Thursday, March 20, 2014

අරටුව සහ කොට්ටෝරුවා..



˝ටොක්.. ටොක්.. ටොක්.. ටොක්.. ˝ කොට්ටෝරුවා පොල් ගසට කොටමින් සිටියි,
මූ මේ පොල් ගගේ බෙනයක් හදන්න හදනවා,  මූට පිස්සු, මේකෙ කොහ්ද බෙන හදන්නේ මේ ගහේ හොද අරටුව තාත්තා කියපුවිදියට අවුරුදු 60 ක් විතර වෙනවා, නිසංසලාට සිතුණි.
නිසංසලා පොල් ගස දෙස බලාගෙනම කල්පනාවේ නිරත විය. තම කාර්යාලයේ දී ඊයේ සිදුවූ සිදුවීම නිසංසලාගේ හිතේ නැවත ඇඳෙන්නට විය.

˝නිසංසලා මිස් අන්න එච්ආර්එම් සර් එන්න කිව්වා˝ තම මේසය ලගට ආ පියන් එසේ පවසා යන්නට ගියේය.
නිසංසලා තමා කරමින් සිටී කාර්යය පසෙකලා එච්ආර්එම් ගේ කාර්යාල කාමරය වෙත ගියාය.
˝ආ.. නිසංසලා වාඩිවෙන්නකෝ... ˝ නිසංසලා පුටුව පස්සට ඇද වාඩිවුවාය.
˝අයි සර් මට එන්න කිව්වේ˝
˝නිසංසලා, ඔයාට ලබන පලවෙනිදා ඉදන් අපේ මහනුවර සයිට් එකේ වැඩට යන්න වෙනවා˝
˝මොකක්ද සර් නුවරට ට්‍රාන්සර්˝ තමාට ඇසුනු දෙය එකවරම පිළිගන්නට අකමැති වූ ඇය ඇසුවාය.
˝ඔව් අපේ මහනුවර රෝඩි ප්‍රොජක්ට් එකේ වැඩ ලබන පලවෙනිදා පටන් ගන්නවා එකේ එකවුන්ට් කාලාක් විදියට ඔයාව තමයි තොරගෙන තියෙන්නේ˝

නිසංසලාගේ මුහුණ සැනින් අදුරු විය මේ මොකක්ද වෙන්න යන්නේ මහනුවරට ට්‍රාන්සර් කරලා කොහොමද මම එහේ යන්නේ. එතකොට ළමයි දෙන්නා බලාගන්නේ කොහොමද උයන්නේ පිහන්නේ ගේ දොරවැඩ කරන්නේ මේවා තනියම මනෝජ්ට කරන්න බෑ.
˝අනේ සර්.. ˝ නිසංසලාට කියැවිණි.
˝බය වෙන්න දෙයක් නෑ ළමයෝ එහේ ඔෆිස් එක ළගම එකමඩේෂන් දෙනවා, ඒකට තව ගෑනු ලමයි තුන්හතර දෙනෙකුත් වැඩට දානවා. අනික මන්ත් එන්ඩ් එකේ දවස් පහක ෂඩ්ඩවුන් එකකුත් දෙනවනේ.. ˝ එච්ආර්එම් කියාගෙන ගියේය..
˝නෑ සර් මං කිව්වේ මට ගෙදර තියෙන ප්‍රශ්ණත් එක්ක එහෙටනං ට්‍රාන්සර් යන්නනම් බෑ සර්˝
˝මොනවද ඔය ගෙදර තියෙන ප්‍රශ්ණ? ˝
˝සර් මගේ පුතා ඉන්නේ දෙක වසරේ එයාගේ ඉස්කොලේ වැඩයි දූගේ මොන්ටිසෝරි වැඩයි කරන්නත් ඕන අනික මං ගියොත් ගෙදර ඉතුරුවෙන්නේ හස්බනුයි ළමයි දෙන්නයි විතරයි හස්බන්ට මේ ඔක්කොම කරන්න බෑ ....˝ නිසංසලා තමාගේ දුක් ගැනවිල්ල කියාගෙන ගියාය.

