Friday, May 9, 2014

විදානේගේ ගොං කථා..

චෙෙත්‍යය

මෙම කථාව නැන්දම්මා කෙනෙක් සහ බෑණා කෙනෙක් අතර අැතිවූ කථාබහකි.

"පුතේ හෙට මාව ටවුන් එකට එක්ක පලයංකො"

"එ් මොකටද අම්මේ"

"බැංකුවෙන් සල්ලි ටිකක් ගන්න තියනවා"

"මොකටද අම්මේ සල්ලි"

"අනේ අර පංසලේ චෙෙත්‍ය හදනවා එ්කට පූජ කරන්න"

"ඔ්කට බැංකුවෙන් ගන්න ඔ්නයැ ඔය කීයක් හරි දීල දාමු"

"අනේ උඔලට කරදර කරන්නෙ කොහොමද මං ටික ටික ඉතුරුකරපු සල්ලි ටිකක් තියනවා එ් ටික තමයි පූජ කරන්න හිතං ඉන්නේ."

"හරි. දැං අම්මා කීයක් විතරද දෙන්න හිතං ඉන්නේ"

"ලක්ෂයක් විතර දෙන්න තමයි මං හිතං ඉන්නේ.."

"ලක්ෂයක්..චෙෙත්‍යට?.. අම්මට පුළුවන්නේ ඔය ලක්ෂෙ මට දීල මට වඳින්න..,"

"#$% 46#$%3 f#$## ^&*^&8 45% & $%^2&*%"

(බොහෝ වයසක උදවිය ඔහොමය - ගෙදරට හෙන ගැහුවත් පංසලට)
-------------------------------------------------------------------------------------------------------------------------

පේර හොරු

විදානේ ගමේ කොලු කුරුට්ටන් සමග පෝදා පංසල් ගොස් රාත්‍රී 11 ට පමණ නැවත නිවෙස් බලා එමින් සිටියි. එන මග අතර තුර මේ පිරිසම තාප්පයක් ගසන ලද නිවසක් ලග නතර විය.

මේ නිවසෙහි සිටියේ විශ්‍රාමික ගුරු යුවලකි, මොවුන්ගේ දූවරුන් සිව්දෙනාම වෙෙද්‍යවරියන්ය. පුතා මොකක්දෝ ලොකු කෝස් එකක් කරයි. මෙම පවුලට ගමේ බොහෝ දෙනෙක් ගරු කලහ. එම යුවල නිවස ඉදිරියේ කුඩා සිල්ලර කඩයක් පවත්වාගෙන යයි. මිදුලෙහි ගෙචි හොදින් පැසී, ඉදී අැති පේර ගසකි.

"මචං දෙමුද ගේමක්.."

අදහසත් සමග තාප්පෙන් පැන්න විදානේ ගහ මුදුනේය. අතට අහුවෙන අහුවෙන පේර කඩා බිමට දමයි. බිම සිටී එවුන් සරංවලට එ්වා එකතු කරයි.

එක් වරම නිවසේ ඉදිරිපස විදුලි බුබුල දැල්වෙයි.

කොල්ලන් හිස් ලූ අත දිවයයි.. නිවසෙහි දොර අැරෙන මාෙහාෙත වනවිට විදානේ තාප්පන් පැන්නා පමනී. දැං දිව්වොත් වැඩේ මාට්ටු වෙනවා සිකුරුය. කරන්නට දෙයක් නැත. ස්ථානොචිත පඥාව ක්‍රියාත්මක කල විදානේ එතැන තිබූ බෝක්කුව යටට රිංගුවේය. විනාඩි 10කට පමන පසු නිවසෙහි විදුලි පහන් නිවුනි.. විදානේ හෙමින් එතැනින් මාරු විය..

පසුදිනට පහන් විය විදානේට උදේන්ම කඩේට යන්නට සිදුවිය. හංදියේ තිබූ අනෙක් සියළු කඩ වසා අැත. යන්නට සිදුවූයේ විදානේ පෙරකී කඩයටමය. පොඩි චකිතයක් හිතේ රදවං විදානේ එ් කඩයටම ගියේය.

"අා විදානේ මොනවද පුතා ඔ්නෙ"

"සර් මට ----- යි ------ යි දෙන්නකො"

"බලන්නකො පුතා ඊයේ රෑ කොල්ලෝ ටිකක් අැවිත් ගහේ පේර ටික ඔක්කොම කඩලනේ, දූලගේ පුංච් කට්ටියට ගිනියන්න තියං හිටියේ"

අපොයි එවෙලේනං විදානේගේ හදේ ගැඹුරුම තැනට දුක දැණුනි. ඊයේ රෑ කෑ පේර කුස තුල ගිනිගන්නවා සේ දැනුනි..

"ඉතිං සද්දෙ අැහුන් නැද්ද සර්.?"

"සද්දේ අැහිලා දොර අරිනකොට මුං ඔක්කොම පැනල දිව්වනේ. එකෙක් තාප්පෙන් පැන්න මට හරියට අදුරගන්න බැරිඋනා.. කොහෙද අපි දැං වයසයිනේ"

"එ්ක තමයි සර්. මේ ගමේ කොල්ලොනං කිසිකමකට නෑ. මං හිතන්නේ ඊයේ පංසල් ගිහිං එනගමං තමයි මුං ටික මේක කරන්න අැත්තේ. මං අාරංච් උනොත් සර්ට කියන්නංකො"

කොහොම හරි එ් සර් එක්ක පැය බාගයක් විතර ගමේ කොල්ලන්ට බැන බැන ඉදල තමයි විදානේ ගෙදර ගියේ.. හැබැයි සිද්දියට නං විදානේට තාමත් කණගාටුයි.

