහල හා නොවෙන. යාපනේ දෙමළ මිනිස්සු එක්ක මට සැරිසරන්න ලැබුනේ පිට රටවලදි වැඩියෙන්ම. අපේ සින්හල මිනිස්සු වගේ කවමදාවත් මගේ පෞද්ගලිකත්වයට එබිලා නෑ. මගෙන් රට කොහෙද අහපුවම මම ශ්‍රී ලංකා කියපු ගමන් උන් දන්නවා මම දෙමළ නෙමෙයි කියලා. නැතිව වෙන මිනිස්සු වගේ මිස්ගේ ගම කොහෙද, මිස් සිංහලද, නම සිංහල නෙමෙයිනේ, කවුද මිස් එක්ක ඉන්නේ, මම නිදාගන්නේ කා එක්කද, මම සිගරට් බොන්නේ ඇයි, වගේ කිසි ප්‍රශ්නයක් අදටත් අහලා නෑ. මීටින් එකේ විසේස වාසි අරන් දෙන්න කියලාත් නෑ.

    ReplyDelete
    Replies
    1. වැඩිපුර හාරා අවුස්සා බලන එක සිංහලයගෙ ගතියක්.. ඒක හොදට සහ නරකට හිටින අවස්ථාත් තියනවා.. හැබැයි ඒ දෙමල අය තවත් ලාංකික දෙමල අයෙක් මුන ගැහුනනම් තොරතුරු හොයන්න ඉඩ තියනවා. මටනම් හිතන්නේ දශක ගනනාවක් තිස්සේ පැවති සැකය නිසා තමයි ඔවුන් කොන් වෙන්න හදන්නේ..

      Delete
  21. මොනව කියන්නද කියල හිතාගන්න බෑ. අපේ පරණ බොසාගෙ පුතෙක් හිටිය මොරටුවෙ ඉංජිනේරු පීඨයෙ. එයාගෙ යාළුවෙක් හිටියලු දෙමළ. කොටි සංවිධානයටත් සම්බන්ධ කතාවක් කිව්වෙ. එයාලත් සම්බන්ධ වෙලා බෝම්බයක් පුපුරපු දවසක බොස්ගෙ පුතාට කතා කරල ඇහුවලු විස්තර. (ඒ කියන්නෙ අනතුරක් නැති බව දැනගන්න)

    ReplyDelete
    Replies
    1. ඔය වගේ සිද්දිනං බහුලයි. කොළඔ බෝම්බයක් පිපුරුවම යාපනේ ඉදන් අපිට කථාකරපු උන් හිටියා.. ඒ කාලෙම උනුත් සංවිධානේ කියල අපිට සැකයකුත් තිබුනා...

      Delete
  22. ඔයිට සමාන අතුරුදන් විමක් අපෙ බැචෙක්ගෙත් වුනා.පොරනම් සිලන් වගෙ ෆිට් එකෙ හිටියෙ නැ.හිතට ලොකු බරක් දැනුන.මෙව ආපහු පටන්ගන්නද මෙ බුරුවො හදන්නෙ කියල

    ReplyDelete
    Replies
    1. අද හෙටම පටන් ගන්න වගේ තමයි ට්‍රයි එක.. මොකද යුද්දේ නැත්තනම් පැවැවැත්මක් නෑනේ..

      Delete
  23. අනේ මයෙ පුතේ අඩු ගානෙ උක්ත ආඛ්‍යාතයවත් හරියට ලියපන් ලියවිල්ලෙ වටිනාකම රැකගනින්..
    තරහ වෙන්නෙපා කිවුවට.. අපේ මවුබස නොවැ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඇනෝ.. මට ඔය උක්ත අඛ්‍යාත කොහොමත්ම බෑ. හරියට ලියන්න උත්සාහ ගන්නම්. වැරැද්දක් තිබ්බොත් පෙන්නල දෙන්න.. ස්තුතියි

      Delete
  24. මේක ඇත්තම කථාවක්ද විදානෙ...මුල මැද අග හොදට ගැලපුන කථාවක්...ඒකාංගික නාට්‍යයකට කදිම කථාවක් කියලත් මට හිතෙනවා...උපරිමයෙන් රස වින්දා මිත්‍රයා...

    ReplyDelete
    Replies
    1. 90% ක් විතර ඇත්ත, අපි දන්න අය ටික දෙනයි හිටියේ නොදන්න අය තව ගොඩක් ඉන්න ඇති.

      Delete