Saturday, May 3, 2014

පොඩි එකාගේ කථා 01 - පැන්සල

"මැද එකාට ගහපන්'.."

පොඩිඑකා තම අතෙහි රැඳි ගල්පතුර පේලියහි මැද අැති කජු අැටයට ඉලක්ක කර විසි කළේය.

මේ අවුරුදු සමයෙහි අැරඹුමයි. පොඩි එකාගේ පාසැල් නිවාඩුව අැරඹෙන්නේ හෙට සිටය. ඔහු සවස් යාමයේ පහල ගෙදරට අාවේ කොල්ලන් කුරුට්ටන් සමග "වල කජු" ගැසීමටය.

උඩුකය නිරුවතින් සිටින පොඩි එකාගේ කට දෙපැත්තෙහි කජු කිරිවලින් අැතිවූ කැලැල් කිහිපයකි. දනහිසින් පහල කකුලෙහි කබොල්ල මතුවූ තුවාල කිහිපයක් වෙයි, දූවිලි වැදී පැහැය වෙනස් වී අැති ඔහු අැඳ සිටී කලිසමහි පසුසප, කන්දෙන් පහලට බුරුස් පැදීම නිසා මදුරු දැලක් පමනට තුනී වී අැත. එහි  ඉදිරිපස බොත්තම කැඩී යාම නිසා එතැන කටුවක් ගසා අමුණාගෙන අැත. මේ පොඩිඑකා පමණක් නොව මෙතැන සිටින පොඩි එවුන් හැමෝගේම විලාසය මීට මදකට වඩා වෙනස් නොවීය..

මේ නිවසෙහි  අඹ ගස යට කණප්පුවකි. කණප්පුව මත තම්බන ලද මඤ්ඤොක්කා පිගානක් සහ බදින ලද මාලු දීසියකි. මේ දකින පොඩි එකා කටට එන කෙළ ලොවට රහසේ ගිල ගනී. නිවසසෙහි හිමිකරුත් ඔහුගේ  මිතුරන් කිහිපදෙනකුත් කණප්පුව වටේට වැල් පුටු කිහිපයක් කබා එහි වාඩිවී අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සීල් බෝතලයක් හිස් කරයි. විටක ඔවුන්ගෙන් නැගෙන පඩස්තල හිනා හඩ පොඩි එවුන්ගේ කෑ ගෑම යටපත් කර නැගී සිටියි.

වාතයෙහි ප්‍රථිරොධය නොතකා ඉදිරියට අැදුනු ගල් පතුර පොඩි එකාගේ ඉලක්කගත කජු අැටය මත පතිත විය. එය පොඩි එකාට ඉමහත් සතුටක් ගෙනදෙන්නක් විය. දැන් පිටියෙහි අැති සියළු කජු අැට තමාගේය.

"අාා.... දඩ. දඩ. දඩ.."

කරුමයක මහත තමා පහරදුන් කජු අැටය විසිවී ගොස් ඉදිරියේ අැති කජු අැටයෙහි වැදී අැති බව පොඩි එකා දුටුවේය. තම සාක්කුවෙහි අැති අන්තිම කජු අැටයද දඩ ලෙස පිටියට දමා පොඩි එකා නැවත ක්‍රීඩාවට එකතු විය.

"මෙන්න මේකා තමයි මං කිව්වේ" 

ගෙහිමියා තවකෙකුට පොඩි එකාව පෙන්මින් පවසනවා ඔහුට අැසුණි. පොඩිඑකා ප්‍රශ්ණාර්ථ මුහුණකින් යුතුව එ් පිරිස බැළුවේය. ඔවුන්ගේ දොඩමළු බව නතර වී තිබිණ. කනප්පුව මත අැති සීල් බොතලයෙන් තුන්කාලක්  පමන හිස්ව අැත. අතැති අසෝක වීදුවල අඩක් පමණ පිිරෙන ලෙස තේ කහට පැහැති මත් දිය පුරවාගත් ගෙහිමියාගේ මිතුරන් කිහිපදෙනාගේ ලොවිගෙඩි මෙන් රත් පැහැති  අැස් ගෙඩි පොඩි එකාව ඉලක්ක කර තිබිණි.

"එතකොට මූ තමයි සුමනෙගෙ කොල්ලගෙ පැන්සල හොරකං කරල තියෙන්නේ.."

"දැං සුමනේ එනව කිව්වා නේද?.."

"ඔව් ඔව් සුමනේ අාවම මේකව ගස්බැදල දිම්ගොට්ටක් දමයි.."

"බුහ් හක් හක් හක්..."

ගම දෙවන් වන්නට ඔවුන් සිනහවෙයි. අතැති මත් දිය වීදුරුව කටට හලාගත් එකෙක් පුටුවෙන් නැගිට බැදපු මාලු කැබැල්ලක් හපමින් පොඩි එකා දෙසට එයි. පොඩි එකා බයෙන් බිරාන්තවී බලා සිටියි. ඉදිදිරියට එන මිනිහාගේ රෟෙද්‍ර මුහුණත් හැඩි දැඩි සිරුරත් දකින පොඩි එකාගේ බය දෙගුණ තෙගුණ විය.

"හේ........"

කවුදෝ තවත් පොඩි එකෙක් වල කජු සෙල්ලමේ අන්තිම වටයද ජයග්‍රණය කර උඩ පනියි. දැන් ක්‍රීඩාව අවසන්ය. වල කජු ගැසූ පොඩි එවුන් සියළු දෙනාම පාහේ දැන් පොඩි එකා දෙස බලා සිටියි. "පැන්සලක් හොරකං කරාලු, සුමනේ මාමලැයි ගෙදර සුජිත්ගෙ. තමා එවැනි හොරකමක් කළේ ද නැත. නමුත් මේ නරුම රැල තමාව හොරකමකට කොටුකර අැත." පොඩි එකාට මේ කිසිවක් නොතේරිණ.
.

