පිදුම - අමරදේව ශූරීන්ට..
පහු ගිය සතියේ අපේ ඉයන් ඩෑං උන්නගේ කියල
තිවුනා ඇහැකිනං තමුන් කැමතිම ගීත දාසය තෝරල පොස්ට් එකක් දාන්නෙයි කියලා. මේක නිකං
වසංගතයක් වගේ බ්ලොග් අවකාසේ පුරාම පැතිරිලා පැතිරිලා ගිහිල්ලා හැමෝම වගේ තමුන්
කැමති කැමති විදියහට සිංදු දාසයක් හරි එයිට අඩුවෙන් හරි වැඩියෙන් හරි තෝරලා එක එක
ආකාරයේ පෝස්ටු මහා ප්‍රමාණයක් බ්ලොග් ලෝකෙට මුදා හැරල තිබ්බා.. මේං මෙතැන ඒ ලිස්ට්
එකෙන් ටිකක් තීනවා... මේක හරියට රැල්ලක් වගේ එක එක කාලෙට එක එක තාලෙට රැලි එනවා
හරියට ඉස්සර නලල මැදින් මුදුනින් තියන කෙස් ගස් තිහ හතලිහ කපන්නේ නැතිව ඉතුරු කරල
පෙම් රැල්ල හදාගන්නව වගේ.. හැක්..
හැබැයි එකක් කියන්න ඕන මේ විදානයනං ඔය කියන
එක එක ජාතියේ රැලි පෙරලි වලට අහුවෙන ජාතියේ එකෙක් නෙවෙයි (බක බක) ඒ බව මේ පොස්ට්
එක අවසානයේදී ඔහේලට බලා කියා ගන්න පුලුහං වෙයි. සති දෙක තුනකින්ම මේ **දානේ මකුලු
දැල් කඩන්නත් බැරි උන එකේ ඔන්න ඔහේ මං එක එක කාලවල කැමති(?) උන එහෙම නැත්නම්
වැඩිපුර අහපු සිංදු ටිකක් මේ පොස්ට් එකෙන් එලි දක්වනන්න හිතුවා..
01.. තත් තත් තත් තාර පැටියා..
පුංචි කාලේ පොඩි එවුන් නලවන්න දෙමව්පියෝ
ඇට්ටි හැලෙන්න සිංදු කියනවා (හැබැයි මං සිංදු කියන කොටනං පොඩි එකී තව හයියෙන්
අඩනවා) ආං එහෙම අපේ තාත්තා මං කරේ තියාගෙන කියපු සිංදුවක් තමයි තාර පැටියා කියන්නේ
ඔය කියන්නේ එක්දාස් නවසිය අසූ ගන්න් වල මුල මැද හරියේ. මට මතක විදියට මුලින්ම මට
ලයින් උන සිංදුව මේක වෙන්න ඕන (තාම මතක තියන) පස්සේ කාලෙක සන්ෆලවර් එක්ක මේ සිංදුව
කියුවට පස්සේ හෙන්රි කල්දේරා මහත්මයා ගොඩාක් ජනප්‍රිය උනා (මට හිතෙන විදියට
සන්ෆලවර් එක්ක ගී ගයපු අයගෙන් ගොඩක්ම සාර්ථක උනේ මෙතුමා) , කලමණාකරනයේ තියන දුරුවල
තාවයක් නිසා වෙන්න ඇති හරූන් ලන්ත්‍රාට එහෙම ගොඩ එන්න බැරි උනා..
01.. අකුරු මැකී නෑ කොල ගැලවී නෑ....
