Sunday, October 26, 2014

පඹහින්න ගම, ටිකිරා අයියාගේ සමපෝෂ සංග්‍රහය සහ බස්සිට අදහසක්.....



පහුගිය සතියේ බස්සි ලියල තිබ්බ බෝඩිම් කට්ට (tips for boarding life - 1) පොස්ට් එක කියෙව්වම හිතුනු දෙයක් තමයි බොඩිමක් විතරක් නෙවයෙි හොස්ටල් ජීවිතේ ගැනත් යමක් කියන්න ඕන කියලා.
කොළඹ බදුල්ල පාරේ කිලෝ මීටර් 156 ක් විතර ගියාම බෙලිහුල්ඹය තියනවා, ගොඩාක් අයට ඉතිං බෙලිහුල්ඔය කිව්වම මතක් වෙන්නේ ටිකක් සිසිල්, සුන්දර පරිසරයක්.. ඔය සබරගමුව විශ්වවිද්‍යාලය පිහිටල තියෙන්නේ කලින් කියපු බෙලිහුල්ඔය ඉඳන් තවත් කිලෝමීටර් හතරක් විතර ගියාම මුණගැහෙන පඹහින්න කියන ගමේ.. හැබැයි පඹහින්න ගමට මේ විශ්වවිද්‍යාලයක් කියන එකක් ආවේ අමුතුම ආකාරයකට..

ගොඩක් අය දන්නවා ඇති සමනල වැව, ඔය වැව ගැන සිංදු එහෙමත් ලියලා තියනවා අපේ සහෝදර බ්ලොග් සෙට් එකක් වන කුරුටු ගෑ ගී පවුරේ (ආඬි එකොලොස් දෙනාගෙ බ්ලොග් එකේ) ඈයොත් මෙන්න මෙකවිය කුරුටු ගාල තිබුනෙත් ඕං ඔය කියන සමනල වැවගැන සිදුවීමක් ගැන තමයි. කොහොමින් කොහොම හරි ඔය කියන සමනල වැව සහ ඒ ආශ්‍රිත විදුලි යෝජනා ක්‍රමය හදන්න ආපු සේවකයනට නවතින්න ගොඩනැගිලි සංකිර්ණයක් ඉදිකරල තියනවා. ඒ ගොඩනැගිලි සංකීර්ණයේ ආපන ශාලා, කුඩා ක්‍රීඩා පිටියක්, 100*20 ගොඩනැගිලි කිහිපයක්, නිළධාරීන්ට නවාතැන් සඳහා නිළ නිවාස, කාර්යාලයක්, පිහිනුම් තටාකයක් වගේ දේවල් වලින් යුක්ත වෙලා තියනවා. 
 
                                  සමනල වැවැ කදුමුනට පෙනන අයුරු

                                    සමනල වැව් බැම්ම සහ සොරොව්ව

සමනල වැව ව්‍යාපෘතිය අවසන් උනාට පසු මෙම ගොඩනැගිලිවල අයිතිය විදුලිබල මණ්ඩලයට හිමිඋනා. පසු කාලීනව එවකට පැවති රජයේ අවශ්‍යතාවක් මත මෙම ගොඩනැගිලි වලින්, කිහිපයක් ගෙන ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයට අනුබද්ධව, මෙහි අනුබද්ද විශ්වවිද්‍යාලක් පිහිටුවා තියනවා., මෙම අනුබද්ද විශ්වවිද්‍යාලය 1996 වෙද්දි ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාල බවට පත්වෙනවා, මෙම විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය රහංගලත්, ව්‍යවහාරික විද්‍යා පීඨය බුත්තලත් ආරම්භ කරනවා.

හරි දැං අපි මාතෘකාවට ගොඩ වෙමු. මං කිව්වේ  මේ විශ්ව විද්‍යාලය තියෙන්නේ පඹහින්න කියන ගමේ කියලා. ඇත්ත වශයෙන්ම කියනවා නං මහතැනන සානුවේ තියන මේ ගමේ බෙලිහුල්ඔය හරියේ තියෙන සුන්දරත්වයනං නෑ.. මේ පලාතේ මිනිස්සු වැඩිපුරම කරන්නේ හේන් ගොවිතැන. තක්කාලි, අමු මිරිස්, මඤ්ඤොක්කා වගේ බෝග තමයි වැඩිපුරම වවන්නේ.  අවුරුද්දේ මාස නමයක් විතරම පෑවිල්ලට යටවෙන මේ පැත්තේ අන්තිමට ඉතිරිවෙන්නේ අව්වට පිච්චිලා දුඹුරුපාට වෙච්ච අඩිය තියපු ගමන් දූවිලි ඇවිස්සෙන කර්කෂ පොලවක් තමයි. මේ මිනිස්සුන්ගේ විශ්වාසයක් තියනවා මෙන්න මේ ගානට පොලව වේලුනාම, ගමට ලස්සන දෙන ගම ඉස්සරහින් තියන පරවියන්ගල කන්දේ මානං කැලේට ගිනිතිබ්බම ඉක්මනටම වැස්ස ලැබෙනවා කියලා. ඉතිං මිනිස්සු කරන්නේ මහ කැලෙත් මානං කැලෙත් අතර අඩි විස්සක විතර තීරුවක් සුද්ද කරනවා (මේ තීරුවට කියන්නේ ගිනි පටිය කියල මේ තීරුව නිසා ගින්න මහ කැලේට පැතිරෙන්නෙ නෑ). ඊට පස්සේ මානමට ගිනිතියනවා. රෑ කාලෙට ගිනිගන්න කන්ද දිහා බලන් ඉන්න එකෙත් පොඩි සුන්දරත්වයක් තියනවා.. හැබැයි ගිනිගත්ත කන්ද පහුවදාට අඟුරු කෑල්ලක් වගේ පේනකොට නං දැනෙන්නේ මාරම දුකක්. 


                                        පරවියන්ගල කන්ද 

මේ කන්දට ගිනිතියලා සතියක් යන්න කලින් මේ පැත්තට අනෝරා වැහි ඇදගෙන හැලෙවා. ඒක අවුරුදු පහක් විතර අද්දැකීමෙන්ම දන්න සිද්ධාන්තයක්.. මාස ගානක් පායල පායල කරකුට්ටන් වෙච්ච පොලවට වැහි බින්දු  වැටෙනකොට ඒ පොලවෙන් නික්මෙන සුවඳ හරිම ආස්වාදනීයයි.. අපිත් මුලින්ම මේ විදියට වැස්ස දවසේ පොඩි එවුන් වගේ වැස්සට පැනල හොදටම මඩ තැලුවා.. 

දවස් දෙකතුනක් යනකොට අර වේලිලා දුඹුරු පාට වෙච්ච ත(න/ණ)කොල වලින් ලා කොලපාටට දළු දාන්න පටන් ගන්නවා.. ඒක හරිම ලස්සන දර්ශනයක්, ඒ වගේම තමයි ගිනි අරන් කරකුට්ටන් වෙච්ච කළුපාට කන්දේ, මානම ආයෙත් පූදිනවා දවසින් දවස ඒක දිහා බලං ඉන්න ආසයි..

