Friday, August 8, 2014

මිතුරු තෙමෝ............

එක දවසක්,
බෙලිහුල්ඔය,
"පර්ල්" එකේ...
උඔත් එක්ක හතර දෙනයි..
හිම්න් හිම්න්,
හිස් කරනවා..
හදිස්සියිද මන්ද උඔට.,
අපිට වඩා උඔ ගන්නවා..
රෑ දහයයි,
මෙව්වා දෙකයි..,
ආයේ එන්න,
බස් කෝ දැං..
පයිං යනවා ගී කිය කිය..

"කේලම තොපි දන්නවාද ?"
"ගුණේ" රහට අපිට කියන,
මොකක්ද බං..
"සනහස සඟවා දෙනෙත නුරාවෙන්....."
තාල මරං උඔ ගයනවා,
හිටිගමන්ම,
"සනහස යනු කුමක්ද බං..."
උඔ අහනව..
"අනේ මන්දා" අපි කියනවා..

තව ටිකකින්,
ෆෝන් එකත් තුරුල් කරන්,
උඔ දුවනවා අපි පෙරලන්..
පතබෑවුනා මහපාරේ.,
"ජබොග්" ගාලා..
අපි දුවගෙන ලඟට යද්දි..
උඔ කියනවා,
"සික්ස්ටීන් ටු ටෙන්, සබ්රා ටීම් වොන්ද මැච්,"
අනේ යකෝ,
උඔ අපිවත් ටකල් කරන්,
රගර් ගහල.......

අනේ මචෝ උඔට වැඩියි,
වදෙන් පොරෙන්,
ඇදන් අැවිත් දැම්මා ඇඳට..
ග්ර්ර්ස්... ග්ර්ර්ස්, ගර්ර්ස්....ගර්ර්ස්..
යන්තං ඇති උඹ නිදි දැං...
අනේ ඉතිං පවු කියලා..
උඹේ ලඟින් මාත් හිටියා..

තව ටිකකින්,
"ඕක්.. ඕක්.."
උඹ කබරයා..
දුවල ගිහිං දේවාලෙට..
බකට් එකක් අරං ඇවිත්..
අස්කෙරුවා, "ඕක්.. ඕක්..."
වතුර එකක් දීල උඔට..
ඇඳට දැම්මා අමාරුවෙන්...

ඒ අස්සේ උඹ කියනවා..
"අනේ මචං මට හරිනෑ... රෑට ටිකක් බලපං බං"
"මේ මොන මල ඉලව්වක්ද"
එහෙම කිව්වේ නැතත් මෙමා,
නිදාගත්තේ වෙනිං තැනක.............



130 comments:

  1. pearl inn?
    අපෙත් ගොඩක් මතක වස්තූන් තියෙන තැනක්....

    මේ මිතුරුතුමෝ දුප සැප දෙකටම ඉන්නවා කීවට ඔයවගේ ඒවට ඉන්න ඕනේ නෑ. කාලා බීලා වැඩි නම් කාටවත් කරදරයක් නැතිව ඉන්න දැනගන්න ඕනේ නේ....
    මම නම් විදානෙගෙ පැත්තේ

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල මහපොල හම්බුනාම ඇදෙන්නේ ඔතන්ට තමයි...
      /කාලා බීලා වැඩි නම් කාටවත් කරදරයක් නැතිව ඉන්න දැනගන්න ඕනේ නේ/
      සමහර අයට ඔය ලිම්ට් එක නෑ, අනුන්ට කරදරයක් නැතිව ෂේප් එකේ ඉන්න සීමාව පැන්නම මොනව කරනවද දන්නෑ...

      Delete
    2. මං නං එතනම බුදියනවා… පහුවදා එනවා

      Delete
    3. \\මං නං//??? ඇයි මේ කියන්නෙ වෙන කවුරුහරි ගැනද?

      Delete
    4. @ පත්තරේ.
      කතන්දර අහනවට වැඩිය දාහකින් සම්පතයි..

      @ මනෝෂ්,
      මේ කිව්වේ වෙන කෙනෙක් ගැන තමයි බොලේ

      Delete
  2. ඉස්සර දවස් වල සල්ලි කොලිටි උනානම් පර්ල් 1 ම තමා.දැන් යන්න විදියක් නෑ නෙව.ඕකෙ අයිතිකාරයා කෑල්ලගේ මොකෙක්දලුනෙ.දැන් ඉතින් හිරිකටු ඔය ගල් අතර ගල් තමා ඒත් කාලෙකින් යන්න බැරිඋනා.

    ReplyDelete
    Replies
    1. තව ටික දවසක් ඉවසං හිටපං මල්ලියා.. කෑල්ල ගෙට ගත්තම ඔය මෙකෙක්දඑකා ෂේප් කරගන් එතකොට ඉතිං බඩුම තමයි.. හිරිකටු ඔයේ ගලක් ගලක් ගානේ ගල් අරං රිංගපු කාලයක් තිබ්බා ඒ ගැනත් පොඩි කථාවක් තියනවා පස්සේ කියන්නම්..

      Delete
    2. උන්ගෙ පවුල ශ්‍රී ලංකා අමද්‍යප සංගමේ වගේ බං.:D

      Delete
    3. උඹලා ඒ කියන්නේ ගලගම ඉඳන් කැම්පස් එකට පයින් ගියානේ.ඔව් ඉතිං ඔය වෙලාවට එවරස්ට් උනත් නගී අපේ අයියලා.

      Delete
    4. අදාල අමධ්‍යප සංගමය විසුරුවාහරින්න මුලීක වෙමු.. ගලගම ඉදන් පඔහින්නට දුර දැනෙන් නෑ ඒ වෙලාවට... හැක්.. හැක්...

      Delete
    5. මල්ලි මචං.. බැන්ද දවසට මතක ඇතුව නැදෑකම හරියට අපිට කියහං ඈ … :D

      Delete
    6. @පත්තර මල්ලි
      අනිවා ඉතින් කොහොමත් ඒකට කාලාන්තරයක් ගත වෙයි.දැනුත් කිව්වැකි එහෙම උනොත් මගේ චරිත සහතිකෙ අවුල් යනවා මොකෝ ඕකෙ අයිති කාරයත් බ්ලොග් කියවනවා.මේක දැකපුගමන් ඌ දන්නව මං කවුද කියලා ඒකයි වැඩිය කියන්නෙ නැත්තේ.නැත්තම් පර්ල් එකත් එක්ක මගේ අයිතිහාසික සම්බන්දයක් තියනවා.හිටපල්ලකො මේක බැදගන්නකල්.

      Delete
    7. බැන්ද දාට පහුවදාම කියපං ඈ !!

      Delete
    8. ඇයි යකො බැන්දට පහුවදා කියන්නෙ උඹ මාත් එක්ක හනිමූන් එන්නද?බදින දවසට කියන්නම්.එදාට වරෙන්. ස්විම්පූල් එකක් පුරොනවා ගල් වලින්.උඹලත් වරෙන් නාන්න.හැබැයි සබන් සහ බාල්දි ගෙන ඒම සපුරා තහනම් හොදේ.

      Delete
    9. @ මල්ලියා ස්වීමින් පූල් එකේ නාන්න එනවා නොවැරදීම.. (ගල් කිව්වේ -අති විෂෙශ විය යුතුයි- කළු ගල් නොවිය යුතුයි) වෙඩින් එක ගන්නේ කොහේද? කවදද?

      @ පත්තරේ, බැන්ද දවසට අපිත් යමු මූට සපෝට් එකට...

      Delete
    10. යකූ ඒකට තව කාලාන්තරයක් යනවා.කව්ද දන්නෙ දැන් ඉන්න කෑල්ලම බදින්න වෙයිද කියලා.අනිවා ඉතින් ගල් කිව්වොත් DCSL අති විශේෂ තමා විස්කි බ්‍රැන්ඩි දෙන්න සල්ලි නෑනෙ බං

      Delete
    11. මල්ලියා ඔය කෑල්ල නොබැන්දත් අර මොකක්දඑකා යාළු කරගෙන් තියාගනින්..
      අනිවා ගල්තියෙනවනං ඇති...

      Delete
  3. මටත් ඔහොම එක පාරක් බලාගන්න වුනා මගේම අයියව.. හපෝ.. එදානම් එපා උනා.. පහුවදා මම කිවුවේ අනික් දවසේ තෝ බීපු තැනකම ඉදහන් ගෙදර නම් එන්න එපා කියලා..

    ReplyDelete
    Replies
    1. සහෝදර බැම්ම කියන්නේ ඒකට තමයි.... බීපු එවුන්ගේ කරදර ඉවසන්න බැරිතැන අපේ එකෙක් බොන්න පටන් ගත්තා...

      Delete
  4. අනෙ අම්මෝ නොබීවට මොකද බීපු උන් එක්ක සෙට් වෙලා ඇති වෙන්න කබරයා සුද්ද කරලා තියෙනවා මාත්. මම හිතන්නෙ සංසාරෙන් එගොඩ වෙන්න ඒ පිනම මදෑ. :D

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා උඹේ පින වැඩිකරල දෙන්න - දෙගුණයකින් විතර

      Delete
    2. හිටු දවසක සෙට් වෙමු.! මේ පින තවත් වැඩි කරන්න කැමති උන් ඉන්නවා නම් වරෙල්ලා. :D

      Delete
    3. ඇත්තටම කිය කිය ඉන්නවා විතරයි වැඩක් හැදෙන් නෑනේ කට්ටියට කියල මෙව්ව වෙමු...

      Delete
    4. මං එනවා එකෙන්ම … බ්‍රෑන්ඩෙක ගල්.

      ස්තුතියි..

