Tuesday, May 20, 2014

වෙසක් - බල්බ් වැල

"මේ පාර වෙසක් පොයට අපි මුළු පංසලම ලස්සනට සරසන්න ඕන"

"ඔව් ඔව් කූඩු හදලා පාර දිගේ එල්ලමු"

"වෙෙත්‍ය වැහෙන්න බල්බ්වැල් අදිමු"

වෙසක් පෝයට සති දෙකකට පෙර දහම් පාසලේ පැවති රැස්වීමේදී යෝජනා වූ අදහස් කිහිපයකි එ්. නගරයට මදක් අාසන්නව පැවති මේ විහාරස්ථානයහි ලමුන් දෙතුන් සියයක් පමන ඉගනුම ලබයි. දහම් පාසලේ අාචාර්ය මණ්ඩලය විසින් මේ සිසුන් පිරිස කණ්ඩායම් කිහිපයකට බෙදා එක් එක් කණ්ඩායමට එක් එක් වැඩ කොටස් පවරන්නට විය.

එක් කණ්ඩායමකට වෙසක් කූඩු සාදන්නය, තව කණ්ඩායමකට බල්වැල් අදින්නය, තවත් අයට කූඩු අලවන්නය මෙලසින් පිල් බෙදුනු ළමෝ යුහුසුලුව සිය කාර්යයන් සැලසුම් කරන්නට විය. වෙසක් සැරසිලි සඳහා වන සියළු වියදම් විහාරස්ථාන දායක සභාව විසින් සපයන්නට එකඟ වී තිබිණ.

සවිත් එකොලොස් හැවිරිදි වියේ පසුවූ දහම් පාසලෙහි හයවැනි පන්තියේ ඉගන ගන්නා සිසුවෙකි. මොහු වැටුනේ බල්බ් වැල් එල්ලන කණ්ඩායමටය. ඉමහත් සතුටින් එ් හා එක්වූ සවිත් එම කණ්ඩායම සමග යුහුසුළුව වැඩකටයුතු කරන්නට විය.

උනගස් කපා ගෙනැවිත් පිලියල කරන ලද ඉනිමං අාධාරයන් එකෙකු විසන් චෙෙත්‍ය මුදුනේ සිට පිලිවෙලින් බල්බ් වැල් එල්ලයි. තවත් අය වයර් කැබලි කපා එකිනෙක අමුණා විදුලිය හා සම්බන්ධ කරයි. මේවාට අත් උදව් දෙන සචිත් ට "අනේ මටත් බල්බ් වැලක් තිබුණානම්" කියා සිතුණු වාර අන්තය..

පවුලේ දෙවැනියා වූ සච්ත් ට ඔහුට වඩා දෑ අවුරුද්දක් පමණ වැඩිමහල් සොයුරියක් සහ බාල සොයුරන් දෙදනෙකු වෙයි. සච්ත්ගේ පියා මේසන් වැඩ අත් උදවුකරුවෙකු වන අතර ඔහු උපයන සියල්ල කිසිඳු ලාේබකමක් නැතිව සවසට මත් වතුරෙහි දියකර හරින්නෙකි. ඔහු බිරිද, දරුවන් සමග හොද සිහියෙන් කථා බස් කරන දිනයක් සොයාගැනීමට නොහැකි තරම්ය.

සය දෙනෙකුකුගෙන් යුතු පවුලේ සියළු බර කරට ගෙන කටයුතු කරන්නේ සච්ත් ගේ මව විසිනි. අැය දවස් කුලියට තේ දළු නෙළන්නට යයි. එ් ලැබෙන මුදලින් කන්න බොන්න ගෙනඑයි ළමයින්ට උගන්වන්නට වියදම් කරයි. තවත් ගෙදර දොරේ එන සියළු වියදම් පිරිමහ ගන්නට ද සිදුවෙයි. 

වෙසක් එකට තව දින දෙකකි. මාර්ගය දෙපස අැති නිවෙස් වල දැං එකින් එක බල්බ් වැල් එල්ලෙයි. ටවුමේ කඩවල් වල වීදුරු සෝකේස් අස්සෙන් නිවෙන දැල්වෙන බල්වැල් දල්වා අැත. මේවා දකින සචිත්ට මේ සැරේ නං කොහොමහරි බල්බ් වැලක් අරගන්න ඔ්න යයි සිතුණි.

