Friday, March 14, 2014

පාංශුකූලේ සහ මැක්කා...




ගුණේරිස් මහතා ගමේ කාගේත් හිත දිනාගත් කිසිවෙකුටත් කරදරයක් හිරිහැරයක් නොකළ තමුන්ගේ පාඩුවේ පිනක් දහමක් කරගෙන ජීවත් වූ අහිංසක ගැමියෙකි, ඔහු දු වරුන් දෙදෙනෙකුද එක් පුතණුවකුගේද පියෙකි. තම දරුවන් තිදෙනාට තමන්ට හැකි පමණින් අධ්‍යාපනයක් ලබාදුන් ගුණේරිස් මහතා ඔවුන් තිදෙනා කිසිවෙකුගෙන් කතන්දරයක් නොඅසන විනීත කීකරු ගුණගරුක පුරවැසියන් සේ සමාජයට දායද කරන්නට තරම් දක්ෂ විය. දරුවන් තිදෙනාම දීගතලා දුන් පසු තම ආදරණීය බිරිද සමග මහගෙදර විසූ ගුණේරිස් මහතා ගමේ හැමෝගේම දුකට සැපට පිහිට වෙමින් උපදෙස් දෙමින් ගමේ විහාරස්ථානය සමග කිට්වු ඇසුරක් පවත්වාගෙන යමින් යහපත් ජීවිතයක් ගතකල සැබැවින්ම උපාසක මහත්මයෙක් විය.

තම හැට හත් වසරක කාලය තුල කිසිවෙකුටත් කරදරයක් හිංසාවක් නොකල ගුණේරිස් මහතා ගම්වාසී සියළු දෙනා කම්පාවට පත් කරමින් හදිසියේ වැළඳුනු හෘදයාබායකින් මෙලොව හැර ගියේය. ඔහුගේ දරුවන් තිදෙනා හැකි ඉහලම අයුරින් තම පියාගේ අවසන් කටයුතු සිදුකිරීමට සියලු උත්සාහයන් දරා තිබිණ. ගුණේරිස් උපාසක මහතාගේ මලගම නිසා ශෝක නොවුනු කිසිවෙකුත් අහලගම් හතකවත් නොවීය. මරණයෙන්  සිව් දිනක් ඇවෑමෙන් උපාසක මහතාගේ අවසන් කටයුතු කිරීමට සැලසුම් කොට තිබිණ. ගොක්කොල අතු සැරසිලි, ඉටිකොල වලින් කරන ලද සැරසිලි, පතාක, බැනර්, පෝස්ටර්, කටවුට්, කවිකොල, මේ කිසිවක්ගෙන් අඩු නැතිව අවමගුල ඉතා තේජාන්විත අන්දමින් සිදු කිරීමට සියල්ල සූදානම් කර තිබිණ.

වැට අද්දර දවට ගගේ මුදුනේ ලවුඩ්ස්පීකර් දෙකක් සවිකර ගමටම ඇසෙන සේ අවමංගල සභාවේ වැඩකටයුතු ඇරඹින. පාංශුකූලය සඳහා ගමේ පන්සලේ නායක හාමුදුරුවන් ඇතුලු අවට විහාරස්ථාන වලින් විසි දෙනමමකින් යුතු මහා සංඝරත්නයක් වැඩමකරවා තිබිණ. ඔහුගේ අවසන් කටයුතු සඳහා සහභාගී වූ පිරිස ගමේ, අවට ගම්වලින්, සහ ඔහුගේ ‍ඥාතීන් සියල්ල එකතු කල විට හාරසියයකට වැඩි මිසක් අඩු නොවීය. ගමේ පන්සලේ පොඩි හාමුදුරුවෝ පැමිණ සිටී සියලු දෙනා පංචසීලයෙහි පිහුටුවා ආගමික වතාවන් නොපිරිහෙලා ඉටුකරන ලදී.

සංවිධායක මණ්ඩලය විසින් අවමගුල සඳහා එක් පැවිදි අනුශාසනාවක් පමණක් යෝජනා කර ඇත්තේ අනෙකුත් අනුශාසනා වලට අවස්ථාව ලබාදුනහොත් විසි තිස් දෙනෙකුට ඒ සඳහා ඉඩ දෙන්නට සිදුවීමත් කිසිවෙකු හෝ මග හැරුණහොත් ඔවුන් හිත් අමනාප කරගනා නිසාත්ය. පැවිදි අනුශාසනාව කරීම සඳහා ඇරයුම් ලද්දේ ගුණේරිස් මහතා සියලු කටයුතු සඳහා අනුශාසනා ලබාගත් ඔහුගේ සියලු සිතුම් පැතුම් හොඳින් දන්නා ගමේ පන්සලේ ගරු නායක ස්වාමීන් වහන්සේටය.