පොඩි එකා ඉදිරියට පැමිණි මිනිසා මදක් පහත් වී පොඩි එකාගේ නිකටෙන් අල්ලා ඉහලට එසැවීය. බයෙන් ත්‍රස්ත්‍රව සිටී පොඩි එකාගේ දැසේ කඳුළු කැට වැගිරෙන්ට විය. නාසයෙන් ගලා අා හොටු දියර උඩු  තාෙල දිග් කට දෙපසට බේරෙන්නට විය..

"උඹ පැන්සල ගත්ත නේද?"

එ් අර මිනිසාගේ රළු හඩයි. දැන් පොඩි එකාට ඉකිගැසෙයි. තම දකුනතේ අල්ලෙන්, නාසයෙන් ගලා අා හොටු දියර පිස එම අත්ල තම කලිසමේ පිසලා ගත් පොඩි එකා.

"අනේ මං.. පැන්සලක් ගත්තේ නෑ... මාමේ.."

"දැං උඹගාව පැන්සල් කීයක් තියනවද?.."

"එක පැන්සලයි තියෙන්න.."

"හොරකං කරපු එක නේද? හොදහිතිං එ්ක ගේනවා මෙහාට. නැත්නං සුමනේ අාවම අල්ලල දෙනවා"

"හරි හරී.. මාත් කෑල්ලක් කියන්නං..."

අන්තිම වාක්‍යය පොඩි එකත් එක්ක එකට වලකජු ගැසූ එකෙකුගෙනි. පොඩි එකා සතුව අැත්තේ එකම එක පැන්සලකි. එයද මීට සති දෙකකට කලින් පොඩි එකාගේ අම්මා ගෙනත් දුන් එකකි. සුදු පැහැති එම පැන්සලේ පාට පාටින් ලස්සන පින්තූර අැත. පැන්සලේ අග කෙළවර රන්වන් පාට කොපුවකින් වටකර රෝස පාට මකන කෑබැල්ලකි. එම පැන්සලහි දැන් බාගයක් පමන ගෙවී අැත. මකනය ගෙවී අැති නමුත් රන්වන් පාට කොපුව කටින් විකා අැතුලත වූ මකන කොටසක් මතුකරගෙන අැත. පොඩි එකා ජීවිත කාලෙය්දී අාසාවෙන්ම පාවිච්චි කළ පැන්සල මෙය විය.

පොඩි එකා පිටුපස නොබලා නිවස වෙත දිවගියේය. මෙ නිවසේ සිට පොඩි එකාගේ ගෙදරට ගල් පඩි හැටක් හැත්තෑවක් ගොඩවන්නට අැත. විනාඩියකටත් අඩු කාලයකදී පොඩිඑකා ගෙදරය. ටකරං සෙවිලිකල කටුමැටි ගැසූ, ගොම මැටිගෑ නිවසෙහි දෙපලු දොර තල්ලුකර ගෙට අැතුලුවූ පොඩි එකාට උදේ පාසල් ගෙනගිය සිලි සිලි බෑගය දිග අැර තිබූ බූරු අැඳ උඩ තිබී හමුවිය. එයට අත දමා පැන්සල් කොටය අතටගත් පොඩි එකා ඉක්මන් ගමනින් නැවතත් පහලට බහින්නට විය.

පොඩි එකා පහල ගෙදරට එද්දී ඔවුන් තවමත් සුපුරුදු කාර්යයෙහිම නිරත විය. සුමනේ මමා අැවිදින් දැයි වැට අයිනේ සිට සෝදිසි කල පොඩි එකා ඔහු නොමැති බව දැක බය මදක් තුනී කරගත්හ. හිමින් හිමින් අඔ ගහ යටට කිට්ටු වූ පෙඩි එකා කණුවකට මුවා වී මද වේලාවක් බලා සිටියේය. ඔහුගේ මිතුරු අනෙක් පොඩි එවුන් නැවතත් වලකජු සෙල්ලම පටන්ගෙන අැත. අඩියට දෙකට කනප්පුව වෙත අැදුනු ඔහු කිසිත් නොකියාම පැන්සල කනප්පුව මත තබා අාපසු හැරී නිවසකරා දුවයන්නට විය. මොහොතකින් අර පඩස්තල හිනාහඩ දෙසවන් රිදවමින් පොඩි එකාට අැසෙන්නට විය....

හැන්දෑ ජාමයේ පහල ගෙදර පොඩි එකා පැමින පැන්සල ගෙනවිත් දී "තාත්තල විහුලුවක් කරල තියෙන්නේ" කියා යන්නට ගියේය.. නමුත් එ්වන විටත් කිසිදාක පහල ගෙදරට නොබසිමියි පොඩි එකා ස්ථිර ලෙස අදිටන් කරගගෙන හමාරය..





101 comments:

  1. එළ විදානේ.............

    //සුදු පැහැති එම පැන්සලේ පාට පාටින් ලස්සන පින්තූර අැත. පැන්සලේ අග කෙළවර රන්වන් පාට කොපුවකින් වටකර රෝස පාට මකන කෑබැල්ලකි. එම පැන්සලහි දැන් බාගයක් පමන ගෙවී අැත. මකනය ගෙවී අැති නමුත් රන්වන් පාට කොපුව කටින් විකා අැතුලත වූ මකන කොටසක් මතුකරගෙන අැත. //

    ආයෙම පොඩි පන්ති වලට ගියා වගේ දැනුනා. ලස්සන අතීතය මතක් වුණා. මතක ද ඒ කාලේ. පැන්සලෙන් ලියුව කාලේ කියනවටත් වැඩිය පැන්සල් වලට ආස කරපු, පැන්සල් ලස්සනට පෙනුණ කාලේ..........

