ඔහේ මොකෝ,
පෙරේද රෑ.,
හීනෙන් ඇවිත් මට පෙනුනේ ...
එවෙලේ ඉදන්,
මගේ හිතත්,
තොන්තුවෙන් මේ වෙනකං..
කන්නත් බෑ,
බත් කොරහේ,
ඔහෙගෙ මූණ මට පේනවා..
කලු වයිරගේ,
වල්ගේ වගේ,
ඔහෙගෙ කොන්ඩේ මතක්
වෙනවා..
බුලත් පයියේ,
ඔහේ ඉඳන්,
කිති කවනවා වගේ
දැනෙනවා..
දීග ගියපු,
මගේ පොඩිඋන්,
ලමයි එක්ක හෙට එනෝලු..
අනේ එතනෝ,
අයේ එහෙම,
එන්න එපා මගේ හිතට..
වස ලැජ්ජයි,
මයේ සුමනා,
ඇඹුල අරන් එනවා දැං...
පිදුම - විචාරක සීයාට..
මොකක්ද බොල මේ හත්තිලව්ව? අම්මපා උඹත් එහෙනම් මහේ හිතට එබිකම් කරලා බැලුවා ඈ. කමක් නෑ කමන් නෑ. ඔයවගේ එව්වා මටත් නොහිතෙනවාම නෙවෙයි. හොඳට ලියවිලා තියනවා. කෙටියි රසවත්.
ReplyDeleteහිතට එබෙන්න දෙයක් තිබ්බයැ..එදා අර සිංහලාඩම ගැන කියවපු වෙලාවේ.. තව පරන එව්වා දෙක තුනක් කිව්වේ....
Deleteහැක් හැක්.... ස්තුතියි
ඉඳල හිටල
ReplyDeleteහීනෙන් හරි පේන්න
එතනෙක් ඉන්න එක
කොච්චර මිහිරි දෙයක්ද...!
ඉඳලා හිටල හරි
විදානෙගේ මේ දානේ
මෙහෙම බෙදන එකත්
ඒ වගේමයි
මේ මට නං....!!!!!
දවල් තිස්සේ..
Deleteකැලෑ කොලේ,
මහ කඳුවල,
බඩ වැටිවල..
මායිං හොය හොය දුවනවා !!!
ඔපිස් ගියත්,
සිග්නල් නෑ,
නිට්ටඹුවක් වගේ ඒක ...!!!
තාත්තේ අඩා,
තාත්තේ අඩා,
පුංචි එකී හැන්දෑවට..!!!
................
...............
............................,
එහා ගෙදර,
ආච්චිඅම්මා,
නිවන් ගියා ඊයේ උදේ..
ඒකයි මේ,
අද දවසේ,
පුංචි නිදහසක් ලැබුනේ..
(තිත් වලින් ඇති දේ ගැන නෙවිමසන්න...)
ස්තුතියි ඈ..
මේකත් එල ද බ්‍රා
Deleteතාත්තේ අඩා,
තාත්තේ අඩා,
පුංචි එකී හැන්දෑවට..!!!
මේ කෑල්ල වැදුනා බොක්කට..
අනිවා මචෝ හැමදාම මගබලන් ඉඳලා එනකොටම උඩ පනිනවා..
Deleteඇයි බොල මෙන්ඩො, ඔය තිත් දාල තියෙන ටික තමයි මේකෙ භයානකම හරිය කියල බොට තේරෙන්නෙ නැද්ද?
Deleteමෙන්ඩෝ.............
Deleteඑහා ගෙදර,
ආච්චිඅම්මා,
නිවන් ගියා ඊයේ උදේ..
මට නං මේ කෑල්ල වැදුනා හොදට ම.... බොක්කට ම
@ ප්‍රසන්න අයියා..
Deleteඅතිශය බයානක හරිය
@ කුරුටු
කොහොමත් ඔහේට ආචිචිලා බොක්කට වදින හැඩයි.. හැක් හැක්
යකෝ මේ මනුස්සයට දීගතල දීපු ළමයි ඉඳලත් මනමාලකම අඩුවෙලා නෑනෙ.
ReplyDeleteඇති යංතං මූට මේක මතක් උනා. විදානේ සමග යලි නැගිටිමු.