(හොරාගෙ අම්මගෙන් පේන අහනව කියන්නේ මේවට වෙන්න අැති)

------------------------------------------------------------------------------------------------------------------------
රතිඤ්ඤා  සෙල්ලම..

අවුරුද්ද පහු වී සති දෙකක් පමණ වන්නට අැත. අවුරුදු සිරිය අමතක කර සියළු දෙනා සුපුරුදු රාජකාරියෙහි නිරත වෙයි.

විදානේ හංදියේ කඩයකට ගොඩවිය. (උඩ කඩේ නෙවෙයි) ලංකාදීප දිනපතා පත්තරේ උඩින් පල්ලෙන් කියැවිය. ඔහුගේ සාක්කුවේ රුපියලක් තිබිණ. "මාෙනවහරි කන්න ඔ්න" ඔහුට සිතුණි. කඩේ මේසය මත බෝතල් පේලිය මතට විදානේගේ අැස් ගියහ. එහි කෙළවර ලූස් විකුණන රතිඥ්ඥා පෙට්ටියකි. කෑම ඔ්න නෑ රතිඤ්ඤා දෙකක් ගන්නවා.

විදානේ රුපියල මුදලාලිට දී රතිඤ්ඤා දකක් ගත්තේය. ඉන්පසු මුදලාලිත් එක්ක බර කයියක්ය. රටේ දේශපාන, සමාජීය, අාර්ථික, ස්වාභාවික විපත් ගැන හර බර සංවාදය. මේ කථාව අතරතුර විදානේ රතිඤ්ඤා දෙකේ නූල සුද්ද කරයි. මුදලාලිගෙ ගානේ කහට කෝප්පයක් ද ලැබුණි. එ්යද බී අවසන් කරනවිට රතිඤ්ඤා දෙකහි නූල් එකිනෙක ගැටගසා අවසන්ය. කවුදෝ කඩේට පැමිණියහ. මුදලාලි ඔහුට අවැසි දෑ දෙයි. සිගරට් පත්තු කිරීමට එල්ලා අැති පත්තුකරන ලද ගොණි නූලේන් රතිඤ්ඤා දෙක පත්තු කල විදානේ කඩේ දොර ලෑලි දෙක අතරට එය දමා ඉක්මන් ගමනින් නිවසකරා අැදුනි. 

විනාඩියක් පමන යනවිට "ඩෝං" ගා මහ හඩක් නගමින් රතිඤ්ඤා පුපුරා ගියේය. විදානේ ප්‍රීතියෙන් ඉපිල ගියේය.

සිදුවී අැත්තේ මහත් ඛේදයකි. සද්දෙට බයවූ මුදලාලි අතේ තිබු කෝප්ප දෙක බිම දාගෙන කුඩුකරගෙන අැත. බියවී අැති පූසා පැනීම නිසා පෙරලී ගිය වළදක් කුඩුවී අැත.

ඉන්පසු අහුවෙන අහුවෙන හැමදෙනා එක්කම මුදලාලි විදානේ හට දෙස් දෙවොල් තබා අැත. කඩය අසලකවත් එන්නට නොදන බව කියා වහසි බස් දොඩා අැත. කෙසේ වෙතත් අවුරුදු දෙකක් පමන යනතෙතක් මුදලාලිත් විදානේත් විරසක වී සිටියේය.

(මට හිතෙන්නේ ලාවට අැස් රතුවෙන විහිලු කියන්නේ මේවට වෙන්න අැති)



ජය වේවා!!!!
(විද්‍යාවේදී විදානේ..)

--
ප/ලි
නං ගං මනක්කල්පිත නැත.. කවුරුවත් ඔය මුදලාලිලාට එහෙම මෙවා කියනව නෙවෙයි..

138 comments:

  1. හොරෙන් ගස් සුද්ද කරන වැඩ ආපිත් නිටරම පහේ කරනවා..අපිත් රතිඥ්ඥා අතල් සුපිරියටම ගෙන ඇත දෙසම්බරේ 31 කියන්නේ කොහොමත් අතල් දවස නෙහ් වෙලාවක ලියන්නම් කෝ මමත් ඒ ගැන

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම අඩුවැඩි විදියට රස බර අත්දැකීම් තියනවා ලියන්න, ලියන්න, අපි එනවා.

      Delete
  2. අනේ බං පේර ටිකක් කැඩුවම ඔච්චර දුක හිතුන නං අපි අඩන්න ඕන කරපු වැඩ වලට. හැක්..

    අර උපාසකම්මල නං ඔය වගේම තමා.. කෙලින්න හිතෙන්නේ උං පුදන සල්ලි සම්බාරේ දැක්කම...

    ReplyDelete
    Replies
    1. ඒවට ක්‍රම සහ විධි තියනවා, පොඩි සාදු ට කඩ වලින් සිගරට්, සී ඩී දෙන්නැත්තෙ අපේ වෙලාවට !!

      Delete
    2. පොඩි සාදුලා ඒවත් බාවිතා කරනවද බොල? ලංකාවෙ නෙමේ වෙන්ටැ. ඉතාලියෙද? :) :) :) හැක්.

      Delete
    3. @ දේශක,
      බුදු අම්මෝ දේශකයා කරපු වැඩ වලට අඩන්න නෙවෙයි සියදිවි නසාගත්තත් මදි.
      උපාසක අම්මලා ගැනනං කවර කථාද සාධු.. සාධු... සාධු...

      Delete
    4. @ පත්තර මල්ලී,
      අවුලක් තියනවා පත්තර මල්ලී, අපි වගේ උපාසක උන්නැහෙල පොඩි සාදුලාගෙන් සල්ලි අරන් එ්ව පූජා කරනවනේ..