මේ ගමේ මිනිස්සුන්ගේ කෘෂි ආර්ථීකේට අමතර ආදයම් මාර්ගත් මේතැන විශ්වවිද්‍යාලයක් බිහිවෙච්ච නිසා ඇතිඋනා. මේ ඊයේ පෙරේදා වෙනකංම විශ්වවිද්‍යාල නේවාසිකාගාර විදියට භාවිතා කළේ මේ පඹහින්න ගමේ මිනිස්සුගේ ගෙවල් තමයි, සිසුන්ට අවශ්‍ය කෑම බීම හදල දෙන්න ව්‍යාපාරික ස්ථානත් බිහිවෙනවා. මේ පැත්තේ බස් ගමනාගමනයත් සිදුඋනේ යලට මහට හින්දා පඹහින්න හංදියේ ත්‍රි රෝද රථ ගාලක් එහෙමත් ඇතිවෙනවා.. වැදගත්ම දේ ඒක නෙවෙයි.. එවකට සමනලවැව පොලිස් මුරපොල, සමනල වැව පොලීසිය බවට පත්කරගන්නට අපි ඕකට යන කාලේ හැකිවෙනවා.. ඒක මං හිතන්නේ අපි විසින් ගමට කරපු ලොකුම සේවයක් කියලා මම තදින්ම විශ්වාස කරනවා. 

ඔන්න ඔය කියන ගමේ තමයි ටිකිරා අයියගේ කඩේ තිබුනේ.. මං හිතන්නේ තව දිගට මේක ලිව්වොත් කියවන අයට එපා වෙන්න ඉඩ තියනවා. ඒ නිසා ටිකිරා අයියාගේ සමපෝෂ සංග්‍රහය සහ බස්සිට දාන අදහස ගැන ලඟදීම පොස්ට් එකක් දාන බලාපොරොත්තුවෙන් අදට නවතිනවා..

ඔය පැත්ත ගැන ලියවුනු වෙනත් එව්වා...




ප/ලි  :  ඔය පොටෝ එහෙම අල්ලල තියෙන්නේ මමම තමයි 

134 comments:

  1. වැඩි දෙයක් දන්නේ නෑ ඒ පැත්ත ගැන...

    ReplyDelete
    Replies
    1. සිහිනයා, මාත් ඒ පැත්තෙ හිටපු නිසා ටිකක් විස්තර දන්නවා.. ගොඩක් අය ඉතිං දන්නෙ නෑ.. නිකමට ලිව්වේ.. ස්තුතියි ගොඩවැදුනට

      Delete
    2. දම්බරාව වැව අයිනෙත් විස්ස විද්දාලයක් දාගන්න බැරිවෙයිද දන්නෑ නේද බං?

      Delete
    3. පුළුවන් පුළුවන්.. ඒ කිට්ටුව, හරක් ගාලක් හරි, කුකුල් කොටුවක් වගේ මොකක් හරි තියනං වැඩේ ලේසියි.. ඉක්මනට පටන්ගන්නවා

      Delete
    4. ඔව් එතකොට ඒ සත්තු ටික ආචාර්ය මණ්ඩලේත ගත්තෑකිනේ.

      Delete
  2. බෙලි හුල් ඔය...... ගැන ඉස්සර ඉදන්ම අහල තිබුන...... බෙලිහුල් ඔය falls ...... මෙහේ කට්ටිය එහේ හීතලට හනිමුන් ගියා...... පස්සෙනේ campus එක ආවේ......
    සිජේ... මගේ එකට ගොඩ වැදිලා අර..... ජෝරේ... තෙරුන් කරලා දෙන්නකෝ...... ඇත්තෙන්ම දන්නේ නැ......

    ReplyDelete
    Replies
    1. //බෙලිහුල් ඔය falls ....//

      එහෙම එකක් තියෙනව කියල අදමයි ඇහුවෙ! තානායම නම් ප්‍රසිද්ධයි.

      Delete
    2. ඇයි...? ඉන්දික ඔය මං දෙපාරක් ලියුව හින්දද..... ඔයා කියපු නිසයි.... ආයෙත් බැලුවේ..... මට මතක එහෙම තමා..... සිජේ.... ගෙන් අහල බලන්න ...ඒ තානායමේ නම තමයි මේ....

      Delete
    3. මටත් හිතෙන්නේ නිහිංසට පොඩ්ඩක් පැටලිලා, බෙලිහුල්ඹය තනායම තමයි ඉස්සර ඉඳන් ඔය වගේ වැඩ වලට ප්‍රසිද්ද, පස්සෙ කාලේ තව තව ඒවා ආවා හැබැයි "බෙලිහුල් ඔය falls" කියල එකක් නං දැනුවත්ව නෑ..

      රයිට් අන්න ඔබේ පෝස්ට් එකේ ජෝරේ කරල ඇති...

      ස්තුතියි නිහිංසා ගොඩවැදුනට

      Delete
    4. නිහිංසා,
      හිතේ සැකේට මං Google සර්ච් කරල බැලුවා, ඔය කියන නමින්නං එකක් අහුඋන් නෑ.. බලමු ආයෙත් හොයලා..

      @ ඉන්දික,
      එහෙම එකක් නං දැනුවත්ව නෑ.. අනික ඔය හරියේ දිය ඇල්ලක් නෑ.. බලමු ගියපු කට්ටිය හිටියොත් කියයිනේ..

      Delete
    5. බෙලිහුල් ඔය දිය ඇල්ලක් නෑ. බෙලිහුල ඔය ප්‍රසිද්ධ සුද්දගේ රෙට්ටවුස් එක නිසා. එතන නම් ඔය පොඩ්ඩක් සුදට ගලනවා.. ගල් වැඩි නිසා.. තව ලස්සන රෙට්ටවුස් එකක් තමයි කිතුල්ගල.. එතනත් ඇල්ලක් නෑ. ඒත් සීඝ්‍ර බැස්මක් තියෙනවා කැළණි ගඟේ. ඒකයි වෝටර් රාෆ්ටින්ග් වලට ප්‍රසිද්ධ.

      මම ඔය සමනල වැව ප්‍රොජෙක්ට් එක හදන කාලේ ඔය පැත්තේ ගිහින් නැවතිලා ඉඳලා තියෙනවා. මට මතක විදියට ඕක අපේ උනුයි පිටරට උනුයි දෙගොල්ලම රිජෙක්ට් කරපු ප්‍රොජෙක්ට් එකක්ද කොහෙද..

      Delete
    6. මාතලන්,
      /මට මතක විදියට ඕක අපේ උනුයි පිටරට උනුයි දෙගොල්ලම රිජෙක්ට් කරපු ප්‍රොජෙක්ට් එකක්ද කොහෙද./ ඒ උනාට පාලකයෝ OK කරපු එකක්නේ..

      බෙලිහුල් ඔය රෙස්ට් හවුස් එක අවට තව තව කීපයක් දාල තියනවා.. ලග පාතක ඇලි නං නෑ.. හැබැයි ඔය නං ලස්සනයි..

      Delete
    7. මට ඔය පැටලිලා තියෙන්නේ...... අර මං හිතන්නේ..... හුන්නස්ගිරි falls වලට වෙන්න ඕන. සිජේ.....

