Tuesday, September 8, 2015

ගං වතුර...

හමනා දැඩි සුළගත්, විටින් විට ඇසෙන අකුණු ගසනා හඬත් නිමාලි නින්දෙන් අහරවන්නට සමත් විය. හවස් ජාමයේ සිට කළුකර තිබූ අහස මහ වැස්සක් වස්සන්නට සැරසෙන බව නිමාලිට දැණුනි. පොරවාගෙන සිටී චීත්ත රෙද්ද අහකට කල නිමාලි ඇඳ මත වාඩිවී මේසය මත දල්වා තිබූ චිමිණි ලාම්පුවේ දැල්ල මදක් වැඩි කර ඒ අසල තිබූ එලාම් ඔරලෝසුව ගෙන වෙලාව බැළුවාය. 

"එකොලහට විස්සයි, අදනං එලිවෙනකං වහී වගේ" ඈ තමාටම කියාගත්තාය.

වහලයෙහි සෙවිලිකර ඇති ටකරං මතට ටක ටක හඬින් වැහිබිඳු වැටෙන්නට විය. ලෑලි ගසා ඇති බිත්තියේ ලෑලි අතරින් එන සීතල සුලඟ ඇඟෙහි හිරිගඩු පිපෙන තරම් විය. ඒ සීතල දැනිලාදෝ නිමාලිගේ අටමස් කුස තුල සිටින සිගිත්තා පා පහරවල් කීපයක් එල්ල කරන්නට විය. ආදරණීය සතුටකින් තම කුස හිමිහිට පිරිමදිමින් නිමාලි ඇඳෙහි අනෙක් පස නිදනා තම සැමියා දෙස බැලීය. ඔහු තවමත් සුව නින්දේය. මහවැස්සත්, ඒහා සමග හමනා සුළගින් එන ගුප්ත සීතලත් නිසාදෝ ඇය සැමියාගේ තුරුල්ලටම වන්නට විය.

දහ නව හැවිරිදි වියේ සිටිනා නිමාලි පවුලේ මද්දුමී විය. ඇගේ පියා අල්ලපු ගමේ පාසලේ ගුරුවරයෙකි. ඇගේ මව කලින් ගුරුවරියකව සිටියත් දරුවන් තිදෙනාගේ රාජකාරී වලට මුල්තැන දීම සඳහා එයිත් ඉවත් වී ඇත. පියාගේ වැටුපත් වත්ත පිටියෙන් ලැබෙන ආදායමත් අග හිගයකින් තොරව ඔවුනට ජීවත් වීම සඳහා තරම් විය. මල්ලී අම්මාගේ හුරතලා වන විට තත්තාගේ හුරතලිය බවට පත් වූයේ නිමාලිය. 

නිමාලි සාමාන්‍ය පෙළ ලියනා විට ඇගේ සොයුරිය උසස් පෙළ ලියා විශ්වවිද්‍යාලට තේරුනේ සිය පවුලමට ආඩම්බරයක් වෙමිණි. අක්කා වගේ මාත් කොහොම හරි කැම්පස් යනවා එවෙලහි ඈ අදිටන් කර ගත්තාය. ඒ අදිටනින් යුතුව උසස් පෙළ පන්තියට ඇතුළු වන නිමාලිගේ ජීවිතය මේ ලෙස වෙනස් වේයැයි ඇයද සිහිනෙකින් වත් නොසිතුවාය.

හතර අතින් ගොරව ගොරවා වහින වැස්ස දැන් පැයකටත් වැඩිය, අඩු වැඩි වීමකින් තොරව ඒකාකාරීව ටකරන් මතට වැටෙන වැහි බිඳු මහා ඝෝෂාවක් විය. සුළගෙහිද අඩුවක් නැත. ගඟ ගලයිද? නෑ එහෙම වෙනකක් නෑ. ඇය සිත සැහැල්ලු කරගන්නට මෙන් සිතා ගත්තාය.

තම පාසලේම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් සම්පත් තමන් කෙරෙහි විශේෂ ඇඟෑලුම් කමක් දක්වන බව ඇය නොදැන සිටියාම නොවේ. එහෙත් ඇය එය ගනනකට නොගෙන තමන්ගේ පාඩුවේ ඉගනුම් වැඩ කටයුතු වලම නිරත විය. නමුත් දිගින් දිගටම තම ඒකායන අරමුණහිම සිහි එලවාගෙන සිටින්නට තරම් නිමාලිගේ සිත සවිමත් නොවීය. ඇයටද නොදැනීම ඇගේ සිතිවිලි වල සම්පත් ගේ රුව සක්මන් කරන්නට විය. ඇගේ පාඩම් පොත් පිටුවල තිබූ සටහන් යටපත් කරගෙන සම්පත් ගේ දඟකාර රුව මැවෙන්නට විය. ඉනික්බිති පාසලද පන්තියද යටපත් කරමින් නිමාලි - සම්පත් ආදර අන්දරය ගලාගියේ නිමාලිගේ විශ්වවිද්‍යාල සිහිනය පොඩි පට්ටම් කරමිනි.

කුඩා රිකිල්ලකින් ඇරඹි ආදර පැලය යාන්තමින් අතු ඉති රිකිලි දමා වැඩෙද්දීම නිමාලිගේ පියා ගේ දෑතට හසුවිය. ඉනික්බිති තම නිවසින් අප්‍රමාන දොස් පරොස් ඈ වෙත එල්ල වන්නට විය. නිමාලිගේ නිවසින් සම්පත්ට අකමැති වීමට හේතු සාධක ඕනෑවටත් වඩා තිබිණි. සම්පත්ගේ පියා සොරකම් කිහිපයකටම හිරේ විලංගුවේ වැටුනු අයෙකි. සතියකට වරක් දෙකක් අනිවාර්යයෙන්ම කා සමග හෝ දබරයක් ඇති කර ගැනීම ඔහුගේ සිරිත විය. ගුරු පාර කෙලවරට වන්නට තිබූ සම්පත්ගේ කුඩා නිවසෙහි නව දෙනෙකු ජීවත් වෙති. සම්පත් ගේ වැඩිමහලු සොයුරන් දෙදෙනා කිසිඳු රැකිකියාවක් හෝ ඉගනුමක් නොමැතිව හංදියේ කඩපිල්වල රස්තියාදුවේ නිරතවෙයි. සම්පත් ගේ වැඩිමහල් සොයුරිය ගැන ගම්මුන් කියන නීරස කයි කතන්දර වල සත්‍යයක් නැත්තේම නොවේ.

"අපි පැනල යමු."

දෙවරක් හිතන්නට දෙයක් තරම් නොවීය. ඇය ඇසූයේ කවදාද යන්න පමණී. ඉනික්බිති ටවුමේ රෙජිස්ටාර් ඉදිරියේ විවාහය සහතික කල නව යුවල, තුන් රෝද රියකින් රියකින්  ඉගිලිනුනේ තමන්ට කියා ලෝකයක් තනාගන්නටය. විවාහවී සම්පත්ගේ නිවසෙහි නතර වීම කෙතරම් දුෂ්කරදැයි ඇයට වැටහුනේ එහි ආ මුල්ම දිනයේය. ඔහුගේ මව කථාබහ කරන සාමාන්‍ය විලාශය පවා නිමාලිට බිය උපදවන්නට තරම් විය. නව දෙනෙකු ජීවත් වූ නිවසෙහි දසවැන්නා වූ නිමාලි එදින රෑ ජීවිතයෙහි පලමු වරට පන් පැදුරක ගුලි වී නිදන්නට විය.

සම්පත්ගේ නිවසට මෙපිටින් බස් පාරට කිට්ටු වන්නට ඟඟත් පාරත් අතරට වන්නට වූ කුඩා බිම් තීරුවකි. ගම්මු මෙය හැඳින්වූයේ රිසිවේසන් පටිය කියාය. දින දෙක තුනක් ඇතුලත මේ බිම් තීරුවෙන් කොටසක් එලි පෙහෙලි වී ලෑලි බිත්ති බැඳි කුඩා නිවසක් ඉදිවිය. බොහෝ සෙයින් සාමයට ලැදි ගමේ ග්‍රාම නිළධාරී මහතා මෙසේ රිසිවේමෙහි ඉදිකරීම් නොකරන ලෙස නිල වශයෙන් දන්වා ඉක්මනින්ම මාරු විය. සතියක් යන්නට මත්තෙන් නිමාලිත් සම්පතුත් ඔවුන්ගේ මාලිගාවක තනිවන්න විය. මේ අතර සම්පත් හංදියේ ගරාජයේ සුළු රැකියාවක් සොයා ගත්තේ ඔවුන් ගේ බොහෝ ගැටළු වලට තිත තබමිනි.


මේ අතර නිමාලිගේ අම්මාත් තාත්තාත් නිමාලිව සොයා කිහිප විටක්ම ඇගේ අතු පැල වෙත පැමිණ අයැද සිටියේ මේ සියල්ල අතහැර නැවත නිවසට එන ලෙසයි. නමුත් තමන්ගේ සුරවිමනෙහි සුර සැප විඳින නිමාලි ,මව් පියන්ගේ අයැදිලි පයට පෑගෙන දූවිල්ලක් තරම් වත් මායිම් නොකලාය. බහින්බස් වීම දුර දිග ගිය එක් දිනක ඇගේ කෙස්වැටියෙන් අැද කම්මුල හරහා පහරක් එල්ල කල ඇගේ පියා ඉකි ගසමින් නික්ම ගියේ "මගේ මද්දුමී මලා" යැයි පවසමිනි. පියාගෙන් ලද අතුල් පහරේ වේදනාවට වඩා ඔහුගේ ඉකිගැසුමෙ වේදනාව නිමාලිගේ සිතෙහි බොහෝ දිනක් රැදී පැවතුනි. එතැන් පටන් නිමාලිගේ මවුපියන්ගෙන් ඇයට කිසිඳු කරදරයක් නොවීය.

 "යකෝ සම්පතෝ දෝර ඇරපිය..තොපිි මේකට වෙලා මැරෙන්නද හදන්නේ.. "

කාගේදෝ කෑ ගැසීමක් ඇසී නිමාලිට එකවරම ඇස්ඇරින. සම්පත්ද ඒ හඬින් අවදි වී තූෂ්නිම් භූත වී ඇත.. කෑ කොස්සන් ගෑම එන්න එන්නම වැඩිවන විට නිමාලි ඇඳෙන් බිමට අඩිය තිබ්බාය. දෙපතුලට දැනුනු තද ශිතලත් සමග ක්ෂණයකින් ඇයට සියල්ල අවබෝධ විය. උපදින්නට සිටින බිළිදාට රැගත් මෙවලම් සහිත බෑගය රැගත් නිමාලි සම්පත්ද ඇදගෙන රිසිවේසමේ ලෑලි නිවසින් පාරට පිනූයේය..

මහ වරුසාවෙහි කෙලවර කිසිවෙකුටත් නිගමනය කල නොහැකි විය. කෙමෙන් කෙමන් අඳුර දුරලා හිරු උදාවන්නට විය. නමුත් ඒ හිරු කිරන වසාලමින් ඝණ අඳුර දිගින් දිගටම රජයන්නට විය. පාර අයිනේ වූ ගල් පොත්තක් මත වාඩි වූ නිමාලි තමන්ගේ හත් මස් හැවිරිදි වූ නිවස දෙස බලන්නට වූවාය. දැන් එය අඩි එක හමාරක් දෙකක් පමනට ජලයෙන් වැසී ගොස්ය, ජලයේ පාවෙන ලී කැබලිති ගෙයට ඔච්චම් කරන්නට මෙන් එහි ලෑලි පතුරු මත වැදෙමින් වැසි ජලයේ පාවී ගියාය, ලී කැබලිති පතුරු මත හිඳි කුහුඹුන් සෙමින් සෙමින් නිවසෙහි ලී බිත්ති මත ඉහලට නගින්නට විය.

වේලාව උදෑසන හත පමන වන්නට ඇත, දැන් ජල පහරෙහි සැරකම අන් කවරදාකටවත් වඩා වැඩි විය, ඇගේ නිවසත් සමග සසඳා බලන කල එය හයකටත් වඩා වැඩි මිස අඩු නොවීය. මහ ජල කඳත් සමග ගසාගෙන ආ විශාල ලී කොටයක් නිමාලිගේ නිවසේ එක් පැත්තක වැදී එක් වටයක් කැරකී ගං දියෙහි පහලටම ගසාගෙන යන්නට විය. ඒ වැදුනු සැර පහරික් අබලන් වූ නිවස කෙමෙන් කෙමන් එක් පසකට ඇල වන්නට විය. තවත් ටික වේලාවක් ගත වන විට නිවසෙහි වහලය, ජල රකුසා සමග කළ සටනින් පැරදී ගං දිය සමග පහලට ඇදෙන්නට විය. 

වේලාව ගෙවෙන්නේ විදුලි වේගයෙනි, මහා ජල රකුසාත් සමග සටන් කරන්නට නිමාලිලාගේ නිවසෙහි අත්තිවාරමට වාරු නොවීය. කෙමෙන් කෙමන් ගැලවී යන තම නිවෙසෙහි ලී පතුරු දෙස නිමාලි කිසිඳු හැගීමකින් තොරව බලාසිටින්නට විය. දැන් සියල්ල හමාරයි ඇයට සිතුණි,
"නෑ එහෙම වෙන් නෑ ... පාර පැත්තෙ කණුව තාම ඉතිරි වෙලා තියනවා" හිත අස්වසාගන්නට මෙන් ඇයට නැවතත් සිතුණි, පෙරට වඩා වඩාත් උවමනාවෙන් අැය ඉතිරිව ඇති අවසන් කණුව දෙස නෙත් යොමු කරන්නට විය. ගං වතුරෙහි පාවී ආ කුහුඹුන්, කෘමීන්, සෙමින් සෙමින් කණුව මතට ගොඩවවනවා ඇයට දකින්නට ලබිණි.

දැං ඉතිං සියල්ල හමාරයි, අැයට සිතුණි, ඇය බලන්නං වාලේ ඔහේ පාරදිගා බලාගෙන සිටියාය. අන්තිම මාස දෙකතුනේ සම්පත්ගේ අම්මා දෑවැදි ගැන අසමින් කිහිපවිටක්ම ඇයට නොක්කාඩු කිව් අයුරු ඇයට මතක් විය. ඒත් එක්කම සම්පත්ගේ වැඩිමහල් සොහොයුරා මනාලියක කැන්දාගෙන විත් තවමත් මහගෙදර නතරවී සිටින බවද ඇයට පසක් විය. "අනික මං කොහොමද කිරිසප්පයකුත් එක්ක එතැන ඉන්නේ??" කිසිත් කරකියාගත නොහැකි ඇය නිසොල්මනේ පාර දෙස බලා ඉන්නට විය.

වැස්ස ටිකින් ටික තුරන් වන්නට විය, නමුත් ගං වතුරෙහි සැඩ පරුෂ කම අඩු නොවීය, නිමාලි කුමක්දෝ බලාපොරොත්තුවෙන් පාර දෙසම බලා හිඳින්නට විය. කවරදාවකවත් නොදැනුනු තනිකමක් ඇයට දැනෙන්නට විය, කොහෙන්දෝ බත් පතක් සොයාගෙන ආ සම්පත් එය නිමාලිට කවන්නට උත්සාහ දැරීය, නමුත් එය පසකට දැමූ නිමාලි මාවතෙහි ඈත වංගුව දෙසටම නෙත් යොමා සිටියාය. ඇය සිතුවා නිවරදිය, ලොවෙහි කොතැතනක කොතරම් ඈතින් දුටුවත් ඇයට එය හඳුනාගත හැකිය, ඇයට ඔහු හඳුනා ගත හැකිය, තමා කුඩා කාලයේ සිට ගම පුරා කරක් ගැසූ ඒ පා පැදිය දුටු ක්ෂණයෙන් ඇයට හඳුනාගත හැකිවිය.  තමා කරමත හොවාගෙන ගේ වටේ දුව ගිය, පුංචි සීරීමකදී පවා ඇයව ඔසවාගෙන බෙත් සාප්පුව වෙත දුවගෙන ගිය, ඇගේ තාත්තා කෙසේ නම් ඇයට හඳුනාගත නොහැකි වේද?

කුසේ උන් පුංචි පැටියා ආයෙත් දඟකරන්නට විය, ඒ පුංචි පා පහරවල් වලින් නිමාලිගේ කුසට සියුම් ආදරණීය වේදනාවක් දැනේනට විය,

"ඔහොම ඉන්නකො පැටියෝ, ඔයාගේ සීයා ලඟ...ම එනවා" සියුම් ව කුස පිරිමදිමින් බොහොමත්ව ආදරයෙන් ඇය පැවසීය,

වෙනදා තාත්තා හෝ අමමා දකින විට ආයාසයෙන් වහන් වෙන නිමාලිට අද එසේ උවමනා නොවීය, සියල්ල  අවසන් උනු තැන ඇගේ යටිසිත නිතැතින්ම ඒ සෙනෙහස සෙවූවාය. තාත්තාගේ පාපැදිය ලං ලංවත්ම ඇය හුන් තැනින් නැගිට්ටාය,  මේ කිසිත් දෙස නෙත යෙමු නොකල නිමාලිගේ තාත්තා නිමාලිව පසුකර පා පැදිය කඩමණ්ඩිය වෙත පදවන්නට විය. නිමාලි නැවතත් ගං දිය දෙස බැලීය, ලෑලි නිවසෙහි අවසනට ඉතිරිවූ කණුවත් ගං දිය විසින් යටකර හමාරය. එහි උන් කුහුඹුන් හා කෘමීන් කොයියම්ම මොහොතක හෝ තමන්ට ගැලවීමක් ලැබෙතැයි සිතා ගං දිය පහරට අවැසි පරිදි පහලට ගසාගෙන යන්නට විය..