      Delete
    5. @ ප්‍රියා
      පොඩි සාධුලා තව තව එ්ව භාවිතා කරනවා.. (මං කිව්වේ පොඩි ගැට සයිස්)

      Delete
  3. හි හි හි .. අපි ඉස්සර ආච්චි අම්මගේ අලුත් ඉඩමේ වෙල පල්ලෙහා ගස් වල කුරුම්බා කඩලා බීලා වෙලට විසිකරනවා. ඊලග කන්නේ කුඹුර හාන කාලෙට ආච්චි අම්මා වෙළෙන් පොල් කෝඕබ මතුවෙද්දී අපිම කියනවා ,ගමේ එපාකරපු උන් හොරෙන් අපේ වත්තේ කුරුම්බා බීලා වෙලට දාලා නේද ආච්චි අම්මේ කියලා.. කතා 3 ම හොදයි.. ඒත් එදා කෙටි කතාව වගේ නම් නැහැ.

    අපිත් RATHIGNYA වල නුල සුද්ද කරලා පත්තුකරලා ශේප් එකේ මාරු වෙනවා, කෙනෙක් හොයාගන්න බැරි වෙනවනේ වෙලා යන නිසා පුපුරන්න, ඒකත් මරු සෙල්ලම්, විදානේත් හෙන ආණ්ඩපාලයෙක් නේද ?

    ReplyDelete
    Replies
    1. මොනවද යකෝ රතිග්න්යා කියන්නෙ අලුතෙන් ඉගෙන ගත්ත සෙල්ලමක්ද.

      Delete
    2. ඇයි බොට අවුල්ද? හරියට කතා කරන්න බැරි ලමයෙක් එහෙම කිව්වම...

      Delete
    3. සිංහලෙන් වරද්දලා බැනුම් අහනවට වඩා ඉංග්‍රිරිසියෙන් ටයිප් කලේ ඇයි අප්පා. ඒකටත් බයිනවනේ ඉදගෙන :( හරි එහෙනම් සිංග්ලිෂ් වලින් කොහොමද ටයිප් කරන්නේ සඥක අකුරු කියාදෙන්නකෝ මට

      Delete
    4. ඔයා නිදි නැද්ද අද ? ඒ මොකක්ද ඈ

      Delete
    5. උඩින් කට් ඇන්ඩ් පේස්ට් කළා නම් ඉවරයි නේ රතිඥ්ඥා

      Delete
    6. ආ අද දේශකයා අනුමත වෙලා ඇවිල්ලා ඕවටයිම් කරනවා... :D

      Delete
    7. මෙන්න මා දන්නා පරිදි නිවරදි වචනය.

      රතිඤ්ඤා

      Delete
    8. කකා ඕක කලින් දැම්මනම් අපි මේ මලදානේගේ රෙද්ද කොපි කරලා මෙතන දාන්නේ නෑනේ, කකා කියන එක තමයි හරි වචනේ , ලියන්න බැරි නිසා උඩ තිබ්බ එක කොපි කරලා දැම්මා

      Delete
    9. රතිංඤ්ඤා කියල ලියන්ඩ බැරි නං බට්ටො කියල ලියපල්ලකො :D

      Delete
    10. රතිංඤ්ඤා කියල ලියන්ඩ බැරි නං බට්ටො කියල ලියපල්ලකො :D

      Delete
    11. කම්මැලි කමට අනේ සිග්ලිෂ් වලින් ලියලා දැම්මේ ඉදගෙන කාටවත් වරදක් කියන්න බැරි වෙන්න, උඩට ගිහින් කොපි කරන් ආවෙත් නැහැ.. ඒත් උනේ ඒකෙ අනිත් පැත්තනේ. පත්තරේ ඇත්තටම මං බට්ටෝ ලීවනම් ඉවරයි නේද ? සද්දෙත් වැඩිනේ.

      අදහස් දැමු ඔක්කොටම සහ නිවැරදි කර අයට ස්තූතිය

      Delete
    12. රතිකද්කදා කියලා ලිවුවත් ඉවරයි නොවැ. ;)

      Delete
    13. @ ඔමා,
      රතිඤ්ඤා කාකාගේ වචනය තමයි හරි එක පොස්ට් එකෙත් තියෙන්නෙ එ්ක (පස්සෙ එඩිට් කළේ )
      කුරුම්බා කඩන් බොනව කියන්නේ හරි අහිංක වැඩක් නේ - වැඩිහිටියොනං එ්කට කැමති නෑ..
      එදා කථාවට වඩා ගොඩක් අවුල් කියල මටත් දැනෙනවා. කලබල උනාම මුකුත් කරන්න බෑ..
      ස්තුතියි ගුණදොස් වලට

      Delete
    14. @ හැලපේඅයියා
      රතිග්න්යා -- අලුතෙන් ඉගනගත්ත සෙල්ලමක්.. අපොයි...

      Delete
    15. @ දේශක
      ඔන් ඩියුටි කිව්වේ - Lord More නැති හින්දද?

      Delete
    16. @ ප්‍රොප් අැනෝ..
      කොපි පෙස්ට් කලත් වැරදියි - දැං හරි එක දම්මා...

      Delete
    17. @ පත්තර මල්ලී
      ඔ්නම දේකට විකල්පයක් කියල දෙයක් තියනවනේ,
      කෝක් බීපු දේශකට ජය වේවා!!!

      Delete
    18. @ කකා,
      නිවරදි වචනය එ්ක තමයි - පෝස්ට් එකේ හැදුවා..
      ස්තුතියි හරි වචනය දුන්නාට..

      Delete
    19. @ ඉවාන්,
      මට කොපි කරල දාන්න තැනක් තිබ්බෙ නෑ... අවුලක් නෑ කොමෙන්ට් එක තේරේනවනේ..

