Monday, April 21, 2014

හාවාගල

හොදරයා කියලා කව්ද මනුස්සයෙක් ටික කාලයක් මගේ බ්ලොග් එකට ආවා ගියා එයාවත් අර දිලිනි කියන (හොව් හෝව් මේ මොනාද මේ) මම කියන්න ගියේ සහෝදර ගිය සතියේ දාපු පොස්ට් එකේ තිබ්බා හේනක රැයක්පහන් කල හැටි. ඉතිං මොකද මාත් කල්පනා කරා පඳුරක් තලල නයෙක් එහෙම අරින්න ඕන කියල වන ගතවුනු සිද්දියක් අතාරින්න ඔන කියලා. ඕං ඉතිං ඕන මළදානයක් වෙන්න කියල කුඩාප්‍රමාණයේ නයෙක් අරින්න තමයි ලෑස්තිය..

මේ වෙනකොට ඒ අපි හිටියේ කැම්පස් එකේ තුන්වෙනි අවුරුද්දේ. කැම්පස් එකේදී ඉගනගත්තේ ඉඩං කඩං එහෙම මනින්න තමයි. මේකදි අපිට තිබුනේ ප්‍රායෝගික පරීක්ෂණයක්. ඒ තමයි ත්‍රිකෝනමිතික ලක්ෂයන් මැනුම් කටයුතු කිරීම සහ නව ත්‍රිකෝනමිතික ලක්ෂයන් පිහිටුවන එක. ඕං ඉතිං කැතිපොලු, කඩු කිනිසි දොරපොලු, වැටඉනි, කොහුඉදල්, ඉලපත් එහෙම අරගෙන මගේ පස්සෙන් පන්නන්න එපා මොකක්ද මේ කියන අන්ඩර දෙමල කියල.

හරි මුලින්ම අපි බලමු ත්‍රිකෝනමිතික ලක්ෂ කියන්නේ මොනවද කියල..

සරලවම කිව්වොත් ඉස්සර මුලු ලංකාවෙම මැනුම් කටයුතු කරල තියෙන්නේ භූමිය ත්‍රිකෝනවලට බෙදා ගෙන රූපය 1 න් පෙන්නන්නේ ලංකාව මුලින්ම තිකෝනවලට බෙදාගෙන තිබිච්ච හැටි.. රූපය 2 විදියට තමයි ත්‍රිකෝනමිතික ලක්ෂ ජාලගත වෙලා තියෙන්නේ.. මේ වගේ ලක්ෂ මූලික කරගෙන තමයි ලංකාවේ ඉඩකඩං එහෙම මැනල තියෙන්නේ. දන්නවද ලංකාමේ මුලින්ම මේ වගේ ලක්ෂ දෙකක් යා කරල කපපු රේඛාව තමයි අද බේස් ලයින් පාර කියල භාවිතා කරන්නේ..හං හං
මේ ත්‍රිකෝනමිතික ලක්ෂ හතර වටේම බලාගන්න පුළුවන් විදියට උස් කදු මුදුන්වල තමයි පිහිටුවාගන්නේ. පිදුරුතාලා ගල, කඳවෙල, ගොන්ගල, කිරිගල්පොත්ත වගේ කදුමුඳුන් වල මෙම ලක්ෂ පිහිටුවල තියෙනවා...
දැනට ඒ ඇති..

රූපය 01. ඉස්සර ලංකාව ්‍රිකා්ණවලට බෙදපු හැටි 


 රූපය 02.  ත්‍රිකෝන ජාලය


කොහොමින් කොහොම හරි රූපය 2 තියෙන ආකාරයට අපි තිකෝණමිතික ලක්ෂ පිහිටුවාගන්න ඕන ඒ අතරේ අපි දැනට අක්ෂාංශ සහ දේශාංශ නිවරදිව ගණනය කරන ලද ලක්ෂ දෙකකුත් තියෙන්න ඕන (පැරණි ලක්ෂ)

ඕං මේ රූපය 3 තියෙන්නේ අපේ ඈයෝ සෙට් එක තෝරාගත්ත කඳු ටික. හරි එහෙනං මේ නයා අරින විදානෙත් ඇතුළු 17ත් දෙනෙක් ගියපු හාවාගල කියන කන්ද තමයි මේ රූපය 4 පෙන්න තියෙන්නේ. මේ කන්ද මුහුදු මට්ටමේ ඉදල මීටර් 1330 ක් විතර උසයි කොළඹ, බදුල්ල මාර්ගයේ බෙලිහුල්ඔය ආසන්නයේ තමයි මේ හාවාගල කන්ද තියෙන්නෙ. කූඩාරං හතරකුත් කරේ තියං උයන්න පිහන්න ඕන කලමනා එහෙමත් අරගෙන හිරි හෙල් පහුකරගෙන හැතැක්ම 5ක් විතර කන්ද නගින එක තමයි ගේම. ඒත් ඉතින් මගදී හීනියට එකක් නමා ගත්තම කන්ද උඩට යනවා නිකං වයින් කරලා වගේ. කොච්චර අමාරුවෙන් හරි  කන්ද මුදුනට ගියාම දකින්න තියෙන දර්ශනේ නම් අතිශයින්ම සුන්දරයි එක පැත්තකින් මුළු සමනල වැවමත් තව පත්තකින් හපුතලේ කන්දත් තව පැත්තකින් ලොකාන්තයත් පහලින් බලන්ගොඩ නගරයත් මේ හැම එකක්ම හීන් මීදුමක් අතරින් පේනකොට හරිම සුන්දරයි..