113 comments:

  1. අපි කවුරැත් බලාපොරොත්තු නොවුන අවසානයක්...මේක තමයි වෙන්න ඔනේ..
    එල ද බ්‍රා
    ලියපන් මචං..දිගටම ලියපන්..
    උඔලා ලියනවානම් අපේ ඡිවිත කථාව හරි දෙනවා...
    ඒත් තාත්තා ආපහු එනවමයි දෝනිව එක්කරගෙන යන්න...තාත්තේක්ට ළමයෙක්ව එහම අත අරිනන බෑ..
    උඔ දන්නවද මම පොඩි මෙන්ඩට බැනලා ඌ අඩනකොට ආයමත් ඌගෙන් සමාව ඉල්ලනවා...

    ReplyDelete
    Replies
    1. මං කියන්න ඕනි ටික මූ කියලා.
      //තාත්තේක්ට ළමයෙක්ව එහම අත අරිනන බෑ// මාත් හිතනවා.

      Delete
    2. //තාත්තෙක්ට ළමයෙක් එහෙම අත අරින්න බෑ // මාත් එහෙම හිතනවා // × 2

      Delete
    3. //තාත්තෙක්ට ළමයෙක් එහෙම අත අරින්න බෑ //X 3
      එහෙනං එහෙනං, නැත්නම් මේ මාවත් දැන් ඇතරලා නොවෑ ,,,හැක්

      Delete
    4. බලමු මේකට අත උස්සන තාත්තලා ඉන්නවද?

      Delete
    5. හුකෑස් …

      දවසේ කතාව :D

      Delete
    6. ඒත් මං දැකලා තියෙනවා සමහර දෙමවුපියෝ තමන්ගේ හිත් වලට දුක පුරෝගෙනත් (මුණේ දැලිගාපු කියන ) දරුවන්ට ඒක නොපෙන්වා කාලයක් දුක් විඳින්න ඉඩ අරිනවා..

      Delete
    7. මෙන්ඩා
      /උඔලා ලියනවානම් අපේ ඡිවිත කථාව හරි දෙනවා.../
      බොක්කම තමයි..
      තාත්ත කෙනෙක්ට ලමයෙක් කවදාවත් අතඅරින්න බෑ.. ලමයෙක් ට දෙමව්පියොත් කවදාවත් අතඅරින්න බෑ..
      ස්තුතියි ඇගයුමට

      Delete
    8. @මධු. පත්තරේ, සිංදු
      එකෙන්ම එකඟයි

      @ඔමා..
      අවුරුදු ගානක් ගිහිං හරි ආයෙත් එකතු වෙනවා

      Delete
    9. මෙන්ඩත් එක්ක අත උස්සමු !

      මාත් ඒකට නං එකඟයි!!!

      Delete
  2. මං හිතන්නෙ නිමාලිගෙ පියා කඩමණ්ඩියට ගියේ කෑම අඩුම කුඩුම ටිකක් නිමාලිලාට අරන් එන්නයි. තාත්තල එච්චර නපුරු නෑ.

    ජයවේ විදානේ

    ReplyDelete
    Replies
    1. තාත්තල එච්චර නපුරු නෑ.
      එල ද බ්‍රා

      Delete
    2. පට්ට බ්‍රා කීවලු.
      කෝ ඉතින් අපේ පැත්තට ගොඩවෙන එකක්යැ

      Delete
    3. තෙලිදිය,
      මං හිතන්නේ නෑ තාත්තගේ හිත එච්චර ඉක්මනට උණුවෙයි කියලා... අම්මා ආවනං එහෙම වෙයි..
      ස්තූතියි

      Delete
    4. @ මෙන්ඩා,
      තාත්තලා නපුරු නෑ, ටිකක් දරදඬුයි

      @ තෙලි,
      හෙට ඉදන් ගොඩවෙයි

      Delete
    5. @ විදානේ,
      අම්මලා එක්ක දරුවො තරහ වුනාම, තාත්තල අම්මලාට හොරෙන් දරුවන් සනසනව. අම්මලාත් අනික් පැත්තට එහෙමයි. අපේ ගෙදර ගොඩක් වෙලාවට එහෙමයි

      @මෙන්ඩා, නැද්ද මචං...

      Delete
    6. තෙලිදිය
      මම ගියා ඒ පැත්තට...අනිත් කට්ටිය එක්කරගෙන එන්නම්

      Delete
    7. අනිවා තෙලිදිය

      @ මෙන්ඩා, අන්න කොල්ලො

      Delete
    8. අම්මට ඉස්සල්ලා තාත්තලගෙ හිත උනු වෙනව දුවල වෙනුවෙන්.

      Delete
    9. ඔව් දූලට වැඩිපුර ආදරේ තාත්තලනේ..

      Delete
  3. නිමාලි නොහිතපු තරම් සුන්දර විදියට තාත්ත නිමාලි ලඟට එයි.