නිවසේ තිබෙන මේ අගහිග කම් ගැන සච්ත්ට යන්තම් වැටගීමක් තිබිණි. බල්බ් වැලක් ගැනීමට අම්මාගෙන් සල්ලි ඉල්ලා පලක් නොවන බව ඔහුට සක් සුදක් සේ පැහැදිලිය. නමුත් ඔහුගේ අාශාව එයිට වඩා බලවත්ය..

"අම්මේ.. "

"මොකද බන්"

"පංසලේ ලස්සනට බල්බ්වැල් එල්ලලා තියනවා"

"ඉතින් .."

"අර කවීෂලැයි ගෙදරත් ලස්සන බල්බ්වැල් දෙකක්ම එල්ලල තිබුණා"

කාෙල්ලා වටින් ගොඩින් එනේනේ කුමකටදැයි මවට වැටහිණි. 

"ඔ්වට කොහෙ තියන සල්ලිද බන්. උඔලට ඉස්කෝලෙ ගිනියන්න හංදියෙ කඩෙන් ගත්ත පොත්ටිකේ සල්ලි තාම දුන්නේ නෑ. පාරට බහින්න බෑ මිනිස්සු ණයට ගත්ත සල්ලි දෙන්න කියනවා. පොඩි එකා උනක් හෙම්බිරිසාවක් හැදුනොත් පැනඩාේල් පෙත්තක් අරන් දෙන්න අතේ සතපහක් නෑ.. අරුංටනං ඉතිං මොන අඩු පාඩුද. යන්න එන්න කාර් බාර් අතට පයට වැඩකාරයෝ ඉන්න එකේ. බල්බ්වැල් දෙකට දහක් අරන් දෙන්න බැරියැ. "

අම්මාගේ මේ ප්‍රකාෂයත් සමගම තමාගේ ඉල්ලීම ඉන්තේරුවෙන්ම ඉටු නොවන බව සච්ත්ට වැටහිණි. ඔහු හීන් සීරුවේ එතැනින් ඉවත්වන්නට විය.

"පුළුවන්නං උඔලගෙ මහඑකාගෙන් ඉල්ලපං. හැමදාම මෙතන කනමදයා වගේ බීගෙන එනවා, ඔහොම එකක් වත් අරං දුන්නොත් නරක් වෙයි"

අම්මා මේ බනිනේ තරහින්ද දුකෙන්ද යන්න තේරුං ගැනීමට සච්ත්ට වැටහීමක් නොවිනි. එහෙත් තාත්තාගෙනුත් මේ පිළිබදව අසන්නට ඔහු සිතා ගත්තේය.

සුපුරුදු පරිදි බමන මතින් නිවසට ගොඩවූ පියා අැගපත සොදාගත් පසු සචිත් හිමිහිට ඔහුට ලංවිය. 

"තාත්තේ"

"අා .. මගේ සුද්දා.. මෙහවරෙන්.. මෙහෙවරෙන්.. මොකද අද උඔට කවුරුවත් ගහන්න අාවද.. එහෙම පස්නයක් තියනං කියපං.. දන්නවනේ මේ තාත්තගෙ හැටි.. කියපං කියපං.. කවුද උඹට ගැහුවේ.. කවුද උඔට ගැහුවේ...කියපං... මං ඕකුංග් අම්මලාට *කවල තමයි පස්ස බලන්නෙ... ඕ......"

"තාත්තෙ මට වෙසක් එකට බල්බ් වැලක් අරන් ඕන.."

" බලුබ් වැලක්.. බලුබ් වැලක්.. තොට එච්චරද යකෝ අඩු.. බලුබ් වැලක්.. ඉතින් අම්මගෙන් ඉල්ලපංකෝ එ්කිනේ උඔලගෙ අනික් එ්වටත් වියදං කොරන්නේ... කවුද.. කවුද.. කවුද උඔට කිව්වේ මගෙන් ඉල්ලන්යි කියල අම්මද.. එ්.. අම්මද කිව්වේ.. මේ පට්ට වෙසි... මෙහවර *ත්ති..............................................."

තමන් තල්ලුකර දමා අම්මා සමග දබර වීමට යන තාත්තාගෙන් තමාගේ බල්බ් වැලේ සිහිනය කිසි විටක ඉටු නොවන බව ඔහුට පැහැදිලි විය.. කිසිත් කර කියා ගත නොහැකි අසරණ කමකින් තමන් තැලී පොඩිවී අැති බව සච්ත්ට සිතුණි.. අම්මගෙනුත් තාත්තාගෙනුත් තමාගේ ඉල්ලීම ඉටු නොවන බව දැනගත් සචිත් කෙසේ හෝ බල්වැලක් ගනිමියි අදිටන් කරගත්හ.