3 රූපය - අපේ ඈයෝ ගිය කඳු

4 රූපය - හාවාගල කන්ද
මුලින්ම කූඩාරං ටික එහෙම ගහලා බීලා කාලා එහෙම නමෝ විත්තියෙන් වැඩ පටන්ගන්නවා..

මේ ප්‍රැක්ටිකල් එක දවස් දාහතරක් තියෙනවා රැයවල් 13ක්.  මනින්න තියෙන්නේ රෑට මෙන්න මේ 5 රූපයේ විදියට අට්ටාලය සකස් කරල ඔය ඉටිකොලේකින් ආවරණය කරල තියෙන තැන ප්‍රැට්ටෝල් ලාම්පුවක් තියනව ඔය රූපෙ පහලින් තියන ත්‍රිපාදය උඩ තියොඩොලයිටුවක් සවිකරල අනික් කඳුවල ඈයොත් මේ වගේම පත්තුකරපු පැට්ට්‍රොල් ලාම්පු එලි වලට ටාගට් කරල මයිනව ඉතිං.



5 රූපය  - පහතින් දිස්වන්නේ සමනල වැවයි

කුඩාරං එහෙම ගහගෙන දවස් ගානක් මනුස්ස වාසයක් නැති කන්දක් මුදුනේ සති දෙකක් බීල උයාගෙන පිහාගෙන කාල ඉන්න එකත් ආතල්ම සීන් එකක්..


6 රූපය - බඩු පොදි බැඳ

7 රූපය - නගින අතරමග

උදේ පාන්දරම තමයි ඉතින් ගේම තියෙන්නේ ඒ කියන්නේ වචනයේ පරිසමප්ත අර්ථයෙන්ම බොග දාන එක, ලීටර් එක හමාරක මෙහා බෝතලේකට පුරවගත්ත වතුර එකක් එක අතකිනුයි අනිත් අතින් අඩි දෙක හමාරක මිටක් ගහපු උදැල්ලකුත් අරගෙන හීතලේ කට කට ගගා වෙව්ල වෙව්ල හිමීහිට පල්ලම් බහිනවා. හීන් සීරුවේ තමන්ට අවශ්‍ය ගාන්ට වලක් එහෙම කපාගෙන සීරුවෙන් වාඩිවෙවනවා එත් උදේ පාන්දර තනකොල අතර රැදි සීතල පිණිබින්දු පශ්චාත් භාගයේ වදින ඒ සුන්දර අත්දැකීම දැනෙනකොටම අනිච්චානුගතිකවම දනිස්දෙකෙන් චුට්ටක් ඉස්සෙනවා කොහොමින් කොහොම හරි වැඩේ කොරල අහවර වෙලා හාරපු වලත් වහල එතනින් කොටුවකුත් හිටෝල අර ගෙනාපු මෙගා බෝතලේ දකුණු අතින් අල්ලල කොදුඇට පෙළේ පහලහරියට කට තියල කොදුනාරටිය දිගේ වතුර ටික වක්කරනව. අනේ අම්මෝ අයිස් කැට වගේ වතුර ටිකක් ඒ වගේ වැටෙන කොට තියෙන සනීපෙ හ. කොහොම හරි වං අතේ උදවුවෙන් හෝදල එහෙම අහවර කරගන්නවා. ඕං ඉතින් වැඩේ නිට්ටාවටම අහවර උනැයින් පස්සෙ ඉතුරු වතුර ටිකෙන් අතත් හෝදගෙන ගලෝල අත්තක එල්ලපු සරමත් ඇඳගෙන වීරයා වගේ ආපහු එනවා.

 මේදවස් ටිකේ කාපු කෑම විතර රස කෑමක් ආයේ ජීවීතේ කිසිම තැනකදී කාල නැතුව ඇති, කන්නේ පරිප්පුයි පොල් සම්බලුයි බතුයි උනත් එක හරිම රසවත් අපේ කණ්ඩායම් නායකයයි ආහාර පාලකයයි එකතුවෙලා එදා දවසට කන්න දෙන්න ඕන මෙනු එක හදනවා අපිත් එක්ක ගිය උයන පිහන අංකල්ල දෙන්නා ඉතනින් ඒ මෙනු එකට කෑමටික හදනවා ෂැහ්..... මතක් වෙනකොට ආයේ යන්න හිතෙනවා.. 