මේකත් ඒ කාලෙට චුට්ටක් පස්සේ කාලෙක අහිච්ච
සිංදුවක් මේ සිංදුවට මං කැමති උනේ ඇයි
කියලා ගොඩාක් දුර කල්පනා කරාට පස්සේ තමයි තේරුනේ , “ඇත් පොරයට අපි ඇහැ යවමූ....” කියන ටික මට ඇහුනේත්,
මම කිව්වෙත් “ඇස් පොරයට අපි
ඇහැ යවමූ..” කියන
විදියටයි, ඉතිං කවදාවත් ඇකල නැති “ඇස් පොරය” හින්දා මේ ගීතයට ඒ කාලේ ගොඩක් කැමති උනා. හැබැයි කවදාක
හෝ අස් පොරයක් දැක්කොක් ඒ කට ඇහැ නොයව ඉන්න හිත තද කරන් තමයි ඒ කාලේ උන්නේ..
03. හාවා හරි හාවා..
උක්ත කාල සීමාවල වල දී ම අහපු (බලෙන්
අස්සපු) සිංදුවක් තමයි මේක හැබැයි ඒ කාලේ එච්චරම කැමති උනේ නැතත් කොතනටකට ගිහිං
හරි සිංදුවක් කියන්න කිව්වොත් අතඇරල දැම්මේ මේ සිංදුවෙන් කෑල්ලක් තමයි. බොහොම මෑත
කාලෙකදි ආයෙමත් මේ සිංදුව අහන කොට තමයි ඒ වචන කොච්චර හැඩැයිද කියලා තේරුනේ..
04. දෑස රිදෙනවා පාර බලා ඉඳලා.. සනත්
නන්දසිරි..
අසූ ගනන් වල අග හරියේ අපේ අපේ සීයලාගේ ගෙදර
තිබ්බ කැසට් එකකින් තමයි මේ සිංදුව මුලින්ම අහැවේ.. අර ඇස් පොරය වගේ සීන් එකක්
තමයි මේකෙදිත් මට ලයින් උනේ මේ ගීතයේ තැනක තියෙනවා “අපි ආ පාරේ
ආගිය මානේ මල් ලොව මල් පිපුනා..” නැන්දාලාගේ ගෙදර ඉදන් අපේ ගෙදරට හැතැක්ම
තුනක් විතර ඇති අකුරැස්ස - බංගම පාරේ ඔය ටික ආවේ පයින් පයින් එන්න උනේ, ඒ කාලේ වැඩ
පෙන්නපු දැං දිගට හරහට සැමරුං ලබන ඉල් මහ විරුවන් පාරේ තිබ්බ පාලම් දෙක තුනක්ම බෝම්බ
දාලා පුපුරවල දාල තිබ්බ හින්දා. අන්තිමට ගෙදරට එද්දි මේ සිංදුව මට හිතෙන හැටියට
ආයෙත් ගෙට ගහ ගත්තා එතකොට අර පේලිය තිබුනේ ”අපි ආ පාරේ බෝම්බ පිපිරී මල් ලොව මල්
හැලුනා..” වගේ එකක්
05. සමුගන්නේ නෑ... නාමල් උඩුගම..
අනූ ගනන් වල මුල් හරියේ හෙන ගහන්න ජනප්‍රිය
උන ගායකයෙක් තමයි නාමල් උඩුගම කියන්නේ මෑන් ජනප්‍රියත්වය නිකං රැල්ලක් නෙවෙයි
උන්මාදයක් වගේ ගං නියංගම් සිසාරා රිංගල ගිහිං හිටං තිබ්බා, ඉතිං රැලි පෙරලි වලට
අහුවෙන් නැති විදානයත් මෑන්ගේ සිංදු අහන්න මාර විදියට ලයින් උනා. හැබැයි ඉතිං
කැසට් පටි අරගෙන සිංදු අන්න කැසට් එකක් නොතිබ්බ නිසා මේ කාලේ සිංදු ඇහුවේ රේඩියෝ
එකෙන් ඒ කියන්නේ සිරස රේඩියෝව පටන් ගත්ත කාලේ වගේ, මේ කාලේ කැලුම් ශ්‍රීමාලුයි,
රොෂාන් වටවලයි ඉරිදා දවල් දොලහට කරපු රස රිසි ගී විස්සෙන් තමයි වැඩිපුරම මේ සිංදු
ඇහුවේ.. හැබැයි කියන්න කනගාටුයි අන්තිමට කැසට් පට් විකුනගන්න බැරිවෙයි කියලා
රේඩියෝ එකෙන් නාමල් උඩුගමගේ සිංදු ප්‍රචාරය කරන්න එපා කියල , ගී විස්සේ උඩින්ම
තිබ්බ මෑන් ගෙ සිංදු තුනක් විතර ප්‍රචාරය කලේ නෑ.. එදා ඉදන් නාමල් උඩුගම කියන
ගායකයා මේ විදානයට නං අරහං.. හැබැයි පහුගිය දවස් වල අසනීපෙන් කියල දැන ගත්තමනං
ටිකක් හිත සැලුනා..
