Monday, March 24, 2014

කොකා අයිලන්ඩ් සහ කොක්



හිතවතුනි අද මම දාන්න හදන පොස්ට් එක පළවෙනි පොස්ට් තුනටම වඩා ටිකක් වෙනස්. මට හිතුනා ටිකක් බර දේවල් ලියන්නේ නැතිව නිකං අධ්‍යාපනේ පැත්තෙන් යන මාතෘකාවක් ගැන ලිපියක් දාන්න. කොටින්ම කිව්වොත් අද මම දාන්නේ කොක්කු ගැන. මේ ගැන මට ලියන්න හිතුනේ අපූර්විගේ බ්ලොග් එකේ පෙන්ගුයින්ලා  ගැන තිබුන පොස්ට් එකයි අර සැමන් මාලුවෝ ගැන තිබ්බ පොස්ට් එකයිඒ වගේම රාජ්ගේ නවාතැනේ අර බල්ලොගැන තබ්බ පොස්ට් එකයි කියෙව්වම තමයි, තව තව කට්ටියගේ තව තව වටිනා පෝස්ට් ඇති ඒත් දැනට මට මතක විදියට මම සත්තු ගැන කියවල තියන පෝස්ට් වලින් මතක මේවා තමයි.

රූපය 01 - කොක්කු
හරි අපි දැං බලමු මේ කොක්කු කියන්නේ මොක්කුද කියලා අපේ මේ පෘතෘවියම ගත්තොත් මේක තුල කොක්කු වර්ග 17 ක් විතර ජීවත් වෙනවා මේයින් වර්ග 9 ක් විතර අද වඳ වීමේ තර්ජයනකට මුහුණ පාල තියෙනවා. මේ කොක්කු සිකොනිෆෝමේස් (Ciconiformes) කියන ගෝත්‍රයට තමයි අයත් වෙන්නේ. ඒ වගේම තමයි මේ කොක්කු අතරින් අපේ මේ ලංකාවේ සිකොනිඩේ (Ciconidae) ත්‍රෙස්කියොර්නිතිඩේ (Threskiornithidae) ආර්ඩේයිඩේ (ardeidae) හා ෆීනිකොප්ටෙරිඩේ (Phoenicopteridae) යන කුල හතරට අයත් කොක්කු දැක ගන්න පුළුවන්. අපේ නම් වලින්ම කිව්වොත් කලපු කොකා, ලොකු සුදු කොකා, අලි කොකා, සුදු කොකා, හරක් කොකා, කණ කොකා, පොඩි කොකා, රෑ කණ කොකා, රෑ කොකා, මැටි කොකා, කුළු කොකා හා සියක්කාරයා වගේ කොක්කු මේ ලංකවේ ජීවත් වෙනවා

මෙ වගේ කොක්කු ගස්මුදුන්වල කදු ප්‍රපාත වල එහෙම ලස්සනට කෝටු වලින් කූඩු හදා ගන්නවා කොකාගේ ගෑනු සතා තමයි කෙහිනිය කියන්නේ මේ කෙහිනිය වරකට බිත්තර 3ක්-6ක් විතර දානව.සාමාන්‍යෙන් මේ කොකේගේ ආයු කාලය අවුරුදු 10ක් 11ක් විතර වෙනවා.

මේ බ්ලොග් අඩවියේ නිළ අයිතිකාරයා වන විදානේට පහුගිය මාසේ ලැබුනා ලොකු දේශගාටනකයට යන්න අත්තටම කිව්වොත් ඒක හරිම වැදගත් උනා මේ ලිපිය සකස්කරන්න, ඇත්තටම යන්න ලැබුනේ කොක්කුත් එක්ක දිවි ගෙවන්න පුළුවන් ලස්සන දූපතකට මෑ ඇටයක හැඩය ගත්ත මේ දූපතේ වාසය කළේ කොක්කු විතරමයි අවුරුදු ගණනාවක්ම මේ දූපතේ වාසය කරල විදානේ හොයාගත්තා මේකේ ඉන්න කොක්කු විශේෂ කීපෙකම තොරතුරු රාශියක්. තනියම ඒ තොරතුරු හංගං ඉන්න හොදනැති හින්දා ඕං ඉතිං කට්ටියටම දැනගන්න මේ මෑ ඇටයක් වගේ දූපතේ ඉන්න කොක්කු ගැන හොයාගත්ත කරුණු කාරණා මේ පොස්ට් එකට එකතු කරන්න හිතුවා..