      Delete
  3. ගල් මූසලයා!! කියවන්න පටන්ගන්නකොට ලියල ඉවරත් කරලා. දැන් ඉතින් ආයෙ ලියන දවසක් එනකල් බලන් ඉඳපන්කෝ. කෙල පෙරාගෙන පෙරේත කමින් කියවගෙන ආවේ.

    චැහ් ඇරඹුමම කඳුලක් කලානේ.

    ReplyDelete
    Replies
    1. අඩේ බනින්න එපා....!!!
      උඹට නං මොකද දවසට එක පෝස්ට් එක ගානේ ලිව්වත් ලංකාවේ තියන සිංදු ටික ඉවර කරන්න අවුරුදු විස්සක් වත් යයි.. අපිට එහෙමයැ.. මේක තව අවුරුදු දෙක තුනක් වත් ඇදන් යන්න එපැයි.. හැක් හැක්..

      ඇරඹුමම කඳුලක් වෙන් නෑ.. ලඟදිම දානවා

      Delete
    2. ඊටත් පස්සේ කෑල්ල තව තවත් රසවත්......හැක්.. ෘ

      Delete
    3. ඊයෙ රෑ මේ පෝස්ට් එක කියවන්න ආව වෙලාව මට තාම මතක් වෙනවා. උඹට හිතින් බැන බැන මං නිදාගත්තා.

      Delete
    4. හීනෙන් අල්ලන් දෙන්න එපෑ බෙල්ල ගැලවෙන්න!

      Delete
  4. උඹල හිටපු ටික කාලෙට පොලිස් මුරපොල පොලිසියක්ම කරන්න උනා???!! අනේ ඇත්තට හිතාගන්න පුලුවන් පෝරිසාදයන්ගෙ තරම්!

    ReplyDelete
    Replies
    1. හෙහ්....හෙහ්....එල කියමන මල්ලියා....

      Delete
    2. බලන්න ගමට පොලීසීයක් ආවම කොච්චර දියුණුවක්ද??

      Delete
    3. @ කෙන්ජි, හෙක් හෙක්..

      Delete
    4. ඇත්තටම මනෝ මේකයි සීන් එක..
      විදානය කාලයක් ඔහෙ හිටිය නෙව ඉගන ගන්ට කියල ඔය කාලෙ මූ රෑට රෑට අර හේන් ගොය්යො පැල් රකින්ට ගියාට පස්සෙ රිංගල නෙව...
      කෝම හරි අයිති කාරයො ද්නෙත් නැතිව ගෙදර පළතුරු ගහ ගෙඩි ලන්ට පටං ඇරං ඉතිං ඕ් සීන් එක නවත්තන්ට ලු නෙව ඔහට්ට පොලෝ සියක් දැම්මෙ

      වැඩේ කියන්නෙ ඉස්සර ඉපදෙන උංනෙ ඉස්සරහ ලායට තට්ටයක් තිබ්බලු දැං දැං ඉපදෙන උංනෙ පිත්තල බොත්තනුත් තිබ්බලු...
      කලිං ඉපදුණ ඉස්සඑහ තට්ටකාරයො තාම ඕ හරියෙ ඉන්නව උඹ ගිය වෙලේක බලකො

      Delete
    5. මහීගෙ විශ්ලේෂණය හරි. +++++++++++++++++++++

      Delete
    6. මේ මහේෂයනං අම්මපා අර කෝපි කඩේ අබිලිය වගේ.

      Delete
    7. මහේෂ්..
      //වැඩේ කියන්නෙ ඉස්සර ඉපදෙන උංනෙ ඉස්සරහ ලායට තට්ටයක් තිබ්බලු දැං දැං ඉපදෙන උංනෙ පිත්තල බොත්තනුත් තිබ්බලු..//
      මේ ටික ගැන විස්තරයක් ඊඊඊඊඊලග පොස්ට් එකකින් දානවා

      හැබැයි අනිත් ඒවනං හැක් හැක්..

      Delete
    8. @ ප්‍රියා
      දී කිරට බල්ලුත් සාක්කි ලු, හැක්

      @ විසිටර්
      හරියට හරි බොල

      Delete
    9. අඩේ මහී... මට හිතෙනවා උඹේ විවරනය හරියටම හරි, ඒ පැත්තෙ හැදෙන එවුන් ඔක්කොම මිනිම් කටයුතුවලට හෙන මනාපයි කියන්නෙ. මොකක් හරි ජාන විකෘතියක් කියලලු කියන්නේ.

      Delete
    10. එකනේ මචෝ එස් . බි අන්කල් බෙලිහුල්ඔය ඉඳලම කිවේ අපි කූඩෑන්ලන් ට බය නැ කියලා ...හැක් හැක්

      Delete
  5. මට නම් බෙලිහුල් ඔය කිව්වොත් Guest එක තමයි මතක් වෙන්නෙම බං .....
    පිටි පස්සෙ වතුරෙ බැහැගෙන ,,,ගල් උඩ නියමෙට ආතල් ගත්ත තැනක්.......

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්,
      ගල් අතරින් වතුර ගලාගෙන යනවා හරිම සුන්දරයි......
      ස්තුතියි ගොඩවැදුනට

      Delete
    2. වෙන වෙන ආතල් නං ගන්න ඇති කෙන්ජය්ය නං ආයෙ මොනවද..
      හෙක් හෙක්

      Delete
    3. //ගල් අතරින් වතුර ගලාගෙන යනවා හරිම සුන්දරයි......// උඹ කියනවා නම් ඉතින් පිළිගන්ටම එපෑ! අනිවා මචෝ උඹ හරි. :D :D

      Delete
    4. මහේෂ්,
      /වෙන වෙන ආතල් නං ගන්න ඇති කෙන්ජය්ය නං ආයෙ මොනවද..
      හෙක් හෙක්/ පොඩ්ඩක් විස්තරාත්මකව පැහැදිලි කරානං..

      පියා,
      අන්න හරි හරස් පස්න නැතුව පිලිගනින්.. ඩී..

      Delete
    5. ගල් මැදින් ගලායන වතුර ගැන ඉතින් විශේෂඥයා කියන දේ පිලිගන්නැතුං කොහොමෙයි!!

      Delete
    6. ඒ ගල් මැදින් ගලනා ගඟ මනහරය.....

      Delete
    7. කවි සිතුවිලි පහල වෙනවා නෙහේ!

      Delete
  6. ඔය තැපැල් කන්තෝරුවට මෙහා පැත්තෙ කෑල්ලෙ සමහර දාට මං යනව වැඩ බලංට. වේලිඔය පැත්තෙත් කරක් ගහල තියෙනවා. කාටවත් කියංට එපා.
    ලස්සන වගේම මරු හුලං කපොල්ලකන කැම්පස් එක තියෙන්නෙ. ලෝකාන්තෙ පාමුලටත් යන්ට පාරක් තියෙනවා නේද ඔය පැත්තෙං?

    ReplyDelete
    Replies
    1. හැබෑට විසිටරය දන්න දේවල් ඈ...
      වෙන වෙන....
      බෙලිහුල් ඔය කැකුළුයකට හදි කොරා නේද..
      නඩුව තාම ඇහෙනව මං හිතන්නෙ ඈ බං විසිටරයො උඹ වන්දි මුදල් ගෙවන්න ලෑස්තිය

      Delete
    2. හහ්, මං කිව්වෙ සද්භාවයෙං ඈ...
      ලෑස්ති කොරගං වන්දිය අපහාසෙට හුහ්!!!