    කොහොම උනත් දරුවන් වශයෙනුත් දෙමාපියන් වශයනුත් දෙගොල්ලොම මේ වගේ ප්‍රශ්න වලද නම්‍යශීලි වෙනවනම, මේ කතා මිට වඩා බොහොම සොඳුරු විදියට ගලාගෙන යයි.

    ආපහු ලියන එක ගැන තියෙන්නෙ අප්‍රමාණ සතුටක්.

    ජයෙන් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. නම්‍යශීලී නොවන එකනේ ප්‍රස්නේ,

      /ආපහු ලියන එක ගැන තියෙන්නෙ අප්‍රමාණ සතුටක්./
      මේක ලියන්නම මාසයක් ගියා..


      Delete
    2. විදානේ මාසෙකින් හරි ලිව්වා.... මනෝෂ් කවදාද දන්නෑ ලියන්නේ... යකෝ හරියට කතාව හැමදාම ලියනවා වගේ.... අපි හැමදාම බලනවා මනෝෂ් ලියලා නැහැ......

      Delete
    3. අඩේ මනොස් බ්ලොග් එකක් ලියනවද?
      දන්න කෙනෙක් ලින්ක් එක එවනවද?

      Delete
  4. මාත් හිතන්නෙ තාත්ත ආපහු ඇවිල්ල වැඩේ සුබදායක විදියට විසඳයි කියලයි.

    නියමයි විදානෙ.

    අර සමපෝෂ කතාව............... එක්කො ඕන නෑ.

    ReplyDelete
    Replies
    1. සමහර විට එහෙම වෙන්නත් පුළුවන් ප්‍රසන්න අයියා..
      මොකක් ද මේ සමපෝෂ කේස් එක..?

      Delete
    2. @ මෙන්ඩා ඔක්කොම පියවරු

      Delete
    3. //මොකක් ද මේ සමපෝෂ කේස් එක..?//

      අැයි බං අර ටිකිරා අයියාගේ සමපෝෂ ගුලිය ගැන ලියනවා කියලා උඹමනේ අපිට කිව්වේ.. යකෝ අපි ලියන්න කිව්වානම් අමතක වුණාට කමක් නැහැ..... මේක උඹමනේ කිව්වේ.... අර ටිකිරා අයියාගේ ඒක...... උඹට අමතක වුණ නිසා කිව්ව මිසක් අපහසුතාවයට පත් කරන්න කිව්වා නෙමෙයි හරිද???

      Delete
    4. ඇයි බොල දානයො, අර දානෙ දෙන පිළිවෙල කියල උඩිංම දාල තියෙන එකේ 2014 ඔක්තෝබර් එක දිග ඇරල බලහංකො.

      Delete
    5. කෝ විදානේ...... කෝ..... කෝ.......

      Delete
    6. දිගෑරල බැලුවා කියවන්න කම්මැලියි..

      හරි ඔන්න ලබන සතියේ දාන්නංකො...

      Delete
    7. උඹ ලබන සතිය කිව්වට ෂුවර් නැහැ.. දිනේ කියහං... හරියට ඉලක්කම ලියහං..

      Delete
  5. ලාබ රත්තරන් දිලිසෙන පාලු විදියේ.. ගැනු ළමයි පියඹලා ඉස්සරත් ගියේ.. උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුනේ.. පාර මතකනම් තාමත් ගේ ලඟයි දුවේ... ඒ තාත්තලා.. නිමාලිගේ තාත්තත් අහක බලාගෙන වගේ ගියාට වෙනස් වෙන්නේ නෑ..
    (කෙල්ලෝ ඉන්න තාත්තලාට උඹ දැන්ම ඉඳන් ගින්දර දෙනවා නේද? )

    ReplyDelete
    Replies
    1. චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
      මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
      පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
      මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

      ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
      ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
      උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ
      අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

      චන්ද්‍ර මණ්ඩලේ...

      මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
      මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
      හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
      පාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ

      චන්ද්‍ර මණ්ඩලේ...

      ගායනය - සුනිල් එදිරි සිංහ
      පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
      සංගීතය: රෝහණ වීරසිංහ

      Delete
    2. කමියෝ, මං ආසම කරන සිංදුවලින් එකක් තමයි මේක,
      /කෙල්ලෝ ඉන්න තාත්තලාට උඹ දැන්ම ඉඳන් ගින්දර දෙනවා නේද?/
      මටත් ඉන්නේ කෙල්ලෙක්නේ..

      Delete
  6. "මගේ මද්දුමී මලා"
    එච්චරයි....ආයේ එන්නේ නෑ........!!

    අම්මා සමහර විට හෙමීට තාත්තව ෂේප් කරලා දේවි....?

    ReplyDelete
    Replies
    1. අනිවා චෙෆා..අම්මලා තමයි හැමදාම අපි (ළමයි) වෙනුවෙන් ඇප දාන්නෙ..

      Delete
    2. මටත් හිතෙන්නේ එහෙම තමයි ආර්කි..
      මේ වගේ තැන්වලදි අම්මලා තමයි.. එදිරිවාදිකම් අත්හිටුවීම සඳහා තුන්වන පාර්ෂවයක් වන්නේ..

      Delete
    3. මටත් හිතෙන්නෙ ඒකම තමයි මෙන්ඩා...

      Delete
  7. ( සීරියස් ව ලියයි.....)

    මචං උඹේ ලියැවිල්ල නියමයි... ඒත් උඹ ලියන්නැති ඒක තමයි අවුල... අපිටත් හොදට ම වැඩ.. ලියපං... ලියපං... කොහොම හරි ලියපං..... ඒකයි වැදගත්.... අා...... මේ අසංක අයියා බැන්දා බං.... බ්ලොග් ඒකෙන් වැඩි පබ්ලිසිටියක් දුන්නෑ... උඹට ඉතින් මේවා නොකියත් බෑනේ.... දැන් ටික දවසකින් කවිත් නෑ.... මොනවා වෙලාද දන්නෑ,...

