Saturday, March 8, 2014

හෘදය සාක්ෂිය




˝නම මොකක්ද?˝
˝රතු වහංපුරගේ නන්දන පුෂ්පකුමාර˝
˝ගෙවල් තියෙන්නේ ?˝
˝පල්ලෙබැද්දෙ, ගල්පායේ?˝
˝ගල්පායේ කොහෙද?˝
˝ගල්පාය බස් එක නවත්තන තැනින් බැහැලා තව ටිකක් ඉස්සරහට ගිහින් ට්‍රාන්ස්පෝමරේ ගාවින් දකුණට හැරෙන්න ඕන˝
˝එතනින් හැරිලා??˝
මන්ත්‍රීතමා ප්‍රශ්ණාර්ථයකින් මහුණ සරසාගෙන මා දෙස බලා සිටී. මන්ත්‍රීතුමාගේ පුද්ගලික ලේකම් මා පවසන දේ වලින් ඔවුන්ට වැදගත් යයි හැගෙන දේ සටහන් කරගනී.
˝හැතැම්ම කාලක් විතර යනකොට අකුරුකෙටූ ගල හම්බුවෙනවා ඒක පහුඋනාම දකුණු පැත්තෙන් හම්බෙන දෙවෙනි ගේ˝ මම පිළිතුරු දුනිමි.
˝ඒ කිව්වේ.....? ˝ මන්ත්‍රීතුමා ඒ පැණය ඇසුවේ ලේක්ම්තුමා ගෙනි.
˝චුට්ටක් ඉන්න සර්.. ˝ ලේකම්තුමා අසුනින් නැගිට කාර්යාලයෙන් එලියට ගිය  අතර මන්ත්‍රීතුමා කාටදෝ දුරකථන ඇමතුමක් ගෙන හෙට දින යොදාගත් වැඩක් කථා බහක යෙදෙයි..
අභ්‍යාසලාභී උපාධිධාරී පුහුණුවට යන මා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල කල්ගත කරමි. වරින් වර නොයෙක් අනුයුක්ත කිරීම් සඳහා නම යෝජනා උවද අදාල අනුයුක්තයන් සිදුවනවිට මාගේ නම ඉබේම ඉවත්වී තිබිණ.
අද දින පලාතේ මන්ත්‍රීතුමා හමුවන්නට ආවේ ඔහුට කියා කෙසේ හෝ සේවා අනුයුක්තයක් සකස් කරගන්නා අටියෙනි.
˝එතකොට ඔයා මේ පුහුණුවට බදවගත්තේ කාගේ ලිස්ට් එකෙන් ද?.. ˝
මාගේ මනෝලෝකය බිඳිමින් මන්ත්‍රීතුමා නැවත ප්‍රශ්ණ කළේය.
˝නැහැ මම ආවේ ලිස්ට් එකකින් නෙවෙයි අන්තිමට තියපු ඉන්ටවිව් එකෙන්˝
˝ඒ කියන්නෙ පස්වෙනි කණ්ඩායමේ..? ˝
˝ඔව් මන්ත්‍රීතමා.. ˝
එවිටම එලියට ගිය ලෙකම් තුමා නැවත කාර්යාලය තුලට පැමින මන්ත්‍රීතමා දෙසට නැමී කුමක්දෝ කනට කොඳුරා ඔහුගේ අසුනින් ඉදගත්ත්ය.
˝ඒ කියන්නේ ඔයාගේ තාත්තා සමූපකාරේ වැඩකළේ ?˝
˝ඔව් මන්ත්‍රීතමා˝
˝අර කකුලට  වෙඩි වැදුනේ?˝
˝ ඔව් මන්ත්‍රීතුමා˝
ලේකම් තුමා කුටු කුටු ගෑවේ කුමක්දැයි වැටහුනේ දැන්ය ඔහු කාර්යාලයෙන් පිටතටගොස් අපගේ ගමේ කිසිවෙකුටට හෝ කථාකර මා ගැන තොරතුරු සොයාගෙන ඇත.
සමූපකාරයේ වැඩකල තාත්තා පලාතේ සිටී දැඩි එක්සත් ජාතිත පාක්ෂිකයෙක් විය. 
අසූ ගනන් වල අග හරියේ ජාතික සේවක සංගමයේ ප්‍රාදේශීය කමිටුවක සභාපති වූයේද මාගේ පියාය. එකල රටේ එතරම් යපත් වාතාවරණයක් නොතිබූ අතර කැරලි කරුවන් විසින් කිහිපවිටක් අප නිවසට පැමිණ මාගේ පියාට රැකියාට නොයන ලෙසත් සේවක සංගමයෙන් ඉවත් වන ලෙසත් අවවාද කර තුන්ඩු කැබලි ලබාදී තිබිණ.
සතියක දෙකක නිහැඩිතාවයකින් පසු තාත්තා ආයෙත් සුපුරුදු ලෙස රාජකාරියෙහි නිරත විය. වඩා භයානකම දේ වූයේ කට ගොන්නක් බීගත් පසු ඔහු තුණ්ඩු ලියූ එවුන්ට ද ඔවුන්ගේ අම්මලාටද ගම දෙවනත් වනලෙස නිවසේ සිට ඇමතීමයි.