නිසංසලා මනොජ් සමග විවාහ වන විට දහනම හැවිරිදි වියේ විය, දැන් විවාහ වී සත් අවුරුද්දකි. ඇය දැන් අවුරුදු හයක පාසැල් යන පුතණුවකුගේ ද අවුරුදු හතරක පෙර පාසැල් යන දියණියකගේද මවය. උසස් පෙළ පලමු වර ලියූ ඇය ඉන් සමත් වුවද විශ්වවිද්‍යාලයට යාමට තරම් සමත් නොවීය දෙවන වර විභාගයක් ගැන නොසිතූ ඈ තම පියාගේ මිතුරෙකුගේ පුතකු වන මනෝජ් සමග විවාහ වූයේ දෙපාර්ශවයේම ආශිර්වාදය මැදය.
මනෝජ් පෞද්ගලික ආයතනයක තාක්ෂණ නිළධාරියෙකු ලෙස සේවය කළ අතර ඔහු තම බිරිඳටත් දරු දෙදනාටත් අවශ්‍ය සියලු කටයුතු කාරණා සම්පූර්ණ කළ අයෙකු විය. 

විවාහයෙන් අවුරුදු  හයක් පමණ වනවිට මනෝජ්ගේ වැටුපෙන් ඔවුන්ගේ කටයුතු පිරිමසා ගැනීමට අපහසු විය. තම පුතුගේ පාසල් වියදමත් දියණියගේ පෙර පාසැල් වියදමත් ඔවුන්ගේ අමතර පංති සඳහා යන වියදමත්. විදුලි බිලත්, ජල බිලත් දෙදනාගේ දුරකථන බිල්පතුත්, කෑමට බීමට යන මෙකී නොකී වියදමුත් ඊට අමතරව මරණ ගෙවල්, දානේ ගෙවල්, මගුල් ගෙවල් වලට යන වියදනුත් එක් කල විට ඔවුන්ට මාසේ අන්තිම වනවිට අතේ රුපියල් සීයයක් නොමැති අවස්ථා තිබිණ.

මනෝජ්ගේ ආයතනයේ ප්‍රධානියාගේ මාර්ගයෙන් නිසංසලාට ඉදිකිරීම් ආයතනයක ප්‍රධාන කාර්යාලයේ ගිණුම් ලිපිකාරිණියක වශයෙන් රැකියාවක් සෙයා ගැනීමට අපහසු නොවීය. රැකියාවේ කටයුතුත් තම පෞද්ගලික කටයුතුත් නිසිපිළිවෙල ට නියමාකාරයෙන් ම ඊයේ වනතුරුම සිදුවිය.

˝ම්... ඒකත් එහෙමද බලමුකෝ මොනවද කරන්න පුළුවන් කියලා...  ම්.... ˝ එච්ආර්එම් පෑනේ අනෙක් පසින් මේසයට හිමින් තට්ටු කරමින් කල්පනා කරයි, නිසංසලා බලාපොරොත්තු පෙරදැරිව ඔහුදෙස බලා සිටියි.
˝හොදයි.. ඹයාට ප්‍රශණ නේද?...... මට පුළුවන් එතේන්ට වෙන කෙනෙක් දාන්නත්˝ එච්ආර්එම් බරෑරුම් ලෙස නිසංසලාගේ මුහුණ දෙස බලා කථාව නතර කලේය.

˝ඇයි සර් ප්‍රශ්ණයක්ද˝ නිසංසලා ඇසුවේ තමන්ට පුළුවන් දෙයක් නම් එය විසඳන්නටය.
˝හොදයි මම ඔයාට මේක කරල දෙන්නම්˝
˝අනේ තැන්කිව් සර්.. ˝
˝මේවට ඉතින් අපිට සලක්න ඕන˝
˝ඒ කිව්වෙ සර්˝ ඇය එසේ ඇසුවේ එච්ආර්එම් ගේ තිබු බැරෑරුම් ස්වරූපය නිසාය..
˝ඒ කිව්වේ........ ˝ වචනය ටිකක් අදිමින් අමුතුම විදියකට නිසංසලාගේ දෑස් දෙස බලමින් මොහොතක් නවතුනු එච්ආර්එම්,
˝කලබල වෙන්න එපා ඔයාට මෙක කරගන්න පුළුවන් මේ විදියට විතරයි˝ යයි පැවසීය.
එවරනම් එච්ආර්එම් පීල්ලෙන් පැන ඇති වග නිසංසලාට වැටහින ඇය ඒ වගක් නොපෙන්වාම
˝කොහොමද සර්? ˝
˝ඔයා මා එක්ක එන්න ඕන˝
නිසංසලාගේ හිසට පොල්ලකින් පහරදුන්නාසේ දැනිණ සිතට ආ කෝපයත් පිළිකුලත් නිසා කුමක් පවසන්න දැයි සිතාගත නොහැකිව ඇය තප්පර කිහිපයක් ගල්ගැසී සිටියාය.
˝ඔවට මමනම් අල්ලගන්න බෑ හොද ගාය තියෙන කෙනෙක් හොයාගන්න˝ අවසානයේ අය දත්මිටි කමින් එසේ පැවසුවාය.
˝කලබල වෙන්න එපා හෙට වෙනකං කල් තියනවනේ ඔයා කල්පනා කරල තීරණයක් ගන්න˝
˝ඔවනං මේ කපේදි සිද්දවෙන වැඩ නෙවෙයි˝ එසේ කියූ ඈ ගස්සාගෙන කාමරයෙන් පිටවිය.