      Delete
    5. අඩේ ප්‍රියා. උඹ ඔය සිරාවටමද කිව්වෙ? මං හිතුවෙ බ්ලොග් කාරයෝ එකට එකතු වෙච්ච වෙලාවක මට විතරක් තනියෙන් හෝටල් සුද්දකරන්න වෙයි කියලා. එහෙනම් උඹත් ඉන්නවනේ සපෝර්ට් එකට??

      Delete
    6. @ පත්තරේ, සැමදා සැමගේ තේරීම

      @ මනොෂ්, හොටෙල් සුද්දකරන්න එන්න එපැයි, නැද්ද ප්‍රියා...

      Delete
    7. අඩෝ ප්‍රියා අපිත් එනවා 1න්ම

      Delete
    8. @ මනොෂ්
      උඹෙ පවුලටත් එන්න කියපන් කොල කැඳත් හදාගෙන පහුවදා උදේට.වෙනිවැල් ගැටත් කමක් නෑ

      Delete
    9. මල්ලියා එනවං එකෙන්ම යෝජනාව ස්ථිරයි... තැඹිලි වතුරත් ඕන වෙයි මං හිතේ...

      Delete
  5. කබරයා කියත්දි මතක් උනේ එක පාරක් ඉස්කෝලෙදි ඔය පෝයට සිල් ගත්තු දවසක හොද බුලත් විටක් කාලා මම ඇදපු කබරයා. තුඃ නොදකින්. මතක් වෙත්දිත් වමනෙට එනවා. දාලා දාලා පංතියෙ මුල්ලකට වෙලා නිදා ගත්තා.

    උඹලට හිතා ගත්තෑකිනෙ බුලත් කාලා එහෙම නම් මම බිව්වා නම් කොහොම වෙයිද කියලා. ;) ;) ;)

    ReplyDelete
    Replies
    1. මාත් පළවෙනි පාරට බාබුල් කාපු පාර වමනෙ ගියා...
      හිහි...

      Delete
    2. @ ප්‍රියා, ගල් කාල ගානේ සතියක් බීපන්.. ඊට පස්සේ ඔය කේස් එක නෑ හොඳට බුලත් කන්න පුළුවන්..

      Delete
    3. @ මහේෂ්,
      බාබුල් කන එකෙත් පිලිවෙලක් තියනවලු.. කාල නං නෑ ගොයියෝ....

      Delete
    4. මහී, බාබුල් කෑවා නම් ආමාශෙත් ගැලවිලා එයි බං මගෙ. :)

      විදානෙ, ගල් ගහලා බයිට් එකට බුලත් කන්න බැරි වෙ‍යිද? :)

      Delete
    5. ඒක මරු අපේ මාම කරන්නෙ එහෙමයි.ගත්තා බ්ලැක් ඕපල් බාගේ.ආමාශ ගත කරා අමුවෙන්ම.කෑව විටක්. :D

      Delete
    6. @ ප්‍රියා.. අනිවා බුලත් කොලේ බයිට් එකට ගත්ත වෙලාවල් තියනවා.....

      @මල්ලියා, මාමව සෙට් කරන්න බැරිද...

      Delete
    7. උඹට කියන්න අපේ ඔහොම එකෙක් ඉන්නවනෙ.හොඳට ගහල දුම්කොලත් එක්ක සැර බුලත් විටක් හපනවා.

      Delete
    8. @ Helapa....ඩෝප් මදිවුනාම මමත් ඔහොම කරනවා ඉස්සර. ඊට පස්සේ වදිනවා බං.

      Delete
    9. ඔන්න මචෝ ඔය අමර් ස්ට්‍රීට් ඉස්සරහා බාබුල් කරත්‍ත වල බඩු හෑව්. අර පකිස්තාන් පැකට් නං වහ.. අනික නං බඩු බනිස් !!!

      Delete
    10. චැහ්!! විට කාල මත් උනාම දැනෙන පදිරි පජාත ගතියනම් මතක් කරන්නෙපා. අනේ අම්මපා විට වල අමාඅරුව ඔහොනම් ගල් වල අමාරුව උඹල කොහොම විඳිනවද කියල මට හිතාගන්න බෑ.

      Delete
    11. @සී.ජේ. විදානේ. අනිවා ඉතින් උබටත් ඉක්මන්ට මැරෙන්න ඔනි නම් කියපන් හෙටම සෙට් කරලා දෙන්නම්

      Delete
    12. @ Manosh Sandaruwan ඔව් බං විට කාල වැදෙන එක බෝතල් දෙක තුනක් බිව්වත් වදින්නෙ නෑ.ඕනි රැම්බෝ කෙනෙක් ඩවුන් විටක් වැදුනාම

      Delete
    13. බීපු වෙලාවට කන්න ඕනි හුනු වැඩිපුර දලා මං ඕක කොරල තියනවා වැරදිලා පට්ට ආතල් ඕයි..ඇයි කලුවරේ දුම්කොල කියලා හුනු පැකට් එක කටේ දාගෙන තියනවා ඇති පදම්.කාලා බලන්ඩකෝ.