      Delete
    20. @ ප්‍රියා
      රතිකද්කදා - ????
      මට පේන්නේ රති කරනදා වගේ..

      Delete
    21. රති කරනදා. අන්න ඒක තමා හරි වචනෙ. උඹ අල්ල ගත්තා. :)

      Delete
    22. ප්‍රියා,
      හෙක්.. හෙක්..

      Delete
    23. හෙක් හෙක් නෙමේ බං සිරාවට,

      දැන් ඔය හැම මඟුලටම පත්තු කොලාට ඕවා ඉස්සර පත්තු කොලේ ජෝඩුවක් බැඳලා (ගසක නොවේය) පිටත් වෙන වෙලාවට. ඒ කියන්නෙ පස් නයිට් එකට යන දාට.

      අන්න ඒ නිසා තමා ඒක 'රති කරනදා' පස්සෙ කාලෙක 'රතිකද්කදා' උනා. ඊටත් පස්සෙ කාලෙක ඔය ලියනවා තියා කියා ගන්නවත් බැරි නම ආවා.

      මම බොරු කියනවා නම් පත්තරේ ගෙන් අහපන්. මේ ගල් පැලෙන ඇත්තක්.

      :) :) :)

      Delete
    24. හම්මේ දන්න දේවල් , පත්තරේගෙන් අහල බලන්න ඔ්න අැත්තද කියල..

      Delete
    25. ඕ යේස් .. ඇත්ත නේන්නං !!! සමහර ගෑනු ළමයින්ට ඔය රතිංඤ්ඤා කරල් පුපුරලා බෙඩ් ෂීට් ඉවරයි පස්ට් නයිට් එකේ..
      ඒක නෙවැ යද්දි බෙඩ් ෂීට් තුන හතරක්ම ඇරං යන්නෙ බොලව් !!!!

      Delete
  4. යකෝ විදානේ පේර නෙවෙයි කුරුම්බා,තැබිලි එහෙම මහ දවල් වැඩේ දිලා තියෙනවා ,ඔවාට කවුද දුක් වෙන්නෙ, එහෙම නම් වෙන වැඩක් නැති වෙයි ...එක සැරයක් රතිඥ්ඥාබයිසිකල් සීට් එකක් යට තියලා පත්තු කරා ...

    ReplyDelete
    Replies
    1. පැදපු එකාගෙ පුක ඉතුරු උනාද? නැත්නම් පංචිකාවත්තෙන් අළුත් එකක් දැම්මද? :) :)

      Delete
    2. @ සහෝ..
      අන්න හරි එ්වට කව්ද දුක් වෙන්නේ.. එ් උනත් පස්සේ කල්පනා කරහම ටිකක් දුකක් වගේ එකක් මෙව්වා වෙනවා.. යකෝ බයිසිකල් ෂීට් එක්ක තරහද?

      Delete
    3. @ ප්‍රියා.
      සහෝදර *ක ඉල්ලලා නාෙදීපු එකෙක්ගෙ සයිකලකට වෙන්න අැති. නැත්තනං මේ වගේ මාරාන්තික විහිලු කොරයිය..

      Delete
    4. බයිසිකල් සීට් එක්ක නෙවෙයි බොලන් එකේ අයිතිකාරයත් එක්ක ,යකෝ *ක ඉල්ලගෙන ගිය එකෙක් නෙවෙයි උගේ පණ්ඩිත් කමට *ක ගැලවෙන්න තිබුණේ ,

      අපේපැත්තෙ පොරක් අවුරුදු දවස් වල කණ පාත් වෙන්න නෙලල ඉන්න වෙලාවක පොඩි එකෙක් ගිහින් දිලා රතිඤ්ඤා එකක් පත්තු කරන්න මනුස්සයා කටේ තිබ්බ සුරුට්ටුවෙන් පත්තු කරලා කටේ ගහන් තියෙන්නෙ රතිඤ්ඤා කරලා කස්ටිය කෑ ගහන කොට අතට අරන් අතට බඩු එත් ගානක් නෑ බඩු පිට ..ඔය වගේ බීලා ඉන්න ප&****ට තමා අර ශීට් එක යටට බඩු තිබ්බෙ

      Delete
    5. @ සහෝ..
      අපරාදේ අරක කටේ ගහන්න තිබ්බේ.. කොහොමද කියල..
      පොඩි කොල්ල කාලේ මම අතේ තියන් පත්තුකරල තියනවා..

      Delete
    6. //පොඩි කොල්ල කාලේ මම අතේ තියන් පත්තුකරල තියනවා// ++++++++++++

      :v :p :D :v

      Delete
    7. නිලා

      Delete
    8. විදානේ බොලා ගේ කතා නොදන්නා විදියට ඉන්න එක තමා හොද ;)))
      අතේ තියන් පත්තු කරලා
      අනුන්ගේ ඇගට දලා
      විනෝද වෙන අය මොකටද
      අහයි රතිඤ්ඤා....

      මෙකටත් ලොකු අරථකතන එහෙම හිතන්න එපා ... ;)))

      Delete
    9. @ සහෝ..
      හිතන්නෑ ඔන්න..

      Delete
  5. ඕව කොලු කාලෙ නොකර කවද කරන්නද බං.. හැබැයි අර පොඩි උන්ට දෙන්ඩ තිබ්බ පේර ටික නං පව් වැඩේ,

    මායි මගෙ බොක්කකුයි ගියා උගේ ට්‍රයි කරන නංගි කෙනෙකුට ඈ.. . . . දන්නැද්ද ඉතිං .. . . . වචනයක් දාන්ඩ.. මං අහන්නං පිලිවෙලකට යකෝ කියද්දි ඕන් නෑ ඌම අහන්නං කියල සුබ මොහොතට කලිං , පෙම් වදන් ගලාගෙන එන්ඩ මලකුත් ගහලා පොර ගියා බස්ටෑන්ඩ් එකේ කෙලවරේ ඉන්න සුරංගනාවියො දෙන්න ගාවට..නංගිලගෙ හිතේ ඌ තනියෙං ආව කියල.