01 විශේෂය - පරණ කොකා.

ප්‍රමාණයෙන් විශාල ශරීරයක් හිමි මෙම කොක් විශේෂය පැයයෙන් නිල් වන අතර රතු සහ කහ පැහැයන් ශරීරයේ තැන්න් තැන ඇත. මෙම දූපතටම ආවේණික කොක්කු විශේෂයක් වන මොවුන්ගේ ප්‍රධාන ආහාරය ද මෙම දූපතමය. මොවුන් මෙම දූපතේ සියලු පාලන කටයුතු මෙහෙයවයි. මෙම කණ්ඩායමේ නායක රතු පටියක් කරබැඳි කොකාට දැඩි කොක් ආකර්ෂණයක් ඇති අතර එම ආකර්ෂණය මනාව හසුරුවාගනිමින් තමන්ට අවශ්‍ය අවස්ථාවන් වලදී කොක් මතය විමසා තමන්ට රිසි පරිධි මේ කොක් දූපත පාලනය කරයි. මෙම කොක් විශේෂය සැලකීමේදී කොක් දේශහිතේශී, කොක් දේශමාමක, කොක් ආගමික, කොක් සදාචාර, කොක් මැර, කොක් දූෂණ මේකී නොකී සියළු බලවේග ඒකරාශී කර සාදාගත් කොක් සංධානයක් වන අතර මේ සියල්ලහි බලය කේන්ද්‍රගතවී ඇත්තේ එහි ප්‍රධාන නායකයා වෙතය.
 රතු පටියක් කරබැඳි කොකා

02.  විශේෂය - පමල කොකා නොහොත් පාලං කොකා.


අතීතයේදී පල කොකා ලෙස හැදින්වූ මෙම කොක් විශේෂය වර්ෂ ගනණාවක් මෙම දූපත පාලනය කල කොක් විශේෂයක් විය මෙම කොක් විශේෂය දැනට අවුරුදු විස්සක පමන කාලයක සිට පමල කොකා නැතහොත් පාලං කොකා ලෙස හැඳින්වීමට පටන්ගත් අතර මේ වන විට මුල් නම අවභාවිතවී පසුව ආ නං සුලභ ලෙස භාවිත වෙයි මෙම කොක් රැගේ නායකයා සෙසු කොකුන් විසින් හඳුන්වනුනේ පනනැති කොකා යනුවෙනි. මොවුනට පරණ කොක්කු ලෙස පරිණාමය වීමට හැකියාව තිබුණත් එහි නායක කොකාට සහ අනෙකුත් කොකුන්ට එහි කිසිම අවශ්‍යතාවක් නොමැති බව පෙනී යයි, මෙම කොක් රැලේ නායක තෙමේ රැලේ නායකත්වය පමණක් රැක ගැනීමේ දැඩි උත්සාහයක නිරත වෙයි. මෙහි සිටින අනෙකුත් කොක්කුන්ද රැලේ මුදුනා වීමට පමණක් දඟලන අතර පරණ කොක්කු ලෙස ජීවත් වන්නට කිසිලෙස නොසිතයි. පරණ කොක් රැල විසින් වසර එක හමාරකට දෙකකට සැරයක් මෙම කොක් විශේෂය ආක්‍රමණය කර මෙම මොවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් පරණ කොක් විශේෂයට ඈදා ගනී. තව වසර කීපයකින් වදවී යතැයි අපේක්ෂා කරන මෙම කොක් විශේෂයෙහි ප්‍රධාන ආහාරය වන්නේ කුලල්ය.