8 රූපය - කෑම උයපු අත් හතර


 9 රූපය - කෑමට පෙර

මේ පට්ට හීතල කන්දෙ සීතල දුරුකරගන්න එකත් ලේසි පාසු කටයුත්තක් නෙවෙයි ඉතිං නොදැනුවත්ම වගේ දවසකට සීල් බොතල් දහයක් දොලහක් විතර ඉවරවෙනවා.. ඇයි ඉතන් අපි 17 විතරයැ අපිව බලන්න කියල තවත් දහ පාලොස් දෙනෙක් කන්ද නගිනවනේ. මේ එන ඈයොන්ටත් එක්ක බොන්න සප්ලයි කරනඑක් තමයි විදානෙගේ රාජකාරිය වෙලාතිබුනේ. නොදෝකිං මේ අපිව බලන්න කියල කන්ද නගින එවුන් සීල් බොතල් ටිකක් උස්සන් ආවට ඒවට ඕන කරන අඩුම කුඩුම උස්සන් එන් නෑනේ. සිගරට් සැන්ඩි එහෙම තියාගන්න එක තමයි පට්ටම අමාරු. 

දවසක් රෑ ගෙනාපු සිගරට් ටික මුන් ටික වෙලාසනින්ම ඉවර කළා. දැං මුං මාව කන්න හදනවා සිගා දියන් සිගා දියන් කියල, බැරිම තැන ගෙනාපු සුරුට්ටු වගයක් හීනියට ලියල ඔතල දුනනා ටික වෙලාවක් යනකං ඒකෙන් අල්ලල හිටිය ඒකත් ඉවරකල ආයේ මාව කන්න හදනවා.. ෂැහ් දැං මොකද කරන්නේ ගෙනත් තිබ්බ බීඩි මිටි තුන හතරක් තිබ්බා ඒටික ගෙනත් දුන්නම මුන්මට බනිනව ඉවරයක් නෑ....

ඈ.. @#තෝ අපි කවුරු කියල හිතුවද බීඩි බොන්න

#%$#$^@^$^ 4^ 97ඩඉ $^$^ &^&#4 @#% 768  $%^%$&^ &^& # $%^$^ 

මොකද කරන්නේ මේකෙන් ගැලවෙන්නත් එපාය ගත්ත බීඩියක් ඒකේ අනික්පැත්ත කටේ තියන් පත්තු කරා, මං දැං පැත්තකට වෙලා හීනියට බීඩිය ගහන ගමන් එකෙකුට කිව්වා.

බීඩිය අනික් පැත්තෙන් බොනකොටට පට්ට ආතල් ඕයි..

දෑං ඌත් අරගත්ත.. මිනිහ ෂේප් අන්තිමට හිටපු හැමෝටම එලිවෙනකං බීඩි දෙන්න උනා අළුත් ඉස්ටයිල් එකට ආතල් ගන්න..

හවස් වෙනකොට ටූනමන්ට් එක ඒ කියන්නේ ප්ලාස්ටික් බොලෙකින් ක්‍රිකට් ගහනවා (ටෙනිස් බොලවලින් ගහුවොත් එක පාරයි කන්ද පාමුල) 17 දෙනා කණ්ඩායම් තුනකට බෙදිලා ලීග් ක්‍රමේට ක්‍රිකට්. හැම තිස්සෙම ලීග්. දෙයියනේ කියල කවදාවත් ෆයිනල් එකක් තියන්න හම්බුන් නෑ. හැම රෑකම බොන්ගෝ එකයි චල් එකයි එක්ක සිංදු අම්මෝ එළිය වැටෙනකං හරි සිංදු කියන අපි වැටෙනකං හරි. හඃ... 

10 රූපය - දැන්වීම් පුවරුව

11 රූපය - ගබඩා කූඩාරම, බොන්ගෝ එක සහ සී.ජේ විදානේ හඃ හඃ.. 

මෙකී නොකී දහසකුත් ආතල් මැද මේ සුමාන දෙක පට්ටම සුන්දර විදියට ගෙවිලා ගියා.. දැං ඉතිං අහන්න එපා ප්‍රැක්ටිකල් එකට මොකද උනේ කියලා. ඒකත් නියමෙට කෙරිල, 
12 රූපය - සොඳුරු දසුන්


13 රූපය - සොඳුරු දසුන්
14 රූපය - පැද්දෙන පුටුව
15 රූපය - ගෝනි මත විවේකීව



-------------------------------------------------------------------------------------------------------------------------

66 comments:

  1. මුල ගණන් හදන හරිය මග ඇරල අනිත් ටික කියෙව්වා ඕං... මේ දසුන් නම් සොඳුරු ම තමා! :-D

    ReplyDelete
    Replies
    1. //මුල ගණන් හදන හරිය මග ඇරල අනිත් ටික කියෙව්වා ඕං// මාත් එහෙමයි :)
      අර පැද්දෙන පුටුවත් නියමයි..