˝මේ මොකක්ද වෙන්න යන වින්නැහිය. මොනව උනත් උගේ වචනෙට මම නැවෙන් නෑ˝ පැය දෙකක පමන වේලාවක් තමාගේ මෙසය මත හිස තබ කඳුළු සලමින් සිටි නිසංසලා සිතුවාය.

කොට්ටෝරුවා තම හොටය පොල් ගසෙහි බඳෙහි දෙපසට අතුල්ලම්න් එය මුවගත් කරමින් සිටියේය.

˝නිසංසලා මම ලියුම හදල තියෙන්නේ, හෙට මැනේජර්ට දාන්න ඕන, කමක් නෑ ඔයා තවත් කල්පනා කරන්නකො මෙහේ ඉන්නවද නුවර යනවද කියල හෙට උදේට මට ෆයිනල් ඩිෂිෂන් එක දෙන්න˝ 

එකවරම ඇසුනු හඩින් නිසංසලා කලබලයට පත්ව හිස එසැවූවාය, ඇය ඉදිරියේ හිඳින්නේ එච්ආර්එම් ය.

˝ඔය වැඩේ නං කරන්න බෑ සර්˝ අමාරුවෙන් වචන සොයාගත් ඇය පැවසුවාය.
˝කමක් නෑ හෙට උදේට කියන්නකෝ˝ එච්ආර්එම් එතනින් පිටවූයේ නිසංසලාගේ පිටටද පොඩි තට්ටුවක් දමමින්ය.

නිවසට පැමිණි ඇය මේ විස්තරය මනොජ්ට පවසන්නට සිතාගත්තාය. එසේ උවහොත් මනෝජ් ඇගේ කාර්යාලයට ගොස් එය දෙවනත් කරනු ඇත. එච්ආර්එම් ට අන් සියළු දෙනා ඉදිරියේ බැන වදින්නට ද බැරි නැත. එසේ උවහොත් ඇයට රැකියාව අතහැරීමට සිදුවනු ඇත. සමහර විට මනෝජ් තමා සැක කරන්ටද ඉඩ ඇත. දිගින් දිගටම මේ පිළිබඳව සිතූ ඈ මෙය මනොජ්ට නොපවසන්නට තීරණය කළාය..

එහෙත් මෙයට විසදුමක් සෙවිය යුතුය මම මෙතැනින් අස්වෙනවා, ඇය සිතුවාය. මෙතැනින් අස්වී කුමක් කරන්නද ගෙදර වියදම් ටික පිරිමසා ගන්නේ කෙසේද? තියෙන වියදං මදිවට කාර් එකක් ගන්නත් සල්ලි බැඳලා ඒකේ ෆිනෑන්ස් ගෙවන්නත් ඕන, නිසංසලා දෙලොවක් අතරය,

පසුදාට පහන් විය කුමක් කළයුතුදැයි ඇය තවමත් සිතයි, නුවරට ට්‍රාන්සර් කියන්නේ රස්සාව අත්හරින්න වෙනවා, මෙහේ ඉන්නනම් අරූට රෙද්ද උස්සන්න වෙනවා.. ඈ දිගටම සිතුවාය.
 ˝මොනවා උනත් මම මගේ ආත්මය විකුණණ්නේ නෑ.... ඕකා ආයේ ඒ වගේ දෙයක් ඇහුවොත් මම පොලීසි යනවා˝ තිර අදිටනින් යුතුව ඇය රැකියාව සඳහා පිටත්විය. 
.
කාලය ගෙවින, සවස් කාලය උදාවිය.
කොට්ටෝරුවා පොල් ගසෙහි බෙනයක් සාදා උජාරුවෙන් එතුලට වී සිටියේය..