  පනනැති කොකා

03 විශේෂය - පරවුනු කොකා

පැහැයෙන් රතු පැහයක් ගන්නා දැඩි මතධාරී කොක් විශේෂයක් වන මොවුන් කොක් දූපතහි වන සියලු කටයුතු දැඩි ලෙස විවේචනය කරයි. කොරහේ කිඹුලන් දකින මොවුන් අතරින් බොහොමයක් කොක්කුන් කථිකත්වයට මනා දක්ෂතාවයක් පෙන්වයි. මෙම කොකුන් මින් පෙර පරණ කොකුන් සමග එක්ව කටයුතු කල අතර එම කාලය ඔවුන්ගේ ස්වරණමය යුගය ලෙස හැඳින්විය හැක. එකම දේ විවිධ ආකාරවලින් නැවත නැවත කියවීමේ රෝගයකට ගොදුරුවී ඇති මෙම විශේෂය මේ වන විට දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයකට ලක්ව ඇත. මොවුන් මෙම තත්වය වෙනස්කරගැනීම සඳහා රැලේ නායකත්වයද මාරුකරමින් අත්හදා බැලීම් රාශියක් සිඳුකරගෙන යයි. මෙම කොකුන් ගේ ප්‍රධාන ආහාරය වන්නේ සමාජකොක් වාදයයි.

පරවුනු කොකුන්

 04. විශේෂය -  පහිල කොකා

මෑත කාලෙයේදී මෙම දූපතහි සෑදුනු කොක් විශේෂයක් වන මෙම කොක් විශේෂයෙහි වැඩිපුරම ඇත්තේ පරණ සහ පමල කොක්කුන්ගෙන් බිදී ආ කොටස්ය. මින් වසර කීපයකට ඉහත පටි කොකුන් මෙම දූපතෙන් පලවා හැරීම සඳහා දැඩි කැපවීමක් කල කොකෙක් මෙම කොක් විශේෂයට නායකත්වය සපයයි. දැඩි නීති සමුදායක් යටතේ පාලනය වන මෙම කොක් විශේෂය මේ වනවිට සැලකිය යුතු මට්ටමේ මවිසින් පසුව විස්තර කරනු ලබන පලණි කොකුන්ගේ ආකර්ෂණයකට ලක්ව ඇත. මොවුන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ කලවැද්දන්, සුදු කොඩි සහ මයිල් ය.

05. විශේෂය - පාඩි කොකා.

පරණ කොකාගේ හා පමල කොකා ගේ මුල් අවස්ථාව වන මෙම කොක් විශේෂය හි වැඩිපුරම ඇත්තේ ඉහත සඳහන් පරණ සහ පාමල කොක්කුන්ගේ ‍ඥාති කොක් පැටවුන්ය. දුපතේ කොකුන් අතර පොඩි පොඩි තරග වලට ඉදිරිපත් වන මෙම පාඩි කොකුන් තම දක්ෂතාවය හැකියාව, වාසනාව අනුව පසුකාලීනව පාලං කොකෙකු හෝ පරණ කොකෙකු බවට පත්වෙයි. මොවුන්ගේ ප්‍රධාන ආහාරය කෝක්‍රීට් පාරවල් සහ බෝක්කු වන අතර සමහර ප්‍රමිතියක් නොමැති පාඩි කොකුන්, තම භෝජනය ලෙස කුඩා කෙහිනියන්, විදෙශික කෙහිනියන් තොරාගනී.