      Delete
    2. @ දිලිනි,
      ගනං හදල නෑ බොලේ ගනං ලියල.. දසුන්නං සොඳුරුම තමා ඉතිං...
      ස්තුතියි.

      Delete
    3. @ චාම්ස්,
      ගනං හදල නෑ බොලේ ගනං ලියල.. වාඩිවෙන්න පුටුත් උස්සන් යන්නැය..
      ස්තුතියි චාම්ස්..

      Delete
  2. විදානේ ලොක්කා කූඩැල්ලෙක් කියල දන්නේ අදනේ.... :) ;)

    ReplyDelete
    Replies
    1. දැං අාණ්ඩුවේ කූඩැල්ලෙක්, තව රසකථා ටිකක් තියෙනවා පුළුවන් විදියට දාන්නං..
      ස්තුතියි අයාල්..

      Delete
  3. මරුනේ.. නොතේරුණාට ඔන්න මම නම් ගනන් තියෙන ඒවා කියෙවුවා හොදේ..

    ReplyDelete
    Replies
    1. ගනං කියවපු එකත් මැදැයි,
      ස්තුතියි දිනේෂ්

      Delete
  4. උඹලා ඔය මැනපුවා map කලේ නැද්ද? හැබැයි ඔහොම් ගමන් ගියාම ආතල් කොච්චර තිබ්බත් වැඩේ කෙරෙනවා 200% කම් නැත්තම් ඉතින් බඩු පැකට් වෙනවනේ ආපු ගමන්

    ReplyDelete
    Replies
    1. අැත්ත කොච්චර අාතල් තිබ්බත් වැඩේ තිතට,
      පැක්ට්‍රිකල් ඉවරවෙලා පිටු 200ක විතර රිපෝට් එකක් හදලා, උම්මග්ග ජාතකේ වගේ Program එකකුත් ලියල තමයි පස්ස බැළුවේ...
      ස්තුතියි ඉවාන්..

      Delete
  5. මුල් ටික කියවත්දි ආයෙ පාරක් බැලුවා උඹේ බ්ලොගමද කියලා. පස්සෙනෙ වැඩේ සෙන්ටි මීටර් උනේ.

    අඩේ බොග දාන එකට ඔය තරම් ගේමක් තියෙනවා කියලා දන්නෙ අදනෙ. ;)

    උඹ අර නිදියන් ඉන්න විදිහට සැප පහසුව නිදියන්න පුළුවන්ද බන් ඔය තැන්වල. :)

    ReplyDelete
    Replies
    1. අැයි බං මුල්ටික අවුල්ද..
      උදේ පාන්දර පට්ට හීතලේ වලාකුළු අතරින් වැඩේ කරනකොට තමයි සැබෑම ගේම..
      පිස්සුද බං සිරාවට නින්ද යනවා (2ක් දාගත්තම)
      ස්තුතියි ප්‍රියා..

      Delete
    2. ප්‍රියා සමහර දෙවල් පෙනවට වඩා හරි සුන්දරයි ,...

      @විදානේ
      දෙකක් කියන්නෙ වෙනදා සූර් වෙන පදම ඉක්මවලා ඕන මේ වගේ තැන් වලදි සූර් වෙන්න ,.ඊට පස්සෙ බලය ජවය හා ශක්තිය සමග හැක් හැක්

      Delete
    3. @ සහෝ
      අනිවා බලය ශක්තිය හා ප්‍රබෝධය..

      Delete
    4. @ විදානෙ ~ උඹ වලියට බර පොරක් නොවන එකේ මොකද මේ පරණ වලියක් ගැන කියලයි පුදුම උනේ. :)

      @ සහෝ ~ ආයෙත් අහලා. පිට ඔපෙන් කිසි දෙයක්මනින්න බෑ බං. :)

      Delete
    5. @ ප්‍රියා,
      එතැන තිබ්බ කොමෙන්ට් ටික දැකලා මම පුදුම විනෝදයක් ලැබුවේ..
      හෙක් හෙක්..

      Delete
  6. කඳු නගින්න මාත් පට්ට ආසයි බං. මේකෙ තියෙන එක ෆොටෝ එකක් නේද ප්‍රෝෆයිල් පික්චර් එකටත් දාල තියෙන්නෙ.

    ඒක නෙවෙයි, උඹල සයිබර් උළෙල ගැන කිසිම හාවක් හූවක් නෑනෙ. දාපල්ලකො බං ෆොටෝ ටිකක්.

    ReplyDelete
    Replies
    1. මේයිං එකක් තමයි,

      https://www.facebook.com/photo.php?fbid=10202999793369678&set=a.10202999755448730.1073741851.1049785475&type=1&permPage=1

      ඔය ලින්ක් එකේ පොටෝ අැති අැතිපදං...
      ස්තුතියි මනෝෂ්,

      Delete
  7. අම්මප බං ලංකාවේ මැප් එක බොලාට හදන්න නොදුන්නේ වාසනාවට.. විදානේ කතාව රහයි...