    ReplyDelete
    Replies
    1. අසංකට මේ කාලෙ මොන කයිද බං..පොඩ්ඩක් හිටිංකො ඌ සිංදු කියනවා :D

      Delete
    2. අනිවා පත්තරේ....... අපිත් බලාන ඉන්නේ අාපහු බ්ලොග් මතක් වෙනකං.....

      Delete
    3. බෝතලක් ගහන්න කාරනයක්

      Delete
    4. ඒකක් අැයි????? යකඩෝ ඒදා අාවානං බාර් ඒකක් ම ගහන්න තිබුණා කටේ තියාගෙන....

      Delete
    5. කුරුටු (සීරියස් රිප්ලයි)

      ස්තුතියි මචෝ...
      කොහො හරි ලියන්න තමයි උත්සාහය...

      Delete
    6. @ පත්තරේ, මෙන්ඩා
      ඕං දුක සමරන්නත් එක්ක අද VOSA සුට්ටක් මෙව්වා කොලා..

      කුරුටු මචෝ.. මේකා ඉතින් හඳපානේම බැන්දනේ..

      Delete
    7. නෑ යකෝ අමු දවල්... ගලගම පර්ල් ඒකේ මගුල තිබුණේ.... පර්ල් ඒක ගැන ඉතින් උඹට අමුතුවෙන් කියන්න ඔ්නේයෑ..... උඹලාගේ පා පහස තියෙනවා අැති කියලා මමයි කාංචනායිත් කතා කරා...

      Delete
    8. පර්ල් ඉන්.. හික් හික්..ඕක් ඔවෑක්..
      පා පහස විතරක් නෙවෙයි මුව පහසත් තියනවා...

      Delete
  8. තාත්තෙකුට කවදාවත් දුවෙක්ව අහක දාන්න බෑ. කතාව නියමයි මචෝ

    ReplyDelete
    Replies
    1. කවදාවත් කරන්න බැරි දෙයක් නලීන් ස්තුතිය් ගෛාඩ උනාට

      @ මෙන්ඩා
      ඇත්ත මචෝ

      Delete
  9. "අපි පැනල යමු."
    ඉබිබා දියට දාද්දි ඇන්නෑවේ කිවුවලු නේද අයියේ....

    ReplyDelete
    Replies
    1. පසුකරමින් මහ කදුවැටි ඕවිටි..
      පාළු සොහොන්පිටි රබර්වතු බඩවැටි..
      ගල්මුල් වල පය පැටලී වැටි වැටි..
      මතකයි හඳපානේ කැන්දන් ආ හැටි..

      - මීට සම්පත් :D

      Delete
    2. සාදරයේ පිලිගන්නවා සබරේ ඇනෝ..
      මං හිතන්නේ අපි දන්නවා වෙන්න ඇති...
      = ඉබ්බා දියට යන්නම බෑ කිව්වා=

      Delete
    3. පත්තරෛ්
      හදපානේ ගමන් යන්න සවනට කොඳුරා කියන්න ...

      Delete
  10. අන්තිම කණුවත් ගගටම ගියා කියන්නෙ නිමාලිට ආයෙ බලාපොරොත්තුවක් නෑ කියනෙක තමා..
    පව් කියන්නද නෑ කියන්නද.. මංද.. නොතේරේ... උඩ පයිනකොට බිම වැටෙන වේගෙ හිතාගන්න බැරි වෙනව නෙහ්

    විදානෙ ආයෙ ලියපු එක ගැන නං ඔක්කටම වඩා සතුටුයි...
    දිගටම ලියපං විදානේ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අනිවා මේ මොහොතේ ආයේ බලාපොරොත්තුවක් නෑ කියන එක තමයි.. හැබැයි තව කල් යනකොට වෙනස් වෙන්න පුඛුවන්..
      දිගටම ලිමු කොහොම හරි...

      Delete
  11. මචෝ උඹේ කතාවල අපූරු සුන්දර රිඳුම් දීමක් තියෙනවා.. ඒකයි උඹේ අනන්‍යතාවය.. කොහොම හරි ලියහන්.. මේවා පත්තරවලටත් යවපන්.. බොහෝම උසස් මට්ටමකයි තියෙන්නේ...

    වෙල්කම් බැක් කිව්වා...

    ReplyDelete
    Replies
    1. බොක්කෙන් එකඟයි බොස් !!

      Delete
    2. පත්තර වලට යවන්න කලින් කමෙන්ට් වලට උත්තර දීලා හිටහං.... ඊට පස්සේ උඹ පත්තරයක් ගහගත්තත් කමක් නැහැ.....

      Delete
    3. අා............. යවන්න දෙයක් නැහැ මාතා ඔය පත්තරේ අැවිල්ලා ම ඉන්නේ... අතට ම දීපං...

      Delete
    4. බොහෝම ස්තුතියි මාතලන්..
      බලමු.. පත්තර වලටත් හොට දාන්න පුලුවවන්ද කියලා..

      Delete
    5. @ පත්තර, කුරුටු...
      ඔන්න උත්තර දුන්නා...

      Delete
  12. දෙමාපියන්ට දරුවෝ අත්හරින්න බෑ ...
    උඹ නැගිටිලා තේකක් එහෙම බිලා මේක ලියන්න මාසයක් ගත්තා .ඉතිරිය දාන්න සමපෝෂ එකක් කාලා ලස්තිවෙයන් ...

    හිතුමතේට දීග ගිය දුවේ...
    නුඹේ දුවත් හිතුමතේට දීග ගිය දිනේ
    පියාණනුත් මමත් මෙදා විඳින දුක දැනේ...
    ඇස්දෙක වන් පුංචි දුවේ

    නුඹ නැතිගෙය ගෙයක් නොවේ…
    ගෙයි ඇවිළුනු පහන නිවේ
    පපුවේ ගිනි පුළිඟු දැවේ...
    යෞවනයේ හීන නොවේ

    හීන සැබෑ ලොවෙහි නොවේ...
    නිදුකින් හිමි සඳු සමගින්
    මෙවන් දුකක් නොලැබ ඉඳින්..