06. විශේෂය - පවුල් කොකා නොහොත් පාකිල කොකා

නර්ථනයෙහි, රංගනයෙහි, සහ ගායනයෙහි දක්ෂ මෙම කොකුන් විශේෂය වෛවර්ණ පැහැයක් ගනී, කාලාණුරූපිව ඉතා දක්ෂලෙස සියළු කොකුන් සමග කෛරාටිකකමින් වාසය කරනා මොවුන්ගේ ප්‍රධාන ආහාරය මා පසුවට විස්තර කරන පලණි කොකුන්ගේ රසඥතාවයය. මොවුන්ගේ ප්‍රධාන කාර්ය භාර්යය වන්නේ පරණ, සහ පමල කොකුන්ට කඩේ යාම වන අතර ඒ සඳහා මොවුන්ට බොහෝ වරදාන වරප්‍රසාද රාශීයක් ලැබේ. මෙම කාලය වන විට මෙම කොක් විශේෂයෙහි නාඹර කෙහිනියන්ට බොහෝ සුභ කලදසාවක් උදාවීඇත. 

පාකිල කොකුන්

07. විශේෂය - පමඩි කොකා.

මවිසින් ඉහත සඳහන් කරන ලද කොක් විශේෂයන්හි ක්‍රියාකරකම් තමන්ට කැමති පැහැයකින් පැහැගන්වා කැටයම් කපා සුදුසු පරිදි සකසා පසුව විස්තර කරනු ලබන පලණි කොක්කුන් වෙත නිකුත් කරයි. නිරන්තරයන්ම අසූචි අනුභව කරන මෙම කොක් විශේෂය ඇති දේ නැති කිරීමටත් නැති දේ ඇති කිරීමටත් කෙළ පැමිණියෝ වෙති. ඕනෑම මළදානයක් කිසිම හිරිකිතයක් නොමැතිව විකිණීමට තරම් දක්ෂයෝ වන මොවුන්  කොක්කුන්ට බේගල් ඇදබාන්නෝ ලෙස නම් දරා සිටිති.

08. විශේෂය - පලණි කොකා.

මෙම කොක් දූපතෙහි වාසය කරන විශාලතම ගහනය සහිත කොක් විශේෂය මොවුන් වන අතර ඉහත සඳහන් කල සියළු කොකුන්ගේ වහලුන් බවට පත්වී ඇත. උපතින්ම කෙසඟ සිරුරක් හිමි මෙම කොක් විශේෂයෙහි ප්‍රධාන ආහාරය වන්නේ *ඉල්ලන් කෑම* වන අතර තොල්මිටි දහ දත්කූරූ අමතර ආහාර වශයෙන් ලබාගනී. සෑම දෙයක් ම දෝතටම වඩින තෙක් මග බලා සිටින මෙම කොක් විශේෂයට අද සිදුවන දේ හෙට අමතක වන තරම් වන ඉතා දරුණු රෝගයක් වැළදී ඇත. කුමන තාඩන පීඩන වලට මුහුණ දුන්නත් මවිසින් ඉහත සඳහන්කළ කොකුන්ට දැඩිලෙස ඇළුම්කරයි එහෙත්  එම කොකුන්නම් සිතනුයේ මෙම පලණි කොකුන් ඕනෑම හූණු බිත්තරයකින් රැවටිය හැකි බවයි.

 පළණි කොකුන්

09. විශේෂය - පටි කොකා.

ඉතා දරුණු කොක් විශේෂයක් වන මෙම කොක් විශේෂය පසුගිය කාලයේ මෙම දුපතෙන් කොටසක වෙනම කොක් රාජ්‍යයක් සදහා දැඩි සටනකට යොමුවුනු පිරිසක් වෙති. දැනට මෙම දූපත තුල මොවුන් දරුණුලෙස වඳවී ඇති මොවුන් ගෙන් සමහරක් වෙනත් කොක් දූපත් වලට සංක්‍රමණය වී ඇත. මොවුන්ගේ ප්‍රධාන ආහාරය අනෙකුත් කොක් විශේෂයන් වන අතර වෙනත් දූපත්වල කොකුන් සමග දැඩි සෙනෙහසක් ඇත.

පටි කොකා.

10. විශේෂය - පටන කොකා. 