    ලිවීම නම් නියමයි විදානේ දිගට ම කරගෙන යන්න ඔබට ජය.........................

    ReplyDelete
    Replies
    1. පැන්සල් වලට අාසකරපු, අාදරය කරපු එ් කාලේ ජීවිතේට ලේසියෙන් අමතක කරන්න බෑ කාටවත්ම..
      ස්තුතියි කුරුටු..

      Delete
  2. හොද කෙටිකතාවක්. විස්තර අනවශ්‍යයි පර්ෆෙක්ට්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අපූරි...

      Delete
  3. මටත් මතකයි ඔය පැන්සල වික වික අකුරු ලියපු හැටි...... පැන්සල ගොඩක් පරිස්සම් කරා....ඔයා මේක ලස්සනට ලියල තියනවා....... ගොඩක් හොදයි.......

    ReplyDelete
    Replies
    1. එ්කාලෙ පැන්සලක් කිව්වොත් මැණිකක් වගේ..
      ස්තුතියි නිහිංසා..

      Delete
  4. මම කිසි දිනෙක පැන්සල නොවිකූ දරුවෙක්.එමෙන්ම..මකන කැබැල්ල මිසක්,පැන්සල ඉවරවනතුරු එහි මකනය පාවිච්චි කළේ නැහැ.ඇත්තටම..මට මකන කැබලිද අවශ්‍ය නොවුනු තරම්.
    /කිසිදාක පහල ගෙදරට නොබසිමියි පොඩි එකා ස්ථිර ලෙස අදිටන් කරගගෙන හමාරය../
    මේ කොටසට මම ඉතා කැමතියි.

    හිනස්සනවට ස්තුතියි විදානේ.
    පහල ගෙදර කුස්සියේ දුම්රොටු දකින තුරු රකින ස්ථිර අදිටන්..රැළට පෙනෙද්දි..‍ඔබ මෙහෙම ලියනකොට..

    පිනි...






    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා.....
      මං හිතන්නෙ දවස් දෙකතුනක් යනකං පෙඩි එකා එ් අධිෂ්ඨානය රැකගත්තා..
      ඔබට මකන කැබලි අවැසි නොවුනානම්, ඔබ පැන්සල නොවිකා සිටියානම්, ඔබ සුපිරියි..

      ස්තුතියි පිණි..

      Delete
  5. පඩත්තල ගොබ්බ විහිළු. පොඩි කාළේ ඉඳන් මම ඕවට විරුද්දයි. මම නම් එහෙම පැන්සල ගේම කෙසේ වෙතත්, කෙලිනවා ගලකින් පැණි බේරෙන්න.

    කතාව නම් පට්ට. ඒකනේ මට මල පැන්නේ, හොඳම එකෙන්...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. මටත් ඔහොම කාලකන්නි පේන්න බෑ බං. මං අපේ එකාටත් කියල තීන්නෙ ඌට වඩා ලොකු සුද්දො අරාබි ඔහොම බයිට් එකට ගන ආවොත් ඇනපන් පැන්සලෙන් හරි, මම බලාගන්නං ඉතුරු ටික කියල.

      කතාව නම් පට්ට තමා. කොටයි, සුදුයි.

      Delete
    2. මමත් එසේමය...අපේ තාත්තගෙ හිත හොද වැඩි කමට අපි පොඩි කාලෙ අපේ ඤාතියො අපිට ඔය වගේ පඩත්තල විහිලු අපමණ කරලා තියෙනවා...දැන් නම් උන් ටික කපන්න බැරි අත ඉඹිනවා වාගේ කියන කියමන සිහිපත් කරමින් අපි එක්ක භජනෙට එනවා...මම නම් පඩේකට ගනන් ගන්නෙ නෑ එක බයියෙක්වත්...

      Delete
    3. @ මාතලන්
      පඩස්තල ගොබ්බ විහිලු - නියම කථාව..
      හැබැහි ගලකින් ගහන්න තරං හිතේ හයියක් එ් කාලේ පොඩි එකාට තිබ්බෙ නෑ..
      ස්තුතියි..

      Delete
    4. @ ඉන්දික,
      අැත්ත තමයි පොඩිි එවුන්ට එ් වගේ වෙන්න දෙන්න හොදම නෑ.. හිරේ ගියත් දුකක් නැතිව යන්න ඔ්න..
      ස්තුතියි අදහසට

      Delete
    5. @ සිරා..
      කපන්න බැරි අත ඉබිනව කියන කථාව නං සහතික අැත්ත සිරා..

      Delete
    6. ඇත්තටම ඒක පඩත්තල විහිළුවක් තමයි.

      Delete
    7. මකසි
      එහෙමම තමයි

      Delete
    8. මම නං රිටන් එක දෙනවාමයි .. දෙන එක නං දෙනවාමයි ඔහොම උන්ට... නිකං බයිට් වෙන්ඩ අත පල්ලෙං වැටිලයෑ ඕකුංගෙ මං අහන්නෙ ??
      මං කෙලියා ඔහොම $# වැඩක් කරලා එකෙක්ට අටේ පංතියෙදි නහයෙ දෙක වෙන්ඩ.. පිනාගෙං කෑව අම්බානෙක..
      මට කතන්දරපොතක් දීල ගෙදර ගෙනියන්ඩ ඌම ඒක ආයෙ උස්සලා.. මං හෙන ආසාවෙං ගෙදර ගිහිං පොත කියවන්ඩ ගද්දි බඩු නෑ :D මල පයින් නැද්ද බං

      Delete
    9. @ පත්තෙර්
      පොඩි එකා රිටන් දීපු වෙලාවලුත් තිබ්බා.. හැබැයි මෙතැන්දි උෟ අසරණ වෙලා හිටියේ...

      Delete
  6. කෙටියි රසයි මචෝ. එළ.

