Tuesday, May 20, 2014

වෙසක් - බල්බ් වැල

"මේ පාර වෙසක් පොයට අපි මුළු පංසලම ලස්සනට සරසන්න ඕන"

"ඔව් ඔව් කූඩු හදලා පාර දිගේ එල්ලමු"

"වෙෙත්‍ය වැහෙන්න බල්බ්වැල් අදිමු"

වෙසක් පෝයට සති දෙකකට පෙර දහම් පාසලේ පැවති රැස්වීමේදී යෝජනා වූ අදහස් කිහිපයකි එ්. නගරයට මදක් අාසන්නව පැවති මේ විහාරස්ථානයහි ලමුන් දෙතුන් සියයක් පමන ඉගනුම ලබයි. දහම් පාසලේ අාචාර්ය මණ්ඩලය විසින් මේ සිසුන් පිරිස කණ්ඩායම් කිහිපයකට බෙදා එක් එක් කණ්ඩායමට එක් එක් වැඩ කොටස් පවරන්නට විය.

එක් කණ්ඩායමකට වෙසක් කූඩු සාදන්නය, තව කණ්ඩායමකට බල්වැල් අදින්නය, තවත් අයට කූඩු අලවන්නය මෙලසින් පිල් බෙදුනු ළමෝ යුහුසුලුව සිය කාර්යයන් සැලසුම් කරන්නට විය. වෙසක් සැරසිලි සඳහා වන සියළු වියදම් විහාරස්ථාන දායක සභාව විසින් සපයන්නට එකඟ වී තිබිණ.

සවිත් එකොලොස් හැවිරිදි වියේ පසුවූ දහම් පාසලෙහි හයවැනි පන්තියේ ඉගන ගන්නා සිසුවෙකි. මොහු වැටුනේ බල්බ් වැල් එල්ලන කණ්ඩායමටය. ඉමහත් සතුටින් එ් හා එක්වූ සවිත් එම කණ්ඩායම සමග යුහුසුළුව වැඩකටයුතු කරන්නට විය.

උනගස් කපා ගෙනැවිත් පිලියල කරන ලද ඉනිමං අාධාරයන් එකෙකු විසන් චෙෙත්‍ය මුදුනේ සිට පිලිවෙලින් බල්බ් වැල් එල්ලයි. තවත් අය වයර් කැබලි කපා එකිනෙක අමුණා විදුලිය හා සම්බන්ධ කරයි. මේවාට අත් උදව් දෙන සචිත් ට "අනේ මටත් බල්බ් වැලක් තිබුණානම්" කියා සිතුණු වාර අන්තය..

පවුලේ දෙවැනියා වූ සච්ත් ට ඔහුට වඩා දෑ අවුරුද්දක් පමණ වැඩිමහල් සොයුරියක් සහ බාල සොයුරන් දෙදනෙකු වෙයි. සච්ත්ගේ පියා මේසන් වැඩ අත් උදවුකරුවෙකු වන අතර ඔහු උපයන සියල්ල කිසිඳු ලාේබකමක් නැතිව සවසට මත් වතුරෙහි දියකර හරින්නෙකි. ඔහු බිරිද, දරුවන් සමග හොද සිහියෙන් කථා බස් කරන දිනයක් සොයාගැනීමට නොහැකි තරම්ය.

සය දෙනෙකුකුගෙන් යුතු පවුලේ සියළු බර කරට ගෙන කටයුතු කරන්නේ සච්ත් ගේ මව විසිනි. අැය දවස් කුලියට තේ දළු නෙළන්නට යයි. එ් ලැබෙන මුදලින් කන්න බොන්න ගෙනඑයි ළමයින්ට උගන්වන්නට වියදම් කරයි. තවත් ගෙදර දොරේ එන සියළු වියදම් පිරිමහ ගන්නට ද සිදුවෙයි. 

වෙසක් එකට තව දින දෙකකි. මාර්ගය දෙපස අැති නිවෙස් වල දැං එකින් එක බල්බ් වැල් එල්ලෙයි. ටවුමේ කඩවල් වල වීදුරු සෝකේස් අස්සෙන් නිවෙන දැල්වෙන බල්වැල් දල්වා අැත. මේවා දකින සචිත්ට මේ සැරේ නං කොහොමහරි බල්බ් වැලක් අරගන්න ඔ්න යයි සිතුණි.

නිවසේ තිබෙන මේ අගහිග කම් ගැන සච්ත්ට යන්තම් වැටගීමක් තිබිණි. බල්බ් වැලක් ගැනීමට අම්මාගෙන් සල්ලි ඉල්ලා පලක් නොවන බව ඔහුට සක් සුදක් සේ පැහැදිලිය. නමුත් ඔහුගේ අාශාව එයිට වඩා බලවත්ය..

"අම්මේ.. "

"මොකද බන්"

"පංසලේ ලස්සනට බල්බ්වැල් එල්ලලා තියනවා"

"ඉතින් .."