    ReplyDelete
    Replies
    1. ෂැහ් අපි ඉපැදෙනකොට මැප් එක හදල ඉවරනේ නැත්නං හදනවා ලෙසටම දෙයියම්පා..
      ස්තුතිය් දේශා..

      Delete
    2. ටොලමි කැලේ එහෙනං,නේද විදානේ.

      Delete
    3. ඔව් ඔව් හැලපේ එහෙනං මැප් එක මෙච්චර අමාරු නෑ, එක්කෝ රවුමක් නැත්නම් කොටුවක් අදින්නත් ලේසියිනේ...

      Delete
  8. මං හිතුවේ අයේ මට නෙලල දලා කියලා හැක් ...පස්ට රසයි නේ මේ වගේ එවා ....මගේ ලගත් ෆොටෝ කැලි තියෙනවා ලංකාවේ එක එක තැන් වල ගිහින් ඔය වගේ හිටපු එවා දන්න විදියක් නෑ ඉල්ලගෙන කැමක් තියෙන්නෙ දැම්මොත් ...ඒ දවස් වල තිබුණ මගේ ෆොන් එක බිලා එක එක තැන වට්ට ගෙනම කැඩුණා දැන් ෆොන් එකක් නෑ :)) ෆොටොත් නෑ...
    සබන් අරන් යන්න එපැයි බිඩි වලට දලා පාවිච්චි කරන්න ..ඔය ඔතන එවා එක පාර දෙන්නෙක් ගහන ක්‍රමයක් තියෙනවා මට නම් එක අවුල් දැන්නවද එක ගැන ???

    කොමද ගද ඔය බිඩි වල ....

    ලින්කුවට තැන්කු කිව්වා ඕං

    ReplyDelete
    Replies
    1. සබන් ගිනිච්චා,
      සබන් ගැන වෙනම කථා රාශීයක් තියනවා,
      සෙවනගල, හම්බෙගමුව, තනමල්විල, හඳපානාගල, සහ වැල්ලවාය අාශිතව,
      එ්කට වෙනම පොස්ට් තුනක්වත් දාන්න වෙනවා,. තව මාස 6කින් විතර බලමු,

      සමහර වෙලාවට මුලින් පත්තු කරල පත්තු වුනු පැත්ත කට අැතුලට දාල හිමින් දුම් පිඹිනවා අනිත් පැත්තෙන් තව එකෙක් උරනවා, මං දන්න ක්‍රමේ ඔ්කයි..

      ඔය වෙලාවට බීඩි පට්ට සුවඳයි බං
      ස්තුතියි අාවට..

      Delete
    2. අනිවා ඔය තියෙන්නෙ ...තව ක්‍රම තියෙනවා නේ එවා ලියන්න හිතෙනවා ,නිකරුණේ බෙබදු සහෝදර වෙන්ඩ ආස ඈ ....හැක්

      Delete
    3. ලියමු ලියමු..
      අපි එහෙම කියන්නෑ සහෝ...

      Delete
  9. ත්‍රිකෝණමිතික ලක්ෂ මනින්න ගිය ගමන හරිම ශෝක් ....

    එතකොට ඔය ගත්ත මිණුම් පරණ මිණුම් එක්ක චෙක් කරල එහෙම බලන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. බලනවා බලනවා, නැත්නම් කොහොමද රිපෝට් එහෙම හදන්නේ...
      කාෙච්චර අාතල් ගත්තත් වැඩේ හරියට කරනවා දෙතුන් දෙනෙක් හරි..
      ස්තුතියි..

      Delete
  10. ඔය වගේ ප්‍රැක්ටිකල් කාන්තා පාර්ශවය කරන්නේ කොහොමද??
    මෙගා බොතලේ අරන් යනව කියපුවහම මතක් උනේ,ඉන්දියන් කරයෝ එහෙම මෙගා බොතලෙන් භාගයක්ලු අරන් යන්නේ..අයේ එනකොට එකෙනුත් භාගයක් ඉතුරු කරන් එනවලු...

    ReplyDelete
    Replies
    1. සමහර කඳු තියනවා සාමාන්‍යයෙන් කිලෝමීටරයක් වගේ අැතුලත, ගෙයක් දොරක් එහෙම තියන කාන්තා පාර්ශවය උදේට එ් ගෙදරකට එනවා.. නැත්නම් පොර උරවලින් වටකරපු වල වැසිකිලියක් හදල දෙනවා.. දුක තමයි.. එ්ත් ගැටළුවක් වෙන්නේ නෑ..
      කන්ද මුදුනේ ඔ්න තරං දිය පාරවල් තියෙනවා. එ් නිසා වතුර ප්‍රශ්ණ නෑ.. එ්ත් හීතල තමයි කේස් එක.. කොහොමහරි මෙගා බෝතලේ ඉවරකරනවා..
      ස්තුතියි පන්ඩුක.

      Delete
  11. ගණන් තියෙන ටික ඇරෙන්න අනික් ඔක්කොම කියෙව්වා,කතාව හොඳ රහයි විදානේ.

