Wednesday, October 28, 2015

පැරනි ලියද්ද..



ඔහේ මොකෝ,
පෙරේද රෑ.,
හීනෙන් ඇවිත් මට පෙනුනේ ...
එවෙලේ ඉදන්,
මගේ හිතත්,
තොන්තුවෙන් මේ වෙනකං..
කන්නත් බෑ,
බත් කොරහේ,
ඔහෙගෙ මූණ මට පේනවා..
කලු වයිරගේ,
වල්ගේ වගේ,
ඔහෙගෙ කොන්ඩේ මතක් වෙනවා..
බුලත් පයියේ,
ඔහේ ඉඳන්,
කිති කවනවා වගේ දැනෙනවා..
දීග ගියපු,
මගේ පොඩිඋන්,
ලමයි එක්ක හෙට එනෝලු..
අනේ එතනෝ,
අයේ එහෙම,
එන්න එපා මගේ හිතට..
වස ලැජ්ජයි,
මයේ සුමනා,
ඇඹුල අරන් එනවා දැං...



95 comments:

  1. මොකක්ද බොල මේ හත්තිලව්ව? අම්මපා උඹත් එහෙනම් මහේ හිතට එබිකම් කරලා බැලුවා ඈ. කමක් නෑ කමන් නෑ. ඔයවගේ එව්වා මටත් නොහිතෙනවාම නෙවෙයි. හොඳට ලියවිලා තියනවා. කෙටියි රසවත්.

    ReplyDelete
    Replies
    1. හිතට එබෙන්න දෙයක් තිබ්බයැ..එදා අර සිංහලාඩම ගැන කියවපු වෙලාවේ.. තව පරන එව්වා දෙක තුනක් කිව්වේ....
      හැක් හැක්.... ස්තුතියි

      Delete
  2. ඉඳල හිටල
    හීනෙන් හරි පේන්න
    එතනෙක් ඉන්න එක
    කොච්චර මිහිරි දෙයක්ද...!
    ඉඳලා හිටල හරි
    විදානෙගේ මේ දානේ
    මෙහෙම බෙදන එකත්
    ඒ වගේමයි
    මේ මට නං....!!!!!

    ReplyDelete
    Replies
    1. දවල් තිස්සේ..
      කැලෑ කොලේ,
      මහ කඳුවල,
      බඩ වැටිවල..
      මායිං හොය හොය දුවනවා !!!
      ඔපිස් ගියත්,
      සිග්නල් නෑ,
      නිට්ටඹුවක් වගේ ඒක ...!!!
      තාත්තේ අඩා,
      තාත්තේ අඩා,
      පුංචි එකී හැන්දෑවට..!!!
      ................
      ...............
      ............................,
      එහා ගෙදර,
      ආච්චිඅම්මා,
      නිවන් ගියා ඊයේ උදේ..
      ඒකයි මේ,
      අද දවසේ,
      පුංචි නිදහසක් ලැබුනේ..

      (තිත් වලින් ඇති දේ ගැන නෙවිමසන්න...)
      ස්තුතියි ඈ..

      Delete
    2. මේකත් එල ද බ්‍රා
      තාත්තේ අඩා,
      තාත්තේ අඩා,
      පුංචි එකී හැන්දෑවට..!!!
      මේ කෑල්ල වැදුනා බොක්කට..

      Delete
    3. අනිවා මචෝ හැමදාම මගබලන් ඉඳලා එනකොටම උඩ පනිනවා..

      Delete
    4. ඇයි බොල මෙන්ඩො, ඔය තිත් දාල තියෙන ටික තමයි මේකෙ භයානකම හරිය කියල බොට තේරෙන්නෙ නැද්ද?

      Delete
    5. මෙන්ඩෝ.............

      එහා ගෙදර,
      ආච්චිඅම්මා,
      නිවන් ගියා ඊයේ උදේ..

      මට නං මේ කෑල්ල වැදුනා හොදට ම.... බොක්කට ම

      Delete
    6. @ ප්‍රසන්න අයියා..
      අතිශය බයානක හරිය

      @ කුරුටු
      කොහොමත් ඔහේට ආචිචිලා බොක්කට වදින හැඩයි.. හැක් හැක්

      Delete
  3. යකෝ මේ මනුස්සයට දීගතල දීපු ළමයි ඉඳලත් මනමාලකම අඩුවෙලා නෑනෙ.