06. ලැබුනත් නෙත් යුග දහසක උරුමේ - අසංක ප්‍රියමන්ත පීරිස්
ඔය කලින් කියපු කාල වලදිම වගේ අසංක ප්‍රියමන්ත
කියන මනුස්සයත් ගීත ලොකේ අමුතුම ආකාරයට රැල්ලක් ඇති කලා.. සඳ දිය දෙවුන සේ සිනහව
පිපුනාම.. වගේ අගේ ඇති සිංදු කියල තිබ්බත් විදානයගේ හිතට ලයින් කරල ගියේ ලැබුනත්
නෙත් යුග දහසක උරුමේ . කියන මව් ගුණ ගීතයයි.. මේ සිංදුවත් ඉතිං ඇහුවේ රස රිසි ගී
වලට පිං සිද්ද වෙන්න තමයි.
07. සුදුමල් පොකුරක් අතින් දරා මා..
අනූ ගනන් වල මැද හරියට වගේ එන්න ආපු තවත්
ජනප්‍රිය ගීයක් තමයි මේක අර කියපු රස රිසි ගී වල බොහෝ කාලයක් රැඳිච්ච ගීයක්.. අනේ
ඉතිං විදානයක් දෝතින්ම මේ ගීයත් වැළද ගත්තා.
08. නාඹර ගොයමට - ගුණදාස කපුගේ..
මෙන්න මේ අනූ ගනන්වල මැද හරිය වෙනකොට ආවා
සන්ෆලවර් සමග අරු... සන්ෆලවර් සමග මූ... වගේ ගීත රැල්ලක් ඒ කාලේ හිටපු ගොඩක් ගායක
ගායිකාවෝ මේ සන්ෆලවර් රැල්ලට ගී ගයන්න පටන් ගත්තා.. තවත් සමහර ඈයෝ පලු යන්න මේකට
බනින්න පටන් ගත්තා. ඉතිං මෙයින් වැඩිපුරම බැනුං අහපු ගායකයා තමයි කපුගේ, ”දවසක් පැල නැති හේනේ..” වගේ ගීත දඩිං බිඩිං
සංගීතෙට ගායනා කොරනවා කියලා අම්ම මෝ නැතිව පත්තර පිටු පුරෝලා බැනුම් පොදි බැඳල
තිබ්බා.. හැබැයි ඉතිං විදානයත් කපුගේගේ සිංදු අහන්න පටන්ගත්තේ මේ සන්ෆලවර් රැල්ලත්
එක්ක තමයි
09.බඹරෙකු ආවයි නිරිත
දිගේයා...