 -නිමි-
--------------------------------------------------------------------------------------------------------------------------

 ප/ලි

රැඳීසිටින්න....
ත්‍රාසය, භීතිය, ම්ලේච්ඡත්වය සමගින්,
ඒ අඳුරුතර අද්දැකීම් විස්තර කරන ගන්ධබ්යාගේ ආත්ම කථනය නොහොත්.
ගන්ධබ්බයකුගේ පෙළ මතක් කීරීම..

ඒ වාර්ථාගත නවකථාව කොටස් වශයෙන්.. 
විදානේගේ මළදානේ තුලින්,
බස්. සහ ද. ප.ස. මැරවරණය නිමවූ වහාම දිගැහැරේ.....

52 comments:

  1. එතකොට කොට්ටෝරුවා ඒ ගහටත් කෙටුවා එහෙනං

    ReplyDelete
    Replies
    1. ඕව් ඔව් අටම් කොට්ටෝරුවා ඒ ගහටත් කෙටුවා...
      සාදරයෙන් පිලිගන්නවා අටම් තුමාව මේ මලදානේ පැත්තට....

      ස්තුතියි අදහසක් එහෙම කෙටුවට.

      Delete
  2. කොට්ටෝරුවගේ බෙනේට මගේ කට මොකටද ඉතින්. කතාව වේගෙන් ඉවරවුනාද මන්ද බන්.පස්ට පස්ට

    ReplyDelete
    Replies
    1. කථාව ඉක්මනට ඉවර දිග වැඩි උනොත් ටිකක් බෝරිං වෙන හිංද..
      ස්තුතියි අදහසක් එකතුකලාට..

      Delete
  3. නියමයි වෙන කියන්න දෙයක් නෑ....ලෙසටම සංකේත භාවිතා කරලා තියෙනවා .....කොහොම වුනත් අවසානයේ සියලු ප්‍රශ්න හමුවේ අසරණවීම කියන දේ සිද්ධ නොවී තියෙන්නේ නෑ බොහෝවිට

    ReplyDelete
    Replies
    1. ඉවාන් මේක ඇත්තටම උනු සිද්දියක් නං ගං එහෙම වෙනසකලා.. බොහෝතැන්වල මේවගේ ලිංගික අල්ලස් නැත්තම් කාන්තාවකට වැඩක් ගොඩදාගන්න අමාරුයි කොච්චර හොඳට ඉන්න හැදුවත් වෙලාවකදි අසරණ වෙනවා
      ස්තුති ඉවාන් අදහසක් දැම්මට

      Delete
  4. නිසංසලාට තිබ්බෙ පොල් ගහක් නොවී කෙසෙල් ගහක් වෙන්න බං. ඒ උනාට ඉතින් ගොඩක් තැන්වල යථාර්තය ඕක තමයි. :(

    කතාව නම් එළ.

    නවකථාව මළ ඉ'ලවු' ස්ටෝරියක් නෙමේ නේද?

    ReplyDelete
    Replies
    1. දැං ඉන්න කොට්ටෝරුවෝ කෙසෙල් ගස් වලටත් කොටල හීං සැරේ මාරු වෙනවා බං..

      බුහඃ හඃ හඃ හා.... ඒකේ ලවු නෑ
      ස්තුතියි අදහසට...

      Delete
  5. කතාව සාර්තකයි.. හැබැයි එකක් මං දැක්කා නිසංසලා අර කතාව ඇහුවත් හුගක් කලබල උනේ නැති එකත් ඊට අදාළ දෙබස් වලදී ඇති වුන දියාරු කතාබහත් ඇය ඒ කෙරෙහි නැමීමක් සිදු වෙන බව කල් තියා ඇගවු සාක්ෂිද??
    කතාව මැදදි, කොට්ටෝරුවාගේ උපහැරණෙ දෙවිදියකට හිතන්න සිදු උනත්.. අවසානයේ එය නියම පරිදිම තේරුම් ගියා..