පිබිදියව්, ඔද වෙයව්, ඉදිරියට යමව්..
Delete- මං පුංචි කාලේ ගියපු දියලපේ කනිෂ්ඨෙ ඒකාලේ තිබ්බ පාසල් ගීය පටන් ගන්නේ එහෙමයි -
මං එතනින් තමයි නැගිටින්න පටන් ගත්තේ...
බය වෙන්න එපා ප්‍රසන්න අයියා.. මං දිගටම නැගිටිනවා...
ස්තුතියි ඈ..
ඈ බන් විදානෙ දියලපේ කනිෂ්ටෙ පාසල් ගීය ජාතික ගීයටත් හොඳයිනෙ. පිබිදියවු ,ඔදවෙයව් ,ඉදිරියට යමවු කියනකොට මාර ගැම්මක්නෙ එන්නෙ.
Deleteකනිෂ්ටෙ පාසල් ගීය ජාතික ගියෙ තව කෑල්ලක් තිබුනා මු ඒක දාලා නෑ
Deleteපිබිදියව්, ඔද වෙයව්, ඉදිරියට යමව්..පිටුපසටත් යමව් (තාප්ප නැත්නම්)
@ මධ්‍යස්ථ..
Deleteඅවුරුදු දෙක තුනකට පස්සේ ඒ පාසල් ගීය වෙනස් කරලා.. මං හිතන්නේ සැර වැඩියි කියලා වෙන්න ඇති.. දං තියෙන්නේ වෙන එකක්..
මෙන්ඩෝ.. ඒ කාලේ ඔය දැං වගේ හැම තැනකම තාප්ප තිබ්බෙ නෑ..(86 විතර) තිබ්බනං ඒ මාර මැජිත් තැනක තමයි.. ඒ හින්දා තාප්ප ගැන නං තිබ්බේ නෑ ගල් වැටක් ගැන නං තිබ්බා..
Deleteබලං ගියාම මූ පුත්තලං බූරුවො හැට හුට හමාරක වයසනෙව
Deleteහැට හුට හමාරයි තව දෙන්නෙකුගෙයි
Deleteඅපේ පංසලේ තාප්පයක් තිබ්බා. ඒකෙ අලිත් හිටියා :D
Deleteනාකි විසේ ගෙටත් උසේ කියන්නේ ඔ්කයි.... (මෙම කමෙන්ටුවෙන් විචා තුමා පිළිබද නොකී බව සලකන්න)
Delete@ පත්තර, අර තාප්පේ අලි හිටියනං උඹට බෆර් හොයල විතරක් බේරෙන්න හම්බෙන් නෑ සුදෝ..
Delete@ කුරුටු, නාකි ඉතිං විචා නෙවෙයිනං වෙන කවුද?
මතකතියාගනියව් 'පරණ තුවක්කු හොඳට තෙල් දාලා එහෙම ගත්තම තාමත් පත්තුවේ'
Deleteඅපිටනං ඉතිං තෙල් නොදා උනත් පත්තු වෙන්නේ "පරණ අරක්කු" තමයි
Deleteඔහොම තම වයසට යනකොට විදානේ
Deleteනියම පබැදුමක්....
ReplyDeleteමේ අවුරුද්දටම පෝස්ට් දෙකයිනේ බොල දාලා තියෙන්නේ...මදි මදි මදි
අවුරුද්දට දෙක ගානේ අවුරුදු පන්සීයක් බ්ලොග් එක කරගෙන යන එක තමයි මගේ පරම මෙව්වා එක..
Deleteස්තුතියි මනෝ
ඓහෙනං ඉතිං අවුරුදු 500 ක් මෙහෙම කොමෙන්ට් දාන්න අපිටත් බොලා පාවිච්චි කරන බෙහෙත දීපං මල්ලි.
DeleteCH3-CH2-OH, දිනකට 375ml බැගින් දිනපතා පාවිච්චි කරන්න...
Deleteවැඩේ ගොඩ ප්‍රසන්න අයියා..
දින කිහිපයක් පල් කරන ලද තෙලිජ්ජ හත්පතක් එක් පතකට සිද උදේ සවස කෑමට පෙර අඩු කෝප්ප දෙක බැගින් පානය කරමින් ගංජා පැලැටියක කොල,මල්, එකට ගෙන මද අවුවේ වේලා කැබලි කර දල්වා දුමින් නස්න කිරිමෙන් අවුරුදු පන්සීයක් ආයු වැළදිය හැකි බවපුරාණ හෙළ වෙද පොත්වල සදහන්වී ඇත...
Deleteඅන්න හරි මනෝ.. හැබැයි ප්‍රසන්න අයියා හැමතිස්සේම දකින බේත් කඩේකින් ගන්න පුලුවන් දෙයක් තමයි මම කිව්වේ..
Deleteඉස්සරහ කඩෙන් අහල බලන්නෝන උඹ කියන බ්‍රෑන්ඩ් එක තියෙනවද කියල.
Deleteඅැයි ප්‍රසා................
Deleteඔය කඩේ නැද්ද??????? බූලි වල ගෙනැල්ලා වික්කානම් වැඩේ ගොඩ.....
ඉස්කෝලෙ යන කාලෙ ඉගෙන ගත්තට ඕව මහා පරිමානෙං කරන්න වෙයි කියල හිතුවෙ නෑනෙ. බැරිද ෂෙයා හෝල්ඩර් කෙනෙක් වෙන්න.
Delete@ ප්‍රසන්න අයියා
Delete1. තියනවා තියනවා.. අද්දැකීමෙන් කියන්නේ..
2. අපරාදේ ඒටිකවත් හරියට ඉගනගත්තේ නෑනේ..
@ කුරුටු
බූලි වල ගෙනල්ලා විකුනන්නේ බලංගොඩ අලුත් නුවර පැත්තේ... හැක් හැක්
අා..................... අැඹිලිපිටිය පැත්තේ විකුණන්නේ බනිස් මලු වල දාලාද?????? අර කාර්වලට ඒහෙම පනින්නේ ඒවා බොන ඒවුන්ද????
Deleteහෙහ් හෙහ් මරු නිර්මාණය. සීය කෙනෙකුගෙ අභ්‍යන්තරය මරුවට ලියවිල. මට නිකමට මතක් වුනා ජයශ්‍රී ලගෙ මොඩ් ගොයිය .
ReplyDeleteඅර පැරණි පෙමක සුවඳ දිගේ ගඟ පහලට ගලන්නේ කියන්නේ...
Deleteගොයියන්නේ උනත් පොඩි පොඩි පරණ සීන් තියනවනේ...
ස්තුතියි ගන්ධබ්බයාට ගොඩවැදුනට...
ඒ කවුද බොල ගන්ධබ්බයා..............
Deleteමෙන්න බොල ගන්ධබ්බයා..
Deleteඅද උදේම උඔගේ අන්තිම පොස්ට් එකට කමෙන්ටුවක් දැම්මා අඩුම ගානේ අර ඊයේ රැ කියපු කයියවත් ලියපන් කියලා..
ReplyDeleteඔය තියෙන්නෙ එල ද බ්‍රා වගේ
ලගදිම දවසක අපි උඔලාගේ පැත්තට එනවා අඔ රසය සමගින් හතරපාදි වෙන්න ..
අඹ නැතුව ගල් බොමු...
Deleteමෙන්ඩා..
Deleteමෙව්වා මොන කවිද.. එව්වානේ කවි...
අඹ රසය සමගින් හතරපාදී වෙන්න...හැක් හැක්...
ඇපල් රස සමගින් බුලත්විට කන්න..
තාප්ප මතින් වාහන පදවන්නට...
හැක් හැක්.. වරෙන් වරෙන්...
ගල්බොන්නෝ දිනන්නෝ.. නේ ප්‍රසන්න අයියා...
Deleteබ්‍රෑන්ඩ් එක ගල් ඒ වුනාට මේ පාර ඉයන් ආදිපාදිතුමාගේ මෙව්ව එක සමරලා අඔ ගහමු
Deleteඅලිගැට පේර, දිවුල්, අන්නාසි, වෙනිවැල්ගැට, සිදරං, මේ ඕන දෙයක් ඔට්ටුයි....
Deleteසීනි කරිංඥං :D
Deleteහැලි..
Deleteමෙහම එකතුවෙලා අඩ්ඩක් ගහන්න මුලික අඩිතාලම දැම්මේ උඔ..ඒකේ ගෞරවය සම්පුර්නයෙන්ම උඔට..අපි එකතුවෙලා අඩ්ඩක් ගහන හැමවෙලාවකම උඔව මතක් වෙනවා පත්තර මල්ලි
Delete@ පත්තර..
Deleteකොරෙක්ස්
@ ප්‍රසන්න අයියා..
වලං
@ මෙන්ඩා..
අනිවා මචං අඩියක් ගහන හැම වෙලාවකම මට මූවයි, උඹවයි, උපුලවයයි මතක් වෙනවා..
මගේ සොට් එක බිමට හලපල්ලා මත ඇතුව ඈ.. උපුලා කියන්නෙ මගේ හිතට වැදුන මනුස්සයෙක්..ඌ ළඟපාතක හිටියනං අගේ කියන්න බෑ බං.
Deleteබිමට හලලා බිම ලෙවකනවා ඉදගෙන..
Deleteඋපුලා ගිය සතියේ නුවර ගොහිං.. වෙඩින් එකක වැඩ ටිකකට...
විචා නිසා හරි උඹ මෙහෙම හරි ලියපු එක ලොකුදෙයක් ....ජයවේවා !!!
ReplyDeleteසුළඟින් බිත්ති තැනූ සුවඳින් පිරියම් වූ
මාලිගයකි මගෙ හද දොරගුලු නැති
පිරී තියේ තදබද වී ආදරේ..
අහසකි මගෙ හිස සියොතුන් හැසිරෙන
සැමරුම් මේ කුළු අතර නිරන්තර
නිදහස ඇත කාටත් පිවිසෙන්නට
ඉන්න එපා පිලිපත්තේ ආදරේ..
මුව විට තෙක් හද ඔබෙන් පිරී ඇත
එනමුත් සැමදින පුංචි ඉඩක් ඇත
තව එක් අයෙකුට පිවිසිය හැකි ලෙස
දොරක් වැසී දොරක් ඇරේ ආදරේ
නාට්‍යය - තාරාවෝ ඉගිලෙති
/මුව විට තෙක් හද ඔබෙන් පිරී ඇත
Deleteඑනමුත් සැමදින පුංචි ඉඩක් ඇත
තව එක් අයෙකුට පිවිසිය හැකි ලෙස
දොරක් වැසී දොරක් ඇරේ ආදරේ/
අපේ නං දොරවල් දාහක් විතර ඇරිලා තියෙන්නේ.. හැක් හැක්..
තැන්කිව් සිංදුවට සිංදු ඇනෝ...
සින්දු ඇනෝ
Deleteඅහලත් නෑ බං
එල ද බ්‍රා
සිංදු ගබඩාව..
Deleteවිදානෙ කවි ලියල.. පොහ්.. මට පාංද..
ReplyDeleteඅර විදානෙග මළ දානෙ තරු දානෙ විදියට වෙනස් කල දා ඉදං තොට හෙනහුරා ලබල.. ඉදෙකිං.. හොදට ලියල ලිය ඉදල තොලොංජි වුණානෙ.. ලබ්බ..
හැමදාම වගෙ අකුරු වැරදී.. මොනාත් කියන්නෙම නෑ.. ඒ උඹෙ අනන්‍යතාවය නෙ.. හැක්..
පරණ සබන් කෑල්ලට යන්න කිව්වා....
Deleteඅකුරු වැරදීම දේව ගතියක්.. සමාව දීම මනුස්ස ගතියක්.. අර කථාවකුත් තියෙන්නේ..
කොහොමින් කොහොම හරි මගේ අනන්‍යතාව රැකගෙන මේ බ්ලොග් එක තව අවුරුදු පන්සීයක් විතර ඉස්සරහට ගිනියන්න තමයි බලන්නේ..
ස්තුතියි එව්වා මෙව්වා වලට..