˝අන්න මැනීජර් මහත්තයට වෙඩි වැදිලා..˝ කවුදෝ කෑ ගසන හඩින් අප සැම තිගැස්සී ගයේය, අප විලාප තියමින් ඒ දෙසට දුවගිය අතර ඒ වන විටද ගමේ මිනිසුන් එක්ව අත්ට්‍රැක්රයකින් තාත්තා පල්ලෙබැද්ද රෝහල වෙත ගෙනයාමට කටයුතුකර තිබිණ.
වාසනාවකට මෙන් වෙඩි වැදී තිබුනේ තාත්තාගේ වම් පාදයට වන අතර මාස හයක පමන ප්‍රතිකාර වලින් පසුව ඔහු සාමාන්‍ය තත්වය පත් විය.
ඉන්පසු ඔහු ජාතික සේවක සංගමයේ ක්‍රියාකාරී කටයුතු වලින් ඉවත් විය.
කාලය ක්‍රමයෙන් ගෙවෙත්ම තාත්තා දැඩි නිහඩ චරිතයක් විය.
අනූ හතරේදී යූ.ඇම්.පී. ආණ්ඩුව පෙරලුණු අතර ඉස්සර ගමේ හිටී තත්තාගේ දේශපාලන මිත්‍රයන් එකා දෙන්නා බැගින් පොදු පෙරමුණු සහ නිදහස් සන්ධාන වේදිකාවලදී බුලත් හුරුළු දී යූ.ඇම්.පීය හැර යන්නට විය. කෙසේ උවත් තාත්තා බී ගත් වේලාවට ඔවුන්ව සහ ඔවුන්ගේ මව්වරුන් මතක්කලා මිස ඉන් බැහැර අවස්ථාවලදී කිසිඳු අදහසක් ප්‍රකාෂ නොකරන ලදී.
මේ වකවානුව වනවිට ගමෙහි සිටින එකම පාරම්පරික  යූ.ඇම්.පී. කාරයා අපේ තාත්තා විය. කෙසේ උවත් සන්ධානයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ කැන්වසින් යන උදවියද අප නිවස මගහැර යාමට තරම් කාරුණික විය.
˝කොහොමද තාත්තට, දැං රිටයි නේද? ˝ මන්ත්‍රීතමා නැවත විමසයි.
˝ඔව් මන්ත්‍රීතමා අනූ තුනේදී තමයි රිටයි උනේ˝
˝ මොකද කරන්නේ ඔයාල ඉතිං අපිට උදව් ක‍ළේ නැහැනේ ? ˝
මන්ත්‍රීතුමා මා දෙස බලා සිටී.
තාත්තාගේ දේශපාලන ක්‍රියාකාරකම් නිසා බැට කෑවේ ඔහු පමණක් නොවේ අප සැවොම එහි ආදිනව නොඅඩුව භුක්ති විඳින්නට විය. අම්මා සේවය කරන ලද කාර්යාලයේ සිට වසරක් ඇතුලත සේවා ස්ථාන හයකට ස්ථාන මාරුවීම් ලැබුනේ එම දේශපාලනයේ අධිනවයයෙන් විය. අවසානයේ ඇය රැකියාවෙන් ඉල්ලා අස්වූයේ අන්ත දුෂ්කර පෙදෙසකට ලැබුණු ස්ථාන මාරුවත් සමගය.
මාගේ වැඩිමහල් සොහොයුරියද විද්‍යා පීඨයට ඇතුලත් වීමට සම්මුඛ පරීක්ෂණයට යන විට ඇයව ඒ සඳහා බඳවා නොගන්නා ලෙස ඉල්ලමින් ලියූ පෙත්සම් කිහිපයක්ම පරීක්ෂණ මණ්ඩලය සතුව තිබී ඇත. (අද මෙන් නොව ඒ කාලයේ විද්‍යා පීඨ වලට සිසුන් බඳවාගත්තේ සම්මුඛ පරීක්ෂණයකිනි)
පරාජය වන සෑම මැතිවරණයකම ප්‍රතිඵල නිකුත්වී අවසන් විට කිතුල් අතු කිහිපයක්, හරකුන්ට කපන ලද තනකොල මිටි කිහිපයක් අප නිවසේ දොරකඩ ලග නොවරදවාම දක්නට ලැබිණ.
මේ තත්වය වෙනස්කල යුතු හොඳම වේලාව දැන් එළඹ ඇති බව මා හට හැඟුනි.
˝මට පුළුවන් මන්ත්‍රීතුමාට ඉස්සරහට උදව් කරන්න. ˝ මම කිව්වෙමි.
මන්ත්‍රීතුමාගේ මුහුණහි ජයග්‍රාහී සිනාරැල්ලක් ඇඳුනි..
˝ලේකම්තුමා මෙයාලගේ විස්තරටික ගන්න, ලබන දාහත්වෙනිදා ඇමතිතුමා එන උත්සවේදී මෙයාලා අපේ පක්ෂෙට බඳව ගනිමු˝ මන්ත්‍රීතුමා, ලේකම්තුමාට උපදෙස් දෙන ලදී.
මේ සිද්දවන්නේ කුමක්ද මා අදහස් කළේ මම මොහුට උදව් කරනවා මිස විශේෂයෙන් තාත්තා මේ සමග සම්බන්ද කර නොගෙන සිටීමටය.
˝එහෙනම් ඔයා තාත්තත් එක්ක එදාට උත්සවේට එන්න අපි සේරම වැඩටික ලෑස්ති කරන්නම්. ˝ මන්ත්‍රිතුමා ජයග්‍රාගී ලෙස ප්‍රකාශකලේ මාහට කිසිත් පවසන්නට අවස්ථාව ලබා නොදීමය.
ලේකම් තුමා වෙත තොරතුරු ලබාදුන් මා නැවත නිවස කරා පැමිණියේ සිතෙහි ඇතිවූ දැඩි කනස්සල්ලෙනි ඒ කනස්සල්ල මැඩ පවත්වා මා මෙතැනිනින් කෙසේ හෝ එතෙරවිය යුතුයි යන හැඟීම බලවත් වන්නට ද විය.
මුලින්ම මා මෙය අම්මාට ප්‍රකාෂ කළෙය. ඇය කීවේ
˝ඉතින් තාත්තගේ දේශපාලනෙන් අපිට ලැබුනේ මොකක්ද? අපි කොහොම හරි තාත්තාව කැමති කරගමු. ˝
එය මට මහත් අස්වැසිල්ලක් විය.
පසුදින මා නිවසට පැමිනෙන විට නිවස ඉදිරිපිට තිබූ මල් පොච්චි කුඩුකර මිදුල පුරා විසුරුවාතිබුණි, නිවස තුල වූ බඩුමුට්ටු සියල්ලක්ම පාහේ ඇද දමා පොඩි පට්ටම් කර තිබූ අතර මාගේ උපාධි ලොගුව දමා ගෙන තිබූ ඡායාරූපය කුඩුකර ගිනි තබා තිබිණ.
කුස්සියේ කෙළවරක අම්මා බිම ඉදගෙන ඉකිගසමින් සිටී අතර ඇයගේ මුහුණ තැලුම් පහරවල්වලින් ඉදිමි තිබිණ.
මහා කාලකණ්ණි හැගීමක් සිතට නැගුනු අතර, අම්මා අස්වසාලමින් තාත්තාගෙන් මේ ගැන යලිත් නොවිමසන ඉල්ලා සිටියහ.
දින කිහිපයක් මෙසේ ගෙවී ගිය අතර තවමත් නිවස යථා තත්වයට පත්වූයේ නැත. තාත්තා කාමරයම වී කල්ගත කරන අතර අම්මා කුස්සියට වී කල්පනා කරමින් සිටී. මා කර කියාගත නොහැකිව වැඩිපුර නිවසින් පිටත කාලය ගෙවන්නට විය.
˝පොඩි පුතා... ˝ එක්වරම මා තිගැස්සී ගියේ දින ගණනකින් පසු තාත්තා මට මෙලෙස අමතනු ඇසීමෙනි.
˝හෙට නේද අර උත්සවේ තියෙනව කිව්වේ ? ලෑස්ති වෙන්න අපි හෙට යමු˝
මද සිනහවකින් මුව සරසා තාත්තා එසේ කීවද කිසිදිනක නුදුටු පරාජිත බවක් මම තාත්තාගෙන් දුටිමි. තාත්තාගෙන් මෙවැනි වෙනසක් මා කිසිදිනෙක බලාපෙරොත්තු නොවීය. තාත්තාගේ සියලු කාර්යයන් තීරණය වූයේ ඔහුගේ දේශපාලන දැක්ම අනුවය ඔහු දැන් මා වෙනුවෙන් ඔහුගේ හෘදය සාකෂිය උගස් කිරීමට සැරසෙයි, මා අණුවන කමින් කල දෙයක් නිසා මේ තත්වය උදා වූයේ යැයි මාගේ හදවත පවසන්නට විය,
කෙසේ උවත් තාත්තාත් කැටුව හෙට දින ඇමතිතුමා ගේ රැස්වීමට යාමට තීරණය කලෙමි.
˝පොඩි පුතා තාත්තාට කථා කරන්න හයයි පනහේ බස්එක අල්ලගන්න බැරි වෙයි˝
උදේ පාන්දර නින්දත් නොනින්දත් අතර සිටී මා ඇහැරුනේ අම්මාගේ එවදන් හඩිනි.
මා තාත්තා ගේ කාමරයට හිස පොවා බැලුවෙමි. ඔහු තවමත් නින්දේය.
˝තාත්තේ... ˝ ඔහු තාමත් නින්දේය, මා කාමරයතුලට විත් ඔහුගේ පාදයකින් සොලවිමින් නැවත කථා කලෙමි.
˝තාත්තේ.. තාත්තේ.. ˝
˝තාත්තේ, තාත්තේ.... ˝
-------------------------------------------------------------------------------------------------------------------

