ඇය මුලින්ම විශ්වවිද්‍යාලයට එනවිට පලවැනි සමාසිකය හමාර වන්නට ආසන්නව තිබිණ.
“මේකි බකට් නොවිච්ච එකියක් “ බොහෝ දෙනා ඇය ගැන පවසන්නට විය.
අනෝරා වැසිඇති දිනයක ඇය ඇදගෙන විශ්වවිද්‍යාලය මැදින් ගලායන ඇළ පහර ලගට ගොස් ගලා ආ මඩ දියෙන් රිසි සේ ඇය නැහැවීය. අැය අැතුළු සියල්ලොම සතුටු විය දැන් අැය කුණු ප්‍රෙෂියකු නොවේ..
“මේකි බකට් නොවිච්ච එකියක් “ බොහෝ දෙනා ඇය ගැන පවසන්නට විය.
අනෝරා වැසිඇති දිනයක ඇය ඇදගෙන විශ්වවිද්‍යාලය මැදින් ගලායන ඇළ පහර ලගට ගොස් ගලා ආ මඩ දියෙන් රිසි සේ ඇය නැහැවීය. අැය අැතුළු සියල්ලොම සතුටු විය දැන් අැය කුණු ප්‍රෙෂියකු නොවේ..
ඇගේ ගම්පලාත බුත්තලය. අැගේ පියා ඔවුන්ව අතැරගොස් ඇත. ඇගේ මව සීනි කර්මාන්ත ශාලාවේ කම්කරු රැකියාවක් කරයි. විටින් විට හමුවී දොඩමලු වූ විට ඇයගෙන් අපි යම් යම් තොරතුරු දැනගතිමු. මැය දිනයක් හැර දිනයක් නිවසට යයි, පහුවදා යලි පැමිණෙයි. සටහන් ඡායා පිටපත් කරගනී. දන්නා අයකුගෙන් පොඩි පොඩි කුප්පි දමා ගනී. කෙසේහෝ පලමු විභාගය අවසන් විය. බැජ් එකේ සියල්ලෝම එකිනෙකා බකට් කරගනිති. ඇය නොමැත. සියල්ලට හොරෙන් ඇය නිවස බලා පිටත්වී ඇත.
ස්ටිකර්ස් විකිනීම, කැට කිරීම, විශ්වවිද්‍යාලයේ අයට අරුම දේවල් නොවේ. අපද එහි යෙදුනෙමු. මේ මේ ටවුන්වල මේ මේ අය කැටේ කරන්න ඕන, පෙර දින රාත්‍රියේ සැලසුම් හදයි. පසුදින උදෑසන ඇය කාටහෝ කනපින්දම් කියා ඇය කැමති ටවුන් එක ඉල්ලා ගනී. බොහෝ විට වැල්ලවායය. දවල් 12 වන විට ඇය කැටය කාටහෝ දී අතුරදන් වී ඇත. පසුව ඇගෙන් ඒ පිළිබඳ විමසු විට හදීසියක් වී නිවසට ගිය බව පවසයි. හදීසිය කුමක්දැයි නොපවසයි. විශ්වවිද්‍යාලයේ සිදුකරන කිසිදු පොදු කටයුත්තකට ඇගේ දායකත්වය නොලැබුණු තරම්ය. එනිසා බැජ් එකතුල ඇය බැණුම් ඇසූ වාර ගනන අනන්තය.
අන්තිමට බැජ් එකේ සියළු දෙනා එක්වී සාමූහික තීරණයක් ගත්හ.
“පොඩ්ඩිට මඩ බකට් එකක් දෙන්න ඕන”
යෝජනාව එකමතිකව සම්මත විය. පසුදින දෙනෝදාහක් දෙනා ඉදිරියේ කුණු බිත්තර කවලම් කල ඉදුල් වතුර බාල්දි කිහිපයකින් ඇය නැහැවීය. එය බලා සිටන්නන්ට මහත් ආනන්දයක් විය. කුණු වතුරින් නැහැවුනු ඇය මාර්ගය දිගේ යනවිට රැස්ව සිටි පිරිස් ප්‍රීතියෙන් අත්පොලසන් දෙන්නට විය.