    පොඩි එකාවයි පැන්සල් කොටෙයි විස්තර කරපු තැන් වල ඒවා මැවිලා පෙනුනා. ඒ උඹේ දක්ෂ කම. නියමයි.

    ReplyDelete
    Replies
    1. පොඩි එකාවයි පැන්සල් කොටෙයි අමතක කරන්න අමාරුයි. හිටපු ගමන් මැවිලා පේනවා..
      ස්තුතියි ප්‍රියා..

      Delete
  7. මාත් පොඩි කාලෙ මකනයක් හොරකං කළා. හැබැයි කරපු ගමං අහු වුණා :-D

    ReplyDelete
    Replies
    1. ලගපාතක හිටියනං ගහක ගැටගහල දිමිගොට්ටක් දාන්න තිබ්බා..
      ස්තුතියි කුරුටු 2

      Delete
  8. ඇත්තටම සමහර ලොකු මිනිස්සු විහිළුවට හසුකරගන්නේ එහෙම නැත්නම් තමන්ගේ මත යවා ගන්න හදන්නේ මේ වගේ පොඩි එවුන්ගේ ලෝකයම අඳුරට දාලා. ඒකට විරුද්ද වෙන අයටත් සමච්චල් කරන්න මේ පුද්ගලයන්ගේ මත සහිත විහිළුව ලොකු වෙනවා.
    ඒ වුනාට අපි පොඩි එවුන් මල් වගේ කියලා නම් කියනවා.

    ReplyDelete
    Replies
    1. අැත්ත ඔවුන් එදා අප්‍රමාණ සතුටක් ලබන්න අැති. ඔවුන්ගේ මතට බයිට් එක වෙන්නේ පොඩි එවුන්..
      /ඒ වුනාට අපි පොඩි එවුන් මල් වගේ කියලා නම් කියනවා. /
      සහතික අැත්ත..
      ස්තුතියි Il mondo di una povera pazza

      Delete
  9. මහ කුපාඩි විහිළුවක්නේ , ඔය වගේ අලුගුත්තෙරුවෝ නිසා තමයි මිනීමරුවෝ ,මංකොල්ල කාරයෝ බිහිවෙන්න් පාර කැපෙන්නේ , කතාව පට්ටම පට්ට

    ReplyDelete
    Replies
    1. //ඔය වගේ අලුගුත්තෙරුවෝ නිසා තමයි මිනීමරුවෝ ,මංකොල්ල කාරයෝ බිහිවෙන්න් පාර කැපෙන්නේ //
      සහතික අැත්ත ඉවාන් මේ වගේ සිද්දීන් ඔය වගේ අය බිහිකරන්න මාවත විවර කරනවා..
      ස්තුතියි ඉවාන්...

      Delete
  10. නොදකින් මෙවගෙ __රි ____ගෙ පුතාල.කතවනම් නියමයි.රුප මැවෙන්න ලියල තියෙනව

    ReplyDelete
    Replies
    1. නොදකින් නොදකින් නොදාේමකින්..
      ස්තුතියි දමිත්..

      Delete
    2. දමිත් අයියෙ සමහර වචන ටයිප් වෙලා නැතෝ :)

      Delete
    3. @ ප්‍රියා
      දැනුම අැත්තන්ට පමණයි තේරෙන්නේ..

      Delete
    4. සීතාම්බර සළු වගේ වෙන්ටැ. ආ හෝව් හෝව් පොඩ්ඩක් හිටින්…………………… ආ හරි හරි මමත් දැක්කා.

      හි… ඒ කියන්නෙ මාත් දැනුම ඇත්තෙක්. :)

      Delete
    5. අන්න හරි එකපාර තේරුං ගන්න ට්‍රයි කරානං බහුශුත කෙනෙක් වෙන්න පුළුවන්..

      Delete
    6. රායිට ප්‍රියා මල්ලි.දැන් උඹෙ යම්කිසි දියුනුවක් තියෙනව

      Delete
    7. @ දමිත්..
      සමාජෙට වැටුනම හරියනවා...

      Delete
  11. විදානේ කතාවේ ශෛලියයි මගේ හිත ගත්තේ.. ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකතුමා...

      Delete
    2. හැක් හැක්..

      Delete
  12. පංචතන්ත්‍රය,එක්දහස් එක් රැය,කියවනවා වගේ දැනෙනවා..මළදානේ එක දිගට කියවද්දි..

    බාල්ලු කැරපොත්තෝ මරන්නේ ගොඩාක් සෙල්ලම් කරලා.හ්ම්..!
    ඒත් ඒ සෙල්ලම් ලෙල්ලම් වෙනවාමයිනේ.

    පුළුවන්නම් මේ උදව්ව කරන්න. මේ වල කජු ගැහිල්ල...සෙල්ලම් කරන විදිය මම දන්නේ නැහැ.
    හැකිනම් පොඩි විස්තරයක් කරන්න.වල කජු සෙල්ලම් කරන විදිය හිතන්න ගිහින්..මම හිතන්නේ මට පෝස්ට් එකේ අනිත්වා..ගිලුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. //පංචතන්ත්‍රය,එක්දහස් එක් රැය,කියවනවා වගේ දැනෙනවා//
      එච්චරම බෝරිංද මල්මි?

      /බාල්ලු කැරපොත්තෝ මරන්නේ ගොඩාක් සෙල්ලම් කරලා.හ්ම්..!
      ඒත් ඒ සෙල්ලම් ලෙල්ලම් වෙනවාමයිනේ.// සහතික අැත්ත..

      වල කජු ගහන හැටි තව ටිකකින් කොමෙන්ට් කරන්නං...
      ස්තුතියි මල්මි හි...