    ඇති යංතං මූට මේක මතක් උනා. විදානේ සමග යලි නැගිටිමු.

    ReplyDelete
    Replies
    1. පිබිදියව්, ඔද වෙයව්, ඉදිරියට යමව්..

      - මං පුංචි කාලේ ගියපු දියලපේ කනිෂ්ඨෙ ඒකාලේ තිබ්බ පාසල් ගීය පටන් ගන්නේ එහෙමයි -
      මං එතනින් තමයි නැගිටින්න පටන් ගත්තේ...

      බය වෙන්න එපා ප්‍රසන්න අයියා.. මං දිගටම නැගිටිනවා...
      ස්තුතියි ඈ..

      Delete
    2. ඈ බන් විදානෙ දියලපේ කනිෂ්ටෙ පාසල් ගීය ජාතික ගීයටත් හොඳයිනෙ. පිබිදියවු ,ඔදවෙයව් ,ඉදිරියට යමවු කියනකොට මාර ගැම්මක්නෙ එන්නෙ.

      Delete
    3. කනිෂ්ටෙ පාසල් ගීය ජාතික ගියෙ තව කෑල්ලක් තිබුනා මු ඒක දාලා නෑ
      පිබිදියව්, ඔද වෙයව්, ඉදිරියට යමව්..පිටුපසටත් යමව් (තාප්ප නැත්නම්)

      Delete
    4. @ මධ්‍යස්ථ..
      අවුරුදු දෙක තුනකට පස්සේ ඒ පාසල් ගීය වෙනස් කරලා.. මං හිතන්නේ සැර වැඩියි කියලා වෙන්න ඇති.. දං තියෙන්නේ වෙන එකක්..

      Delete
    5. මෙන්ඩෝ.. ඒ කාලේ ඔය දැං වගේ හැම තැනකම තාප්ප තිබ්බෙ නෑ..(86 විතර) තිබ්බනං ඒ මාර මැජිත් තැනක තමයි.. ඒ හින්දා තාප්ප ගැන නං තිබ්බේ නෑ ගල් වැටක් ගැන නං තිබ්බා..

      Delete
    6. බලං ගියාම මූ පුත්තලං බූරුවො හැට හුට හමාරක වයසනෙව

      Delete
    7. හැට හුට හමාරයි තව දෙන්නෙකුගෙයි

      Delete
    8. අපේ පංසලේ තාප්පයක් තිබ්බා. ඒකෙ අලිත් හිටියා :D

      Delete
    9. නාකි විසේ ගෙටත් උසේ කියන්නේ ඔ්කයි.... (මෙම කමෙන්ටුවෙන් විචා තුමා පිළිබද නොකී බව සලකන්න)

      Delete
    10. @ පත්තර, අර තාප්පේ අලි හිටියනං උඹට බෆර් හොයල විතරක් බේරෙන්න හම්බෙන් නෑ සුදෝ..

      @ කුරුටු, නාකි ඉතිං විචා නෙවෙයිනං වෙන කවුද?

      Delete
    11. මතකතියාගනියව් 'පරණ තුවක්කු හොඳට තෙල් දාලා එහෙම ගත්තම තාමත් පත්තුවේ'

      Delete
    12. අපිටනං ඉතිං තෙල් නොදා උනත් පත්තු වෙන්නේ "පරණ අරක්කු" තමයි

      Delete
    13. ඔහොම තම වයසට යනකොට විදානේ

      Delete
  4. නියම පබැදුමක්....

    මේ අවුරුද්දටම පෝස්ට් දෙකයිනේ බොල දාලා තියෙන්නේ...මදි මදි මදි

    ReplyDelete
    Replies
    1. අවුරුද්දට දෙක ගානේ අවුරුදු පන්සීයක් බ්ලොග් එක කරගෙන යන එක තමයි මගේ පරම මෙව්වා එක..
      ස්තුතියි මනෝ

      Delete
    2. ඓහෙනං ඉතිං අවුරුදු 500 ක් මෙහෙම කොමෙන්ට් දාන්න අපිටත් බොලා පාවිච්චි කරන බෙහෙත දීපං මල්ලි.

      Delete
    3. CH3-CH2-OH, දිනකට 375ml බැගින් දිනපතා පාවිච්චි කරන්න...
      වැඩේ ගොඩ ප්‍රසන්න අයියා..