ප.ලි.
මෙහි නම් ගම් සියල්ල මනඃකල්පිතය, 
මේ මම ලියපු පලවෙනි එක දන්නවා පට්ට චාටර්..

ස්තුතිය...
මම සී.ජේ. විදානේ නමම කිව්වොත් චාමර විදානපතිරණ, බ්ලොග් කියවන්න පටන්ගත්තේ මාස හයකට විතර කලින්, බ්ලොග් එකක් අටවගන්න ලොකු අදහසක් තිබුනත් ටිකක් කල්ගියා,


මහාචාර්ය මාතලන් මහතාගේ  බොගක් දමන හැටි පාඩං මාලාව
මේ මලදානය හැඩ ගන්වන්නට බෙහෙවින්ම උපකාරී උනා.
ඒ වගේම මොනවහරි ලියපන් කියල මේල් කරපු කියපු හැම දෙනාටම තැන්කුයි හොදේ....










64 comments:

  1. අප්පට සිරි පොස්ටුවක් දලා නේ ,එල එල

    ReplyDelete
    Replies
    1. Blogger->Settings->post and comment->word verification
      අයින් කරන්න එක ටිකක් හොද වෙයි මං හිතන්නෙ ...බොග දැමිමේ පාඩම් මාලව තව අධ්‍යයනය කරන්න

      සුභපැතුම් .

      Delete
    2. පලවෙනි කොමෙන්ට් එක...
      ස්තූතියි සහෝදර මේ පැත්තට ගොඩවැදුනට..
      ඔන්න Word verification එක අයින් කලා. ඔවි තව ගොඩක් අධ්‍යයනය කරන්න ඕන...

      Delete
  2. මල්ලි පළවෙනි එක උනාට ඔයා හොදට ලියලා තියෙනවා. ඇත්තමයි. බ්ලොග් එකට බ්ලොගර් ෆලොවර් ගැජට් එක දාගන්න. එතකොට ඔයා ලියන ලිපි අපිට ලේසියෙන් බලන්න පුළුවන්, දන්නේ නැත්තම් කියන්න කියාදෙන්නම් දාන හැටි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අපූර්වි මේ පැත්තට ගොඩවැදුනටත් දිරිමත් කරල මේල් කරල තබ්බටත්..

      බ්ලොග් ෆෙලෝවර් ගැජට් එක එල්ලන්න ට්‍රයි කළා Already added කියලා එනවා මම හිතන්නේ මම මොකක් හරි පිස්
      සුවක් නටල ඇති. (උපදෙස් අවශ්‍ය වෙයි වගේ)...

      Delete
    2. Add q gadget>more gadget> Followers .........
      මෙතනි්ද ගත්තෙ.... ගූගල් ෆලෝවර්ස් ද දන්නෑ ඔයා කියන්නෙ...
      ඇරං තියේද බලන්න ලේඅවුට් සෙක්ෂන් 1 හොදට බලන්න... ඇරගත්ත නං පෙන්නනව අනිවා...
      ලේඅවුට් 1 තියේ නං රිමූ කරල ආයි ඇඩ් කරගන්න සමහර විට හරියයි

      Delete
    3. ගූගල් ෆලෝවර්ස් තමයි මම ඇඩ් කරල තබුනේ දැං හරි දීප Path එකෙන් වැඩේ හරිගියා..
      ස්තුතියි මහේෂ්...
      තව පොඩි අවුලක් තියෙනවා
      පෝස්ට් එක ඇතුලෙ ලින්ක් එකක් දාන්නෙ කොහොමද?
      කොමෙන්ට් බොක්ස් එකේදි දාන එකමද?