එහෙත් බල්බ් වැලක් ගන්නේ කෙසේදැයි ඔහුට නිසි වැටහීමක් නොතිබිණි. 

"පංසලේ බල්බ්වැල් වලින් එකක් හොරකං කරං එනවා" 

එහෙම බැරි උනොත් 

"පංසලේ පිංකැට් හොරකං කරල එ් සල්ලි වලින් බල්බ් වැලක් ගන්නවා" 

නෑ නෑ.. 

"ටිකක් රෑ වෙනකං ඉදල ගෙදරක දාපු බල්බ් වැලක් ගලවං එනවා"

නොයක් නොයෙක් අදහස් ගෙන එමින් තම යටි සිත සමග තර්ක කල සච්ත් එදින නිදා ගත්තේ කිසිඳු ස්ථිර තීරණයකින් තොරවය.

වෙසක් දවස උදාවිය. ටිකක් දවල් වෙනකං නිදාගත් සචිත් ලක ලැහැස්තිවී පංසල වෙත ගියහ. තමන්ගේ සැරසිලි වලින් හැඩවූ චෙෙත්‍ය රාජයා තේජාන්විතව වැඩ ඉන්නවා ඔහුට දැක ගන්නට හැකි විය. බල්බ් පත්තුකරාම කොච්චර ලස්සනට අැද්ද.. තමන්ටම කියාගත් ඔහු පංසලේ පිං කැටය වෙත හිමීහිට අැදුනි.

"බුදු අම්මාේ එතන ඉන්න සෙනග අද පිංකැටේ හොරකං කරන්නනං බැරිවෙයි"

මෙසේ සිතූ සචිත් වැඩිපුර බල්බ් වැල්ටික දමා අැති ගබඩා කාමරය දෙසට අැදුනි. විහාරගෙයි පිටුපසට වන්නට තිබූ එම කාමරය අවට කිසිවෙකුත් නැත. 

"කාෙහොමහරි මේකෙන් බල්බ් වැලක් ගන්නවා" යැයි සිතාගත් ඔහු එහි දොර හරින්නට තැත් කලේය..අඟල් තුනක් පමණ පලල දෙපලු දොර කිලෝ එක හමාරක් පමණැති ඉබ්බන් තිදෙනකු දමා අගුලු ලා තිබිණි. ඔහු ඉදිරියේ යෝදයකු බදු වූ එම දොර අරින්ට තබා සෙලවීමටවත් නොහැකි විය.

පංසලේ එහෙ මෙහ අැවිදිමින් දවල් වරුවම ගත කල සචිත් සවස හතර පමන වනවිට ටවුමේ කඩ පේලිය වෙත ගියහ. එහි සමහර කඩ තවමත් විවෘතව අැත. බල්බ් වැල් දමා සරසා එ්වා පත්තු කර තිබෙන කඩයක් අසල නැවතුනු සචිත් ඉමහත් අාශාවෙන් බල්බ් වැල් දෙස බලා ඉන්නට විය.

"මොනවද බලන්නේ බල්බ් වැලක් ද?"

පෙනුමෙන් වයස විස්සක්වත් විය නොහැකි යයි සිතිය හැකි කොළුවෙක් ඉදිරයට පැමින සචිත් ගෙන් විමසීය. 

"නැ.. මං මේ නිකං බලන්න අාවා.."

"යනවා යනවා මෙතනින්..කරදරකරන් නැතිව.."

පියවර කිහිපයක් පමන පිටුපසට අා සචිත් නැවතත් බල්බ්වැල් දෙස බලා සිටින්නට විය. කාලය ගෙවෙත්ම ඔහු එල්ලා අැති බල්බ් වැල් අතින් පරිමදිමින් එ් දිහා බලන්නට විය..

"එහෙනං බඩුටික අස්කරල කඩේ වහල ගෙදර යන්න. මට දැං පංසලට යන්න තියනවා"

කඩේ මුදලාලියැයි සිතියහැකි කෙනෙක් කඩයේ වැඩකල කොළුවාට පවසා මොටර් බයිසිකලක නැගී පිටව ගියේය.

"උඹ තාම ගියේ නැද්ද"

සචිත් කිසිත් නොකියා කොළුවා දෙසට හැරී සිනහසුනේය.