    ReplyDelete
    Replies
    1. බහුතර දෙනාගේ අප්‍රසාදය ලැබා අැති ගනං මින් ඉදිරියට පල නොකරන බව සහතික කොට ප්‍රකාෂකරමි...
      ස්තුතියි හැලපෙ අයියා

      Delete
    2. මම නම් ආසා වුනේ ගණං මිනුං වැඩේට.
      මට ඔය මනින වැඩේ දන්නැති ටිකක් අල්ලගත්තා.

      බිඩි බොන හැටි වගේ දේවලුත් ලියනවනම් කොච්චර හොදද.

      ස්තුතියි..
      මම නම් කැමතිම පෝස්ට් එක.

      Delete
    3. @ මල්මී
      ඔළුව අතගෑවද? ටොකු අැන්නද?
      සැහ්..

      Delete
  12. නියමයි විදානේ, ඔයාගේ ප්‍රොෆයිල් පික් එකේ තියෙන්නේ මොකක්ද කියලා දැනගෙන හිටියත් ඒකෙ කතාව දැනගත්තේ අද.. මං කල්පනා කලේ ඔතන ගෑණු ළමයි විතරක් හිටියනම කියලා. ඒ වගේම අර කොක්කු කතාව වගේ කුනුහබ්බයක් කියලා හිතලා සින් ගාලා බලන්න ආවේ :D

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් කඳු මුදුනේ ඉදලා කිලෝමීටරයකින් වගේ ගෙවල් කීයක් තියෙන කඳු කීපයක් තියනවා, ගෑනු ලමයි වැඩිපුර එ් කඳුවලට තමයි යන්නේ උදේ පාන්දර එ් ගෙදරකට අැවිත් තම තමන් ගේ පෞද්ගලික කටුයුතු එහෙම ඉටුකරගන්නවා,
      එහෙම නැත්නම් පොරඋර වලින් වට කරපු වල වැසිකළියක් හදල දෙනවා.. වැඩිය අමාරු නෑ බැජ් එකක ගෑනු ලමයි 10ක් ඉන්නේ බෙහොම කලාතුරකින්.. උපරිම 5යි 6යි..
      ඔන්න තිඔිරිගෙය බැජ් එක එල්ලගත්තා...
      ස්තුතියි අපූර්වි..

      Delete
  13. නෙදෙකින් මූ බෝතල් දුසිම් ගනන් ගහන එකා උගුරක් බිව්වේ ඇඹරි ඇඹරි කොට. අහුවෙයකෝ උඹ ආයෙත් නාවලා යවන්න. ඕකට හාවා ගල කියන්නේ. උඹලා හාවෝ දාලා ආවට පස්සෙද, නැත්නම් කලින් ඉඳලද...?

    ReplyDelete
    Replies
    1. නානවා නානවා අනිවාරයයෙන්ම නානවා,
      පලවෙනි වතාවේ අැණයක් නොවී ඉන්න එපැයි ඊලග සැරේ පරාල අැණයක් වෙන්නම්...
      අපි යන්න කලින් ඉදල හාවාගල කියනවා....
      ස්තුතියි මාතලන්

      Delete
  14. මේ වගේ ඒවට මම නං පට්ට කැමතී..
    අර තිකෝණ මිති අනන් මනන් නං දිර වන්නෙම නෑ ඔන්න...
    ගණං කියනකොටත් ඇග කසනව...
    මේ.......

    ReplyDelete
    Replies
    1. අායෙ ගනං දාන්නෑ ඔන්න.. අැග කසල මක්කහරි උනෝත්...
      පළු දාලනං පොඩියට දෙකක් දාගන්න...
      ස්තුතියි මහේෂ්...

      Delete
  15. කොමෙන්ටුවක් කොටලා දැම්මා. ඒක නෑනේ.......

    ඒක නෙමෙයි. ඒ කියන්නේ විදානේ සබරගමු කැම්පස් එකේ කූඩැල්ලෙක් නේද??? (අර මිනුම් මොකක්ද එකේද???) කුරුටු ගෑ ගී පවුර ලියන්නෙත් හාගල ඇහැ ගැටෙන මානයේ ඉදන්. කැම්පස් එක හරිය ගෙදර වගේ....

    විදානෙගේ ලිපි වලින් අපි ආසම කැම්පස් එක පැත්ත ගැන ලියවෙන ඒවට. මේකත් නියමයි. අත්දැකීම් ගැන නම් හිතාගන්න පුළුවන්. ඉතින් මෙතනින් විදානෙගේ මූණ කෝ....................

    මූණ හංගන් නිදාගෙන ඉන්න ඒවා වැඩක් නෑ...................

