රට විකුණා, ඌ හැදෙනා,
හැටි පෙන්නන, මහ රජාට....
ගල් පැලෙනා, බොරු කියනා,
බුල කෙලිනා, ඇමතියන්ට....
හතර හිනා, මට ගෙනෙනා,
අලි බලනා, පිංපියාට....
මග හිඳිනා, කෑ ගසනා,
රතු අඳිනා, අයියලාට....
බණ දෙසනා, අප අසනා,
ඔළු පලනා, හිමිවරුන්ට....
බොරු කියනා, පිල් බෙදනා,
මොල නසනා, මාධ්‍යයට...
කුඩු ගෙනෙනා, කුඩු බෙදනා,
කුඩු ගසනා, හැමදෙනාට...
මල් වවනා, මල් බෙදනා,
මල් ගහනා, හැම දෙනාට...
ගල් හදනා, ගල් බෙදනා,
ගල් ගසනා, හැම දෙනාට...
බඩු ගෙනෙනා, බඩු කියනා,
බඩු ගසනා, හැම දෙනාට...
අත පානා, දුක කියනා,
ප්‍රාඩෝ ඇති, හිඟන්නන්ට....
පච හලනා, වලි සොයනා,
බ්ලොග් ලියනා, හැම දෙනාට...
වැඩ කරනා, කටු ලොවිනා,
පඩි තකනා, හැම දෙනාට...
බොරු අසනා, ලේ හලනා,
දුක් විඳිනා, මිනිස්සුන්ට....
ඡන්දය දෙන, ඡන්දෙ නොදෙන,
හරක් හදන, මී හරක්ට.....
අන්තර් ජාලයෙන් ගත් ඡායාරූපයකි
සියළු යහපත් පැතම් ඉටුවන වාසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!
ජය වේවා!!!
-----------------------------------------------------------------------------------------------------------------------------
බ්ලොග් කරුවන්ගේ මහා බක් මහ උළෙල 2014-04-20 වැනිදා..
ඔබ අප හමුවිය හැකි සොඳුරු අවස්ථාවක්..
හැමදෙනා හමුවිය හැකිවේවායි පතමු...
විදානේටත් එසේම වේවා!!!
ReplyDeleteහැලෙපතුමා 20 වැනිදට දක්කින්න නොලැබෙන එක දුකක්..
Deleteඑසේම වේවා විදානේ මහත්තයා ...
ReplyDelete20 වැනිදා දකින්න ලැබෙයි නේද?
Deleteපැතුම සමග අවුරුදු........ ඔබටත්
ReplyDelete20 වැනිදා දකින්න ලැබෙයි නේද?
Deleteබොටත් එසෙම වෙවෝ...............!!!!!!!!!!!!!!!!!
ReplyDelete20 වැනිදා දකින්න ලැබෙයි නේද?
Deleteඑසේ ම වේවා විදානේ! 20 වැනිදට හමු වෙමු....
ReplyDeleteවිස්ස තමයි විස්ස... 20 වැනිදා හමු වෙමු...
Deleteබොටත් එසේම වේවා…!!
ReplyDeleteවිස්ස හම්බ වෙමු (y)
20 හම්බෙමු එහෙනං ඈ...
Deleteඔය කරල තියෙන්නෙ. අම්මප විදානෙ උඹ නම් මරු! වේවා වේවා සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබටත්!!!!
ReplyDeleteමනොෂ් 20 වෙනිදා එන්න බැලුවනං නේද හොද?
Deleteඑල පැතුම .....
ReplyDeleteබොටත් එසේම......
අන්තිම ටිකට උඹ නැහැනේ.....?
>>ඡන්දය දෙන, ඡන්දෙ නොදෙන,
හරක් හදන, මී හරක්ට.....<<
අන්තිම ටිකේ මාත් ඉන්නවා //ඡන්දය දෙන, ඡන්දෙ නොදෙන,// මේං මෙතැන
Delete20 හම්බෙමු එහෙනං.....
මේ වගේ කයි පද වලට මම බොහෝම මනා පයි. රහම රහයි.. පට්ටයි..
ReplyDeleteආතල් කී සින්ද ගී බනානා හේ..
ඒ කියන්නේ ආතල් අවුරුද්දක් වීවා...!!!
මහාචාර්ය මාතලන්තුමා 20 වැනිදා මුණගැහෙන්න පුළුවන් නෙහ්.
Deleteවිදානෙටත් එසේම වේවා!!!!
ReplyDelete20 වැනිදා දකින්න ලැබෙයි නේද?...
Deleteෂා අපි හැමොටම සුබ පතලා තියෙන්නේ, ඔබටත් එසේම වේවා
ReplyDeleteඉවාන් 20 වැනිදා දකින්න ලැබෙයි නේද?
Delete20 එන්න බලනවෝ, සැහෙන වැඩ, ඔබටත් සුබපැතුම්.. ජය වේවා..!
ReplyDeleteකොහොම හරි 20 එන්න බලන්න නිමෝ...
Deleteඑකි මෙකි නොකී හුස්ම ගන්න හැම එකාටම නිදහසේ හුස්ම පොදක් ගන්න වටපිටාවක් ලැබේවා!!!
ReplyDeleteඑසේයැ අරූ.. එසේයැ..
Deleteපලමු වතාවට මාත් සයිබරයේ සිහින බක්මහ උළෙලට දින ගනිම්න් හිදිමි..
එහිදී ඔබ නොදකින්නට ලැබීම කණගාටුවට කරුනකි..
නලීන් කියූ ආකාරයට බස් රේඩියෝවෙන් සජීවීව හමුවන්නට හැකිවෙයි නේද?
සුබ අලුත් අවුරුද්දක් වේවා විදානේ.......
ReplyDeleteඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
Deleteඔබ සැම 20 වැනිදා දකින්න ලැබෙයි නේද?
පට්ට ඈ
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා විදානේ ඇතුළු සැමට
20 එනව නේ....
Deleteමගේ පැතුම ඔබේ පැතුම ඉටුවෙන්නට ඕන
ReplyDeleteඅවුරුද්දේ හොඳ වෙනසක් සිදුවෙන්නට ඕන
දුර ඈතක සිටින නිසා මේයත් කියන්ටෝන
විසිවෙනිදට එන්නට බහැ වුවත් මෙමට ඕන
අාවනං තමයි හොද..
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට..