Saturday, April 5, 2014

ජය වේවා!!!

අද අප්‍රේල් පස්වැනිදා.. හෙට හයවෙනිදා සිංහලෙන්ම කිව්වොත් හෙට ෆයිනල්,

සුදීකගේ ඇවිද්ද පයේ තිබුනු
ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාව වුණේ ඇයි ?...... Why Cricket is called Gentlemen's game ? 
පෝස්ටුව කියෙව්වම මටත් හිතුනා ක්‍රිකට් ගැන ලියන්න..

ලංකාවේ ටීම් එක T20 වලට යනකොටම හිතට දැනිච්ච හැගීමක් තමයි අනිවාර්යයෙන්ම ෆයිනල් එනවා කියන එක,  ඒක හැමෝගෙම වගේ හිතේ ඇඳුනු දෙයක්. සීරීස් එක පටන්ගන්න කොටම කල්පනා කළේ අපිත් එක්ක ෆයිනල් එන්නේ කවුද කියලා. ඒ වගේම ප්‍රාර්ථනා කළේ ඉන්දියාව එලියට විසිවෙයන් කියල. ඒත් ඉන්දියාව වටේටම නෙළල උඩින්ම ෆයිනල් ආව.

මෑත ඉතිහාසෙදි ලංකාවේ ටීම් එක හිතන් ඉන්නේ අනුශුරතාවය තමයි හොදම එක කියලා. ඒකනේ අපිට එකපිට එක අනුශුරතාවයන් අරගෙන දෙන්නේ.

ලංකාව අනුශුරයෝ වෙන්න ප්‍රභමල හේතුවක් කියල කියන හේතුවකුත් තියෙනවා. මෙන්න මේ ෆේස්බුක් එකවුන්ට් එකේ මේ ගැන වැඩි විස්තර තියෙනවා ඒකෙ තිබුණු රසවත් හරවත් සේයාරූ කිහිපයක් මම කොපි කරල ගත්ත.. මේ වගේ පෝස්ට් එකක් ආසියානු කුසලානේ ෆයිනල් එක වෙලාවේ බස්සිත් වන්ඩු ට්‍රීට්මන්ට් එක කියලා රසවත්ව ඉදිරිපත් කරල තිබ්බා..














 රටක පැතුම...

හරි පින්තූර කෑලි කීපයක් එල්ලුවා

හැබැයි බය හිතෙනම සීන් එක තියෙන්නේ දැං,
මේක ලියල තියෙන්නෙ ඉන්දියාව ෆයිනල් එන්න කලින්, මම කලින් කියපු ෆේස් බුක් එකවුන්ට් එකේ ම තමයි

//
ජිනීවා ගිහින් මේපාර ලංකාවට විරැද්ධව
ඡන්දෙ දුන් නැහැනෙ යෝජනාවට
විරැද්ධ නොවුනත්.... මේ පාරත් ඉන්දියාව
ෆයිනල් ආවොත් අපි අනුශුරෙයා වෙයිද
මන්දා? මොකද කළගුණ සලකන්නත්
ඒපායැ.... නේද? හරිය....//

ඉතින් ඒකේ තියෙන විදියට කලගුණ සලකයිද? එහෙම සලකන එකනං හරි නෑ වගේ නේහ්..

මොනව උනත් මේ පාර මැච් එකෙන් අපේ ටීම් එකට අනුශූරතාවය නොලැබේවා කියල අපි හැමෝම එක් තැන්ව එක් සිත්ව ප්‍රාර්ථනා කරමු එහෙනං..

ජය වේවා!!!

35 comments:

  1. පට්ටම පට්ට!! වල්ලපට්ට!!! ආවොත්නම් කපෝතියි. අනේ මංද.

    ReplyDelete
    Replies
    1. එයා ආවා හෝ නාවා හෝ ටීම් එක දිනනවානම් ඇති..

      Delete
    2. එයා ආවෙත් නෑ. ටීම් එකත් දිනුවනෙ!

      Delete
    3. කවරදාවකවත් මැච්එක් බලන්න නොයේවායි පතමු

      Delete
  2. සංගාට සහ මහේලට ගෞරවනීය හා ජයග්‍රාහී සමුගැන්මකට අවස්ථාව ලැබේවා.

    ReplyDelete
    Replies
    1. සංගා සහ මහේල අති විශීෂ්ඨයින්..
      ලෝක කුසලානයක් ඇතතිව ජයග්‍රාහී සමුගන්මට සුභ පැතුම් එක් කරමු..

      Delete
  3. මරු පින්තුර ටික.. ඕවා මාත් ඉතිං කනිං කොනිං අහපු දැකපු ඒවා තමා හරිය..

    විදානේ අන්න මකසියා ඇඩුවා අර උඹ දෙනවයි කිව්ව මළදානේ තාම දුන්නෑ කියලා...

    ReplyDelete
    Replies
    1. බුකියේ තබ්බ පිංතුර ටික දේශා..

      අමතක වෙලා නෙවෙයි තාම ගෙදර යන්න උන් නෑ. අවුරුද්දට ගෙදර ගියාම අනිවා මකසියාට ගෙනත් දෙනවා..
      (මකසි ලියන්නේ නැත්තේ ඒ හින්දද දන්නෑ.. හැක් හැක්)

      Delete
  4. පැතුම ජයග්‍රහණය ......! ජයවේවා

    ReplyDelete
    Replies
    1. සැමගේ පැතුම එයයි - ජය වේවා!!!