එහිදී ගමේ පංසලේ නායක හාමුදුරුවන් වහන්සේ විසින් සිදු කරනලද අනුශාසනාව ඔබගේ දැනගැණීම පිණිස මෙසේ සටහන් කර තබම්හ...

˝ අති ගෞරවණීය මහා සංඝරත්නයෙන් ද සංවේගප්ප්‍රාප්ත ගුණේරිස් උපාසක මහතාගේ බිරිඳ, දරුවන්, ඥොති, ගම්වාසීන් සියලුදෙනාගෙන්ම අවසරයි, අදදින.. අවසන් ගමන් යන මේ.. ගුණේරිස් උපාසක මහත්තයා ඇත්තෙන්ම ගමට රටට වැඩදායක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උපාසක මහත්තයෙක්, ඔහු නිහඩවම මේ ගමට පංසලට විශේෂ සේවයක් කල මහත්තයෙක්, බලන්න පිංවතුනි අද මෙතනට රැස්වෙලා ඉන්න පිරිස, මට නං පෙන්නේ දාහකට වැඩියි මේ එක් රැස්වෙලා ඉන්න පිරිස අතරේ  සමාජේ නොයෙක් තරාතිරම් වල අය ඉන්නවා. මේ අය මෙතනට අවිල්ල ඉන්නේ ඇයි, මේ ගුණේරිස් උපාසක මහත්තයගෙ තිබුනු හිතහොඳකම නිසා.

බලන්න මේ පාර පළාත් සභාවට #$@%^$  න් තරග කරන අහවල් මහත්තයාත් මේ ඊයේ රත්‍රී කායේ මෙ නිවසට පැමිණිලා ගුණේරස් උපාසක මහත්තයට අවසන් ගෞරව දක්වල තියනවා, අන්න එහෙමයි එතුමා ගමේ සිද්දවෙන කිසිම ඉලව් ගෙදරකට සහභාගී නොවී තයෙනවද? නහැ. අද දින අහවල් මහත්තයාට විශේෂ රැස්වීමකට සහභාගී වෙන්න කටයුතු යෙදිල තියන නිසා මේ අවස්ථාවට සහභාගී වෙන්න නොහැකිවෙලා තියෙනවා. 

ඇත්තටම ගුණේරිස් උපාසක මහත්තයා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනා පුරුෂයෙක්, සංවෙගප්ප්‍රාප්ත නෑ හිතවතුනි, පිංවතුනි, බුදුන් වහන්සේ (˝සාධු.. සාදූ..˝ පිරිසගෙන් සාධුකාරය) මහා මංගල සූත්‍රයේ දේශණාකරල තියනවා මෙන්න මෙහෙම, 

(තාලෙට කවි ස්වරයෙන්)

අසෙවනා ච බාලානං,
පණ්ඩිතානඤ්ච සෙවනා,
පූජා ච පූජනීයානං,
ඒතං මංගල මුත්තමං...

මේ මංගල කාරණා ගැන බැලුවම අපේ ගුණේරිස් උපාසක මහත්තයත් ඒ ගණයට වැටෙනවා, ඒ වගේ..ම තමයි අපේ අහවල් මහත්තයත් මේ වගේ උතුම් මංගල කරුණු සපුරල තියෙන මහත්තයෙක් .. 

රටේ තොටේ ඇසුරුකරන්න ඕන අය විතරක් ඇසුරුකරන, නිකං දෙකයි පණහේ දේශපාලඥොයා පාතාල කාරයෝ, කුඩු කාරයෝ ඇසුරු නොකරන, 

ඒ විතරක් නෙවෙයි හොද උගත් බුද්ධිමත් ව්ද්වතුන් විතරක් ඇසුරු කරන, පඪිවරුන් මහා නායක හාමුදුරු වරුන් ඇසුරු කරන උන් වහන්සේලාගෙන් අවවාද උපදෙස් ගන්නා මේ අහවල් මහත්තයා, සැබැවින්ම පිදිය යුත්තෙක්.