      Delete
    14. @ හැලප අයියා, අරූ අයියා.. මාත් බුලත් කොලයක් එක්ක බීල තියනවා බයිට් නැති වෙලාවල් වල,

      @ මනොෂ්, විට කන එකත් කලාවක් බං උඔ මාත්‍රාව ඉක්මවා පුවක් හුණු දුංකොල දාන්න ඇති..

      @ මල්ලියා, ඇත්ත තමයි කොහොමද කන්දෙක රත්වෙලා හීනියට දාඩිය පාරක් දානකොට

      Delete
    15. @සී.ජේ. විදානේ.
      උබත් ආතල් එක අරන් තියේ එහෙනම් :D උබලව අදුරගන්න ඕනි මිනිස්සු නේ බං

      Delete
    16. හැක් හැක් cvpsur@gmail.com එකට මේලක් දාං...

      Delete
  6. හිහික්...
    පට්ට කවි ටික ඈ...
    බීලවත් බීල කබරය දාලවත් නෑ...
    කොටින්ම ඒ වගේ ඈයො බොන තැනකිං වත් යන්නෙ නෑ...
    ඇයි දන්නවද
    එක පාරක් මට ඒම බුවෙක් සෙට් වෙලා වින්ද දුකක්...
    අම්මෝ...
    ආයෙ නං එපා හිතුණ

    ReplyDelete
    Replies
    1. සැහ් බීල කබරය දාල නැති ජීවීතේ මොකටද මහේෂ්,
      මං කියන්නේ දැං උනත් පරක්කු නෑ.. චුට්ටක් කබරයා දාන්න...

      Delete
    2. පත්තරේ ආවම කියලා දෙයි අපූරුවට කබරයගෙ ආදීනව :D

      Delete
    3. අඩේ සිරාවට කෝ මේ බේබදු සංගමේ කැඳවුමකරු

      Delete
    4. @ ප්‍රියා, අනේ කානු පල්ලේ වැටිල හිටිය අසරණයා........

      @ මල්ලියා, "බේබදු සංගමේ කැඳවුමකරු" නම හොඳ වැඩිද මන්දා...

      Delete
    5. අඩෝව් මං ආවා … පරක්කුදෑ ???

      බොරු මොකටදෑ අන්තිමට කබරය දැම්මෙ ගිය ඉරිදා … පෙරේතකමට දවල්ට නොකා හිස් බඩට බීලා..

      කබරය ගියාට අවුලක් නෑ බොල අමාරුවෙං බීගත්ත අරක්කු ඩිංග ගියාම නෙවැ හිතට අමාරු.. ඒ ඇර මුළු ආමාසෙම ගියත් අපිට පාංයෑ ???

      Delete
    6. ඔය ඇවිත් ඉන්නෙ කැඳවුමකරු.

      Delete
    7. @ පත්තරේ, ඒකනේ කොච්චර අමාරුවෙන්ද ඕක බඩට දාගන්නේ..

      @ මනොෂ්, කැඳ මැවුම් කරු..

      Delete
    8. යකෝ තොපිට ඉස්පිල්ලක් මිස් වෙන්න බෑනෙ"කැඳවුම්කරු""කැඳවුම්කරු" බං

      Delete
    9. අන්න ඒක තමයි

      Delete
  7. ඒක තමයි බෝක්ක. යාලුවෝ එහමයි.

    ReplyDelete
    Replies
    1. එහෙමම තමයි යාළුවෝ...

      Delete
    2. අපි නං කබරයා කෙලින්ම වැවේ … මාලු කන්නෙ වඩේ එදාට … නැද්ද මචෝ !!!

      Delete
    3. හොඳ වෙලාවට දම්බරාව වැවේ මාලුවෝ වඩේ කන්නෙ නෑ.

      Delete
    4. @පත්තර මල්ලි
      වැවේ මාලුන්ටත් දීල නේ උඹල බොන්නෙ එතකොට.අන්න මිනිස්සු බොන ගමන් හරි පින්දහම් කොරගන්නවා.

      Delete
    5. @ පත්තර, මාළුවන්ටත් මොනවහරි එපායැ..

      @ මනොෂ්, උං කන්නේ බුරියානිද?

      @ මල්ලියා, ඔව් පහුවදා ඒමාලු අල්ලගෙන ආයෙත් කනවා

      Delete
    6. @සී.ජේ. විදානේ
      ඒකට තමා මචෝ ප්‍රතිචක්‍රීකරනය කියන්නේ :D

      Delete
    7. අන්න හරි

      Delete
  8. බලපන් උබ බිල නටන පිස්සු නිසා යාලුවෝ කොච්චර චාටර් වෙනවද කියලා

    ReplyDelete
    Replies
    1. උඹ හරියටම අල්ල ගත්තා මැලේ...

      Delete
    2. අන්න පොයින්ට් එක!!

      මේක මූ එක්ක බීපු එකෙක් මූ ගැන ලියපු එකක්ද කොහෙද? :D

      Delete
    3. එවැනි අවස්ථා සූන්‍ය නොවේ..............

      Delete
    4. මන් නං ඇතිපදං කරපිටින් ඇවිත් තියනවා … තව එන්ඩත් තියනවා.. ආයෙ මොකටද බොරු නම්බු …

      Delete
    5. @ පත්තර, එකඟවෙමි, එකෙන්ම

      Delete
  9. ඔහොම වෙනවා කියල දැන දැන නේ යන්නේ....ඉතින් මොකෝ.....

    ReplyDelete
    Replies
    1. ආලෝකයට ඇඳෙන පලගැටියන් මනේ.. ඒ දෙසට ඇදේ.. කුමක් කරන්නද?

      Delete
  10. ඕකට තව කෑල්ලක් අඩුයි
    බීල බීල චාටර් වෙලා ගොල් ලීප් එකක් හොයන්න හැතම්ම් ගණන් පයින් බඩගාන එක

    ReplyDelete
    Replies
    1. ඔය කියන "පර්ල්" එකේ ඒවාත් ඇති පදං තියෙනවා.. හැබැයි ඔය කියන සං සිද්දියත් වෙලා තියනවා. මුදලාලිලාගෙන් කුණු බැනුං අහලත් තියනවා...

      Delete
    2. දවසක් මචෝ ඔහොම බීලා බඩු නෑ, පයිං ඩෑල් එකක් යනවා දුමක් ඇදගෙන . මං අරූට කිව්වා වෙන කරන්ඩ දෙයක් ඇත්‍තෙම නෑ මචං.ඕක ගල්කරමු කියලා බයික් එක අයින් කරා. පස්සෙ එකා අයියෙ ගින්දර පොඩ්ඩක් දෙන්නකො කියලා ඒක ඉල්ලගත්‍තා .. මං පස්සෙ රෝදෙ එකතැන කැරකුවා !! පව් වැඩ.. ඒත් දුම ඊට වඩා ලොකු උනා..

      Delete
    3. එතකොට උඹ එදා කිව්වෙ පාර දුමක් දාගෙන යනකොට කව්ද දෙන්නෙක් ඇවිත් උඹේ හුලුඅත්ත ඔහොම උදුරං ගියා කියලනෙ. උඹ ඒ වෙලාවෙ බඩු දාලද හිටියෙ, නැත්නම් දැන් බඩු දාලද ඉන්නෙ. හැක් හැක්... මේං මං ගියා.

      Delete
    4. @ පත්තරේ, ඌ බ්ලොග් කියවන් නැතුව ඇති...

      @ මනොෂ්, හැක් හක් ඒකද රහස..

      Delete
  11. එන්න මිත්‍රයෝ.....................

    සන්තෝෂ වෙන්න ප්‍රීති වෙන්න
    එන්න මිත්‍රයෝ...
    ඉන්නා වු ඩිංගෙ භේද වෙන්නෙ
    ඇයි අහෝ මෙසේ...

    ඊරිසියා ක්‍රෝධෙ වෙලී ලා
    නෑ කිසි දා ලෝකෙ දිනාලා...

    මේ දිවියා මේකා බළලා
    වාද වෙලා බෑ බෑ කිසි දා...

    මේක මගේ මේක ඔබේ
    කාගෙ ද මේ ලෝකෙ අපේ...

    එන්නෙ නිකං යන්නෙත් නිකං
    ඒ වෙනකං ඉන්න හොඳිං...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : සුසිල් පෙරේරා
    ගායනය : සමන් ද සිල්වා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝ ගීයකින් මේ අවස්ථාව වර්ණවත් කලාට

      Delete
    2. ඇනෝ මචං....මේ සංගීතය දැමු සුසිල් පෙරේරා කියන්නේ සුජාතා අත්තනායකගේ මල්ලි වෙන්න ඇතිනේද? උඹ නම් මේවා කොහෙන් හොයා ගන්නවාද මන්දා.

      Delete
    3. ඇනෝ බොස්.. රෙෂ්පට් ඈ !!!

      Delete
    4. උඹනම් සිංදු සාගරයක් ඇනෝ.

      Delete
    5. @ අරු අයියා, පත්තරේ, මනොෂ්
      මාත් කල්පනා කළේ මේ ඇනෝ කොහෙන් මේවා හොයාගන්නවද කියලා..
      ආයේත් තැන්කිව් ඇනොා්...

      Delete
    6. අඩේ ඕකෙ කෑල්ලක් තියෙයි නෙ "නන්ද ක්‍යාලා ක්‍යල දිබන්" කියලා

      Delete
    7. මාත් ට්‍රයි කලා එතන කියන්නේ මොකක්ද කියල අල්ල ගන්න බැරි උනා ..