"අර කවීෂලැයි ගෙදරත් ලස්සන බල්බ්වැල් දෙකක්ම එල්ලල තිබුණා"

කාෙල්ලා වටින් ගොඩින් එනේනේ කුමකටදැයි මවට වැටහිණි. 

"ඔ්වට කොහෙ තියන සල්ලිද බන්. උඔලට ඉස්කෝලෙ ගිනියන්න හංදියෙ කඩෙන් ගත්ත පොත්ටිකේ සල්ලි තාම දුන්නේ නෑ. පාරට බහින්න බෑ මිනිස්සු ණයට ගත්ත සල්ලි දෙන්න කියනවා. පොඩි එකා උනක් හෙම්බිරිසාවක් හැදුනොත් පැනඩාේල් පෙත්තක් අරන් දෙන්න අතේ සතපහක් නෑ.. අරුංටනං ඉතිං මොන අඩු පාඩුද. යන්න එන්න කාර් බාර් අතට පයට වැඩකාරයෝ ඉන්න එකේ. බල්බ්වැල් දෙකට දහක් අරන් දෙන්න බැරියැ. "

අම්මාගේ මේ ප්‍රකාෂයත් සමගම තමාගේ ඉල්ලීම ඉන්තේරුවෙන්ම ඉටු නොවන බව සච්ත්ට වැටහිණි. ඔහු හීන් සීරුවේ එතැනින් ඉවත්වන්නට විය.

"පුළුවන්නං උඔලගෙ මහඑකාගෙන් ඉල්ලපං. හැමදාම මෙතන කනමදයා වගේ බීගෙන එනවා, ඔහොම එකක් වත් අරං දුන්නොත් නරක් වෙයි"

අම්මා මේ බනිනේ තරහින්ද දුකෙන්ද යන්න තේරුං ගැනීමට සච්ත්ට වැටහීමක් නොවිනි. එහෙත් තාත්තාගෙනුත් මේ පිළිබදව අසන්නට ඔහු සිතා ගත්තේය.

සුපුරුදු පරිදි බමන මතින් නිවසට ගොඩවූ පියා අැගපත සොදාගත් පසු සචිත් හිමිහිට ඔහුට ලංවිය. 

"තාත්තේ"

"අා .. මගේ සුද්දා.. මෙහවරෙන්.. මෙහෙවරෙන්.. මොකද අද උඔට කවුරුවත් ගහන්න අාවද.. එහෙම පස්නයක් තියනං කියපං.. දන්නවනේ මේ තාත්තගෙ හැටි.. කියපං කියපං.. කවුද උඹට ගැහුවේ.. කවුද උඔට ගැහුවේ...කියපං... මං ඕකුංග් අම්මලාට *කවල තමයි පස්ස බලන්නෙ... ඕ......"

"තාත්තෙ මට වෙසක් එකට බල්බ් වැලක් අරන් ඕන.."

" බලුබ් වැලක්.. බලුබ් වැලක්.. තොට එච්චරද යකෝ අඩු.. බලුබ් වැලක්.. ඉතින් අම්මගෙන් ඉල්ලපංකෝ එ්කිනේ උඔලගෙ අනික් එ්වටත් වියදං කොරන්නේ... කවුද.. කවුද.. කවුද උඔට කිව්වේ මගෙන් ඉල්ලන්යි කියල අම්මද.. එ්.. අම්මද කිව්වේ.. මේ පට්ට වෙසි... මෙහවර *ත්ති..............................................."

තමන් තල්ලුකර දමා අම්මා සමග දබර වීමට යන තාත්තාගෙන් තමාගේ බල්බ් වැලේ සිහිනය කිසි විටක ඉටු නොවන බව ඔහුට පැහැදිලි විය.. කිසිත් කර කියා ගත නොහැකි අසරණ කමකින් තමන් තැලී පොඩිවී අැති බව සච්ත්ට සිතුණි.. අම්මගෙනුත් තාත්තාගෙනුත් තමාගේ ඉල්ලීම ඉටු නොවන බව දැනගත් සචිත් කෙසේ හෝ බල්වැලක් ගනිමියි අදිටන් කරගත්හ.

එහෙත් බල්බ් වැලක් ගන්නේ කෙසේදැයි ඔහුට නිසි වැටහීමක් නොතිබිණි. 

"පංසලේ බල්බ්වැල් වලින් එකක් හොරකං කරං එනවා" 

එහෙම බැරි උනොත් 

"පංසලේ පිංකැට් හොරකං කරල එ් සල්ලි වලින් බල්බ් වැලක් ගන්නවා" 

නෑ නෑ.. 

"ටිකක් රෑ වෙනකං ඉදල ගෙදරක දාපු බල්බ් වැලක් ගලවං එනවා"

නොයක් නොයෙක් අදහස් ගෙන එමින් තම යටි සිත සමග තර්ක කල සච්ත් එදින නිදා ගත්තේ කිසිඳු ස්ථිර තීරණයකින් තොරවය.