      Delete
  3. බ්ලා චිකි චිකි බ්ලා....
    පස්ටෙට ලියල තියෙනව විදානෙ උන්නහේ....
    දිගටම ලෙසටම ලියමු
    ජයවේවා...

    එන්න පුලුවං නං මේ අහත්...

    අවන්හල

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ් මේ පැත්තට ගොඩවැදුනට.,
      පුලුවන් වෙලාවට මොනවහරි කොටන්න තමයි හිතන් ඉන්නේ....

      අනිවා අවන්හලට ගොඩවැදුනා..

      Delete
  4. රාජ්ගෙ පෝස්ට් එක කියවද්දී දැකල ගීද වුනෙ.
    ලියවිල්ල මට නම් සුපිරිය.කතාවෙ හැටියට එවැනි අවසාන නොවුනත් ඔවැනි ශෝචනීය කතා මා අනන්තවත් අසා තිබෙනව.ඉදිරියටත් සිදු වෙනව.
    මාතලන්ගෙ පාඩම් මාලාව සාර්ථකයි.ගොඩක් අය ප්‍රයෝජන ගන්න බව හැගෙනව.
    ඕමා කියල තියෙන විදියට නොදන්න දෙයක් ඇයගෙන් අහගන්න.
    බොග සින්ඩි වල එල්ලාපන්.
    ජය වේවා.....!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෙන්ජි මේ පැත්තට ගොඩවැදුනට,
      ඒ වගේ සොචනීය තත්වෙට පත්වුනු කීප දෙනෙක්ම මම දන්නවා, ඔබ කිව්වා වගේ ඉදිරියටත් එසේමමම තමයි,

      මාතලන්ගේ පාඩම් මාලාව ඇත්තටම සාර්ථකයි...
      නොදන්න දෙවල් අහනව අනිවාර්යයයෙන්ම..

      Delete
  5. නියමෙටම ලියල තියෙන්නේ....
    ලියල තියෙන විදියට කතාව හිතෙ මැවෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතිය පණ්ඩුක මේ පැත්තට ගොඩවැදුනට..
      ඒ වගේම අගය කිරීමටත්
      මම දන්නව මට එච්චර හොදට ලියන්න බැහැ, පුළුවන් තරම් උත්සාහ කරනවා හොදින් ලියන්න.

      Delete
  6. එල විදානේ ....මිනිහෙකුට (අවංක) හර්ද සාක්ෂියට විරුද්ධව ජීවත් වෙන්න් බෑ.. දේශපලනේදී විතරක් නෙවෙයි හැම ක්ෂේත්‍රයක්දීම එක එහෙමයි. මල් පහයි //

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉවාන් මේ පැත්තට ගොඩවැදුනාට සහ අගය කිරීමට
      හෘදය සාක්ෂියට විරුද්දව මිනිස්සු කටයුතු කලත් කොයි මොහොතක හෝ එය ස්මතු වෙනවා..

      Delete
    2. @ ඉවාන් මල්ල ....කට අල්ලපන් ඉංදියාවෙ පිං කැටෙකින් හොරකං කරපු සත පහේ කාසියක් දාන්න ....
      එල උඹේ අදහස....

      Delete
  7. මේ පැත්තට දවස් ගානක් ආව බං. මොකුත් නැති නිසා ගියා. ඔහොම ඉඳිං රෝලට දාගන්න.

    පළවෙනි පෝස්ටුව නියමයි. ප්‍රතිපත්ති වෙනස් නොකරම ඒ මනුස්සය මියගියා එහෙනං.

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ මාත් මේක ෆලෝ කරලා එක පෝස්ට් එකක්වත් දාන්න කලින් ඉඳලාම!!!

      Delete
    2. @ රාජ් & කතන්දර,
      ස්තුතියි මේ පැත්තට (පෝස්ට් දාන්ත් කලින්) ගොඩවැදුනට,
      මම මුලින්ම කියෙව්වේ රාජ්ගේ නවාතැනේ රත්තරන කැපීම සහ ඒකධිපති ආතල් පෝස්ට් එක, ඒකෙන් තමයි බ්ලොග් ගැන නිකං මෙව්වා එකක් ඇතිවුනේ..

      Delete
  8. කතාව හොඳයි. පොඩ්ඩක් ස්ටීරියෝ ටයිපිං ගතියක් තියෙනවා.

    මේ කතාවෙම යු ඇම් පී සහ සිරිලංකා සහ 1994 සහ 1977 කියලා මාරු කරලා දෙවෙනි වර්ශන් එක දාන්න. වෙන කිසි දෙයක් වෙනස් කරන්න ඕනෑ නෑ. කිතුල් අතු හැර.