      Delete
    8. අනේ මන්දා බන් ඉස්පාඥ්ඥද කොහෙද කෑල්ලක් කියනවා

      Delete
  12. කබරය ගැනනං මොන කතාද.
    අපේ සෙට් එක ලෝකාන්තෙ ගිහිල්ල ඒකෙ සර්කිට් එකක හොඳට සෙට් වෙලා එකෙක් ඔළුවෙ ඉඳං කබරය දාගෙන හිටියෙ. උදේ පාංදර ඉතිං පට්ට හීතලේ ඔක්කොම හෝදන්න උනාම කොහොමද ආතල් එක.

    ReplyDelete
    Replies
    1. ලෝකේ උසම කබරයා පාර දැම්මේ මේ කතාවේ කථානායකයා.. පට්ට ගීතලේ ගැගි ගැහි .. ඒ ගැන විස්තර පසුව කියන්නම්......

      Delete
    2. ගඳ ඩිපෙන්ඩ් ඔන් ද බිපූ ජාතිය … විත් කාපු බයිට්. ගල් ස්මෙල් ඉස් වෙරි සැරයි ඇන්ඩ් රා ඉස් අම්මට සිරිවෙන ගඳක් !!! ඕ යේස්.

      Delete
    3. ශුවර් එකටම ලෝකාන්තෙන් පහලටද කොහෙද අතෑරල.

      Delete
    4. @ පත්තරේ, පලාතේ ඉන්න බෑ නොබිව්ව උන්ට

      @ මනෝෂ්, ඔව් ඔව් එහෙම තමයි..

      Delete
  13. මිතුරුතුමෝ !කියන්නේ නිකම්ද,බිව්වම මොකද වෙන්නෙ කියලා ඊලග ලිපිය ලියනවා මං ඕ යෑස් ....

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු ශානු, මටත් ලිපියක් තියනවා "ගුලි කෑවම මොකද වෙන්නේ කියලා"'' ඕ...යෑස්..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. නංගි වැඩි සීනි ප්ලේන්ටියක් ගේන්න…

      Delete
    4. ගුලි සහ පැණිරස == බුදු අම්මෝ==

      Delete
  14. බලන්න කියන්නේ ඇයි?මැරෙනවද?

    ReplyDelete
    Replies
    1. මැරෙයි කියල බයේ..

      Delete
  15. බොහොම ළගදී ඔය තැන හෝරා කීපයක්ම ගත කළා. බොහොම සුන්දරව නිස්කලංකව. සතුටු සිතින් නික්ම ගියා....

    ReplyDelete
    Replies
    1. එතන සුන්දරයි, නිස්කලංකයි.. ඒ හැමටම වඩා ඒ වගේ පහසුකම් තියන තැනක් නෑ......දවසක එතැනට යමු

      Delete
    2. නලිය නං බෝතලෙයක් ගැහුවත් කෙලින් … ඕ යේස් !! වැඩිම උනොත් පොඩ්ඩක් හිනාවෙයි

      Delete
    3. එහෙම අහිංසක විදියට හිනාවෙලා ඉන්න එක කොච්චර හොඳඳ?

      Delete
  16. ඔය වැඩේ වෙන බව දන්න හින්ද බීපු එවුන් එකක් සැට් වෙන්න යන්නෑ.. අන්තිමට ඔක්කොම සුද්ධ කරන්න වෙන්නෙ නොබීව එකාට..
    හිකිස්...

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි කියන්නේ නොබී ඉන්න එපා කියලා...

      Delete
  17. නොදකින් තොපි වගේ යාළුවො ,, එකනේ මං උඹලත් එක්ක බොන්න සෙට් වෙන්නේ නැත්තේ ....අනික මගේ බ්‍රෑන්ඩ් උඹලා අහලවත් නෑ

    ReplyDelete
    Replies
    1. ආ..... ඉවාන්ගේ බෑන්ඩ් එක ග්‍රයිප් වොටර් නේද?...... අනේ එහෙම සෙට් වෙන අය අපි අතර නෑනේ... මාර වැඩේ.....

      Delete
    2. අපි වයිෆ්ගෙන් අහගන්නං …

      Delete
    3. ඈ බං පත්තරේ මනොශ්ගෙ ගෑනිගෙන් අහගත්තා මදිද උඹට.:D

      Delete
    4. @ පත්තරේ, පොඩි ලමයිට ඒ විදියට සලක්න්න ඕන..