සිටිනාතැනක් සොයාගත නොහැකි මෙම කොක් විශෙෂයෙහි තොරතුරු ලබාගත හැක්කේ අන්තර් කොක් ජාලය හරහා පමණී. අන්තර් කොක් ජාලය හරහා කොක් භාෂාවෙන් බොග් යනුවෙන් මොනවාදෝ කොටන මොවුන් විවිධ නම්වලින් එම ජාලය ඔස්සේ පෙනීසිටියි. කොතෙක් සෙවූවද මොවුන් ගැන තොරතුරු සොයාගැනීම අතිශය දුෂ්කකර විය... 
 අමාරුවෙන් සොයගත් පටන කොකෙකුගේ ඡායාරූපයක්

--------------------------------------------------------------------------------------------------------------------
ප/ලි
මෙයට මාසයකට පමන පෙර කුණුහරුප යනුවෙන් පද පෙරලි යොදමින් රසවත්ව ලියන ලද පෝස්ටුවක් කියැවීමි එහි ලින්ක් එක සොයාගැනීමට වෙහෙසුනත් එය අපහසු විය. යම් තොරතුරක් දන්නා අයෙකු වේ නම් එම ලින්ක් එක ලබාදෙන ලෙස ඉල්ලා සිටිම්. 

සියළු ඡායාරූප අන්තර් ජාලයෙන් ලබාගන්නා ලදී

54 comments:

  1. උදේ පාන්දරම පාලං කොකෙක් දැක්කේ මේ

    ReplyDelete
    Replies
    1. මොනව උනත් කොකෙක්නේ. මේ දවස්වල නිතරම කොක්කු වැඩපෙන්නනවා.
      ස්තුතියි සිංදුවා.

      Delete
  2. නියමයී විදානෙ.
    ඔය ගොඩක් කොක්කුන්ගෙ නම් කුණුහබ්බ වගේනෙ. (බොට හැබැයි පාලං කොකා මඟ හැරිලා. ;))

    ReplyDelete
    Replies
    1. ප්‍රියා හරියට කියවලා නෑ වගේ ඔය තියෙන්නෙ ඔක්කොම ඒ කොක්කු ගැන තමා ...හැක් හැක්

      Delete
    2. ප්‍රියා, 02. විශේෂය - පමල කොකා කොකා නොහොත් පාලං කොකා,
      පිංතූරෙ දාල තියෙන තැන නිසා මාතෘකාව වෙනස් වෙලා වගේ හිතෙනවා.. හදන්නම්..
      ස්තුතියි ප්‍රියා

      Delete
  3. එල විදානේ ...
    අර පටි කොකා ගේ රූපේ දැක්කාම පොරක් මතක් වුණා ,
    නිකන් J.R ලොක්කා වගේ හැක් හැක් ...අර රුපිය ල් දහය කොලේ ඉන්නෙ ඒ ජේ.ආර් කොකා ..

    ReplyDelete
    Replies
    1. http://samigepunchilokaya.blogspot.com/2014/01/dont-mess-with-bad-words-13.html

      මෙකද ඕය ඉල්ලන ලින්කුව බලහන්

      Delete
    2. හැබෑ නේන්නම්, ඒ නාහෙමයි,
      ෂා.. මම හෙව්වේ ඔය ලින්ක් එක තමයි..
      ඒක කියවනකොට තමයි අදහස ආවේ..
      ස්තුතියි සහෝදර..

      Delete
  4. හප්පට සිරි.. ඔය කරල තියෙන්නෙ. මරු මරු. සිරාවටම මං මුලින්ම කියවගෙන එනකොට හිතුවෙ ඇත්තටම කොක්කු ගැන ලිපියක් කියල. පවලම් කොක්කු ගැනනෙ. ලංකාවෙ සමාජ කොටස් වලට හරි අපූරුවට කොක්කු ගලපල තියෙනවා. මරේ මරු..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ නෙවෙයි මෑ ඇටයක් වගේ කොක් දුපතේ කොක්කු ගැන...
      ස්තුතියි මනොෂ්..