"උඔට මේ බල්බ් වැලක් ඔ්නද?,"

අනේ මට බල්බ් වැලක් දෙනවනං කොච්චර එකක්ද යැයි සච්ත්ට සිතුනද ඔහු එය ප්‍රකාෂ නොකර නැවතත් සිනහසුනේය.

"කථා කරපං, උඹට බල්බ් වැලක් ඔ්නද?"

සච්ත් ඔ්න යැයි කියන්නට ඉහලටත් පහලටත් හිස සැළුවේය..

"හරි එහෙනං පිටිපස්සෙ බඩු වගක් අස් කරන්න අැති එ් ටික අස් කරන්න උදව් වෙයං. මේ බල්බ් වැල හොදයිද"

කඩේ කොළුවා බල්බ්වැලක් අතට ගෙනම විමසීය. සචිත් බලබ් වැලට අාසාවෙන් හිස සැලීය.

"පිටිපස්සෙ දොරෙන් වරෙන්"

මෙසේ කියු කොළුවා කඩයේ ඉදිරිපස දොර වසා දැමීය. සචිත් ඉක්මන් ගමනින් කඩයේ පිටුපස දොර වෙත ගියහ. 

"අැතුලට වරෙන්"

සචිත් අැතුලට ගිය පසු කොළුවා දොර වැසීය.. පෑ බාගයකට පමන පසු බල්බ්වැලකුත් තුරුළුකරත් සචිත් කොරගසමින් නිවස දෙසට අැදුණි.


-------------------------------------------------------------------------------------------------------------------------

පලි

නං ගං මන:කල්පිතය..

Friday, May 9, 2014

විදානේගේ ගොං කථා..

චෙෙත්‍යය

මෙම කථාව නැන්දම්මා කෙනෙක් සහ බෑණා කෙනෙක් අතර අැතිවූ කථාබහකි.

"පුතේ හෙට මාව ටවුන් එකට එක්ක පලයංකො"

"එ් මොකටද අම්මේ"

"බැංකුවෙන් සල්ලි ටිකක් ගන්න තියනවා"

"මොකටද අම්මේ සල්ලි"

"අනේ අර පංසලේ චෙෙත්‍ය හදනවා එ්කට පූජ කරන්න"

"ඔ්කට බැංකුවෙන් ගන්න ඔ්නයැ ඔය කීයක් හරි දීල දාමු"

"අනේ උඔලට කරදර කරන්නෙ කොහොමද මං ටික ටික ඉතුරුකරපු සල්ලි ටිකක් තියනවා එ් ටික තමයි පූජ කරන්න හිතං ඉන්නේ."

"හරි. දැං අම්මා කීයක් විතරද දෙන්න හිතං ඉන්නේ"

"ලක්ෂයක් විතර දෙන්න තමයි මං හිතං ඉන්නේ.."

"ලක්ෂයක්..චෙෙත්‍යට?.. අම්මට පුළුවන්නේ ඔය ලක්ෂෙ මට දීල මට වඳින්න..,"

"#$% 46#$%3 f#$## ^&*^&8 45% & $%^2&*%"

(බොහෝ වයසක උදවිය ඔහොමය - ගෙදරට හෙන ගැහුවත් පංසලට)
-------------------------------------------------------------------------------------------------------------------------

පේර හොරු

විදානේ ගමේ කොලු කුරුට්ටන් සමග පෝදා පංසල් ගොස් රාත්‍රී 11 ට පමණ නැවත නිවෙස් බලා එමින් සිටියි. එන මග අතර තුර මේ පිරිසම තාප්පයක් ගසන ලද නිවසක් ලග නතර විය.

මේ නිවසෙහි සිටියේ විශ්‍රාමික ගුරු යුවලකි, මොවුන්ගේ දූවරුන් සිව්දෙනාම වෙෙද්‍යවරියන්ය. පුතා මොකක්දෝ ලොකු කෝස් එකක් කරයි. මෙම පවුලට ගමේ බොහෝ දෙනෙක් ගරු කලහ. එම යුවල නිවස ඉදිරියේ කුඩා සිල්ලර කඩයක් පවත්වාගෙන යයි. මිදුලෙහි ගෙචි හොදින් පැසී, ඉදී අැති පේර ගසකි.

"මචං දෙමුද ගේමක්.."

අදහසත් සමග තාප්පෙන් පැන්න විදානේ ගහ මුදුනේය. අතට අහුවෙන අහුවෙන පේර කඩා බිමට දමයි. බිම සිටී එවුන් සරංවලට එ්වා එකතු කරයි.