      Delete
    2. අනේ...ඒවා මට හරිම රසවත්..ඒවා කීවේ කාටද කියන එක වගේම.
      අනික..හරිම සරලව කියන ගැඹුරු කථා.
      ඔයා ලියන දේවල් කිසිවෙකුට සමාන කරන්න බැහැ.ඒ ගැන කමත්වා.

      වලකජුත් බලමුකො



      Delete
    3. වලකජු ගැසීම....
      1. පලමුව අගල් 3ක පමන විශ්කමභය අැති ගැඹුර අගල් 3 පමන වලක් වැලි සහිත පොලවක් මත හාරා ගත යුතුයි..
      2. වලෙහි එක් පසකින් අගල් 6 පමන දුරින් අඩි 6ක් පමන ඉරක් අැඳ ගන්න. (වලෙන් දෙපසට අඩි 3ක් 3ක් පමන වන සේ)
      3. වලෙන් ඉර අැඳි පැත්තේ තවත් අඩි 10ක් පමන දුරින් තවත් ස්ථානයක් සලකුුණු කරගන්න..(කීඩාව කරන්නේ මෙතැන් සිටය)
      4. අගල් 3ක් පමන විශ්කම්භය අැති කුඩා ගල් පතුරක් සොයාගන්න (ක්‍රීඩාව කරන්නේ මෙම පතුරෙනි)
      --------------
      (හතර දෙනෙන් මම ක්‍රීඩාවට සහභාගී වේ යැයි සිතමු..)
      5. පලමුව ඉහත 3හි සඳහන් කල ස්ථානයේ සිට සිව් දෙනාම කජු අැටය බැගින් වල දෙසට විසි කල යුතුයි.. ක්‍රීඩාව කරන පිළිවල තෝරන්නේ මෙතැනිනි.. කජු අැටයක් වලට වැටුනු තැනත්තා පලමුව ක්‍රීඩා කරයි. කජු අැට වලට අැති දුර අනුව 1,2,3,4 ස්ථාන තෝරා ගනී..
      නමුත් මුලින් අැදි ඉරෙන් පහල කජු අැටය නැවතුනේ නම් ඔහු ඉරෙන් උඩ සිටින සියලු දෙනාටම පසුපසින් ක්‍රීඩා කල යුතු වේ..
      6. දැන් පලමු ස්ථානය ලැබූ කෙනා සිව් දෙනාගේම කජු අැට ගෙන එකවර වල දෙසට දමයි..
      කජු අැටයක් වලට වැටුනහොත් එම කජු අැටය ඔහුටය.. ඉන් පසු අනෙක් තිදෙනා විසින් නම් කරන කජු අැටයකට අංක 4හි සඳහන් ගල් පතුරෙන් ඉලක්කය අල්ලා පහර දිය යුතු වෙයි..
      ගල් පතුර එම කජු අැටයෙහි වැදී ඉන්පසු එම කජු අැටය හෝ ගල් පතුර වෙනත් කජු අැටයක නොවැදුනහොත් පිටියහි අැති සියළු කජු ඔහුගේය.
      වෙනත් කජු අැටයක වැදුනහොත් දඩ වශයෙන් ඔහු විසින් තවත් කජු අැටයක් පිටියට එක් කල යුතුය..
      ඉරට යටින් අැති කජු අැටයකට පහර දීමට නම් කලේ නම්, එම කජු අැටය සහ ගල් පතුර යන දෙකම වෙනත් කජු අැටයක නොවැදෙන සේ ඉරෙන් උඩට යන සේ පහර දිය යුතුය..(එයට එලවීම යයි කියයි)
      සැයු.. පලාතෙන් පලාත මෙම ක්‍රීඩාවේ නීති රීති වෙනස් විය හැක.. විදානේගේ අදහස නම් මේ වල කජු ගැසීමේ ක්‍රීඩාව ලංකාවේ කිසිම තැනක මේ කාලයේ සිදු නොරකරන බවයි..

      (තවත් ක්‍රීඩාවක් තියනවා එ්කෙ නම වලකජ්ජ ගැසීම - එ්ක ඉතිං ක්‍රීඩාවක් ම නෙවෙයි)

      ජය වේවා!!!

      Delete
    4. ආ..බොහෝම ස්තුතියි.
      මම මේක ගලවන් යනවා.
      මේක මරු ,අන්තිමට කන්නත් හම්බෙනවා.

      අපිට කොයින්ද කජු..!

      Delete
    5. යකෝ මෙතන තව පෝස්‍ට් එකක්නෙ බං. උඹ ක්‍රීඩා ගුරු උපදේශකයෙක් උනාද ඒ ගමන?

      (මටත් ආසයි බන් වල කජ්ජ ගහලා බලන්න.) :)

      Delete
    6. @ මල් මී හී..
      ඔව් ඔව් කන්නත් හම්බෙනවා..
      දැං කජු කිලෝ එකක් කීයද?.. පුත්තලම් පැත්තෙ 3000 ක් විතර වෙනවා..

      ගලවං යන්න ගලවං යන්න (මේ බ්ලොග් එකම උනත්)

      Delete
    7. @ ප්‍රියා..
      අපි එහෙම තමයි ක්‍රීඩා ගුරු උපදේශක...

      වල කජ්ජ ගහන්න ඔ්නමනං කෝච්චියට බෙල්ල තිබ්බනං හරි..

      Delete
    8. වලකජු ගහන්න ඔච්චර අමාරු නෑ බං.. අපේ ආච්චි වලකජ්ජ ගැහුවා සුරුස් ගාල.. අනේ පුතෙ කිව්ව ඉවරයි..

      Delete
    9. සිරාවට පත්තරේ කියනවනම් අමාරුවක් නැතිව ඇති. ඌ බොරු කියන එකෙක්‍‍යෑ. මාත් හෙටම විදානෙ කියපු විදිහට කෝච්චි‍යට තියනවා බෙල්ල.