      Delete
    3. ලෝකාන්තෙට පාර වැටිලා තියෙන නිසා තමාලු ඔතන ගත්තෙ! මළඉ'ලවු' කපල් වලට ලේසී නොවැ!

      Delete
    4. ඔව් විසිටර්, එතැන තමයි ලංකා බැංකුව තිබුනේ.. අපි මහපොල නිධානේ ගන්නත් යන්නේ ඔතනට තමයි.. ඔතන එකල හිටිය මැනීජර් මහත්තයා අපිත් එක්ක හිටපු එකෙක් ගේ පියෙක්.. පඹහින්නට ATM එකක් තියෙන්නේ ඔතන විතරයි.. ඒක හයි කරේ 2006 විතර, එතකං සල්ලි ගන්න කිමි 25ක් බලංගොඩට බඩගෑවෑ.. හැක් හැක්
      ඔය ලෝකාන්තේ පාර කියන්නේ නන් පේරියල් වත්ත මැදින් යන්න තියන පාරක්.. වැඩි විස්තර මේ ගැන ලියවෙන ඊලග පෝස්ට් එකෙන් දාන්නං
      මං හිතන්නේ විසිටර් ගේ පලවෙනි විසිට් එක මේ.. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට.. ඒ වගේම ස්තුතියි අදහසටත්

      Delete
    5. @ මහේස්.. ඇත්තද බං, අනේ මන්දා කවුරු පිලිගන්නද කියලා

      @ ප්‍රියා, ඒ පාරේ උඩට යනකොට මැරිලා ඉවරයි බං

      Delete
    6. හොඳට කරත්ත දක්කපු ජ්‍යේෂ්ඨයෝ සැට් එකක්ම ඉන්නෙ ඔය. අපූරුයි!!

      Delete
    7. //වැඩි විස්තර මේ ගැන ලියවෙන ඊලග පෝස්ට් එකෙන් දාන්නං//

      අඩේ විදානේ ඔය කියන විදිහට උඹ හැමදෙයක් ම ඊළග පෝස්ට් එකෙන් ලියනවාද?? ඒක ගොඩක් දිග වෙයි නේද??? ඒ කියන්නේ ඒකෙනුත් උඹ ටිකිරාගේ සමපෝෂ ගුලිය ගැන ලියන්නැද්ද???? මං නං බලාගෙන ඉන්නේ ම අපි නොදන්න ටිකිරාගේ සමපෝෂ ගුලිය ගැන කියවන්න.. පුළුවන් නම් ෆොටෝ එකකුත් දාපං......

      Delete
    8. හෙක් හෙක්.. දක්කපු කරත්ත.. කරත්ත පාරවල් තමයි බං තිබුනේ...

      Delete
    9. ඊලග පෝස්ට් එක පතරංග ජාතකේ වගේ වෙයි කුරුටු..
      සමපෝෂ ගුලිය ගැන ලියනවා, මේ සතියේ නොලියන්න වෙනිං හේතුවකුත් තිබුනා..

      Delete
    10. විදානේ දැන් මාස දෙකක් වුණා සද්දයක්වත් නැහැනේ... සමපෝෂ ගුළිය පොටෝ ගහනවාද????? නැත්තම් අර පතරංග ජාතකය ලියනවාද??? උදව්වක් ඒහෙම අවශ්‍යනම් කියන්න.................... අපි ඉන්නවා ඔ්නේ දේකට මතං

      Delete
  7. පඹහින්න හන්දියෙන් ඔය කැම්පස් පාරෙ මාත් දෙපාරක් විතර ගිහිල්ල තියෙනව තක්කාලි ගොයියො හොයන්න. නියම පැත්ත තමයි.

    ඇයි ඔය සමනලවැව මහා ජල කාන්දුව ඔය පැත්ත ජනප්‍රිය වෙන්න තව හේතුවක්. :D

    ReplyDelete
    Replies
    1. අනේ අසරණ තක්කාලි ගොයියෝ ටික.. ඩී..

      ජ ල කා න් දු ව හින්දා වැඩිපුර වැව ගැන කතාකරන්න පටන්ගත්තා .. මිනිස්සු එන්න යන්න පටන් ගත්තා.. නියමයි කිව්වට නියමම නෑ.. ස්තුතියි ගොඩඋනාට

      Delete
  8. අවුරුදු ගණනකට පස්සේ විදානයා පෝස්ටු කටුවක් ලියා ඇත.. ඒකත් මෙලෝ රහක් නැත..
    හොදම හරියේ නවත්තා ආතල් කුඩු කර ඇත...
    විදානයා බංග ේවා
    ඕ යේස්

    ReplyDelete
    Replies
    1. විදනයා බංග වේවා!! නිට්ටඹුවට ජය වේවා!!

      Delete
    2. මේ කරපු අලුකුත්තේරු වැඩේ නිසා ඕකගේ හොදම යාළුවට හෙන හතම වදින්න කියලා මං ප්‍රාර්ථනා කරනවා...

      විදානයා බංගවේවා !!!

      Delete
    3. ප්‍රියාට බංගම වේවා !!!

      Delete
    4. මහේෂයෝ, මං කිව්වෙත් ඕකමයි බං.

      Delete
    5. මනොෂ් ඩබල් බංග වේවා !!! ඩී

      Delete
  9. මමත් බෙලිහල් ඔය දන්නේ ගෙස්ට් එක විතරයි ගිහින් නෑ..දුවිලි ඇල්ලත් ලගපාත නේද?

    ReplyDelete
    Replies
    1. දූවිලි ඇල්ල තියෙන්නෙ කල්තොට. ඔය කිට්ටුව සුරතලී ඇල්ලනං තියෙනව.

      Delete
    2. මැන්ඩියා ප්‍රසන්න අයියා කිව්ව වගේ දූවිලි ඇල්ල තියෙන්නේ කල්තොට.. දිය ඇලි නැතුවට බලන්න ලස්සන තැන්නං ඔය පැත්තේ තියනවා.. හැක් හැක්.. ස්තුතියි ගොඩවැදුනට

      Delete
    3. ප්‍රසන්න අයියා, මේ මැන්ඩාට පොඩ්ඩක් කියලා දෙන්නකෝ..

      Delete
    4. මට නිකං....පිස්ස්ස්ස්සු වගේ...

      Delete
    5. නිකං නෙවෙයි!! ඩී

      Delete
    6. ඕව කියල දෙන්න ගිහිල්ල නිකං ඉල්ලගෙන කන්නෙ මොකටද නෙහ්.... :D

      Delete
  10. //සමනලවැව පොලිස් මුරපොල, සමනල වැව පොලීසිය බවට පත්කරගන්නට අපි ඕකට යන කාලේ හැකිවෙනවා.. ඒක මං හිතන්නේ අපි විසින් ගමට කරපු ලොකුම සේවයක් කියලා මම තදින්ම විශ්වාස කරනවා. //
    උඹ එනවා කියල දැනගත්තම හමුදා මුරපොලක් දැම්මෙ නැද්ද?