ඔය කියන සන්ෆලවර් රැල්ල යාන්තං මැකීගෙන
යද්දි මතුවෙච්ච තවත් රැල්ලක් තමයි නොනවතින ගීත රැල්ල නොහොත් නනස්ටොප් රැල්ල. මං
හිතන විදියට මිල්ටන්ගේ ගීත පනස් හතරක් එකතු කරලා තමයි මුලින්ම මේ වගේ කැසට් එකක්
කරලා තියෙන්නේ (හරියටම දන්නෑ). ඒ දවස්වල මේ නන්ස්ටොප් රැල්ලෙන් ගැලවෙන්න සක්කරයාගේ
පුතා වයිමටවත් වයිමගේ තාත්තා වන සක්කරයටවත් බැරිඋනු එකේ අපි කෙරේ කවර කථාද?...
ඉතිං මැදිං පටන් අරන් සිංදු කියන අලුත්
සංස්කෘතියට අපේ සමහර ඈයෝ කොච්චර ඇලුම් කලාද කියනවනං පිටවෙන හෑම නන්ස්ටොප් කැසට්
එකකම ගීත පටන්ගන්න තැන් අනුපිලිවලින් කොපි පොත්වල අන්තිම පිටුවල ලියාගෙන ඉන්න තරම්
උනා.. ඉතිං මෑන්ට අපි සුට්ටි නමකුත් දැම්මා “නනස්ටොප්” කියලා.. මේ ගීත අහනකොට විදානයගේ හිතේ
රැදිච්ච “ගීතයක් තමයි
බඹරෙකු ආවයි නිරිත දිගේයා” කියන්නේ..
10. රන් කෙන්දෙන් බැඳ - අමිල් තරංග
මම කලින් කියපු නන්ස්ටොප් ගීත වලම තවත්
දිගුවක් ලෙස මතුඋන සීන් එකක් තමයි මේකත් විශේෂයෙන්ම නන්දා මාලනියගේ ගීත ඇගේ හඪ
අනුකරණය කරමින් පිරිමියකු විසින් ගායනා කිරීම. මෙහි මූලිකයා මං හිතන විදියට අමිල්
තරංග හැබැයි මේකට විරුද්දවත් නන් දෙසින්
දැඩි විවේචන එල්ල උනා . එහෙමයි කියලා මේක නැතුනෙත් නෑ තවමත් ඉඳහිට මේ විදියට ගීත
ඇහෙනවා.. ඒ ඒ වෙලාවල් හැටියට නන්දගේ හරි අමිල්ගේ හරි ගීත රස විඳින්න පුලුවං උනානනං
ඔ ය ගැටළු නෑ...
11. සුසුම වී මගේ මුළු හඳින් සෑමදා... බස්
අජිත් නොහොත් අජිත් මුතුකුමාරණ.
අජිත් මුතුකුමාරණ තරම් පුද්ගලික බස්සේවයේ
ගුණාතාමක වෙනසකටත් ඒ වගේම පුද්ගලික බස් සේවයේ දියුනුවටත් කැපවුනු ගායයෙක් නොමැති
තරම් අජිත්ගේ සිංදු දාන්න තමුන්ගේ බස් එකේ තිබ්බ ටකරං ස්පීකර ගලෝලා අලුතින් බෆල්
සවිකරන්න තරම් බස් හිමියන් ඇප කැප වෙද්දි අජිත් ගේ සිංදු වැඩිපුරම දාන බස් රථ වල
තෙරපි තෙරපී හරි ගමන් කරන්නත් මගීන් පුරුදු උනා ඒ අතින් අජිත් මුතුකුමාරණ කියන්නේ ඒ
කාලයේ සංකේතයක්. විදානයත් මේ රැල්ලෙන් ගොඩ එන්න නං උත්සාහ කලේ නෑ ඕං...
12. පිටි කොටපන් නෝනේ.. ජිප්සීස් සුනිල්
පෙරේරා..
පාවෙන පිරිසියක් උඩ නැගලා, ලුණුදෙහි, වගේ
ගීත සමාජයට මුදාහැරපු ජිප්සීස් සුනිල් පෙරේරගේ තවත් පෙරලිකාර ගීයක් තමයි මේක.