වෙසක් දවස උදාවිය. ටිකක් දවල් වෙනකං නිදාගත් සචිත් ලක ලැහැස්තිවී පංසල වෙත ගියහ. තමන්ගේ සැරසිලි වලින් හැඩවූ චෙෙත්‍ය රාජයා තේජාන්විතව වැඩ ඉන්නවා ඔහුට දැක ගන්නට හැකි විය. බල්බ් පත්තුකරාම කොච්චර ලස්සනට අැද්ද.. තමන්ටම කියාගත් ඔහු පංසලේ පිං කැටය වෙත හිමීහිට අැදුනි.

"බුදු අම්මාේ එතන ඉන්න සෙනග අද පිංකැටේ හොරකං කරන්නනං බැරිවෙයි"

මෙසේ සිතූ සචිත් වැඩිපුර බල්බ් වැල්ටික දමා අැති ගබඩා කාමරය දෙසට අැදුනි. විහාරගෙයි පිටුපසට වන්නට තිබූ එම කාමරය අවට කිසිවෙකුත් නැත. 

"කාෙහොමහරි මේකෙන් බල්බ් වැලක් ගන්නවා" යැයි සිතාගත් ඔහු එහි දොර හරින්නට තැත් කලේය..අඟල් තුනක් පමණ පලල දෙපලු දොර කිලෝ එක හමාරක් පමණැති ඉබ්බන් තිදෙනකු දමා අගුලු ලා තිබිණි. ඔහු ඉදිරියේ යෝදයකු බදු වූ එම දොර අරින්ට තබා සෙලවීමටවත් නොහැකි විය.

පංසලේ එහෙ මෙහ අැවිදිමින් දවල් වරුවම ගත කල සචිත් සවස හතර පමන වනවිට ටවුමේ කඩ පේලිය වෙත ගියහ. එහි සමහර කඩ තවමත් විවෘතව අැත. බල්බ් වැල් දමා සරසා එ්වා පත්තු කර තිබෙන කඩයක් අසල නැවතුනු සචිත් ඉමහත් අාශාවෙන් බල්බ් වැල් දෙස බලා ඉන්නට විය.

"මොනවද බලන්නේ බල්බ් වැලක් ද?"

පෙනුමෙන් වයස විස්සක්වත් විය නොහැකි යයි සිතිය හැකි කොළුවෙක් ඉදිරයට පැමින සචිත් ගෙන් විමසීය. 

"නැ.. මං මේ නිකං බලන්න අාවා.."

"යනවා යනවා මෙතනින්..කරදරකරන් නැතිව.."

පියවර කිහිපයක් පමන පිටුපසට අා සචිත් නැවතත් බල්බ්වැල් දෙස බලා සිටින්නට විය. කාලය ගෙවෙත්ම ඔහු එල්ලා අැති බල්බ් වැල් අතින් පරිමදිමින් එ් දිහා බලන්නට විය..

"එහෙනං බඩුටික අස්කරල කඩේ වහල ගෙදර යන්න. මට දැං පංසලට යන්න තියනවා"

කඩේ මුදලාලියැයි සිතියහැකි කෙනෙක් කඩයේ වැඩකල කොළුවාට පවසා මොටර් බයිසිකලක නැගී පිටව ගියේය.

"උඹ තාම ගියේ නැද්ද"

සචිත් කිසිත් නොකියා කොළුවා දෙසට හැරී සිනහසුනේය.

"උඔට මේ බල්බ් වැලක් ඔ්නද?,"

අනේ මට බල්බ් වැලක් දෙනවනං කොච්චර එකක්ද යැයි සච්ත්ට සිතුනද ඔහු එය ප්‍රකාෂ නොකර නැවතත් සිනහසුනේය.

"කථා කරපං, උඹට බල්බ් වැලක් ඔ්නද?"

සච්ත් ඔ්න යැයි කියන්නට ඉහලටත් පහලටත් හිස සැළුවේය..

"හරි එහෙනං පිටිපස්සෙ බඩු වගක් අස් කරන්න අැති එ් ටික අස් කරන්න උදව් වෙයං. මේ බල්බ් වැල හොදයිද"

කඩේ කොළුවා බල්බ්වැලක් අතට ගෙනම විමසීය. සචිත් බලබ් වැලට අාසාවෙන් හිස සැලීය.

"පිටිපස්සෙ දොරෙන් වරෙන්"

මෙසේ කියු කොළුවා කඩයේ ඉදිරිපස දොර වසා දැමීය. සචිත් ඉක්මන් ගමනින් කඩයේ පිටුපස දොර වෙත ගියහ. 

"අැතුලට වරෙන්"

සචිත් අැතුලට ගිය පසු කොළුවා දොර වැසීය.. පෑ බාගයකට පමන පසු බල්බ්වැලකුත් තුරුළුකරත් සචිත් කොරගසමින් නිවස දෙසට අැදුණි.


-------------------------------------------------------------------------------------------------------------------------

පලි

නං ගං මන:කල්පිතය..

86 comments:

  1. කතාව අවසානයේ තුෂ්නිම්භූත වුනා!

    ReplyDelete
    Replies
    1. මේ වගේ කථාත් ලංකාවේ තියනවා..