    මේ එතෝට විදානෙ සබරගමු ද? එහෙ ගිය මගෙ යාලුවෙකුත් කිවුවා වතුර ප්‍රශ්ණ, ගමනාගමන ප්‍රශ්ණ එහෙම තියනව කියල. හැබැයි මාර ලස්සන පලාතක් ලු නේද?

    තව ලිපියක් ලියැවේවිනෙ මේ ගැන?

    මාත් ලියනව බොට සෙකන්ඩ් නොවෙන්න කැළණි පුරේ අසිරිය ගැන. හිටපන්කෝ...........

    ReplyDelete
    Replies
    1. //කැළණි පුරේ අසිරිය ගැන.//

      ඒ කොහෙද අප්පා ඒ පුරේ තියෙන්නෙ? :D

      Delete
    2. බස්සි.. හමුදා මුරපොලක් දාන්න කලින් මට උපාධිය දීලා පරිස්සමින් යන්න කිව්වා.. ඩී ඩී
      වතුර පස්න එමෙ මේ ගැන ලියවෙන ඊලග පෝස්ට් එකට දානවා අනිවාර්යයයෙන්ම..

      ලියන්ඩ ලියන්ඩ... කැලිණිය නං මරුවින්, මරුවින් නං කැලණිය
      ස්තුතියි ගොඩඋනාට

      Delete
    3. @ ප්‍රියා,
      නිට්ටඹුවට ඩිංගක් මෙහා.. ඩී

      Delete
    4. නෑ බස්සියේ, විදානේ පැල්මඩුල්ලේ, නිට්ටඹුව කියන පුංචි ගමේ...ඔයාල දන්න නිට්ටඹුව නෙවෙයි, වෙන එකක්. !!! සිතියමකවත් නෑ... හරි දුෂ්කර ගම්මනායක්. සිග්නල් නෑ. පැරකුම් කුඩුවලින් දත් මදින්නේ!!

      Delete
    5. අඩේ කවුරුත් කැළණියට එහෙම බනිනවා නෙමෙයි හරිය................ එහෙම බැන්නොත් කුගැගීප හී ඉන්න ආඩි තිදෙනෙක් කිපෙන්න ඉඩ තියේ..... කවුද කියලා දැනගත්තොත් උඹලා මුකුත් ම කියන එකක් නැහැ...

      Delete
    6. @ මනෝෂ්.......................

      //හරි දුෂ්කර ගම්මනායක්. සිග්නල් නෑ. පැරකුම් කුඩුවලින් දත් මදින්නේ!!// අපේ මනෝෂ් ඉන්නේ කොළඹ 7 නේ... කුරුදුවත්තේ............ හරිය..........

      Delete
    7. මනොෂ්, /පැරකුම් කුඩුවලින් දත් මදින්නේ!/ නෑ බං අඟුරු වලින්

      කුරුටු
      කැලණිය බස්සිට ලියල දීලලු..
      ඔහෙලැයි අයට අකුලන් එන්න වෙනවා,

      ඒක නෙවෙයි තිදෙනා කවුද කියල මං ගෙස් කරන්නද?? හැක් හැක්

      කුරුඳුවත්තේ මනොෂ්..
      පවු අනේ

      Delete
    8. කුරුටු, විදානයෝ..

      මං කිව්වෙ මං කුරුඳු වත්තෙ කියල නෙවෙයි බොලවු. මං නම් හද්ද වන්නියේ එකානෙ කොහොමත්. මං කිව්වෙ, සිග්නල් කඳුලක්වත් නැති විදානෙ ඉන්න නිට්ටඹුව ගැන.

      Delete
    9. කවුද බොලවු ඔය සද්දෙ දාන්නේ එක එකා වරෙවු!

      Delete
    10. ඇයි උඹට දෙන්නෙක්ගෙන් එක පාර ගුටි කන්න බැරිද?????

      Delete
  11. පළමුවෙන්ම විරෝධය මාතෘකාවෙන් කොටසක් පමණක් ලියා ශේප් වීම ගැන..
    පළමුවටම හිතට ආ අදහස නම්.. තව ටික දොහකිං ඇල්ල වැල්ලවාය පාරේ කරඳගොල්ල ප්‍රදේශයේත් වි.වි. ආරම්භ කරාවිද යන්න.. මොකද ඔය කියන සියළු (අ )පහසුකම් සහිතව උමා ඔය ව්‍යාපෘතියේ කණ්ඩායමටත් එහි අලංකාර ස්ථානයක නවාතැන් සූදානම් කර තිබෙනවා..
    දෙවැන්න.. සබරගමු වි.වි. ව්‍යවහාරික විද්‍යාපීඨය බුත්තල පිහිටා තිබීමෙන් පරිපාලන ගැටළු පැන නගින්නේ නැද්ද? පඹහින්න හරහාත් බුත්තල හරහාත් නිතරම වාගේ ගමන් කරන නිසා මේ ගැටළුව මට මුල සිටම තිබුනත් මෙහිදී ඒ සඳහා යම් පිළිතුරක්ද ලබා ගත හැකිවේ යැයි සිතනවා.
    තුන්වෙනියට හිතුන දෙය මුලින්ම ලියුවා.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. /තව ටික දොහකිං ඇල්ල වැල්ලවාය පාරේ කරඳගොල්ල ප්‍රදේශයේත් වි.වි. ආරම්භ කරාවිද// දැනට පවතින්රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්ති හා සසඳා බැලීමේදී ඔතනත් දාන්න පුළුවන්.. ඔය කියන උමා ඔය තැනත් මං මාසයක් විතර පැල පදියං වෙලා හිටිය.ා...

      එක විශ්වවිද්‍යාලයක් උනත් ලොකු පරිපාල ගැ‍ටලු පැන නැගුනේ නෑ. ෆැකල්ට් දෙක අතර ලොකු සම්බන්දයක් තිබුනෙත් නෑ. බොර්ඩ් මීටින් වගේ දේවල් වලට එහෙන් මෙහෙට ‍එනවා.. ක්‍රීඩා කරන්න වගේ වෙලාවට දෙගොල්ලෝ එකතු වෙනවා.. දැං බුත්තලින් ඒ ෆැකල්ටිය අයින් කරලා පඹහින්නට ම ගෙනත්.. ස්තුතියි ගොඩවැදුනට

      ‍‍‍‍‍

      Delete
    2. //දැං බුත්තලින් ඒ ෆැකල්ටිය අයින් කරලා පඹහින්නට ම ගෙනත්.. // අනෙ අම්මේ මේ පෝස්ට් එක දැකලවත්ද.. ගිය මාසෙත් ඔතනින් එනකොට තියෙනව දැක්ක..
      ඒක නෙවෙයි විදානේ.. මාත් හිටියනේ බන් එක දවසක්.. අර ඉරාන කාරයින්ගේ ලොකුකං මට දිරෙව්වෙ නැති නිසා එදා හවසම ආපහු බණ්ඩාරවෙල ගිහිං මට බෑයි කියල ආව.. වෙලාවට වැඩ කර කර උන්නු කොරියන් කොම්පැණියේ එකා ආපහු ගත්ත.. හිහ්.. 2012.. එතකොට ඔය රෙසිඩෙන්ශල් කෑම්ප් එකේ වැඩ පටං ගත්ත විතරයි..

      Delete
    3. ෆැකල්ටිය පඹහින්නට ගෙනාවේ 2008 අවුරුද්දේ.. තාමත් බුත්තල ගම් උදා භූමියේ ගොඩනැගිලි ටිකනං තියනවා.. ඒකේ දැං හමුදා පාසලක් දාල තියනවා.. දකින්න ඇත්තේ ඒකයි..
      අපි හිටියේ සබ් අරගෙන.. හැමදාම හැංදෑවට ඇල්ල හංදියට අැවිත් යනවා නිකං දැල් කඩේ පැත්ත බලල යන්න..

      Delete
    4. ඒ ටිකට තනිය දැයට මඟුලෙනුත් ගොඩනැඟිලි වගයක් හැදුවා.

      Delete
    5. දැයට කිරුලෙන් හැදුවේ බුත්තල.. බුත්තල දැං පැකල්ටිය නෑ බං

      Delete
  12. මොකද්ද බං,දානකොටම ගියා වගේනෙ.කියවන්න ගත්ත ඉතරයි මෙන්න ඉවර කරල.මෙහෙම රස කතා ලියද්දි ටිකක් දිගට ලියහං.

    ReplyDelete
    Replies
    1. //දානකොටම ගියා වගේනෙ.//++++++++++++++++++++ හැක් හැක් :D

      Delete
    2. චැහ්.. කට්ටියට බොරිං වෙයි කියල තමයි කොටකොරේ.. දානකොටම ගියත් දෙවනි එක දිගට අල්ලල හිටියි .. ස්තුතියි හැලපයියා..

      Delete
    3. ප්‍රියා,
      / හැක් හැක් :D/ දුප්

      Delete
    4. දැන් උඹ මුන්ට කියන්නෙත් මට කිව්ව සිංදු කතාවමද? හ පුලුවන්නම් කියහං බලන්න.

      Delete
    5. කථාව ලියන්න පටන් ගන්න කොටම වෙන එකෙක් ලියල පබ්ලිස් කරලත් ඉවරයි

      Delete
    6. එදා ලියපු සිංදුව වගේ නේද බං?

      Delete
  13. ඔය පළාත මටත් හුරුපුරුදු නිසා ලිපියේ ඉතිරි කොටසත් කියවන්න බලාගෙන ඉන්නවා. සමනලවැවේ සම්පුර්ණයෙන් වතුර පුරවන්න බැරි එක තැනක තියෙන ලීක් එකක් නිසා නෙවෙයි(ලු) පොළොවේ තියෙන මාබල් ස්තරය තුලින් ඇති පැලුම් ඔස්සේ නිරන්තර වතුර කාන්දු වීම නිසා(ලු). ඔතන ජලාශයක් හදන්න සුදුසු නැති බව භූ විද්‍යා මහාචාර්ය පී ඩබ්ලිව් විතානගේ පොළොවේ පස් කාගෙන කීව(ලු) . ටර්බයින් සියල්ල ක්‍රියා කරවන්ට ඇති තරම් වතුර නැති නිසා හදපු විදුලි බලාගාරයෙන් කොටසක් සදා අබ්බගාත(ලු). අපේ රටේ ගොඩක් වැඩ සිද වෙන්නේ එහෙමයි(ලු) . අනේ මමනම් ඔව්වා දන්නේ නැති(ලු)

    ReplyDelete
    Replies
    1. කොහොම හරි ඔය සියලු කතන්දර මැද්දේ ඔය සමනල වැව ඉදිඋනා.. විදුලි බලාගාරෙත් ඉදිඋනා.. බලාගාරේ පැත්තට ගියත් වැඩි විස්තර හොයාගන්න බැරිඋනා වැඩේ එතනින් ඉවරයි.. හැබැයි ප්‍රශ්න තාමත් එහෙමමයි.. මිනිස්සු වැවට යටඋනු ඉඩකඩං දිහා බලාගෙන හූල්ලනවා.. ඉක්මනට දෙවනි කොටස දාන්නං, ස්තුතියි තිලක සිත...

      Delete
  14. පඹහින්න සෑහෙන දියුණුවක් ලැබුවා කැම්පස් එක නිසා.. ඔය පැත්තෙ මිනිස්සු, තමන්ගෙ ගෙවල් බෝඩිම් විදිහට දීල පිටින් ගෙවල් අරන් පදිංචි වුනා.

    //හාවාගල// නොහොත් හාගල.... මාත් නැගල තියනව. ඕක උඩට ගියාම පේනව බෙලිහුල් ඔය ඈත කන්දෙන් පහලට වැටෙන හැටි. විදානෙ දැකල ඇති මං හිතන්නෙ ඒක.

    ReplyDelete
    Replies
    1. ඇත්ත චන්දන, පඹහින්න ගම ගොඩාක් දියුනු උනා කැම්පස් එක හින්දා..
      හාවාගල කඳු මුදුනේ කෑම්ප් ගහගෙන සති දෙකක් හිටියා.. ඒ ගැන පොඩි පොස්ට් එකක් ලිව්වා ඒකේ ලින්ක් එක පොස්ට් එකේ අන්තිමට දාල තියනවා... ස්තුතියි ච්න්දන ගොඩවැදුනට

      Delete
    2. විදානේ... චන්දන.....

      කැම්පස් එක එක්ක ගම කොච්චර බැදිලා තියෙනවාද කිව්වොත් මේ පාර සිදු වෙමින් තියෙන ප්‍රශ්ණයේ දී ගමේ ජනතාව ගත්තේ ළමයින්ගේ පැත්ත... අනික ප්‍රශ්ණ ඇති වෙලා ළමයි ගෙදර යැව්වාම ඒ පළාතෙම කඩවල් ටික වැහෙනවා... මිනිස්සුන්ගේ ආදායම් නැවතිලා යනවා....

      Delete
    3. ඇදිරි නීතිය දැම්මා වගේ.. මිනිස්සුන්ට සාගතේ ගැහුවවගේ

      Delete
  15. විදානෙගේ තරු දානේ :P
    http://madhumadhavi135.blogspot.com/2014/10/blog-post.html

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්, ගොඩවැදිලා කොමෙන්ටුවකුත් කොටල තමයි ආවේ..

      Delete
    2. හාහ්....හා....හ්..හාච්ච්...හාආ

      Delete
    3. තුන්වෙනි පොරොප්පෙ ගහන්න වෙලාව හරි වගේ

      Delete
  16. කෝ බං පෝස්ට් එක?

    මොක උනත් අර පොලිස් මුරපොළ පොලිස් ස්ථානයක්ම උනා කියන්නෙ උඹලෑ තරම හිතා ගත්තෑකි! :D :D

    මේ… ඔය පැත්තෙ සිග්නල් තිබුනද මචෝ? :)

    ReplyDelete
    Replies
    1. //මොක උනත් අර පොලිස් මුරපොළ පොලිස් ස්ථානයක්ම උනා කියන්නෙ උඹලෑ තරම හිතා ගත්තෑකි!// පට්ට කතාව. කෝ මේ විදානෙ !!!! :D :D

      Delete
    2. තව ටික දවසක් හිටියනං එතැන බන්ධනාගාරෙකුත් හැදෙනවා.. චැහ් ඊට කලින් උපාදිය දීල යන්න කිව්වනේ..

