Tuesday, April 11, 2017

අලුත් අවුරුදු නැකැත්...

පරණ අවුරුද්ද සඳහා ආහාර අනුභවය-


අප්‍රේල් මස 12 වැනි බදාදා දින කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්‌නානය කොට ඉෂ්ට දේවතා අනුස්‌මරණයෙහි යෙදී බී ආහාර අනුභවය මැනවි...



අලුත් අවුරුදු උදාවට ආහාර අනුභවය -

අප්‍රේල් මස 13 වැනි බ්‍රහස්‌පතින්දා රාත්‍රි 2.04 ට හෙවත් අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පූර්වභාග 02.04 ට බී ආහාර අනුභවය මැනවි...

.
අනුභව කාලය -



අප්‍රේල් මස 13 වැනි බ්‍රහස්‌පතින්දා අපරභාග 07.40 සිට අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පූර්වභාග 08.28 දක්‌වා පුණ්‍ය කාලය බැවින්, අප්‍රේල් මස 13 වැනි බ්‍රහස්‌පතින්දා දින අපරභාග 07.40 ට පළමුව ආහාර අනුබවය කොට බී ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 13 වන බ්‍රහස්‌පතින්දා රාත්‍රී 2.04 හෙවත් 14 වැනි සිකුරාදා දින පූර්වභාග 02.04 සිට පූර්වභාග 08.28 දක්‌වා පහත දැක්‌වෙන අයුරු බීම, අනුභවය ආදී අවුරුදු චාරිත්‍ර විධි ඉටුකිරීම ද මැනවි.



ආහාර පිසීම  -



අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පූර්ව භාග 05.41 ට බී රන්වන් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ ගිනි මොලවා ගිතෙල් හා හකුරු මිශ්‍ර කිරිබතක්‌ ද, අග්ගලා සහ කැවිලි වර්ගයක්‌ අනුභවය මැනවි...


වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය -



අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පූර්ව භාග 07.05 ට සුදු සහ නිල් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා බී ආහාර අනුභවය මැනවි. 



හිසතෙල් අනුභවය -



අප්‍රේල් මස 15 වැනි සෙනසුරාදා දින පූර්ව භාග 11.04 ට උතුරු දිශාව බලා හිසට නුග පත් ද, පයට කරඳ පත් ද තබා නිල් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී නුග පත් යුෂ මිශ්‍ර නානු ද ගා බී ආහාර අනුභවය මැනවි...



අනුභවය සඳහා පිටත්ව යැම -



අප්‍රේල් මස 17 වැනි සඳුදා සුදු පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී දී කිරි හා ගිතෙල් මිශ්‍ර කිරිබතක්‌ හා කැවිලි වර්ගයක්‌ අනුභව කර පූර්ව භාග 06.28 ට උතුරු දිශාව බලා බීමට සහ ආහාර අනුභවය සඳහා පිටත්ව යැම මැනවි.



ප/ලි...
කන්ඩ හදන්න එපා හිතට ආවට ලීවේ..

29 comments:

  1. හිස තෙල් අනුභවය ? :-o

    ReplyDelete
    Replies
    1. පුරාන මෙව්වා වලින් උපුටා ගත්තේ...

      Delete
  2. //නානු ද ගා බී ආහාර අනුභවය මැනවි//

    //ඉෂ්ට දේවතා අනුස්‌මරණයෙහි යෙදී බී ආහාර අනුභවය මැනවි...//

    ඉෂ්ඨ දේවතාව සිහි කරගෙන බොන එකනම් හොදයි වගේ

    ReplyDelete
    Replies
    1. අන්නේමයි අපි නැකැත් හදන්නේ...

      Delete
  3. බොන එකට වෙලාවක් දැමා නැකත්පත සෑදීම හෙලා දකිමි.

    ReplyDelete
    Replies
    1. වෙලාවක් නොදැම්මනං උගුරක්වත් බොනවැය ඔහේලා??/

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. . කාන්තාවන්ට ස්වාමිපුරුෂයාගේ හිස අනුභව කරන්නත් වෙලාවක් දමන ලෙස කාන්තා පාර්ශවයෙන් ඉල්ලීම් තියෙනවා නේද?