ඒකයි පිංවතුණි පූජා ච පූජනීයානං කියන්නෙ...

අපි පිදිය යුත්තන් පිදිය යුතුයි, මං මේ අහවල් මහත්තයට පිදිය යුත්තෙක් කියන්නෙ නිකං නෙවෙයි පිංවතුණි නිකං නෙවෙයි, ඔබට මතකද ගමේ දහම් පාසලේ තෑගි ප්‍රදානොත්සවයයේදි අපිට සහතික ටික ප්‍රින්ට් කරගන්න උදව් කළේත්, දහම් පාසලේ ඩෙස්ක් බංකුටිකේ තීන්ත පිරියම් කරල දුන්නෙත් ඒ වගේම තමයි පංසල ගාවින් වැටිල තියෙන ගුරුපාර.... මට මතකයි ඒ දවස්වල මේ ගුරුපාර එකම මඩ වගුරක් අපිට දානෙකට වඩින්න බෑ.... මඩේ එරෙනවා පුංචි ලමයෙක්ට ඉස්කෝලෙ යන්න බෑ.... සුදු ඇඳුම පුරා මඩ, මෙන්න මේ මඩ වලක් වෙලා තිබ්බ ගුරුපාර කොන්කීට් කරල ගමට යන්න එන්න නව මාවතක් විවරකරල දුන්නේ මේ අපේ අහවල් මහත්තයා.. 

මං කලිනුත් කිව්ව වගේ මේ අහවල් මහත්තය කියන්නේ පිදිය යුත්තෙක්, ඉතිං පිංවතුනි ඔබ අපි හැමදෙනාම මේ පුංඥකර්මයට සහභාගී වෙන්න ඕන.. අද මේ අවසන් ගමන් ගිහිල්ල ඉන්න ගුණේරිස් උපාසක මහත්තයට කරන ලොකුම සැලකීම තමයි, මේ පිංවතුන් හැමෝම විසිනම වෙනිදා උදෙන්ම තමන්ගේ ඡන්ද පොලට ගිහිල්ලා #$@%^$  ලකුණට කතිරෙ ගහලා මේ අපේ අහවල් මහත්තයා ගේ අංකය වන අංක  49  ට, මතකයිනේ පිංවතුනි අංක 49 , මේ අංකෙට කතිරේ ගහලා මේ අපේ අහවල් මහත්තයව පලාත් සභාවට පත්කරල යවන්න ඕන.. මං හිතනව පිංවතුනි මියගිය ගුණේරිස් මහත්තය වෙනුවෙන් ඔබ ඔබගේ යුතුකම ඉටුකරයි කියල...

මම තවත් මේ අනුශාසනාව දීර්ඝ කරන්නනෙ නෑ.. ඉතිං අවසාන වශයෙන් ඔබ සියලුදෙනා විසින් කරනු ලබන ඒ මාහැඟි පුඥ්ඥකර්මයේ බලයෙන් මේ මියගිය ගුණේරිස් උපාසක  මහතා පිං ඇති තැනක උපදීවා!!! උපදින උපදින අත්මයක් ආත්මයක් පාසා මෙවැනි අකල් මරණයන් වලට ගොදුරු නොවේවා!!!!  කෙළවර අමාමහ නිවන් සැප ලබා ගෑනීමට මේ පින හේතු වේවා වාසනා වේවා........!!! කියල සාධු කියා ප්‍රාර්ථනා කරන්න. ˝

˝සාධූ.. සාධූ... සාධූ......˝ පිරිසගෙන් සාධුකාරය...

48 comments:

  1. යන්නෙ කාහෙද මල්ලෙ පොල්...........
    ඇත්ත. අද තත්වය ඕක තමයි විදානෙ......

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමයි කුරුටු,...
      මොන දේ කරන්න ගියත් දේශපාලනේ ඉස්සරට දානවා
      ස්තුතියි මේ පැත්තට ආවට සහ අදහස් දැක්වූවාට

      Delete
  2. පට්ටයො ඕං ඈ... ඇත්තටම මෙහෙම සීන් ඕන තරම් තියෙනවා..

    අර බද්දෙගම සමිත හාමුදුරුවෝ කියන්නේ.. තුනක් තියෙන නිසා කැමති දෙන්නෙකුට දෙකක් දීලා එකක් සංඝික කොරන්නෙයි කියාලා..