    මං ටිකක් එහායිං බස්ටෑන්ඩ් එකේම බැමි කෑල්ලක් උඩට ගොඩ උනා ෆෝන් එකත් අරං...ගෙම් එකක් ගහන්ඩ.. විනාඩි 10 කින් විතර ඩබල මගෙ ඉස්සරිහිං යනවා හිචි හිචි ගගා.. දෙන්න පෝස්ට් මෝටම් එක තියනවා.

    ඒ අයිය ඇත්තටම හරි හොඳයි වගේ නේද අනේ..

    ඔව් අනේ ..මං ආස ඇයි දන්නවද...ඒ අයියගෙ ""ඇස් හීනියි "".

    හුකෑස් !!!



    ReplyDelete
    Replies
    1. උදේ පාන්දර බඩ කොරවෙන්න හිනාවුනා පත්තරයො.මේක ඇත්තම කතාවක් නේද බං.

      Delete
    2. ඔව් යකෝ ඔව්.. මට මගෙ කන් දෙකට ඇහුනා හැලප අයියේ.සිරාවටම.

      Delete
    3. මරු අතල් හැමදාම කැල්ල බලන්න යන්න කලින් මල් පුජ කරන්න වෙනවා

      Delete
    4. මම මේ කල්පනා කරන්නෙ බං, සුබාවෙන්ම ඇස් හීනි චීනෙක් අල්ලන් ඌට මලක් ගැස්සුවොත් මොනවා වෙයිද කියලා. :)

      Delete
    5. @ පතතරේ..
      බඩ කොර වෙනවා මේවා බලල. ෂැහ් මීට අවුරුදු 10කට කලින්වත් මේක දැනගත්තනං..

      Delete
    6. @ හැලපඅයියා..
      මේකගේ අමූලික අැත්ත වෙන්න අැති..

      Delete
    7. @ අාචාර්ය
      දන්නව නං මාත් එහෙම කරනවා. ෂැහ්..

      Delete
    8. @ ප්‍රියා.
      උෟට සුදු සැරයටියක් දෙන්න වෙයි..

      Delete
    9. ආචාර්ය මචං, කොහොමත් ඔන්ලයින්නේ අපි හිටියේ ඒ කාලෙ .හැක්

      ප්‍රියා.අපේ එකෙක් හිටිය ඌ නං චීන මයි .. ඌ දැක්කනං අර නංගිල මොනවා කියයිද ද නෑ බං

      විදානෙ. උඹල ඕවගෙන් ස්වයංපෝෂිතයිනෙ .හැක්

      Delete
    10. හහ් හහ්..
      ටිකක් තැපැල්කරල එවන්නද?

      Delete
  6. ඒ වයසට ආතල් /මඥ්ඥං වැඩ කරේ නැත්තං පස්සෙ කාලෙදි ඇරියස් ගෙවන්ඩ වෙන්නෙ බඳින ගෑනුන්ට ... ඕ යේස් මචං.
    - ඒ ඔවදන පත්තර මල්ලීගෙන් -

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි!!! ඔන්න ඇත්ත කතාවක්.

      Delete
    2. ධනාත්මක චින්තන (මහින්ද චින්තන නොවේය.) පාඨමාළාවක් ආරම්භ කලොත් නරකද පත්තරේ.

      මාත් එනවා. එකෙන්ම. :)

      Delete
    3. @ පත්තර-
      අදහන්න වටින කථාවක් - ඔය කියපු කටේ අත දාන්න වටිනවා..

      Delete
    4. @ මනෝෂ්..
      සහතික අැත්ත

      Delete
    5. @ ප්‍රියා
      නොබොන දුදනෝ නොගනිත්, කියන්නේ

      Delete
    6. මනෝ
      මොකෝ ඇස් හීං වෙලා :D

      ප්‍රියා . උඹට නොමිලෙ .මගෙ බොක්කක්ක්නෙ.

      විදානෙ.. මගේ එපා වෙන කාගෙහරි දාපං

      Delete
    7. ඇස් හීන්වෙලා??

      Delete
    8. ආන්න බලාපන්.… කළණ මිතුරු සේවනයෙ වටිනාකම. තැන්කූ තැන්කූ… :)

      Delete
    9. @ මනෝෂ්
      දන්නෝ දනිති..

      ප්‍රියා
      මෙව්වට නං කලන මිතුරෝ ඔ්න තරං..

      Delete
  7. මම එහෙම මුදලාලි වුනානම් තෝ ගහක බැඳලා රතිඥ්ඥා දෙක දානවා කලිසම ඇතුලට

    ReplyDelete
    Replies
    1. අමුතුවෙං කලිසම අස්සට රතිංඥ දාන්න දෙයක් නෑ.. තියන් රතිංඥ කරල ගිනි තිබ්බම හරි !!!

      Delete
    2. ඒක පුස් කියලා ඔය ප්‍රියා කියන්නේ ....:P

      Delete
    3. @ ඉවාන්.,
      එ්කනෙ අපි අහිංසක මුදලාලිලා ම තෝරගන්නේ..

      //ඒක පුස් කියලා ඔය ප්‍රියා කියන්නේ ....:P//
      එ්කට අත තිබ්බනං මුදලාලි සමාදානේ සැතපෙන්නේ එදාමයි

      Delete
    4. @ පත්තර
      එ්ක පත්තුවෙච්ච ගමන්ම තමයි ඉතින්..