      Delete
  2. පංසල් ආශ්‍රිතවත් බොහොම සුලභයිනේ විදානෙ, මූ පොඩි එකා.. සාමණේර පැටව්.. !!

    ReplyDelete
    Replies
    1. ලාෙකු උන්නාන්සෙලා ඉන්නවා සාමනේර අධෝමුඛයට බොහෝ මනාප..

      Delete
    2. අපේ පැත්තට ආසන්න තැනක ඒ වැඩේ උනා...හිතුනොත් දෙසන්නම් ඉදිරියේදී...

      Delete
    3. @ සිරා,
      මේ ලග පන්සලක සිද්දියක් උනා.. ළමයා මැරුවා.. ගනයගේ සිවුරු ගලෝල නොමර මැරුවා.. දැං ඉන්නේ හිරේ.. (හිරේ බන්නඋන් ගනයට ගේම දෙනවා අැති)

      Delete
  3. මම හිතුවේ මේ පොඩි ළමයා බල්බ් වැලක් ගලවන්න ගිහින් කරන්ට් එක වද්දගනියි කියලා, නැත්නම් හාමුදුරැවන්ට අහුවෙයි වගේ හරිම සාමාන්‍ය අවසානයක් ගැන. ඒත් ඔයා නිර්මාණය ගෙනිච්ච තැන.. කතන්දර වගේම මාත් තුෂ්නිම්භුත වුණා.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා දිලිනි මේ මළදානෙට..
      මේ වගේ කථාත් අද සමාජයේ අහන්න ලැබෙනවා නමුත් ගොඩක් එ්වා එලි වෙන්න් නෑ...
      ඔබේ සරුංගලේ බ්ලොග් රෝලේ යාවත්කාල වෙනවා හොරයිනේ...

      Delete
    2. ඔව් මේවා අනන්තවත් වෙනවා. ඒත් ගොඩක් අය මේව ගැන කතකරන්න කැමති නැහැනේ.

      බ්ලොග් රෝල්වල අප්ඩේට් නොවෙන අවුලක් තියෙනවා. මෙන්න මේ feed ලිපිනයෙන් ඔයාගේ බ්ලොග් රෝලට දාන්න පුලුවන්නම් හරියයි. http://sarungaleblog.blogspot.com/feeds/posts/default

      Delete
    3. හරි දැම්මා දැං නං සරුංගලේ ලස්සනට උඩ යනවා!!!

      Delete
  4. පොඩි එකාට බලුප් වැලක් නං හමුබවුණා... ඒත් ඌට වෙච්ච දේ ගැන නං තේරුමක් නැතිව ඇති...
    සාමාන්‍යයෙන් ඔය තත්වෙක ඉන්න පොඩි උං ඔය වගේ අපචාර වලට ලක් වෙන්න කියෙන ඉඩකඩ වැඩී...

    කතාව නංපට්ට..
    ඒත් තැං තැං වල වැරදි ගොඩක්ම තිබුණ... හදිසියෙන්ද ලීවෙ

    ReplyDelete
    Replies
    1. අද කාලේ කෙල්ලෙක් පරිස්සං කරනවා වගේම කොල්ලෝත් පරිස්සං කරන්න ඔ්න..
      අහුඋන අඩුපාඩු ටික හැදුවා - තව තිබ්බොත් කියන්න..

      Delete
  5. ඔහොම මුදලෑලි පොරවල් ඉන්නවා බං අනන්තවත්.. ඔය වගේ දේවල් එළියට නොඑන එකයි අවුල.. ඒකනේ කියන්නේ ලංකාවේ පුරුෂයන් අතරින් සියයට හැත්තෑ ගනනක්ම පොඩි කාලේ කුමක් හෝ ලිංගික අතවරයකට මුහුණ පාලා තියෙනවා කියලා..

    ReplyDelete
    Replies
    1. අැත්ත තමයි. ඔය වගේ සිද්දි ගොඩාක් තයනවා.. එ්වා එලියට එන්නෙ නෑ.. කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් අද ගොඩක් පරිස්සම් කල යුතුයි..

      Delete
  6. අඩේ සිරාවටම අවසානය වෙනකම් හිතා ගන්න බැරි උනා බං.
    මට තේරුනේ මම සචිත් වගේ හැඟීමක්. කතාව සාර්ථකයි බං. මාත් සාම්ප්‍රදායික අවසානයක් බලාපොරොත්තු උනේ. ඒත් මේ උනදේ කරකවලා අත හැරියා වගේ උනා.

    ReplyDelete
    Replies
    1. අන්තිම වෙනකං පාඨකයා නොමග යවන්නයි මට ඔ්න කලේ. අන්තිමට කථාව නොමග ගියා..

      Delete
    2. අපිව නොමග යවලා උඹ පව් පුරෝ ගනින්. ;)

      Delete
    3. අනේ මෙන්න පිං කොරන අැත්තා.. හැක්..

      Delete
  7. / /පලි

    නං ගං මන:කල්පිතය//

    මේක ඇත්ත කතාවක්ද බං?.