    ReplyDelete
    Replies
    1. එත කොට සමිත හාමුදුරුවොන්ගේ තුනම සාංඝිකද?
      සිඩි දෙකේම මේක එල්ලගත්තට තැන්කුයි මාතලන්...

      පොඩි තාක්ෂණික ප්‍රශ්ණයක් කොමෙන්ට් වල අකුරු සයිස් එක ලොකුකරන්නේ කොහොමද?
      කවුරුහරි උපදෙසක් දෙනවද ලොකු උදව්වක්...

      Delete
    2. මගේ බ්ලොග් පාඩම මුල ඉඳන් කියවන්න..

      Delete
    3. කියෙව්වා කියෙව්වා යංතං එක හදා ගත්තා හම්මේ දැනෙන සතුට.....

      Delete
    4. ඔබේ පෝස්ටුවේ අකුරු මට දිස්වෙන්නේ දෙආකාරයකටයි. කමෙන්ටු අකුරු ඇපැහැදිලියි. මා එවූ g+ පණිවිඩය බලන්න.

      Delete
    5. @ කාකා
      එය තාක්ෂණික දෝෂයක්ද? එසේ නම් එය නිවැරදි කරන්නේ කෙසේද?

      Delete
    6. එය මගේ බ්‍රව්සරයේ ප්‍රශ්නයක් බව දැන් වැටහේ.

      Delete
  3. හිකිස්......!!!!
    අද රටේ යථාර්ත්ය ලෙසටම දාල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. යථාර්ථය නම් එයයි..
      තැනක් නොතැනක් නෑ අංකෙ විතරයි..
      මේකට ටිකක් ලගින් යන සත්‍ය සිදුවීමකුත් අත්දැක්කා
      ස්තුතියි පණ්ඩුක කියවල අදහස් දැක්වූවාට

      Delete
  4. කාලින බන කියන්නෙ මෙන්න මෙවට

    ReplyDelete
    Replies
    1. යා යා යා....
      ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ගේ කාලීන බන සංග්‍රය (සෑම පාශුකූලයකදීම බලාපොරොත්තු වන්න)..
      ස්තූතියි දම්ත් ඇවිත් අදහසක් දැම්මට...

      Delete
  5. මාතලන්ගේ සින්ඩියෙන් තමා මෙහෙට එන්න පාර අහගත්තෙ. ඔන්න මාත් ගොඩවැදුනා. පෝස්ට් දෙකම කියෙව්වා. ආසාවෙන් කියවන්න පුලුවන්. නිතර එන්නම්. සුභ පතනවා ඔයාට.

    http://masandumal.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝෂ් මළදානෙට ගොඩ වැදුනට සහ අදහස් ඉදිරිපත් කළාට
      අනිවාර්යයෙන්ම ඒ පැත්තට එනවා...

      Delete
  6. ඔන්න මාත් බ්ලොග් රෝලේ එල්ලගත්තා,ඊයෙ කමෙන්ටුවක් දැම්ම වගේ මතකයි නමුත් දැන් බලපුවම නෑ.දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නව හැලප තුමාව මේ මළදානේට....
      මම චෙක් කරල බැලුවා කොමෙන්ටුවක් නම් තිබුනේ නෑ කිසියම් කාර්මික දෝශයක් වෙන්න ඇති...
      ස්තුතියි පැම්නියාට සහ අදහසක් දැම්මට..

      Delete
  7. ඔන්න මාත් ආව දානෙට. දිගටම දානෙ දෙමු. :)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නව චන්දනව මේ මළදානෙට..
      දිගටම දෙන්න තමයි හිතන් ඉන්නේ......
      ස්තුතියි ආවට

      Delete
  8. බැති බර සිතින් සාධු කියන්න පිංවත… සාධු කියන්න.

    එළ… එළ. නියමයි බං. නියමයි.

    ReplyDelete
    Replies
    1. සාධූ... සාධූ....සාධූ......
      සාදුකින් පෙළන උන් දැන් ඉතින් නැගිට සාධු නාධ පවත්වයි..

      ස්තුතියි ප්‍රියා අදහසට...

      Delete
  9. හැක් හැක් හැක් මන්ත්‍රීතුමා දිනොවොත් සොහොන නිකන් ගහල දෙයි :D

    ReplyDelete
    Replies
    1. තුන්මාසේ දානේ එතුමාගේ ගානේ දුන්නට පාඩු නෑ...
      මෙකාද ගමටම ඇහෙන්නනේ වරුණනාව..