      Delete
    5. @ ප්‍රියා
      අහුවෙන්කෝ..

      Delete
  8. ඔහොම ළමා කාලයක් නොතිබුනානම් වැඩකුත් නෑ බං. මේවා කියවනකොට මටත් එක එක කතන්දර මතක් වෙනවා. ඒත් ඒවා කොහේ කියන්නද, ගී සංවේදනා වලට හිරවෙලානෙ මං.

    ReplyDelete
    Replies
    1. ඒවා ලියන අතරින් පතර ඔය මතක් වෙන ඒවත් ලියහන්.

      Delete
    2. @ මනෝෂ්
      කට්ටිය කොරවෙලා යන්නත් එක්ක ලියල දාන්න.. බැරිමනං ගීතයක් ලියල, එ්ක ගායනා කරල, එ්කේ විචාරේ විදියට දාන්න..

      Delete
    3. @ ප්‍රියා.
      එ්කනේ වෙනසකටත් එක්ක ඩෙනිමක් අඳින්න

      Delete
    4. ඔය කියල තියෙන්නෙ අපූරුවට. නොදෝ..කින්..

      Delete
    5. නෑ මේ අපි කිව්වේ එකක් දාල බලන්නකෝ...
      සිංදු ගැන ලියන්න හිතෙනඑකක් නෑ

      Delete
  9. හි.. හි... විදානේත් කරලා තියෙන වැඩ... : D

    ReplyDelete
    Replies
    1. අහිංසක විහුලු අනේ..

      Delete
  10. නියම කතා ටික. නමුත් අර පේර තියාගත්ත කාරණාව මතක් වෙද්දි නං කණගාටුයි. නමුත් ඕව හිතන්න පුළුවනෑ ඔය වයසට

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද පහුවෙලානේ දැනගත්තේ, (අනික මම බෑ කිව්වත් අනික් උන් නිකං ඉදීයැ)

      Delete
  11. මේක දැක්කේ මේ පිළිබඳ කොමෙන්ට් දෙකක්ම දැම්මට පස්සේ. ඔය රතිඤ්ඤා සීන් එක ගැන ලිව්වේ අරූගේ කොමෙන්ට් එකක. ඒ රහීමා හෝටලේ ඇතුලේ නූලා සුද්ද කරලා පත්තු කරලා ආව කතාවක්. අනික් එක ලිව්වේ ඉන්දිකයගෙ එකේ හොරෙන් කුරුම්බා කඩපු කතාවක්. ඔය කාලේට ඕවා නොකර කවදා කරන්නද බන්. එක දවසක් මම දෙසැම්බර් 31 පල්ලියට යන ගමන්, මාලනී ෆොන්සේකලයි මහ ගෙදර රෑ 12 ට පත්තු කරන්න පත් රතිඤ්ඤා වැලක් එල්ලලා. දැක්කම ආසාවේ බෑ. පාරේ කවුරුවත් ඇත්තෙත් නෑ. මම ටිකක් දුට දිව්වට පස්සේ තමයි වැලම පිපිරුණේ. තව එකක් තමයි ගේට්ටුවල තියෙන තැපල් පෙට්ටි වලට බට්ටෝ දාන සීන් එක.

    ReplyDelete
    Replies
    1. අනෙක් සීන් දෙකනං මම දැනං හිටියේ නෑ. පත්තුවෙන සද්දෙට මාලනීට කලින්ම අවුරුදු එන්න අැති .. තැපැල් පෙට්ටි අැතුලෙ බට්ටෝ හරි සද්දේ.. හෙහ් හෙහ්.. අර සීන් දෙක හොයගෙන කියවන්න ඔ්න..

      Delete
    2. මාලනී දැක්කනං උඹව රිදී තිරේ පෙම්වතා කරයි ! :D

      Delete
    3. රිදී තිරේ විතරයි අඩු

      Delete
  12. නියම කතා ටික..

    ඇයි ටින් වලට රතිඤ්ඤා දාලා පත්තු කරලා නැත් ද ??? එතකොට පාල් කටු වලට.... ඇයි ටින්වලට රතිඤ්ඤා දාලා උඩින් වැලි දාලා පත්තු කරන හරිය විතරක් එළියට වෙන්න තියලා පත්තු කරලා බලන්කෝ......... ටින් කියන්නේ සැමන් ටින් එහෙම නෙමෙයි. ඔය වෝල් ප්ලේන්ට් එහෙම එන ලොකු ඒවා.... ෂැහ් කියලා වැඩක් නෑ....

    ReplyDelete
    Replies
    1. ඔය පොල් කටු සීන් එකයි, ටින් සීන් එකයි ගෙදරදී කළා.. පත්තුවෙනකොට පොල්කට්ට උඩ යන ලස්සන.. තව ක්‍රමයක් තිබ්බා බොතල් අැතුලට දාන එක එතකොට හෙනගහන සද්දේ..
      අා... සුභ අැනිවසරි එකක් වේවා!!!

      Delete
  13. මම නං ඔය රතිඤ්ඤ සීන් එකෙන් අයින් වෙලයි ඉන්නෙ මොකද අහිංසක බල්ලො දුක් විඳිනව බලාගෙන ඉන්න බැරි නිසා,ගියමාසෙ අලුත් අවුරුදූ වලට පත්තු කරපු රතිඤ්ඤ වලට බයවෙලා එහෙ මෙහෙ දුවපු අපේ ඉස්සරහ ගෙදර බල්ලා ලිඳකට වැටිල මැරිල දවස් ගානකට පස්සෙලු හොයාගත්තෙ.පව් අප්පා අලි පැටිය වගේ තඩි බල්ලා,ඌව ඒ දවස්වලටවත් කුඩු කරලා නොතිබ්බ එකේ වැරැද්ද බල්ලගෙ හාම්පුතා ඒ කියන්නෙ ඉස්සරහ ගෙදර මල්ලි වෙට් සර්ජන් ඌ බල්ලට පිං සිද්ද වෙන්න කියල බලු කපුටු දානයක් දුන්නලි.