      Delete
  5. මේ ලෝකේ හැම සතෙක්ම වඳවන ලැයිස්තුවට යනව වැඩිකල් නොයා. කොක්කුන්ගෙනුත් සමහරු වඳවන ගොඩේ කියලා දැනගත්තේ මේ පෝස්ට් එක දැක්කට පස්සේ.

    ReplyDelete
    Replies
    1. බොහෝ කොකුන් වඳවීමට පටන්ගෙන ඇත. එනම් පරණ කොකුන්හේ දක්ෂතාවය සහ හැකියාවාද, එසේ නොවේ නම් ඔවුන්ගේ නොඋත්සාහය ද?
      සාදරයෙන් පිලිගන්නවා සැ.ලිං.නි... ස්තුතියි ආවට

      Delete
  6. කොක්කු ගැන ලියනවට වඩා මේ කාලේ කාන්තාවන් ගැන අලුත් විදිහට හිතල ලියන ලේකන කලාවක් ඇතිකරගන්න පුලුවන් උනොත් ඒක ප්‍රයෝජනවත් වෙයි මීට වඩා.

    ReplyDelete
    Replies
    1. @ වනිතා හඩ

      ඇයි ඔයා ඉන්නෙ ඒ මදිද ?පැටියෝ ....(******)
      ඉතිං මේ පාන් කොක්කු ගැනත් කවුරු හරි ලියන්න ඕන නේ ...

      මං හරි නේද සූදු ..හැක් හැක් ....

      Delete
    2. @ වනිතා හඩ,
      ඔබ කියනා ලෙස සියළුදෙනා ඒ ගැන පමණක් ලයූවොත් වැඩක් නැතිවෙයි නේද?
      ඔබගේ දැක්ම අනුව ඔබ ලියන්න..
      අපි එනවා කියවන්න..
      ස්තුතියි අදහසක් එකතුකළාට

      Delete
    3. //සුදූ// , //පැටියො// සහෝ උඹ අර මාතලන් අයියගෙ පෝස්ට්එකේ සෙනෙහෙ මේලක් කොටනවා කිවුවෙ මෙයාටද?

      හි… හි…… ;)))

      Delete
    4. @ ප්‍රියා & සහෝ..
      මේ පාල කොක්කු ඕව ගැන ලියන්න ගිහිං නිකං එක එක ඒවා නැතිකරන්න ඕනයැ

      Delete
  7. පස්ට ලියවිල්ල විදානෙ .....
    මම මුලින්ම හිතුවෙ සිරා කොක්කු ගැනමයි කියල.
    මග හැරුන කොක්කු නැහැ නේද...?
    අර 225 යි...එලියෙ ඉන්න එවුන් දිහා බැලුවම තව අඩුයිද මන්ද....?

    ReplyDelete
    Replies
    1. තව අඩුයි, තව අඩුයි, ඒ හැම කොකෙක්ම ගත්තම මේ කොක්කු ගොඩවල් වලින් එකකට වැටෙනවා
      ස්තුතියි කෙන්ජි..

      Delete
  8. අනේ මංද අර පරණ කොක්කුයි පාලං කොක්කුයි දිහා බගග දැං එපා වෙලා... පන වෙක්කු ටිකක් හදා ගන්න වෙයි වගේ..
    පස්ට ඈ

    ReplyDelete
    Replies
    1. පන වෙක්කු නෙවෙයි කොන වෙක්කු....
      හදාගත්තත් මෙයිට වචා වැඩක් වෙයිද මහේෂ්..
      ස්තුතියි අදහසට..

      Delete
  9. පරණ කොකා ගැන ලියල නෑනෙ බං විදානෙ.

    ReplyDelete
    Replies
    1. 01 විශේෂය පරණ කොකා මේක ගැන තමයි මුලින්ම ලිව්වේ පිංතූරේ දාපු තැන වැරදුනු නිසා වෙන අදහසක් ඇවිත් ඒක හැදුවා...
      ස්තුතියි හැලප අයියා..