    ReplyDelete
    Replies
    1. ස්තුතිය කාකා,
      මගේ ලියන හැකියාව එච්චරම දියුණු නැහැ, ඉස්සරහට හදාගන්න බලනවා,

      අපේ ගෙවල් ලඟ ලෙං හැලිච්ච නකුටු ගැහුනු බැල්ලියෙක් හිටියා කව්දෝ කෙනෙක් මේ බැල්ලිගෙ කරේ බෝඩ් එකක් එල්ලලා ˝සිරිමා˝ කියල ලියලා (1990 දි විතර) ..

      Delete
  9. මුලින්ම ඔබේ බ්ලොගයට සුබ පතනවා අපි.දිගටම ලියන්න.ඔබේ භාෂා ශෛලීය කදිමයි...............


    මේ කථාව මටත් සමීපයි.දේශපාලනය නිසා උපාධිදාරී රැකියා ලබා දීමෙිදී මම වගේම සහෝදරියත් අසාධාරණයට ලක් වුණා..මගේ තාත්තා අධ්‍යාපන අමාත්‍යංශයට සම්බන්ධව උසස් යැයි සම්මත තනතුරක නියළුන කෙනෙක්.එතුමා රිටය වෙද්දී වසර 40ක් මේ රටට සේවය කරලා තිබුණා.හරිම සාධාරණ දේශපාලනයක් තිබුණ නිහඬ චරිතයක්.රජයේ සල්ලි ගසා නොකාපු වචනය් පරිසමාප්තියන්ම අපේ වචනයෙන් කියනවානම් රියල් රාජ්‍ය සේවකයක්.රිටය වුණාට පස්සෙ මාස 14ක් යන තුරු විශ්‍රාම වැටුප හදා ගන්න ඔහුට බැරි වුණා.තාත්තගෙ නිහඬ දේශපාලනය ඒකට හේතුව.තාත්තගේ දූලා අපි.ඉතින් අපි ගැන මොන කතාද.මේ හෑළි අනවශ්‍ය වුණත් ඔබේ කතාවට යමක් එක් කරන්න හිතුවා..................

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ පැත්තට ගොඩවැදුනට සහ අදහස් දැකවීමට.
      ඔය කියන උපාධිධාරී පත්වීම් ලබාදීම තනිකරම සිදුකරන්නේ මේ දේශපාලකයන් තමයි, ඒ ඒ පළාත් වල ආසන සංවිධායකයගේ අනුමැතිය නොමැතිව කිසිම කෙනෙක් රැකියා සඳහා අනුයුත්ත කරන්නේ නෑ... මම හිතනව 1995 දී රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී තිබුන තත්වයටත් වඩා අද ගොඩාක්ම දේශපාලනීකරණය වෙලා...
      මෙතෙන්දි අපි තව දෙයක් හිතන්න ඕන මොනව උනත් මේ තරම් විශාල පිරිසකට රැකියා ලබාදීම කියන එක ලොකු දෙයක්, නැත්නම් තවත් කඳුළු ගෑස්, බැටන් පොලු පාරවල්, වෙඩි උන්ඩ කන්න වෙන්නේ මේ තරුණ පිරිසටම තමයි.. ආණ්ඩුවේ පැත්තෙන් බැලුවොත් මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයි. ඒ නිසා ඔවුන් සිදු කරන්නේ කොහොම හරි තමන්ගේ ගොඩ වැඩිකර ගන්න එක. එතකොට එයට අනුගත නොවන අය ඉබේම කැපිල යනවා..
      Delete

      Delete
  10. විදානේට උනුසුම් සුබ පැතුම්!!

    කතාව හිතට දැණෙන විදිහට ලියලා තියෙනවා. උඹට දිගටම මේ බ්ලොග ගෙනියන්න පුළුවන් කියලා මේක කියෙව්වාම මට හිතුනා. වෙලා තියෙන විටෙක, කමෙන්ට්ස් වල අකුරු පොඩ්ඩක් ලොකු කරන්න. මට විතරද මන්දා පේනවා හොරයි.

    විදානෙගේ මලදානේ....බ්ලොගේ නමත් මරු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ මේ පැත්තට ගොඩවැදුනට,
      එවගේම අගය කිරීමටත් ස්තුතියි..
      පුළුවන් විදියට දිගටම බ්ලොග් එක කරගෙන යන්න තමයි හිතන්නේ බලමුමටත් දැනෙනවා කමෙන්ට්ස් වල අකුරු ටිකක් පොඩි වැඩියි කියලා.. ඒක හදන්නම්..

