Tuesday, August 19, 2014

සිරිපාල සහ පොල් පැලය..

කළුවර වැටෙන්නට කලියෙන් තමාට මේ කාර්යය නිමකරීමට හැකිවේයැයි සිරිපාල සිතුවේය. ඔහු දෑත ඉක්මන් කරමින් වටා පිටාවේ ඇති  පස් උදැල්ලෙන් අදිමින් පොල් පැලය වටා පුරවන්නට විය.

වසරෙන් වැඩි කාලයක් නියගය රජයන පහල ඌවේ කර්කෂ මහ පොලව සමග සිරිපාල ඕට්ටු වනුයේ පනස් වසක පමන සිටය. තම පියාගේන් උරුමව ලැබුණු මේ අක්කර හතරක පමන වූ මහ පොලව මෙතුවක් කල් සිරිපාලගේ පවුල ජීවත් කරවන්නට සමත්විය. වයස අවුරුදු විසිදෙකක දියණියක්ද වයස අවුරුදු දහ නමයක හා දහසයක පුතුන් දෙදෙනෙකු ගේ ද පියකු වූ සිරිපාල. ගමේ ගොඩේ එතරම් කතාබහ නොවන චරිතයක් විය. සති පොල තිබෙන දිනයේ එලවලු ගොණියක් කරගසාගෙන පොළට යාමත් මාසෙකට දවස් දෙක තුනක් ගුණේ ගේ කසිප්පු වාඩියට බඩගෑමත් ඇරෙන්නට සිරිපාල තම නිවසින්, ඉඩමින් එලියට ගියේ කලාතුරකිණි,

සිරිපාලගේ ඉඩමේ දෙපසකින්ම ඇත්තේ කැළයයි. කටුපිල ගස් වලින් හෙබි එම කැලෙයෙහි විශාල ගසකට ඇත්තේ අතරින් පතර වැවී ඇති කොහොඹ ගස් පමණී. මෙම කැලයත් සිරීපාලගේ ඉඩමෙහි එක් මායිමකුත් අතරින් අඩි පාරක් ඇත. සිරිපාලගේ ගමත් අල්ලපු ගමත් අතර කෙටිම මග කැලය තුලින් ඇති මේ අඩි පාරය. නිතර තනි අලියා ගැවසෙන බැවින් හිත හයිය පිරිමියකු උවද මේ අඩි පාරෙහි ගමන් කරන්නේ කලාතුරකිනි.

මෙම ඉඩමෙහි තවත් මායිමකට වන්නට ඇත්තේ ගුරු පාරය. ගුරු පාර අයිනට වන්නට සිරිපාල තම නිවස ඉදිකර තිබිණ. එම නිවස පිහිටි බිම් කොටස ඇරෙන්නට ඉඩමෙහි අනෙකුත් සියළු ඉඩකඩ විවිධ වර්ගයේ බෝගයන් ගෙන් වසා තබන්නට සිරිපාල සමත් වී ඇත.

--  --  --
ගමේ ගොඩේ ජීවත් වූවන් අතර පියරත්න චන්ඩියෙකු විය. මිනී මැරුමකට වැරදි කරුවී වසර ගනනාවක් සිරගෙයි ගතකල පියරත්න සිරෙන් නිදහස් වී ගමට පැමිණියේ මීට වසර එකහමාරකට පමන පොරොතුවය.  ගමේ ගොඩේ හොරෙන් හොරෙන් වැවෙන වවන කංසා එකතුකර නගරයට පැටවීමත් සතියකට වරක් වත් දඩයමේ යාම මොහුගේ ජීවනෝපාය විය.  සැබැවින්ම පියරත්න ගමෙහි ගනං කාරයකු විය. ඔහුට පිටින් ගමෙහි එක කංසා හේනක්වත් නොවැවින.

හිරේ විලංගුවේ වැටීමත් සමග ගමේන් ගිය පියරත්නගේ බිරිය සහ දරු දෙදෙනා නැවත කිසිදිනෙක ගමට නොආවේය. ගමට ආ පසු ඔවුන් කොහිදැයි සොයන්නට පියරත්නට ද උවමනාවක් නොවිණි. මේ වසර එක හමාර ඇතුලත ගමෙහි ගැටිස්සියන් කිහිප දෙනෙක්ම පියරත්න අතින් සල්ලං වී ඇති බව ගමටම නොරහසකි. පියරත්නට ගැහැණියක සමග ඉන්නට සිතුනහොත් හොදින් හෝ නරකින් තම සිතැඟි ඉටුකරන්නා බව ගමෙහි සියල්ලෝම දනිති. සියල්ලන්ටම වඩා සිරිපාල දනිති.

--  --  --
කරමින් සිටී කාර්යය මදකට නතර කල සිරිපාල හවස ගෙනා කසිප්පු බාගයෙන් උගුරක් කටට හලා ගෙන නැවතත් පොල් පැලය සිටුවීමෙහි නිරත විය. මේ අතර සිරිපාලට අතීතය මෙනෙහි වන්නට විය. වසර අටකට පමන පෙර ඒ දිනය අද මෙන් සිරිපාලට මතකය. එවකට දා හතර හැවිරිදි වියේ පසුවූ සිරිපාලගේ  දියණිය ලොකු ලමයකු වී සමසක් ගතවන්නට ඇත.

නියගය නිමවා වැසි වසින්නට පටන් ගෙන දින කිහිපයක් ගතඋනා පමණී. සිරිපාලත්, බිරිඳත් ලහි ලහියේ වගා කටයුතු සඳහා අවැසි බිම සකස් කරන්නට විය. එවකට පොඩි උන්ව සිටී සිරිපාලගේ කොල්ලන් දෙදෙනා කොල්ලන් සමග සෙල්ලමේ ගොසින්ය. නිවසෙහි ඉතිරිව ඇත්තේ සිරිපාලගේ වැඩිමහල් දියණිය පමණී.

යක්ෂයාගේ හෝරාවට ආශිර්වාද කරමින් වැහිබරව තිබූ අහසින් එකවරම මහ වැස්සක් වැටෙන්නට විය. හේනේ බිම් සකසමින් සිටී දෙදෙනාට නිවසට යාමට තරම් කාලයක් නොතිබිණ. හේනෙහි ඉදිකර තිබූ අතුපැල වෙත දිව ගිය ඔවුන් වැස්ස තුරල් වනතුරු බලා සිටියේය. අහස ගිගුම් දෙමින්, අකුණු එලි දල්මින් පෑ බාගයක් පමන මහ වැසි ඇද හැලුණි.

නිවසට පැමිණි ඔවුන් හට දක්නට ලැබුනේ නිරුවතින් සිහිසුන්ව බිම වැටී සිටී ඔවුන්ගේ දියණියයි. ඒ වන විට යක්ෂයා අහිංසක දියණිය බිලිගෙන තිබුණි. ඇගේ කෑ ගැසීම මහ වර්ෂාවෙහි ගිගුම් නද පරයා යන්නට අසමත්ව තිබිණි.

මහ පොලව නූහුලන මේ අපරාධය ගැන ඔවුන් පොලිස් පොතෙහි සටහන් තැබීය. නමුත් පොලීසියේ දී ඔවුනට විශේෂයනේ දියණියට ලැබුනේ සාධාරණය වෙනුවට ඔවුන් අසන ගැටළු වලට විලියෙන් සැඟවෙන්නටය. ඉන්ම ඔවුන්ගේ පැමිණිල්ල අහකට විසිවුනි. විත්තිකරු වූ පියරත්න චෝදනා වලින් නිදහස් විය.

ගම පුරා සිද්ධිය ආරංච් වී තිබූ බැවින් පාසැලේ දී ඇයට අසන්නට ලැබුනේ පතොක් කටු වැනි වදන් ය. ඒවාට මුහුණ දෙන්නට තරං ඒ පුංචි සිත සවිමත්ව නොතිබිණි. එහෙයින් ඇගේ පාසැල් ගමනද එතැනින්ම හමාර වියල. අවසානයේ බදුල්ලේ සිටින සිරිපාලගේ අයියලාගේ නිවස ඇයට නවාතැන විය. දැන් ඇය ඇඟලුම් කම්හලක රැකියාවට යයි.

දියණියට සිදුවූ මේ අකටයුත්තෙන් පසු සිරිසේන ජීවත් වූයේ සම්පූර්ණ පරාජිතයකු ලෙසය. නීතියෙන් ඔවුනට පිළිසරණක් නොවිණ. චන්ඩි කමින් පියරත්නයා මෙල්ල කරන්න යාම තම පවුලටම මරණය ලඟාකර ගැනීමක් වැනිය. ඉදහිට හෝ දියණිය නිවසට පැමිණි දිනක ඇගේ මුහුණ දෙස කෙලින් බැලීමට තරම් ශක්තියක් ඔහුට නොවිණ. තමා ඇයට සාධාරණයක් ඉටු නොකල නිකංම නිකං නිකමකු යැයි ඔහුට සිතුණි.

පියරත්න මිනීමැරුමකට චූදිතයකු වී වසර ගානක් හිරේට වැටුනු එක සිරිපාලට මහත් සැනසිල්ලක් විය. නමුත් මීට අවුරුදු එක හමාරකට පමන පෙර නැවත ගමරට බලා පැමිණි පියරත්න දුටු විට සිරිපාලගේ සිත නැවතත් නොසන්සුන් වන්නට විය. පියරත්න දකින දකින වාරයක් පාසා සිරිපාලට තම දියණිය සිහිවන්නට විය. සිරිපාලට වාවාගන්නට නොහැකි කාරණය වූයේ තම ඉඩම අසලින් කැලයට යන අඩිපාර කිසිඳු චකිතයකින් තොරව පියරත්න ගමන් බිමන් සඳහා යොදාගැනීමයි.

පොල් පැලය සිටුවා අවසන් කල සිරිපාල, කසිප්පු වඩියේ අන්තිම උගුරු කීපය හිස්කර, හොඳින් කාරා පොල් පැලය දෙසට "තුහ්.. " ගා කෙල පහරක් ගසා උදැල්ලද කරට ගෙන ඉක්මන් ගමනින් නිවස දෙසට ඇදුණි.

142 comments:

  1. මචෝ... මුල් ටික කියවගෙන එද්දි මෙහෙම දෙයක් කියල හිතුනෙ නෑ. පපුව පත්තුවෙනව බං මෙහෙම සිදුවීම් වලදි. ඇත්ත මචං, අපේ ඌවෙ වගේම ලංකාවෙ හැමතැනකම මෙහෙම දේවල් බොහෝම සුලබයි. ඒත් කරුමෙ, මේවට හරියන සවිමත් නීති පොඅද්දතියක් මේ පාහර රටේ නැති එකයි. ඇත්තටම ආවේගයෙන් බං මං මේ ලියන්නෙ. ඔයවගේ අසරණ තාත්තාලා කීදාහක් ඇත්ද මේ පුංචි රටේ. කී දාහක් දියණියන් මේ විදියට යුක්තිය ඉල්ලලා හඬාවැටෙනවා ඇත්ද. මේ කතාවෙ කියනවා වගේම මෙහෙම අහිංසකියන්ගෙ ඉරණම ගාමන්ට් හරි ගණිකා නිවාස හරි වෙනවා.

    එයාලගේ අධ්‍යාපනය එතනින් හමාරවෙනවා. එයාලගේ ලස්සන යුගදිවි හීන එතනින්ම බොඳවෙලා යනවා. ඒ නරුම අපරාධකාරයා වගේම මේ සමාජෙ ඉන්න අනිත් පාහර හැතිකරෙත් අර අහිංසකාවිය නැවත නැවතත් වාචිකව, චෛතසිකව, මානසිකව දූෂණය කරනවා. ඒ මේ අහවල් ඇටේ රටේ තියෙන වැරැද්ද. ඒකි යුක්තිය ඉල්ලගෙන පොලීසියට ගියොත් ඒකෙ කාලකණ්නි ඒකිව ගිලගන්න හදනවා. උආවි ගියොත් දෙවන වරටත් දූෂණය රඟ දැක්වුවට පස්සෙ අර නරුමයාට වසර කිහිපයක සොච්චම් හිර දඬුවමක් හම්බෙනවා.

    ඒකා ඊටපස්සෙ එළියට ඇවිත් හිටියටත් වඩා හොඳට තග දාගෙන ආඩම්බරෙන් ජීවත් වෙනවා. අනේ අර අහින්සකී ජීවිත කාලෙම සාමජෙන් දඬුවම් ලබනවා. මේ අම්මගේ නීතියේ තියෙන සාදාරනේ මොකද්ද එතකොට. ඒ නිසා මං නම් කියන්නෙ මේ පාහරයන්ට අනිවාරෙන්ම මරණ දඬුවම දිය යුතුමයි. ඒකත් බැරිනම් ජනාධිපති සමාව නෙවෙයි සක්කරයගේ සමාවවත් නැති ජීවිතාන්තය තෙක් සිර දඬුවමක්වත් දෙන්න ඕනි.

    සුපිරියි, උපරිමයි, නියමයි විදානයෝ. පපුව පිච්චෙන්න ලියල තියෙනවා. මෙහෙම හරි මේ දේවල් කතාකරල හඬක් නගන්නෝනි.

    ReplyDelete
    Replies
    1. මේ කථාවේ මම කියන්න හදපු දේ ගොඩාක් දෙනෙක් ට තේරුම් ගන්න බැරි වෙලා තියනවා.. හිතන දේ හරියට සන්නිවේදනය කිරීමේ මගේ නොහැකියාව තමයි ඒකෙන් ඔප්පු වෙන්නේ.. ඉස්සෙල්ලම මම ඒ ගැන සමාව අයදිනවා !!!

      මම හිතපු කථාවේ හැටියට සිරිපාල කියන්නේ සාමාන්‍ය මිනිහෙක්, පියරතනයාගේ නොසන්ඩාල වැඩේ නිසා සිරිපාල ගේ දියණිය අනාථ වෙනවා, නීතියෙන්වත් වෙන කොතැනකින්වත් ඔවුන්ට පිලිසරණක් ලැබෙන්නේ නෑ..
      සිරිපාලට, පියරත්න දකින දකින වාරයක් වාරයක් පාසා තම දියණියට උන අසාධාරණය මතක් වෙනවා. අන්තිමට ඔහු තීරණය කරනවා දියණියට සාධාරණයක් කරන්නට.. එතැන්දියි ඔහු පොල් පැලයක් සිටුවන්නේ..

      කථාවේ එක තැනක සටහන් වෙනවා, පියරත්න සිරිසේනගේ ඉඩම ලගින් කැලේට යන පාර පාවිච්චි කරනවා කියලා,
      තව තැනක තියනවා "ඔහු දෑත ඉක්මන් කරමින් වටා පිටාවේ ඇති පස් උදැල්ලෙන් අදිමින් පොල් පැලය වටා පුරවන්නට විය" තමන් ඇත්තටම පොල් පැලයක් සිටුවනවානම් වට පිටාවේ ඇති පස් උදැල්ලෙන් අදින්නෑ.. අදින්නේ ගසට අවශ්‍ය කරන හොද පස්.. මෙතැන්දි මං අදහස් කළේ සිරිසේනට අවශ්‍යවන්නේ පොල් පැලය සිටුවන්නට නෙවෙයි වල වහන්න කියන එක..
      තුන්වෙනි එක තමයි ,((හොඳින් කාරා පොල් පැලය දෙසට "තුහ්.. " ගා කෙල පහරක් ගසා...,)) කියන ටික.. ගොවියෙක් කවදාවත් කරන දෙයක් නෙවෙයි මේක.. ගොවියෝ පැලයක් හිටෙව්වම ඉස්සෙල්ලම ඒකට වඳිනවා.. මෙතැන්දි සිරිපාල කෙළ ගැසුවේ පොල් පැලයට නෙවෙයි. එයිට යටින් ඇති ඔහුගේ සතුරාට.........

      Delete
    2. මනොෂ්, ස්තුතියි අදහස් දැක්වීමට ඔය කියන තත්වේ කෙළවර වන තැනක් නම් හිතාගන්න බැ...

      Delete
    3. උඹ බොහොම ලස්සනට සංකේත රූපක යොදාගෙන ලියපු කතාව අපේ මීහරක් මොළේට නොතේරුන එකට යකෝ උඹ මොනාකරන්නද. විකාර නොකිය හිටහන්. කතාව නම්බර් වන්. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ.

      Delete
    4. සිරාවට විදානේ ඔය ටික හරියට ග්‍රහණය කරගන්නට බැරිවීම අපේ මොළේ කචල්කමක්..මම නිදිමතේ කියෙව්වේ ඇත්තම කියනවානම්...ඔය ටික පැහැදිලි කරන්න සිද්ධ වුණේ ඔබගේ වැරදක් නිසා නොවෙයි..කතාව උත්කෘෂ්ටයි..:)

      Delete
    5. ආන්න කතාව. ඒක මෙහෙම කියන්න එකතුවෙච්ච එක ලොකු දෙයක් තරූ.. නැත්නම් මේකා ආයෙ මේ වගේ ඒව නොලිය ඉඳී.

      Delete
    6. @ තනි තරුව, තැන්කිව් තැන්කිව්..

      @ මනොෂ්, මිනිස්සුන්ට දාහක් ප්‍රස්න තියෙද්දි මං මොලේ කචල් කරාද කොහේද.. හැක් හැක්...

      Delete
    7. @මනෝෂ් : ආයෙත් අහලා! :D

      @විදානේ : පාඨකයාට ඕන දේම ලියන්න ගියොත් ඔයාටත් වෙන්නේ හොටු කඳුළු බේර බේර කියවන්න මල් කතා ලියන්න..ඊට වඩා වටිනවා නෙව පාඨකයාට හිතන්න යමක් තියෙන මේ වගේ හොඳ නිර්මාණ...අපිටත් කියෙව්වම සන්තෝෂයි..ඔයාට නිර්මාණය ගැන සන්තෝෂයි..නේද? :)

      Delete
    8. මල් කථාවක් ලියන්න ඔ්න...

      Delete
  2. කියෙව්වා.මං මොකුත් නොකිය නිකං ඉන්නං.

    ReplyDelete
    Replies
    1. මේ තියෙන නරුම සමාජය ඩිංගක් හරි වෙනස් කරන්න ඔබේ අදහස් ඉතා වටිනවා, ප්‍රකාශ කල හැකිනම්..

      Delete
    2. ඇත්තටම හැලප අයියා කියන්න තරං දෙයක් නෑ නේද?
      මටත් හිතෙනවා කථාව අජ ....

      Delete
    3. @ මනොෂ්... හැලප අයියට කථා බැලිල්ල එපා වෙන්න ඇති D

      Delete
    4. එහෙම එකක් නෙවෙයි බං හැලප අයියා කියන්නෙ. කතාව උපරිමයි කියලයි ඔය නොකිය කියන්නෙ. අනේ මංද බං උඹත්. මං හිතුවෙ ඔහොම හිතන්නෙ මං විතරයි කියලයි.

      Delete
    5. ඇයි විදානේ තමන්ගේ කතාව අවතක්ෂේරු කරන්නේ ,ඔය කමෙන්ට් එක හැලප තුමා මගේ බ්ලොග් එකෙක්ත් දාලා ඇති, එහෙම කියලා ඒ කිඅමෙන්ට් එකෙන් ඔයාගේ ලිපියේ ගුණ අගුණ මනින්න බැහැ,

      Delete
    6. මේකට කියල දෙන්නකො අපූර්වී. දෙන්න හිතෙනවා හොම්බට විදානෙගේ.

      Delete
    7. @ අපුරි,
      අපොයි මං එච්චර දුර හිතුවෙ නෑ.. මේක ලියල දවස් ගානක් හිත හිත හිටියා දානවද කියල බල බල..

      @ දෙකක් දා ගත්ත වෙලාවක දුන්නනං..

      Delete
  3. විදානෙගේ "තරු" දානේ...!! ඒකත් මරු. දැන්නෙ දැක්කෙ.

    ReplyDelete
    Replies
    1. හොඳ හේතුවක් … !!!!

      බ්‍රෑන්ඩ් එක ගල්
      ~ ස්තුතියි ~

      Delete
    2. ඔන්න බාර් එක අරින්න යන්නේ.

      Delete
    3. චැහ්!! උඹ කාපන්. ඇයි උඹ සිල් අරන්ද?

      Delete
    4. ගල් හෝ පොල් මට නම් ඕන එකක්
      - ස්තුතියි -

      Delete
    5. ඒක හරි, මටත් ඔය ඕනි එකක්. බයිට් එක තමයි වැදගත්!!

      Delete
    6. ෂැන්ඩි වලට ක්ලබ් සෝඩා

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    7. ස්තූතියි නැවතත්!!

      Delete
    8. කෝ කෝ සෙක්සි පෝක්, බයිට් එකට.

      Delete
    9. මනොෂ්, පත්තර මල්ලී, ප්‍රියා & නිමෝ..
      තැන්කිව් මෙතැන පාර්ටියක් මෙව්වා කළාට..
      මේ 23 වෙනිදා මං සහ අපේ තව කට්ටියක් යනවා බෙලිහුල්ඔය.. ඕං එදාට නං පාර්ටිම තමයි.. එදාට මං මගේ පොට්ට කැබරාවත් අරගෙන තමයි යන්නේ.. පිංතූර ටිකක් අල්ලල දාන්නංකෝ...

      Delete
    10. @නිමෝ,

      පවු බං. හොඳවෙලාවට වැඩිය පේන්න නැත්තෙ.

      Delete
    11. අද සිරිපාලගේ හිත නිදහස් කියල තව පොඩි ඉගියක් දුන්නා නම්. කතාව මාරු

      Delete
    12. මනොෂ්, ඊයේ හවසත් හම්බුනා වත්ත උඩහදි

      @ ඇනෝ.. මොනව කරන්නද ,".ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දවිය නොහැක" කියනවනේ. මක්ක කොරන්නෙයි...

      Delete
  4. අද බස් එකේ එනකොට නින්ද ගිය දරුවෙක් වඩාගෙන මනුස්සයෙක් නැගලා
    වයිෆ් ඉස්පිරිතාලේයය
    ගෙදර තව දරුවේක සිටීය
    මේ දරුවා දාල එන්න තැනක් නැතිය
    ඒ නිාස දරුවා සමග ආවේය
    ජීව්ත වෙන්න ැහටියක් නැතිය
    කියලා පස්ට අදෝනාවක් දිග අරින ලදී. මිනස්සු දහය විස්ස පනහ පටි පවා දික් කරන ලදී. ඒ මිනිහාගේ අතමිට සරුවන්නට ඇත.
    නමුත් බස්රියේ වූ ගැස්සීම් හමුවේ කිසිදු ප්‍රතිචාරය්ක නොදැක්වූ ඒ කරමත නිද්‍රාවෙන් සිටි වයස හතරක පමණ දුවනිය මම ඒ සමස්ථ ක්‍රියාවලිය පුරාම නිරීක්ෂණය කලෙමි. මට පෙනුන ලෙස ඒ වඩාගෙන ආ ළමයා ගේ නින්ද ස්වභාවික එකක් නොවේ. ඒ ළමයා කෘතිමව කුමක් හෝ ක්‍රමයකින් නිදි කරවාගෙන පැමිණ අති සෙයක් පෙනුනි.

    බොහෝ මිනිස්සු බලන්නේ පේන දේ පමනි. අර මිනිහා එක බස් එකකින් රුපියල් දෙසීයක් වැනි මුදලක් හොයා බස් පාලවකට විතර ගොඩ වූ පසු සාමාන්‍ය මිනිසෙක් උපයන ගාන මෙන් දෙතුන් ගුනයක් සල්ලි හොයයි. කිසිදු වෛද්‍ය සහතිකයක් සනාථ කිරීමේ ලියවිල්ලක් නැතිව වුවත් නිදි දරුවෙකු වඩාගෙන ඒමෙන් මිනිස්සුන්ගේ අනුකම්පාව ඔවුන්ට ලැබේ.

    මා නම් මෙවැනි කිසිම හිගන්නෙක්ට කිසිම හේතුවක් නිසා සල්ලි නොදෙමි. සල්ලි දීමෙන් සිදු වන්නේ හිගනකර්මාන්තිය වැඩිදියුනු වීමක් විනා ඒ හිගන්නන් හොද මිනිසුන් වීමක් නම් නොවේ.

    ReplyDelete
    Replies
    1. අතිශය ලාබදායි, අවධානමෙන් තොර, පහසු ව්‍යාපාරයක් - සිඟමන.

      Delete
    2. දැන්ම පොට් එකක් වෙං කරගත්‍තනං හරි. මොකෝ බිම් කුළී ගෙවනව කියලැයි ?

      Delete
    3. හවසට ප්‍රාඩෝ එකේ නැඟල ශපාන් එකේ යන්න තියෙන්නෙ.

      Delete
    4. අමිල. මං හිතන්නේ තරු දානේ පැත්තේ දකින පලවෙනි වතාව වෙන්න ඕන.. මුලින්ම සාදරයෙන් පිළි ගන්නවා **දානේට...
      ඇත්ත අමිල.. දැං කාලේ යාචකයන්ගෙන් 1%ක් වත් නෑ ඇත්තට අසරණ අය.. තනිකරම ඉන්නේ හොරු.. ලංකාවේ තියන ලාභදායිම බිස්නස් වලින් එකක් තමයි හිගාකෑම කියන්නේ..
      .