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අම මිනුම් මොකක්ද එකේ තමයි හිටියේ..
      එ් පැත්තෙ පරිසරරේ නම් සුන්දරයිම තමයි..
      ඔබත් ලියා තිබුනා නේද සමනළ වැවේ කවියක්..
      අවුරුදු උත්සවේට අාවනං මූණ බලාගන්න තිබිබා..
      නැත්නම් පොටෝ එකේ අනික් පැත්තට ගිහිං බලන්න මූණ බලාගන්න පුළුවන්..
      ස්තුතියි කුරුටු පවුර

      Delete
  16. විදානේ....උඹේ ත්‍රීකෝණ දැකලා මාව සමචතුරශ්‍ර වෙලා ගියා. ආතල්.

    ඔය බීඩි පුක පැත්තෙන් පත්තුකරලා බොනකොට දුම් එන්නේ ටිකක් පෙරිළා හින්දා ෂේප් එකේ ගහන්න පුළුවන්. සිගරට් නැති වෙලාවට බීඩිය සිටුවරයෙක් වගේ බන්.

    ReplyDelete
    Replies
    1. බහුතරයග් ඉල්ලීම මත අායෙත් ඔය ගනං වගේ දේවල් දාන්නෙ නෑ..

      බීඩි විතරක්නම් මැදැයි..
      අන්තිමට තේකොලත් ඔතාගෙන ගැහුවේ...
      ස්තුතියි අරූ

      Delete
  17. ඉංජිනේරු පීඨයට යන්න බැරි උනා නම් මමත් නවතින්නේ සබරගමුවේ මිනුම් විද්‍යා පීඨයේ තමයි.. මගේ ආසම ක්ෂේත්‍රයක්.
    අපිත් ගියා සර්වේ කෑම්ප්. අපි ගියේ දියතලාවේ.. ඒක නම් සර්වේ ඉන්ස්ටිටියුට් එක නිසා පහසුකම් ඔක්කොම තිබුණ. ලබන මාසේ යනවා ආයිත් සර්වේ කෑම්ප්, අපේ පොඩි බැච් එකත් එක්ක, බගවන්තලාවේ.

    ReplyDelete
    Replies
    1. දියතලාවේ මැනුම් හා සිතියම්ගත කිරීෙම් අායතනය (ISM) එතැන මැනුම් හා සම්බන්ධ සියළු පහසුකම් සහිත තැනක්.... මාසා තුනක පුහුණුවක් අපිත් ලබා ගත්තා එතැනින්..
      ඔබගේ බගවන්තලා ගමන රසවත් අද්දැකීමක් වෙයි,
      සතුතියි මාණවිකා...

      Delete
  18. කිසිම උපකරනෙකට සම්බන්ද නොකරන ලද ear phone එකක් කනේ ගහන් වයර් එක නිකන්ම සාක්කුවට දාගෙන ගිය ට්‍රිප් එකක් ගිය කෙනෙක්ව අඳුනනවා නේද?
    හක් හක් හා
    මුහුණ හංගන් හිටියට මම නම් උබව දන්නවා. උබ සතුව රසවත් කතා තියෙන බවත් දන්නවා. දිගටම ලියන්න. අපිත් දිගටම එන්නම් බලලා යන්න.
    සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ෂැහ්... එහෙම යනකොට කෙහොමද අාතල් එක.. මට තාම කොයිල් වගේ එ් සිද්ධිය උනේ 1999 - 2000 දි විතර,
      පුළුවන් විදියට ලියන්න තමයි හිතං ඉන්නේ,
      ස්තුතියි මකසි,

      Delete
    2. කමෙන්ට් වලින් ජනවාරි වල ඉඳලා වගේ විදානේ සිටිය නිසා ප්‍රොෆයිල් එක බැලුවා. බ්ලොග් එකක් ඒ දවස් වල තිබුනේ නැහැනේ? අහම්බෙන් තමයේ මේකට ඊයේ ආවේ. අද තමයි ඔබගේ පළමු ලිපිය(හෘදය සාක්ෂිය) කියවුවේ. එකේ නම තිබුන බව දැක්කේ අද ඒ වුනත් මම ඊයෙම ඔබව අඳුනා ගත්තා. පුළුවන් නම් මම කවුද කියලා හිතන්න.

      Delete
    3. තාම හිතනවා,
      ජනක සර්ගේ පංතිගියපු,
      ඉයර් ෆෝන් සීන් එකත් දන්න,
      මාතර පැත්තේ,
      යෝදයෙක්...

      ෂැහ් තාම මතක් වෙන්නෑනේ...

      Delete
  19. හෑ ..... අදනෙ බොලේ මේක දැක්කෙ... කන කැස්බෑව අහවල් එකෙං අහවල් එක බැලුව වගේ ජොයින්ට්ස් කොටයක් ඇද්ද දවසෙම. මට නං නැගල ගියේ ත්‍රිකෝනමිතික ලස්ස කොටහ.. ඒ කෑල්ල මාර සෝක් ඕයි. පලවෙනි රූපෙන් බැලුවම තුන් වෙනි රූපෙට පේනව රඟ ට්‍රං..ට්‍රං.... එක වෙලාවකට ඒක හරියට පුක බරි වලහෙක් අත්දෙක බැඳන් ඉන්නව වගේ ඕයි.... තව වෙලාවකට ... තව තව ඒව... ටයිප් කරන්න කම්මැලියි ඕයි.....ජොයින්ට් එක බැස්සම ඉතුරු ටික කියෝල කොමෙට් කොරන්නං ඕයි.. මටනං ගනං ටික මල් මසුරං ඕයි....නිකං මඤ්ඤං වගේ ඕයි.......අර හතර වෙනි රූපෙ කන්ඳ හෙල්ලෙන්නෙ ඇයි ඕයි......