      Delete
    10. @ පත්තරේ..
      අනේ සංසාරේ,

      Delete
    11. හා හා ප්‍රියෝ දැන්ම එපා.. මේ දවස් වල කෝච්චි හිමිං යන්නේ :D

      Delete
    12. @ ප්‍රියා..
      බෙල්ල තිබ්බට කමක් නැ මම කිව්වා කියන්න එපා...

      Delete
    13. @ පත්තරේ...
      හෙමින් යන එකකට බෙල්ල තිබ්බම හෙමීහිට වලකජ්ජ ගහයි නොදැනීම...

      Delete
  13. සමාවෙයං...මෙච්චර දොහක් මේ වගේ රස කෑමක් තියෙන තැනකට එන්න සුනංගු උනාට...හැබෑටම විදානෙ බොලාගෙ කථා ශෛලිය මගේ හිත ගත්තා බන්...මේ කථාවෙ ඉන්න හොටු පෙරාගත්ත සූටි එක මම කියලා හිතෙන තරමට මම මේ කථාව එක්ක බද්ධ උනා...ඒක උඹේ හැකියාව...මේ වගේ සමහර අත්දැකීම් මමත් පුංචි කාලෙ විදලා තියෙනවා...ඒ කාලෙ අපේ ගෙදර එච්චර හොද ආර්ථික වටපිටාවක් තිබුනෙ නැති නිසා අපේ ඤාතියො පුංචි අපිව විහිලුවකට ගත්ත කාලයක් තිබුනා...පස්සෙ පස්සෙ තාත්තා තමන්ගෙ වීර්යයෙන් අපිව යම් තැනකට ඔසවා තිබ්බා...මගේ ඒ අතීත සමහරක් සිදුවීම් එහෙමත් මේ කථාව අස්සෙ මෙනෙහි උනා...පොඩි එකෙක්ට කවදාවත් මෙහෙම පඩත්තල වැඩක් කරන්න නාකයි...දිගටම මේ වගේ ගින්දර කථා ලියන්න බොට ශක්තිය ධෛර්යය ලැබේවා...ජය !

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා සිරා ව මේ මළදානෙට..
      //.. අපේ ඤාතියො පුංචි අපිව විහිලුවකට ගත්ත කාලයක් තිබුනා//
      මේ ටික කියවද්දි හිතුනා මං වගේ තවත් අය ඉදල තියනවා කියලා. සිරාවටම සිරා මේ සිද්ධිය මට අැත්තටම උනු සිද්ධියක්.
      තාම මගේ හිතේ රැව් දිදී තියෙන්නේ අර මාත් එක්කම සෙල්ලං කරපු පොඩි එකා කියපු "හරි හරී.. මාත් කෑල්ලක් කියන්නං..." කථාව..
      ස්තුතියි සිරා අැවිත් කියවලා අදහක් එක් කළාට..

      Delete
    2. මගේ හිතේ නලියන ඔය වගේ කථා ටිකක් දවසක ලියැවේවි..ඔහොම යමු...

      Delete
    3. ලියමු ලියමු..

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. ලස්සනට ලියලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිශාන්ත..

      Delete
  16. ඔය වගේ ජරා යක්කු ඉන්නව බං,පුංචි හිත් තේරුම් ගන්න බැරි අමනුස්සයෝ.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම අමනුස්සයෝ...
      ස්තුතියි හැලපයියා..

      Delete
  17. කතාව කියවල අර කුජීත විහිලුව කොරපු #^% (*& එක්ක මට මල පැන්න කියන්නෙ විදානෙගෙ කතාව අති සාර්ථකයි කියන එක නේද! :)

    ReplyDelete
    Replies
    1. අැත්තටම බස්සී කේන්තියනවා මතක් වෙන මතක් වෙන වාරයක් වාරයක් ගානේ...
      ස්තුතියි අදහසට..

      Delete
    2. #^% (*& නෙමේ $%&# ±÷¥€£ නේද?

      Delete
  18. විදානේ කතාව ලියපු විදිය නම් සුපිරියි ඒ වාගේම මැවිලා පේනවා. පහල ගෙදර ඉඳලා ගල් පඩි හැටක් හැත්තෑවක් ගොඩවන්නට අැත කියන විට සැකයක් ආවා ඔබේ වෙන්නත් පුළුවන් කියලා. සිරාට දීපු පිළිතුරෙන් උපකල්පනය සත්‍ය බව තේරුනා. දැන් නම් ඔය මිනිස්සු කපන්න බැරි ඇත සිඹිනවා වගේ උබව පිලිගන්නවා ඇති.
    ඔය වගේ පොඩි එකෙක් මානසිකව වට්ටන්න පුළුවන් විහිළුවක් කරන්න පුළුවන් පදත්තලයෝ ඉන්නවා නේ. කමක් නැහැ ඔය අත්දැකීම් වටිනවා. වානේ කෑල්ලක් පන්නරය ලබන්නේ ගිනියම් කරලා පහර දීලා පස්සේ වතුරට දාලා.

    ReplyDelete
    Replies
    1. //පහල ගෙදර ඉඳලා ගල් පඩි හැටක් හැත්තෑවක් ගොඩවන්නට අැත කියන විට සැකයක් ආවා ඔබේ වෙන්නත් පුළුවන් කියලා//
      මට හිතුනා එතැනින් අල්ල ගනී කියල. අර කපන්න බැරි අත සිඹින එක නං ඉතිං කරනවා එ් වෙලාවට හිනාවෙලා නිකං ඉන්නවා ඉතින..
      මේකෙ මාතෘකාව -පොඩි එකාගේ කථා 01- කියල දැම්මේ 2, 3 කියල ඉදිරියට තියන නිසා.. සමහර කොටස් වල උඹත් අැති
      ස්තුතියි මකසි..