    ReplyDelete
    Replies
    1. නෑ බං . අපි බල්බ් වැලක් සල්ලි දාල අරං දෙයි කියල බයේ.. ඊට ලේසි නොවැ අරෙහෙම :D

      Delete
    2. @ ප්‍රියා,
      මේක අැත්ත එකක් නෙවෙයි. හැබැයි මේ වගේ එ්වා ඔ්න තරං සමාජයේ තියනවා..

      @ පත්තර
      ඔන්න සල්ලි එකතු කරල අරන් දියන්කෝ, මං පත්තර මල්ලිට කරන උදව්වක් විදියට බැනර් එකක් එල්ල ගත්තා..

      Delete
    3. විදානෙ .. මට පොලු කෑලලක් අරං ගහපංකො :D
      බැනර් එකට බෝම සතූතියි බං .. මම නං ගහන්නෙ ගල් .

      Delete
    4. හරි හැලපෙ කියන විදියට මෝරගං කඳකින් ගහන්නද? :D

      මාත් ගහන්නෙ ගල්. සුදීකගේ එකේ ලියල අාවා..

      Delete
    5. විදානෙයො..පොඩි සප් එකක් දියං.. මෙන්න මේ ලින්ක් එකේ පැරාගෙ කමෙන්ට් එකට රිප්ලයි ටික බලපං ..මම ඔය පත්තර මල්ලි ඉමේජ් එක යූස් කරනවට නෙත් fm පත්තර මල්ලිගෙ කැමැත්තක් නෑ..
      http://samakayawate.blogspot.it/2014/05/sri-lanka-prees-club.html?m=1

      Delete
    6. ඕකට කියන්නේ ශ්‍රමික තන්හාව කියලයි (ඒ පත්තර මල්ලිගේ වචන වලට අනුව)

      Delete
    7. @ පත්තර
      කියෙව්වා. වගේම ඉමේජ් එක මාරුකළා.. දැං හරි. කාගෙවත් හිත් රිද්දන්න ඔ්න නෑනේ...
      ඔ්නනං නමත් මාරු කරමු..

      @ දේශක..
      ලොකු වචන වලින් කිව්වට දැනුවත්ව කොපි කිරීමක් වෙලා නෑනේ.. කොහොම උනත් අන්තිමට එ්ක විසදුනු විදියනං හොදයි..

      Delete
    8. දේශො .. .. ඔය වචනෙ උගෙද ??? ආයෙ පාවිච්චි කරන්ඩ එපා ඕකත් එහෙනං .හැක්.
      අපි යනකොට ගෙනියන් නෑනෙ මචං..ආසාවනෙ :D

      Delete
    9. නම ?? :D අනේ රත්තරං ඒකනං බෑ අම්මේ …

      Delete
    10. ඔව් බන්, අපි දැං බලමු රාජපක්ෂ කියලා... ලංකාවේ කී දෙනක් නං ඉන්නවද... මොකාේ උන් අැන කොටා ගන්නවැය.. යස අගේට බෙදාගෙන කන්නේ...

      Delete
    11. පත්තරේ පොඩි කාලේ බල්බ් වැල් දැම්මයි ...?

      Delete
    12. ඔව් දැම්මා .. නොමිලෙ හම්බුනේ බං :D

      Delete
    13. @ ඉවාන්
      ඔය දාල තියන්නේ..

      @ පත්තරේ..
      කඩේ නෑයෙක්වත් හිටියැයි

      Delete
    14. මේ මොකෑ බං?

      මාත් කැමතී ගල් ගහන්න උඹලට. :D ගහනවා ආයෙ තට්ට පැලෙන්නම.

      Delete
    15. පවු නොකල තැනැත්තා පලමු ගල ගහන්න..

      Delete
    16. @ පත්ට්ගරේ ~ මාත් දැනුයි ඒක දැක්කෙ. උඹටත් වැටෙන තොප්පි බං……!!!

      Delete
    17. උෘටත් කියන්න තියෙන්න් - පවු නොකල තැනැත්තා පලමු ගල ගහන්න..
      කියලා තමයි..

      Delete
    18. ප්‍රියො .. මොනාද බං මේ කතා.. :D මට ඉතිං හැමදාම ටොපි තමා.

      Delete
    19. පත්තරේට චුයින්ගම් එකක් අරන්දියන් ප්‍රියා..

      Delete
  8. ඕන තරම් තියනව මේවගේ සිද්ධීන්.

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ්.. මේ වගේ සිද්දි ඕන තරම් තියනවා හැබැයි එලිවෙනවා හොරයි..

      Delete
  9. මම හිතුවෙ කවුරුහරි අනුකම්පා හිතලා සචිත්ට බල්බ්වැල අරන් දෙයිකියලා.
    හැබැයි....
    "හරි එහෙනං පිටිපස්සෙ බඩු වගක් අස් කරන්න අැති එ් ටික අස් කරන්න උදව් වෙයං. මේ බල්බ් වැල හොදයිද"....කියවනකොට තේරුනා කඩේ මල්ලි මොකාටද එන්නේ කියලා...
    මා තුෂ්නිම්භූත නම් උනේ නැ....හැබැයි ලියවිල්ලේ නියම රසය එලෙසම වින්දා...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා chef-architect මේ මළදානෙට.
      අනුකම්පා කරල උදව් කරන අය මේ රටේ ගොඩක් අඩුයි නේ.. අඩුමගානේ පත්තරේකට හරි වැටෙනවනං එහෙමම උදවු කරයි..