      Delete
    4. දින කිහිපයක් පල් කරන ලද තෙලිජ්ජ හත්පතක් එක් පතකට සිද උදේ සවස කෑමට පෙර අඩු කෝප්ප දෙක බැගින් පානය කරමින් ගංජා පැලැටියක කොල,මල්, එකට ගෙන මද අවුවේ වේලා කැබලි කර දල්වා දුමින් නස්න කිරිමෙන් අවුරුදු පන්සීයක් ආයු වැළදිය හැකි බවපුරාණ හෙළ වෙද පොත්වල සදහන්වී ඇත...

      Delete
    5. අන්න හරි මනෝ.. හැබැයි ප්‍රසන්න අයියා හැමතිස්සේම දකින බේත් කඩේකින් ගන්න පුලුවන් දෙයක් තමයි මම කිව්වේ..

      Delete
    6. ඉස්සරහ කඩෙන් අහල බලන්නෝන උඹ කියන බ්‍රෑන්ඩ් එක තියෙනවද කියල.

      Delete
    7. අැයි ප්‍රසා................

      ඔය කඩේ නැද්ද??????? බූලි වල ගෙනැල්ලා වික්කානම් වැඩේ ගොඩ.....

      Delete
    8. ඉස්කෝලෙ යන කාලෙ ඉගෙන ගත්තට ඕව මහා පරිමානෙං කරන්න වෙයි කියල හිතුවෙ නෑනෙ. බැරිද ෂෙයා හෝල්ඩර් කෙනෙක් වෙන්න.

      Delete
    9. @ ප්‍රසන්න අයියා
      1. තියනවා තියනවා.. අද්දැකීමෙන් කියන්නේ..
      2. අපරාදේ ඒටිකවත් හරියට ඉගනගත්තේ නෑනේ..

      @ කුරුටු
      බූලි වල ගෙනල්ලා විකුනන්නේ බලංගොඩ අලුත් නුවර පැත්තේ... හැක් හැක්

      Delete
    10. අා..................... අැඹිලිපිටිය පැත්තේ විකුණන්නේ බනිස් මලු වල දාලාද?????? අර කාර්වලට ඒහෙම පනින්නේ ඒවා බොන ඒවුන්ද????

      Delete
  5. හෙහ් හෙහ් මරු නිර්මාණය. සීය කෙනෙකුගෙ අභ්‍යන්තරය මරුවට ලියවිල. මට නිකමට මතක් වුනා ජයශ්‍රී ලගෙ මොඩ් ගොයිය .

    ReplyDelete
    Replies
    1. අර පැරණි පෙමක සුවඳ දිගේ ගඟ පහලට ගලන්නේ කියන්නේ...
      ගොයියන්නේ උනත් පොඩි පොඩි පරණ සීන් තියනවනේ...

      ස්තුතියි ගන්ධබ්බයාට ගොඩවැදුනට...

      Delete
    2. ඒ කවුද බොල ගන්ධබ්බයා..............

      Delete
  6. අද උදේම උඔගේ අන්තිම පොස්ට් එකට කමෙන්ටුවක් දැම්මා අඩුම ගානේ අර ඊයේ රැ කියපු කයියවත් ලියපන් කියලා..
    ඔය තියෙන්නෙ එල ද බ්‍රා වගේ
    ලගදිම දවසක අපි උඔලාගේ පැත්තට එනවා අඔ රසය සමගින් හතරපාදි වෙන්න ..

    ReplyDelete
    Replies
    1. අඹ නැතුව ගල් බොමු...

      Delete
    2. මෙන්ඩා..
      මෙව්වා මොන කවිද.. එව්වානේ කවි...
      අඹ රසය සමගින් හතරපාදී වෙන්න...හැක් හැක්...
      ඇපල් රස සමගින් බුලත්විට කන්න..
      තාප්ප මතින් වාහන පදවන්නට...


      හැක් හැක්.. වරෙන් වරෙන්...

      Delete
    3. ගල්බොන්නෝ දිනන්නෝ.. නේ ප්‍රසන්න අයියා...

      Delete
    4. බ්‍රෑන්ඩ් එක ගල් ඒ වුනාට මේ පාර ඉයන් ආදිපාදිතුමාගේ මෙව්ව එක සමරලා අඔ ගහමු

      Delete
    5. අලිගැට පේර, දිවුල්, අන්නාසි, වෙනිවැල්ගැට, සිදරං, මේ ඕන දෙයක් ඔට්ටුයි....