    උඹ ලියන මලදාන හොදයි බං.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි දේශා එතැනදී මම අසාර්ථකයි,
      දැං හිතෙනවා එතන උද්වේගකර මදි කියලා - ආයේ ලියනකොට ඒ ගැනත් හිතන්නම්.
      මැදදි දැම්ම උපහැරනේ තව පෙලි දෙකක් පහලට දැම්මනං හරි කියලත් හිතුනා ඒත් ඔතෙන්දි දෙවිදියකට හිතන්න තියන එක හොදයි කියල හිතතු නිසා ඔතෙන්ට දැම්මේ
      ස්තුතියි දේශා දුන් උපදෙස් වලටත් අදහසට...

      Delete
  6. කතාව සුපිරියටම ලියල තියෙනවා. දෙලොවක් අතර අතරමං වූ ගැහැනියකගේ මානසිකත්වය කදිමෙට නිරූපණය කරල තියෙනවා. මේ කතාව ලියන්න තියෙන හොඳම විදියට ලියල තියෙනවා.

    කතාව මෙහෙම උනානම් හොඳයි කියල මං කියන්නෙ නෑ. නමුත් මේ කතාව සැබෑ ලෝකෙට ගැලපුවාම මේ තත්වෙට පත්වෙන කාන්තාවකට දෙන්න තියෙන උපදෙස තමා "කිසිම භෞතික සැප සම්පතක්" වෙනුවෙන් කවමදාකවත් තමන්ගෙ සිරුර සහ ආත්මය පාව දෙන්න එපා.

    එක වතාවකට එය සිදු වුවත් අවසානයේ මෙය අවසන් වෙන්නෙ තමන් ගණිකාවක් බවට පත්වෙලා. මේ කතාවම උදාහරණෙට ගත්තොත් මේ කාන්තාවට කරන්න තිබුන හොඳම දේ මේ පිළිබ්ඳ තමන්ගෙ සැමියට කියනෙක. ලංකාවෙ තිබුන එකම රස්සාව නෙවෙයිනෙ ඒක. කාන්තාවක් තමන්ගෙ ආත්මගරුත්වය රැකගන්නෙක නම්බුයි කන්න නැතිව මළත්.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඇත්ත තමයි මනෝශ් මෙයාට තිබ්බේ තමන්ගේ සැමියට මේ ගැන කියන්න මොකද තමන් ගැන හොඳින් ම දන්නේ ඔහු නිසා..
      ඒ උනත් ගොඩක් තැන්වල වෙන්නේ මෙහෙමනේ,
      එහෙම නැත්නම් ගහ කොට්ටෝරුවා හොයාගෙන යන අවස්ථාත් තියෙනවා..
      කොයි විදියට ගියත් අන්තිමටට වෙන්නේ එයාව නිළලත් හෝ නොලත් ගණිකාවක් වෙනඑක විතරයි..

      ස්තුතියි මනෝශ් කියවල අදහසක් දැම්මට.

      Delete
  7. හැම තැනම සිද්ධ එන පොදු කතාවක් වුණත් රසය හොදයි ,ගලපලා ලියලා තියෙනවා ...
    වනිතා හඩ එහෙම මේ පැත්තේ අවා නම් ලෙසටම කමෙන්ටු ටිකක් දලා යයි ;))) (පසුබිම් පාට මට නම් අවුල්ව් වගේ අමාරුයි ඇස් වලට )

    ජයවේවා!!!!!!

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ දර, මේක හැමතැනම වෙන පොදු දෙයක් ගොඩක් තැන්වල මේක නැතුව කාන්තාවන්ට වැඩක් කරගන්න අමාරුයි..
      (පසුබිමේ පාට වෙනස් කරන්න බලමු)

      ස්තුතියි සහෝ මේ පැත්තට ඇවිත් අදහසක් එක් කළාට...

      Delete
    2. අනේ අපේ මළ දානේ විදානෝ
      පසුබිම් තිරය වෙන පාටක තබානෝ
      නා ඩෙන් ඩෙනානො ඩෙන් ඩෙන ඩෙනානෝ
      කියා සිටියේ ඇස් නොපෙනන නිසානෝ.......

      කැරකිලා දෙකට නැමිලා....ඩෙන් ඩෙන ඩෙනානෝ...

      Delete
    3. බොහෝ දෙනාගේ ඉල්ලීම පිට මෙහි පසුබිම් වර්ණය වෙනස් කළු පැහැයේ සිට සුදු පැහැය දක්වා වෙනස් කරන ලදී....

      Delete
  8. සුලබ ප්ලොට් එකක් උනත් කුතුහලයකින් යුතුව කියවගෙන යන්න හැකි ආකාරයට කතාව පෙළගස්වා තියෙනව.කොටින්ම කිව්වොත් විදානේ මළදානේ හොඳයි.කතා ලිවීම තව ටිකක් දියුණු කරගන්න බලන්න.
    කළු පසුබිමේ සුදු අකුරු කියවන එක ඇස් වලට වෙහෙසකරයි.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලපෙ ලිවීම ගොඩක් දියුනු කරගන්න බලන්න ඕන, ඕලෙවෙල් වලට රචනා ලිව්වට පස්සේ ලිව්වෙම නෑ වගේ තව උත්සාහ ගන්නවා.. මේ පසුබිම අයින්කරනවා.
      ස්තුතියි හැලපෙ මේ පැත්තට ඇවිත් උපදෙස් එහෙම දෙනවට..

      Delete
  9. ඇත්තටම පොල් ගහට අරටුවක් නැහැ...ඒත් නිසංසලා හිතන් ඉන්නේ ඒකට අරටුවක් තියේ කියල.....ඒ වගේම තමුන්ටත් ආත්ම විශ්වාසය,අදිෂ්ඨානය කියන අරටු තියේ කියල.....අන්තිමට පොල් ගහටත් නිසංසලාටත් අරටු නෑ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි පොල් ගහේ අරටුවක් නැති උනාට ඒවා ශක්තිමක් ඒකනේ වහලකට උනත් ගන්නේ හැබැයි බලන කෙනෙකුට හිතෙනවා අරටුවක් තියෙනවා කියලා නිසංසලාටත් එහෙමයි බාධකයක් එනකං එයාටත් හොද අරටුවක්..
      ස්තුතියි අයාල් කියවල අදහසක් දැම්මට..

      Delete
    2. විදානේ ලොක්කෝ....බ්ලොගේ පළල ටිකක් අඩු කරමුද??? එහෙම කරානම් ලේසියි වගේ..... :)

      Delete
    3. ඔන්න ටිකක් අඩුකළා එහෙනං

      Delete
  10. කථාව හොඳම විදිහට අවසන් කරල තියෙනවා..
    නිසංසලාට තිබ්බෙ මනෝජ්ට කියන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නිසංසලාට තිබ්බේ මනෝජ්ට කියන්න.. ඒත් නිසංසලා තනියම මේක විසඳගන්න බැළුවා.. එකයි මෙහෙම උනේ
      ස්තුතියි චාම්ස් ඇවිත් කියවල අදහසකුත් එකතු කළාට..

      Delete
  11. මේ කතාව කියවලා ඉවර වෙනකොට මාව නිකන් කොයිල් වෙලා ගියා. කොච්චර ගැහැනුන් මේ විදියට අසරණ වෙනවා ඇත්ද? අසරණකම නිසා මොන මොන තව දේවල් කරනවා ඇත්ද?
    කතාවේ අවසානය ගැන කතාකරන්න දෙයක් නෑ.

    ---- කතාවක් විචාරය කිරීමට තරම් මට කතා ගැන දැනුමක් හෝ ඒවා ලියන්න හෝ හැකියාවක් නෑ.
    (අම්මපා මම ඇත්තමයි කියන්නේ, මේ වගේ ඒවා මට ලියන්න බෑ.)
    ඒ නිසා තමයි දන්න තාක්ශනේ ගැන පොස්ටුවක් දාගෙන පාඩුවේ ඉන්නේ. කියන්න ඕනේ උනේ විදානේට හොදට ලියන්න පුළුවන්. අනිවා දිගටම ලියන්න.
    ජය වේවා......!