විශේෂයෙන්ම විදානයගේ හිතගියේ මේ ගීය සමග වේදිකාව මත රැගුනු නර්ථනයටයි. ඒ නැටුමත්
ටිකක් විතර විවේචන වලට බඳුන් උනත් සුනිල් පෙරේරා නම් තඹ සතේකට ඒවා මායිමි කොලේ නෑ
මයි හිතේ. එයිට ගොඩක් කාලෙකට පස්සේ නිකුත් කරපු “කොත්තමල්ලි” ගීයේ නර්ථනය මෙයිට ගොඩාක් ඉඳිරියෙන්
තිබුනත්, එයිට වඩා හොඳ නර්ස්ලා “සර්ච්” කර ඇති නිසා “පිටි කොටපන් නොනේ” තරම් “කොත්තමල්ලී” වලට විදානයාගේ හිතනම්
ගන්නට බැරි උනා..
13.
තොටුපොල අයිනේ
කවුද අත වනන්නේ... වික්ටර් රත්නායක
මට මතක හැටියට අනූ හතේ වගේ අවුරෙද්දෙදි
මොරටුව විශ්වවිද්‍යාලයේ වික්ටර රත්නායකයන්ගේ ප්‍රසංගයක් පවත්වන්නට සැලසුම් කොට
තබුනා. එයට විරුද්දව මත දැරූ සිසුන් පිරිසක් එකතු වී වික්ටර් රත්නායකගේ ගීත ඇතුලත්
කර මනරම් කැසට් පටයක් නිර්මාණය කර තිබුනා. දෙමාපියන් සහ කුඩා ලමුන් ඉදිරියේදී අසිය
නොහැකි මේම කැසට් පටය එකල අප අතර බොහෝ ජනප්‍රිය වූවා. එහි එක් දෙබසක වූයේ “තොටුපොල අයිනේ කවුද අත වනන්නේ...” යැයි එකෙකු ඇසූ විට, “කවුරුහරි පට්ට
වෙසියෙක් වෙන්නැති” යයි පිලිතුරු
දීමයි එයින් පසු වික්ටරයන්ගේ තොටුපොල අයිනේ ගීතය විදානේගේ ගිත තදින් ඇඳ බැඳ තබන්නට
සමත් වූවා.
14. මා ආදරෙයි මුඵ ලොවටත් වඩා...
මෙම ගීතයේ වචන වලට වඩා එහි සංගීතය විදානයාගේ
සිත් ගැට ගහන්නට සමත් වූවා විශේෂයෙන්ම එහි ඇති ඩම්ස් වාදනය නැවත නැවතත් රස විඳීම
සහ කිසිදා කල නොහැකි එය අනුකරණය කිරීමට තැත් කිරීම මාගේ විනෝදාංශයක් වූවා. “සෙබලානෙනි නුඹ
මැරුණානොවේ” ගීයත් මෙවැනිම
ආරක ගීයක් ලෙස රස විඳීමට හැකියාය තිබෙනවා..
15. වසන්තයේ - බාතිය සහ සංතුස්,
බාතිය සහ සංතුස්ගේ ආගමනය ද අනූව දශකයේ අග
බාගයේදී වූ විශේෂ සිදුවීමක් ලෙස හදුන්වන්නට පුළුවන්. ඔවුන්ගේ අලුත් ආරේ ගීත වලට
දැඩි විවේචන සහ දෝශාරෝපන එල්ලවන්නට උවත් තවමත් ඔවුන් අළුත් නිර්මාණ බිහිකිරීම
සතුටට කරුණක්. එකල බාතිය සංතුස් රැල්ලක් එද්දී විදානයාද ඒ මතුපිට සර්ෆින් පදින්නට
වීම රැල්ලට ගසාගෙන යාමක් නොවේ..
16. ඡත්ත මානවනක ගාථා-
දැං
මං කියන්නට යන්නේ මවිසින් මේ වන විට වැඩිපුරම වාරයක් කියා ඇති ගීතය ගැනයි (ඔබත්?).