    ගායනය - නන්දා මාලනී
    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - ඔස්ටින් මුණසිංහ.

    ReplyDelete
    Replies
    1. රෙෂ්පට් සිංදුව බොසා !!!

      Delete
    2. සින්දු.. තැන්කියු එකෙන්ම
      සමපෝෂ කියන්නේ මොනවද?

      @ පත්තරේ, අනිවා.

      Delete
  13. අන්තිම චේදේ කියෝගෙන එනකොට ඇඟට ලේ ටිකක් ඉනුවත් ඊලග පේළියත් එක්ක ඒකත් දියවෙලාම ගියා,, හරිම ලස්සනයි.. අපි බලාපොරොත්තු වෙන සොඳුරු අවසාන තිබ්බොත් කතාවක් වැඩක් නෑ.. නියමයි විදානේ..

    ReplyDelete
    Replies
    1. සමහරු මේක නිමාලිට අාවේෂ වෙලා කියවලා, තව සමහරු නිමාලිගෙ තාත්තට අාවේෂ වෙලා කියවලා. පත්තර මල්ලි සම්පත්ට අාවේෂ වෙලා කියවල තියෙන්නෙ.

      බලන්ටකෝ එ්කෙත් හැටි

      Delete
    2. ස්තුතියි ඔමා..
      තව කතන්දර ලියන්න පුඵුවන්ද කියලා..

      Delete
    3. මං නං ලිව්වේ යස්සයා ආවේස වෙලා තෙලී..

      Delete
    4. හප්පට සිරි!

      ඒ වුණාට ඔයාගෙ ලිවිල්ලෙ අමුතු මෙව්ව ගතියක් තියෙනවා. ඒක නිසා ඒ යස්සයගෙ යස්සනීට මං ආරාධනා කරනව විදානේට වැහෙන්න කියල. යස්සය ආවේස වෙලා මෙහෙම නං යස්සනීට කෝම තියේද හැක්..

      Delete
    5. යස්සසනි ආවේස උනොත් වෙන මොනවහරි ලියයි.. හැක්

      Delete
  14. බලාපොරොත්තු උනු අවසානයක් නෙවෙයි උනාම කතාවෙන් අමුතුම හැඟීමක් එනවා. නියමයි. සිරාවටම.

    ReplyDelete
  15. අඩේ මෙච්චර හොද අදහස් තියාගෙන මොකෝ බං නොලියා ඉන්නේ.. මේක සිරා..

    ReplyDelete
    Replies
    1. ලියන්න තමයි උපරිම උත්සාහය දිනේස්..
      ස්තුතියි

      Delete
  16. උඹේ කතා වල මේ අපිට හිතාගන්න් ඉතුරු කරන අවසානෙට තමා මං අකමැතිම සහ කැමතිම ... පට්ට වලලා පට්ට ... ජය වේවා

    ReplyDelete
    Replies
    1. //වලලා පට්ට//

      මේ අලුත් ම ඒකද බං.....????

      Delete
    2. ස්තුතියි ඉවාන්.. හැබැයි කුනුහබ්බ කීම ගැන මගේ මෙව්වා එක..

      Delete
  17. තාත්විකයි. නාට්‍යානුරූපීයි.

    නමුත් පෙරදිග සමාජයේ තාත්තලා පසුව හිත උණුවී සමාව දෙනවා. ළමයෙක් දෙන්නෙක් එල්ලගෙන මගතොට යනවා දකිනකොට තමයි හිත උනුවෙන්නේ.

    අදනම් ජම්පිං ගොයින් බොහොම අඩුයි. අද අරපුර යථාර්ථය දන්නවා.

    ReplyDelete
    Replies
    1. සමාජ ගංගාවේ දිගු කලක් පනූ අයකු ලෙස ඔබගේ අදහස් ඉතා වටිනවා විචා මහතානෙනි..
      හැබැයි ගංගොඩේ නං තාමත් ටිකක් තියනවා..

      Delete
  18. නොහිතපු විධිහට ඉවර වුනු ලස්සන කෙටි කතාවක්. .විචාරක ගේ කතාවට මාත් එකඟයි හැබැයි. පැනල යනවා කියන දැන් අඩුවෙලා කියන එක.

    ReplyDelete
  19. තාත්තා කෙනෙක් හැටියට නම් මම එහෙම දෙයක් කරන එකක් .නැහැ. කරන්න .අමාරුයි.
    http://nelumyaya.com/?p=4174

    ReplyDelete
    Replies
    1. පැනලායන එක අඩුයි කියන එකත් එක් සමාජ පරිහානියකම කොටසක් තමයි..
      කල් ගියත් තාත්තලාගේ හිත ටිකක් උනු වනවා

      Delete
    2. ස්තුතියි නෙලුම් යායට.. කියන්න දෙයක් නෑ මට ලැබුනු මහත් අගය කිරීමක් හැටියටයි මා මෙය දකින්න්

      Delete
  20. තාත්තගේ බයිසිකලේ බ්‍රේක් නැති උනාවත්ද

    ReplyDelete
    Replies
    1. නෑ පොලීසියෙන් අල්ලලාලු.... හැක්

      Delete
    2. සාදරයෙන් පිලිගන්නවා බණ්ඩා මේ පැත්තට..
      සමහර විට බේ්‍රක් ගහන්න අමතක වෙන්න ඇති

      Delete
    3. පොලොසියෙන් ඇල්ලුවනං නවතිනවනේ බොල කුරුට්ටෝ...

