Saturday, April 12, 2014

පැතුම....!!!

රට විකුණා, ඌ හැදෙනා,
හැටි පෙන්නන, මහ රජාට....

ගල් පැලෙනා, බොරු කියනා,
බුල කෙලිනා, ඇමතියන්ට....

හතර හිනා, මට ගෙනෙනා,
අලි බලනා, පිංපියාට....

මග හිඳිනා, කෑ ගසනා,
රතු අඳිනා, අයියලාට....

බණ දෙසනා, අප අසනා,
ඔළු පලනා, හිමිවරුන්ට....

බොරු කියනා, පිල් බෙදනා,
මොල නසනා, මාධ්‍යයට...
 
කුඩු ගෙනෙනා, කුඩු බෙදනා,
කුඩු ගසනා, හැමදෙනාට...

මල් වවනා, මල් බෙදනා,
මල් ගහනා, හැම දෙනාට...

ගල් හදනා, ගල් බෙදනා,
ගල් ගසනා, හැම දෙනාට...

බඩු ගෙනෙනා, බඩු කියනා,
බඩු ගසනා, හැම දෙනාට...

අත පානා, දුක කියනා,
ප්‍රාඩෝ ඇති, හිඟන්නන්ට....

පච හලනා, වලි සොයනා,
බ්ලොග් ලියනා, හැම දෙනාට...

වැඩ කරනා, කටු ලොවිනා,
පඩි තකනා, හැම දෙනාට...

බොරු අසනා, ලේ හලනා,
දුක් විඳිනා, මිනිස්සුන්ට....

ඡන්දය දෙන, ඡන්දෙ නොදෙන,
හරක් හදන, මී හරක්ට.....

 අන්තර් ජාලයෙන් ගත් ඡායාරූපයකි

සියළු යහපත් පැතම් ඉටුවන වාසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!! 

ජය වේවා!!!

-----------------------------------------------------------------------------------------------------------------------------

බ්ලොග් කරුවන්ගේ මහා බක් මහ උළෙල 2014-04-20 වැනිදා..

ඔබ අප හමුවිය හැකි සොඳුරු අවස්ථාවක්..
හැමදෙනා හමුවිය හැකිවේවායි පතමු...



32 comments:

  1. විදානේටත් එසේම වේවා!!!

    ReplyDelete
    Replies
    1. හැලෙපතුමා 20 වැනිදට දක්කින්න නොලැබෙන එක දුකක්..

      Delete
  2. එසේම වේවා විදානේ මහත්තයා ...

    ReplyDelete
    Replies
    1. 20 වැනිදා දකින්න ලැබෙයි නේද?

      Delete
  3. පැතුම සමග අවුරුදු........ ඔබටත්

    ReplyDelete
    Replies
    1. 20 වැනිදා දකින්න ලැබෙයි නේද?

      Delete
  4. බොටත් එසෙම වෙවෝ...............!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. 20 වැනිදා දකින්න ලැබෙයි නේද?

      Delete
  5. එසේ ම වේවා විදානේ! 20 වැනිදට හමු වෙමු....

    ReplyDelete
    Replies
    1. විස්ස තමයි විස්ස... 20 වැනිදා හමු වෙමු...

      Delete
  6. බොටත් එසේම වේවා…!!

    විස්ස හම්බ වෙමු (y)

    ReplyDelete
    Replies
    1. 20 හම්බෙමු එහෙනං ඈ...

      Delete
  7. ඔය කරල තියෙන්නෙ. අම්මප විදානෙ උඹ නම් මරු! වේවා වේවා සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබටත්!!!!

    ReplyDelete
    Replies
    1. මනොෂ් 20 වෙනිදා එන්න බැලුවනං නේද හොද?

      Delete
  8. එල පැතුම .....
    බොටත් එසේම......
    අන්තිම ටිකට උඹ නැහැනේ.....?
    >>ඡන්දය දෙන, ඡන්දෙ නොදෙන,
    හරක් හදන, මී හරක්ට.....<<

    ReplyDelete
    Replies
    1. අන්තිම ටිකේ මාත් ඉන්නවා //ඡන්දය දෙන, ඡන්දෙ නොදෙන,// මේං මෙතැන
      20 හම්බෙමු එහෙනං.....

      Delete
  9. මේ වගේ කයි පද වලට මම බොහෝම මනා පයි. රහම රහයි.. පට්ටයි..

    ආතල් කී සින්ද ගී බනානා හේ..

    ඒ කියන්නේ ආතල් අවුරුද්දක් වීවා...!!!

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය මාතලන්තුමා 20 වැනිදා මුණගැහෙන්න පුළුවන් නෙහ්.

      Delete
  10. විදානෙටත් එසේම වේවා!!!!

    ReplyDelete
    Replies
    1. 20 වැනිදා දකින්න ලැබෙයි නේද?...

      Delete
  11. ෂා අපි හැමොටම සුබ පතලා තියෙන්නේ, ඔබටත් එසේම වේවා

    ReplyDelete
    Replies
    1. ඉවාන් 20 වැනිදා දකින්න ලැබෙයි නේද?

      Delete
  12. 20 එන්න බලනවෝ, සැහෙන වැඩ, ඔබටත් සුබපැතුම්.. ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. කොහොම හරි 20 එන්න බලන්න නිමෝ...

      Delete
  13. එකි මෙකි නොකී හුස්ම ගන්න හැම එකාටම නිදහසේ හුස්ම පොදක් ගන්න වටපිටාවක් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේයැ අරූ.. එසේයැ..
      පලමු වතාවට මාත් සයිබරයේ සිහින බක්මහ උළෙලට දින ගනිම්න් හිදිමි..
      එහිදී ඔබ නොදකින්නට ලැබීම කණගාටුවට කරුනකි..
      නලීන් කියූ ආකාරයට බස් රේඩියෝවෙන් සජීවීව හමුවන්නට හැකිවෙයි නේද?

      Delete
  14. සුබ අලුත් අවුරුද්දක් වේවා විදානේ.......

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
      ඔබ සැම 20 වැනිදා දකින්න ලැබෙයි නේද?

      Delete
  15. පට්ට ඈ
    සුබ අලුත් අවුරුද්දක් වේවා විදානේ ඇතුළු සැමට

    ReplyDelete
  16. මගේ පැතුම ඔබේ පැතුම ඉටුවෙන්නට ඕන
    අවුරුද්දේ හොඳ වෙනසක් සිදුවෙන්නට ඕන
    දුර ඈතක සිටින නිසා මේයත් කියන්ටෝන
    විසිවෙනිදට එන්නට බහැ වුවත් මෙමට ඕන

    ReplyDelete
  17. අාවනං තමයි හොද..
    සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට..

    ReplyDelete