Sunday, June 8, 2014

හිනා ගොඩයි බත් පොඩ්ඩයි...

ගමේ පාසැලේ අකුරු කෙරූ සුනිමල් හැදුනේ ගමේ අාරටමය. කොල්ලො කුරුට්ටන් සමග පාසල අමතක කල ඔහු වෙල් ඉපැනැලි වලත් අැල දොලවලත්, තම හිරිමල් යෞවනය ගෙවා දැමීය. ගෙදර බාලයා වූ සුනිමල් ඔහුගේ වැඩිමහල් සොයුරන් මෙන්ම ඉගැනුම ඔ්නෑවට වඩා ලංකර ගැනීමට නොසිතීය. කට්ටි පනිමින් පාසල් සමය ගෙවා දැමූ සුනිමල් දෙමව්පියන් දෙන දෙයක් කාබී ගෙදරට බරක් වෙවී රටට බරක් නොවී කාලය ගෙවීය.

 

සුනිමල්ගේ නිවස පිහිටියේ අළුතින් අරඹන ලද විශ්වවිද්‍යාලයක් අසලය හරියටම කියුවොත් එහි පිටුපස ගේට්ටුවට අාසන්නයෙනි. විශ්වවිද්‍යාල සිසු සිසුවියන් වැඩිපුරම ගමන් කරන්නේ මෙම ගෙට්ටුවෙනි. උකුළු මුකුලු කරමින් ගමන් ගන්නා විශ්වවිද්‍යාල යුවතියන් දකින සුනිමල්ට "අනේ මටත් හිටියනං" කියා නොසිතුනා නොවේ. එ්ත් මුකුත් නැති නිකංම නිකං නිකමෙක් මෙව්වාගැන සිතීම පලක් නොවන බව ඔහුට වැටහිණි.

දිනක් දහවල් පාරේ අැවිදිමින් සිටී සුනිමල්ට අල්ලපු ගමේ අැන්ටී කෙනෙක් දක්නට ලැබිණ. අැය විශ්වවිද්‍යාලයේ වැට අයිනට වී හිඳිමින් අැතුලෙහි සිටිනා සිසු සිසුවියන්ට බත් පැක්ට් විකුණයි. මේ දුටු සුනිමල් ට නව අදහසක් පහලවිය.

"එ් මනුස්සයා අර අෑත ඉදන් අැවිත් මෙතන බත් විකුණනවා, යකෝ ගේට්ටුව ගාව ඉන්න මට බත් කඩයක් දාගන්න පුළුවන්නේ.."

සිතෙහි උපන් අදහස කලින් ඉපැදී මියගිය අදහස් මෙන් මියෙන්ට නොදි කෙසේ හෝ ක්‍රියාත්මක කල යුතුය. ඔහු මේ අළුත් අදහස මවට පැවසුවේය. වැඩේට අම්මාගෙන් අනුමැතිය ලැබුණා පමණක් නොව ඉවුං පිහුං කටයුතුද අැය විසින් බාර ගන්නා ලදී. 

පංසලේ හාමුදුරුවෝ සාදා දුන් සුභ වේලාවට අනුව සුනිමල්ලාගේ නිවස බත් කඩයක් බවට පත්විය. මුලින් බත් පැකට් කර විකුණු සුනිමල් දැං මේස පුටු කිහිපයක් තබා බත් කා යාමටද ඉඩ සලසා අැත. සුනිමල් දැං විශ්වවිද්‍යාල සිසුන් ගේ සුනිමල් අයියා වීඅැත. දිනකට විකුණන බත් පිගන් ගනන දිනෙන් දින ඉහල යන්නට විය. 

සුනිමල්ගේ මේ දියුණුවට ඔහුගේ මව මහත් රුකුලක් විය. වැරදීමකින් හෝ බත් පිගාකට බැදපු හාල්මැස්සන් පහක් බෙදුනහොත් ඉන් එකක් නැවත ලබාගැනීමට තරම් අැය තම පුතුගේ දියුණුව කෙරෙහි උනන්දු විය. 

දස දෙනක් පැමිණියද සිව් දෙනකුට බෙදිය හැකි බත් දස දෙනාටම බෙදා දිමට තරම් සුනිමල් ව්‍යාපාරයෙහි දක්ෂ විය. එන එන හැමෝටම මල් මල් සිනහවකින් සංග්‍රහ කරන නිසාදෝ ඔහුට "හිනා ගොඩයි බත් පොඩ්ඩයි" යන නම පටබැඳ තිබිණි.

 

දිනක් මොකක්දෝ පටලැවිල්ලකට විශ්වවිද්‍යාල සිසුන් හා ගම්වාසීන් විරසක වී තිබිණ. ගම් වැසියන් කඩු පොලු රැගෙන විශ්වවිද්‍යාලය පැමිණ අැත. සිසුන්ද ගල්මුල් රැගෙන සටනට සැරසී අැත. ගමේ කවුරුවත් විශ්වවිද්‍යාලෙ එවුන්ට බඩු විකුනන්නේ නෑ කඩවල් සෙරම වහනවා. ගමේ පැත්තේ සටන් මූලිකයෝ සිසුන්ට තර්ජනය කලහ. දවල් වනවිට පලාතේ සියළු කෑම කඩ වසා තිබිණ. නමුත් සුනිමල් නොසැළුනේය. වෙනදාට වඩා හාල් මුට්ට තුනක පමණ බත්, වතුර එක්කල පරිප්පු හොද්ද සමගින් එදින විකුණාගැනීමට ඔහු සමත් විය. එදින හවස සිසුන් නිවෙස්බලා යන විට. ඔහුගේ අාරක්ෂාව පතා ඔහුද ගමෙන් පිටවිය.

කාලය ක්‍රමයෙන් ගතවනවිට සුනිමල්ගේ බත් කඩයට නිත්‍ය සාමාජිකයන් පිරිසක් අැති විය. බඩගිනි වෙලාවට ණයට කෑම වේලක් කා මාසේ අවසානයේ මහපොල ලැබුනු විට එම මුදල් පියවන සිසුන් පිරිසක් ඉහත කී නිත්‍ය සාමාජිකයන් අතර විය.

සුනිමල් ණය ගනං හිලව් ලියාගන්නට පිටු අසූවේ එක්සයිස් පාෙතක් භාවිතා කරයි. පිටුවේ උඩින්ම ණය කරුගේ නම ලියයි. නම කිව්වාට මේ කෑම කන එව්වන්ගේ නං දෙයියන්වත් දන්නවාදැයි සුනිමල් නොදනී. කෙස් උවත් ණය පොතේ පිටුවල ඉහලින් අැත්තේ, ඉස්සා, කදිරා, ඔසාමා, පින්තු, ජුන්ඩා, බාබර්, ජෙමා, වැනි නම්ය. කෙස් නමුත් මෙම නම් වලින් ඔවුන් මුළු විශ්වවිද්‍යාලයම දන්නා නිසා ගැටළුවක් නොවේ.

 

සුනිමල්ගේ ණය පොත හැඩට ක්‍රියාත්මක වෙයි කෑම කන අයම තමාගේ පිටුව පෙරලා නියමිත ගනන සටහන් කරයි. මාසය අවසානයේදී එකවර ගෙවයි.

 

මෙසේ වසරක් හමාරක් ගතවන විට එකිනෙකාගේ ණය ගනන ඉහල යනු සුනිමල්ට දැකගන්නට ලැබුණි. එයට හේතු ලෙස පසුගිය වසර තුල තමන් කෑම මිල තුන්වරක් ඉහල නැංවූ බවත් ඊට සමාන්තරව මහපොල මුදල ඉහල නොගිය බවත්, කලින් සතියකට වරක් අනුමත වූ ණය කරුවන් දැන් සතියට දෙවරක් හෝ තෙවරක් අනුමත වන බවත්, සුනිමල්ට නොවැහැටුණි. ඔහුට දැනුනේ දැං මුං සම්පූර්ණම ගාන ගෙවන්නේ නැති බවත්, ඉන් කොටසක් දී ලබන මාසේ දෙන්නං අයියා කියා මුං මාරුවන බවත්ය.

දැං නං ණය වැඩේ හරියන පාටක් නැත. එන්න එන්නම ණය පොතෙහි ගනං පිරෙයි. 

 

ඉස්සා  4230 යි, ඔසාමා 2930,  කදිරා 4678, පිංතුවා 2150.................. යකෝ මුං ටික හෙට අනිද්දා අවුට් වෙන්න ඉන්න උං ටික නේද?

 

මේම ණය කැපෙන්නේ යලට මහටය. කිහිප විටක්ම ණය කරුවන්ට මතක් කලත් ගෙවන වගක් නැත. ණය ගන්නේ කොහොමද සුනිමල් දස අතේ කල්පනා කරයි.

අන්තිමේ සුනිමල් තීරණයක් ගත්හ "මුංගෙ නං ටික ගෙවන්න තියන ගානත් එක්ක ලියල දොරේ අලවනවා" එසේ තීරණය කලද ඔහු දොරේ අැලවූයේ මෙසේය.

 

"ඔබ විසින් ගෙවීම අැති මුදල් මෙම සතිය අැතුලත ගෙවා නිමකරන්න, එසේ නොවූවොත් ඔබගේ නම සහ ණය මුදල ප්‍ර්‍රදර්ශණය කිරීමට සිදුවනු අැත"

 

මෙම දැන්වීම දුටු පුංච් පුංච් ණය කරුවන් වහ වහා ණය ගෙවා නිදහස් විය, එහෙත් දලකරුවන් ට කිරීමට කිසිවක් නැත. ඔවුන්ගේ ණය පිටු තවමත් එසේමය.

මේ අතර මෙම දල කරුවන් එක් රැස්වී සාකජ්චා වට කිහිපයක් පැවැත්වීය. මෙයට පිළියමක් යෙදිය යුතුය නැත්නම් තමන් නම මෙන් අාරක්ෂාකල තමන්ගේ "කාඩ්" එක කුඩුය. මෙසේ දින කිහිපයක් සීල් බෝතල් කිහිපයක් හිස් කරමින් සාකඡ්චා කලද විසඳුමක් නොවීය. නමුත් ඔවුන් උත්සාහය අත් නොහැරියේය දිගින් දිගටම ඉහත ක්‍රියාවෙහිම නිරත විය.

 

සුනිමල්ගේ රතු නිවේදනයෙහි අවසන් දිනයද ගෙවිණි. කඩය වසා දැමූ සුනිමල් දැන්වීම සකස් කිරීමට කොලයක් ද රැගෙන ලාච්චුව අැර ණය පොත ගැනීමට සැරසිණ. නමුත් ණය පොත එහි නාෙවීය මේසයෙහි ඉටි රෙදි යට පුටු යට, වීදුරු සෝකේස් එක යට මේ කිසිම තැනක ණය පොත නොතිබිණ.