එක් වරම නිවසේ ඉදිරිපස විදුලි බුබුල දැල්වෙයි.

කොල්ලන් හිස් ලූ අත දිවයයි.. නිවසෙහි දොර අැරෙන මාෙහාෙත වනවිට විදානේ තාප්පන් පැන්නා පමනී. දැං දිව්වොත් වැඩේ මාට්ටු වෙනවා සිකුරුය. කරන්නට දෙයක් නැත. ස්ථානොචිත පඥාව ක්‍රියාත්මක කල විදානේ එතැන තිබූ බෝක්කුව යටට රිංගුවේය. විනාඩි 10කට පමන පසු නිවසෙහි විදුලි පහන් නිවුනි.. විදානේ හෙමින් එතැනින් මාරු විය..

පසුදිනට පහන් විය විදානේට උදේන්ම කඩේට යන්නට සිදුවිය. හංදියේ තිබූ අනෙක් සියළු කඩ වසා අැත. යන්නට සිදුවූයේ විදානේ පෙරකී කඩයටමය. පොඩි චකිතයක් හිතේ රදවං විදානේ එ් කඩයටම ගියේය.

"අා විදානේ මොනවද පුතා ඔ්නෙ"

"සර් මට ----- යි ------ යි දෙන්නකො"

"බලන්නකො පුතා ඊයේ රෑ කොල්ලෝ ටිකක් අැවිත් ගහේ පේර ටික ඔක්කොම කඩලනේ, දූලගේ පුංච් කට්ටියට ගිනියන්න තියං හිටියේ"

අපොයි එවෙලේනං විදානේගේ හදේ ගැඹුරුම තැනට දුක දැණුනි. ඊයේ රෑ කෑ පේර කුස තුල ගිනිගන්නවා සේ දැනුනි..

"ඉතිං සද්දෙ අැහුන් නැද්ද සර්.?"

"සද්දේ අැහිලා දොර අරිනකොට මුං ඔක්කොම පැනල දිව්වනේ. එකෙක් තාප්පෙන් පැන්න මට හරියට අදුරගන්න බැරිඋනා.. කොහෙද අපි දැං වයසයිනේ"

"එ්ක තමයි සර්. මේ ගමේ කොල්ලොනං කිසිකමකට නෑ. මං හිතන්නේ ඊයේ පංසල් ගිහිං එනගමං තමයි මුං ටික මේක කරන්න අැත්තේ. මං අාරංච් උනොත් සර්ට කියන්නංකො"

කොහොම හරි එ් සර් එක්ක පැය බාගයක් විතර ගමේ කොල්ලන්ට බැන බැන ඉදල තමයි විදානේ ගෙදර ගියේ.. හැබැයි සිද්දියට නං විදානේට තාමත් කණගාටුයි.

(හොරාගෙ අම්මගෙන් පේන අහනව කියන්නේ මේවට වෙන්න අැති)

------------------------------------------------------------------------------------------------------------------------
රතිඤ්ඤා  සෙල්ලම..

අවුරුද්ද පහු වී සති දෙකක් පමණ වන්නට අැත. අවුරුදු සිරිය අමතක කර සියළු දෙනා සුපුරුදු රාජකාරියෙහි නිරත වෙයි.

විදානේ හංදියේ කඩයකට ගොඩවිය. (උඩ කඩේ නෙවෙයි) ලංකාදීප දිනපතා පත්තරේ උඩින් පල්ලෙන් කියැවිය. ඔහුගේ සාක්කුවේ රුපියලක් තිබිණ. "මාෙනවහරි කන්න ඔ්න" ඔහුට සිතුණි. කඩේ මේසය මත බෝතල් පේලිය මතට විදානේගේ අැස් ගියහ. එහි කෙළවර ලූස් විකුණන රතිඥ්ඥා පෙට්ටියකි. කෑම ඔ්න නෑ රතිඤ්ඤා දෙකක් ගන්නවා.

