Friday, April 18, 2014

එන්න, එන්න......

ග්‍රීස් ගහේ මුදුෙන තියෙන කොඩිය කඩන්න,
ගස් ලබ්බේ අැතුලෙ තියෙන අැට පන්නන්න,
අැස් නැති අලි පැටියට අැස් අැති කරවන්න,
අන්ධයන්ට එන්න කියමු කිරි කව්වන්න...
 
එන්න රොත්ත පිටින් හතර වටින් එන්න,
ලිකර් එකෙන් බඩුත් අරන් එන්න,
විසිවෙනිදට පැලවත්තට එන්න,
අවුරුද්දට සෙට් වෙනවා මෙන්න....
 
තට්ටෙ තියෙන බ්ලොගර්ස්ලාව මුට්ටි කරන්න,
මුට්ටි බිඳින හැටි දැකලා චියර් කරන්න,
කොට්ට දෙකක් අරන් වරෙන්  පොර අල්ලන්න,
රෑ වෙනකං ගී කිය කිය විනෝද වෙන්න...
 
එන්න රොත්ත පිටින් බයිට් හදන් එන්න,
ලේඩීස්ල වයින් අරන් එන්න,
බනිස් කන්න උදේ නොකා එන්න,
සයිබරයේ සුපිරි උෙළල මෙන්න...

කෙන්ජි ජපන් සැට් එකක්ම බෙදලා දෙන්නේ..
මාතලනුත් හුලං ගහයි කියල කියන්නේ...
කතන්දරයි, විචාරකයි එනවයි කිව්වේ..
නලීන්, සසිදු මෙදා ගේම අැදගෙන යන්නේ...
 
දවල් බතුයි බොන වතුරයි දෙනවයි කිව්වේ...
ග්‍රවුන්ඩ් එකේ වැට වටේට සෙනග පිරෙන්නේ...
මෙහෙනැති අය රට ඉදගෙන හුරේ කියන්නේ...
විසිවෙනිදා ඔබ අාවොත් තමයි වටින්නේ...

ජය වේවා!!!
-------------------------------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------------------------------

පලි..
20 ඉරිදා එන්න....

34 comments:

  1. ජයවේවා විදානේ !!!

    ReplyDelete
    Replies
    1. බස් රේඩියෝවෙන් හම්බෙමු...

      Delete
  2. එන්න තමයි එදාට මම හිතාන ඉන්නේ
    ඒත් ඉතින් වැක්කෙරුවත් අපි නෑ බොන්නේ
    බයිට් වලට කෙලින උනුයි වැඩියෙන් ඉන්නේ
    පින් අත් වෙයි ඒ වගෙ උන් එලවාපන්නේ..

    ReplyDelete
    Replies
    1. ග්‍රවුන්එක ලඟින් යන කුණු අැළ ලඟ කඩල ලෑල්ලක් දාගන්න ඔ්න..

      Delete
  3. ආස උනත් ඔය පැත්තේ ඇවිදින් යන්න
    ඉඩක් නෑනේ වැඩත් එක්ක එහෙම කරන්න
    විනෝද උන හැටි කට්ටිය අපිට බලන්න
    මතක් කරලා බ්ලොග් එකෙ පින්තූර දාන්න...

    ReplyDelete
    Replies
    1. අපි කැමරා ගේන් නැතෝ....

      Delete
  4. මට එන්න වෙන්නෑ බං.… :o

    හා හා කෑගහන්නෙපා බොල මම මේ ලොකුම බොරුව කියන්න පුරුදු වෙනවා. :)

    ReplyDelete
    Replies
    1. මං අර ලාච්චුව හොයන්න යන්න හැදුවේ..

      Delete
  5. එන්න තියෙනවනම් එල, කොහෙද වැඩනේ නෙව, පින්තොර ටිකක් වත් දාපල්ලා.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඉතිං...
      අපි කැමරා ගිනියන් නෑ..

      Delete
    2. කැමරා අරං පලෝ.... අපි ගැනත් හිතපියෝ...

      Delete
    3. නෑ නෑ නෑ නෑ ........
      හිතන්නෙම නෑ..

      කමක් නෑ රීල් දාන එකක් හරි ගිනියංනං කෝ..