      ඒ පැත්තේ සිග්නල් ගැන ඊලග පෝසට් එකෙන් දාන්නම්..

      Delete
    3. @ චන්දන, හරි මං ඔය කක්කුස්සි ප්‍රියාව අල්ලගන්නංකෝ..

      අඩේ මං වැඩට ගිහිං දැං තමයි ආවේ.. හෙක් හෙක්..

      Delete
    4. \\කක්කුස්සි ප්‍රියාව//

      හුකෑස්!!!

      Delete
    5. අඩේ ප්‍රියා මොනවද මේ කියන කතා............

      Delete
    6. බීල බීල කක්කුස්සි වල වැටිලා හිටියම ඔහොම තමයි..

      Delete
  17. ආ අමතක උනා මේ ෆොටෝ ටික දැකලා මට හිතුනෙ 'කවුද බං මේ ෆොටෝ එකක් ගන්න නොදන්න පිස්සු යකා???' කියලා. කියලා. පස්සෙනෙ දැක්කෙ මේක //ඔය පොටෝ එහෙම අල්ලල තියෙන්නේ මමම තමයි // මට උත්තරේ හම්බ උනා! :p

    ReplyDelete
    Replies
    1. ඔව් මචං කවදක හරි මං ලොකේ ඉන්න හොඳම පොටෝ අල්ලන එකා වෙනවා..

      අඩොව් සතුටු දායක ආරන්චියක්.. ලබන 30වැනිදා ඉදන් මං ආයෙත් නිට්ටඹු යනවා..

      Delete
    2. කමෝන් ප්‍රියා.................

      අපි ඔබ සමගයි... හහ් හහ් හා.........................

      Delete
    3. හැක් හැක්..
      එහේ ගිහිං ලියනවා පෝසට් ඇස්ට් හැලෙන්න..

      Delete
  18. //සමනලවැව පොලිස් මුරපොල, සමනල වැව පොලීසිය බවට පත්කරගන්නට අපි ඕකට යන කාලේ හැකිවෙනවා.. ඒක මං හිතන්නේ අපි විසින් ගමට කරපු ලොකුම සේවයක් කියලා මම තදින්ම විශ්වාස කරනවා. //
    ඇතියන්තම් සමනලවැව බන්ධනාගාරය පටන් ගන්න වෙනවා තව ටිකක් කල් හිටියනම් තොපි .

    ReplyDelete
    Replies
    1. ඇතියන්තම් සමනලවැව බන්ධනාගාරය පටන් ගන්න වෙනවා තව ටිකක් කල් හිටියනම් තොපි.

      අනේ ඇත්ත තමයි ඉවාන්.. සැහ් ඊට කලින් අපි එලෙව්වනේ...හෙක් හෙක්

      Delete
  19. විදානේ...............................

    මුලින් ම ස්තූති කරනවා පඹහින්න ගැන සහ සමනලේ ගැන අකුරු කිරීම ගැන.. සුන්දර පරිසරයක්.. සුන්දර මතකයන් තියෙන තැනක්.... අපිට කෙසේ වෙතත් විදානේට කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ...

    අපේ අඩවියේ කාන්චනා ඒ කාලේ ලියපු කවියක් මතක තියාගෙන ඉදලා මේ ලිපියට එකතු කිරීම ගැනත් ස්තූති කරන්න ඕනේ.... ඒ වගේ ම විශ්ව විද්‍යාලයක් වුණාට සබරෙට මහා සාහිත්‍යයක් නැති එකේ අඩුව වහන්න විදානේ වැනි චරිත විසින් ගන්නා වූ උත්සහාය අපි ඉහළින් ම අගය කරනවා..

    අනික විදානේ කුගැගීප හී ආඩි එකොලොස් දෙනාගෙන් ආඩි දහයක් ම ඉපදුන බිම ඕක තමයි විදානයෝ... ඉතින් දැන් අපි කතා කරමු උඹේ ලිපියේ තියෙන වැරදි ගැන....

    1. කිලෝමීටර් 156 කණුව පිහිටා ඇත්තේ ගලගම ටවුම හරියේ. උඹට ඒක වැඩිපුර ම මතක ඇත්තේ පර්ල් එකෙන් බොන්න යන හින්දා වෙන්න ඇති...

    2. විශ්ව විද්‍යාලය අසල පිහිටා ඇත්තේ කිලෝමීටර් 161 කණුවයි...

    3. උඹේ මාතෘකාව මහා බරපතල වුණාට ඒවා ලිපියේ නැහැනේ බං....

    4. කුරුටු ගෑ ගී පවුරේ ආඩි නැත.. සිටින්නේ එළ කොල්ලන් සහ කෙල්ලන් පමණි...


    හහ්......................... හහ් .............................. හා.............................

    මීට හිතාදර
    කුගැගීප හී
    තුෂාර විතාරණ

    ReplyDelete
    Replies
    1. 01. \\ඒ වගේ ම විශ්ව විද්‍යාලයක් වුණාට සබරෙට මහා සාහිත්‍යයක් නැති එකේ //

      02.\\අනික විදානේ කුගැගීප හී ආඩි එකොලොස් දෙනාගෙන් ආඩි දහයක් ම ඉපදුන බිම ඕක තමයි විදානයෝ...//

      ඔන්න ඔය කාරණා දෙක එකතුකරලා මං අදහසක් ඇතිකරගත්තට කමක් නැත්ද ගී පවුරේ...??!!!

      Delete
    2. ඔව් තුෂාර,
      පඹහින්න, සමනල වැව කියන්නේ සුන්දර තැන් තමයි.. හැබැයි ඒ සුන්දරත්වය තියෙන්නේ පිටිං යන අපිට ඒ වායේ ජීවත් වන අයට ඒ සුන්දරත්වය යටින් දිවෙන කර්කෂ කටුකත්වයක් තියනවා..
      ඔබ කියනවා හරි, සබරගමුවට මහා සාහිත්‍යයක් , ආවේනික උප සංස්කෘතියක් නැහැ තියෙන්නේ කොහෙන් හරි හොයාගත්ත ටිකක්.. ඒ ජීවිතේ ගැන දීර්ගව ඉදිරි ලිපියකින් ලියන්වා

      හරි දැං පස්න වලට උත්තර..
      01. පර්ල් එකේ හැමදාම යන්නෑ, ඒ ලඟ තියෙන දිමුතු එකෙන් තමයි බඩු ගන්නේ..

      02. දැං තියෙන්නේ 160 කණුව, පාර හැදුවට පස්සේ වෙනස් උනා..

      03. ඒක පිලිගන්නවා, ඉක්මනට ලිව්වේ ආයේ එහෙම වෙන් නෑ

      04. //එළ කොල්ලන් සහ කෙල්ලන් පමණි...// එළ නං ඉතිං වැඩක්ම නෑනේ ටික දවසකින් ගුල්ලො ගහනවා...

      මොනව උනත් මේ පැත්තට අඩිය තියලා අදහස් දැක්වුවට ස්තුතියි තුෂාර..