විදානේ රුපියල මුදලාලිට දී රතිඤ්ඤා දකක් ගත්තේය. ඉන්පසු මුදලාලිත් එක්ක බර කයියක්ය. රටේ දේශපාන, සමාජීය, අාර්ථික, ස්වාභාවික විපත් ගැන හර බර සංවාදය. මේ කථාව අතරතුර විදානේ රතිඤ්ඤා දෙකේ නූල සුද්ද කරයි. මුදලාලිගෙ ගානේ කහට කෝප්පයක් ද ලැබුණි. එ්යද බී අවසන් කරනවිට රතිඤ්ඤා දෙකහි නූල් එකිනෙක ගැටගසා අවසන්ය. කවුදෝ කඩේට පැමිණියහ. මුදලාලි ඔහුට අවැසි දෑ දෙයි. සිගරට් පත්තු කිරීමට එල්ලා අැති පත්තුකරන ලද ගොණි නූලේන් රතිඤ්ඤා දෙක පත්තු කල විදානේ කඩේ දොර ලෑලි දෙක අතරට එය දමා ඉක්මන් ගමනින් නිවසකරා අැදුනි. 

විනාඩියක් පමන යනවිට "ඩෝං" ගා මහ හඩක් නගමින් රතිඤ්ඤා පුපුරා ගියේය. විදානේ ප්‍රීතියෙන් ඉපිල ගියේය.

සිදුවී අැත්තේ මහත් ඛේදයකි. සද්දෙට බයවූ මුදලාලි අතේ තිබු කෝප්ප දෙක බිම දාගෙන කුඩුකරගෙන අැත. බියවී අැති පූසා පැනීම නිසා පෙරලී ගිය වළදක් කුඩුවී අැත.

ඉන්පසු අහුවෙන අහුවෙන හැමදෙනා එක්කම මුදලාලි විදානේ හට දෙස් දෙවොල් තබා අැත. කඩය අසලකවත් එන්නට නොදන බව කියා වහසි බස් දොඩා අැත. කෙසේ වෙතත් අවුරුදු දෙකක් පමන යනතෙතක් මුදලාලිත් විදානේත් විරසක වී සිටියේය.

(මට හිතෙන්නේ ලාවට අැස් රතුවෙන විහිලු කියන්නේ මේවට වෙන්න අැති)



ජය වේවා!!!!
(විද්‍යාවේදී විදානේ..)

--
ප/ලි
නං ගං මනක්කල්පිත නැත.. කවුරුවත් ඔය මුදලාලිලාට එහෙම මෙවා කියනව නෙවෙයි..

Saturday, May 3, 2014

පොඩි එකාගේ කථා 01 - පැන්සල

"මැද එකාට ගහපන්'.."

පොඩිඑකා තම අතෙහි රැඳි ගල්පතුර පේලියහි මැද අැති කජු අැටයට ඉලක්ක කර විසි කළේය.

මේ අවුරුදු සමයෙහි අැරඹුමයි. පොඩි එකාගේ පාසැල් නිවාඩුව අැරඹෙන්නේ හෙට සිටය. ඔහු සවස් යාමයේ පහල ගෙදරට අාවේ කොල්ලන් කුරුට්ටන් සමග "වල කජු" ගැසීමටය.

උඩුකය නිරුවතින් සිටින පොඩි එකාගේ කට දෙපැත්තෙහි කජු කිරිවලින් අැතිවූ කැලැල් කිහිපයකි. දනහිසින් පහල කකුලෙහි කබොල්ල මතුවූ තුවාල කිහිපයක් වෙයි, දූවිලි වැදී පැහැය වෙනස් වී අැති ඔහු අැඳ සිටී කලිසමහි පසුසප, කන්දෙන් පහලට බුරුස් පැදීම නිසා මදුරු දැලක් පමනට තුනී වී අැත. එහි  ඉදිරිපස බොත්තම කැඩී යාම නිසා එතැන කටුවක් ගසා අමුණාගෙන අැත. මේ පොඩිඑකා පමණක් නොව මෙතැන සිටින පොඩි එවුන් හැමෝගේම විලාසය මීට මදකට වඩා වෙනස් නොවීය..

මේ නිවසෙහි  අඹ ගස යට කණප්පුවකි. කණප්පුව මත තම්බන ලද මඤ්ඤොක්කා පිගානක් සහ බදින ලද මාලු දීසියකි. මේ දකින පොඩි එකා කටට එන කෙළ ලොවට රහසේ ගිල ගනී. නිවසසෙහි හිමිකරුත් ඔහුගේ  මිතුරන් කිහිපදෙනකුත් කණප්පුව වටේට වැල් පුටු කිහිපයක් කබා එහි වාඩිවී අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සීල් බෝතලයක් හිස් කරයි. විටක ඔවුන්ගෙන් නැගෙන පඩස්තල හිනා හඩ පොඩි එවුන්ගේ කෑ ගෑම යටපත් කර නැගී සිටියි.