      Delete
    5. @ ප්‍රියා, පත්තර & මනොෂ්, සිඟන්නෝ දිනන්නෝ..

      Delete
    6. ඔය අතර ඉන්න හැබෑවටම හිඟාකන උදවිය ගැන වෙනදටත් වඩා අනුකම්පාවක් දැනෙනවා මචංලා.

      Delete
    7. //හැබෑවටම හිඟාකන උදවිය// මේ කියන්නේ අපි ගැන නේද???????

      Delete
  5. විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
    ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි

    වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
    වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
    බඳට පියාපත් යුවලක් ලැබුනත්
    අහසේ දෙකලවර නුඹට දිනනු හැකිදෝ

    බඹරුන් පසුපස මල් දිව නොගියත්
    අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
    මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
    නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ


    පද රචනය : බන්දුල නානායක්කාරවසම්
    ගායනය : අතුල අධිකාරි
    සංගීතය : රෝහණ වීරසිංහ

    ReplyDelete
    Replies
    1. mwa kawiya kohomad mekata adala wenne??

      Delete
    2. මෙන්න මෙතනින් බලාගන්න.

      http://masandumal.blogspot.com/2014/07/blog-post_29.html

      Delete
    3. විසිරුණ මල් පෙති ලියන්න හේතුවුන ඇත්ත සීන් කේන් එක මං වයා ට නං යැව්ව...

      Delete
    4. වයා කිව්වෙ වයලීනොද බං?

      Delete
    5. සුදු ගව්මේ ඇයි මඬ ගෑවුනේ
      දැන්නම් ඉතින් ගෙදරින් බනි නංගෝ ..
      බොර ගං දියේ මල් යයි ඇදී
      අය්යේ මගේ ගන්නයි ගියේ ඒ මල් ....

      Delete
    6. මනොෂ්.. ඇ්තත තමයි ඔය වගේ තත්වයකට පත්වුනු කෙනෙකුට ආයේ ඉතින් කරන්න දෙයක් නෑ මේ සමාජේ.. ඔය සිංදුවේ වගේ හිතන අය ඇත්තටම අපි අතර ඉන්නවද?????

      Delete
    7. @ ඇනෝ.. සිරිපාලගේ දියණියගේ කෝනෙන් බැළුවොත්

      @ මහෙෂ්.. අපිටත් එවකෝ.. (cvpsur@gmail.com) කවුද වයා කියන්නේ...???

      @ සිංදු ඇනෝ.. ඒ ඉතිං බලෙන් ගාව ගන්න අය ගැනනේ...

      Delete
    8. This comment has been removed by the author.

      Delete
  6. ikman gamanin ihala nagga jak watunaa dadas kiyaa

    ReplyDelete
  7. හිතට දැනෙන්න කතාව ලියලා තියෙනවා බං...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ්..

      Delete
  8. හොඳ ලිපියක් විදානේ..අපි කතා කරකරා එකම තැන නැවතුණු මාතෘකාවක්..මෙහෙම සිද්ධි කොච්චර වෙනවා ඇතිද මේ පුංචි රට ඇතුළේ..හැබැයි සමහර මේනියාකාරයෝ කතාකරන්නේ කාන්තා දූෂණ නිකං ඒ මනුස්සයා දූෂකයාව ගෙට අරං බලෙන් කරවගත්තා වගේ..මම හිතන්නේ රටේ නීතිය කරවන උන්දැලත් එහෙමයි..එක්කෝ බලයි බොර දියේ මාළු බාන්න...කවුරුවත් ඒ අත්දැකීම ලබපු කෙනා සහ සමීපතමයන් පත්වෙන අසරණකම ගැන නින්දාව ගැන හිතන්නේ නෑ...ඔබ ඒ අසරණකම හිතට දැනෙන්න ලියා තියෙනවා...

    අනික් කාරණේ අළුත් නම! මල් හතයි ඈ! :D
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. අනිවා තනි තරු.. ඔය වගේ බොරදියේ මාළ බාන්න කට්ටියනං බොහෝමයි..

      පුළුවන් නං මේ ටිකත් බලන්න ස්තුතියි අගය කිරීමට

      Delete
  9. මේ මචෝ අපේ අති සේස්ඨ සඟිස්කුරුතිය නේ.. මේවා අදත් මහවැලි කළාපවල, දුෂ්කර පෙදෙස්වල ජන ජීවීතයේ එක අංගයක්. ගම ගැන නොදන්න උන්ට නිව්ස් එකක්. අපි අපේ ඒ උතුම් සිරිත් විරිත් රකිනා ජාතියේ විරුවන්ට ණය ගැතියි කියලයි මම නම් හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය කියන සේස්ට ස සංස්කුතිය අස්සේ, තව තව උප සංස්කෘතිත් තියනවානේ ඒ ඒ පලාත් වලට ආවේනික වෙච්ච.. ඉතිං ඒවාට අත තියන්න පාලක කියන උන් බයයි.. අන්තිමට හොදින් හෝ නරකින් ප්‍රශ්න විසඳන්න වෙන්නේ ගමවල උදවියටම තමයි..

      Delete
  10. අද වෙද්දි ගම්වල පමණක් නෙමේ නගරයෙත් මෙවැනි දේවල් වෙනව .....
    යම් වැඩක් කරගන්න රජයෙ ආයතනයකට ගියත්......
    පාසලකට දරුවෙක් ඇතුලත් කරගන්න ගියත්......
    පොලෝසියට පැමිණිල්ලක් කරන්න ගියත්.....
    හිරගෙදරට සිරකරුවෙක් බලන්න ගියත්........
    ගෙදරක වැඩට ගියත්........
    &
    තව තව දේවලට (මතකයට එන්නෙත් නැහැ බං ) කොහේ ගියත්.......
    පොරෝ පාර වැදිච්චි තැන තමයි ඉල්ලන්නෙ .....
    නිතිය ඇතුළු සැම දෙයක් "බල්ලට"ගිය රටක.........
    අපි මොනව කතා කරම්ද....... සුදු......... හෙක්...හෙක්.....

    ReplyDelete
    Replies
    1. අනිවා කෙන්ජි, පොරෝ පාරකට තියන තැන.. ඒ කියන්නේ අපේ සමාජේ ඉස්තරං නේ..