 

*  *  *  *  *  *  *  *  *  *

(හය මසකට පසු..)

 

"අා.... සුනිමල් අයියා ......"

"අා.. මේ ඉස්සා මල්ලිනේ ඉතිං කාෙහොමද? දැං ජොබ් එකක් එහෙම කරනවයි?"

 

"ඔව් අයියා පොඩි ජොබක් නං කරනව ඉතිං, එ්ක නෙවෙයි අයියා අර ණය පොත එහෙම හම්බුන් නැද්ද?"

 

"අනේ බලන්නකො මල්ලි එ්ක හම්බුන් නෑනේ,  හතලිස් දාහක විතර ණය සල්ලි, වතුරෙ ගියා වගේ"

 

"අයියා මගෙත් රුපියල් හාරසිය ගානක් දෙන්න තිබ්බා මෙතැන පන්සීයක් තියනවා  මේක තියාගන්නකෝ"

----------------------------------------------------

ප/ලි..

මෙය කෙටි කථාවක් නොවේ.. හිතේ කැකෑරුණු වේදනාවක් තුනී කරගැනීමට ලියූවකි..

ප/ප/ලි..

පසුගිය දින ටිකෙහි අධික කාර්ය බහුලත්වය නිසා බ්ලාෙග් ලිවීමට හො කියැවීමට ඉඩ කඩ නොවිණි. තව සතියකින් පසු ඉඩෝරය නිමාවනු අැත..

107 comments:

  1. මම 1 හොදේ. පොස්ටුව කියවලා එන්නම්

    ReplyDelete
    Replies
    1. අපෝ නිමෝ, අපි වගේ කියෝලා එන්න එපැයි :(

      Delete
    2. @ නිමෝ,
      උඹ පෝස්ට් එකක් දාපා දවසට මාත් එක වෙනවා.. කියවල වරෙන්..

      @ ඔමා
      එක කියලා මාතලන්ගෙ එකේ ලියන්න කියමු බලන්න..

      Delete
    3. හි හි ඔව් අපි ඔට්ටුවක් දානව ,නිමෝ ඒකෙ කියන්න ඕනේ ඒ වගේම ඊට පස්සේ ෂෝයි ඇනෝ කෙනෙක් උත්තර දේයි

      Delete
    4. මේ මාතලන් මොකක්දෝ එකක් කොරලා මට ඔෆිසියේ ඉදන් මාතලන්ගේ බ්ලොගට යන්න බෑ, නැත්තන් ඉතින් සුම්මා තමා, හරිය.....!

      මම මතාටත් මෙල්ලුවක් දැම්මා ඔය ගැන.

      Delete
    5. @ ඕමා,
      ඇනෝ විදයට කොමෙන්ට් කොරන්නේ ඔයා නෙමෙයිනේ.???

      Delete
    6. @ ඔමා
      මෙන්න මෙයා බොරු කියනවා,

      @ නිමෝ..
      ඔපිස් එකේ නැතුව ගෙදර ඉදං යන්න මාතලන් පෝසට් දාන්නේ රෑ 9ට විතර..

      Delete
    7. මම රෑ 2.30 වෙනකන් ඔපීසියේ වැඩ බන්.

      Delete
    8. හයියෝ මට චුට්ටක් නින්ද ගියා වලිය අවුස්සන්න එන්න බැරි වුණා.

      Delete
    9. උඹ 2.30 වෙනකම් වැඩද නිමෝ.?

      සිම්පල් ප්ලෑන් එකක්නෙ. 2.30 වෙනකම් වැඩ කලා ගෙදර ආවා බ්ලොගට ගියා කියෙවුවා කමෙන්ට් කලා.… ආ මොකා නිදිය ගන්න…… මොනවට නිදිය ගන්නද බං? ඔෆීසියටම ගිහින් පහුවදාට නිදිය ගනින්. :D

      Delete
    10. @ නිමෝ
      2.30 වෙනකං යකෝ මොන වැඩද එතකං...

      @ ඔමා
      ඔබ නිදන්න, ඔබ නිදන්න..

      @ ප්‍රියා
      අන්න හරි ඔපිස් ගිහින් නිදාගනින්..

      Delete
    11. හුටා..... මම ගේම ඉල්ලලා නේ...! හරි හරි කවුරුත් දැක්කේ නෑ හොදේ......!

      @ විදානේ.
      යකෝ මම වැඩ කරන්නේ US වෙලාවට.

      Delete
    12. අැයි US වලට රෑ වෙන් නැද්ද බන්..

      Delete
    13. අපි නොහිටියේ හොද වෙලාවට නිමෝ :)

      Delete
    14. නිමෝ ඊයේ රෑ නිමෝ අැද යට ඉදලා තියෙන්නේ..

      Delete
    15. හොද වෙලාවට මම බිම නිදියගත්තේ......!

      Delete
    16. හුකෑස් .. මම පරක්කුයිනේ , චන්ඩි . වරෙව් !!!

      Delete
    17. දැන් ඇවිත් චන්ඩි හොයන්නේ නැතුව පල යන්න......!

      Delete
  2. මං අද හවසත් ඇවිත් බැලුවා ලියලා තිබ්බේ නැහනේ ඔයා.
    ඉතින් සුනිමල්ට කෙල්ලෙක් සෙට් වුණේ නැද්ද . කතාව ඇතුලේ මොකක්දෝ තියෙනවා.. කෙටි කතාවක් නෙමේ කීවට මේ කතාව ඇතුලේ කතාවක් තියෙනවා. ///මෙය කෙටි කථාවක් නොවේ.. හිතේ කැකෑරුණු වේදනාවක් තුනී කරගැනීමට ලියූවකි..///


    //ඔහු එ් ගැන තම මවට හෙලිකලහ./// මේක හදන්න හදිසියට නොදකින්න ඇති.

    ReplyDelete
    Replies
    1. මේක ලියනකොටම මොකක්ද අවුලක් දැනුනා.. විසඳුමක් හොයාගන්න බැරිඋනා.. ඔන්න දැං හැදුවා.. තැනිකිව් ඔමා

      /මෙය කෙටි කථාවක් නොවේ.. හිතේ කැකෑරුණු වේදනාවක් තුනී කරගැනීමට ලියූවකි../
      මේක තමයි අැත්ත ඉතින්..

      Delete
  3. වරෙන්කො උබ මටත් තියෙනවා ඇරියස් එකක්,,,,

    ReplyDelete
    Replies
    1. නංගි මෙ සද්ද එපා හොදේ.... අද මගේ චන්ඩියා බඩේ...! ඕ යේ

      Delete
    2. @ නිමෝ
      දුක හිතෙන කථා කියන්නෙපා නිමෝ.. සති තුනකින් චන්ඩියෙක් දැක්කෙ නෑ...

      @ ඔමා
      පරිස්සමින් මූ චන්ඩියෙක් ගිලලා

      Delete
    3. වර අපේ ගෙදර දෙන්නම් චන්ඩියෙක්.

      මේ රට්ටු කියනවා කැලා වදිනවා කියලා, මොකෝ ඒ ?

      Delete
    4. බඩ වියත රැකගන්නනෙ මචං..

      රයිට් චන්ඩියකුත් අරගෙනම එන්නං..

      Delete
    5. චන්ඩි ඕනේ නෑ, නිකන් වර, මම චන්ඩි දෙන්නම්.

      Delete
    6. පව් ඉදගෙන ඈ චන්ඩි

      Delete
    7. දැන් නම් පව් තමා.

      Delete
    8. @ නිමාේ
      රයිට් එහෙනං දවසක හමුවෙමු..

      @ ඔමා
      ඊයේ රෑ චන්ඩිනේ දැං බඩේ නැතුව අැති..

      Delete
    9. ඊයේ රෑ බඩේ නම් අද ඈක්කා......

      Delete
    10. අද ඔය හාවා වගේ ඉන්නේ

      Delete
    11. හා හා කෑගහන්න එපා බොලව්.....!

      Delete
    12. විදානෙය නාවල ගෙට අරං තියෙන්නෙ අද :D

      මක්කයි බොල හම්බුන තෑගි ???

      Delete
    13. ගල් බාගයයි.. වතුර වීදුරවයි.. ලූණු බික්කයි

      Delete
  4. අපි හිතමු සුනිමල් අසාධාරණව මුදල් හොයපු හින්දා කොල්ලොන්ගෙ පැත්තෙන් ඉබේ දඬුවම් ලැබිලා කියලා. ඔය කැම්පස් කෑම කනවට තෑගි දෙන්න ඕනේ මම හිතන්නේ.
    මාත් රුපියල් පහට ප්ලේන් ටී බීවනේ කැම්පස් එකක මෙ ළඟ කාලෙක

    ReplyDelete
    Replies
    1. ඔව් රංගි, කැම්පස් කැන්ටින් වල කෑම ටිකක් ගනන් අඩුයි. එ් වගේම තමයි එ් ලගපාත කඩවලත් කැන්ටින් වල තරම් නැතත් ටිකක් ගනන් අඩුයි.. (සුනිමල්ට එහෙම වෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කලා එ්ත් එතැනටමයි ගියේ)

      Delete
  5. හාල්මැස්සෝ පහක් බෙදුවොත් එකක් ආපහු ගන්නවා වගේ සීන් නම් ඔය කාම කඩවල පොදු සාධකයක් නේ . හිතේ කැකෑරෙන වේදනාවක්ද ? නැත්තම් නිකං වරදකාරී හැගීමක්ද?

    ReplyDelete
    Replies
    1. අන්නහරි ඉවාන් නිකං වරදකාරී හැගීමක්..
      බලාගෙන ඉන්න බැරිඋනේ හාල්මැස්සෝ ගනන් කරන සීන් එක තමයි..

      Delete
  6. හාරදාස් ගානකින් හාරසියක් හරි ගෙව්වා මදිද ?හිතේ මේ වගේ වැඩ ගැන තියෙන හැගිම් එලියට එන්නෙ අයේ එ දේවල් නැවැත දකින කොට මට නම් ?.......

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ එත් හාරදාස් ගානකින් හාරසිය ගානයිනේ. මොනව උනත් කාපු එ්වට ණයයි වගේ දැනෙන්නේ...
      ඔව් ඔව් එ්වගේ කඩයක් දකින කොට සිද්ධිය මතක් වෙනවා...