එදා සංගීතයෙන් කෙල පැමිණි ඡත්ත නම් වූ මානවක තෙමේට බුදුන් වහන්සේ විසින් ලබාදුන්
පද පෙළයි. බුදුන්, දහම්, සඝ ගුණයන් ඇතුලත්කර
රචිත එම පැදි පෙළ ඡත්ත මානවක තෙමේ තම මනරම් හඪින් ගයමින් වනමැදින් ගමන්
ගනිද්දී විෂ පෙවූ ඊ තලයක් ඔහුගේ හදවත දෙපළු කරමින් ගමන් කිරීම කෙතරම් ඛේදාන්තයක්ද?
විදානයානං මේ ගීයට ඇළුම් කළේ ඉහත කිසිවක්
නිසා නොවේ.. මේ සිංදුව කියා අවසන් වූ විට එදා දවසට පාසල අහවර වන නිසාය.. මේ ඉයං ඩෑං උන්නෙහේ මෙතැන 16ක් කියා
නොතිබ්බානං මේ දවස්වල වැඩිපුරම කියැවෙන “මල හිරු බසිනා ..”, ”ජගන් මොහිනී ”, ”සසර වසන තුරු..” වැනි ගීත ගැනද යං තං
දොඩමලු වන්නට තිබුනා
..
මෙම ගීත සියල්ල සඳහා දායක වූ පද රචකයින්
ගායකයින් සහ සංගීතඥයින්ගේ නම් නොලියවීම පිලිබද සමාව අයැද සිටිමි.. සොයන්නට ගියේ
නම් මෙම පෝස‍්ටුව ලබන සතියට කල් දැමීමට සිදුවනු ඇත
දිග වැඩි වෙයි නම් සමා අවසර , දැං අර අතුරු
කථාව..
ඉයං ඩෑං ගේ මේ සිංදු තෝරන මල විකාර වැඩේට
මාට්ටු උන කුරුටු ගෑ ගී පවුරේ පතාක යෝදයකු වූ (පෙරෙහැරේ පතාක රැගෙන යන ඇඟපත ලොකු
වාහෙලාට “පතාක යෝදයන් ” යැයි කියනු ලැබේ)
තුෂාර විතාරණ මහතාත්, එම මැතිණිය වන එම ගී පවුරේම සාමාජිකාවක් වූ කාංචනා චන්ද්‍රසේකර
මහත්මියත් එක්ව, මේ ගී සොලොස තොරන්නට දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී තිබේ. නමුත්
දෙදෙනාගේ යම් යම් මත ගැටුම්, හැල හැප්පීමී, රැවුම් ගෙරවුම් වැනි දෑ නිසා නිසි ලෙස
මෙ සොලොස තොරාගැනීමට නොහැකි වී තිබේ. නමුත් බෙහෙවින් කලාකාමී සිත් ඇති මෙ දෙපල,
නිරන්තරයෙන්ම රස වෑගෙන ගීතයන් ගයන්නටත්, රාගයන් වයන්නටත් පටන් අරඹා ඇත. එය කෙතෙක්
ත්‍රීව වූවාද යත් ඔවුනට “ගාන සමය” පවා මගහැරී දිගින්
දිගටම ගයන්නටත්, වයන්නටත් වීම නිසා, දැන් තුෂාරයාට කෑම උයන්නටත්, රෙදි සෝදන්නටත්,
ඇඹුල් ජාති ගෙනඑන්නටත්, දොලදුක් සංසිදුවන්නටත්, සිදුවී තිබේ..
උන් දෙන්නාටද සුභ පතමින් සහ ලබන සතියේ
තුෂානිට මවිසින් ලියන ලද ගීය ගෙන එන බලාපොරොත්තුව පෙර දැරිව මම නිහඩ වෙමි..
ජ ය වේ වා !!!