      @ මල්ලියා, කොලකැඳ බාගයක් සහ වෙනිවැල්ගැට

      Delete
    5. ඉවානුත් අර දේශකය වගේ කෝක් ගහල ඩෝප් වෙන පොරක්ද දන්නෑ. :D

      Delete
  18. අයියෝ විදානේ ඔය වගේ වැඩ වෙනවා බං. මොනවා කරන්නද...දවසක් එකෙක් එක්ක බීලා මුට වැඩියි. මලකඳ සයිස්. එක්කගෙන යන්න තැනකුත් නැහැ ඒ කාලේ . රෑවෙලත් නැහැ. බිව්වේ බොරැල්ලේEAP එකේ. ඇදගෙන ගියා රිට්ස් හෝල් එකට එහාපැත්තේ. දැන් මූ නිදි. කරුමේ කියන්නේ බන් ඉන්ටවල් එකේ ඇහැරුනා. දැන් කියනවා බියර් එකක් ගැහැවුවා නම් ෆිට්ලු. එතකොට හරි යනවාලු. රිට්ස් බාර් එකෙන්ම් දෙන්නත් එක්ක බියර් දෙකක් ගැහුවා. මූ හොඳට හිටියා කෙලින්වෙලා. ආපහු ශෝ එක පටන් ගත්තා. විනාඩි පහක් යන්න හම්බවුනේ නැහැ. අම්මට හුඩු..මූ කබරයා දැම්මානේ බන්. කබරයා දැම්මා නම් කමක් නැහැ බන්...මූ කබරයා විද්දා...සීට් පේලි දෙක තුනක් විතර ඉස්සරහට. අනාථයි. ඒ වෙලාවේ නම් බං කරන්න කිසිම දෙයක් නැහැ. මම නැගිට්ටා කළුවරේම මාරුවුනා. නැත්නම් අම්බානක කන්න වෙනවා, ඉස්සරහ මිනිස්සුන්ගෙනුයි, හෝල් එකේ එවුන්ගෙනුයි.

    මම එලියට ගිහින් බොරැල්ලේ සුපර්මාකට් එක උඩට වෙලා බලන් හිටියා දැන් කොයි වෙලාවේ හරි එකෙක්ව අල්ලලා එලියට දානවානේ ශුවර් එකට. විනාඩි පහක් ගියේ නැහැ පොර එනවා පාරට ශර්ට් ඉරාගෙන වමනේ ගාගෙන මූණත් ඉදිමිලා. විසිල් එකක් ගහලා ගෙන්න ගත්තා ලඟට. පල්ලෙහා මස් කඩ ලඟ පයිප්පෙන් හෝදලා ,පේව්මන්ට් එකෙන් ටීශර්ට් එකක් අරන් අන්දවා ගෙන යමං කිව්වා. මූ දැන් කියනවා ආපහු බොමුලු. කියන දේ අහන්නෙම නැහැ. දාලා එන්නත් බැහැ. ආපහු බාර් එකකට එක්කන් යන්නත් බැහැ කබරයා දැම්මොත්. ලිඩෝ එක ඉස්සරහ ඒ කාලේ තිබුනා වයින් ස්ටෝර්ස් එකක් .ඔතනින් ගල් බාගයක් අරන් දෙකඩ කඩාගෙන ගැහුවා අමුවෙන්. දෙයියනේ කියලා මූ ෆිට් දැන්. බලපන් ඒ ජෝගිය කොච්චර ආතල්ද කියලා. මට සංසාරේ එපාවුනා.

    මේ මගේ කතාව ඇතුලේ ලියන්න හිටිය එකක්. මූත් එක්කම තව මරු වැඩක්වුනා දෙහිවල Perlyn එකේ. උඹේ කවිත් එක්ක තමයි මේවා මතක් වුනේ. මම පස්සේ ලියන්නම් ඒ විස්තර. මූ ලෝකල් චීනෙක්. හිතපන් ගුටි කාපුවාම මූණේ හැටි. අර හීනි ඇස් ...තවත් හීනි වෙනවා. පස්සේ ලියන්නම්. මේ සීන් වුනේ 1983-1985 වගේ කාලවල්වල.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ තව පෝස්ට් එකක්ම දාල. මරු මරු. අරූ අයියා ආව තැන පිරිල ඉතිරිලා යනවා.

      Delete
    2. ස්තුතියි අරූ අයියා පොස්ට් එකට, ඔබගේ මතකයගැන නම් කියන්න දෙයක් නෑ. ස්තරමි, හැබැයි අර යාළුවනං කිසි දේකින් පසු නොබසින සුපිරි ඩයල් එකක්.. කොච්චර බාධක ආවත් තමන්ගේ අරමුණ කරා ගමන් ගන්න.. ආයෙත් ස්තුතියි ඔබගේ අද්දැකීම් අපි එක්ක බෙදාගන්න එක ගැන.. (යාලුවා ගැන පෝස්ට් එක ඉක්මනට දාන්න)

      Delete
    3. අනිවා මහේෂ් අරූ අයියා ආව තැන පිරිලා ඉතිරිලා යනවා.. ඒ අද්දැකීම් සහ දැක්ම සුපිරියි..

      Delete
  19. කබරයෙක් දාපු කාලයක් මතක නෑ බං.

    ReplyDelete
    Replies
    1. හපොයි මාස හයකටවත් එකසැරයක් දාන්න, ඇස්වහ කටවහ යන්නත් එක්ක

      Delete
  20. දවසක් කෂ්ටිය සැට් වෙලා මායි තව එකෙකුයි අපේ ගෙදර ඇවිත් මගෙ ඇඳේ බුදි.. රෑ එකෙක් කබරයා දාලා. අපි දෙන්න ඒකෙ හොදට පෙරලිලා බුදි.. උදේ බලද්දි දෙන්නම ඔලුවෙ ඉඳං වමනෙ නාලා..
    මං නං දැම්මෙ නෑ , ඌත් නෙමෙයිලු …

    ReplyDelete
    Replies
    1. ගලුත් සරි, ගූත් සරි. නොදෝකින්!!