      Delete
  7. පව් යකෝ අර මනුස්සය
    අච්චරක් අරුන්ට කන්න දීල... උං ඒම කරගල ගියාම මොන මිනිහටද අවුල් යන්නෙ නැත්තෙ...
    මේක නිකං ඇත්ත කතාවක් වගේ නං විදානේ මේක කොණේ ඉන්නම ඔඍ්න කියල මට හිතෙනව

    ReplyDelete
    Replies
    1. අැත්ත මහේෂ්, එ්ත් එ් කාලේ ඔව්වා හිතෙන්නෑනේ..
      ඔඍ්න නෙවෙයි ඉස්සා

      Delete
  8. ඉඩෝරය ඉවර කරලා වර ඉක්මනට.

    කතාව හොදයි බං. කැම්පස් කොල්ලන්ගෙ අසරණ කම තමා බං මාත් දැක්කෙ කතාවෙන්.

    ReplyDelete
    Replies
    1. ඉඩෝරේ ඉවර කරල එනවා නිකං කාපට් ගලවල යන්න (අාශ්චරයය හේදිල යන්න) බලාගෙන හිටු..

      // කැම්පස් කොල්ලන්ගෙ අසරණ කම තමා බං මාත් දැක්කෙ කතාවෙන්.//
      අසරණ කම නෙවෙයි බන් නොසන්ඩාල කම...

      Delete
    2. ඒ උනාට මේ යක්කු කියන දවසට වහින්නෑනෙ බං. අච්චර දවසක් මුකුත් කිව්වෙ නෑ හේදෙන්න වැස්සා. අන්තිමේ කාළගුණ දෙපාර්තමේන්තුවද මොකක්ද එකෙන් "අද පටන් මහ වැසි" කිව්වා විතරයි ලස්සනට පායනවා. :D

      Delete
    3. අන්න එහෙම තමයි අපේ කාලගුණේ...දන්නෝ දනිති.. නුවණැත්තෝ අවබෝධකර ගනිති..

      Delete
    4. අසරණ කම නෙමේ බන් අයියේ ,මුගේ තිබ්බ නෝටි කම

      Delete
    5. හරියට හරි ඔමා...
      නැහැදිච්ච කම, නොසන්ඩාල කම, කඩප්පුලි කම...

      Delete
    6. ඇත්ත තමා ඔමා. මුන්ව ආස්සරේ කරන්න වටින්නෑ. :)

      විදානෙ, කොහෙද අර 'රතිකරනදා' පෝස්ට් එකෙන් වත් උඹල හදුනගන්න බැරි උනානෙ. ශැක්. ;)

      Delete
    7. අාසරේ කොරනවනං පරිස්සමින්, ලග තියෙන එ්වත් ගලවං යයි..

      Delete
    8. ඉඩෝරයක් නෙවෙයි මූට කෝඩයක්..
      ඇරියස් එකපාර අල්ලන්ඩ යන්ඩෙපා බොලේ කර මුලිං ගලෝල යයි ඈ .. ඕව යකඩ නෙවේ :D

      Delete
    9. යකඩ නෙවෙයි නේන්නං

      Delete
  9. විදානේ අර ආර්ථික විද්‍යා කොටස ළග තමා මේ කතාවේ හොදම ටික. / /එයට හේතු ලෙස පසුගිය වසර තුල තමන් කෑම මිල තුන්වරක් ඉහල නැංවූ බවත් ඊට සමාන්තරව මහපොල මුදල ඉහල නොගිය බවත්, //
    එසේම අවසන සියලු සිසුන් නැතිව වුවත් එකෙක් හෝ ආපසු පැමිණ ණය පියවූ අවසානයත් හොදයි

    ReplyDelete
    Replies
    1. නලීන්,
      අන්තිම වරට මහපොල වැඩිඋනේ 2004 සැප්තැම්බර් මාසේ වගේ අාසන්න වශයෙන් අදට අවුරුදු දහයකට කලින්, එතකොට රුපියල් දෙදාහකට තිබ්බ මහපොල රුපියල් දෙදාස් පන්සීයක් කළා. එ් දවස්වල කැන්ටිමේ කෑම එකක් රපියල් 12යි, උදේකෑම එක රුපියල් 10, ප්ලේන්ටියක් රුපියල් 2යි, රුපියල් 40කින් දවසම කෑම කාල ඉන්න පුුළුවන්. එ් වගේම තමයි පොටෝ කොපියක් රුපියල් දෙකයි, A4 එකක් සත පනහයි..
      අද කැන්ටිමේ කෑම එකකුත් රුපියල් තිහක් විතර වෙනවා, ප්ලේන්ටීඑකක් රුපියල් 6යි, කැන්ටිමෙන් කෑවත් දවසකට රුපියල් සීයක් විතර යනවා. එ් වගේම තමයි එ් දවස්වල අතින් හදල දීපු නිබන්ධන දැන් ප්‍රින්ට් කරල බයින්ඩ් කරල දෙන්න වෙනවා.. එ්කටත් විශාල වියදමක් යනවා..
      තව දෙයක් එ් දවස් වල ගල් බෝතලයක් රුපියල් 600යි දැන් 960, සෝඩාඑකක් 40 යි දැන් 80යි, බයිට් පැකට් එකක් රුපියල් 5යි (දෙකටත් තිබ්බා) දැන් රුපියල් 20යි..