ඇය නොසැළුනේය. ඇගේ නෙතින් එක කඳුලක් නොනැගින. නේවාසිකාගාරයට ගිය ඇය හොඳින් නා පිරිසිදු වී වෙනත් ඇඳුමක් ඇද සිනහමුසු මහුණින් ඊලග දේශණයට සහභාගී විය.
“මචං පොඩ්ඩි ගැන ලොකු ආරංචියක් තියෙනවා”
නිවස බලා ගොස් නැවත පැමිණි අප සගයකු එසේ පැවසූයේ මැණිකක් සොයාගත්තාටත් වැඩි ප්‍රීතියෙනි.
“මොකක්ද ?”
“ඕකි මෙහේ පත්තිනි අම්ම වගේ හිටියට අම්බ ගොනෙක් බං”
“අනේ පලයං බං යන්න නිකං කෙප්ප කෙලින් නැතිව“
“සිරා මචං ඕකි ඒ පැත්තෙ හැමෝම අදිනවලු, මගේ යාලුවෙකුත් ගහල තියෙනවා, ඌ තමයි කව්වේ”
“නෑ.. බොරු කියන්න එපා බං”
“උගේ ගාව මේකිගෙ පොටෝ එකකුත් තියනවලු. හරි මං ගෙනල්ල පෙන්නංනංකෝ”
“එහෙනං මේකිගෙ ජොබ් එක මේක වෙන්න ඇති, හැමදාම හැන්දෑවට දුවගෙන යන්නේ”
“යකෝ මේකිට අපේ ඒවා හොද නැද්ද දන්නෑ”
“අපිට ඉතිං ගැහුවා කියල දෙන්න සල්ලි කොහෙද මේකි යනවා ඇත්තේ ලොකු ලොකු පොරවල් ලගට වෙන්නැති”
ඇය පිළිබද තොරතුරු කොල්ලන් අතර සාකඡ්ඡාවූයේ එවැනි අයුරිනි. අපේ සගයා කියූ පරිදිම ඊලග සතියේ ඇයගේ නිරුවත් ඡායාරූපයක් ගෙනැවිත් තිබිණ. ඇදක් මත දිගාවී එක් අතකින් පියයුරු ද අනික් අතින් රහස් පෙදෙසද වසා ගැනීමට කරන අසාර්ථක උත්සාහයක් ඡායාරූපයෙන් දක්නට හැකි විය. දැං අපට වෙන කරතව්‍යයක් නැත. ඡායාරූපය අතින් අත යයි. සමහරු එය රැගෙන බාත්රූම් යයි. “ ඕකේ හලන්න එපා.. “ තවෙකෙක් කෑ ගසයි.
ඇගේ මේ රහස දැන් බැජ් එක තුල රහසක් නොවේ. කොල්ලන් මාන බලන්නේ කෙස් හෝ ඇය කොටුකරගන්නය. නමුත් අැගෙන් ඉල්ලන්නට ගිය කොල්ලන් සියළු දෙනාටම හොද ලුණු අැඹුල් පදම අැතිව අසාගන්නට හැකිවී අැත. එ් අානුභාවයෙන් අැගේ නිරුවත් සේයාරුව අන්තර් ජාලය තුලද කරක්ගසන්නට විය.
කාලය ගෙවී යයි ඇය ඇයගේ ක්‍රියා පිළිවෙත වෙනස් නොකරයි. ඇය විශ්වවිද්‍යාලයෙන් එපිට දී පිරිමින් සමග යහන් ගතවන්නියක් බව බැජ් එකේ සැවොම දනී. එසේ දන්නා බව ඇයද දනී. “පැල්වත්තෙ ගොනා” ඇගේ රහස් අනුවර්ථ නාමයයි. නාහෙට නාහන එවුන් ඉදහිට ඇයට ඇසෙන්නට එසේ කෑගසයි. ඇගෙන් එයට සිනහවක් හැර වෙනත් ප්‍රතිචාරයක් නොලැබෙයි..