      Delete
  11. ඒ විදානයෝ.. මං මේ නිකමට අහන්නෙ, හිට් කවුන්ටරේට ඉමේජ් එකක් දාන්න කවුද බොට ඉගැන්නුවේ?? යේලා! යේලා!!

    ReplyDelete
    Replies
    1. පිස්සුද මං හිට් කවුන්ටරේට ඉමේජ් එකක් දැම්මේ නෑ.. හිට් කවුන්ටරේක ඉමේජ් එකක් දැම්මා..

      Delete
    2. ඔන්න ඇත්ත එක දැම්මා..

      Delete
    3. හුකෑස්!!! හුකෑස්!!! හුකෑස්!!!

      Delete
    4. ෙහක් ෙහක්..

      Delete
  12. පට්ට ඈ...
    සිරා බුවා පොල් පැලේ හිටෙව්වෙ ඇයි කියල මං සෑහෙන්න කම්පනා කොලා...
    අන්තිමට දෙකක් දාල ඇවිල් බැලුව..
    ඒත් හරි නෑ...
    ආයෙ දෙකක් දැම්ම..
    සුරුටුටුවකුත් පත්තු කර ගත්තට පස්සෙ තමා මීටර් වුනේ...
    හම්මේ...
    පට්ට පට පට ඈ

    ReplyDelete
    Replies
    1. විදානයෝ, මේ ඉන්නෙ බං ප්‍රබුද්ධ රසිකයෝ.. උඹ කියන දේ අපේ ගොං මොළේට නොවැටහුනාට. දැන්වත් හරිද. උඹ පිළිගන්නවද කතාවෙ උඹ හිතනවා වගේ අවුලක් නෑ කියලා.

      Delete
    2. ඇති යන්තං තේරුනු එකෙක් හම්බුනා.. මං මේ බයේ හිටියේ මං පට්ට පදිරි වෙයි කියලා...

      Delete
    3. මනොෂ්,

      //අන්තිමට දෙකක් දාල ඇවිල් බැලුව..//

      //ආයෙ දෙකක් දැම්ම..//

      //සුරුටුටුවකුත් පත්තු කර ගත්තට පස්සෙ තමා මීටර් වුනේ...//

      දැංවත් තේරේනවද සුරාවේ තියන වටිනාකම

      Delete
    4. ආ ඇත්තද? ගලුත් සරි, ගූත් සරි!!

      Delete
  13. ඇත්තටම ඔය පොල්ගහ පීදිලා ගෙඩි හැදෙන්න කොච්චර කාලයක් යයිද?

    ReplyDelete
    Replies
    1. මං නං කියන්නෙ ඔය සිරිපාල පොල් කියල හිටෙව්වට ඕක තැඹිලි … ගෙඩි හැදුණම බලපංකො.

      Delete
    2. උඹ කියන්නෙ රන් තැඹිලි කියලද ගොං තැඹිලි කියලද. හා පුලුවන්නම් කියහං.

      Delete
    3. ගහ තැඹිලි උනාට මං කියනෙ ඕකෙ හැදෙන්නෙ දෙල් … නිකං දෙල් නෙවෙයි රට දෙල්.

      Delete
    4. මට නං නිකං හිතෙන්නෙ තක්කාලි වගේ ජාතියක් හැදෙයි කියලා.

      Delete
    5. අමුමිරිස් වාගෙ හැදුනනං සිරිපාල බොස් ගොඩේ ගොඩ … කෝටිපතියෙක් උනෑකි !!!!

      Delete
    6. නයි මිරිස් වගේ හැදුනනම් අඹරලා අරූගේ අහවල් තැන ගාතහැකි. ඕ යේස්!!!

      Delete
    7. නෑ නෑ ඔය පොල් ගහේ හැදෙන්නේ පොලොස්..... බොලන්ලා මොකෝ කියන්නේ..???

      Delete
    8. අපරාදෙ, මේ කොමෙන්ට් ටික දැක්කනං සිරාට මම මොකක්ද කරගත්ත ගොංකම කියල හිතෙයි. එහෙනං පොරට තව කසිය බෝතලයක්ම ගහන්න වෙනව හිතේ අමාරුවට.

      බ්‍රෑන්ඩ් එක කටුකම්බි, බයිට් එකටනං උදලුමිට තමයි ගන්න වෙන්නෙ.

      Delete
    9. ප්‍රසන්න අයියා,
      සිරිපාල කවදාවත් ඒ පොල් පැලේ දිහා බැලුවෙවත්නෑ.. සාත්තුව නැති නිසා මැරිල ගියා..

      Delete
    10. @ පත්තරේ, මනොෂ්, නිමෝ.. මං නං හිතන්නේ පොල් ගහක හැදෙන්න ඕන පොල් රා විතරයි කියලා...

      Delete
    11. චැහ්! කිතුල් රා නම් මොනාහරි කරන්න තිබුනා. පොල් රා වලට වඩා හොඳයි විනාකිරි.

      Delete
    12. ඒකෙත් පොඩි ලල් එකක් තියනවා..

      Delete
  14. මේවා තමා බං ඇත්ත.! තමන්ගෙම දරුවට හදි කරපු එකාට විරුද්ධව පියවරක් ගන්න හයියක් නැති වෙන්න තරම් අහිංසක මනුස්සයන්ගෙ කොන්ද කඩා දාලා තියෙන්නෙ අපේ මනුස්සයොමයි.

    කතාව සුපිරියි මචෝ!!

    ReplyDelete
    Replies
    1. කොදු කැඩුනු මිනිස්සුත්, හිටි ගමන් නැගිටිනවා කාටවත් නොදැනේන

      විස්තර සඳහා මෙතැන බලන්න

      Delete
  15. මොකක්ද බං උඹ අපිට තරු පෙන්නන්නෙ? :D

    ReplyDelete
    Replies
    1. තරු දානෙ බං. ඒකටම ගෑපෙන්න තරු පේන්න ලියල තියෙනවා.

      Delete
    2. තරු අරුන්දතී … නෙතු පහන් නිවා …

      Delete
    3. ....සිත් පහන් දල්වා..

      Delete
    4. වහපියව් කටවල් තොපි දෙන්නා. මෙතනත් ආවා සිංදු සාගරේ දාන්න.......
      බලන බලන තැන ශින්දු කොටලා.. අපි සින්දු දන්නවනම් තව කමක් නෑ..... ඇයි යකෝ...!!

      Delete
    5. @ ප්‍රියා,
      ඔය ගැන මං පොස්ටුවකුත් ලිව්වා .. මලදානේ වෙනස් කොරේ නැත්තං මටයි තරු පේන්නේ..