      මේ සියළු වෙනස්වීම් මැද නොවෙනස් උන එකම දේ තමයි මහපොල, එ්ක සීගිරි පර්වතේ වගේ රුපියල් දෙදාස් පන්සීයේම නැවතිලා...

      විශ්වවිද්‍යාල වල ඉන්නේ හරක් කියන අැමතියන්ට තේරෙන් නැද්ද දන්නෑ රුපියල් දෙදාස් පන්සීයෙන් මාසෙකට හරියන පුන්නක්කුයි, තණකොලයි ටිකවත් ගන්න බැරි බව...

      ණය පියෙව්වෙ නෑ එතනත් කලේ ප්‍රෝඩාව එ්කයි වේදනාව...

      Delete
    2. //ගල් බෝතලයක් රුපියල් 600යි දැන් 960, සෝඩාඑකක් 40 යි දැන් 80යි, බයිට් පැකට් එකක් රුපියල් 5යි (දෙකටත් තිබ්බා) දැන් රුපියල් 20යි..//

      හැක් :) :) වෙල් ෆැන්ටාත් ගනන් ගිහින්ද දන්නෑ බොල.

      Delete
    3. වෙල් පැන්ටා ගනං නොගිහිං තියෙයිද බොල, මොකද එ් මිනිස්සුත් ජීවත් වෙන්න එපැයි, අනික අල්ල ගෙන යන පාරට දඩ ගෙවන්නත් එපැයි..
      එ් කාලේ ග්ලොසරි බැග් එකට දාල වට දෙකක් කරකවල ගැටයක් දාල දෙන ෆැන්ටා බාගේ රුපියල් විස්සයි, දැං නං පනහක් විතර වෙනවා..

      Delete
    4. හා දෙදාස් පන්සීයෙන් උඹලට තුන්දෙනෙක් ඉන්න පවුලක් නඩත්තු කොරන්න පුලුවන් නෙව. ලංකාවෙ නෙමෙද ඉන්නෙ ඈ... ;)

      Delete
    5. එ් උයාගෙන කනවනං නේ බස්සි.. මේ කට්ටිය කන්නේ කඩෙන්නේ..අනික එ් අැමතිවරු අරවයේ මිල අඩු කරන්නෑනේ

      Delete
    6. ප්‍රියෝ මට ඉස්සෙල්ල කියහං උඹ වැඩ කරන තැන.. මට ඔය ගනං මිමි කිවිල්ල දිරෙව්වෙ නෑ තොගේ :D

      Delete
  10. මොකද්ද අනේ ඔයාගේ හිතේ කකරුන වේදනාව......... එතකොට මේක අතරේ තියන සම්බන්ධෙ ...... මොනවා උනත් ඔයා නෙමේනේ සුනිමල්....... නේද...? අපිනම් කපු ගමන් සල්ලි දීල මාරු උනා. ඒත් දැන්නම් දෙන්නේ බත් සල්ලි දුන්නට පස්සේ. ඇතුලේ කැන්ටින් එකේ....

    ReplyDelete
    Replies
    1. සුනිමල් නෙවුනු හින්ද නේන්නම් කැකෑරෙන වේදනාව..
      අර වගේ නොසන්ඩාලයෝ අැතුලෙ කැන්ටින් එකටත් එන්න අැති.. එ්කයි ඔය වගේ සල්ලි දුන්නට පස්සෙ බත් දෙන්නේ...

      Delete
  11. නියමයි විදානේ,අත්දැකීමක් වෙන්න ඇති නේද.ගල් බෝතලුයි සෝඩා සහ බයිටුයි අධ්‍යාපනේට අත්‍යවශ්‍යයි කියල මම දැනගන හිටියෙ නෑනෙ බං.

    ReplyDelete
    Replies
    1. ඒවා නැතිව කොහොමද නිදි මරාගෙන පාඩම් කරන්නේ ..?

      Delete
    2. @ හැලප අයියා
      උසස් අධ්‍යාපනයටම් අනිවාර්යයෙන්ම ඔ්න කරනවා, නැත්නම් කොහොමද දාර්ශණික අදහස් පහල වෙන්නේ.. විවිධ වර්ගවල හිස් බෝතල් එකතු කිරීම වැනි ව්‍යාපෘති කරන්නේ..

      @ ඉවාන්
      ඔන්න ඔය හැලපයියට කියල දෙන්න එ්කෙ තියන වැදගත් කම

      Delete
    3. හැලපතුමා: ++++++++++ එල කතාව. ඒව අධ්‍යාපන උපකාරක උනේ කොහොමද කියන ප්‍රශ්නෙ මටත් ආව.

      Delete
    4. එවා නැතිව කොහොමද අපි ජීවත් වන්නේ (එ් පැත්ත පට්ට හීතලයි බස්සි - බෙලිහුල්ඔයනේ)

      Delete
    5. අයියෝ මේ අමද්‍යප ඉවානුත් පැටලෙන තැන්

      Delete
    6. අඩා.....! ඉවානයා අමද්‍යපද නලින් අයියේ...!

      Delete
    7. තොපිට ඔහොම නං මේ හීතල ඉතාලියෙ කොහොම නොබී ඉන්ඩද .. මං පව් යකෝ මං පව්ව්ව්ව්ව්ව් !!!