රජයේ ලිපිකරු විභාගය පැවැත්වූ යේ අප තුන්වන වසර සිටියදීය. ඇයද එහි පෙනී සිට ඇත කෙසේ හෝ ඇය ඉන් සමත් වී ඇත. සිව්වන වසර මුල වන විට ඇය ලිපිකරු පත්වීමක් ලබන්නීය. දැන් ඇගේ විශ්වවිද්‍යාල ගමන සිදුවන්නේ යටල මහටය. සතියකට දිනක් පැමිණ භාරදීමට ඇති නිබන්දන සියල්ල සකස්කර භාර දෙයි, සටහන් සියල්ල පිටපත් කරගනී, ඉක්මනින්ම ඇය පිටව යයි..
“ඔය ආපු ගමන් යන්නේ ඔපිස් එකේ එවුන්ට දෙන්න වෙන්න ඇති’’
ඇගෙන් බැනුම් ඇසූ සගයෙක් ද්වේශයෙන් පවසයි. ඇගේ සිතේ ද්වේශයක් නැත දැන් බොහෝ දෙනෙකු ඇය හා හිතවත්ව ආශ්‍රය කරයි. සිව්වන වසර අවසාන සමාසිකය වන විට සියලු විශයන් ඇය සාමාන්‍ය මට්ටමින් සමත්කරගෙන තිබිණ. අවසාන සමාසිකයෙහි සියල්ලන්ට ප්‍රධාන අභියෝගයක් වූයේ ලබා දිය යුතු ව්‍යාපෘති වාර්ථාවයි. මෙය කණ්ඩායම් ව්‍යාපෘතියක් වූ අතර ඇය, මා සහ තවත් හය දෙනෙකු අපේ කණ්ඩායමේ විය.
“අපි සීනි ෆැක්ට්‍රිය ගැන ප්‍රොජෙක්ට් එක කරමු , ඒකෙ විස්තර හොයාගන්න එක ලේසියි”
අදහස ආවේ ඇගෙනි. දීර්ඝ වශයෙන් කරන ලද සාකඡ්ඡා වට කිහිපයක් අවසානයේ තොරාගත් අංශ කිහිපයක් ඔස්සේ ව්‍යාපෘතිය සිදුකිරීමට කණ්ඩායමේ සියල්ල එකඟවිය.
“හරි ඔක්කොම වැඩ ටික කරගෙන ලබන දහවෙනිදට ෆැක්ට්‍රියට යමු”
ඒ අදහස කණ්ඩායම් නායකයාගෙනි,
“හරි දවල් කෑම පොඩ්ඩිලාගේ ගෙදරන් ගන්න පුළුවන්නේ”
“හම්... හරි අපේ ගෙදරින් දවල් කෑම එහෙනං”
සියල්ල යොදාගත් පරිදි සිදුවිය. උදෑසන නවය වෙද්දී ෆැක්ට්‍රියට ගිය අප සවස දෙක පමන වනවිට බොහෝ තොරතුරු සොයාගෙන අවසන් විය. පොඩ්ඩී ගේ දැනුම් දීම පරිදි අප යන විට අපට අවශ්‍ය තොරතුරු ගොණුකර සකස්කර තිබිණ.
බුත්තල පස්සර මාර්ගයේ හැතැක්ම පහක් පමන ගොස් තවත් අතුරු මගක හැතැක්ම බාගයක් පමන දුරක් ගියපසු පොඩ්ඩිගේ නිවස විය. ගඩොලින් බැද, උළු සෙවිලි කළ, කපරාරු නොකල, දොරක් සවිකළ, ජනේල සවිනොකල, නිවසෙහි ජනේල ඉටිකොල වලින් ආවරණය කර තිබිණ. නිවසෙහි මිදුලෙහි වැලිගොඩක් සහ අපිළිවෙලට සිටවූ මල් ගස් කිහිපයක් විය. වැට අයිනට වන්නට මිරිස්පැල කීපයක් පලා පාත්තියක්, බටු ගස් කිහිපයක්, කරපිංචා ගසක් රම්පේ පඳුරක් ද විය. නිවසෙහි සවිකර ඇති විදුලි මීටරයෙහි පාඨාංකය දුටු මාහට අවබෝධ වූයේ නිවසට විදුලිය ගෙන මාස දෙක තුනකට වඩා කල් නොවන බවය.