    2. වස්ත්‍රාභරණ නැතුව කරන වැඩ ඇල්ලීම් වලට නැකත් නැත්ද කියා කමියා ඇහුවා.

    ReplyDelete
    Replies
    1. කමියට වස්ත්‍රාභරණයක් ඇදන් පාරට බහින්න නැකතක් තමයි දැන් ඕනෙ. :D

      Delete
    2. @ ඉයන්,
      පලවෙනි එකට ඉතිං වෙලාවක් කලාවක් තියෙයියැ, හැම තිස්සෙම හිස අනුබව කරන එකනේ...

      2. කමියට කියන්න තියෙන්නේ ළමුන් හැමෝම තද නින්දට වැටුනට පස්සේ එලැබෙන හෝරාව සුභයි කියල තමයි.
      @ කම්මල
      කොහොමත් කමියා ආයේ එනකොට එක මයිල් ගහක්වත් ඉතිරිවෙලා තියනකක් නෑ...

      Delete
  6. //අප්‍රේල් මස 13 වැනි බ්‍රහස්‌පතින්දා රාත්‍රි 2.04 ට හෙවත් අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පූර්වභාග 02.04 ට බී ආහාර අනුභවය මැනවි...// ??????

    ReplyDelete
    Replies
    1. හරි ඇනෝ.. දාහතර උදේ 2කට සමහරු කියන්නේ 13 රෑ දෙක කියලා.. ඔ්ක පටල ගනන හුදී ජනයා ඉන්න හිංදා තමයි දෙවිදියටම පුරාන මෙව්වා කට්ටිය වෙලාව දීල තියෙන්නේ...

      Delete
  7. ආ bota අවුරුදු වගේ

    ReplyDelete
    Replies
    1. ඹ්ව් ඹ්ව් bota අවුරුදු තමයි.. හැක් හැක්..

      Delete
  8. හරි නැකතයි, වැරදි නැකතයි ගැන කතාව යන නිසා ඔය වෙලාවල් ටැපලිලා තිබුනෙ... දැන් හරි:D

    ///හිස තෙල් අනුභවය////
    නියමයි..

    ReplyDelete
    Replies
    1. නැකැත් ගැන වැඩිය හිතන්න එපා නිර්මාණි, යම් වැඩක් කිරීමට සුදුසුම වේලාව තමයි නැකත කියන්නේ.. බුදු බනේ එහෙමයි තියන්නේ

      Delete
  9. විදානෙ අයියෙ ඕක අප්‍රේල් මස12 සිට 17 දක්වා බීගෙන සිටීම මැනවි කියල දැම්මනං මොකෝ...

    ReplyDelete
    Replies
    1. ඉසිවරු එහෙමම කියන්නෑ බං, කියන දෙයක් වටින් ගොඩින් හරිය

      Delete
  10. අනේ පල ගස් ගෝනා.. :-D :-D :-D :-D

    ReplyDelete
    Replies
    1. හැක් හැක් හැක්..

      Delete
  11. ඇල්ෆබට් එකේ තියෙන්නේ B විතරද?

    ReplyDelete
    Replies
    1. එච්චරයි තියෙන්නේ මයෙ හිතේ..

      Delete
  12. රැකී රක්ශා සඳහා පිටත්ව යාම නිවැරදි විය යුතුය .
    "අප්‍රේල් මස 17 වැනි සඳුදා සුදු පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී දී කිරි හා ගිතෙල් මිශ්‍ර කිරිබතක්‌ හා කැවිලි වර්ගයක්‌ අනුභව කර පූර්ව භාග 06.28 ට උතුරු දිශාව බලා බී රිවස් කර වාහනේ තාප්පයේ හප්පා රැකී රක්ශා සඳහා පිටත්ව යැම මැනවි.

    ReplyDelete
    Replies
    1. ගියොත් මග දාල බස් එකේ එන්න වෙන නිසා වාහනයෙන් රැකියාවට නොයමි...

      Delete
  13. මලදානේ ආපහු ලියවුණේ. දැන්නම් මේවා වැඩකුත් නෑ. ලබන අවුරුද්දේ වත් බලමු.

    ReplyDelete