//කොහොමින් කොහොම හරි මගේ අනන්‍යතාව රැකගෙන මේ බ්ලොග් එක තව අවුරුදු පන්සීයක් විතර ඉස්සරහට ගිනියන්න තමයි බලන්නේ..//
Deleteඒහෙනම් මචං අායේ ලබන අවුරුද්දේ මැද හරියේ මේ පැත්තට ඒන්නම්... ජයවේවා
ලබන අවුරුද්දේ මැද ආවත් ඊලග ආත්මේ මැද හරියේ ආවත් උඹට මේ තරු දානේ බැබලි බැබලි තියනවා දකින්න ලැබෙයි කුරුටු මචෝ..
Deleteඒහෙනම් ඉතින් තරුවක හරි ලයිට් ඒකක හරි රූපයක් ඒල්ලහං... නැත්තං කොහෙද බැබලෙන්නේ...
Deleteමේක ඇවිල්ලා තරු දානේ...
Deleteමචං නොතේරෙන වචන දෙකක් තියෙනවා....... අනේ පහදලා දීහංකෝ....
ReplyDeleteපයිය යනු කුමක්ද????
කලු වයිරාගේ වල්ගය අැත්තේ ඔලුවේද?????
මචං තරහා නැත්තං බඩුවක් අහන්නද???? අර ටිකිරා අයියාගේ සමපෝෂ ගුලිය ගැන පෝස්ටුව ලියන්නෙම නැද්ද බං..... නැත්තං නෑ කියහංකෝ... මං හිත හදාගන්නම්....
මූ ඒක ලියන්නෙ සමපෝෂ කොම්පැනිය වහපු දාක තමයි.
Delete@ කුරුටු..
Delete01. පුරාතනයේ පයිය ලෙසින් හැදින්වුයේ යමක් කමක් දාගෙන යාහැකිව තිබූ මල්ලක් වැනි දෙයකටයි. සහල් ගෙනආ මල්ල හාල්පයිය ලෙසත්, මල් ගෙනආ මල්ල මල්පයිය, කොට ගෙනආ මල්ල කොටපයිය, හැලප ගෙනආ මල්ල හැලපයිය, ලෙසත් හදුන්වමින් පුරාතන ජනතාව ඉතා දැහැමින් සෙමින් කල් ගෙව්වා. මේ කාලයේදීම පුරුෂයාගේ එල්ලෙමින් පවතින අවයවය දුටු එක් කිවිඳියක් එම අවයවය මල්ලකට සමාන කළා.. ඇය එසේ සම කරමින් කව් පැදි කීපයක්ම රචනා කළා.. ඉන් ඔද තෙද වැඩුනු හුදී ජනයා පුරුෂයාගේ මෙම අවයවයට මල්ල ලෙසින් අමතන්නට එනම් "පයිය" ලෙසින් අමතන්නට පටන් ගත්තා.. කල් යත්ම කුරුටු, බොහෝ කල්යත්ම.. පෙර කී සියලු මලුවලට කියන නම් මියගොස් පුරෂ අවයවයට පවසන මෙම පයිය පමනක් සමාජයේ ඉතිරි වූවා..
ඉනික්බිති පයියක් ඇත්තා පයියා ලෙස හදුන්වන්නට වූවා...
ඉතිං කුරුටු .. මෙන්න මේ වගේ දෙයක් තමයි "පකට" සහ "ලබ්බට"ත් සිදු වූයේ..
සද්ධර්මරත්නාවලියේ මේ පිළිබද මනරම් විවරණයක් තිබෙනවා...
02. ඹහේට ඕන තැනක් හිතාගන්න පුළුවන් ආයිබෝං..
03. හිත හදාගන්න එපා බං ලබන සතියේ ලියනවා ශුවර්... හැක් හැක්
@ ප්‍රසන්න අයියා
මං ඒක කවදාවත් වැගෙන්න දෙන් නෑ..
ලියයි ලියයි. අපිට බය ලියයි කියල තමයි.
Deleteමේ ලියන ගමන් ඉන්නේ මචෝ..
Deleteඇයි බං මම පයිය ගැන නැගල ගිය පෝස්ට් එකක් ලිව්වා මතක නැද්ද.
Deleteහැබෑ නේන්නං මේ කුරුටු පොඩි එවුන්ගේ පස්න දැක්කම මෙව්වා අමතක වෙනවා හැලපයියා...!!!!
Deleteකෙලපි තාප්පෙට.. මේකා ඇවිල්ලා.
ReplyDeleteකෙලපි තාප්පෙට විදානේ තවත් ජීවතුන් අතර....
Delete@ දේශා, තාප්පෙට කෙලලා තමයි ආවේ..
Delete@ කුරුටු, මං තව අවුරුදු පන්සීයක් මේක ලියනවා බොලව්..
කෙළිය නේන්නං තාප්පෙට.. බෆර් එක බිම.නැතුව වෙන අවුලක් නෑ :D
Deleteහැක් හැක් හැක් හැක්..
Deleteඉතාලියේ හිටපු එකෙක් බෆර් එකක් ගෙනත් දුන්නලු
ඔහොම තමා ගොඩක් ඒවුන් හිතාගෙන ඉන්නේ බං..... මේ ළගදී අපේ ඉස්සරහා ගෙදර අාච්චිත් මලා...... මං හිතුවේ තව අවුරුදු 5ක් වත් ඉදියි කියලා.. හිටියේ මාසයයි දෙකයි......
Deleteසතියක් ගෙදර ඉවුවේ නෑලූ නේ??
DeleteEthana ge kathawath kawiyakata nagapan.. ela!
ReplyDeleteරං එතනෝ මගේ මල් එතනෝ..
Deleteලබන සතියේ දාන්නං හොදේ....
කයි පද බැදිල්ලට එහා පිදුම....
ReplyDeleteමල් මසුරන් විදානේ...
ස්තුතියි මාතලන්..
Deleteලස්සනයි..... වයස මොකක් උණත් ඔව්වා සුළු සුළු දේවල්.............
ReplyDeleteඅනේද කියන්නේ ආදරේට මෙව්වා නෑ කියනවනේ..
Deleteඉඳල ඉඳල ලියපු කවිය කීයත් වටී.ඔන්න ඔහොම යමක් ලියපන්කො සතියකට දෙකකට සැරයක්වත්.
ReplyDeleteරයිට් හැලපයියා මං හැමදාම හිතං ඉන්නේ සතියකටවත් එකක් දාන්න කියලා හැබැයි ඉතිං හැමදාම ලප් තැනම ලොප්..
Deleteහප්පා ඇවිල්ලා! අවුරුද්දටම මේක ඇති!
ReplyDeleteඑහෙනං එච්චරයි ගොයියෝ... බු දු ස ර ණ යි !!
Deleteආපු දාම දැක්ක කයිය මල්7යි
ReplyDeleteපලවෙනි පාර වෙන්නේ කොහොමෙයි ශානු මෙන්න මෙතැන්දිත් ඇවිත් කොමෙන්ට් කරලා තිබ්බා
Deleteස්තුතියි ආයෙත් ආවට...
නෑ...නෑ ..... ගොඩ දවසකට පස්සේ ආව බව කිව්වේ විදානයෝ
Deleteවයසට ගියාම අපිටත් මෙහෙම වෙයි.. දවස ගානේ එක එක පේනවනම්...හැක් ..හැක් ..
ReplyDeleteහින දකින්නවත් ඉඩ නැති වෙයි එතකොට..
Deleteමේ පැත්තට ආවමං මං හිතන්නේ.. ස්තුතුයි ගොඩ වැදුනට...
කවුද ඩො මම නැති අල්ල පනල්ලේ විචා මාමට කෝචෝක් දාන්නේ ?
ReplyDeleteමං නොහොත් සී.ජේ. විදානේ. නොහොත්. සී.ජේ. විදානපතිරණ. නොහොත් චාමර ජීවරංග විදානපතිරණ නොහොත් ඉස්සා...
Deleteජීවරංග නෙවේ තෝ භුමරංග
Deleteහි..හි... නියමයි..
ReplyDeleteවිදානේ ආපහු ඇවිත් සෑහෙන කාලෙකට පස්සෙ. මං පළවෙනි වතාවටද කොහෙද උඹේ කවියක් කියෙව්වෙ. පට්‍ට..
ReplyDeleteඅැඹුල අැරං අාවත් උඹෙ සුමනා අද
ReplyDeleteහිතේ කොනක හිටියේ ඒ් ඒතනා වෙද
නිතර නිතර සුදු කරමල් දකින විට
හීනෙන් අැවිත් රතු කරමල් දිදුලයිද