      Delete
    3. මනොෂ්
      පලෙවනි කාරනේ සබරේ යනුවෙන් කිව්වේ ව්ශ්වවිද්‍යාලය

      දෙවනියට කිව්වේ පඹහින්න ග්‍රාමිය රෝහල ගැන

      Delete
    4. යකෝ.................... ග්‍රාමීය රෝහළ කිව්වේ අපිට ද ?????

      Delete
    5. @ මනෝෂ්.....................

      කමක් නැහැ ................... හැබැයි අවුල් ඒවා එහෙම හිතනවා නෙමෙයි.............

      Delete
  20. විදානයෝ, මං මේ ඇත්තටම අහන්නේ, ඔය සමනල වැවෙන් නේද, අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසෙ නටඹුන් හම්බුනේ. අර යකඩ උඳුන් එහෙම? ඒ ගැනත් තොරතුරු ලියනව්ද? ලියන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. අපේ ඉතිහාසෙ වැල්ල අස්සෙ හංගපු මිහිඳු හාමුදුරුවො ගැන මට කේන්තියි බං. සිරාවට!

    ReplyDelete
    Replies
    1. යකඩ උඳුන් ගැන තොරතුරු ටිකක් තියනවා තව හොයනවා.. ඊලග එකෙන් දාන්නං

      Delete
  21. විදානේ මම හොඳටම පරක්කුයි මචෝ ..
    මමත් ගෙදර යන හැමදාම පඹහින්නේ ( ලෝකාන්තයට යන පාර පාස්වෙලා ) නැවතිලා කහට එකක් කාරිය බිලා බුලත් විටක් එහෙම හපලා තමයි යන්නේ ..


    සමනල වැව පුරවන්නට බෙලිහුල්ඔය ගලා ඇවිත්
    ආදර කඳු තරණය කර දෙහදක් අද වෙන්ව ගිහින්
    සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා

    පහන් තරුව පායා විත් ඔබ එන බව පවසන විට
    සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා
    සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා

    පෙරදින අප හමු වූ තැන නටඹුන් පමණකි කඳුලක
    කඳු අතරේ වලා රොදක ඔබ සැඟවීලා
    සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා

    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

    ReplyDelete
    Replies
    1. ආදර කදුමත
      පහන් ටැඹක් සේ
      දිලුනා ඔබ මට
      මගෙ අම්මේ.....
      බැබළුන එ මුදු පහන් සිලෙන් මා
      ලෝකය දුටුවා
      මගේ අම්මේ.......
      වලවෙ ගං දිය
      පිරි සමනළ වැව
      මද පවනනේ රැළි නගනා සේ
      දරු සෙනෙහස පිරි
      නුඔ සිනහා රැළි
      අම්මේ මා සිත පුරවන්නේ .............
      සුමුදු සිසිල් දිය පිරි බෙලිහුල් ඔය
      ගල් පර හැරදා නොම යන සේ
      සෝ කදුලැල් මැද
      සිත රළු වුණ දා
      ඔබ මා ලඟ
      සිටියා අම්මේ...........

      ගත්තේ මෙතැනින්

      Delete
    2. මමත් ගෙදර යන්නේ ඔය පාරෙන්ම තමා, මූ බොරුවක් එහෙම ලියයිද කියලා බලාගෙන ඉන්නේ බෙල්ල මිරිකන්න

      Delete
  22. හෙක් හෙක් සුන්දර මතකයන් නේ, සැපක් කියලා ගත්තු දෙයක් තියෙනවනම් තියෙන්නේ කැම්පස් කාලේ තමා, මමත් පරක්කුයි වගේ, ඊළඟ කොටසත් දාන්න.

    මිනිස්සුන්ගේ විශ්වාසය තමා පට්ට, කන්ද ගිනි තියලා ලොකු දුමාරයක් අහසට යවලා වලාකුළු උත්තේජනය කරලා වැස්ස ගන්න විදිය සුපිරි. මතකද කොටෝ කොලොන්නාවේ තෙල් ටැංකි වලට ගැහුවම කොළඹට වපු කළු වැස්ස?

    ජයවේවා!!! බොලා හදලා දීපු පොලීසිය නිසා සබරේ උන් අද ගුටි කනවා.

    ReplyDelete
  23. බොලා ලිපිය පල කරලා දවස් 6 කට විතර පස්සෙ තමයි මේක කොටන්නෙ. හරිම අවිවේකී සතියක්. ඒ මදිවාට මගේ ලැපේ හාඩ් ඩිස්ක් එකත් කොට උඩ ගියා. ඒ සියල්ල ගලපගෙන ඔන්න ඉඳගත්තා බොග් කියවන්න.

    තණකොළ ලියන්න පාවිච්චි කරන්නෙ මූර්තජ නයන්න. ඒ නිසා ඊලග වතාවෙ බොට නයනු දෙකක් ලියන්න ඕනෙ වෙන්නෙ නෑ. දන්තජ න යන්න ලිව්වොත් ඒක ඉතිං මිනිස් ප්‍රජාව සහ සතුන්ටත් හිමිවෙලා තියෙන උපාංගය.

    සඹරගමු සරසවිය සහ ඒ වටා තියෙන සුන්දරත්වය ගැන කියවෙන දිවුල්ගනේ ගායකයා ගායනා කරන ගීතය ලිව්ව ස්වාධීන රූපවාහිනියෙ සුරවීර අයියා මගේ බොක්කක්. මේ ගිතය ගැන එයාට කියලා විචාරයක් මගේ බොගේ ලියන්න කීප වතාවක් උත්සාහ කලා. ඔහු අතිශයින් කාර්යබහුල වීම මත ඒ කාරිය කරන්න තවම හැකි උනේ නෑ. මේ ඉසව්වට මම ගිහිල්ලම නෑ. ඒ නිසා නොදුටු පළාතක රසවත් කථාවක් බොලාගෙ ලියවිල්ල තුලින් මම අත්වින්දා ගොයියො.

    ReplyDelete
  24. අඩේ බං මේකෙ ඉතිරි කොටස දන්නෙ නැත්ද උඹ? ඉක්මනට දාහංකො.

    ReplyDelete
  25. ඉතුරුු ටික ඉක්මනට දාමු

    ReplyDelete
  26. විදානේ.................... විදානේ ...................... නැගිටින්න....................දැන් ගොඩක් දවල් වෙලා........

    ReplyDelete
  27. හා................ හා .................... විදානේ අපි අායේ සමපෝෂ ගුලිය ගැන අහන්නෑ ෂූවර්................ දැන්වත් ලියමුකෝ.....................

    ReplyDelete
  28. කෝ මේ මළදානෙ. සමපෝෂ හිරවෙලාද මන්ද.

    ReplyDelete
  29. ඒක තමයි...විදානේගේ තරුදානේ මළදානයක් වෙලාද??

    ටක් ටක් ටක්! ගෙදර කවුද???

    ReplyDelete
  30. ඇයි බං මූ ලිවිල්ල නැවැත්තුවේ?

    ReplyDelete
  31. ආ... ටිකිරා මල්ලි. සමපෝෂ නැත්තං යහපෝෂ හරි කමුද?

    ReplyDelete