      Delete
    8. ඉවාන් අමධ්‍යප උනත් යථාර්ථය අවබෝධ කරන්

      Delete
  12. //"මේ ඉස්සා මල්ලිනේ ඉතිං කාෙහොමද? දැං ජොබ් එකක් එහෙම කරනවයි?"//

    "ඔව් අයියා දැන් මේ ඉඩම් මනින රස්සාවක් කරනවා " :D

    ReplyDelete
    Replies
    1. ඔහොමම තමයි කව්වේ ඉවාන්, අතන්නිදි පොඩ්ඩක් වෙනස් කළා

      Delete
    2. දැන් අපි බොට ඉස්සා කියන්නද? පොකිරිස්සා කියන්නද? කූනිස්සා කියන්නද? :D

      Delete
    3. *කේ ඉස්සා ගැලපෙනවානේ

      Delete
    4. චැහ්.. අනුංගෙ ඉඩං වල හතරමායිං මනින්ඩ ලැජ්ජ නැද්ද බං, මම නං කියනවා මැන්නට වැඩක් නෑ මෙහෙ ඔයාට දෙන ගෑණු ළමයි නෑ කියලා .. හුකෑස්

      Delete
    5. අඩේ ඉඩං මයින්නේ ගෑනු ගන්නනමද??

      Delete
  13. දැන්වත් ගිහින් ඉතිරි ණයත් ගෙවපන්. හිතේ දුක කෙලවර වෙයි.

    ReplyDelete
    Replies
    1. දෙතුන් පාරකම ගියා, පරණ දේවල් අවුස්සන්නේ මොකටද කියල සද්ද නැතුව නිකං හිටියා..
      (අලුත් පොස්ට් එකක් දාමු නේද?)

      Delete
  14. අපිත් ඔහොම කැව කඩෙකින්.මිනිහ ගානට මර්සිය දානව කියල හැමොම කියන්න ගත්ත.මිනිහමයි ගනන් ලියන්නෙ.අපිට ඔපුකරගන්න බැ.මොකො අපි ලියාගන්න එකක්යැ.හැබැයි පොරට දවසක් වැරදුනා අපි ප්‍රැක්ටිකල් එකකට වෙනා ආයත්නෙකට ගිය දවසකත් ගනන් දාල.අදා අපි සෙට් එකක්ම ඔය පැත්තපලාතක නැ.එදානම් පොරගෙ වස්තරෙ ගැලවුනා.

    ReplyDelete
    Replies
    1. පොරගේ වස්තර ගැලවුනා ,උඹලා සල්ලි නොදී ගැලවුනා

      Delete
    2. @ දමිත්
      කඩේ මුදලාලිට ගනන් දාන්න දුන්නනං බඩුම තමයි.. එහෙනං අපේ නය අටදාහත් පන්නනව ෂුවර්..
      වස්තර ගලෝල හරි සල්ලි නොදී හිටියනං එච්චරයි..

      @ ඉවාන්
      අන්න හරි.. සල්ලි නොදී ඉන්න හොදම ක්‍රමේ..

      Delete
  15. හරි විදානේගේ කැම්පස් කාඩ් එක හොයා ගත්තා... ඉස්සා..............

    හරි නෑ කියමු බලන්න... ඒ කියන්නේ විදානේ සබරේ ඉස්සරහා කෑම කඩේට 3730 ක් ණයයිනේ... ඒක කරන්නේ මං දන්න මල්ලි කෙනෙක්... බඩුම තමා... දැන් විදානේ ඉවරාාාාාාාාාාාාාාාාාායි.......................

    ReplyDelete
    Replies
    1. ඉස්සා හරි, අනිත් ටික සම්පූර්ණයෙන්ම වැරදියි..
      මම කිව්වේ ඉස්සරහා කෑම කඩයක් ගැන නෙවෙයි, පිටිපස්සෙ ගේට්ටුව ගාව තියන කඩයක් ගැන..
      එ්කේ ඉන්නේ අපිට වඩා අවුරුදු 4ක් පහක් වැඩිමල් කෙනෙක් (එ්කනේ අපි එයාට සුනිමල් අයියා කියන්නේ)

      එ් හින්දා මං ඉවරවෙන් නෑ..........................

      Delete
    2. හරි හරි මං දන්නවා... දැන් විදානෙගේ ඒ කාලේ ඒවා ඔක්කොම අල්ලලා දෙතහැකි.. මොකද දැන් ඔය පළාත ම භාරව ඉන්නේ මගේ හාමිනේ තමයි... දෙන්නම් ජම්බෝ...................... හැක්....

      ඒ වුණාට විදානේ කැම්පස් එක හරිය සහ කුඹල්ගම පැත්තට වෙන්න විශේෂයෙන් වැව පැත්තට වෙන්න මාර ලස්සනයි නේද විදානේ..... එහෙ ලස්සන සහ පරිසරය නම් කියලා වැඩක් නෑ... මරේ මරු......... එහෙන් ම කසාදයක් එහෙම කරගෙන බත් කඩයක්වත් දාගෙන ඉන්න තිබුණානේ විදානේ.... ඇයි ගියේ...????

      Delete
    3. ඔව් එ් පැත්ත හරි ලස්සනයි තමයි එ්ත් ජීවිතේ හරි කටුකයි.. ලගදී පොස්ට් එකක් දානවා එ් පැත්ත ගැන

      Delete
  16. අඩො විදානයා!!! ඉතිරි ණය සල්ලි ටික දීපිය

    ReplyDelete
    Replies
    1. අැලපාත සාදරයෙන් පිළිගන්නවා මේ මළදානේට...
      මං පොතේ ලියල තිබුණා.. කඩේ මුදලාලි පොත නැනිකරගෙන, මට දැං ගාන හරියට මතක නෑ.. හාරසිය ගානක් ද කොහෙද.. කෝකටත් කියල මං රුපියල් පන්සීයක්ම දීල අාවා පවුනේ අහිංසක මුදලාලි නේ...

      Delete
  17. හ්ම්ම්.... උඹ බිසි වෙලත් මෙහම කොටන එකට අරිගතෝ....
    සුනිමල් හොද වෙලාවට "බ්ලාස්ටර්"කෙනෙක් නොවී තිබ්බෙ ... හෙක්..හෙක්...

    ReplyDelete
    Replies
    1. අද පොඩ්ඩක් නිදහස් දවසක්, හෙට ඉදන් වැඩ..

      සුනිමල් වලියට බර කෙනෙක් නෙවෙයි.. හැබැයි අවස්ථාවාදියක් කපටියෙක්..

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. අම්මේ, මං පරක්කුවෙලා තියෙන තරමක්. කතාවනම් රහයි. ඒත් මේ අන්තිමට කියල තිබුන එක නොතිබුනානම් හොඳ කතාවක් කියල හිතාගෙන යන්න තිබුනා, ඒත් මේක හිතේ වේදනාවට ලිව්ව කිව්වම? අනේ මංද, මට නිකං කොයිල් වගේ.

    ReplyDelete
    Replies
    1. කොයිල් වෙන්න දෙයක් නෑ. මනොෂ්.. මාත් අර දල කාරයන්ගෙ සෙට් එකේ හිටියේ... එ්කයි හිතේ වේදනාව....

      Delete
    2. ඔය තියෙන්නෙ. නිකමට හිතුන මට.

      Delete
  20. මේක සත්‍ය කථාවක්ද බං...බොලාගෙම අත්දැකීමක්ද කියලත් සැකයි...ණය පොතට වෙච්ච සන්තෑසිය ඉතින් කියන්න දෙයක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. සැක කරන්න දෙයක් නෑ සිරා.. දල කාරයන්ගේන් කෙනක් තමයි.. එ්කයි වේදනා.....
      ණය පොතට බුදු සරණයි...

      Delete
  21. /මෙය කෙටි කථාවක් නොවේ.. හිතේ කැකෑරුණු වේදනාවක් තුනී කරගැනීමට ලියූවකි../

    පව් අප්පා දැන් කැම්පස් වල කැන්ටින් කරන උන්ගෙ හැටියට ඒ මනුස්සය කොච්චර හොඳද හිතෙනව. හාල්මැස්සො වෙනුවට බත් එකේ කැරපොත්තො එහෙම හිටියෙ නෑනෙ බන් දැන් කැන්ටින් වල වගේ...


    ඒ ඔයාට ඉස්ස කියන්නෙ මොකද?

    ReplyDelete
    Replies
    1. බත් එකේ කැරපොත්තොනම් හිටියේ නෑ කන්න පුළුවන් පිලිවෙලට කෑම ටික නං තිබුණා..(සාපේක්ෂව)
      ඔවු බස්සි දැං කැන්ටින්වල ඉන්නේ මරුමුස් ඩයල්නේ.. එ් දවස් වල එහෙම නෑ.. එ් මිනිස්සුත් ගොඩක් ලෙන්ගතුයි.. අනික කැම්පස් එක තිබුනෙත් ගමකනේ..

      බකට් එකට යනකොට දාපු කඩදාසි ටයි එකේ ලියාගෙන ගියේ "ඉස්සා" කියල තමයි.. අදටත් ඔපිස් එකේ අයත් කියන්නේ එ්කමයි..

      Delete
  22. මොකා කොහොම කලත් හෙන ගහන වැඩ. ඒකනේ රස්සාවල් නැතිව දුක් විඳින්නේ.. ඔහොම කරන වේස කොල්ලෝ තමයි.. ආන්ඩුවේ දූෂණයයි හොරකමයි ගැන කතා කරන්නේ. ඉස්සෙල්ලා තමන්ගේ පුක හෝදන් ඉන්න ඕන, අනුන්ගේ පුකවල් හෝදන්න කලින්.

    ReplyDelete
    Replies
    1. //ඉස්සෙල්ලා තමන්ගේ පුක හෝදන් ඉන්න ඕන, අනුන්ගේ පුකවල් හෝදන්න කලින්.//
      මේ ටික තමයි හොදම..

      Delete
  23. ණය පොත නැතිවුනාම සමහර පොරවල් අළුතෙන් පොත් ලියනවා...ණය ගන්න එකා ගාව පොතක් නැත්නම්. පව් බන් බැලන්ස් එක ගිහිල්ලා දීපන්. නැත්නම් උඹට ඉස්සෙක් වගේ වකුටුවෙලා තමයි ඉන්න වෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. අායේ එ් පැත්තට ගිය දවසට මේකෙ ඉවරයක් කරන්න ඔ්න.. උගේ ගාව ඩුප්ලිකේට් එකක් තිබුනේ නෑ...

      Delete
  24. අපේ සෙට් එකේ සමහර කාල වලට තුන්වේලම බනිස් කාපු සහ තුන් වේලටම මැගී හදන් කාපු එවුනුත් හිටියා.

    ReplyDelete