      Delete
    6. මෙහම එකතුවෙලා අඩ්ඩක් ගහන්න මුලික අඩිතාලම දැම්මේ උඔ..ඒකේ ගෞරවය සම්පුර්නයෙන්ම උඔට..අපි එකතුවෙලා අඩ්ඩක් ගහන හැමවෙලාවකම උඔව මතක් වෙනවා පත්තර මල්ලි

      Delete
    7. @ පත්තර..
      කොරෙක්ස්

      @ ප්‍රසන්න අයියා..
      වලං

      @ මෙන්ඩා..
      අනිවා මචං අඩියක් ගහන හැම වෙලාවකම මට මූවයි, උඹවයි, උපුලවයයි මතක් වෙනවා..

      Delete
    8. මගේ සොට් එක බිමට හලපල්ලා මත ඇතුව ඈ.. උපුලා කියන්නෙ මගේ හිතට වැදුන මනුස්සයෙක්..ඌ ළඟපාතක හිටියනං අගේ කියන්න බෑ බං.

      Delete
    9. බිමට හලලා බිම ලෙවකනවා ඉදගෙන..
      උපුලා ගිය සතියේ නුවර ගොහිං.. වෙඩින් එකක වැඩ ටිකකට...

      Delete
  7. විචා නිසා හරි උඹ මෙහෙම හරි ලියපු එක ලොකුදෙයක් ....ජයවේවා !!!


    සුළඟින් බිත්ති තැනූ සුවඳින් පිරියම් වූ
    මාලිගයකි මගෙ හද දොරගුලු නැති
    පිරී තියේ තදබද වී ආදරේ..

    අහසකි මගෙ හිස සියොතුන් හැසිරෙන
    සැමරුම් මේ කුළු අතර නිරන්තර
    නිදහස ඇත කාටත් පිවිසෙන්නට
    ඉන්න එපා පිලිපත්තේ ආදරේ..

    මුව විට තෙක් හද ඔබෙන් පිරී ඇත
    එනමුත් සැමදින පුංචි ඉඩක් ඇත
    තව එක් අයෙකුට පිවිසිය හැකි ලෙස
    දොරක් වැසී දොරක් ඇරේ ආදරේ

    නාට්‍යය - තාරාවෝ ඉගිලෙති

    ReplyDelete
    Replies
    1. /මුව විට තෙක් හද ඔබෙන් පිරී ඇත
      එනමුත් සැමදින පුංචි ඉඩක් ඇත
      තව එක් අයෙකුට පිවිසිය හැකි ලෙස
      දොරක් වැසී දොරක් ඇරේ ආදරේ/

      අපේ නං දොරවල් දාහක් විතර ඇරිලා තියෙන්නේ.. හැක් හැක්..
      තැන්කිව් සිංදුවට සිංදු ඇනෝ...

      Delete
    2. සින්දු ඇනෝ
      අහලත් නෑ බං
      එල ද බ්‍රා

      Delete
  8. විදානෙ කවි ලියල.. පොහ්.. මට පාංද..
    අර විදානෙග මළ දානෙ තරු දානෙ විදියට වෙනස් කල දා ඉදං තොට හෙනහුරා ලබල.. ඉදෙකිං.. හොදට ලියල ලිය ඉදල තොලොංජි වුණානෙ.. ලබ්බ..
    හැමදාම වගෙ අකුරු වැරදී.. මොනාත් කියන්නෙම නෑ.. ඒ උඹෙ අනන්‍යතාවය නෙ.. හැක්..

    ReplyDelete
    Replies
    1. පරණ සබන් කෑල්ලට යන්න කිව්වා....
      අකුරු වැරදීම දේව ගතියක්.. සමාව දීම මනුස්ස ගතියක්.. අර කථාවකුත් තියෙන්නේ..
      කොහොමින් කොහොම හරි මගේ අනන්‍යතාව රැකගෙන මේ බ්ලොග් එක තව අවුරුදු පන්සීයක් විතර ඉස්සරහට ගිනියන්න තමයි බලන්නේ..

      ස්තුතියි එව්වා මෙව්වා වලට..