      Delete
  6. එන්න උපරිම උත්සහ කරනවා. ඒත් ගොඩක් ෂුවර් කරන්න එපා. ආවොතින් නම් අපිව අදුර ගන්න ගොඩක් ලේසියි. මොක ද ලස්සනම කෙල්ලොයි හැන්ඩි කොල්ලොයි ඉන්නේ කුරුටු ගෑ ගී පවුරේ උන්නේ. ඒත් අපි අවුරුදු කුමාරයා කුමාරිට යන්නේ නෑ. අනික් අය පව් හින්දා ..............................

    ReplyDelete
    Replies
    1. ලඟ තියෙන කුණු අැළෙන් නාගෙන එන්නවෙයි එහෙනං..
      20 හම්බෙමු අෑ..

      Delete
  7. ජයවේවා...........
    මට නිවාඩු නෑ දෙන්න බෑ කීව නෙව...
    මොනා කරන්නද...
    තරු පටි වලට අපි යටයි නෙව...
    වැඩේ ලෙවටම කරගන යන්න හැකිවේවා

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද? ලබන සැරේවත් බලමු..

      Delete
  8. වැඩේ හොදටම කරන්න සුබ පතනවා !!

    ReplyDelete
    Replies
    1. අාවනං තමයි හොදට කරන්න පුළුවන්...

      Delete
  9. ලහිරුවාගේ සින්දුවට වැඩිය නම් ලස්සනයි....වැඩේ සාර්ථක වේවා...

    ReplyDelete
    Replies
    1. බස් රේඩියෝවෙන් හරි හම්බෙමු...

      Delete
  10. අම්මප එන්නයි ඉන්නෙ බොලා බලන්න
    බොලා බලල ගස්ලබ්බෙත් ඇටෙ බලන්න
    කෙන්ජිඅයිය අරගෙන එන මෙවුව බලන්න
    කොට්ට මදියි මෙට්ටයකුත් අරගෙන එන්න

    ReplyDelete
    Replies
    1. පොඩි කූඩාරං කෑල්ලකුත් තිබ්බනං...
      එදාට හම්බෙමු එහෙනං..

      Delete
  11. පත්ත්රයා එන්නනේ නැතිනිසා මං එනවා ...වැරදිලාවත් ඕකා ආවොත් අමං ආපහු එනවා ,මොකට නිකන් ගැරඬි මරලා පව් පුරවන්නේ

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ අන්න පත්තර මල්ලි ධර්ම චක්කරේ ගහන්න පුරුදු වෙනවලු..
      20 හම්බෙමු එහෙනං...

      Delete
  12. එන්න බැරි උනත්, සයිබර් බක්මහ උළෙල සාර්ථක වේවායි ...පතමි..... අපි online බලන්නම්. සුබ දවසක්

    ReplyDelete
    Replies
    1. එහෙනං ඔංලයිංවත් ඉමු...

      Delete
  13. සිංහල සයිබරයේ මහා මංගල්‍යය සාර්ථක වේවා, සමඟිව රැස්ව සමඟිව කටයුතු කර සමඟිව විසිර යාමට හැකිවේවා :)

    ReplyDelete
    Replies
    1. මගේ පැතුමත් එයයි....

      Delete
  14. හිත තිබුනත් හෙට එන්නට
    විදිහක් නෑ ඇවිත් යන්න
    හැම දෙනටම සුබ පතන්න
    විස්තර අපිටත් කියන්න ..

    ReplyDelete
    Replies
    1. මක්ක කොරන්නයි.. එහෙමවත් කොරන්නං..

      Delete
  15. වයිට් ඇරක් හොඳඳ මල්ලි මෂා ලබන්න
    බයිට් එකට කෙන්ජි ගේන කෑලි හපන්න
    ලයිට් තියෙන හොඳම තැනක ආතල් ගන්න
    නයිට් කඩෙන් රෑට කෑම අරගෙන යන්න

    ReplyDelete
    Replies
    1. වයිට් අැරැක් ගෙන,
      බයිට් කෑලි ගෙන,
      රෑ කෑමත් ගෙන,
      අාතල් ගන්නෙමි....
      ඔබ සිටියානම්... අාතල් වැඩිවේ..

      බස් රේඩියෝවෙන් වත් හම්බෙමු...

      Delete