      Delete
  10. ඕක තමයි අවසානෙ විදානෙ. අරූ බල්බ් වැලක් දෙන්න හදනකොටම මට තේරුනා එන්නෙ හොඳ පොටකට නොවන බව. ඉතාම විශිෂ්ඨ කෙටිකතාවක්. වර්ථමාන විශම සමාජය ගැන හොඳ නිරූපණයක් කරපු යථාර්තවාදී කාලීන කතාවක්.

    Excellent!

    ReplyDelete
    Replies
    1. ඔව් මනොෂ්.. සමාජය තුල පිටට නොපෙනන කුහක පැති බොහෝමයක් තියනවා.. මේ එක පැත්තක් විතරයි..

      Delete
  11. කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල...
    මේකට ගැලපෙනවද නැද්ද මං දන්නේ නෑ ඕං..
    කතාව කියෝලා ඉවර උනාට පස්සේ මට හිතුනේ ඕක..
    හිතුන දේ ලිව්වා.

    ReplyDelete
    Replies
    1. පොඩි එකා රැවටුනා කියල උෟවත් දන් නැතුව අැති..

      Delete
  12. නොහිතපු තැනකට ගෙනිච්චා මං හිතුවේ හොරකන් කරලා ගුටි කනවා වහගෙ දෙයක්, නියමයි. ,හැබැයි මේ වගේ කතා බොහොමයක් ලංකාව කියන ධර්මද්වීපේ වෙනවලු

    ReplyDelete
    Replies
    1. මේ වගේ කථා බොහොමයක් සිද්ධවෙනවා එ්ත් එලියට එන්නෙ නෑ.. මේක ධර්මද්දීවීපෙනේ..

      Delete
  13. හ්ම්ම්,, ඔහොම කතාවක් මං මගේම කිට්ටු නෑයෙක්ගෙන් අහලා තියෙනවා, පන්සල්, හාමුදුරුවරු ගැන එදායින් පස්සේ සෑහෙන්න අප්පිරියාවක් හිතේ ඇතිවුණා, හිතුනොත් දවසක ඒ කතාව ලියනවා, තාම මට ගට්ස් නැහැ ලියන්න, ඒ තරම් නරකයි එයාගේ අත්දැකීම. කතාවේ අවසනය අපි හැමෝම හිතුව දේ නොවී වෙන දෙයක් වුණත් ..වැඩිපුරම රටේ ලෝකේ වෙන්නේ ඔය දේ, නිර්මානේ ලස්සනයි විදෝ..

    "පංසල පන්සල නිවැරදි කෝකද ?

    ReplyDelete
    Replies
    1. ලියන්න අපූරි, පංසල් ගැන නං කථා කරල වැඩක් නෑ.. තනියම පොඩි එකෙක් යවන්න හොද නැතිම තැනක් තමයි පන්සල කියන්නේ...

      නිවැරදි පන්සල කථාකරන භාෂාවෙන් මං ලිව්වේ ස්තුතියි අඩුපාඩු පෙන්නුවට...

      Delete
    2. "පංසල පන්සල නිවැරදි කෝකද ?/////
      මේ දෙකම හරි අපුර්වී. සංස්කෘත,පාලි , හෙළ.බස් වල බිදවැටීම් මත හදුන එකම අර්ථයේ වචන දෙකක්.

      Delete
    3. @ නිහිංසා..
      ස්තුතියි මග පෙන්වීමට..

      Delete
  14. විදානේ මං හිතුවෙම සචිත් කරන්ට් වද්දා ගනීවි කියලයි. හිතුවෙ නැති අවසානයක්! හ්ම්ම්.... කතාව දුකයි නේ...

    ReplyDelete
    Replies
    1. සචිත් ගෙ ජීවිතේටම කරන්ට් වැදුනා..
      //කථාවනං දුකයි// සතුටු කථාවක් ලියන්න උත්සාහ කරන්න ඔ්න

      Delete
  15. විදානෙ, උඹ දුර ගමණක් යන්න ඇහැකි මිනිහෙක්, සුභ පතනව!

    ඔය කතාවෙ තීන්නෙ තුෂ්නිම්භූත වෙන අවසානෙකටත් වඩා කාළකන්නි ආරම්භයක් ගැනයි කියලයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. මේ වගේ කාලකණ්නි අාරම්භයක් ලබපු දරුවන් බොහො දෙනක් ඉන්නවා....
      ස්තුතියි ඉන්දික සුබ පැතුමට..