වාතයෙහි ප්‍රථිරොධය නොතකා ඉදිරියට අැදුනු ගල් පතුර පොඩි එකාගේ ඉලක්කගත කජු අැටය මත පතිත විය. එය පොඩි එකාට ඉමහත් සතුටක් ගෙනදෙන්නක් විය. දැන් පිටියෙහි අැති සියළු කජු අැට තමාගේය.

"අාා.... දඩ. දඩ. දඩ.."

කරුමයක මහත තමා පහරදුන් කජු අැටය විසිවී ගොස් ඉදිරියේ අැති කජු අැටයෙහි වැදී අැති බව පොඩි එකා දුටුවේය. තම සාක්කුවෙහි අැති අන්තිම කජු අැටයද දඩ ලෙස පිටියට දමා පොඩි එකා නැවත ක්‍රීඩාවට එකතු විය.

"මෙන්න මේකා තමයි මං කිව්වේ" 

ගෙහිමියා තවකෙකුට පොඩි එකාව පෙන්මින් පවසනවා ඔහුට අැසුණි. පොඩිඑකා ප්‍රශ්ණාර්ථ මුහුණකින් යුතුව එ් පිරිස බැළුවේය. ඔවුන්ගේ දොඩමළු බව නතර වී තිබිණ. කනප්පුව මත අැති සීල් බොතලයෙන් තුන්කාලක්  පමන හිස්ව අැත. අතැති අසෝක වීදුවල අඩක් පමණ පිිරෙන ලෙස තේ කහට පැහැති මත් දිය පුරවාගත් ගෙහිමියාගේ මිතුරන් කිහිපදෙනාගේ ලොවිගෙඩි මෙන් රත් පැහැති  අැස් ගෙඩි පොඩි එකාව ඉලක්ක කර තිබිණි.

"එතකොට මූ තමයි සුමනෙගෙ කොල්ලගෙ පැන්සල හොරකං කරල තියෙන්නේ.."

"දැං සුමනේ එනව කිව්වා නේද?.."

"ඔව් ඔව් සුමනේ අාවම මේකව ගස්බැදල දිම්ගොට්ටක් දමයි.."

"බුහ් හක් හක් හක්..."

ගම දෙවන් වන්නට ඔවුන් සිනහවෙයි. අතැති මත් දිය වීදුරුව කටට හලාගත් එකෙක් පුටුවෙන් නැගිට බැදපු මාලු කැබැල්ලක් හපමින් පොඩි එකා දෙසට එයි. පොඩි එකා බයෙන් බිරාන්තවී බලා සිටියි. ඉදිදිරියට එන මිනිහාගේ රෟෙද්‍ර මුහුණත් හැඩි දැඩි සිරුරත් දකින පොඩි එකාගේ බය දෙගුණ තෙගුණ විය.

"හේ........"

කවුදෝ තවත් පොඩි එකෙක් වල කජු සෙල්ලමේ අන්තිම වටයද ජයග්‍රණය කර උඩ පනියි. දැන් ක්‍රීඩාව අවසන්ය. වල කජු ගැසූ පොඩි එවුන් සියළු දෙනාම පාහේ දැන් පොඩි එකා දෙස බලා සිටියි. "පැන්සලක් හොරකං කරාලු, සුමනේ මාමලැයි ගෙදර සුජිත්ගෙ. තමා එවැනි හොරකමක් කළේ ද නැත. නමුත් මේ නරුම රැල තමාව හොරකමකට කොටුකර අැත." පොඩි එකාට මේ කිසිවක් නොතේරිණ.
.

පොඩි එකා ඉදිරියට පැමිණි මිනිසා මදක් පහත් වී පොඩි එකාගේ නිකටෙන් අල්ලා ඉහලට එසැවීය. බයෙන් ත්‍රස්ත්‍රව සිටී පොඩි එකාගේ දැසේ කඳුළු කැට වැගිරෙන්ට විය. නාසයෙන් ගලා අා හොටු දියර උඩු  තාෙල දිග් කට දෙපසට බේරෙන්නට විය..

"උඹ පැන්සල ගත්ත නේද?"

එ් අර මිනිසාගේ රළු හඩයි. දැන් පොඩි එකාට ඉකිගැසෙයි. තම දකුනතේ අල්ලෙන්, නාසයෙන් ගලා අා හොටු දියර පිස එම අත්ල තම කලිසමේ පිසලා ගත් පොඩි එකා.