    ReplyDelete
    Replies
    1. මට ඒක කියපු ගමන් මතක් උනේ අටම් අයියගෙ පෝස්ට් එක.

      Delete
    2. ඔව් ඔව්, දැංනං ගොඩක් දුරට රතිඤ්ඤ සීන් එකෙන් අයින් වෙලයි ඉන්නේ, අපි නොහිත කරන ගොඩක් දේවල් වලින් පරිසරයට, සතුන්ට වෙන හානිය සුළුපටු නැහැ.. අහිංසක සත්තු රතිඤ්ඤා සද්දෙට මාර බයයි..

      Delete
    3. අැත්තටම ප්‍රියා අටම්ගේ පෝස්ට් එක තමයි මතක් වෙන්නේ..

      Delete
  14. චී උඹලා ඔය වැඩත් කලාද? ශැක් ශැක්… මම නම් ආයෙ උඹව ආස්සරේ කොරන්නෑ.

    ;) :) :)

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්.. අාසරේ නොකරන එකමයි හොද හෙක්.. හෙක්.. :)

      Delete
    2. බැහැ බැහැ… එහෙනන් ආස්සරේ කොරනවා. හෙක්. :)

      Delete
    3. කොරල බලමු -:))

      Delete
    4. මාව ආස්සරේ කොරපං .. හැදෙනවනං ඊට වඩා හොඳ ක්‍රමයක් නෑ.. ඕ යේස්

      Delete
    5. උෟට හැදෙන්න ඔ්න කමක් නෑ...

      Delete
    6. එක්කො බෑ බං. මට තොපි දෙන්නවම විස්වාශ නෑ. :)

      Delete
  15. හුටස්.... අනේ ඕවට අඩල වැඩක් නෑ නොවැ විදානෙ....අපි කොරන කුප්ප වැඩ මතක් කොර කොර අඩන්න ගියොත් අවුරුද්ද පුරාම අඩන්න තමා වෙන්නෙ... ඔව්...
    කතා ටික නං නියමයි

    ReplyDelete
    Replies
    1. හිටපු ගමන් මෙව්වා මතක් වෙනවා මහේෂ්..හෙක් හෙක්...

      Delete
  16. දෙවෙනි වැඩේ නම් මරු!

    ReplyDelete
    Replies
    1. එ් සර් මං ගැන ලොකු මෙව්ව එකක් තිබ්බා - මං එ්කෙන් අයුතු මෙව්වා එකක් ගත්තා වගේ මෙව්වාඑකක් තමයි මට හිතුනේ...

      Delete
    2. ඒ ගැන නම් මටත් ලොකු මෙව්වා එකක් උනා

      Delete
    3. අන්න හරි

      Delete
    4. එහෙනං ඒ පව කැපිල යන්න අපිට පාටියක් දිය !!

      Delete
    5. කිලෝ පේර හීනියට කපලා ලුණු ගම්මිරිස් කුඩු ටිකක් ඉහල එහෙම අරගෙන..
      දෙන්නංකෝ..

      Delete
  17. අම්මෝ .... ලගින් ගියොත් ඇහැක් නැ..... කිව්වලු...... ඔයා තාමත් ඔහොමද.......?

    ReplyDelete
    Replies
    1. දැන්නං එහෙම නෑ නිහිංසා බොහොම අහිංසක, තැම්පත්, ගුණගරුක විදියට කාටත් කරදරයක් නැතිව බොහොම සාධාරණ විදියට. තව මොනවද හොද ගති තියන්නේ............... අන්න එ්වා ඔක්කොම තියෙන, නිකං බෝ පැලයක් වගේ නෙවෙයි දනගහල වඳින්න පුළුවන් බෝ ගහක් වගේ ජීවත් වෙනවා....

      Delete
    2. ප්‍රියා
      දණගහලද වැන්දේ..

      Delete
    3. දණ ගහන්න බයයි බං උඹ ඉස්සරහ :D

      Delete
    4. රතිඤ්ඤා කරලට බයයිද?

      Delete
  18. අපි අ.පො.ස සා/පෙ උපකාරක පන්තියෙ අවසාන දවසෙ හොදට වෙඩි නූල සුද්ධ කරලා පන්තිය ලගටම වෙන්න පත්තු කරලා තඩි බට්ටෙක් ඇටෙව්වා...ඒකා පිපිරුන වෙලාවෙ කෙල්ලො ලතෝනි තිබ්බා...මොකද ඒ කාලෙ බෝම්බ භීතියත් තිබුන කාලයක්....

    විදානෙ බොලේ සෙල්ලං කොල්ලෙක් නෙමෙයි බලාගෙන ගියාම...

    ReplyDelete
    Replies
    1. අනේ ඉතිං ඉස්කෝලෙදි නං ප්‍රධාන විනොදාංශ වලින් එකක් තමයි ටොයලට් අැතුලෙ මෙව්වා පත්තු කිරීම..
      කෙල්ලෝ ඉතිං කොහොමත් ලතොනිනේ...