“අම්මා..........“
අප නිවසට ඇතුළුවන විටම දිව ආ වයස අවු 3 ක පමණ කුඩා පිරිමි දරුවෙකු දිවැවිත් පොඩ්ඩීගේ ඇගේ එල්ලුණි,
“කෝ පුතේ ආච්චි අම්මා.., “
දරුවා දැතින් ඔසවන ගමන්ම ඇය විමැසීය. අප එකිනෙකාගේ මුහුණු බලා ගතිමු. සියළු දෙනාම තූෂ්ණිම්භූත වී අැත.
“මේ මගේ දරුවා... “
“ෂා... පොඩ්ඩි වගෙමයි පොඩ්ඩත්“
අමාරුවෙන් වචන සොයාගත් එකියක් පැවසීය. අප සමග පැමිනි කෙළ්ලන් තිදෙනා පොඩ්ඩී ද දරුවාද සමග නිවසෙහි පිටුපසට ගිය අතර සාලයෙහි තනිවූයේ අප කොල්ලන් හතර දෙනා පමණී..
“යකෝ මෙහෙම සීන් එකක් දන් නෑනේ, දන්නනවනම් පොඩි එකාට මොනවහරි ගෙන්න තිබ්බා“
“මේකි හාන්කවිස්සියක්වත් ඇගෙව්වෙ නෑනේ“
“ෂිහ්.. අපිට මේකි ගැන තව ටිකක් හොයන්න තිබ්බේ“
වැව් මාළු, මඥ්ඥාක්කාත්, පොල් සහ සැර මිරිස් දමා සාදන ලද සම්බෝලයකුත්, එලවලු වර්ග දෙකකුත් සමග බත් එදින දහවල් අප සඳහා පිළියෙල වී තිබිණ.
“කෝ බං ලමයගේ තාත්තා“
දිවා ආහාරයෙන් පසු සියළු දෙනා එක්ව සාලයට වී කථා බහ කරමින් සිටින අතර තුර අපිත් එක්ක ගිය එකිකයක් විමැසීය. ජනෙලයට ගසා තිබූ ඉටිකොලයක ඉරී ගිය කොටසක් අතරින් අහස දෙස බලා සිටී පොඩ්ඩී.
“මගේ ජීවිතේ මං මුලින්ම වරද්ද ගත්ත, මං එක්ක නිදියපු මිනිස්සු ගානවත් මට දැං මතක නෑ, ඉතිං ළමයගේ තාත්තා කවුද කියන්න මමවත් දන්නෑ බං, රටේ ලෝකේ මිනිස්සු මට අැති පදං කතන්දර කිව්වා, කොහොම හරි ලමයව හදාගෙන මේ තත්වෙට අාවා, ඉස්සරහත් මගේ ජීවිතේ මේ පොඩිඑකා විතරයි, මට ආයේ මිනිස්සුනං ඕන නෑ”
කවදාවත් නැතිව පොඩ්ඩීගේ නෙතේ කඳුලක් නලියනු දුටිමි.
-----------------------------------------------------------------------------------------------------------------------------
ප/ලි
අළුත් අවුරුද්දට පොඩ්ඩිට කථාකළා, දැන් කොල්ලා නමය වසරේ. කියපුවගේම තාම බැදල නෑ. යංතං ගේ වැඩ ටික ඉවර කරගත්තලු.
පහුගිය දවසක බස්සි දාපු මේ පොස්ට් එකේම දිගුවක් විදියට දාන්න හිතුවා..
නං ගං වෙනස් කර අැත...