      Delete
  10. මේක මීට කලින් කොහෙදි හරි කියෙව්වා වගේ මතකයි...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔව් චූටි සෑමී ගේ මෙන්න මේ පෝස්ට් එක වෙන්න ඇති.. ඒක කියෙව්වම තමයි හිතට අදහසක් ආවේ
      ස්තුතියි චූටි අදහසක් දැම්මට..

      Delete
  11. විදානෙට කොක්කු සමහරක් මගෑරිල. මේ මම නාපු අනෝතත්ත විලට ආගිය කොක්කු කීප වර්ගයක්.

    පතලෙ කොකා
    පං කොකා
    පාසල කොකා
    පච්චි කොකා
    පට්ටම් කොකා
    පසු කොකා
    පටු කොකා
    පර කොකා.
    පවුල් කොකා
    පඩි කොකා
    පත කොකා
    පඳු කොකා
    පයිල් කොකා
    පනිත්ත කොකා
    පාටු කොකා
    පලු කොකා
    පත්තු කොකා
    පට්ට කොකා
    පටන කොකා
    පල්ලෑ කොකා
    පල්ලු කොකා
    පලඹ කොකා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉන්දික මග හැරිලා...
      කොච්චර කොක්කු හිටියත් උන් ඔක්කොම අන්තිමට ප්‍රධාන කොක් විශේෂයන් වලට අනුගත වෙනවා..
      සාදරයෙන් පිලිගන්නවා ඉන්දික මේ මළදානේට..
      ස්තුතියි කොක්කු ලිස්ට් එකට..

      Delete
    2. හි හි හිනා යනවා අප්පා, දැන් ගෙදර ඉන්න නිසා අපේ මල්ලිත් කියෙවුවා හි හි නියමයි ඉන්දික

      Delete
    3. ඉන්දික:

      පණ්ඩ කොකා
      පකිස් කොකා
      පතලෙ කොකා
      පල්ල කොකා
      පාඩුකාර කොකා
      පනිත්තිලි කොකා
      පට්ටම්බා කොකා
      පඩිවින කොකා
      පට්ට කොකා
      පට්ටපොල් කොකා
      පට්ටෝරු කොකා
      පන්ක්‍රීට් කොකා
      පන්ඩිස් කොකා
      පග්ගල කොකා
      පපු කොකා
      පන්ත කොකා
      පමාන්ඩෝ කොකා

      අමතක ඇයි ?

      Delete
    4. ඒ සේරම කෙසේ වෙතත්,

      පඩිතුවක්කු කොකා අමතක වූයේ කෙසේද?

      Delete
    5. බුදු අම්මො මම මේ පෝස්ට් එක අයින් කරගන්න වෙයි වගේ...
      මේ කොක්කු සියල්ල එක්කර පොතක් ලියන්න පුඵවන් වෙයි වගේ...

      ස්තුතියි කාකා සහ ඉන්දික...

      Delete
    6. පඩිතුවක්කු කොකා ... හම්මේ ඉළ ඇට රිදෙනවා ... අනේ තවත් කියවණ්ඩ බැරියෝ මට වෙඩිතියපාන් !

      Delete
  12. මේ කොක්කු හැර තවත් කොක්කු සිටීද?

    ReplyDelete
    Replies
    1. එසේයැ එසේයැ, තව බොහෝ කොකුන් සිටී..
      ඒ සියළු කොකුන්ද මේ කොකුන් සමග සන්ධානගතවී ඇත..
      ස්තුතියි ඉවාන්..

      Delete
  13. මලදානේ......නියමයි උඹ ලියන විදිහ. අපේ දේශපාලනයයි කොක්කුයි නම් හොඳට ගැලපෙනවා. උඹට අමතක වුනාද පන්සල් කොකාව. උන් තමයි ඩේන්ජරස්ම කොක්කු සෙට් එක දැනට ඉන්න. උන් තමයි මහ කොකාගේ කොන්ත්‍රාත් කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔය කොක්කු තමයි අති භයානක, උන් මහ කොකාට නූල් බඳින ගමන් අනිත් එවුන්ටත් නූල් බඳිනවා..
      උන්ට කියන්න වෙන්නෙ පන්තරාක් කොකා කියලා...
      ස්තුතියි ඇවිත් අදහසක් දැම්මට...