"අනේ මං.. පැන්සලක් ගත්තේ නෑ... මාමේ.."

"දැං උඹගාව පැන්සල් කීයක් තියනවද?.."

"එක පැන්සලයි තියෙන්න.."

"හොරකං කරපු එක නේද? හොදහිතිං එ්ක ගේනවා මෙහාට. නැත්නං සුමනේ අාවම අල්ලල දෙනවා"

"හරි හරී.. මාත් කෑල්ලක් කියන්නං..."

අන්තිම වාක්‍යය පොඩි එකත් එක්ක එකට වලකජු ගැසූ එකෙකුගෙනි. පොඩි එකා සතුව අැත්තේ එකම එක පැන්සලකි. එයද මීට සති දෙකකට කලින් පොඩි එකාගේ අම්මා ගෙනත් දුන් එකකි. සුදු පැහැති එම පැන්සලේ පාට පාටින් ලස්සන පින්තූර අැත. පැන්සලේ අග කෙළවර රන්වන් පාට කොපුවකින් වටකර රෝස පාට මකන කෑබැල්ලකි. එම පැන්සලහි දැන් බාගයක් පමන ගෙවී අැත. මකනය ගෙවී අැති නමුත් රන්වන් පාට කොපුව කටින් විකා අැතුලත වූ මකන කොටසක් මතුකරගෙන අැත. පොඩි එකා ජීවිත කාලෙය්දී අාසාවෙන්ම පාවිච්චි කළ පැන්සල මෙය විය.

පොඩි එකා පිටුපස නොබලා නිවස වෙත දිවගියේය. මෙ නිවසේ සිට පොඩි එකාගේ ගෙදරට ගල් පඩි හැටක් හැත්තෑවක් ගොඩවන්නට අැත. විනාඩියකටත් අඩු කාලයකදී පොඩිඑකා ගෙදරය. ටකරං සෙවිලිකල කටුමැටි ගැසූ, ගොම මැටිගෑ නිවසෙහි දෙපලු දොර තල්ලුකර ගෙට අැතුලුවූ පොඩි එකාට උදේ පාසල් ගෙනගිය සිලි සිලි බෑගය දිග අැර තිබූ බූරු අැඳ උඩ තිබී හමුවිය. එයට අත දමා පැන්සල් කොටය අතටගත් පොඩි එකා ඉක්මන් ගමනින් නැවතත් පහලට බහින්නට විය.

පොඩි එකා පහල ගෙදරට එද්දී ඔවුන් තවමත් සුපුරුදු කාර්යයෙහිම නිරත විය. සුමනේ මමා අැවිදින් දැයි වැට අයිනේ සිට සෝදිසි කල පොඩි එකා ඔහු නොමැති බව දැක බය මදක් තුනී කරගත්හ. හිමින් හිමින් අඔ ගහ යටට කිට්ටු වූ පෙඩි එකා කණුවකට මුවා වී මද වේලාවක් බලා සිටියේය. ඔහුගේ මිතුරු අනෙක් පොඩි එවුන් නැවතත් වලකජු සෙල්ලම පටන්ගෙන අැත. අඩියට දෙකට කනප්පුව වෙත අැදුනු ඔහු කිසිත් නොකියාම පැන්සල කනප්පුව මත තබා අාපසු හැරී නිවසකරා දුවයන්නට විය. මොහොතකින් අර පඩස්තල හිනාහඩ දෙසවන් රිදවමින් පොඩි එකාට අැසෙන්නට විය....

හැන්දෑ ජාමයේ පහල ගෙදර පොඩි එකා පැමින පැන්සල ගෙනවිත් දී "තාත්තල විහුලුවක් කරල තියෙන්නේ" කියා යන්නට ගියේය.. නමුත් එ්වන විටත් කිසිදාක පහල ගෙදරට නොබසිමියි පොඩි එකා ස්ථිර ලෙස අදිටන් කරගගෙන හමාරය..





Thursday, May 1, 2014

අද මැයි 01


හැමදා වගේ..
නාලා,
අැඳල,
පුයර ගාගෙන,
කඩේයන,
වැඩකරන ජනතාව..
අදත් එ් දේ, 
එ් විදියටම කරනවා..
ගෝනි නැතුවම..
(ෂුවර් නැත්නම් අද රෑ 8ට නිව්ස් බලන්න)

ජය වේවා!!!