      ස්තුතියි සසිඳු අදහස් දැක්වුවාට..

      Delete
  10. යකඩෝ හාංදුරුවො පාදශකූලෙ දෙනවද ඇමතියට කඩේ යනවද....???
    මං හිතන්නෙ මේ චන්ද කාලෙ හිංද වෙන්න ඇති...

    ඔයා පහුගිය පෝස්ටුවෙ මගෙං ප්‍රහ්නයක් අහල තිබ්බනෙ පෝස්ටුවෙ ලිංක් දාන්නෙ කෝමද කියල.... ප්‍රමාදයට සොරි වෙලා අහගන්ටකො...
    දැං ඔයා පෝස්ට් 1ක් ලියන්න නිය් පෝස්ට් ගිහින් ටයිපිං ඒරියා එක ඕපන් කරගන්නවනෙ ඊට පස්සෙ ඔයා යමක් ලියනවනෙ ඒක සිලෙක්ට් කරගන්න දැං ටයිපිං ඒරියා එකේ උඩ දකුණු පැත්තෙ ලින්ක් කියල බට්න් 1ක් ඇති ඒක උඩ ක්ලික් කරන්න පොඩි ඩයලොග් බොක්ස් 1ක් ඕපන් වෙයි... ඒකෙ ඔයාගෙ ලිංක් එක දාල්ල දැං ඕකේ කරන්න

    ආා ඔය තියෙන්නෙ ලස්සනට...
    ඔහොම නැතුවත් පුලුවං ඒත් දැනට ඔය ඇති ...
    හරි කම්මැලී

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ් උපදෙස් වලට....

      මැතිවරණය පිංවතුණි මැතිවරණය.....

      Delete
  11. හැ හැ හැ මාතලං සෑර්ගෙ සින්ඩියෙන් පාර හොයාගත්තෙ..

    මෙහෙම නොවුනනම්නෙ පුදුම දැන් කාලෙ වෙන ඒවයෙ හැටියට.

    ඔබේ යුතුකමේ මනාපය 49ට ලබාදන්න පින්වතුනි..ඒ කරගත්තාවූ කසල කර්මය හේතුකොට ගෙන දෙවු මිනිස් ලැස කෙලවර අමාමහ නිවනින් සැනසීම ලගා කර ගනිත්වා...සාදු!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සාෂා මේ පැත්ත හොයං ආවට..
      මහාචාර්ය මාතලං සෑර් කරගන්නා වූ මේ පිං බලයෙන් .... ............................................................... ...................................................... ඒ ටික ඕන නෑ නේ ..

      සාධූ... සාධූ... සාධූ....

      Delete
  12. ඕනෙ මළදානයක් කියල ඕං මාත් ආවා...

    ReplyDelete
    Replies
    1. ඕං මේ මලදානේට සාදරයෙන් පිළිගන්නවා....

      Delete
  13. බලපන් විදානේ...මෙලෝ මළදානයක් දීගන්න බැහැනේ මේ කරුමක්කාරයෝ එක්ක. නිල මැස්සෝ..කෝඳුරුවෝ වගේ හැම තැනම රිංගනවා.

    නියමයි.දිගටම ලියපන්.

    ReplyDelete
    Replies
    1. නිල මැස්සෝ, කෝඳුරුවෝ බලන්නනේ එයාලගේ පබ්ලිසිටිය විතරයි...
      ඉලව් ගෙදරක උනත් එකයි..

      ස්තුතියි අරූ අදහස් දැක්වීමට...

      Delete
  14. සමාවෙයන් විදානෙ පරක්කු වෙලා ආවට.....
    ඇත්තටම උඹේ ලියවිල්ල සුපිරි......
    මේ ගණින්නාන්සේලා ගැන කතා කරලා වැඩක් නැහැ බං ....
    මට ඉවසන්නම බැරි අර මහා නායක කියන උන් සිවුරු කාරයන්ගෙ ඇට මිරිකපු එවුන්ටත් විරිත්තගෙන පිරිත් ලනු බදින එක....
    ජය වේවා.......!

    ReplyDelete
    Replies
    1. පිස්සුද කෙන්ජි,
      ඇට මිරිකගත්ත උන්නාන්සේලාත් ආතල් එකේ ඕක ඇතුලට වෙලා හිටියනේ....
      මහා නායක ගොල්ලොන්ගේ ජොබ් එක එන එන එකාට ලණු බඳින එකනේ..