      Delete
  14. මගේ සමරු පොතේ තිබුණු වැකියක් මතක් වුණා.
    //කලක් ගියත් - වෙන්න මතක් - මෙන්න මමත් - ඇන්ද කොකෙක්//

    ReplyDelete
    Replies
    1. හඃ හඃ මාර කොකෙක්...
      ස්තුතියි කුරුටු ඇවිත් අදහසක් දැම්මට

      Delete
  15. කොකුන් පිළිබඳ ලියූ මේ ළිපිය පරසර හිත කාමියෙක් වන මාගේ අමානන්දයට හේතූවූ බව කරුණාවෙන සලකන්න.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ

      Delete
    2. @ මාතලන්,
      ඔබගේ අමන්දානන්දය මාගේ අමන්දානන්දයට හේතු වූ බව කරුණාවෙන් සලකන්න..

      @ අපූර්වි,
      පරිසර හිත කාමීන් එහෙමයි..

      Delete
  16. ඒක ලිව්වේ අපේ සැමියා නොහොත් මුදියා බං.. ඒකට ගිහින් බලහං..

    අපිත් ඉතිං ඔය කොක්කු බලන්න හරි ආසයි. ඊට වඩා ආසයි උන්ට නම කියල කෑ ගහන්න දැක්කම..

    ReplyDelete
    Replies
    1. සෙයාගතිමි සොයාගතිමි,
      සහෝදර ලින්කුව දුන්නා..
      මාත් හරි ආසයි සෙනග ගොඩාක් ඉන්න තැන කොක්කුන්ගෙ නමින්ම අමතන්න...
      ස්තුතියි දේශා අදහසට

      Delete
  17. නියමයි විදානේ... (Y)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චාම්ස්..

      Delete
  18. ඈ විදානේ මොකක්ද මේ කලේ ඉදගෙන ,, මං සත්තු ගැන නිසා ආසාවෙන් කියවන්න ඉදගත්තා මදැයි... ලැජ්ජාවේ බැහැ දෙවැනි කොකාගේ ඒකත් කියෙවුවට පස්සේ මීටර් එකට මෙවුවා උනේ,,

    අර කුණුහබ්බ එක ලිවේ අපේ මුදියා මල්ලි, සමිගේ පුංචි ලෝකය එකේ ඒ මල්ලියා ලීවේ ඒකත් පස්ටයි ඈ

    ReplyDelete
    Replies
    1. මාත් රියල් කොක්කු ගැන තමයි ලියන්න පටන් ගත්තේ ඒත් අන්තිමේදී ලියැවිලා තියෙන්නෙ වෙන වෙන කොක්කු ගැන..
      සමීගේ පුංචි ලෝකය කියවලා තමයි දෙවනි කොටසේ අදහස හිතට ආවේ..
      ස්තුතියි අපූර්වි ඇවිත් අදහසකුත් දැම්මට....

      Delete
  19. ජෛව විද්‍යාත්මකව ලොකු අධ්‍යනයක් කරලා වගේ කොක්කු ගැන.

    ReplyDelete
  20. යකඩෝ මෙහෙමත් කොක්කු ගොඩක්. මට මතක් වුනේම වාසු නොවැ. කියෝල ඉවරෙද්දි මට හොද සිංහල අමතකම වෙලා ගියා .

    ReplyDelete
  21. ෂාහ් විදානේ කොලුවො උඹ නිකම්ම නිකං පටන කොකෙක් නෙමෙයි, බලාගෙන යනකොට කොක්කු ඔස්තාද් කෙනෙක් නොවැ !

    ReplyDelete