    ReplyDelete
    Replies
    1. අැක්ස් - පෝටර්ව මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා ඔ්ං,
      (අාතල් කොමන්ටුව) අන්න එ්කනේ මං අයේ ඔය ගනං කෑලි එහෙම පෝස්ට් අස්සෙ ඔබන්නෑ දෙයියම්පා.. හතරවැනි රූපේ කන්ද තියෙන්නේ ග්‍රීස් ගොඩක් උඩ එ්කයි එ් හෙල්ලෙන්නේ..
      මටත් කොට කෑල්ලක් තිබ්බනං තව මොනවහරි කොටන්න තිබ්බා වගේ...
      ස්තුතියි පෝටර්,

      Delete
  20. ලොකු ගේමක් දීලා වගේ නේ??? නියමයි

    ReplyDelete
    Replies
    1. කිසිදෙයක් දැනුනෙ නෑ, සුන්දර සති දෙකක්...
      ස්තුතියි කැස්පර්,

      Delete
  21. පට්ටයි ඈ, කදු බඩ ගාන්න නං පුදුම ආසාවක් තියෙනවා, ඒත් තනියෙන් බෑනේ, ඇත්තම කියනවා නං සිරීපාදෙ යන්නෙත් කදු නගින්නයි පරිසරය විදින්නයි තියෙන ආසාවට, අපේ කැම්පස් එකෙත් යන්න නං හැම එකාම කතාව දානවා, ඒත් අන්තිමේදි යන්නෙයි ගිහින් ආතල් ගන්නෙයි කටින් තමා : ඩී

    ReplyDelete
    Replies
    1. අැත්තටම කදු නගිනවා කිහන එක පට්ටම අාතල් සීන් එකක්.. හරිම සුන්දරයි.. ඔව් අපිත් දාහක් දේ කථා කරනවා අැත්තටම එකක්වත් හරියට කරන්නෑ.. ගොඩක් දේවල් කටින් තමයි..
      ස්තුතියි සොමි..

      Delete
  22. ආතල් වැඩක්නේ මේක. මේ විදිහට ත්‍රීකෝණ විදිහට මනින්න හේතුවක් තියෙනවද ?

    ReplyDelete
    Replies
    1. ඔව් හසිත,
      අපි හිතමු පාද හතරෙම දිග a,b,c,d වන චතුරශ්‍රයක් අනන්ත ප්‍රමාණයක් තියෙන්න පුළුවන්, එ්ත් පාද වල දිග p,q,r වන ත්‍රකෝණ තියෙන්න පුළුවන් එකයි.
      ස්තුතියි හසිත..

      Delete
    2. ඔව් නේද :) තැන්කු :D

      Delete
  23. විදානේ..........

    අලුත් පෝ්ස්ට් එක කියවන්න දෙන්නේ නෑනේ..... අපේ බ්ලොග් එකේ තියෙන ලින්ක් එකේ අලුත් පෝ්ස්ට් එක පන්නුවාට බලන්න ගියාම බෑනේ............

    ReplyDelete
    Replies
    1. සොරි සොරි
      අලුත් පොස්ට් එක වැරදීමකින් පබ්ලිෂ් උනේ ලියල ඉවර නෑ...
      හවස 4 ට දානවා

      Delete
  24. ඔව් මාත් බැලුවා. අලුත් පෝස්ටුවට යන්න බෑ. අප්ඩේට් කරල බලන්න ආයෙ.

    ReplyDelete
    Replies
    1. සොරි සොරි
      අලුත් පොස්ට් එක වැරදීමකින් පබ්ලිෂ් උනේ ලියල ඉවර නෑ...
      හවස 4 ට දානවා

      Delete
  25. රස වින්ද කියවල ලිපිය......
    ඔහොම අවස්ථා වින්ද උන්ට කෙල උනනව බං .....පාන්දර ශිත නම් කියල වැඩක් නැහැ....
    නමුත් පසු කාලයෙ වින්ටර් එකට මුහුණ දෙද්දී ඒ ශීතල මොනවද කියල හිතුන....
    එල ලිපිය....

    ReplyDelete
    Replies
    1. තව විස්තර ටිකක් තියනවා පස්සෙ කියන්නම්
      පාන්දර හීතල කියන්නේ දත් ටික කට කට ගානවා කටින් මිදුම පිටවෙනවා..
      ස්තුතියි කෙන්ජි....

      Delete