      ස්තුතියි අදහස් එකතුකළාට..

      Delete
  15. හැක හැක හැක සාදු සාදු සාදු ...මැරිච්ච එකා පෙට්ටියේ ඉඳන් කුණුහරුප කියනවා ඇති .නියමයි විදානේ ..මේක මරු මලදානයක් ඕයි

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයා එහෙම කුණුහබ්බ කියන කෙනෙක් නෙවෙයි ගුණ යහපත් මනුස්සයෙක්,
      එකා පෙට්ටිය ඇතුලට වෙලා 'අහම්බන්තේ' කියනව ඇති...

      ස්තුතියි ඉවාන් අදහසක් දැම්මට

      Delete
  16. ධර්මය ප්‍රචාරය කරන්න ඕන ස්වාමින් වහන්සේලා මෙහෙම අනුන්ගේ මරණ විකුණලා දේශපාලුවන්ට කඩේ යන්න ගියාම අනාගතේ මොනවගේ වෙයිද..?

    නියම පොස්ටුව විදානේ... මලදානේ දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. ධර්මය ප්‍රචාරය කරන්න ඉන්න ස්වාමීන් වහන්සේලා ධර්මය ප්‍රචාරය කොරන එක හැර අනික් සේරම කොරනවනේ එතකොට ඉතින් අනාගතේට බුදුසරණයි!!!

      ස්තුතියි නිමෝ අදහස් දැක්වුවාට...

      Delete
  17. ඔන්න අද තමා ගොඩවැදුණෙ. දිගට ම ලියමු. අපි එනවා. Follow කරන්න හදනකොට මෙහෙම මඟුලක් කියනවනෙ. “We're sorry...
    We were unable to handle your request. Please try again or return a bit later.“ මොකද මේ?

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා කුරුටු මේ මළදානෙට..
      ඔබගේ ගැටළුව ගැන මාහට නම් එතරම් වැටහීමක් නැත සොයා බලා ඉක්මනින් විසදන්නම්....
      ස්තුතියි අදහසක් දැම්මට..

      Delete
    2. බ්ලොගර් ඩෑෂ් බෝර්ඩ් එකට ලොගින් වෙලා ෆලෝ කරන්න.

      මෙතන විස්තර තියෙනවා. http://www.ithelpzone.info/2014/03/blog-post.html
      විදානේ ලින්ක් එකට දැම්ම එක අප්සෙට් වගේනම් අයින් කොරන්ඩෝ..

      Delete
    3. @ නිමො...
      කුරුටුට ලින්ක් එක දැම්මා ඇය එය සොයාගනී....
      ස්තුතියි ලින්ක් එක දුන්නට..

      Delete
  18. හාමුදුරුවෝ අමු අමුවෙ කඩේ ගිහිල්ල නොවැ..

    මේක තමා හැමතැනම වෙන ඇත්ත සිද්ධිය..

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි හොද හාන්දුරුගොල්ලො...
      කඩේ දාගත්ත ගමන්මයි..
      ස්තුතියි සෑම් ඇවිත් අදහසක් දැම්මට...

      Delete
  19. අපේ පැත්තේ ඉස්සර කාලේ හිටිය තද ශ්‍රී ලංකාකාරයෙක් වුණු නායක හාමුදුරුවෝ කෙනෙක් ඡන්ද දවසට පාර ගාවට වෙලා මිනිස්සුන්ට අත පෙන්න පෙන්න ඉන්නවාලු :D

    ReplyDelete
    Replies
    1. මලදානේට සාදරයෙන් පිලිගන්නවා හසිතව,
      අන්න නියම හාමුදුරුවරු, හාමුදුරුවෝ සපොට් කලේ ජේවීපී එකට නං මොනව පෙන්නයිද දන්නෑ,
      ස්තුතියි හර්ෂ මේ පැත්තට ඇවිත් කොමෙන්ටුවක් දැම්මට...

      Delete
  20. කාලීන ධර්ම සාකච්ඡාවක් වගේ :D

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ මළදානෙට,

      කාලෙන ධම්ම සාකච්ඡා
      එතං මංගල මුත්තමං.
      (සුදුසු කල ධර්ම සාකච්ඡාව ද උතුම් මංගල කාරණයක්ය)
      ස්තුතියි අදහසක් දැම්මට..

      Delete
  21. එහෙනං මනාප තුනම විදානේ මන්තිරිතුමාට !

    ReplyDelete