    ReplyDelete
    Replies
    1. මේ ගැන පැමිණිලි කරන්න හොඳ විස්වාසවන්ත තැනක් ඇතිකරල ඒ තැන් මිනිස්සුත් එක්ක සුහදශීලීව කටයුතු කරනව නම් මේ වගේ දේවල් ගොඩක් අඩුකරගන්න තිබුණා. දැං පොලීසි ගියොත් මොකද වෙන්නේ මේ කාන්තාව ආයෙත් අසරණ වෙනවා..

      ඔබගේ තාක්ෂණික කරුණු බොහෝ වැදගත් පුළුවන් විදියට ඒවා එක් කරන්න..
      ස්තුතියි අවිත් කියවල අදහසක් දාලම ගියාට..

      Delete
    2. මම හිතන විදියට ඔයවගේ දේවල් වලට තමයි "කාන්තා පිහිට" (Woman In Need) කියන ආයතනය පිහිටවලා තියෙන්නේ.

      Delete
    3. මේ ආයතන තියෙනවා ඇති ඒත් ඒ පිළිබඳ නිසි දැනුවත් වීමක් සමාජය තුල නෑ..

      Delete
  12. සුලබ සිඳූ වීමක්, ඒත් එක තැනකවත් නොදැකපු දෙයක් මම මෙතන දකිනවා. පොලීසියට යන දේ. වෙන්න ඕන ඒක තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මාතලන් සුලභ සිදුවීමක්, මේකේ නං ගං ඇරුණම කථාව ඇත්ත එකක්,..
      පොලීසියට යනව කිව්වට මේකි ගියේ නෑනේ..

      ස්තුතියි ඇවිත් කියවල අදහසක් දැම්මට..

      Delete
  13. නිසංසලාට තිබුණේ මනෝජ්ට කියන්න............///කාලය ගෙවිණ.හවස් කාලයඋදා විය.කොට්ටෝරුවා පොල් ගසේ බෙනයක් සාදා උජාරුවෙන් එතුළට වී සිටියේය..///ලස්සන අවසානයක් විදානෙ...........

    ReplyDelete
    Replies
    1. ඔව් නිසංසලාට තිබුනේ මනෝජ්ට කියන්න.. එත් එයා මේක තනියම විසඳගන්නයි බැළුවේ...

      ස්තුතියි කුරුටු අදහසක් දැම්මට..

      Delete
  14. බොහොම හොඳයි ඩෙන් ඩෙන් විදානෝ
    උඩින් කියපු දේ හැකිනම් කරානෝ
    මෙහෙම කියන මම දැන් වයසකානෝ
    නේත්‍ර පල්ලා ඇස් දෙක හැමිනිලානෝ

    ReplyDelete
    Replies
    1. ඕං වෙනස්කොරා එහෙනං, අමාරුවෙන් හරි කියවන්න උත්සාහ කලාට තුති

      Delete
  15. අඩේ හදිසි වෙලා පබ්ලිෂ් කරන්න එපා වචන වැරද් අම්බානෙට..
    මාත් කාලෙකට කලිං මෙම එකක් ලීව... තරු සිහින කියල.. ඒත් ඒ කොට්ටෝරුව ට නං ගහට කොටන්න බැරිවුණා...
    මේ බලන්නකො

    http://awanhala.blogspot.com/2014/02/blog-post_11.html

    කතාව නං ගතියට ලියා ඇත

    ReplyDelete
    Replies
    1. මම හිතනව මම ලියපු එකට වඩා ඔබ ලියූ එක සාර්තකයි කයල... කලින් කයවල තිබ්බේ නෑ.. එහෙමනං මේක ලියන්නේ නෑ
      අකුරු වැරදිනං ඇති ඒක හදන්න බලංනං
      ස්තුතියි අවිත් අදහසක් දාල ගියාට..

      Delete
  16. ඔය වගේ කොට්ටෝරුවො හැම තැන ම!

    ReplyDelete
    Replies
    1. ඔව් හැමතැනම මේ වගේ කොට්ටෝරුවෝ..
      ස්තුකියි කුරුටු අදහසක් එකතුකළාට..

      Delete
  17. අනේ බං විදානේ මාත් හිටියා කොට්ටෝරුවා හොට පටලාගන්නකල්. මම අහම්බෙන් ගොඩ වැදුනේ. කතා තුනක්ම කියෙව්වා. මම කැමතියි විදානේ උඹේ රචනා විලාශයට. දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා හෙන්රි මේ මලදානේට
      ගොඩක් කොට්ටෝරුවෝ හොට පටලගන් නැතුව බෙනේ හදාගන්නවා..
      ස්තුතියි අදහසක් දැම්මට...