      Delete
  21. අති සරල සාමාන්‍ය ප්ලොට් එකක් තුල උඹ බඩ දරු කෙලි පැටික්කියගේ මනස විවරණය කරල තියෙනවා. කතාවේ හැමදෙයක්ම ලස්සනට ගැලපිලා. ඒත් බලාපොරෛාතුතු නොවෙන අවසානයක් එක්ක තවත් එක් කතාවක් ආරම්භ වෙනවා.. ජීවිත වෙනස් කරන.. ජය වේවා නිට්ටඹුවට..

    ReplyDelete
    Replies
    1. එහෙම කොහොමද බොල,
      ජය වේවා සබරගමුවට.

      Delete
    2. බොහෝම ස්තුතියි.. දේශා..
      ඇත්ත තමයි දැන් ආයෙත් කතන්දරයක් ආයෙත් ස්තුතියි ඔත්තුවට

      ආයේ නිට්ටඹු යන්න හිතෙනවා බොල

      Delete
    3. හැමදාම ඹහෙලගෙ කඩේ ඉස්සරහින් යද්දි ඔලුව දාලා බලනවා ඔහේ කොහේ කියලා.. ප්‍රසා අයියා

      Delete
    4. අපි ඉතිං කොහේ යන්නද. මෙහේ ම තමයි.

      Delete
  22. ඔය තාත්තා ගියාට ආයේ එනවාමයි.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා Ahasenenna මේ පැත්තට...
      මටත් හිතෙන්නේ ආයේ එහි හැබැයි ටිකක් කල් යයි...

      Delete
  23. ඉස්සෙල්ලම ආපහු ලියන්න පටන් ගත්තු එකට සුබ පතනවා.උඹේ කතාවල බලාපොරොත්තු වෙන්නට බැරි අවසානයට මම වඩාත්ම කැමතියි.හිතාගෙන එන දේ එහෙම්මම අනික් පැත්තට යනවා.ජය.

    ReplyDelete
    Replies
    1. මේ කථාවෙන් සුළුවෙන් හරි රසයක් විඳින්න පුළුවන් උනානං මට සතුටුයි..
      කොහොම හරි ලියන්න තමයි ට්‍රයි එක
      ස්තුතියි ඇගයුමට

      Delete
  24. මේක මග ඇරිච්ච පෝස්ට් එකක් මචෝ..සොරි වෙන්න ඕන..
    හොඳ නිර්මාණයක්..ඒ ඒ අවස්ථා කථා නායිකාවගේ සිතුවිලි එක්ක ගලපපු හැටි හරි ලස්සනයි..මාත් කියන්නේ තාත්තෙක්ට දුවෙකුත් දුවෙක්ට තාත්තෙකුත් කවදාවත් අතාරින්න බෑ..හැබැයි බොහොම කලාතුරකින් එහෙම නොවෙන අයත් ඉන්නවා මම දැකලා තියෙනවා..ඒක ඉතින් පව..කොහොමවුණත් උඹත් තාත්තෙක් වීම මේ කතාව දැනෙන්න ලියන්න හේතුවක් වෙන්න ඇති කියලා හිතෙනවා..ජය වේවා!

    (තර්ජනය) දැන් තව මාස 3-4කට අතුරුදහන් වෙනව එහෙම නොවෙයි ඔන්න උඹ..කාර්තුවකට එකක් ගානේ ලියන්න උඹ financial report එකක් publish කරනවා නෙවෙයිනේ...! :@

    ReplyDelete
    Replies
    1. ටික කාලයක් ගියාම තාත්තලාගේ හිත වෙනස් වෙනවා..- බොහෝම ස්තුතියි මේ පැත්ත බැලුවට
      --
      කාර්තුවකට එකක් වත් ලියන්න පුළුවන් උනොත් තමයි ලොකුම දේ.
      බලමු, ගුටිනොකා ඉන්න..

      Delete
  25. මාර විදිහට හිත ඇදිල ගියා විදානෙ. අපේ ගෙවල් පැත්තෙ ඉන්නව ඔය වගේම බාල වයස්කාර පෙනුමැති ජෝඩුවක්. මට උන් දෙන්නව මතක් උනා. උංගෙත් ගේ ඔය වගේ. ඕවිටක යන්තම් අටවගත්ත එකක්. හැබැයි කොල්ලා උනන්දුවා. දවසින් දවස දියුණු වෙනවා. ඌ අත් ටැක්ටරයක් හයර් කරනවා, කිරි එළදෙනක් ඉන්නවා, කුඹුරු අ‍ඳේට වැඩ කරනවා... හරිම ආදර්ශමත්, ඌට අම්මලත් දෙන්නයි. ඒ කියන්නෙ තාත්තට පවුල් දෙකයි. තාත්තා මැරුණ දවසෙ ඉඳං ඌ අම්මල දෙන්නටම හොඳට සළකනවා.

    ReplyDelete
  26. මොනා ලියන්නද මන්ද.. මේ තාත්ත පත්වෙච්ච තැනට අපිටත් පත්වෙන්න වෙයිද මන්ද කවද හරි.. බොහොම අනතුරුදායක නොසන්සුන්කාරී හැගීමක්..

    ReplyDelete
  27. කෝ යකෝ ඊයේ රැ ලියනවා කිව්ව පොස්ට් එක?

    ReplyDelete
  28. නියමයි...ලස්සන කෙටි කතාවක්...

    ReplyDelete
  29. මේ කතාව නෙලුම්යාය සම්මානයකට යෝජනා වීම ගැන සතුටුයි බං....... උඹට සුභපැතුම්.....

    ReplyDelete
  30. හිතාගන්න බෑ මචෝ.... හැඟීම් ගිටාර් තත් වගේ තදට ඇදගෙන ලස්සනට වාදනය කරලා..
    ජයවේවා..!!

    ReplyDelete