      Delete
    2. @ පත්තරේ, ඕවා ඔහොම තමයි බන්. වෙලාවට දෙන්නම මෙව්වා වෙලා හිටියේ.. නැත්තං එකෙක්ට අප්සට් නේ...

      @ මනොෂ්,
      යකෝ කලු ගලක් අරන් ඔබනවා උඹේ කටේ..

      Delete
  21. උඹට කියන්න මෙහෙම කතා නම් තියෙනවා බර ගානක්,අසනිප වුණ නිසා දැන් නම් ඉදහිට(එකත් පට්ට සීන් එකක් පොස්ටුව්ක් ලියන්න වටින එකක් ) ,වැඩිය කැමැති ගල් ඇරෙන්න ඕන සෙද්දකට,සමාන්‍යයෙන් ගහලා මලක් ගැහුවාම ඊලඟ දවසත් හරි,ලගදි නම් මතක නෑ කබරයා දැම්ම බවක් එත් මම දාපු වෙලාවට කොල්ලො අමු කට්ට කලා තියෙනවා මම උන් වෙනුවෙන් කට්ට කලා තියෙනවා ,එ වෙලාවට අමාරු උනාට මෙවා පස්ට ජොලි වෙලාවකට,පුරුද්දට කබරයා දාන උන් , පේරෙත කමට වැඩිය ගහලා කබරයා දාන උන් සහ බයිට් කන්න වාඩිවෙලා ඉන්න උන් මං නම් අකමැතිම ජාතිය ....

    ReplyDelete
    Replies
    1. සහෝ ඉස්සෙල්ලා අසනීපෙ සනීපකරගෙන ඉමු...
      /වැඩිය කැමැති ගල් ඇරෙන්න ඕන සෙද්දකට/ අනිවා ඕන දේකට අපිත් ඔට්ටුයි.. වෙල් පැන්ටා උනත් කමක් නෑ.. /එ වෙලාවට අමාරු උනාට මෙවා පස්ට ජොලි වෙලාවකට/ ඇත්ත එහෙම නැත්තං මෙහෙම පොස්ට් එකකුත් නෑනේ.. තව පෝස්ට් එකක් තියනවා මූ ගැනමයි මීට වඩා අන්තයි.. පස්සේ කකාලෙක ඒක දාන්නම්.../බයිට් කන්න වාඩිවෙලා ඉන්න උන් මං නම් අකමැතිම ජාතිය ..../මේ ටික ප්‍රියා දැක්කොත් වහ කයි

      Delete
  22. මචෝ, එන්නනම් ටිකක් පරක්කු උනා. මොනා උනත් උඹ මෙහෙම ප්‍රසිද්ධියේ පත්තරයට මඩ ගහනෙක වැරදියි. අන්න ඒක මානසිකව වැටිල දණිස් තුවාල කරගෙන.

    ReplyDelete
    Replies
    1. මං ඌරන්ට මඩගන්නෑ බං, //ඒක මානසිකව වැටිල දණිස් තුවාල කරගෙන.// හුටා දනිහ පැනලත් දන්නෑ

      Delete
  23. මදැයි රෑ කෑම බෙදාගෙන කන ගමන් කියෙවුවා මලදානයක්. අහුවෙයන්කො... Errrrr....

    ReplyDelete
    Replies
    1. ෂහ් මෙයින් ටිකකතුත් පංගුවට දාගත්තනං පංකාදු පහයි.. රසට කන්න තිබ්බා..

      Delete
  24. හැක් හැ මටත් ඔක අම්බානකට වෙලා තියෙනව.මම දාලත් තියෙනව,දාන එවුන්ව සාත්තුකරලත් තියෙනව.ෆිට් එක තමයි

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ කියනෙනේ.. එදා නං මගේ පිට් එක ටිකක් අඩුවෙලාද කොහෙද

      Delete
  25. හපොයි හරිම යාළුවෝ... :D

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි අපි අඹ යාළුවෝ.....

      Delete
  26. විදානේ පර්ල් එක නම් නියම තැන නේද??? කොල්ලෝ එතනට ද සෙට් වෙන්නේ බොන්න. ඔව් ඉතින් වෝටර් ගාඩ්න්, රිවර් ගාඩ්න් හරි රෙස්ට්හවුස් එකට හරි ගිහිල්ලා ඒ ගානට ගොඩ යන්න බෑනේ නේද,,,

    කවිය එළස්... කැම්පස් ජීවිතේ මතක් වෙද්දි ආයෙම යන්න හිතෙනවා මචං......... ඒ ජීවිතය ආයේ අපිට නැහැනේ........................

    ReplyDelete