      Delete
  19. ෂික් උබත් අර දෙශකය පත්තරෙ වගෙ නරක ලමයෙක් නේ.අපො තවත් නන් කිසිම පයුරු පාසනමක් නැ.අපිත් නරක් වෙවි.අම්ම කිවුව නරක ලමයි ආස්සරෙ කරන්න එපා කියල.(පොඩ්ඩක් මෙක බලපන් http://damgune.blogspot.ru/2014/02/blog-post.html)

    ReplyDelete
    Replies
    1. පාේස්ටුව කියෙව්වා.. ඔ්න් මිනිස්සු එහෙනං..

      මං එච්චර නරක නෑ දේශකයට වැඩිය ලක්ෂවාරයක් මං හොදයි.. හෙහ් හෙහ්..

      Delete
  20. අනේ මන්දා බන් විදානේ අපේ ඔය දෙල්කඳ නැන්දාත් ඔය වගේ වැඩක් කලා. ආනන්ද අයියාව 89 අතුරුදහන් කරා පොලෝසිය. නැන්දා සාස්තර අහ අහා බලන් ඉඳලා ඉඳලා අවුරුදු ගානක් තිස්සේ මැරෙන්න ඉස්සෙල්ලා හොඳ ඉඩමක් පූජා කරා පන්සලකට. අපි කිව්වා ඉඩමක් නැති අසරණයෙකුට ලියන්න කියලා. කෝ ඇහුවේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඔ්ක තමයි කියන්නේ..
      මිනිස්සු අසරණ උනාමයි, හිතේ භක්තිය වැඩි උනාමයි මිනිස්සු නොයෙක් දේවල් කරනවා.. තමන් සතු ගේදොර ඉඩකඩං නිස්කාරණේ නැතිකරගන්නවා...
      මතකනේ දොළුකන්දේ හොරෙකුට අහුවෙලා පහුගිය දවස්ටිකේ වෙච්ච හරිය...

      Delete
  21. මොකක් හරි ඖලක් ගිහිල්ල විදානේ අයියගේ බ්ලොගේ රෝල්ට දෑ ගත්තත් එකේ තිබුණ නෑ, පස්සේ දැන් තමා හරියට දා ගත්තේ ඒ දා ගත්තමත් පොස්ට් ටිකක් මිස් වෙලා, :P, කොහොම හරි විදානේ අයගේ නැන්දම්මත් එක්කද පලවෙනි කතාබහ සිද්ද උනේ? හෙක් හෙක්, අපේ ගෙදරත් පෙර ගහක් තියෙනවා එක බෙර ගන්න මර ගාර්ඩ් එකක් දන්නා වෙලා තියෙන්නේ විදානේ අය්යලා වගේ අයගෙන් :D, එක දවසක් පොඩි කොල්ලෙක් ගහට කොට්ටකින් අනිනවා මොකද ගහ තියෙන්නේ තාප්පේ ළඟ, මන් දැක්ක විතරයි එක කියපි අය්යේ මන් මේ ලෙනෙව එලෙව්වා එක හොඳ ලොකු ගෙඩියකට කට ගහන්න ගියේ කියලා :P, මාත් කිව්වා ඔව් මේ දඬු ලේනෙක් පරගහ වටේ කැරකෙනවා දැකල තමා මත මේ පැත්තට ආවේ කියලා, :D. අනේ පවු අර මුදලාලි. හැබැයි මොකෑ මේ කතා සත එකක්ම එක පර එලි බස්සල එක එක හිමිඉට දැම්මනම් තව ටිකක් රස ගන්නල මරුනේ.

    ReplyDelete
    Replies
    1. අනේ අපේ නැන්දා නෙවෙයි අපි එක්ක වැඩ කරන එකෙක්ට උන දෙයක්.. නැන්දා මාස ගානක් උෟ එක්ක තරහ වෙලා ඉදල තියෙන්නේ..
      පේර ගස්නං ඉතිං බේරගන්න හරි අමාරුයි.. පාෙඩි එවුන්ගෙන්..
      අපරාදෙ මීට වඩා හොට ලියල පෝස්ට් තුනක් දාන්න තිබ්බා.. පස්සෙ තමයි මතක් උනේ..

      Delete
  22. කෝමත් ඉතින් ඔය පන්සලේ වැඩකට රෑ කොල්ලෝ සෙට් වෙනව කියන්නේ අහල පහල ගස් ටික ඉවරයි කියන එක තමයි..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම දිනේෂ්.. අහල පහල නෙවෙයි පන්සලේ ගස්ටිකත් ඉවරයි..

      Delete
  23. මට නම් ඉතිං පන්සල් ගියත් කරන්න වැඩ කෝටියයි ඉස්කෝල වත්තට පැනල ...ගඩොල් වැඩ ....
    සේරමල්ල කියල නොවැ ...ඔය වැඩ නොකරන ඒ වයස මොටෑ විදානෙ ....

    ReplyDelete
    Replies
    1. හැක් හැක..ඉස්කොලේ ගඩොල් වලක් තියෙන්න අැති මං හිතේ..

      Delete
  24. විදානෙයෝ දැන් මේකට දවස් 7 ක් ඉවරයි අලුත් එකක් ලියාන් ඉදගෙන :)

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල පිංඅතේ වැඩනේ ඉක්මනටම දානවා...

      Delete
  25. පට්ට කතා ටික විදානේ...

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්.. තැන්කිව් කැස්පර

      Delete
  26. හොඳ ලිපියක් .එන්න අපේ අඩවියට
    මෙය ඇඩ් එකකි.
    http://premalathaa.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අැවිත් යන්න එන්නම්..
      මේ පැත්තට අාවට තුති...

      Delete
  27. විදානේ පෝස්ටුවක් නැහැ..සතියකින්.

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්මා..

      Delete
  28. me comment walain eka deyak denagaththa mathalan ai buddagamata baninne kiyala eka palli yanawalu hi hi

    ReplyDelete