      Delete
    6. @ මනොෂ්, පත්තරේ & නිමෝ..
      තරු අත් අකුරින් ලියා එවම් ඔබට පෙම්පත.... yela'' yela''

      Delete
    7. කවුද යකෝ සෙට් එක වැහුවේ??

      ඔබෙ සුවඳ තමයි මා හට ඇති එකම සැනසුම..

      Delete
    8. //ඔබෙ සුවඳ තමයි// ඔබෙ සුවඳ පමණි.. ලෙස නිවැරදි විය යුතුයි

      Delete
    9. ඒකනේන්නම් වැරදිලානෙ. ස්තූතියි විදානෙ නිවැරදි කලාට.

      Delete
  16. මේ කතාවට තව කොටසක් තියෙනවා නේද ජලදානේ ???

    ReplyDelete
    Replies
    1. නෑ, නෑ, ජලදානෙ නෙවෙයි, තරු දානේ.

      Delete
    2. මැලේ බොලේ,
      තව කොටසක් නම් නෑ.. හැබැයි පුළුවන් නං මේ ටිකත් බලන්න

      Delete
    3. මනොෂ්,
      ඕන මේව්වා එකක්

      Delete
    4. අපියෑ කියන්නෙ උඹමනේ.

      Delete
    5. අපි එහෙමයි

      Delete
  17. මං හිතුවේ පොල් පැලේ හිටුවන්නේ පියරත්න ගේ මල සිරුර වැලලු වල වහන්නට කියායි.

    ReplyDelete
    Replies
    1. ඔබ හිතපු හැටි නිවරදියි කතන්දර, හැබැයි එය ඒත්තු ගන්වන්නට මං අසමත් වී ඇති බවක් දැනේ... පුළුවන් නං මේ ටිකත් බලන්න

      Delete
    2. @ අපූරි,
      yela'' yela''

      Delete
    3. ඔයා ඒ බව මනාව කියලා තියෙනවා,,, කියවන අය තේරුම් ගන්න ඕනේ

      Delete
    4. කියවන අයට බර පටවන්න හොඳ නෑ ඉඳගෙන..

      Delete
  18. ඊයෙ රෑ කියෙවුවා. වචන අතුරුදහන් උන නිසා මුකුත් නොකියාම ගියා. අද ආයෙ ඇවිත් කියෙවුවා. ඊයෙ තත්වයම තමයි. හ්ම්ම්ම්.... උඹ ලියන කතා හිතට බර වැඩියි විදානේ.

    ReplyDelete
    Replies
    1. වැහ්, මට තාම බැරිඋනානේ හිත සැහැල්ලු වෙන විදියේ එකක් කොටන්න.. දැන් මට මෙව්වා වෙනවා මාත් ඉන්නේ එක රාමුවකට කොටු වෙලා කියලා..
      ස්තුතියි බස්සි බර වැඩි උනත් මේ පැත්තට ගාටනවට..

      Delete
  19. මල්ලි කෙනෙක් ඉන්නවනේ … අවුලක් නෑ !!!!

    ReplyDelete
    Replies
    1. ඌ ගේම දෙයිද අරූට?

      Delete
    2. නොමැරුවත් රිටන් එක නං දෙයි ආයෙ ගෑණියෙක් දිහා නොබලන්න …

      Delete
    3. බැලුවත් වැඩක් නැතිවෙන්ඩ!!

      Delete
    4. තාත්තා මල්ලිට ඉතුරු කරල නෑ පත්තරේ....

      Delete
    5. @ මනොෂ්..
      //ඌ ගේම දෙයිද අරූට?// ඇයි අහිංසක අරූ අයියව මේවට පටලවන්නේ..

      Delete
    6. යකෝ කට වහගනින්. හොඳ වෙලාවට මේ දවස්වල ඒ මනුස්සයා වැඩිය පේන්න නැත්තෙ.

      Delete
    7. ඇයි ද දන් නෑ.. පොඩ්ඩක් හොයා බලමුද

      Delete
  20. කැලෑ මල් පිපෙයි සුවඳ දිදී තුරු වදුලේ වනන්තරේ
    අමා ලොල් බමර පිරිස ඇදේ මලින් මලට හිමින් සැරේ
    සිනා ‍රැල් නැගේ ගිගිරි නදින රේණු සැලෙයි නිරන්තරේ
    සදා කල් අඞා වැළපීමයි කැලෑ මලේ කතන්දරේ

    සලෙළ දනන් කුල්මත් කළ ඔමරි ලතාවයි
    මල් උයනේ සුවඳ සැදූ කිඳුරු ලතාවයි
    මලක් පිපී හිනැහෙන්නේ එකම වතාවයි
    මේ සුපිපුණු එවන් කැලෑ මලෙක කතාවයි

    ළඳුනි නුඹෙන් තොර ලොවකට නොමැත සිනාවන්
    නෙත රසඳුන් මියුරු වදන් නොමැත අමා වන්
    මල් පත්තිනි අම්මාවරු වන් වනිතාවන්
    මල් මෙළඳුන් අතරතුරේ වාසනාවන්

    ගී පද - සුනිල් ආරියරත්න
    ගී තනු - එච්.එම්. ජයවර්ධන
    ගායනය - සුනිල් එදිරිසිංහ

    1982 දී තිරගත කළ "කැලෑ මල් " චිත්‍රපටයෙන්...

    ReplyDelete
    Replies
    1. ගම් දනව්වකය පිපුනේ කැලේ
      දැන් සිදාදියේ නැවතුම් පලේ
      ගමට හිටිය ලස්සනම එකී
      ගමේ කැලෑ මල අහිංසකී

      අතින් අතට යන කිරිල්ලියක් වෙන්නට නොසිතූ
      නුඹ කුරිරු ලෝකයේ ගොදුරක් වූ පසුවිය අමුතූ
      මේ ඉරණම නම් සිහිනෙන්වත් කිසිවිට
      නොසිතූ කිසිදා නොපැතූ

      යහන් ගතව ඔබ එක පැයකට එක අයෙකු සතූ
      සිත ගත්ද තලාගෙන කඳුලින් ඔබගේ තෙමෙයි නෙතූ
      මේ ඉරණමනම් සිහිනෙන්වත් කිසිවිට
      නොපැතූ කිසිදා නොපැතූ

      Delete
    2. මුලින්ම සිංදු ඇනෝව සාදරයේන් පිලිගන්නවා මේ ** දානේ ට...