      Delete
    2. කැපුවත් කොළ උදවියගෙයි , කැපුවත් නිල් උදවියගෙයි මොන වෙනසක්ද ? එක නිසා කනගාටුවක් නම් ඇති උනේ නැහැ... ඔවුන් සියලු දෙනාම රටේ පොදු යහපත උදෙසා වඳවී යායුතු සත්ව කොටස් ලෙසයි මට නම් හැඟෙන්නේ

      කොමෙන්ට්ස් අකුරු නං පොල් ගෙඩි වගේ. අරූ වෙන තැනකත් අකුරු පොඩිවිම ගැන කියල තිබ්බ නිසා , සිංහල බ්ලොග් ලියන්නන් සියල්ලන්ම එකතු වී අරූ ට ඇස් කන්නාඩි දෙකක් ලබාදීමට අරමුදලක් පිහිටෙව්වොත් හොඳයි කියා මා යෝජනාවක් ගෙනෙනවා
      :)

      Delete
    3. @මහසොහොන්........උඹට විතරයි කෙනෙකුගේ දුකක් තේරෙන්නේ. හොඳ යෝජනාව :D
      @විදානේ
      නයි කයිද රෝස්පාන් කිව්වාලු. මූ ඒ පාර අකුරු ලොකු කරලා, අන්ධ මිනිස්සුන්ටත් පේන සයිස් එකට. උඹ නම් පොරක් විදානේ.

      Delete
    4. @ මහසොහොන්....
      මළදානෙට සාදරයෙන් පිළිගන්නවා..
      කවුරු කොහොම කිව්වත් තාම ලංකවේ 25% කගෙ විතර ලේ නිල්පාටයි නැත්නම් කොලපාටයි...
      රටේ පොදු යපතට වඩා ඔවුන්ට තියෙන්නේ පරම්පරාගත වෛරයක්..

      අගේ ඇති යෝජනාව මොනවහරි කරන්න බලමු...

      @ අරූ,
      අන්ධයෝ මේවා කියෙව්වොත් මාර කේස් එක මේ අකුරු ටිකක් පොඩි කරන්නම්....

      Delete
  11. පළවෙනි එක හැටියට හොඳටම හොඳයි.. දිගටම ලියන එකයි වටින්නේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන් මේ පැත්තට ගොඩවැදුනට,
      අර බොගක් දමන හැටි පාඩං අංක 1 - 6 දක්වා ගොඩකක් වැදගත් උනා මේ මලදානේ ගොඩනගන්න..
      පුලුවන් තරම් කල් දිගටම ලියනවා..
      (campussyndi යට මේල් එකක් දැම්මා - පුළුවන්නම් එල්ලන්න)...

      Delete
  12. උබ මේක පට්ට චාටර් කියල කිව්වට මටනම් දැනුන විදිහට සුපිරි නිර්මානයක් මචෝ :)
    සුපිරි බ්ලොග් කරුවෙක් වෙන්න ලැබෙන්න කියල හදවතින්ම සුභ පතනවා :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සසිඳු මේ පැත්තට ගොඩවැදුනට,
      ඒ වගේම අගය කිරීමටත් සුභපැතුමටත්..
      පුළුවන් විදියට පෝස්ට් දාන්නම්...

      Delete
  13. අඩේ පට්ට චාටර් කියලා කිවුවට ඔය ලියලා තියෙන්නෙ ලෙසටම. එළ එළ. දිගටම ලියමු විදානෙ.

    සුභ පැතුම්…!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රියා මේ පැත්තට ගොඩවැදුනට,
      ඒ වගේම සුභපැතුමටත්..
      මට හිතෙනවා මේක තව ටිකක් හොදට ලියන්න තිබුනා කියා

      Delete
    2. ඒක මම හිතන විදියට 'ගොඩක්' නිර්මාණකරුවන්ට හිතෙන දෙයක්. තමන්ගෙම නිර්මාණයක් කියවත්දි 'මේක තව ටිකක් හොදට ලියන්න තිබුනනෙ' කියන දේ.

      දිගටම ලියමු විදානෙ.

      Delete
  14. ලොකු හිස්බවක් දැනුන අන්තිමෙදි.

    ReplyDelete
    Replies
    1. නියම ලියවිල්ල

      Delete
    2. ස්තුතියි දම්ත් මේ පැත්තට ගොඩවැදුනටත් අයගකිරීමටත්,
      තව ලියන්න ඉගනගන්න වෙයි වගේ....

      Delete
  15. විදානේ
    ඔබගේ කතා රචනා ආකෘතිය හොඳ කෙටි කතා රචකයෙකුගේ මුල් අවස්තාව යයි සිතේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බතී මේ පැත්තට ගොඩවැදුනට සහ අගය කිරීමට,
      ලියන්නනම් තව ගොඩක් ඉගනගන්න වෙයි වගේ..

      Delete
  16. එළ! අපූරු ආරම්භයක්. ජයවේවා විදානේ...........!!