      Delete
  5. අපේ ටීම් එකේ නායකයොම කී දෙනෙක්ද? මහේල, සංඝා, ඩිල්ෂාන්, ඇන්ජලෝ සහ අළුත්ම එකා මාලිංග. වැඩිම එක්ස්පීරීයන්ස් තියෙන ටීම් එක සිරි ලංකාව. මොනවා උනත් අර කාළකන්ණී දිනේෂ් චන්දිමාල් දැම්මොත් නම් කනවා. අන්තීමට ගහපු ටීම් එකම දාලා පැරදුනත් දුක නෑ. වෙන කොල්ලෝ නැතිවටද ඒ කාළකන්නියෙක් තියාගෙන ඉන්නේ.

    මොකා දින්නත් මට නම් සන්තෝෂයි, මොකෝ මම ආදරේ කරන්නේ ක්‍රිකට් වලට. අපේ ටීම් එකේ ඔක්කෝටම වගේම, ඉන්දියන් ටීම් එකේ ඔක්කෝටමත් වගේ මම ආදරෙයි.

    ReplyDelete
    Replies
    1. //කාළකන්ණී දිනේෂ් චන්දිමාල් //

      මේවට කියන්නේ තමන්ගේ මාළු තමන්ගේ පිටම තියල කපනවා කියල තමයි.. වැඩේ කැතයි..

      Delete
    2. @ මතලන්
      සියළු අත්දැකීම් එක්කර ජයග්‍රාහී නිමාවක් ප්‍රාර්ථනා කරමු..

      සංගා, මහේල යන්නෙ නැත්නම් මේ තරගාවලිය චන්දිමාල්ගේ අන්තිම තරගාවලිය වනවා සිකුරුයි..

      Delete
    3. @ දේශා
      චන්දිමාල් ඉක්මනට වැරදි නිවරදි කරගත යුුතුයි.. නැත්නම් අපට අහිමිවන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්..

      Delete
  6. පට්ටනේ මචෝ මේක...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා නලීන් මේ මළදානෙට

      බුකියෙන් ගත්ත පිංතූර ටිකක්..

      Delete
  7. හෙහේ පට්ට පට්ට...

    ReplyDelete
    Replies
    1. ජය වේවා කියල පතමු..

      Delete
  8. අනිවා දිනනවා බං. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ.… (y)

    ReplyDelete
    Replies
    1. දිනන්න ඕන - එහෙමම වේවා කියා පතමු..

      Delete
  9. //මොනව උනත් මේ පාර මැච් එකෙන් අපේ ටීම් එකට අනුශූරතාවය නොලැබේවා කියල// :-)) ඒකත් මාර පැතුමක්. අනේ මන්දා මට නම් ඉන්දියාව නිසා වැඩි විශ්වාසයක් නෑ. මොකද නවසීලන්තෙ එක්ක වගේ වැඩ කරන්න අමාරු යි ඒ ගොයියො එක්ක....

    ReplyDelete
    Replies
    1. අනුශූරයෝ වෙලා මටනං එපාවෙලා දැං ඒකයි එහෙම ප්‍රාර්ථනාවක් එක් කළේ..
      මැච් එක අමාරුයි තමයි ඒත් ජයග්‍රණය පතමු..

      Delete
  10. පින්තුර ටික එල.... බුකියේත් දැක්ක.....
    අදත් අර වගේම තමයි...
    නමුත් පැතුම එය නොවේ මගේ....

    ReplyDelete
    Replies
    1. කොහෙම හරි මැච් එක දින්නා..... ලොක්කට තුති කරමු

      Delete
  11. නියම විහිළු ටික..විදානේ මම 20-20 බලන්නෙම නැහැ. ක්‍රිකට් කෑවේ ඔය ශෝට් ගේම් එක තමයි. ඒ මගේ පෞද්ගලික අදහස. මොනවා වුනත් සුභ පතනවා!!සංගා සහ මහේලට හොඳ ෆෙයාර්වෙල් ගේම් එකක් ගහන්න ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. @ අරූ.. මුදල් එක්ක යනකොට ඔය වගේ ෂෝට් ගේම් ලොකු හයියක් වෙලා තියෙනවා..
      ඒකෙන් ක්‍රිකට් වල ජීවගුණය, මහත්මාගතිය කියන දේවලුත් ටිකින් ටික ෂෝට් වෙලා..
      ටෙස් මැච් එකක් වන්ඩේ මැච් එකක් විස්සයි විස්ස මැච් එකක් යන හැම එකක්ම නොවැරදීම බලනවා...
      සංගාට සහ මහේලට ජීවිතේ ලැබුණු හොඳම තෑග්ග ලැබුණා.......

      Delete
  12. හි.. හි... මේ සැරේ නම් අනිවාර්යයෙන් දිනයි...

    ReplyDelete
    Replies
    1. ඕං දිනුවා......
      නියමයි...

      Delete
  13. 18 vasarakata pasu anuSurathawaye kirula bima dama podi pattam kalaa ape team ekata Unusum subapathum...

    ReplyDelete
  14. අපි දිනුවා
    ජයවේවා!!!!!

    ReplyDelete
    Replies
    1. අපි දිනුවා සහෝ...
      එලි වෙනකං දිනුම සමරලා තාම ඔළුව කැරැකෙනවා වගේ.....

      Delete