      Delete
  16. පව් විදානෙ පොඩි එකා,උඹ ඌව මැවෙන්න කතාව ලියල තියනව.මම උදේ ඇවිත් මේක කියෙව්වට කමෙන්ට් කරන්න පරක්කු උනා ඇයි බං එක වැඩක්ද,බොලා මාව ඇලෙත් දැම්මනෙ.

    ReplyDelete
    Replies
    1. හැලපයියා දැවිල්ල අඩුවෙනකම්ම නාලා ඇවිත් තමයි කොමෙන්ටුව දාලා තියෙන්නේ

      Delete
    2. අැලේ දාල හරි බේරගත්ත එකම මැදෑ...

      Delete
    3. ඉවාන් -
      එ් වෙලාවේ අැල ගාව පොඩි එකෙක් හිටියනං මොනව වෙයිද

      Delete
  17. කතාව සම්පුර්ණයෙන්ම අවසානෙදි වෙනස් වුණා ,මේවා ඉතිං අපේ රටේ නම් වෙන්නෙ නැතිලු ,අපේ රට ධර්මත් දීපය නේ ,කැමැති මේ වගේ කතා වලට තමා ....

    ReplyDelete
    Replies
    1. මට නිකං එක එල්ලයකට ලියන්න බෑ වගේ...
      ඔව් හාන්දුරුගොල්ලො ඉන්න පංසල් තියන ධර්මද්වීපයක් නේ මේ.....

      Delete
  18. මුල ඉදන් වෙනසක් නැතුව කියවගෙන ආවා, අන්තිමට ටිකකට නැවතුනා වගේ දැනුනා එක පාරටම... සමාජයේ හැටි තමයි ඉතින්, වෙනස් වීම කියන දේ සිද්දවෙන වේගේ හරිම වැඩි අද කාලේ සමාජේ..

    ReplyDelete
    Replies
    1. කියන්න අකමැති, අැත්තටම සිදුවෙන අදුරු සමාජේ..
      වෙනස්වීම හොදට වෙන් නැති එකයි ගැටළුව..

      Delete
  19. නියමයි විදානේ.. කියන්නත් වගේ සාම්ප්‍රදායික අවසානයක් තියෙයි කියලා හිතාගෙන බැළුවත් අවසානයේ පාඩුවක් නෑ වගේ කියලා හිතුනා.. සමාජය ගැන ඉතින් කවර කතාද බං..

    ReplyDelete
    Replies
    1. දිනෙෂ්, සමාජය වෙනස්වෙනවා වේගයෙන්, හොදට නෙවෙයි නරකට..

      Delete
  20. පස්ස දොරෙන් වරෙන් කියන කොටම මට තේරුනා පොඩි එකාගේ පශ්චාත් බාගයට වැඩේ හරිය කියල, ඇත්තටම කතාව අපූරුයි කියලා කියන්න නං බෑ මොකද මේ වගේ කතාවලට අපූරුයි, ලස්සනයි කියන්න තරං මතාම පහලට වැටුණ නැති නිසා, මොකද ගොඩක් ඇය කරන්නේ කතාවක් හරි ඕනෑම බයිලයක් හරි, අහ එල පට්ට සුපිරි කියල දාල එතනින් මාරු වෙනවා, එත් මේවා ඇත්තටම වෙන කතානේ, මේවා ඉතින් නවතෙන්නෙත් නෑ, කාටවත් නවත්තන්න ඕන කමකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. /එත් මේවා ඇත්තටම වෙන කතානේ, මේවා ඉතින් නවතෙන්නෙත් නෑ, කාටවත් නවත්තන්න ඕන කමකුත් නෑ./
      සොමි..
      අැත්ත මේවා ගැන කව්රුවත් කථා නෑ...

      Delete
  21. ළමා අපචාර වලට ළමයින් පොලඹව ගන්නේ ඔය වගේ මානසික අල්ලස් දීලා, ටිකක් කල් ගියාට පස්සේ තමයි, මේ දේවල් ආරංචි වෙලා, අග මුල අහු වෙන්නේ, දැන් නම් මේවා කල්ගිහින් හරි අහුවෙලා, නඩු වැටෙනවා.
    දෙමාපියන් තම කුඩා ළමුන් ගැන මිට වඩා බලන්න ඕන, ආරක්ෂා කර ගන්න ඕන. වරදක් වෙන්න තියන ඉඩකඩ අද , බොහෝම වැඩි.

    ReplyDelete
    Replies
    1. අැත්ත නිහිංසා..
      දරුවෙක් කවුරුන්ට හෝ වැඩිපුර ලෙංගතුයිනං, එහෙමත් නැත්නම් වැඩිපුර අමනාපයිනම්, සොය බැලිය යුතු වෙනවා..
      එ් උනත් මේවයින් අහුවෙන්නේ අල්පයයි..

      Delete
  22. //නං ගං මන:කල්පිතය..//
    ඒ කියන්නේ කතාව ඇත්තද බං?

    ReplyDelete
    Replies
    1. බල්බ් වැලකට ටොපියකට, චොකලට් එකකටත් මෙහම කරන කාලේ බල්බ් වැල් ගැන කවර කථාද..