      Delete
  19. විදානේ මගේ පොඩි කාලේ නිතරම පැන්සල නැති වෙනවා ,මං එක නිසා පැන්සල අරන් අලුත් එක උනත් තුනට විතර කපලා පාවිච්චි කරේ පස්සෙ මතකද දන්නෙ නෑ අඩි එක හමාරක් ව්තර දිග පැන්සල් අවා ..අන්න එවා අරන් කපලා තමා පාවිච්චි කරේ 6 /7 වගේ එනකන් පැන්සල තමා ..

    එල ...ඇත්තට මේ පැන්සල් කතාවක් ද ඈ ..හැක්

    ReplyDelete
    Replies
    1. අැයි ඔය පැන්සල රංඩු සරුවල් වලටත් පාවිච්චි කලේ...
      ස්තුතියි සහෝ..

      Delete
  20. කතාව පට්ට...
    අර වගේ වේසිගෙ පුතාල ඇත්තටම හිටියොත් නම් හොයාගෙන ගිහිල්ල ඌටත් නෙලලා ...අම්මව හොයල අම්මටත් කෙලලා එන්නෙ බං ....

    ReplyDelete
    Replies
    1. මෙයිට අවුරුදු 28කට විතර කලින් වෙච්ච දෙයක්. එ් සමහර අය දැන් නෑ..
      ස්තුතියි කෙන්ජි..

      Delete
    2. විදානේ... එනපොට හොඳ නෑ ගමේ ආච්චිලට ගෙට ගෙහුං හැංගෙන්න කියහං!

      Delete
    3. @ බස්සී,
      එ් අාච්චිලා නං සමාදානයේ සැතපිලා ගොඩක් කල්.. කෝකකටත් වොර්නිං එක දීල තියන්න ඔ්න ඉන්න අයට.. නැත්තං තවත් කොටකෙතනක් වෙයි..

      Delete
  21. මහ එවුන්ගෙ මහ පඩත්තර ගතියක් තියෙනවා පොඩි එවුන්ව බයිට් එකට ගන්න. ඒත් ඒකෙන් තැලෙන පොඩි එකාගෙ මනස ජීවිත කාලෙටම සුවපත් නොවී වේදනා දෙනවා. සමහරවිට එය මහා ඛේදවාචයකින් අවසන් වෙනවා.

    වෙනද වගේම අදත් විදානෙග ලිවීම අගේ නොකරම බෑ. හරිම අපූරුවට ලියල තියෙනවා. ඉතාම සංවේදීව අවස්ථාවන් නිරූපණය කරල තියෙනවා. පැන්සල විස්තර කරනකොට අපි පුංචිම කාලෙදි ඔයවගේ පැන්සල් තිබුන කියල මතක් වුනා. ඔය ජාතියෙ ලස්සන මල් වැටුනු සුදු පාට පැන්සල් දැන් නම් ඇත්තෙම නෑ.

    ReplyDelete
    Replies
    1. //සමහරවිට එය මහා ඛේදවාචයකින් අවසන් වෙනවා.// එහෙම වෙන්නත් ඉඩ තියනවා..
      එ් පැන්සල මට තාම මතක් වෙනවා...
      ස්තුතියි මනොෂ්..

      Delete
  22. නමුත් එ්වන විටත් කිසිදාක පහල ගෙදරට නොබසිමියි පොඩි එකා ස්ථිර ලෙස අදිටන් කරගගෙන හමාරය..///

    පොඩි වුණ්ට නොමනා විදියට විහිලු කොරාම ඕක තමා වෙන්නෙ..
    නැත්තජ පෞර්ෂ භින්නතාව...

    කතාව පට්ටය විදානේ...
    මොකද මේක දෙකට කැඩිල

    ReplyDelete
    Replies
    1. පොඩි එකාගේ මුළු අාත්මෙම කඩාගෙන වැටෙනා ඔය වෙලාවට.. අායෙ ගොඩ නගන්න හරි අමාරුයි..
      දෙකට කැඩිල්ල මගේ හැටියක් වෙන්න අැති..
      ස්තුතියි මහේෂ්...

      Delete
  23. රූප මවා ගනිමින් කතාව කියව්වා... විදානේ අපූරුවට ලියල තියෙනවා ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුෂානි...

      Delete
  24. අඩෝ .. පත්තරයා හියර් ! සමාවෙයං ඈ පොඩ්ඩක් පරක්කුයි, තෝ මේක ලියනව කියල කට ඇරල කියන්ඩෙපැයි.මං මේ හොයාගෙන හොයාගෙන ආවෙ :D ආයෙ දිගටම එනවා.

    ReplyDelete
    Replies
    1. උඹ ඔහොම කියනවා අවුරුදු උත්සවේදි අපි දෙන්නා සෙට් උනෙත් මාර අහම්බෙන්.

      Delete
    2. ඒකනේ බං .. අපි ඇවිත් මේක කිය්වයි කියල වෙන්ටෑ :D

      Delete
    3. පත්තර මල්ලී, සාදරයෙන් පිළිගන්නවා මේ මළදානෙට.. මුලින්ම එකෙන්ම..
      හොයාගෙන හොයාගෙන අැවිත් මෙව්වා කලාට ස්තුතියි ලෙසටම

      Delete
    4. @ ප්‍රියා
      හොද දෙවල් හොයාගන්න අමාරුයිනේ බංං (මාත් හැබැයි උඹව හොය හොයා හිටියෙ)

      Delete
    5. @ පත්තර
      මෙන්න මේ පහත ලින්ක් කර තිබෙන කමෙන්ටුව දාන දවසේම මුළු කතනාදරේම බැලුවා නම් ඔහේට විදානේ ගේ මලදානේ ගැන එදාම දැනගන්න තිබුණා!
      http://kathandara.blogspot.com/2014/04/blinded-by-patriotism.html?showComment=1396329261244#c4804687153160616679

      Delete
  25. අඩේ දවස් දෙකක් ප්‍රමාද වෙච්ච එකට කණගාටුයි. හොඳ කතාවක් මචං. නියමෙට ලියල තියනව. හිතන්නෙ නැතිව මිනිස්සු කරන කියන දේවල් වලින් පොඩි එවුන් කොච්චර පීඩා විඳිනවද! මටත් ඔයවගේ දේවල් වෙලා තියනව.