    ReplyDelete
    Replies
    1. මළදානෙට සාදරයෙන් පිළිගන්නවා බස්සි....
      ස්තුතියි සුභපැතුමට

      Delete
  17. පළමුවෙනි පොස්ට් එක නියමයි. සුභ පැතුම්. ඔබට දිගු ගමනක් යන්නට ශක්තිය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. සතුතියි මානවිකා මළදානෙට ගොඩවැදිලා අදහස් දක්වුවාට
      පුළුවන් විදියට පෝස්ට් දාන්න තමයි උත්සාහ කරන්නනේ..

      Delete
  18. විධානෙ මහත්තයා සාදරයෙන් පිළිගන්නවා.
    මං නම් හිතන්නෙ ඔතැනදි ප්‍රතිපත්ති ගරුක විය යුත්තෙ ඒ වන විට රටේ පවතින දේශපාලන වාතාවරණයත් එක්ක කියලයි.තාත්ත මෙතෙක් කලක් රැකගෙන උන් පක්ෂයට වඩා පවතින ආණ්ඩුව යහපත් ලෙස රාජ්‍ය විචාරනවානම් එහිදී අපි එය අනුමත කල යුතුයි.නමුත් කැපුවත් කොල කැපුවත් නිල් යන ප්‍රතිපත්තිය මාද අනුගමනය නොකරමි.මේ රටේ දියුනුවටද ඇතැම්විට හෙනහුරා පාත්වෙන්නේ මේ නිසා යැයි මට සිතේ.
    නමුත් ප්‍රතිපත්ති රැකීමක් ලෙස හෘද සාක්ෂිය නම් වු ඔබේ කතාව අතිශය සිත් ගන්නා සුළුයි. පටන් ගැන්ම ඇතුලාන්තය සහ අවසානය සිත්ගන්නා සුළුය. ජයවේවා

    ReplyDelete
    Replies
    1. මළදානෙට වැව් ඉස්මත්ත සාදරයෙන් පිළිගන්නවා....
      අපි කොච්චර කථා කලත් කැපුවත් කොල කැපුවත් නිල් කියන 25% ක් විතර තාමත් අපේ සමාජේ ඉන්නවා ..
      නගරේ කොහොම වෙතත් ගම්බද පලාත් වල එහෙම අය වැඩියි..
      ස්තුතිය වැව් ඉස්මත්ත අදහස් දැක්වූවාට...

      Delete
  19. මේ ලියලා තියෙන්නේ යස අගේට. ඔහොම යං. ජය වේවා.. ඔං පලෝ පාරකුත් දැම්මා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිමො මලදානේට ගොඩවෙලා පලෝ පාරකුත් දාගෙන කොමෙන්ටුවකුත් දැම්මට....
      ජය වේවා...

      Delete
  20. ජය වේවා ...... කෙට්කතාවක් හැටියට හොඳයි එත් දෙසපාලනේනම් මට අරහන් ...... කොහොම උනත් අපේ ගොඩට පිලිගන්නවා ආදරෙන් ජය පතනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මැලේ මේ පැත්තට ගොඩඋනාට......
      අදහස් දැක්වුවාටත් ජය පැතුමටත් ස්තුති.

      Delete
  21. Cheers ව්දානේ.. දිගටම කරන් යන් එකා තමා හපනා හරිය...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා දේශක තුමා මේ මළදානේට........
      ස්තුතයි අදසහකුත් දාලම ගියාට..

      Delete
  22. සිංහල blog අවකාශේ දිගු ගමනකට සුභ පැතුම් :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හසිත සුභ පැතුමට පුළුවන් විදියට ලියන්න තමයි ඉන්නේ..

      Delete
  23. වාසනාවන්තයා මිය ගියා හර්ද සාක්ෂියක් සහිතව.

    අවාසනාව එවැන්නන්ගේ සාපලත් දරුවෝ වීමයි.!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා පිනි මේ මලදානෙට..

      අවාසනාව එවැන්නන්ගේ සාපලත් දරුවෝ වීමයි.. සහතික ඇත්ත..

      Delete
  24. අපූරුයි විදානෙ මලයා...පලවෙනි ලියවිල්ලම සාර්ථකයි..මගේ සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා රවි මේ මලදානෙට
      ස්තුතියි සුභ පැතුමට සහ අදහසට..

      Delete
  25. නියම ප්‍රබන්දයකක් විදානේ. පලවෙනි එකම එල සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මකසි

      Delete
  26. අඩේ මේ අලුත් බ්ලොග් එකක් ද. මට මගෑරිලනෙ හිටං.

    ReplyDelete
  27. අම්මට හුඩු විදානෙයා හිමිජ්ජා වගේ හිටියට හයේ පාරකින්නෙ මැච් එක පටන් අරගෙන තියෙන්නෙ :)

    ReplyDelete