      Delete
    2. //කොහොමින් කොහොම හරි මගේ අනන්‍යතාව රැකගෙන මේ බ්ලොග් එක තව අවුරුදු පන්සීයක් විතර ඉස්සරහට ගිනියන්න තමයි බලන්නේ..//

      ඒහෙනම් මචං අායේ ලබන අවුරුද්දේ මැද හරියේ මේ පැත්තට ඒන්නම්... ජයවේවා

      Delete
    3. ලබන අවුරුද්දේ මැද ආවත් ඊලග ආත්මේ මැද හරියේ ආවත් උඹට මේ තරු දානේ බැබලි බැබලි තියනවා දකින්න ලැබෙයි කුරුටු මචෝ..

      Delete
    4. ඒහෙනම් ඉතින් තරුවක හරි ලයිට් ඒකක හරි රූපයක් ඒල්ලහං... නැත්තං කොහෙද බැබලෙන්නේ...

      Delete
    5. මේක ඇවිල්ලා තරු දානේ...

      Delete
  9. මචං නොතේරෙන වචන දෙකක් තියෙනවා....... අනේ පහදලා දීහංකෝ....

    පයිය යනු කුමක්ද????

    කලු වයිරාගේ වල්ගය අැත්තේ ඔලුවේද?????

    මචං තරහා නැත්තං බඩුවක් අහන්නද???? අර ටිකිරා අයියාගේ සමපෝෂ ගුලිය ගැන පෝස්ටුව ලියන්නෙම නැද්ද බං..... නැත්තං නෑ කියහංකෝ... මං හිත හදාගන්නම්....

    ReplyDelete
    Replies
    1. මූ ඒක ලියන්නෙ සමපෝෂ කොම්පැනිය වහපු දාක තමයි.

      Delete
    2. @ කුරුටු..

      01. පුරාතනයේ පයිය ලෙසින් හැදින්වුයේ යමක් කමක් දාගෙන යාහැකිව තිබූ මල්ලක් වැනි දෙයකටයි. සහල් ගෙනආ මල්ල හාල්පයිය ලෙසත්, මල් ගෙනආ මල්ල මල්පයිය, කොට ගෙනආ මල්ල කොටපයිය, හැලප ගෙනආ මල්ල හැලපයිය, ලෙසත් හදුන්වමින් පුරාතන ජනතාව ඉතා දැහැමින් සෙමින් කල් ගෙව්වා. මේ කාලයේදීම පුරුෂයාගේ එල්ලෙමින් පවතින අවයවය දුටු එක් කිවිඳියක් එම අවයවය මල්ලකට සමාන කළා.. ඇය එසේ සම කරමින් කව් පැදි කීපයක්ම රචනා කළා.. ඉන් ඔද තෙද වැඩුනු හුදී ජනයා පුරුෂයාගේ මෙම අවයවයට මල්ල ලෙසින් අමතන්නට එනම් "පයිය" ලෙසින් අමතන්නට පටන් ගත්තා.. කල් යත්ම කුරුටු, බොහෝ කල්යත්ම.. පෙර කී සියලු මලුවලට කියන නම් මියගොස් පුරෂ අවයවයට පවසන මෙම පයිය පමනක් සමාජයේ ඉතිරි වූවා..
      ඉනික්බිති පයියක් ඇත්තා පයියා ලෙස හදුන්වන්නට වූවා...

      ඉතිං කුරුටු .. මෙන්න මේ වගේ දෙයක් තමයි "පකට" සහ "ලබ්බට"ත් සිදු වූයේ..
      සද්ධර්මරත්නාවලියේ මේ පිළිබද මනරම් විවරණයක් තිබෙනවා...

      02. ඹහේට ඕන තැනක් හිතාගන්න පුළුවන් ආයිබෝං..

      03. හිත හදාගන්න එපා බං ලබන සතියේ ලියනවා ශුවර්... හැක් හැක්



      @ ප්‍රසන්න අයියා

      මං ඒක කවදාවත් වැගෙන්න දෙන් නෑ..

      Delete
    3. ලියයි ලියයි. අපිට බය ලියයි කියල තමයි.

      Delete
    4. මේ ලියන ගමන් ඉන්නේ මචෝ..

      Delete
    5. ඇයි බං මම පයිය ගැන නැගල ගිය පෝස්ට් එකක් ලිව්වා මතක නැද්ද.

      Delete
    6. හැබෑ නේන්නං මේ කුරුටු පොඩි එවුන්ගේ පස්න දැක්කම මෙව්වා අමතක වෙනවා හැලපයියා...!!!!

      Delete
  10. කෙලපි තාප්පෙට.. මේකා ඇවිල්ලා.