    ReplyDelete
    Replies
    1. අැත්ත තමයි රාජ්..
      හිතන්නෙ නැතිව පොඩි එවුන්ට කරන විහිලු සමහර වෙලාවට ජීවිත කාලෙටම බලපානවා....
      ස්තුතියි රාජ්

      Delete
  26. කතාව කොතරම් තදට වැදුනද කියනවා නම්... අර බඩ මහත ^%%$#%#%^ එක්ක එකසිය ගානට මල පැන්නා !!! තදට දුකක් දැනුන.. අනේ මන්ද ඇයි කියලා...

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා සාදරයෙන් පිළිගන්නවා මේ මළදානෙට..
      මේ වගේ කථා අැහුවම හිතට දුකක් දැනෙනවා තමයි.. එ්ත් එහෙම අයත් අපි අතරෙම ඉන්නවා..
      ස්තුතියි උපේක්ෂා..

      Delete
  27. පරන ලිපි ටිකකුත් බැලුවා විදානේ, ලිවිල්ල නම් සුපිරි ලියල තියන ඒවත් හොඳයි.

    ඔහොම යං!

    ReplyDelete
    Replies
    1. වටිනා කාලය වියදං කරං මලදානේ බැළුවට ස්තුතියි ප්‍රොෆයිල් අැනෝ...

      Delete
  28. කතාව නියමෙට ලියලා තියෙනවා වීදානේ. උඹට වුනු දෙයක්ද?

    ඔය වගේ ගොන් ජෝක්ස් දාන මීහරක් ඉන්නවා. උන් මොහොතකටවත් හිතන්නේ නැහැ අපහසුවට පත්වන පොඩි එකා ගැන.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ ගොන් ජොකර්ලා අපි අතරත් ඉන්නවා... උන්ට කිවිවට තේරෙන්නෑ මැටි හරක්..
      මගේ කථාවක් තමයි අරූ..
      ස්තුතියි අැවිත් කියවලා ගියාට...

      Delete
  29. කැවා බිඋව නම් පාඩුවේ සින්දුවක් කියන් අතල් එකක් ගන්නේ නැතිව අනිත් උන් ව බිටේ එකට ගන්න එක මටත් මලම පනින වැඩක්.විසේසයෙන් තමන්ට වඩා බාලයෙක්ව

    ReplyDelete
    Replies
    1. උන්ගේ බයිට් එක පොඩි එවුන්.. ඔහොම උන් අපි අතරෙත් ඉන්නවා අාචාර්ය...
      ස්තුතියි අදහසට..

      Delete
  30. ///සමාවෙයං...මෙච්චර දොහක් මේ වගේ රස කෑමක් තියෙන තැනකට එන්න සුනංගු උනාට...හැබෑටම විදානෙ බොලාගෙ කථා ශෛලිය මගේ හිත ගත්තා බන්/// x2
    මමත් අදයි බං ආවේ. ඒකත් අහම්බෙං වෙන කාගේ හරි බ්ලොග් එකක රෝලෙ තිබිලා දැක්කේ. කාර්ය බහුල වෙලාවක අහම්බෙං ගොඩවැදිලත්, කොහොමද බලන්න මුල ටික කියවපු ගැම්මටම, තිබුණු රාජකාරි ඔක්කොම පැත්තකට දාලා මේක කියවගෙන ගියා එක හුස්මට.
    කියන්න වචන නෑ බං නියමයි!!!!!!!
    [වැඩරාජකාරි වලට පරක්කු වුණාට, මටම හිතිං බැණගනිමින්]

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා ගයාන් මේ මලදානෙට..
      අහම්බෙන් හරි අැවිත් වැඩ දහසක් පරක්කු කරං ම් මළදාන් කියවපු එක මට ලොකු සතුටක්..
      ස්තුතියි අගයකිරීමටත් අදහස් දැක්වීමටත්..

      Delete
    2. විදානෙව කලිං ඉඳලම වෙන වෙන අයගෙ බ්ලොග් වල කමෙන්‍ටු වලින් හඳුනාගෙන හිටියට විදානෙගෙ මලදානෙට ගොඩවදින්න බැරි වුණා. ඔන්න දැං කොහොම හරි හොයාගත්තනේ.

      Delete
    3. කොමෙන්ට් කරන්න අරං මාස 8 ක් වගේ උනත් බ්ලොග් එක ලියන්න පටං අරං මාස දෙකක්වත් නෑ..

      Delete
  31. දෙමව්පියොත් ළමයින්ව බය කරනවා බත් කවා ගන්න හෙම ගෝනි බිල්ලෝ ගැන කියලා! ඒකත් මේ තරම්ම නැති වුණත් වැරදි වැඩක්.

    ReplyDelete
    Replies
    1. එ්කනං අැත්ත තමයි පොඩි එවුන් අඩනකොට කියන්නේ
      "ඔන්න පුතේ බිලු එනවෝ..."
      "අඩන ලමයි අල්ලනවෝ..."
      කිරි බොන දවසේ ඉදලම පොඩි එවුන් බය කරනවා....

      Delete
  32. අම්මප දීල අත අරින්න හිතෙනවා නෙව ගඩොල් බාගෙකින් මොකක් හරි මුකලානක හැංගිලා ඉඳල !

    ReplyDelete