      එකෙන්ම මං අල නැති ගීයක් තමයි මේ දාල තියෙන්නේ.. ඒකට බොහෝම ස්තුතියි..

      Delete
    3. අඩේ මනොෂ් මං මේ සිදුවත් අහල නෑ නොවැ. අහන්න ලින්ක් එක දැම්මනං කොච්චර වටියි ද??

      Delete
    4. මචෝ ඩවුන්ලෝඩ් කරන්න තැනක්නම් හොයාගන්න බෑ. මං ඔයාට මේලක් දාන්නම් සිංදුව.

      Delete
    5. cvpsur@gmail.com මෙන්න විද්‍යුත් ලිපිනය..

      Delete
  21. කතාව හොද බව ටිකක් කියවනකොට තේරුණා,හෙමීන් කියවන්නම් ..නිදහසේ කියවන්න ඕන එකක් වගේ
    ජයවේවා....

    ReplyDelete
  22. පොල් පැලේ හිටෙවුවේ අර අමනයව යට කරලා හින්ද ඔය ගහටත් හෙන ගහයි දවසක,,,

    බැග්රවුන්ඩ් මාරු කිරීම ගැන මාගේ බලවත් නොමනාපය

    ReplyDelete
    Replies
    1. අපූර්විගේ මූණ් නිකන් වොන්කාගේ වගේ!!

      Delete
    2. එයා මිස් වර්ල්ඩ් වෙච්ච කෙනෙක්ද මනෝ :)

      Delete
    3. නෑ, නෑ, එයා චොකලට් කොම්පැණියක අයිතිකාරයෙක්, බලල නැත්ද චාලි ඇන්ඩ් ද චොක්ලට් කම්පැණි.

      Delete
    4. @ අපූරි..
      අනිවා ගහටත් හෙන ගහයි දවසක...

      මං මුලින්ම ලිව්වේ කළු බැග්ග්‍රවුන්ඩ් එකේ සුදු පාටින්.. අපේ අරූ අයියගේ ඇස් පෙනවා හොර නිසා ඒක අයින් කරන්න උනා..
      හිතට හරියන එකක් හදාගන්න වෙලාවක් තිබුන් නැති නිසා අතට අහුවෙච්ච එකක් දාල තබ්බා.. දැං යංතං එකක් දා ගත්තා (මං වැඩිපුර කැමති පාට තුනෙන්ම කළු සුදු සහ අලු වලින්)

      Delete
    5. @ මනොෂ්..
      හපොය්, අහිංසක වොන්කාට කොරන අපහාස

      Delete
  23. එතකොට පොල් පැලේ හිටෙව්වෙ අරූගෙ වල උඩ....ටිකක් වෙලා ගියා බං තේරුම් ගන්න...මොනවා උනත් උඹ ඒ ගැන වක්‍රව කියලා තියෙන විදිය අපූරුයි.

    ReplyDelete
    Replies
    1. තේරුම් ගන්න පුළුවන් උනානං සතුටුයි සිරා.. මට හිතුනේ මේ මගුල කාටවත් තේරෙනකක් නෑ කියලා... ස්තුතියි අගය කිරීමට

      Delete
  24. කතාව කියවන්න පටන් ගනිද්දි නම් මේ වගේ කතාවක් වෙයි කියලා හිතුනේ නෑ.. කතාව දැනෙන්න ලියලා තියෙනවා ....

    ReplyDelete
  25. Replies
    1. ස්තුතියි සන්ජය සිතුවිලි, ඒ වගේම මේ ** දානේට සාදරයෙන් පිළිගන්නවා...

      Delete
  26. සී ජේ....උඹ කොමෙන්ටුවෙන් කරපු පහදා දීමෙන් පසුවයි මචෝ මගේ ගොන් මොලයට කථාව හරියටම මීටර් උනේ....
    තව පොඩි හින්ට් ටිකක් ඉස්සරවෙලාම දුන්නානම්..ඒ කියන්නේ අර පස් එකතු කරන එක ගැන කියන ගමන්....අඩුගානේ ගෙදර අයව කොහේට හරි ඇරියාය...නැත්නම් වසර ගානකට පස්සේ කසිප්පු බීවාය වගේ මොනා හරි සැක හිතෙන දෙයක් ලිව්වානම් මම වගේ මොල බාගේ අයිටම් වලට වැඩේ මීටර් වෙන්න තිබුනා...
    බොට මේවා සිම්පල්....
    කොහොම හරි ගෙදර අය බ්ලොගේ නමත් වෙනස් කොලා එහෙනම් ඈ...!

    ReplyDelete
    Replies
    1. ඔව් මං පිළිගන්නවා එහෙම උනානං හොදයි කියලා. චැහ් මොනවා කරන්නද "ගිය ණුවන ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැක" කියල තියනවනේ....(කසිප්පු කථාවනං යන්තං තියනවා වගේ)
      -- ඒකනේ කියන්නේ අන්තිමට වෙනස් කරල දැම්මා..

      Delete
  27. මමත් බලාපොරොත්තුවුව්නෙ සිරිපාල සාධාරනයක් තමන්ම ඊෂ්ඨකරගනි කියල.එත් එක මතුවෙලා මදි.කමෙන්කියෙවුවම එක තෙරුනේ.උබ වහෙන් ඔරො කියලනම් තියෙනව ඇත්තටම.
    මෙ විදියෙ කෙස් එකකපිට කිට්ටුගමක තිබුන ඉස්සර.සහොදරයො හතරදෙනෙකුයි එයාලගෙ යාලුවො කිප දෙනෙකුයි නිසාජවිපෙ කාලෙ සහොදරයො තුන්දෙනෙක්ම ඉවරවුනා.එකෙක් ඉතුරුවුනෙ පොලිසියට භාරවෙලා හිරෙහිටිය නිසා.උත් කාලෙකට පස්සෙ ගමට ඇවිත් ඉන්නකොට යාලුවොම මිනිහට වැඩෙදුන්න මොකද යාලුවන්ටත් දැන් ගැනුදරුවො ඉන්න නිසා.

    ReplyDelete
    Replies
    1. //එත් එක මතුවෙලා මදි.// මගේ ගොං මොලේට පස්සෙනෙ වැටහුනේ..

      අනිවා විස ලග තබාගනීම විනාශයට අත වැනීමක් වෙන්න පුළුවන්.. අනික ඒ වගේ අයට වැඩි ආයුෂ නෑ දන්න කියන උදාහණ කීපයක්ම තියනවා...

      Delete