      අැත්ත කියල හිතයි කියල තමයි එහෙම ලිව්වේ..

      Delete
  23. ගොඩාක් රස වින්දා විදානෙ...මගේ මිම්මට අනුව ගින්දර කථාවක්....අවසානය වෙනකම්ම කුතුහලය පවත්වා ගැනීමට හැකි කථාවක් ලියන එක උඹේ හැකියාව...මොකද මේ කථාවට ඇන්ටර් වෙද්දි මම හිතපු දේවල් නෙමෙයි අන්තිමට උනේ....ජය !

    ReplyDelete
    Replies
    1. රටේ තොටේ වටේ පිටේ යනකොට අහපු දැකපු දෙයක් තමයි.. (සම්පූර්ණ සත්‍ය නොවෙයි) ස්තුතියි අැගයුමට..

      Delete
  24. මේ අර අළුත්ගම පැත්තේ කඩයක් නෙමෙයි නේද? ගොඩක් දැනුනා විදානේ... මේ දේවල් තනිකර ඇත්ත.

    ReplyDelete
    Replies
    1. අළුත්ගම නෙවෙයි හැමතැනම මෙහෙම දේවල් වෙනවා... නමුත් එලියට එන්නෙ නෑ....

      Delete
  25. විදානේ ගොතපු කතාවක් කියල උඩ කොමෙන්ටුවලින් හැඟුනත් මේ කතාව මේ විදියටම නොදන්න පලාතක වෙලා ඇතිබව අහන්න දකින්න ලැබෙන දෙවල් වලින් හිතෙනවා. හික්කඩුව පැත්තෙ නම් මේ වගේ වෙනස් සිද්දි අනන්තව සිදුවුනා කියල අහල කියෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙහෙම දේ සමාජයේ හැමතැනම වගේ වෙනවා.. හැබැයි එලිවෙනවා අඩුයි.. ඔව් වෙරල අාශිත ප්‍රදේශවල මේ තත්වය බරපතලයි..

      Delete
  26. ඕවා ඔහොම තමයි බන්. නැති බැරි එකාට බැටේ තමයි. උඹ රහට ලියලා තිබුනා. අර කොරගසමින් කියන වචනේ ඕනෙත් නැහැ. අන්තිම වෙනකොට පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. නැතිබැරි එකාගේ අසරණ කමින් හැමෝම පල ප්‍රයෝජං ගන්න තමයි හදන්නේ.. හදිසියේවත් කාටහරි නොතේරුනාෙත් කියල තමයි එ් වචනේ දැම්මේ...

      Delete
  27. මම හිතාගෙන හිටියේ ඉස්සර අපේ මිනිස්සු අතර සමාජයේ පුදුම හැදියාවක් හික්මීමක් තිබුනා කියලා. ඒත් දැන් දැන් බ්ලොග් කියවද්දියි තේරෙන්නේ එහෙම එකක් කවදාවත් අපේ රටේ තිබිලා නෑ කියලා. අපට අත්විදින්න නොවුන බොහෝ දේවල් හින්දා එහෙම තීරණයකට ආව එක ගැන මට දැන් දැනෙන්නේ මම ගැනම කළකිරීමක්.

    ReplyDelete
    Replies
    1. ඔය කියන හැදියාව හික්මීම කියන එක බොරු අැන්දිල්ක්.. 99%ක්ම ඉන්නේ අවස්ථාවාදීන්.. පාරක තොටක බැහැලා කොල්ලකුට උනත් ගමනක් යන්න අමාරු රටක් මේක....

      Delete
  28. අඩෝ !! මැරුං නොකා අලුත් පෝස්ට් එකක් දාපිය !!! :D

    ReplyDelete
    Replies
    1. මරන්න එපා දැම්මා...

      Delete
  29. මීට කලින් මේ පැත්තේ ආව බවක් මතකයේ නැහැ. මින්පසු ඉඩ ලද අවස්ථා වලදී එන්නම්.

    ඕනෑම සමාජයක තිබෙන දරිද්‍රතාව, නූගත්කම, සූරාකෑම, වැනි සංසිද්ධීන් තුල මෙවැනි දෑ සිදුවීම අරුමයක් නොවෙයි. සමහරවිට ධර්මය තුලින් පවා මෙවන්නන්න්ට මග පෙන්වීමක් නැති කමත්, පෙන්වන මාර්ගය දෙස බලන්නට මෙවැනි පවුල්වල අයට අවස්ථාවක් නොලැබීමත් අවාසනාවක්

    ReplyDelete
    Replies
    1. විචාරක තුමා සාදරයෙන් පිළිගන්නවා මේ මලදානෙට...

      /ධර්මය තුලින් පවා මෙවන්නන්න්ට මග පෙන්වීමක් නැති කමත්, පෙන්වන මාර්ගය දෙස බලන්නට මෙවැනි පවුල්වල අයට අවස්ථාවක් නොලැබීමත් අවාසනාවක් /

      පැහැදිලිවම මෙය තමයි අැත්ත..

      Delete