    ReplyDelete
    Replies
    1. කෙලපි තාප්පෙට විදානේ තවත් ජීවතුන් අතර....

      Delete
    2. @ දේශා, තාප්පෙට කෙලලා තමයි ආවේ..

      @ කුරුටු, මං තව අවුරුදු පන්සීයක් මේක ලියනවා බොලව්..

      Delete
    3. කෙළිය නේන්නං තාප්පෙට.. බෆර් එක බිම.නැතුව වෙන අවුලක් නෑ :D

      Delete
    4. හැක් හැක් හැක් හැක්..
      ඉතාලියේ හිටපු එකෙක් බෆර් එකක් ගෙනත් දුන්නලු

      Delete
    5. ඔහොම තමා ගොඩක් ඒවුන් හිතාගෙන ඉන්නේ බං..... මේ ළගදී අපේ ඉස්සරහා ගෙදර අාච්චිත් මලා...... මං හිතුවේ තව අවුරුදු 5ක් වත් ඉදියි කියලා.. හිටියේ මාසයයි දෙකයි......

      Delete
    6. සතියක් ගෙදර ඉවුවේ නෑලූ නේ??

      Delete
  11. Replies
    1. රං එතනෝ මගේ මල් එතනෝ..

      ලබන සතියේ දාන්නං හොදේ....

      Delete
  12. කයි පද බැදිල්ලට එහා පිදුම....

    මල් මසුරන් විදානේ...

    ReplyDelete
  13. ලස්සනයි..... වයස මොකක් උණත් ඔව්වා සුළු සුළු දේවල්.............

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ආදරේට මෙව්වා නෑ කියනවනේ..

      Delete
  14. ඉඳල ඉඳල ලියපු කවිය කීයත් වටී.ඔන්න ඔහොම යමක් ලියපන්කො සතියකට දෙකකට සැරයක්වත්.

    ReplyDelete
    Replies
    1. රයිට් හැලපයියා මං හැමදාම හිතං ඉන්නේ සතියකටවත් එකක් දාන්න කියලා හැබැයි ඉතිං හැමදාම ලප් තැනම ලොප්..

      Delete
  15. හප්පා ඇවිල්ලා! අවුරුද්දටම මේක ඇති!

    ReplyDelete
    Replies
    1. එහෙනං එච්චරයි ගොයියෝ... බු දු ස ර ණ යි !!

      Delete
  16. ආපු දාම දැක්ක කයිය මල්7යි

    ReplyDelete
    Replies
    1. පලවෙනි පාර වෙන්නේ කොහොමෙයි ශානු මෙන්න මෙතැන්දිත් ඇවිත් කොමෙන්ට් කරලා තිබ්බා
      ස්තුතියි ආයෙත් ආවට...

      Delete
    2. නෑ...නෑ ..... ගොඩ දවසකට පස්සේ ආව බව කිව්වේ විදානයෝ

      Delete
  17. වයසට ගියාම අපිටත් මෙහෙම වෙයි.. දවස ගානේ එක එක පේනවනම්...හැක් ..හැක් ..

    ReplyDelete
    Replies
    1. හින දකින්නවත් ඉඩ නැති වෙයි එතකොට..
      මේ පැත්තට ආවමං මං හිතන්නේ.. ස්තුතුයි ගොඩ වැදුනට...

      Delete
  18. කවුද ඩො මම නැති අල්ල පනල්ලේ විචා මාමට කෝචෝක් දාන්නේ ?

    ReplyDelete
    Replies
    1. මං නොහොත් සී.ජේ. විදානේ. නොහොත්. සී.ජේ. විදානපතිරණ. නොහොත් චාමර ජීවරංග විදානපතිරණ නොහොත් ඉස්සා...

      Delete
    2. ජීවරංග නෙවේ තෝ භුමරංග

      Delete
  19. විදානේ ආපහු ඇවිත් සෑහෙන කාලෙකට පස්සෙ. මං පළවෙනි වතාවටද කොහෙද උඹේ කවියක් කියෙව්වෙ. පට්‍ට..

    ReplyDelete
  20. අැඹුල අැරං අාවත් උඹෙ සුමනා අද
    හිතේ කොනක හිටියේ ඒ් ඒතනා වෙද
    නිතර නිතර සුදු කරමල් දකින විට
    හීනෙන් අැවිත් රතු කරමල් දිදුලයිද

    ReplyDelete