      Delete
  18. ලියවිල්ල ගැන කියන්න දෙයක් නැත.
    අද බං ලමයව පාසැලකට දාගන්න මිනිහට හොරෙන් කී දෙනෙකුට රෙද්ද උස්සන්න වෙනවද.
    ආයතන වල කතා මොනවාද ඉතින්.
    හැබැයි නොහිතපු ලෙස පොලිසිය මතක් කිරීම එල.විය යුත්තෙම එයයි.
    ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. අනිවා කෙන්ජි රෙද්ද නොයිස්සුවොත් ඒ ළමයගේ මුළු අනාගතම අඳුරු වෙනවනේ...
      හැමතැනම එහෙම තමයි..
      ස්තුතියි අදහසක් දැම්මට...

      Delete
  19. විදානේ සුදු උනාම මලදානේ හරි එළියයි.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්..
      මලදානේ සුදු උනාම විදානේ එලියයි

      Delete
  20. අහලපුරුදු කතාවක් අලුත් උපමාවක් එක්ක ලස්සනට ලියල.අසවෙන් කියවන්න පුලුවන් විදියට උපමාව ඇතුලකරල තියෙනව.අන්තිමට කොට්ටොරුව දිනනව නේද

    ReplyDelete
    Replies
    1. මේක මම අහපු ඇත්ත කථාවක්, අන්තිමට කොට්ටොරුවා දිනනවා...

      ස්තුතියි ඇවිත් අදහසක් දාලා ගියාම..

      Delete
  21. ඇයි බන් අන්තිමට කොට්ටෝරුවට කොටන්න ඉඩදුන්නෙ :(
    ඔය වගේ ලිංගික බලපෑම් කරන මිනිස්සුන්ගෙ අහවල් ඒව කුණුවෙන්න ඕන බන්, මිනිස්සුන්ගෙ අසරණකම්වලින් ප්‍රයෝජන ගන්න හදනවට, මේව ගෑණුන්ගෙත් වැරදි මිනිහ වලි අදී කියල මිනිහට නොකිය ඉන්නවට...

    ReplyDelete
    Replies
    1. ගොඩක් තැන්වල කොට්ටෝරුවා කොටනවමනේ...
      අත්ත සසිඳු ඒ වගේ එවුන්ගේ ඒක කුණුවෙන්න ඕන..
      ගොඩක් තැන්වල ගෑණු බලන්නේ ගොඩින් බේරගන්න ඒ උනත් බේරෙන්නෙ මේ ගොඩින් තමයි

      ස්තුතියි සසිඳු ඇවිත් අදහසක් දැම්මට...

      Delete
  22. කතාව ලස්සනයි, ඒත් මේ අවසානයට මම කැමති නැහැ..
    ඇය රැකියාවෙන් ඉවත් වෙලා අලුත් රැකියාවකට ගියා නම්, ටික දවසක් යනකම් අඟහිඟකම් නිසා ජීවිතේ දුෂ්කර වේවි, කාර් එක ගන්න එක ටිකක් පරක්කු වේවි, නමුත් හිත නිදහස් නේද..
    භෞතික සැප සම්පත් උදෙසා ආත්ම ගෞරවය විනාශ කරගෙන, මුළු ජීවිත කාලෙම සැමියාට බොරුවක් කරන්නට තරම් අපේ අය මෝඩ ඇයි

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම මාණවිකා සිදුවිය යුතුව තිබ්බේ එයයි, අවාසනාවකට සිදුනොවන්නේද එයයි...
      භෞතික සැප සම්පත් උදෙසා ආත්ම ගරුත්වය උගසට තියන එක අද බොහෝ සෙයින් ඉහල ගොසින්..
      මේ මා දුටු සත්‍යය සිදුවීමක්..
      ස්තුතියි ඇවිත් අදහසක් දැම්මට..

      Delete
  23. හැම තැනම කොට්ටෝරුවො ඉන්නවා තමයි ... හැබැයි ඉතිං කෙහෙල් ගහකට කොටපු දවසට හොට පැටලෙනව :(

    අඩු ගානෙ එහෙමවත් කියල හිත හදා ගම්මු !

    ReplyDelete